PrimeCare Medical Center

PrimeCare Medical Center Medical Center for General Practice and family care

20/11/2025

Prime Care විශේශඥ වෛද්‍ය සේවය -කොස්ගම

අද දින එනම් 2025/11/ 21 දින සවස 4.00 ට කායික රෝග විශේශඥ වෛද්‍ය P.මනිවන්නන් මහතා මෙම ස්ථානයට පැමිනේ.

වෛද්‍යවරයා හමුවීමට අවශ්‍ය රෝගීන් උදේ 6.30 සිට 4.00 දක්වා පැමින හෝ දුරකථනය මගින් වෙන් කරවා ගැනීම සිදු කරන්න. චැනල් කිරීමේ ගාස්තුව රු. 2650.00 (account transfer and QR pay facility available) වැඩි විස්තර සඳහා අමතන්න.

PrimeCare Medical Center. හයි ලෙවෙල් පාර, පහළ කොස්ගම. Tel 0717 11 22 44, 0774209881

19/11/2025

☣️ සම සුදු කරන ආලේපන කියන තරම්ම අහිතකරද? ☣️
මේ දවස්වල වයස් භේදයකින් තොරව සම සුදු කරන ක්‍රීම් මිලදීගැනීමට බොහෝ දෙනෙක් පෙළඹී තිබෙනවා. ඉතින් මේ පාවිච්චි කරන ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි මේ ආලේපන වර්ග අපිට අහිතකරද? අහිතකර නම් කොයිතරම් අහිතකරද?
මේ ලිපියෙන් කියන්නේ ඒ ගැන .
ඉස්සෙල්ලාම අපි යමු සම සුදු කරන ආලේපනවල අඩංගු මොනවද කියල බලන්න.
මෑතකදී පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් වෙළඳපොලේ අඩංගු සම සුදු කරන ක්‍රීම් වර්ග රසායනාගාර පර්යේෂණයට යොමු කර තිබුණා. ඉතින් ඒ වාර්තා වලින් කියවෙන පරිදි බොහොමයක් සම සුදු කරන කරන ක්‍රීම් වල අඩංගු වෙලා තිබුණා රසදිය කියන බැර ලෝහය. ලෝක සෞඛ්‍ය සංවිධානය අපට සැමවිටම මතක් කරන්නේ රසදිය 1 ppm වලට වඩා වැඩි නම් එය ඉතා මත් අහිතකර බවයි.
ඉතින් ඔයාලා හිතන්නෙ මේ ක්‍රීම් වල රසදිය කොච්චර ප්‍රමාණයක් අඩංගු උනා කියලද? ඇත්තටම මේ ගැන ඇහුවොත් ඔයාලා පුදුම වෙයි.
සමහර ක්‍රීම් වල මෙම රසදිය මට්ටම හැට හයදාහක් වැනි ඉතා ඉහළ අගයක් ගෙන තිබුණා. ඒ වගේම සියලුම වර්ගයේ සම සුදු කරන ආලේප වන රසදිය මට්ටම එකයි පී.පී.එම් වලට වඩා වැඩි අගයක තමයි තිබුනේ. මේක ඔයාලටම බලන්න පුළුවන් පාරිභෝගික කටයුතු අධිකාරියේ නිල වෙබ් අඩවියට ගියෝතින්. මෙම රසදිය අඩංගු ආලේපන ඔබ ශරීරයේ ආලේපන කරනකොට සම හරහා ගොස් රසදිය ඔබගේ ශරීරය ඇතුළට ගමන් කරනවා.
එහෙම ටික දවසක් ඔබ මෙම ආලේපන පාවිච්චි කරන විට ශරීරයේ රසදිය මට්ටම වැඩි වෙලා ඔබගේ ස්නායු පද්ධතියටත් වකුගඩුවලටත් අහිතකර ලෙස බලපා සංකූලතා ඇතිවීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ඔබ ගර්භනී මාතාවක් නම් රසදිය, වැදෑ මහ හරහා ඔබගේ නූපන් දරුවා දක්වාම ගමන් කිරීමේ හැකියාවක් පවතිනවා. ඉන්පසු ඔබගේ දරුවා ඉපදුනු පසු මෙම රසදිය වල අහිතකර බලපෑම් දක්නට පුළුවන්.
විශේෂයෙන්ම දරුවාගේ කථනය ,ශ්‍රවණය සහ ක්‍රියාකාරකම්වල දීර්ඝ කාලීන ආබාධ ඇතිවීමේ හැකියාවක් පවතිනවා. ගොඩක් කට්ටිය අහලා තිබුණ ගැටලුවට පිළිතුරක් විදිහට සම සුදු කරන ආලේපන
හිතකරද??? අහිතකරද??? කියන එක දැන් ඔබටම තීරණය කරගන්න පුළුවන් නේද?

උපුටා ගැනීම සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය -FB පිටුව

17/11/2025

මේක ඔයා කියවන්නම ඕන කතාවක්! කවදා හරි ජීවිතයක් බේරගන්න උදව් වේවි
හෘදයාබාධයක් ද? නැත්තං ගැස්ට්‍රයිටිස් ද? සුමුදු ප්‍රධාන ව්‍යාපාරික ආයතනයක ඉහළ නිලධාරියෙක් . දවස තිස්සෙම ආයතනයේ වෙළඳ කටයුතු පිළිබඳව මහන්සි වෙනවා. ආයතනය වෙනුවෙන් විවිධ මීටින්වලට යන්න සිද්ධ වෙනවා. මේ උත්සව ඉවර වෙන්නේ මත්පැන් සාදයකින්. සුමුදු දුම් බොන කෙනෙක්. සුමුදුගේ කාර්යබහුල ජීවන රටාව නිසා ව්‍යායාමයක් කරන්න යොමු වුනෙත් නැහැ. මේ වෙනකොට සුමුදු අධික ස්තූලතාවෙන් පෙළෙනවා. දවසක් සුමුදුට ව්‍යාපාරික කටයුත්තකට නුවරඑළියට යන්න සිද්ධ වුණා. වාහනය එලවගෙන ගියේ සුමුදු. නමුත් තනියට තව යාළුවෙක් එක්කගෙන ගියා. නුවරඑළියේ මීටින් එක ඉවර වෙලා මත්පැන් සාදයකින් පසුව දවල්ටත් කෑම කාලා නවාතැන්පොළට ගියා. හවස තිස්සෙම සුමුදුට පපුවේ දැවිල්ලක් දැනුනා. ඒ දැවිල්ල හරියට පපුවේ මැද්දෙන් ආවෙ. හරියට ඇඹුල් විනාකිරි වැඩිපුර දාපු කෑමක් කෑවෑයින් පස්සේ බඩේ දැවිල්ලක් එනවා වගේ. සුමුදුට දාඩියත් දැම්මා. මහත වැඩි නිසා සුමුදු ඉඳගත්තහම බඩ තෙරපෙනවා වැඩියි. බොහෝ වෙලාවට කෑමෙන් පස්සේ උගුරට එන ගතියකුත් සුමුදුට තියෙනවා. තෙල් වැඩි කෑම දවල්ට කාපු නිසා සුමුදු හිතුවම ගැස්ට්‍රයිටිස් ගතියක් ඇවිල්ලා උගුරට එනවා වගේ කියලා. වෙනදා ගැස්ට්‍රයිටිස් වැඩි උනහම එනවා වගේ වේදනාවක්/ දැවිල්ලක් නිසා සුමුදු පොඩ්ඩක් විවේක ගන්න ඇඳට ගියා. යන ගමන් යාළුවට මේ වේදනාව ගැනත් කිව්වා. යාලුවා කිව්වා "මචං අපි දැන් කොල්ලො නෙවෙයි , ඒ නිසා පපුවේ අමාරුවක් වේදනාවක් ආවොත් පොඩ්ඩක් හිතන්න ඕනේ හාට් ඇටෑක්ද දන්නෙත් නෑ" හෘදයාබාධයකදී නැත්තං හාට් ඇටෑක් එකකදී එන වේදනාව ගැන සුමුදු අහල තිබුනේ වෙනස් විදිහකට. පපුවේ වම් පැත්තේ හිර කරනවා වගේ වේදනාවක්. වම් අත දිගේ පැතිරීගෙන යන වේදනාවක්. ඔය විදිහට තමයි හෘදයාබාධක් නිසා ඇතිවන පපුවේ වේදනාව ගැන අහල තිබුණේ. සුමුදුගේ වේදනාව එහෙම වේදනාවක් නොවන නිසා සුමුදු හාට් ඇටෑක් එකක් ගැන බයක් ඇතිකර ගත්තේ නැහැ. සුමුදු නිදාගන්න ඇඳට ගියා. ඇඳේ ඒ මේ අත හාන්සිවෙලා බැලුවා. ඒත් නින්ද යන්නෙ නැහැ. පපුවේ දැවිල්ල වැඩිවෙන්නෙත් නැහැ. වේදනාව ඒ වගේමයි. අඩු වෙන්නෙත් නෑ. පැය දෙක තුනකට පමණ පස්සේ ඇඟටත් පණ නැති ගතියක් ආවා. නින්ද යන්නෙත් නැහැ. වෙනදට වැඩිය වෙනස්. සුමුදු යාළුවට කතා කරා. සුමුදුගේ අදහස වුණේ ඇඟට ටිකක් හරි මදි නිසා ඉක්මනින්ම කොළඹ ගෙදරට යන්න. නමුත් යාලුවගෙ පෙරැත්තට සුමුදු ළඟම තියෙන රෝහලට ගියා. රෝග ලක්ෂණ කිව්වයින් පස්සේ වෛද්‍යවරයා සුමුදුගේ හෘදයේ ECG පටියක් ගත්තා. ඒ වගේම රුධිර පරීක්ෂණ වලටත් ලේ ගත්තා. හෘදයාබාධයකදී රුධිරයේ ඇතැම් එන්සයිමවල වැඩිවීමක් සිදුවෙනවා. මේ රුධිර පරීක්ෂණවලින් තහවුරු කරගන්න පුළුවන් මේ වෙලාවේදී ඇතිවෙලා තියෙන්නේ හෘදයාබාධයක් ද ?නැද්ද? කියන එක. ඒත් එක්කම සුමුදුව හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුල් කරා. හදිසි ප්‍රතිකාර ඒකකයේදී සුමුදුගේ රුධිර පීඩනය මැන බැලුවා. හදිසි ප්‍රතිකාරයක් වශයෙන් දිව යට තියන පෙත්තකුත් තිබ්බා. ECG පරීක්ෂණ වාර්තාවයි, රුධිර පරීක්ෂණ වාර්තාවයි ලැබුණායින් පස්සේ වෛද්‍යවරයා තීරණය කළා සුමුදුට හෘදයාබාධයක් ඇතිවී තිබෙන බව. සුමුදුට අදහා ගන්න බැරුව ගියා. යාළුවා කියපු දේ අහන්නැතුව කොළඹ ගියා නම් මගදි ලොකු අනතුරක් සිද්ධ වෙනවා. සමහරවිට ජීවිතෙත් නැති වෙන්න තිබුණා. සුමුදුට හෘදයාබාධය සඳහා මූලික ප්‍රතිකාර ලබාදී ගිලන් රථයකින් වැඩි වෛද්‍ය පහසුකම් සහිත රෝහලකට මාරු කරා. ඒ රෝහලේදී සිදුකළ Angiogram පරීක්ෂණයේදී දැනගන්නට ලැබුණා. සුමුදුගේ හෘදයට රුධිරය ගෙන යන කිරීටක ධමනි වල ශාඛා කීපයක් අවහිරවී ඇති බව. හෘදය තුළ කොතරම්ම රුධිරය තිබුණත් හෘදයේ භාවිතය සඳහා රුධිරය ලබාගන්න බැහැ. හෘදයට රුධිරය සපයන්නේ වෙනමම අතු බෙදී ගිය ලේ නහරයකින්. හෘදයේ බිත්තිවල ඇති මාංශ පේශවල ක්‍රියාකාරීත්වයට අවශ්‍ය රුධිරය සපයන කුඩා ලේ නහර කිරිටක දමනි ලෙස හඳුන්වනවා. මෙම කිරීටක දමනි අවහිර වීමක් සිදුවුනොත් හෘදයේ මාංශපේෂියට ලැබෙන රුධිරය අවහිර වී හෘද මාංශ පේශි මිය යනවා. මේ තත්ත්වය තමයි හෘදයාබාධයක් කියන්නේ. එවිට පෙර පරිදි හෘදයේ සංකෝචනය සිදුවන්නේ නැහැ. එවිට දේහය පුරා රුධිරය පොම්ප කිරීම ඇණ හිටිනවා. හෘදයාබාධයකට ඉක්මනින්ම ප්‍රතිකාර කර එම අවහිරතා ඉවත් කරේ නැතිනම් රෝගියා මිය යන්නත් පුළුවන්. මේ අවස්ථාවේදී ඉක්මනින්ම හෘදයාබාධයකින් පෙළෙන සුමුදුව හදිසි ශල්‍යකර්මයකට යොමු කරා. සුමුදුගේ ප්‍රධානවම අවහිර වී ඇති කිරීටක ධමනියට stent එකක් දමා අවහිරතාවය වැළැක්වූවා. සුමුදුගේ ජීවිතය බේරුනා. සුමුදු යාළුවට මුළු හදවතින්ම ස්තුති කළා. යාළුවගේ කීම අහපු නිසයි සුමුදු බේරුනේ. හෘදයාබාධයක් නිසා එන වේදනාවයි ගැස්ට්‍රයිටිස් නිසා එන පපුවේ වේදනාවයි බොහෝ දෙනෙක් පටලව ගන්නවා. හෘදයාබාධයක දී පෙන්නන රෝග ලක්ෂණ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. කෙනෙකුට පපුව හිර කරනා වගේ. තව කෙනෙක් කියන්නේ පපුව උඩ ගලක් තිබ්බ වගේ හුස්ම ගන්න බැරි වෙනවා වගේ වේදනාවක් දැනෙනවයි කියල. තව කෙනෙක්ගෙ වේදනාව පපුව දැවිල්ලක් වගේ බොහෝ වෙලාවට මේ වේදනාව ගැස්ට්‍රයිටිස් කියලා පටලව ගන්නවා. හෘදයාබාධයකදී පපුවේ වම් පැත්තෙන් ඇවිත් වම් අත දිගේ පැතිරෙන වේදනාව හැමෝටම එන්නෙ නැහැ. සමහර අය කියන්නේ වේදනාව බෙල්ල දිගේ ගියයි කියලා. තවත් අය කියනවා තද දතක වේදනාවක් දැනුනයි කියලා. සමහර අයගේ වේදනාව පිටුපස කොන්දෙනුත් එනවා. හෘදයාබාධයකදී ඇතිවන වේදනාව පුද්ගලයා අනුව වෙනස් වන නිසා පපුවේ වේදනාව ගැස්ට්‍රයිටිස් කියලා නොසලකා හැරියොත් නරක ප්‍රතිවිපාක ඇතිවෙන්න පුළුවන්. පපුවේ වේදනාවක් ආවොත් වෛද්‍යවරයෙක් හමු වෙලා නිවැරදි රෝග විනිශ්චයකට එන එක වඩා හොඳයි. සුමුදුගේ කතාව මතක තියාගන්න.

උපුටා ගැනීම සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය -FB පිටුව

සම සුදු කරන ආලේපන කියන තරම්ම අහිතකරද? ☣️මේ දවස්වල වයස් භේදයකින් තොරව සම සුදු  කරන ක්‍රීම් මිලදීගැනීමට බොහෝ දෙනෙක් පෙළඹී ...
17/11/2025

සම සුදු කරන ආලේපන කියන තරම්ම අහිතකරද? ☣️
මේ දවස්වල වයස් භේදයකින් තොරව සම සුදු කරන ක්‍රීම් මිලදීගැනීමට බොහෝ දෙනෙක් පෙළඹී තිබෙනවා. ඉතින් මේ පාවිච්චි කරන ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි මේ ආලේපන වර්ග අපිට අහිතකරද? අහිතකර නම් කොයිතරම් අහිතකරද?
මේ ලිපියෙන් කියන්නේ ඒ ගැන .
ඉස්සෙල්ලාම අපි යමු සම සුදු කරන ආලේපනවල අඩංගු මොනවද කියල බලන්න.
මෑතකදී පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් වෙළඳපොලේ අඩංගු සම සුදු කරන ක්‍රීම් වර්ග රසායනාගාර පර්යේෂණයට යොමු කර තිබුණා. ඉතින් ඒ වාර්තා වලින් කියවෙන පරිදි බොහොමයක් සම සුදු කරන කරන ක්‍රීම් වල අඩංගු වෙලා තිබුණා රසදිය කියන බැර ලෝහය. ලෝක සෞඛ්‍ය සංවිධානය අපට සැමවිටම මතක් කරන්නේ රසදිය 1 ppm වලට වඩා වැඩි නම් එය ඉතා මත් අහිතකර බවයි.
ඉතින් ඔයාලා හිතන්නෙ මේ ක්‍රීම් වල රසදිය කොච්චර ප්‍රමාණයක් අඩංගු උනා කියලද? ඇත්තටම මේ ගැන ඇහුවොත් ඔයාලා පුදුම වෙයි.
සමහර ක්‍රීම් වල මෙම රසදිය මට්ටම හැට හයදාහක් වැනි ඉතා ඉහළ අගයක් ගෙන තිබුණා. ඒ වගේම සියලුම වර්ගයේ සම සුදු කරන ආලේප වන රසදිය මට්ටම එකයි පී.පී.එම් වලට වඩා වැඩි අගයක තමයි තිබුනේ. මේක ඔයාලටම බලන්න පුළුවන් පාරිභෝගික කටයුතු අධිකාරියේ නිල වෙබ් අඩවියට ගියෝතින්. මෙම රසදිය අඩංගු ආලේපන ඔබ ශරීරයේ ආලේපන කරනකොට සම හරහා ගොස් රසදිය ඔබගේ ශරීරය ඇතුළට ගමන් කරනවා.
එහෙම ටික දවසක් ඔබ මෙම ආලේපන පාවිච්චි කරන විට ශරීරයේ රසදිය මට්ටම වැඩි වෙලා ඔබගේ ස්නායු පද්ධතියටත් වකුගඩුවලටත් අහිතකර ලෙස බලපා සංකූලතා ඇතිවීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ඔබ ගර්භනී මාතාවක් නම් රසදිය, වැදෑ මහ හරහා ඔබගේ නූපන් දරුවා දක්වාම ගමන් කිරීමේ හැකියාවක් පවතිනවා. ඉන්පසු ඔබගේ දරුවා ඉපදුනු පසු මෙම රසදිය වල අහිතකර බලපෑම් දක්නට පුළුවන්.
විශේෂයෙන්ම දරුවාගේ කථනය ,ශ්‍රවණය සහ ක්‍රියාකාරකම්වල දීර්ඝ කාලීන ආබාධ ඇතිවීමේ හැකියාවක් පවතිනවා. ගොඩක් කට්ටිය අහලා තිබුණ ගැටලුවට පිළිතුරක් විදිහට සම සුදු කරන ආලේපන
හිතකරද??? අහිතකරද??? කියන එක දැන් ඔබටම තීරණය කරගන්න පුළුවන් නේද?

☣️ සම සුදු කරන ආලේපන කියන තරම්ම අහිතකරද? ☣️

මේ දවස්වල වයස් භේදයකින් තොරව සම සුදු කරන ක්‍රීම් මිලදීගැනීමට බොහෝ දෙනෙක් පෙළඹී තිබෙනවා. ඉතින් මේ පාවිච්චි කරන ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි මේ ආලේපන වර්ග අපිට අහිතකරද? අහිතකර නම් කොයිතරම් අහිතකරද?

මේ ලිපියෙන් කියන්නේ ඒ ගැන .
ඉස්සෙල්ලාම අපි යමු සම සුදු කරන ආලේපනවල අඩංගු මොනවද කියල බලන්න.

මෑතකදී පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් වෙළඳපොලේ අඩංගු සම සුදු කරන ක්‍රීම් වර්ග රසායනාගාර පර්යේෂණයට යොමු කර තිබුණා. ඉතින් ඒ වාර්තා වලින් කියවෙන පරිදි බොහොමයක් සම සුදු කරන කරන ක්‍රීම් වල අඩංගු වෙලා තිබුණා රසදිය කියන බැර ලෝහය. ලෝක සෞඛ්‍ය සංවිධානය අපට සැමවිටම මතක් කරන්නේ රසදිය 1 ppm වලට වඩා වැඩි නම් එය ඉතා මත් අහිතකර බවයි.

ඉතින් ඔයාලා හිතන්නෙ මේ ක්‍රීම් වල රසදිය කොච්චර ප්‍රමාණයක් අඩංගු උනා කියලද? ඇත්තටම මේ ගැන ඇහුවොත් ඔයාලා පුදුම වෙයි.

සමහර ක්‍රීම් වල මෙම රසදිය මට්ටම හැට හයදාහක් වැනි ඉතා ඉහළ අගයක් ගෙන තිබුණා. ඒ වගේම සියලුම වර්ගයේ සම සුදු කරන ආලේප වන රසදිය මට්ටම එකයි පී.පී.එම් වලට වඩා වැඩි අගයක තමයි තිබුනේ. මේක ඔයාලටම බලන්න පුළුවන් පාරිභෝගික කටයුතු අධිකාරියේ නිල වෙබ් අඩවියට ගියෝතින්. මෙම රසදිය අඩංගු ආලේපන ඔබ ශරීරයේ ආලේපන කරනකොට සම හරහා ගොස් රසදිය ඔබගේ ශරීරය ඇතුළට ගමන් කරනවා.
එහෙම ටික දවසක් ඔබ මෙම ආලේපන පාවිච්චි කරන විට ශරීරයේ රසදිය මට්ටම වැඩි වෙලා ඔබගේ ස්නායු පද්ධතියටත් වකුගඩුවලටත් අහිතකර ලෙස බලපා සංකූලතා ඇතිවීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ඔබ ගර්භනී මාතාවක් නම් රසදිය, වැදෑ මහ හරහා ඔබගේ නූපන් දරුවා දක්වාම ගමන් කිරීමේ හැකියාවක් පවතිනවා. ඉන්පසු ඔබගේ දරුවා ඉපදුනු පසු මෙම රසදිය වල අහිතකර බලපෑම් දක්නට පුළුවන්.

විශේෂයෙන්ම දරුවාගේ කථනය ,ශ්‍රවණය සහ ක්‍රියාකාරකම්වල දීර්ඝ කාලීන ආබාධ ඇතිවීමේ හැකියාවක් පවතිනවා. ගොඩක් කට්ටිය අහලා තිබුණ ගැටලුවට පිළිතුරක් විදිහට සම සුදු කරන ආලේපන

හිතකරද??? අහිතකරද??? කියන එක දැන් ඔබටම තීරණය කරගන්න පුළුවන් නේද?

17/11/2025

Prime Care විශේශඥ වෛද්‍ය සේවය -කොස්ගම
සෑම සිකුරාදා දිනකම සවස 4.00 ට කායික රෝග විශේශඥ වෛද්‍ය P.මනිවන්නන් මහතා.(විශේශඥ වෛද්‍ය - මූලික රෝහල හෝමාගම)
සෑම ඉරිදා , සඳුදා , බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල රාත්‍රී 9.00 ට ළමා රෝග විශේශඥ වෛද්‍ය හේමාල් ද සිල්වා මහතා.(විශේශඥ වෛද්‍ය -ඇහැලියගොඩ මූලික රෝහල - 2026 ජනවාරි සිට අවිස්සාවේල්ල මූලික රෝහල)
වෛද්‍යවරුන් හමුවීමට අවශ්‍ය රෝගීන් සෑම දිනකම උදේ 6.30-10.00 දක්වාත් සවස 4.00 -රාත්‍රී 09.00 දක්වාත් පැමින හෝ දුරකථනය මගින් වෙන් කරවා ගැනීම සිදු කරන්න. චැනල් කිරීමේ ගාස්තුව රු. 2650.00 (account transfer and QR pay facility available) වැඩි විස්තර සඳහා අමතන්න. ප්‍රයිම් කෙයාර් මෙඩිකල් සෙන්ටර්. හයිලෙවෙල් පාර, පහළ කොස්ගම.
දුරකථන 0717 11 22 44, 0774209881

Medical Center for General Practice and family care

බෙල්ලේ සිදුවන සම කළු පැහැගැන්වීම ශරීරයේ ඉන්සියුලින් ප්‍රතිරෝධතාවයේ ලක්ෂණයක් විය හැක. Acanthosis nigricans (ඇකන්තෝසිස් නි...
07/11/2025

බෙල්ලේ සිදුවන සම කළු පැහැගැන්වීම ශරීරයේ ඉන්සියුලින් ප්‍රතිරෝධතාවයේ ලක්ෂණයක් විය හැක. Acanthosis nigricans (ඇකන්තෝසිස් නිග්‍රිකන්ස්) ලෙස හඳුන්වන මෙම ලක්ෂණය දියවැඩියා තත්ත්වයක් වර්ධනය වීමේ මූලික ලක්ෂණයක් විය හැකි බැවින් වහාම වෛද්‍ය උපදෙස් සඳහා යොමු වන්න.
-සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පණිවිඩයකි-

06/11/2025

අද දින (2025/11/07 -සිකුරාදා) සවස 5.30 ට කායික රෝග විශේශඥ වෛද්‍ය P.මනිවන්නන් මහතා මෙම ස්ථානයට පැමිනේ. වෛද්‍යවරයා හමුවීමට අවශ්‍ය රෝගීන් අද දින උදැසන 6.30-10.00 හෝ සවස 4:30 සිට පැමින වෙන් කරවා ගැනීම සිදු කරන්න. චැනල් කිරීමේ ගාස්තුව රු. 2650.00 (account transfer and QR pay facility available) වැඩි විස්තර සඳහා අමතන්න. ප්‍රයිම් කෙයාර් මෙඩිකල් සෙන්ටර්. කොස්ගම Tel 0717 11 22 44, 0774209881

24/10/2025

අද දින රාත්‍රි 7.30 ට (2025-10-24) කායික රෝග විශේශඥ වෛද්‍ය P.මනිවන්නන් මහතා මෙම ස්ථානයට පැමිනේ. වෛද්‍යවරයා හමුවීමට අවශ්‍ය රෝගීන් පස්වරු 4:30 -6 පැමින වෙන් කරවා ගැනීම සිදු කරන්න. චැනල් කිරීමේ ගාස්තුව රු .2650.00 (account transfer and QR pay facility available) වැඩි විස්තර සඳහා අමතන්න. ප්‍රයිම් කෙයාර් මෙඩිකල් සෙන්ටර්. කොස්ගම Tel 0717 11 22 44, 0774209881

Address

106/2, Pahala
Kosgama
10730

Opening Hours

Monday 05:30 - 07:30
16:00 - 22:00
Tuesday 05:30 - 07:30
16:00 - 22:00
Wednesday 05:30 - 07:30
16:00 - 22:00
Thursday 05:30 - 07:30
16:00 - 22:00
Friday 05:30 - 07:30
16:00 - 22:00
Saturday 05:30 - 07:30
16:00 - 22:00
Sunday 05:30 - 22:00

Website

Alerts

Be the first to know and let us send you an email when PrimeCare Medical Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram