Psychological Counselors - From Sri Lanka

Psychological Counselors - From Sri Lanka Psychology, Career information and Counseling Services - fb කණ්ඩායමට එකතු වෙන්න. Hypnotic therapy is used only if requested.) Aruna Sujeewa Mendis

We provide counseling for; individuals having psychological problems and stress, behavioural,emotional,adjustment problems & long term physical illnesses etc. Counseling for families and relationship problems, Career counseling for job related problems, Educational and child counseling,Drug and alcohol counseling and many other areas... (We use many Psychotherapies such as Behaviour therapy,Cognitive therapy,Existential counseling,Psychoanalytic therapy etc. This page is open for public discussions also.

09/09/2025
31/12/2022
29/10/2022
14/09/2021

ඉතාම වැදගත් ලිපියක්.ගෞරවය මුල් කර්තෘට

ලංකාවේ කොල්ලන්ට කෙල්ලන්ට උපදෙස් - අංක 02

කසාද ජීවිතේ ඇතුලේ සෙක්ස් ගැන නිවැරදිව තේරුම් ගන්න මේ දේවල් 07 කියවන්න.

1️⃣ පිරිමි සහ ගැහැනුන්ගේ s*xual peak time එක.

Sexual peak time එක එහෙම නැත්නම් ජීවිතේ ලිංගිකව වඩාත්ම ක්‍රියාකාරි කාලය ගැහැණුන්ට සහ පිරිමින්ට එන්නේ එකිනෙකට වෙනස් වයස් කාණ්ඩවලදි. අපි සාමාන්‍යයෙන් කියන්නේ පිරිමි එයාලගේ වයස අවුරුදු 20 ගනන්වලදිත් ගැහැණු තව අවුරුදු 10 ක් විතර පරක්කු වෙලා එයාලගේ ජීවිතේ මැදි වයසෙදිත් - ඒ කියන්නේ අවුරුදු 30 ගණන්වල විතරදි එහෙමත් ලිංගිකව වඩාත් ක්‍රියාකාරී වෙනවා කියලා.

පිරිමින් වයස 20 ගනන් වෙද්දි වඩාත්ම ලිංගිකව ක්‍රියාකාරී වෙන්න එක හේතුවක් තමයි මේ කාලේ එයාලට තියෙන අසීමිත නිදහස සහ ලිංගිකත්වය සම්බන්ධව සැහැල්ලු ප්‍රතිපත්තිය. පිරිමි ළමයින්ට පුලුවන් ඇටෙන් පොත්තෙන් මෙව්වා වෙන කාලේ ඉදන්ම - ඒ කියන්නේ වයස අවුරුදු 16 වගේ කාලේ ඉදන්ම තමන්ගේ එක අල්ලලා හොල්ලලා හරවලා බලන්න. කැමති විදියට ස්වයං වින්දනය කරන්න, පෝර්න් හබ් එකේ එව්වා මෙව්වා බලන්න, යාලුවෝ එක්ක විලි ලැජ්ජාවක් නැතිව ඒවා ගැන කතා කරන්න. මුහුදේ නැව් ගියාට පාරවල් හිටින්නෙත් නැති නිසා තවත් ෂෝයි. ඒ වගේම එයාලට අවුරුදු 20 ගනන් වෙද්දි සෑහෙන්න ජීවිතේ අවස්ථාවලුත් ලැබෙනවා ඇත්තටම ලිංගිකත්වය කියන එක විදින්න.

ඒත් වයස 20 ගනන් කියන්නේ ගැහැනුන්ට - විශේෂයෙන් ලංකාව වගේ ලිංගිකත්වය සම්බන්ධව රිවර්ස් ගියර් එකේ යන රටවල ගැහැණුන්ට ඒ තරම්ම ලිංගිකත්වය සම්බන්ධයෙන් නිදහස්ව සහ සැහැල්ලුවට හිතන්න ලැබෙන්නේ නෑනේ. කොටින්ම එයාලා පිරිමි ළමයි තරම්ම කලින් ස්වයං වින්දනයට යොමු වෙන්නේ නෑ. නාලා ටවල් එකෙන් පිහදාද්දි ඇරෙන්න වෙන දේකට තමන්ගේ ලිංගික අවයව දිහා බලන්නේ නෑ. කසාද බදිනකන් ඒවා බෑ කියන බය තදටම හිතේ තියන නිසා තමන්ගේ ශරීරය ලිංගිකත්වයට ප්‍රතිචාර දක්වන විදිය හරියට තේරුම් ගන්න තරම් ප්‍රමාණවත් ලිංගික සම්බන්ධතා වලට යොමු වෙන්නෙත් නැති තරම්. සමහර ගෑල්ලමයි ජීවිතේ පළවෙනි වතාවට සුරතාන්නතයක් ලැබුනම බයටම අඩනවා, කොල්ලගේ අතින් අල්ලගෙන ඉදලා ඒ මාසේ මොනම හෝ හේතුවකට පීරියඩ්ස් පරක්කු උනොත් බය වෙනවා අතින් අල්ලං හිටිය නිසා ප්‍රෙග්නන්ට් වෙලාද දන්නේ නෑ කියලා. කොටින්ම ගොඩාක් ගැහැණු කසාද බැදලා හස්බන්ඩ් එක්ක කීප සැරයක් ලිංගිකව එකතු වෙලා “අනේ මට එකක් වෙන්නේ නෑ නේ” කියන ප්‍රශ්නය හිතට එනකනුත් දන්නේ නෑ තමන්ට සුරතාන්තයක් කියන එක ඇති වෙන්නේ ක්ලිටෝරිසය වගේ අවයව සංතර්පනය වීමෙන් මිස හස්බන්ඩ්ගේ එක ඇතුලට දාලා කරන එකෙන්ම නෙවෙයි කියන එකවත්.

ඉතින් කාන්තාවන් ලිංගිකත්වයට විවෘත කරන සාධකය වෙන්නේ එයාල ජීව විද්‍යාත්මකව පරිණතවීමවත්, ලිංගික අධ්‍යාපනයවත් නෙවෙයි කසාදය. කසාදෙන් පස්සේ තමයි එයාලා ලිංගිකත්වයට තියෙන බය නැති වෙන්නේ, කසාදෙන් පස්සේ තමා එයාලා ලිංගිකත්වය සම්බන්ධව අත්හදා බැලීම් කරන්න යොමු වෙන්නේ, ඔයා ඒකට නම් ගොඩක් ආසයි නේ සුදු අම්මි කියලා එයා කියනකොට තමා දෙයියනේ ඇත්තනේ කියලා හිතෙන්නේ. කසාදත් බැදලා කාලයක් ගියාම තමයි එයාලට හස්බන්ඩට කියන්න පුලුවන් වෙන්නේ “අන්න ඒකට තමා මම ගොඩාක්ම ආස අයියේ” කියලා. ගොඩාක් කාන්තාවන්ගේ ජීවිතවල විවාහය කියන එක වෙන්නේ 20 ගනන්වල අන්තිම වගේ කාලෙදිනේ. ඔන්න ඒ විදියට තමා ගෑල්ලමයින්ගේ s*xual peak time එක වයස අවුරුදු 30 ගනන් වෙද්දි පටන් ගන්නේ.

2️⃣ Peak times දෙක අතරේ තියෙන නොගැලපීම.

දැන් මේ කියන peak times දෙක අතරේ තියෙන අවුල කියන්නේ පිරිමි තමන්ගේ ජිවිතවල 20 ගනන් වෙද්දි ලිංගිකත්වය සම්බන්ධයෙන් peak එකේ ඉදලා 30 ගනන්වලට එද්දි තමන්ගේ නිරෝගීබව ගැන අමුතුවෙන් හිතුවේ නැතොත් ශාරීරිකවත් මානසිකවත් වෙනස් වෙනවා. 30 ගනන් වෙද්දි කොල්ලගේ ටිකක් බඩ දාලා, ඉස්සර තරම් ඇක්ටිව් නෑ, කසාද බැදලා ළමයෙකුත් ඉන්නව නම් සිරියස් විදියට ජීවිතේ ගැන හිතන්න පටන් අරන් නිසා ඉස්සර තරම් විසේ නෑ.

තව එතනින් ගියාම 30 ගනන් වෙද්දි පිරිමින්ගේ ජීවිතවල මූලික වෙනස්කම් දෙකක් වෙනවා ලිංගිකත්වය පැත්තෙන්. මේ වෙනස්කම් දෙකම වෙන්නේ පිරිමි ළමයෙක්ගේ ලිංගික ජීවිතයේ නිරෝගී බව අඩු වෙන පැත්තට. මෙයින් එකක් තමා ඉස්සර තරම්ම ඉක්මනට කෙලින් වෙන්නේ නෑ. එක්කො එකම දේ දැකලා දැකලම ගානක් නෑ අලුත් විදියකට දකින්න ආසයි. එහෙම නැත්නම් ශාරීරික සහ මානසික ප්‍රශ්න නිසා ඉස්සර තරම් ඉක්මනට කෙලින් වෙන්නේ නෑ. මේ කියන er****on එකක් ඇති කරගන්න යන කාලය පිරිමියෙක්ගේ වයස වැඩි වෙන්න වෙන්න වැඩි වෙවී යනවා. ඊලග වෙනස් කම තමා refractory period එක වැඩි වෙනවා. ඒ මොකද්ද? ඒ තමා එක පාරක් ගියයින් පස්සේ නැවත ශිෂ්ණය ප්‍රාණවත් වෙන්න යන කාලය ටික ටික වැඩි වෙනවා වයස යද්දි යද්දි. මේ දෙක අතින් ගත්තම වයස 20 ගනන්වල කොලු පැටියෙක්ගේ සහ තිස් ගනන්වල අංකල් කෙනෙක්ගෙ අතරේ උනත් මාර ලොකු වෙනසක් තියෙනවා.

ඔය දෙකටම අමතරව සමහර පිරිමින්ට ඇති වෙන්න පුලුවන් එක එක ලිංගික ආබාධ. ඒ කියන්නේ premature ej*******on සහ erectile dysfunction වගේ එව්වා. උදාහරණයක් විදියට වයස අවුරුදු 30 ගනන් ඉවර වෙද්දි පිරිමින්ගෙන් 40% කට විතර erectile dysfunction එකක් එන්න පුලුවන්. ඊටත් අමතරව සාමාන්‍ය ශාරීරික රෝගත් එන්න පුලුවන්. සෙක්ස් කරන්න කියලා පඩි පෙල නැගලා උඩ තට්ටුවෙ තියෙන බෙඩ්රූම් එකට එද්දිත් හෙන හති වගේ වෙන්නේ ඒවයෙන්. ඊටත් අමතරව priorities වෙනස් වීම නිසා ලිංගිකත්වය වගේ වැඩකට දාන අවධානය මහන්සියත් අඩු වෙන්න පුලුවන්. ඒ කියන්නේ ජොබ් එකේ ඊලග ප්‍රමෝෂන් එකට මහන්සි වෙන්න හිතුනම ගෙදර උඩ තට්ටුව හදලා ඉවර කරන්න ඕන කියලා හිතුනම එයාලා ලිංගිකත්වයට දක්වන අවධානය සාපේක්ෂව ටිකක් අඩු වෙනවා.

ඒ නිසා ගැහැණුන්ගේ වයස වැඩි වෙද්දි වැඩි වෙද්දි s*xual peak එක වැඩි උනාට මොකෑ පිරිමින්ට වෙන්නේ ඒකේ අනිත් පැත්ත. මේක හොදට පේනවා සමහර දෙන්නා දෙමාල්ලෝ අතරේ කල් යද්දි යද්දි ගොඩාක් වෙලාවට ලිංගික සම්බන්ධතාවයකට යන්නේ නෝනාට ඕන නිසා. එහෙම උනොත් ඇරෙන්න මහත්තයට ඒ සම්බන්ධයෙන් උවමනාවක්වත් එන්නේ නැති උනාම ඒකේ තේරුම දෙන්නගේ peak time අතරේ පොඩි පරහක් ඇවිත් කියන එක.

3️⃣ ලිංගික සම්බන්ධයක quality එක ගැහැණු සහ පිරිමි දකින විදිය.

තමන්ගේ ලිංගික ජීවිතය සුපිරියි කියලා පිරිමියෙක් දකින විදියයි ගැහැණියක් දකින විදියයිත් හාත්පසින්ම වෙනස්නේ. පිරිමි ළමයි තමන්ගේ ලිංගික ජීවිතය පරිපූර්ණයි කියලා තීරණය කරන්නේ එයා ලිංගික සම්බන්ධතා පවත්වන වාර ගාන අනුව. ලිංගික සම්බන්ධතාවයක් පවත්වන හැම වාරෙකම වගේ - කොටින්ම හීනයක් දැක්කත් ශුක්‍රාණු පිට වෙන නිසා හැම ලිංගික ක්‍රියාවක්ම පිරිමියෙක්ට සාර්ථක ලිංගික ක්‍රියාවක්. ඒ නිසා ගිය මාසෙ දහ සැරයක් කරා, ගෑල්ලමයි අච්චර ගානක් එක්ක ඩිස්ටි ඩිඩින් කරලා තියනවා, බැංකොක් ගිහින් එහේ එකක් එක්කත් සෙක්ස් කරලා තියනවා මචං වගේ දේවල් කියන්න පුලුවන් හැකියාව අනුව තමා පිරිමි ළමයෙක් තමන්ගේ ජීවිතේ ලිංගිකත්වය අතින් සාර්ථකයි කියලා තිරණය කරගන්නේ.

ඒත් ගෑල්ලමයින්ට ? ගැහැණු ස්වභාවිකවම නිර්මාණය වෙලා තියෙන්නේ ලිංගික සම්බන්ධතා පවත්වන වාර ගානට වඩා එක පාරක් හරි බෙඩ් ශීට් අඹරවගෙන යන්න සුරතාන්තයක් ලැබුනද වගේ කාරණා උඩ ලිංගික සම්බන්ධතා වල quality එක බලන විදියට. ජීවිතේ මැදි වයසට එද්දි ලිංගිකත්වය අතින් පරිණත වෙද්දි ගෑල්ලමයි තව තවත් හොයන්නේ මෙන්න මේ කියන ගුණාත්මක වෙනස. එතකොට මේ සතියට අච්චර වාර ගානක් කරානේ කියලා හස්බන්ඩ් සතුටු වෙද්දි වයිෆ් හිතනවා වෙන්න පුලුවන් එක පාරක් හරි මට එකක් උනේ නැහැනේ කියලා.

අනිත් පැත්තෙන් විවාහ ජීවිතයක් ඇතුලේ දි ගැහැණු සහ පිරිමි දෙපාර්ශවයම ලිංගිකත්වයේ විවිධත්වයක් බලාපොරොත්තු වෙනවා. පිරිමින්ට මේ විවිධත්වය ඉතාම ඉක්මනින් ඕන වෙනවා. ඇයි එයාලා s*xual peak එකේ ඉදලා, එක එක සෙල්ලම් කරලා, පෝර්න් හබ් එකෙන් එහෙම දේවල් ඉගෙන ගෙන, අලුත් අලුත් පොසිෂන්ස් හෙම වයිෆ් එක්ක අත්හදා බලනවා කියන s*xpectation එක එක්කනේ කසාද බදින්නේ. ඒ නිසා තමන්ට ලැබෙන විවිධත්වය අඩු වෙන්න වෙන්න පිරිමි ලිංගිකත්වයට අදිමදි කරන එක වෙනවා.

තව එතනින් ගිහාම කාන්තාවගේ ලිංගික ජීවිතය විවාහය ඇතුලේ පරිණත වෙද්දි වෙද්දි එයත් ටික ටික හමීට හෝ මේ විවිධත්වය හොයන පැත්තට තමා යොමු වෙන්නේ. එතකොට මගේ රත්තරන් යාලුවන්ට තේරෙන්න ඕන අර උඩින් කියපු s*xual peak time වල නොගැලපීම් ද අනන් ද මනන් ද ඔය ඔක්කොම ප්‍රශ්නවලට විසදුම තියෙන්නේ මෙන්න මේ කියන විවිධත්වය කියන දේ තමන්ගේ ජීවිතයට එකතු කරගැනීම උඩ.

4️⃣ කසාද ජීවිතේ ඇතුලේ සෙක්ස් සහ s*xual tension එක.

කසාද බදින්න කලින් පාර්ක් එකේදි ෆිල්ම් හෝල් එකේදි බස් එකේදි කොකම් පපා යන කාලෙදි ලිංගිකත්වය ගැන තියෙන හැගිම එක්ක බැලුවම ඊට සම්පූර්ණයෙන්ම වෙනස් කසාද ජීවිතේ ඇතුලේ ලිංගිකත්වය ගැන තියෙන හැගිම. කසාද බඳින්න කලින් දෙන්නෙක්ගේ අතරේ s*xual tension එක මාරම මාර ප්‍රබලයි. Sexual tension එක කියන්නේ හිතාගන්නත් බැරිතරම් තෘප්තිමත් ලිංගික එකතුවක් ඇතිවීමක් දක්වා වැඩ සිද්ධ කරන තැනට දෙන්නගේ හිතේ තියෙන ඒ අමුතු හැගීම. හිතලා බලන්න කසාද බදින්න කලින් දෙන්නට දෙන්නා හමුවෙනවා කියන එක, හමුවෙලා කොහේ හරි තැනකට ගිහින් තනි වෙනවා කියන එක මාස්ටර් ප්ලෑන් ගහලා කරන වැඩක්. සෙනසුරාදාට ෆිල්ම් එකක් බලන්න යං සුදාම්මි කියලා කතා උනාම, ඔයා එදාට මේ වගේ ගවුමක් ඇදගෙන එන්න බබා වගේ දේවල් කියද්දි, ඊට පස්සේ ඒ ගිහින් කරන දේවල් ගැන හිතද්දි ආයේ නෑ බදදා ඉදන්ම නිකන් මෙව්වයි වගේ. සෙනසුරාදා ලං වෙන්න වෙන්න හිතේ තියනවා මොක්දෝ එකක් අනේ මන්දා. ෆිල්ම් හෝල් එක ඇතුලේ කරන දේවල් සහ ඒ ගමනට සූදානම් වීම සම්බන්ධ දේවල්වලින් හිතේ තියෙන s*xual tension එකෙන් අනිත් සේරම වැදගත් දේවල් උනත් රීප්ලේස් වෙනවා. එතකොට අපි ඉන්නේ සම්පූර්ණයෙන්ම ඒ වැඩේටම කැපවුන psychological state එකක - ඒකටම ඇරුන ලෝකයක. ඉතින් අදාළ දවසට ෆිල්ම් හෝල් එක ඇතුලට ගියාම ආයේ වෙන මොනවත් ඕන නෑ අධ්‍යක්ෂකගේ නම තිරේ වැටෙන්නත් කලින් දෙන්නගේ ඩ්‍රාමා එක ගොඩාරියක් දුර ගිහිල්ල ඉවරයි.

ඒත් කසාද ජීවිතේදි මේක හාත්පසින්ම වෙනස්. කසාද ජීවිතේ ඇතුලේ අපිට අර කලින් කියපු විදියේ s*xual tension එකක් නෑ. ඔය ඇදේ එහා පැත්තෙම බාගෙට ඉරුණ කොට කලිසමක් ඇදන් ගොරවන හස්බන්ඩ් එක්කවත් රෑ ඇදපු නයිටිය පිටින්ම ළමයට උදේ කෑම කවන වයිෆ් එක්කවත් සෙක්ස් කරනවා කියන එකට අමුතු tension එකක් හැදෙයිද? නෑනෙ නෑනේ. එතකොට අපිට කසාද ජීවිතය ඇතුලේ සෙක්ස් සදහාම වන සූදානම් වීමක් හෝ ඒ වෙනුවෙන්ම psychological state එකක් හෝ නෑ. තියෙන්නේ ගෙදර රෙන්ට් එක ගෙවන එක, ඊලග සතියේ උයන්න ඕන බඩු ගේන එක, මාස්ටර්ස් එකේ අසයින්මන්ට් එක කරගන්න විදිය, තව අවුරුදු 05 කින් ළමයාව රෝයල් එකට දාගන්න විදිය, වැට හදලා වත්ත උදලුගාන එක, බොස් හදන්න කියපු ප්‍රසන්ටේෂන් එක වගේ දහසක් ප්‍රශ්න අතරේ චුට්ටි ඉඩකට සීමා උන ලිංගික ආශාවල් විතරයි.

5️⃣ සෙක්ස් කියන්නේ සේවින්ග්ස් අකවුන්ට් එකක්.

සෙක්ස් ගැන අපිට තියෙන බරපතලම වැරදි අදහසක් තමා ලිංගිකත්වය ගැන ආශාව / උනන්දුව මුලින් ඇති උනාම තමා අපි ඒක ශාරිරික ක්‍රියාවක් බවට පත් කරගන්නේ කියලා. ඒ කියන්නේ සෙක්ස් කරන්න නම් සෙක්ස්වලට ආශාව හිතේ මුලින් ඇති වෙන්න ඕන කියලා හිතනවා. මේක සමහර කසාද ජීවිත ඇතුලේ සම්මජ්ජාතියට වෙන්නේ නෑ.

ඔන්න තියෙනවා Psychogenic er****ons / arousals සහ Reflex er****ons / arousals කියලා දෙකක්. Psychogenic er****ons කියන්නේ (ගෑල්ලමයෙක්ට නම් arousals) බාහිර උත්තේජනයක් මොකුත්ම නැතිව අපිට හිතිලා සෙක්ස්වලට යොමු වෙන අවස්ථා. නිකන් සාලේ වාඩිවෙලා නාඩගම්කාරයෝ බල බල ඉන්නකොට හිතෙනවා මීට වැඩිය හොදයි සුදාම්මිවත් ඇදගෙන ඇඳට යන එක කියලා. වැඩේ තියෙන්නේ ඕක වෙන්න තරම් මානසික නිදහසක් අපිට නැහැ. කලිනුත් කිව්වනේ තවදුරටත් සෙක්ස් සම්බන්ධ tension එක නැහැ කියලා. හිතේ පිරිලා තියෙන්නේ වෙන වෙන දේවල්. ඒ නිසා මේ වගේ Psychogenic er****ons / arousals ඇති වෙන්න තියෙන ඉඩ හරිම අඩුයි.

Reflex er****ons / arousals කියන්නේ අපිට බාහිරින් එන stimulation එකකට ප්‍රතිචාරයක් විදියට ලිංගික ආශාව - desire කියන එක ඇති වීම. එතකොට බාහිර උත්තේජනය තමා මුලින්ම ලැබෙන්නේ. දැන් කට්ටිය අහයි මෑඩ් ඉතින් බාහිරින් ඔය වගේ stimulation එකක් එන වෙලාවටත් හිතේ නිදහසක් නැති නිසා “එහාට යන්න අනේ මම දවස තිස්සේම ගෙදර වැඩ එක්ක ඔට්ටු වෙලා මේ මනමාලන් බලන්න ටිකක් වාඩි උනා විතරයි ඔයාගේ මල වදේ” කියලා තල්ලු කරන්නේ නැති වෙයිද කියලා. එකක් ඉතින් එතන art of seductions ඒ කිව්වේ පොඩි කලාවක් තියෙන්න ඕන. අනිත් ලොකුම දේ තමා ඔය reflex er****ons / arousal කියන ඒවා යටතේ අපේ ශරීරයට ලැබෙන ලිංගික උත්තේජන මොළයට යන්නේ නැහැනේ. ඒවා යන්නේ සුශුම්නාවේ පල්ලෙහාට වෙන්න තියෙන reflex loop කියලා ස්නායු ව්‍යූහයකට. Stimulation එකට ප්‍රතිචාර විදියට ලිංගික අවයව ප්‍රාණවත් කරන වැඩේ පවා කරන්නේ මේ කියන ස්නායු ව්‍යූහයෙන්...මොළය හාංකවිසියක් දන්නේ නැතිව නාඩගම්කාරයෝ බලනවා. පස්සේ වැඩේ දුර දිග යද්දි තමා එක පාරටම මේ මොකතේ මේ කියලා මොළය ඔය වැඩේට සම්බන්ධ වෙන්නේ.

ඒ නිසා මතක තියාගන්න ශාරීරික උත්තේජනයන් අපිට ලැබෙන තරමට තමයි ලිංගිත්වය ගැන අපේ ආශාව ගොඩනැගෙන්නේ. ඒ නිසා සෙක්ස් කරන්න හිතේ ආසාව එනකන් බලං ඉන්න එක වෙනුවට හිතාමතාම ලිංගිකත්වය අරමුණු කරගෙනම කරන වැඩ, ලිංගිකත්වය ට්‍රිගර් කරන වැඩ කසාද ජීවිතයකට අත්‍යවශයයි. මොකද great s*x doesn’t just happen මිතුරේ it requires intentionality.

කසාද ජීවිතය ඇතුලේ දෙන්නෙක් අතරේ වෙන සෙක්ස් කියලා කියන්නේ chain reaction එකක්. සිද්ධි කීපයක ප්‍රතිඵලයක් විදියට ඒ කිව්වේ තැන් තැන්වලින් අල්ලලා මිරිකන ඒවා, නාලා එළියට එද්දි ටවල් එක කඩාගෙන දුවන ඒවා, දිව එහාට මෙහාට කරලා කරන වැඩ, කිතිකැවීම්, කණේ කෙල ටිකක් ගෑවෙන්න වැඩ සිද්ද කරන එක, බදාගෙන වැස්ස දිහා බලාගෙන ඉන්න එක වගේ ඉන්න බැරි කරන්න කරන දේවල් තමා අන්තිමට දෙන්නා අතරේ වෙන ලිංගික එකතුවක් විදියට ඩෝම් ගාලා පිපිරිලා යන්නේ. ඒ නිසා සෙක්ස් කියන්නේ ඉතිරිකිරිමේ ගිණුමක් කියලා හිතන්නකො. බැංකු පොතේ ඉතිරිය වැඩි වෙන්නේ කොහොමද? සැරින් සැරේ ගිහින් ටික ටික දාලා ආවම නේද?

6️⃣ Initiations

ලිංගිකත්වය ගැන තියෙන තවත් ලොකුම වැරදි මතයක් තමා සෙක්ස් සම්බන්ධව ගැහැණුන්ට සහ පිරිමින්ට ඉස්සර ඉදන්ම පැවරෙන role එකක් තියනවා කියලා හිතාගෙන එකෙන් එහාට නොයන එක.

මේ කියන රෝල් එකට අනුව පිරිමියා තමා හැම වෙලාවෙම initiator ගැහැණිය තමා gatekeeper. මහත්තයා තමා හැම වෙලේම ඩිස්ටි ඩිඩින් කරන්න පටන් ගන්න ඕන. නෝනා කරන්න ඕන ගේට්ටුව ඇරලා මහත්තයට ඇතුලට යන්න දෙන එක. මහත්තයා තමා “හරි බබා දැන් ඔයා උඩට එන්න”, “දැන් මේ පැත්ත හැරිලා කකුල මෙහෙම තියලා මේම ඉන්න” කියලා කියන්න ඕන. නෝනම කල් ඇතුව ගේට්ටුව ඇරලා “එන්න බබා” කියලා මහත්තයට කියන එක හරි නෑ වගේ. “මම මෙහෙම ඉන්නම් ඔයා මේ පැත්තෙන් ඇවිත් කරන්න අයියේ” වගේ දේවල් නෝනා කියන්නේ නෑ…චී… එයාට තියෙන්නේ පාඩුවේ වෙන දෙයක් බලං ඉන්න.

මේවා ආදී කාලේ සිතුවිලි. ජීව විද්‍යාත්මකව බැලුවත් ඒක හරියන්නේ නෑ. මොකෝ දන්නවයි? පිරිමි ටික කාලයක් යද්දිම ආස වෙනවා තමන්ගේ නෝනා ලිංගිකත්වය සම්බන්ධයෙන් මූලික වෙනවා දකින්න. හොර ගෙඩියා වගේ හිටියට එයා බලාපොරාත්තු වෙනවා නෝනා තමන්ව ලිංගිකත්වයට පොළඹවගෙන නෝනම එක එක ඒවා කරන්න පටන් ගනී කියලා. තව එතකොට නෝනම තීරණ අරගෙන එයාට ආස විදියට ඒ වැඩේ කරගෙන යද්දි එන bossy පෙනුමටත් මහත්තුරු කැමතියි. එයාට කැමති විදියක් කියලා වැටිලා ඉන්නගෑල්ලමයින්ට පිරිමි ළමයි ආස නැති වෙනවා. මමම මේවා කරනකන් මේකි ඉන්නවා කිව්වොත් විතරක් කියන දේ කරනවා කියලා පිරිමියට ගෑල්ලමයෙක් ගැන හිතීමත් ඒ පිරිමියා සෙක්ස් වලට හොර වෙන්න මූලික හේතු.

ඉතින් ඉස්සර වගේ නෙවෙයි දැන් ගෑල්ලමයිනුත් දැන ගන්න ඕන තමන් තවදුරටත් ගේට්ටු ජොබ් එකම කරගෙන ඉන්නේ නැතිව ඔය වැඩේ ටිකක් තමන්ගේ අතට ගන්න. අනික් අතට සෙක්ස් කියන්නේ පිරිමියාගේ රාජකාරියක් වත් එයාට විතරක් අයිති දෙයක් වත් නෙවෙයි. ඒක ගැහැණියත් තමන්ගේ ජීවිතය විදින්න භාවිත කරන දෙයක්. ඉතින් ඕකට ගැහැණියක් මූලික උනා කියලා මොකෝ පතුරු යනවයි?

initiation එක ගැන තව ලස්සන කතාවකුත් කියන්නම් හා ද? හා… ඔය සමසෙනෙහස් නොවන පිරිමි පවා හරි ආසයිනේ ලෙස්බියන් පෝර්න් වීඩියෝ බලන්න. සමසෙනෙහස් අයිතිවාසිකම්වලට එහෙම මාරාන්තික විරුද්ධයි ඒත් මියා කලීෆා ඩැනී ඩැනියල්ස් එක්ක ඉන්නවා බලද්දි හරි කිතියි. ඒ මොකෝ ඒ? ප්‍රධානම හේතුවක් තමා ඔය ලෙස්බියන් පෝර්න් වල එක ගැහැණු කෙනෙක් තමා ලොක්කි වෙලා step sister ව හරි, step mother හරි, අලුතෙන් වැඩට ආව අකවුන්ටන්ට් මිසීව හරි සෙක්ස්වලට පොළඹව ගන්නේ. ඒ කියන්නේ initiation part එක කරන්නේ ගෑල්ලමයෙක්. සමහර අධ්‍යයනවලින් පෙන්වලා තියෙනවා ලෙස්බියන් පෝර්න් බලන්න ආස පිරිමි ඒ වගේ පෝර්න් වල ස්ටෝරි එක බලන්න තමා වැඩියෙන්ම ආස කියලා. ඇයි ඒ ? ස්ටෝරි එක ඇතුලෙනේ අර පොළඹවා ගැනීම්, මුල් ටිකේ බලෙන් කරලා අවනත කරගැනීම් වගේ දේවල් තියෙන්නේ. ඒ කියන්නේ බෝයිස්ලා ආසයි ගැහැණියක් ලිංගික සම්බන්ධයකට ස්ටාර්ට් එක ගන්නවා දකින්න සහ ඒකේ ප්‍රධානත්වය ගන්නවා දකින්න.

තව කතාවක් කියන්නද? ඔය සමහර තරුණ පිරිමි ළමයි හරිම ආසයිනේ වයසින් වැඩි ගැහැණු එක්ක ලිංගික සම්බන්ධතාවලට. ඒකටත් හේතුව ඒ ඇන්ටිලා ස්වභාවයෙන්ම ස්ටාර්ට් එක තමන්ම ගන්න සහ බෙඩ්රූම් එකේ බොස් වෙන්න දන්න එක.

7️⃣ සෙක්ස් කියන්නේ pe*******on ම නෙවේ.

අපි ගොඩාක් වෙලාවට හිතනවා සෙක්ස් කියන්නේ pe*******on එහෙම නැත්නම් in*******se කියන එකට කියලා. ඒ කියන්නේ පිරිමියෙක්ගේ ශිෂ්ණය යෝනියට ඇතුල් කරලා එතනින් එහාට කරන වැඩ ටික තමයි සෙක්ස් කියන්නේ කියලා අපි හිතනවා. ඇතුළට දාලා වෙලාව අරගෙන කරලා සුරතාන්තයකින් ඉවර කරන එක සෙක්ස් කියලා තමා පිරිමි ළමයිනුත් හිතන්නේ. මේ අදහස වැරදියි කියලා කියන්න හේතු බර ගානක් තිබ්බට තුනක් විතරක් කියන්නම් හොදේ.

එකක් ශිෂ්ණය යෝනියට ඇතුල්කිරීම සහ ශුක්‍රාණු පිටකරගැනීම විතරක් නම් සෙක්ස් කියන්නේ කසාද ජීවිතයක් ඇතුලේ ඉතාම ඉක්මනට දෙන්නටම ඒක එපා වෙනවා. මතකනේ කලිනුත් කිව්වා නෝනයි මහත්තයයි දෙන්නම ඉක්මනට සෙක්ස්වල විවිධත්වය හොයන්න ගන්නවා කියලා. ඒක එක.

දෙවෙනි එක...ලෝකය පුරාම ඉන්න ගෑල්ලමයින්ගෙන් 18% ක් විතර පොඩි ප්‍රමාණයක් තමයි යෝනි සංසර්ගය වගේ pe*******on වැඩකින් සුරතාන්තයක් ලබන්නේ. ඉතිරි 72% ම සුරතාන්තයක් ලබන්නේ ක්ලිටෝරිසය උත්තේජනය වගේ දේවලින්. ඒ නිසා සෙක්ස් කියන්නේ pe*******on කියලා හිතාගෙන ඉන්න මහත්තුරුන්ට තමන්ගේ නෝනත් ඒ 72% ඇතුලෙද දන්නේ නෑ කියලා හිතන්න අමතක වෙයි.

තුන්වෙනි එක තමා කාන්තාවන්ගෙන් බර ගාණක් (සමහර රිසර්ච්වලට අනුව මේ අගය 80% ක්) හිතන්නේ තමන්ට ලිංගික ක්‍රියාවකින් ලැබෙන තෘප්තියට ඒ වැඩේ කොච්චර වෙලාවක් තිස්සේ උනාද කියන එක අදාළ නෑ කියලා. ඒ නිසා ඔය තමන්ට පැය භාගයක් විතර එක දිගට පුලුවන්, රෑ එළිවෙනකන් උනත් ගහන්න පුලුවන් කියලා කියන කොල්ලොන්ට කියන්න තියෙන්නේ අදාළ නෑනේ…. කියලා විතරයි.

සෙක්ස් කියන්නේ pe*******on විතරයි කියලා හිතාන ඉදිද්දි අපි ඒකත් එක්කම ගන්න තව cultural script එකකුත් තියනවනේ. Cultural script එකක් කියන්නේ යමක් සම්බන්ධව අපිට සමාජයෙන් කියලා දීපු විදිය හෝ පොතේ තියන විදිය කියලා හිතන්නකො. මේ පොතේ තියන විදියට අනුව...අපි මුලින්ම foreplay එක කරන්න ඕන - ඒක ගෑල්ලමයා ඒ මූඩ් එකට ගෙනල්ලා අදාළ අවයව තෙත් වෙන මට්ටමට කරාම ඇති කියලා තමා පොතේ කියන්නේ. පෙන්නන්නම බැරි එකක් තමා සමහර බක පන්ඩිතස්ලා නිශ්චිත වෙලාවකුත් දෙනවා foreplay එක විනාඩි 10 - 15 අතර ප්‍රමාණයක් කරන්න කියලා. එහෙනම් ඉතින් පොඩි ඔරලෝසුවක් ඇඳ ලඟ තියාන ඒකේ එලාම් එකකුත් තියාගන්නකො විනාඩි 15 න් වදින්න. හලෝ නියම foreplay එකක් පටන් ගන්නේ දෙන්නා bedroom එකට එන්නත් කලින්.

පිටපතට අනුව ඊට පස්සේ ඇතුළට දාගන්න ඕන. දාලා ශුක්‍රාණු පිට කරගන්න ඕන. පුලුවන් තරම් වෙලාව අරගෙන නෝනටත් එකක් උනාම තමා මහත්තයට ශුක්‍රානු පිට වෙන්න ඕන. ඊට පස්සේ...ඊට පස්සේ ඉතින් මොනාත් නෑ game over. සෙක්ස් ගැන අපි හිතාගෙන ඉන්න විදියට අනුව නම් මේක චුට්ටක්වත් එහෙ මෙහෙ වෙන්න බෑ. උදාහරණයක් විදියට...ටිකක් කරලා ඊලගට ආපහු මුඛ සංසර්ගයක් වෙන එක, ආයේ ටිකක් දෙන්න බදාගෙන තුරුල් වෙලා ඉදලා ටිකකින් දෙවෙනි ඉනිම (නාට්ටිය නෙවේ)පටන් ගන්න එක..පිරිමි කෙනාට ශුක්‍රාණු පිට වෙන්න කලින් දැන් ඇතිනේ බබා කියලා දෙන්නම කතා වෙලා බදාගෙන නිදා ගන්න එක...ඒවා වානා.

ඉතින් මේ විදියට සෙක්ස් කියන දේ pe*******on ඉලක්ක කරගෙන කරන දෙයක් උනාම එතනින් එහාට ඒකේ විවිධත්වය හෝ විඳින්න කියලා දෙයක් ඉතිරි වෙන්නේ නැති වෙනවා. ඒකත් නිකන් උදේ නැගිටලා විනාඩි 10 න් වොෂ් දාලා ඔෆිස් යනවා වගේ විශේෂයක් නැති කරන්න ඕන හින්දා කරන දෙයක් වෙනවා.

📌 Bonus point - Quickie කරන්න හුරුවෙමු.

දැන් ඔන්න ඔතනින් තමා අපි එන්නේ quickies කියන දේට. මේක ලංකාවේ දෙන්නා දෙමාල්ලෝ අතරේ නැතිම වචනයක්නේ.

Quickie එකක් කියන්නේ ඉක්මනට කරලා ඉක්මනට ඉවරයක් කරලා දාන ලිංගික ක්‍රියාවක් කියලා හිතා ගන්නකෝ. ක්ෂණික එකක්. දීර්ඝ වෙලාවක් යන දෙන්නම එක හා සමානව ලිංගිකව තෘප්තිමත් වෙන penetrative s*x වැඩකට කැප කරන්න තරම් වෙලාවක් හෝ නිදහසක් නැති එකට, හස්බන්ඩ්ටම initiator වෙන්න වීමේ වදය, කාලයක් යනකොට විවිධත්වයක් නැතිවීම වගේ කැක්කුම් ඔක්කොටම සිද්ධාලේප වගේ විසදුමක් මේක. ඒ වගේම අර උඩින් කිව්වා වගේ දෙන්නටම ලිංගිකත්වයේ තෘප්තිය ලැබෙන විදියේ සෙක්ස් වැඩකින් ඉවර වෙන්න යන chain reaction එකේ පොඩි කොටස් තමා මේ. සැරින් සැරේ බැංකුවට දුවලා ඉතුරුම් ගිණුමට දාලා එන පොඩි පොඩි savings.

ඔන්න Quickie වලට තියනවා නීති ටිකක්. Quickie දණ්ඩ නීති සංග්‍රහය.

📌 වගන්ති අංක 1. විනාඩි 10 ක් විතර වගේ ඇතුළත වැඩේ ඉවරයක්ම වෙන්න ඕන. චන්දිමාල් බැට් කරනවා වගේ හිමීට හිමිට චුට්ට චුට්ට ලොකු ඉනිමක් ගොඩනගන්න බෑ. එහෙමත් හොදයි...ඒත් මේක T20 එකක් නිසා strike rate එක හොදටම තියෙන්න ඕන.

📌 වගන්ති අංක 2. Penetrative s*x වල වගේ පිරිමි ළමයා ගෑල්ලමයට ඇතුලේ කරන්නම ඕන කියලා එකක් මේකේ නෑ. අවශ්‍යනම් කරගත්තට මයේ මොකෝ. ඒත් ගොඩාක් හොදයි non-penetrative s*x කරන්න පුලුවන්නම්. එතකොට මුඛ සංසර්ගය, ඇඟිලිවලින් කරන දේවල්, දීර්ඝ සරාගී තොල් හාදු, frottage (ශරීර අවයව අනිත් කෙනාගේ ඇඟේ අතුල්ලන එක, mammary in*******se (පියයුරු මැද්දේ කරන එක), intercrural s*x (කලවා මැද්දේ කරන එක හූම්ම්ම්), mutual ma********on, සරාගී මසාජ් එකක්, සෙක්ස් ටෝයිස් භාවිත කරලා කරන දේවල්, හෑන්ඩ් ජොබ්ස් වගේ දේවල් ඕන තරම් තියෙනවා. මේ දේවල්වලින් එක පාරකට එකයි හොඳේ. මික්ස් කරලා සැලඩ් හදන්න යන්න එපා.

📌 වගන්ති අංක 03. Penetrative s*x වල වගේ ලිංගික ක්‍රියා හුවමාරුවක් මේකේ ගොඩාක් වෙලාවට නෑ. ඒ කිව්වේ දැන් ඔයා මට කරන්න කරන්න බබා...මෙච්චර වෙලා උඩ හිටියේ මමනේ දැන් ඔයා උඩට එන්න වගේ ඒවා කර කර ඉන්න වෙලාවක් මේකේ නෑ. දෙන්නගෙන් එක්කෙනෙක් අනිත් කෙනාට කරන්න ඕන දේ කරලා යනවා යන්න එච්චරයි.

📌 වගන්ති අංක 04. Quickie ණය තියා ගන්නවත් ඒවා ඇරියර්ස් වෙන්න දෙන්නවත් එපා. ඒ කිව්වේ අද quickie එක ඔයාට එයා දුන්නනම් මතක තියා ගන්න දවස් 03 ක් වත් යන්න කලින් quickie එකකින්ම එයාට ඒ ණය පියවන්න .

📌 වගන්ති අංක 05. මේක කරන්න ඇඳක් හෝ නිදන කාමරයක් අවශ්‍ය නෑ. බෙඩ්රූම් එකද, පඩි පෙළද, කෑම මේසේද, බාත්රූම් එකද එහෙම නැත්නම් සාලේ සෝෆා එකද, ඩ්‍රෙසින්ග් ටේබල් එක ඉස්සරහා පුටුව උඩ ද….ආ එතකොට කාර් එකේ පස්සේ සීට් එකද කියලා වද වෙන්නේ නැතිව අහු වෙන ඕනම තැනක මේක කරන්න.

📌 වගන්ති අංක 06. Quickie එකක් සුරතාන්තයකින්ම ඉවර වෙන්න ඕන නෑ. මගට ගෙනල්ල දාලා යන එක හොදයි…එතකොට හැදෙනවා අර මුලින්ම කිව්ව s*xual tension එක. මතකනේ s*xual tension එක නැති එකනේ කසාද ජිවිතේක ලොකුම ප්‍රශ්නය.

📌 වගන්ති අංක 07. සම්පූර්ණයෙන්ම නිරුවත් වෙන්න හෝ මුලු ඇඟටම අවධානය යොමු කරන්න අත්‍යවශ්‍යය නෑ. නිරුවත දකින එක අඩු වෙන්න වෙන්න හොඳයි. එක තැනකට විතරක් කරලා ආවම පස්සෙ හිතෙනවා අනිත් තැන් ගැන සහ ඒවට කරන්න පුලුවන් දේවල් ගැන. ඒකෙනුත් s*xual tension එක build up වෙනවා.

දැන් හරි. Chain reaction එක සම්පූර්ණයි...පුපුරන්න තමා තියෙන්නේ. ඒකට ඉතින් සුදුසු දවසක් බලලා ගෑල්ලමයා සෙක්සි ඇදුමක් එහෙම ඇඳලා කොල්ලත් සෙන්ට් ටිකක් ඇගට හලාගෙන ඇඳට එන්නයි තියෙන්නේ.

මේක පටන් ගත්තේ මේ ගැම්මටම ඔය s*xless marriages සහ low-s*x marriages වගේ දේවල් ගැනත් ලියන්න හිතාන. ඒත් මට පේනවා මේක දැන් ඕනවට වැඩිය දිග වැඩියි වගේ කියලා. ඒ නිසා අද මේක මෙතනින්න නවත්තනවා s*xless marriage ගැන පස්සේ දවසක ලියන්න හිතාගෙන හොදේ...එහෙනම් ටටා.

මම මාධවී. මේ මගේ bedroom talks

03/05/2020

ලංකාව පුරා උපදේශන සේවාවන්හි යෙදෙන මන?

27/04/2020

මානසික ආතතිය මාරාන්තික විය හැකියි

අප සෑම කෙනෙකුටම ජීවත් වනවිට යම් ප්‍රමාණයකට මානසික ආතතිය පවතිනවා. මක්නිසාද, එය එදිනෙදා වැඩ කිරීම සඳහා අවශ්‍ය වන දෙයකි. කෙසේ වුවත්, දිගුකාලීන මානසික ආතතිය නිහඬ මාරයෙක් විය හැකියි. මානසික ආතතිය ඇතිවන අවස්ථා වලදී, අපේ ශරීරයේ ඇති අධිවෘක්ක ග්‍රන්ථි (Adrenal glands) වලින් කෝටිසෝල් (Cortisol) නැමැති ආතති හෝමෝනයක් (Stress hormone) වැඩිපුර ශ්‍රාවය වේ. මෙම ක්‍රියාවලිය රුධිරයේ ඇති කෝටිසෝල් මට්ටම වැඩිකරයි. මානසික ආතතිය මාරාන්තික වන්නේ ඇයි දැයි මදක් විමසා බලමු.

කෝටිසෝල් මට්ටම ඉහළ යාම කෙටිකාලීනව පහත සඳහන් වාසි ඇතිකරයි.

මොළයේ ඥානය හා සම්බන්ධ ක්‍රියාකාරීත්වය වැඩිවේ. විශේෂයෙන්, කෙටිකාලීන මතකය (Short-term memory) වැඩිදියුණු වේ.
කෝටිසෝල් හෝමෝනය ශරීරයේ ඇති බහිස්‍රාවී ද්‍රව්‍ය සහ විෂ රසායන ද්‍රව්‍ය ශරීරයෙන් ඉවත්කිරීම සඳහා අක්මාවට සහය වේ.
රුධිර පීඩනය පාලනයට උදවු වේ.
ශක්තිය වැඩිකරයි.
ශරීරයේ ප්‍රතිශක්තිය වැඩිකරයි.
ශරීරයේ ඇති ප්‍රදාහයන් (Inflammations) අඩුකරයි.
වේදනාවට ඇති සංවේදීතාවය අඩුකරයි.
ශරීරයේ අභ්‍යන්තර පරිසරය ස්ථායීව පවත්වා ගැනීමට උදවු කරයි (Homeostasis).
දිගුකාලීන මානසික ආතතිය මගින් රුධිරයේ කෝටිසෝල් මට්ටම දිගටම ඉහළ අගයක පවත්වා ගනී. එය විවිධ අතුරු ආබාධ සහ සංකූලතා ඇතිවීමට මග පාදයි. ඒවායින් සමහරක් මාරාන්තික විය හැකිය.

රුධිරයේ කෝටිසෝල් මට්ටම දිගටම ඉහළ අගයක පැවතීම තරබාරුකම ඇතිවීමට හේතුවකි. විශේෂයෙන්, කෝටිසෝල් මගින් උදරයේ තෙල් තැන්පත් වීම වැඩිකරයි. තරබාරුකම හදවත් රෝග, අධික රුධිර පීඩනය, අවරෝධක නිදි ඇප්නියාව/නෛරානය (Obstructive sleep apnoea), ඇතැම් පිළිකා, දියවැඩියාව, අංශභාගය, අක්මා රෝග, සහ පිත්තාශයේ රෝග ඇතිවීමට ඇති අවදානම සැලකිය යුතු ලෙස ඉහළ දමයි.

එයට අමතරව, දිගටම කෝටිසෝල් මට්ටම වැඩිවී පැවතීම නිසා අධික රුධිර පීඩනය මෙන්ම, කොලෙස්ටරෝල් තැන්පත් වී රුධිර නාල සිහින්වීමේ රෝගය ද (Atherosclerosis) ඇතිවේ. ඒවා හදවත් රෝග, හදවත අසාමාන්‍ය ලෙස විශාලවීම (Cardiomegaly), හෘදය අකර්මණ්‍ය වීම (Heart failure), උපුලුව (Aneurysm), වකුගඩු රෝග, සහ අංශභාගය ඇතිකරන අවදානම් සාධක (Risk factors) ලෙස ක්‍රියාකරයි.

ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද, වසරකට සිදුවන මරණ සංඛ්‍යාවෙන් වැඩිම ප්‍රමාණයකට දායක වන්නේ හෘදයාබාධයන්ය. මානසික ආතතිය හෘදයාබාධ ඇතිවීම සඳහා එක් හේතුවක් බව දැන් ඔබට වැටහෙනු ඇත.

කෝටිසෝල් මගින් ප්‍රදාහයන් ඇතිකරන රසායනික ප්‍රතික්‍රියා සිදුවීම අඩුකරයි. මෙම ප්‍රතික්‍රියාවන් ශරීරයේ ප්‍රතිශක්තිය සඳහා වැදගත් වන බැවින්, කෝටිසෝල් හෝමෝනයට ඔබේ ප්‍රතිශක්තිය අඩුකිරීමට හැකියාව ඇත. එමනිසා, දිගුකාලීන ආතතිය, ආසාදන වැළඳීමට ඇති අවදානම වැඩිකිරීමට සමත් වේ.

කෙටිකාලයකට රුධිරයේ කෝටිසෝල් මට්ටම ඉහළ යාම, කෙටිකාලීන මතකය වැඩිකරන මුත්, දිගුකාලීනව කෝටිසෝල් හෝමෝනය වැඩිවීමෙන් බුද්ධිය සම්බන්ධ මොළයේ ක්‍රියාකාරීත්වය අකර්මණ්‍ය වීම සහ විෂාදය (Depression) ඇතිවිය හැක. සියදිවි නසාගැනීම සඳහා එක් හේතුවක් ලෙස දිගුකාලීන මානසික ආතතිය හැඳින්විය හැක.

දිගුකාලීනව රුධිරයේ කෝටිසෝල් හෝමෝන මට්ටම ඉහළ යාම නිසා ඔබේ තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අවුල් සහගත තත්ත්වයකට පත්වන අතර, රුධිරයේ සීනි හෙවත් ග්ලූකෝස් මට්ටම ඉහළ යෑම ද සිදුවේ. මෙම ක්‍රියාවලිය නිසා දියවැඩියාව වැළඳීම සිදුවිය හැක. දියවැඩියාව මගින් හෘද රෝග, අංශභාගය, පර්යන්ත වාහිනික රෝගය, වකුගඩු රෝග (Nephropathy), ස්නායු රෝග (Neuropathy), පෙනීම දුර්වල වීම (Retinopathy and cataract), ආහාර ජීර්ණ පද්ධතියේ රෝග, සහ සමේ රෝග ඇතිවීමට ඇති අවදානම වැඩිවේ.

දිගුකාලීන මානසික ආතතිය මාරාන්තික විය හැක. එමනිසා, මානසික ආතතිය පාලනය කරගන්නේ කෙසේද යන්න අධ්‍යයනය කිරීම සහ එය පාලනය කිරීම සඳහා නිසි ප්‍රතිකර්ම අනුගමනය කිරීම මගින් නිරෝගී දිවියක් ගතකිරීම අපහසු දෙයක් නොවනු ඇත. ජීවිතය සංකීර්ණ කරගැනීමෙන් වැළකී, සරළ ලෙස ජීවත්වීම මේ සඳහා හොඳම ප්‍රතිකර්මයක් ලෙස දැක්විය හැක.

සුවසෙවන

අපි කලිනුත් මානසික ආතතිය සම්බන්ධ ලිපි දාලා තියෙනවා. කැමති අය කියවන්න.

මීලගට ඔබට අවශ්ය ලිපිය වන්නේ
1. මානසික ආතතිය පාලනය කරගන්නේ කෙසේද
2. මානසික ආතතිය හෘදයාබාධ ඇතිවීම සඳහා එක් හේතුවක්

වැඩිම ඉල්ලීමක් ඇති ලිපිය පල කරනු ලැබේ .

25/04/2020

මානසික රෝග කියන්නේ යක්ෂයෙක් ආරූඩ වීමක්ද?

මිනිස් මනස හරිම අසිරිමත් දෙයක්. ප්‍රකෘති සිත ස්වභාවයෙන්ම සුපිරිසිදුයි. ඒ වාගේම නිශ්චලයි. ඒ නිසල මනස තුල පුදුම තරමේ ශක්තියක් තිබෙනවා. නිරතුරුවම සිත මෛත්‍රිය, කරුණාව, උපේක්ෂාව වැනි ධනාත්මක හෙවත් හයපත් සිතුවිලිවලින් පෝෂණය කර වර්ධනය කරගතහොත් සිත බලසම්පන්න වෙනවා. හෙමෙත් මෙතරම් බලසම්පන්න සිත ඇතැම් අවස්ථාවලදී වෙනස්වීම් වලට භාජනය වෙනවා. එවැනි අවස්ථාවලදී අපේ චර්යාවන් බිඳ වැටෙනවා. එහිදී නිවැරදි තීරණ ගැනීමට, පෞරුෂ වර්ධනයට, ආකල්ප වර්ධනයට, දෛනික ජීවිතය සාර්ථක කර ගැනීමට ආදී කරුණුවලට බාධාවන් ඇතිවෙනවා.

ලොව පවතින ඉතා අසීරුම කාර්යය වන්නේ මානව චර්යාවන් හඳුනාගැනීමයි. විශේෂයෙන් මිනිසුන් සහේතුකව කටයුතු කරන බැවින් ඔවුන්ගේ චර්යා අර්ථකථනය කරගැනීම අසීරුය. නමුත් ඔවුන්ගේ යම් යම් කරුණු කාරණා මඟින් මානව චර්යාවන් හඳුනාගත හැකිය. මෙහදී සාමාන්‍ය මෙන්ම අසාමාන්‍ය චර්යාවන්ද පවතී. අසාමාන්‍ය චර්යා මානසික රෝග වශයෙන් හඳුන්වා දිය හැකිය. එමෙන්ම මිනිසුන්ගේ සිතීම පිළිබඳ විකෘතීන් හා හැසිරීම් පිළිබඳ විකෘතීන්ද මෙයට අදාල වේ. ආදි කාලීන යුගයේ මානුෂික රෝග යනුවෙන් හඳුන්වා ඇත්තේ බලගතු යක්ෂෙයෙක් ශරීරගත වීමකි. නොඑසේනම් ආවේෂ වීමක් හෝ බාහිර බලවේගයක් මඟින් මිනිසා ගුප්ත ලෙස මෙහෙයවීමයි.

එහෙත් සැබැවින්ම මානසික රෝග ඇති වීමට හේතුවන්නේ මොළයේ ඇතිවන රසායනික අසමතුලිතතාවයි. එවැනි රසායනික අසමතුලිතතා පදනම් කරගෙන සිතීමේ හා හැසිරීමේ අසමතුලිතතා ඇතිවේ. පුද්ගල හැසිරීමේ හා චර්යාවේ සැලකිය යුතු වෙනසක් ඇතිවේ නම් හෝ යථාර්ථයට පටහැනිව ක්‍රියාකිරීම පිළිබඳව ව්‍යාබාධ හෙවත් පවත්නා තත්වයට සුදුසු ලෙස වෙනස්වීමට ඇති නොහැකියාවද මානසික රෝගයකි. මෙසේ මානසික රෝග ඇති වීමට බලපාන ලද හේතු රාශියක් වේ ඒ අතර

1. ආරය හෙවත් ජානමය සාධක
2. ස්නායු ආබාධ
3. මත් පැන් හා මත් ද්‍රව්‍ය භාවිතය
4. විවිධ මනෝ සමාජ ගැටලු
5. මොලයෙහි ඇතිවන රසායනික වෙනස්කම්

ප්‍රධාන තැනක් ගනී. මානසික රෝග ඕනෑම පුද්ගලයෙකුට වැළඳීමේ සම්භාවිතාවක් ඇත. මානසික රෛා්ග අංශ කිහිපයක බෙදා දැක්විය හැකිය.

1. සුළු මානසික රෝග
2. ප්‍රධාන මානසික රෝග
3. මනෝ දේහිත රෝග
4. ළමා මානසික රෝග
4. මනෝ ලිංගික රෝග
6. පෞරුෂ ආබාධ

මේ විස්තර කර තිබෙන ඒවාට ලිංගික අපගමනීය චර්යා (Sexual deviations) කියනවා. වෙනම අසනීප කාණ්ඩයක් තිබෙනවා මේවාට අයත් නොවන - ඒ...
25/04/2020

මේ විස්තර කර තිබෙන ඒවාට ලිංගික අපගමනීය චර්යා (Sexual deviations) කියනවා. වෙනම අසනීප කාණ්ඩයක් තිබෙනවා මේවාට අයත් නොවන - ඒවාට ලිංගික අක්‍රමතා (Sexual disorders) කියනවා.

මනෝ ලිංගික අක්‍රමතා මනෝවිද්‍යාව තුලදි හඳුන්වන්නේ Paraphilic Disorders විදිහටයි. Paraphilia කියලත් අසාමාන්‍ය මනෝවිද්‍යාව තුළ මේවා හඳුන්වනවා. මේ කියන Paraphilic disorders අතීතයේ හඳුන්වලා තියෙන්නේ ලිංගික විපරිවර්තන (Sexual Perversion), ලිංගික අපගමනතා (Sexual deviation) ලෙසයි.

Paraphilia හි ස්වභාවය වනුයේ ඒවා ඇති පුද්ගලයින් සතුව අසාමාන්‍ය මනෝමය සංතුෂ්ඨින් සහිතවීමයි. එසේ මනෝමය සංතුෂ්ඨිය සඳහා ඔවුන් විවිධ අසාමාන්‍ය චර්යා, ද්‍රව්‍ය, වස්තූන් හෝ පුද්ගලයින් භාවිතා කරනවා. DSM-V වාර්තාවට අනුව මෙවන් Paraphilic disorders කිහිපයකි. ඒ එක එකක් පිළිබඳ විස්තරයක් පහතින් දැක්වෙනවා.

මෙම අක්‍රමතා බහුතරයක්ම පුරුෂ පාර්ශවයට ඇති අතර මේ සඳහාම වෙන්වූ ඖෂධීය ප්‍රතිකාර නොමැති බවද අපි තේරුම් ගන්න ඕන. මේ සඳහා හොඳම දේ තමයි උපදේශන සේවාව වෙත යොමු කරවීම. එහිදී හඳුනාගන්නා Anxiety (සාංකා) වැනි තත්ව සඳහා අදාල මනෝ උපදේශකවරයා විසින් වෛද්‍යවරයෙකු වෙත යොමු කරවීමක් සිදුකරනු ලබනවා. සමහර අවස්ථාවලදී කාන්තාවන් සිය ස්වාමිපුරුෂයාගේ මෙවන් අසාමාන්‍ය චර්යා නිසා සිය ජීවිත කාලය පුරාවට නිහඬවම දුක්විඳිනු දක්නට පුළුවන්. එහෙම වෙන්නේ හුදෙක් නොදැනුවත්භාවය නිසයි. මේ සම්බන්ධව දැනුවත්වීම සියලු දෙනාටම ඉතා හොඳ දෙයක්.

✨️දර්ශනාශ්වාද අක්‍රමතාව හෙවත් දර්ශනභාවය (Voyeuristic disorder)

මෙම අක්‍රමතාව සිත පුද්ගලයන් සිය ලිංගික ආශ්වාදය ලබාගනුයේ වෙනත් අය ඇඳුම් මාරුකරන, නිරුවත්ව සිටින සහ ලිංගික ක්‍රියාකාරකම් වල නිරතවන චර්යා සිතාමාතාම හොරෙන් බලමින්. මොවුන් බොහෝ දුරට වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයන් වෙනවා. නාන තොටුපලවල් අසල, අනාරක්ෂිත හෝටල් කාමර අසල මොවුන් ඉතා බහුලයි.

✨️ප්‍රදර්ශනකාම අක්‍රමතාව (Exhibitionistic disorder)

මොවුන් සිය ලිංගික සංතෘෂ්ටිය ලබන්නේ සිය ලිංගේන්ද්‍රය වෙනත් නොදන්නා අයෙක්ට හෝ කණ්ඩායමකට නිරාවරණය කිරීම මගින්. බොහෝ දුරට බස් නැවතුම්, මුහුදු වෙරළේ, පාසල් ආශ්‍රිතව, පාලු පාරවල් අසල මොවුන් සිටින අතරම ලිංගේන්ද්‍රය නිරාවරණය කිරීම නිසා ලිංගික පිබිදීමක් ඇතිවෙන්න පුළුවන්. එම අවස්ථාව අතරතුර හෝ පසුව ස්වයං වින්දනයේ යෙදීමෙන් මොවුන් සුරතාන්තයට පත්වෙනවා.

✨️මාර්ජනකාම අක්‍රමතාව (Frotteuristic disorder)

මොවුන් වැඩිපුරම පොදු ප්‍රවාහන සේවාවන් තුළ දක්නට ලැබෙනවා. මොවුන් සිය ලිංගේන්ද්‍රය සම්පූර්ණයෙන්ම ඇඳුම් ඇද සිටින කාන්තාවන්ගේ පිටුපස ප්‍රදේශය හෝ වෙනත් ස්ථානයක ස්පර්ශ කිරීමෙන් සුරතාන්තයට පත්වෙනවා.

✨️ස්වපීඩක කාමුකත්වය (Sexual masochism disorder)

මෙහිදී මොවුන් තමන් විසින්ම හෝ අනෙකකු ලබා තමන්ට ශාරීරික පීඩා කරගැනීමෙන් ලිංගික තෘප්තියක් ලබාගනී. මෙය ඉතා භයානක තත්වයක් වන අතර එම තුවාල නිසා පුද්ගලයන් මරණයට පවා පත්වුණු අවස්ථා තිබෙනවා. මෙහිදී හවුල් කරවාගන්නා පුද්ගලයා වඩාත් මානසික පසුබෑමකට ලක්වන බවත් කිව යුතුයි.

✨️පරපීඩක අක්‍රමතාව (Sexual Sa**sm disorder)

තම සහකරු හෝ සහකාරියට, වෙනත් අයෙක්ට කායික හා මානසික පීඩා කරමින් සතුටුවීම මෙම අක්‍රමතාවේ ලක්ෂණයයි. මේ නිසා මරණය පවා අත්වන අවස්ථා බහුලයි.

✨️කෞමාර කාම අක්‍රමතාව (Pedophilic disorder)

මොවුන් මල්වරවියට පත්නොවූ වයස අවුරුදු 13න් පහළ දරුවකු හෝ දරුවන්ව යොදාගෙන ලිංගික සබඳතා ඇතිකරගනී. මොවුන් බොහෝ විට වයස 16 පමණ වන පුද්ගලයන් වන අතර බොහෝ විට මුඛ සංසර්ගයත්, ඇතැම් විට යෝනි හෝ ගුද සංසර්ගයත් සිදුකරන පුද්ගලයින් වේ. කුඩා දරුවන් බොහෝ විට මෙවන් පීඩාකාරී තත්ව වලට අසුවන අවස්ථා විශේෂයෙන්ම පාසල් අසල, නෑදැයන් මාර්ගයෙන්, අසල්වැසියන් මාර්ගයෙන් සිදුවන බව මෙහිදී කිව යුතුයි. ඒ නිසා කුඩා දරුවන්ට සිය පෞද්ගලික ආරක්ෂාව සලසා ගන්න ආකාරය හුරුකරවන එක ඉතා වැදගත්.

✨️අර්චනකාම අක්‍රමතාව (Fetishistic disorder)

මෙය පූජාලාංජන භක්තිය ලෙසද හඳුන්වනවා. කාන්තාවන්ගේ යට ඇඳුම් සොරකම් කර ඒවා ළඟ තබාගෙන අතපත ගෑම, සිපගැනීම මගින් මෙවන් පුද්ගලයන් ලිංගික උත්තේජනය ලබාගනී.

✨️පාරවේශනත්ව අක්‍රමතාව

විරුද්ධ ලිංගික ඇඳුම් ඇඳ ලිංගික වශයෙන් සතුටුවී ස්වයං වින්දනය තුලින් සුරතාන්තයට පත්වේ. වසර ගණනක් පුරා මෙම තත්වය පැවතීමෙන් ඇතැම් පුරුෂයින් ජීවිත කාලය පුරා ස්ථිරවම කාන්තා ඇඳුම් ඇඳගෙන ජිවත්වීමට හුරුවේ.

මෙම තත්වයන් අවම වශයෙන් මාස 6ක් නොකඩවා තිබෙනවා නම් එය අක්‍රමතාවයක් බවට පත්වෙන්න පුළුවන්. තවද මෙම තත්වයන් ගෙන් 95% ක් පමණම පුරුෂයන්ට ආවේණික තත්වයන් විදිහට දකින්න පුළුවන්.

ඒ වගේම දුරකථන මගින් අසභ්‍ය දෑ කථා කිරීම තුළ එම කථාව අතරතුර හෝ කතාව නතර කිරීමෙන් පසු ස්වයං වින්දනය කර සුරතාන්තයට පත්වීම Telephone scatologia ලෙස හඳුන්වනවා. වර්තමානයේ සමාජ ජාලා තුලින් අසභ්‍ය පණිවිඩ, ඡායාරූප ආදිය එවන්නේත් මෙවැනි පුද්ගලයන්ය

✨️මෘතදේහ කාමුකත්වය හෙවත් necrophilia

මෙම තත්වයේදී මිය ගිය කාන්තා සිරුරු සමග ලිංගික සංසර්ගයේ යෙදී සතුටට පත්වේ. තවත් පුද්ගලයන් සත්ව කාමුකත්වය අක්‍රමතාව හෙවත් zo*****ia සහිත වේ. මොවුන් සතුන් සමග ලිංගික සබඳතා පවත්වන අතර මෙය කාන්තා පිරිමි දෙපාර්ශවයටම පොදු තත්වයකි.

✨️මලපහ කිරීමේ අක්‍රමතාව co*******ia සහ මුත්‍රා කිරීමේ අක්‍රමතාවද

මෙය කාන්තාවන් මෙන්ම පිරිමින් යන දෙපාර්ශවයේම දකින්න ලැබෙනවා. ඔවුන්ගේ ස්වභාවය වනුයේ තම සහකරුගේ හෝ සහකාරිය ලබා තම ශරීරය මත මළපහ හෝ මුත්‍රා පහකර ගැනීම හෝ ඔවුන්ගේ ශරීරය මතට තමන් විසින් මළ හෝ මුත්‍රා පිට කිරීමය

මෙවැනි තත්වයන් වෙනුවෙන් කළ හැකි හොඳම දේ මෙය හඳුනාගත් සැනින් පමා නොකර වෘත්තීයමය උපදේශකවරයෙක් වෙත හෝ මනෝ වෛද්‍යවරයෙක් වෙත යොමු කිරීමයි. එහෙම නැතිව මෙයට වෙන වෙන අර්ථකථන දෙන එක හරි සාධාරණීකරණය කරන එක වගේම ඉවසගෙන ඉන්න එකෙනුත් වෙන හානිය ඔබට විතරක් නෙවෙයි, සමාජයටත් එක්කමයි.

https://m.facebook.com/story.php?story_fbid=155527462618858&id=103857961119142

Address

Kundasale

Alerts

Be the first to know and let us send you an email when Psychological Counselors - From Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Psychological Counselors - From Sri Lanka:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram