03/07/2025
☯️රටේ මිනිස්සුන්ගේ සෞඛ්‍ය තියෙන්නේ අම්මගේ අතේ?
පැහැදිලි කරගමු අපි ඒක.
💬සාමාන්‍යයෙන් ගෙදරක වැඩිපුරම උයන්නේ අම්මා. ඒක ලංකාවේ සාමාන්‍ය ගෙදරක විදිය. මේක වෙනස් වෙන තැන් තියනවා විටින් විට. අපි දැනට අම්මා ගැන කතා කරමු. අම්මෙක් නම් ඔබේ අතේ තමා ගෙදර හැමෝගෙම සෞඛ්‍ය තියෙන්නේ. ඒක සෙල්ලමක් නෙමෙයි.ඔබ උයන විදිය අනුව තමා ගෙදර අයට ලෙඩ රෝග හැදීම බොහෝදුරට තීරණය වෙන්නේ.
♦️ මේ වනවිට
දියවැඩියාව, පිළිකා, අධිරුධිර පීඩනය,ගැස්ට්‍රයිටිස් සහ මානසික රෝග වල සැලකිය යුතු වර්ධනයක් තියනවා.
♦️මේ සේරටම ආහාර වල සෘඡු හෝ වක්‍ර බලපෑමක් තියනවා.නූඩ්ල්ස්, සුප් කැට,තෙල් අධික ආහාර,ක්ෂණික ආහාර,තෙල්දමා බදින ආහාර,අධික සීනි දැමූ තේ,කිරිපිටි වැනි ආහාර මේ අතර ප්‍රධානම ආහාර වර්ග කීපයක්.
♦️හැකිතරම් මේ කෑම වර්ග අවම කරන්න. සතියකට හෝ මාසයකට අවම ලෙස පරිහෝඡනය කරන්න.
♦️සුප් කැට ,රසකාරක,නූඩ්ල්ස් මාසයකට එක් වරක් දක්වා හෝ ගන්න ප්‍රමාණය හැකිතාක් අවම කරන්න. නවත්වන එක තමා හොදම.
♦️හැකිනම් තුනපහ, කහ, මිරිස් වැනි දේවල් තමන්ම කුඩුකර ගෙන භාවිත කරන්න.ගම්බද පළාත් වල අයට මේක පහසුයි.
♦️කොස්,පොළොස්,බතල,කඩල,කවුපි,මැල්ලුම් වර්ග,මුරුංගා කොල, ගොටුකොල වැනි දේවල් මාසයට වැඩි වාරයක් උයන්න උත්සාහ කරන්න. පලතුරු වර්ග වැඩියෙන් ගන්න.
♦️හැකිතාක් සොසේඡස්,නූඩ්ල්ස් වැනි පිළියෙල කල සහ ක්ෂණික ආහාර අවම හෝ නැති කරන්න. පිළියෙල කල ආහාර වල පෝෂණය ඉතා විශාල විදියට අඩු වෙලා තියෙන්නේ සහ විශාල ලෙස රසායනික ද්‍රව්‍ය අඩංගු වෙනවා.
♦️බිස්කට් අවම කරන්න. දරුවන් අතර දියවැඩියාව වැඩි වීමේ ප්‍රවණතාවයක් තියනවා. දරුවන් පැණි රසට හුරු කරවන්න එපා.
💚✌🏽අපිට නොලැබුණ දේ ළමයට දෙන්න ඕන කියලා අපි නොකාපු වස දරුවට කවන්න තරම් අනුවණ වෙන්න එපා!!
♦️දරුවන්ට සහ පවුලේ අයට පන්ති හෝ වැඩට යන විට කඩ කෑම,බනිස් වගේ ක්ෂණික ආහාර පුරුදු කරන එක අඩු කරන්න.
🍃නිතරම අම්මා හෝ ගෙදර උයන කෙනා මේ සියල්ල ගැන සැලකිලිමත් විය යුතුයි.
☯️පවුලේ නිරෝගිකම තියෙන්නේ ගොඩක් අම්මගේ අතේ,
🍃පවුල නිරෝගිමත් නම් රටත් නිරෝගී බොහෝදුරට..
🍃ඉතින් රටේ නිරෝගීකම තියෙන්නේ අම්මගේ අතේ කිව්වේ ඒකයි.
♦️රටක් නිරෝගී උනොත් ඒ රට තවත් කාර්යක්ෂම වෙනවා. ඒක රටටත් පවුලටත් පෞද්ගලිකවත් වාසි සහගත දෙයක්.ලේසි නෑ අම්මෙක්ට තියන වගකීම් කන්දත් එක්ක හැමදේම කරන්න.පුළුවන් තරම් උත්සාහ කරමු. පොඩි හරි උදව්වක් ලැබෙන නිසා මේ විදියට යම් දැනුවත් කිරීමක් කරනවා...
මේ ගැන ඔබේ අදහස් මොනවාද??
හිතලා බලන්න..
-කේශර දිසානායක-
♦️ තමන්ව දියුණු කරගන්න මනස ශක්තිමත් කරගන්න කැමතිනම් ලක්ෂයකට අධික පිරිසක් ඉන්න අපේ youtube channel එකට සම්බන්ධ වෙන්න..
Link -https://youtube.com/c/KesharaDissanayake