Std Clinic - Puttalam

Std Clinic - Puttalam සැනසුම් පියස - Unit 13
පුත්තලම මූලික රෝහල

28/01/2026
Navy camp Tambapanni Puttalam
28/01/2026

Navy camp Tambapanni Puttalam

Navy camp Kalpitiya
28/01/2026

Navy camp Kalpitiya

27/11/2025

සැනසුම් පියස - Unit 13
BH Puttalam
ඔබත් අවදානමකින්ද?
එන්න අප පියසට,

•ලිංගාශ්‍රිත රෝග ගැන දැන ගන්න
•HIV ගැන හරියට දැන ගන්න
•රෝග පරීක්ෂා කරගන්න
•රෝග වලට ප්‍රතිකාර කරගන්න
•හරියටම පරිස්සම් වන විදිය දැන ගන්න
•ඒ විතරක් ම නෙමෙයි
- ලිංගික දුබලතා
- තෘප්තිය අඩුවීම
- වේදනාව සඳහාත් ප්‍රතිකාර කිරීම සිදු කෙරේ.

☎ 070 296 44 15

අද අදම ඔබත් ලඟම ඇති ලිංගාශ්‍රිත රෝග සායනයෙන් රුධිර පරීක්ෂාවක් සිදු කරගන්න
26/11/2025

අද අදම ඔබත් ලඟම ඇති ලිංගාශ්‍රිත රෝග සායනයෙන් රුධිර පරීක්ෂාවක් සිදු කරගන්න

තරුණ ප්‍රජාව අතර HIV ආසාදන ඉහළ ගිහින්...

The EMTCT District Review Meeting for the Puttalam district was successfully completed on November 17, 2025, at the RDHS...
17/11/2025

The EMTCT District Review Meeting for the Puttalam district was successfully completed on November 17, 2025, at the RDHS - Puttalam.

The meeting was conducted by resource persons, including
Dr. Piyumi Perera (Consultant Venereologist, Chilaw),
Dr. Anuruddha Karunarathna (Consultant Venereologist, Puttalam), and
Dr. Eranga Thalagala (Consultant Gastroenterologist, Chilaw).

නවීන් යනු අම්මගෙ නොසෑහෙන ආදරයත් තාත්තගෙ දැඩි රැකවරණයත් එක්ක සුඛෝපභෝගී ජීවන රටාවක් ගත කරපු ලස්සන කොලු ගැටයෙක් ය. ඉතාමත් හ...
31/10/2025

නවීන් යනු අම්මගෙ නොසෑහෙන ආදරයත් තාත්තගෙ දැඩි රැකවරණයත් එක්ක සුඛෝපභෝගී ජීවන රටාවක් ගත කරපු ලස්සන කොලු ගැටයෙක් ය. ඉතාමත් හුරුබුහුටි පෙනුමක් ඇති නවීන්ගේ මූණ ඇත්තටම අම්මාගෙ ලස්සන මුහුණේ පොටෝකොපියක් ගැහුවාක් මෙන්ය. අම්මාගේත් තාත්තාගේත් ඉමහත් ආදරයත් මැද පවුලේ එකම පුංචි පුතු කෙලිදෙලෙන් ආද⁣රෙන් මහත් රැකවරණයකින් පුංචි කුමාරයෙක් මෙන් ගත කරන්නට විය.

අම්මාගෙ මග පෙන්වීමත් තාත්තාගේ දැඩි නීතිරීතිත් සමඟ නවීන් නිවසටම කොටු වුවත් ගුරුවරුන්ගේ හිත දිනාගත් පුංචි කොලුගැටවා කුඩා අවධියේ සිටම ඉතාමත් දක්ෂ ලෙස හැමෝගේම ආදරය මැද සතුටින් ගත කරන්නට විය.

කෙමෙන් කාලය ගලා යද්දී නවීන්ගේ මනස්කාන්ත නර්තන හැකියාව ඉතාමත් සාමාන්‍ය දෙයක් වුවද එය පොලිසියේ සේවය කල තාත්තාගේ නීතිය පොලීසියට පමණක්ම සීමා නොවී නිවස තුළටත් ගෙන එන්නට හේතුවක් නම් නවීන්ට සිතා ගත නොහැකි විය. කිසිඳු අඩුවක් නොමැති වුවත් හැමදාමත් ජීවිතේ හිරවීමකින් ගෙවන්නාක් මෙන් ඔහුට දැනෙන්නට පටන් ගත්තේ මොන හෙනහුරෙක් පාත්වීමක් නිසාදැයි සිතෙන්නට විය.

තාත්තාගේ දැඩි රැකවරණය කරදරකාරී ලෙස දැණුනත් අම්මාගේ ආදරයෙන් නම් නවීන් හට අඩුවක් නොදැනීම ඔහු ලද භාග්‍යයකි. කෙමෙන් කෙමෙන් නව යොවුන් වියට පත් වූ නවීන් දැඩි ලෙස සංවේදී වන්නට වූ අමාරුම දේ වූයේ පන්තියෙ පසමිතුරන් පවා ඔහුගේ ශරීර විලාසයන් මුල්කරගනිමින් සමච්චල් කරන්නට පටන් ගැනීමය. මෙතෙක් අතිදක්ෂ ලෙස ඉගෙනුම ගෙනගියද ඔහුගේ ඉගෙනුම් රටාවට හැඬලූ කණකොකා එම අපහාස උපහාස වන්නට ඇතැයි නවීන් නිතරම සිතන්නේ දැඩි පීඩනය පාසල් ජීවිතය පවා එපා වෙන තරමට වැඩි වන්නට ගත් නිසාවෙනි.

තාත්⁣තාගේ කාර්යබහුල ජීවිතය මධ්‍යයේ වුවද ඔහු අකමැත්තෙන් වුවද පුතුගේ පාසැල් ගමනට අමතරව අමතර පන්ති යැවීමට අම්මාගේ අභිමතය මැද තීරණයක් ගත්තේ දිනෙන් දින ප්‍රගති වාර්තා පොතේ ලකුණු වල අවපාතය නිසාවෙනි. නිතරම පුතුගේ රැකවරණය සිතන පියා නොදැනුවත්ව ගත් තීරණය නවීන්ගේ මුළු ජීවිතයටම ඛේදවාචකයක් වේ යැයි නොදැණුනේ මන්දැයි ඒ කතාව ඇහෙන මට සිතෙන්නට ගත්තේ අනාගතය ගැන අනියතව හැඬූ කඳුලින් මා සමග ලිංගාශ්‍රිත රෝග සායන⁣යේ කතා කරන නවීන්ගේ දුක දැනුන නිසා වන්නට පුළුවන. මන්දයත් කිසිඳු විටක ගෙදරින් පි⁣ටත ආශ්‍රයක් නිසි ලෙස නොලැබුණු නවීන්ව තාත්තා දැඩි රැකවරණයක් පිණිසම බාර දුන් හයර් දුවන ත්‍රීරෝද රථ රියදුරු මහතාගේ පහස පමණක්ම නවීන් විඳ ඇති නිසාවෙනි.
වාර්තා සියල්ල අතට පත්වෙද්දීත් නවීන්ගේ ඉරණම විසඳී ඇතත් මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතාගේත් වෛද්‍ය දිවියේ මේ දේවල් වලට හුරුවෙමින් පවතින මගේත් උපදෙස් සහ ඇහුම්කන් දීම නිසාවෙනුත් විශේෂඥ වෛද්‍යතුමාගේ විශිෂ්ට කවුන්සලින් සෙෂන් එක නිසාවෙනුත් නවීන් හට නව ජීවයක් ලැබුණු බව දුටු අපටත්, අප තෝරාගත් ⁣මේ වෙදකමේ දිවිය ගැන නිරහංකාර සතුටක් ජනිත වීම වැළැක්විය නොහැකි විය. කාර්යමණ්ඩලයේ කරුණාබර හැසිරීමත් කොන් නොකරන වෙන් නොකරන ගතියත් නවීන් දැඩිලෙස සතුටට පත් වූ කරුණක් විය. අප වෙත එනවිට වයස 20 පසුවී මාස දෙකක් ගත වූ නවීන්ගේ සියලු තොරතුරු සුරක්ෂිත බව දැනගත් නිසාමත් ඉතාමත් ප්‍රසන්න පරිසරයක උපදේශනය සහ ප්‍රතිකාර කිරීමත් ඔහුව තව තවත් සැහැල්ලු කරන්නට ඇතැයි ස්තීරය.
ඔහු පසුතැවෙන්නට වූ ප්‍රධානතම කරුණ නම් මීට පෙර කොන්ඩම් භාවිතය ගැන නිසි අවබෝධයක්වත් ලැබුණා නම් සහ Prep ( Pre exposure prophylaxis) අරගෙන තිබුණා නම් ඔහුට අඩුමතරමින් Syphilis වලින් නැතත් HIV වලින් වත් බේරෙන්නට තිබුණ⁣ායැයි යන්නය. ඒ නැතත් අනාරක්ෂිත සම්බන්ධයකට පසුව පැය 72ක් තුල ලිංගාශ්‍රිත රෝග සායන වලින් පටන් ගන්නා PEP-SE ( Post exposure prophylaxis after sexual exposure) ගැනවත් දැනගෙන තිබුණානම් යැයි ඔහු මහත් සේ කනස්සල්ලට පත්වීම අපටත් දොම්නසක් ජනිත කරවන්නට විය.
කෙසේ වෙතත් සායන කීපයක්ම සාර්තක ලෙස සම්බන්ධ වූ නවීන්ට සිපිලිස් සඳහා IM B. Penicillin ඖෂධය මාත්‍රා තුනක්ම විදින්නට වූයේ පරීක්ෂණ වාර්තා Late Syphilis ලෙස අනාවරණය වූ නිසාවෙනි. එමෙන්ම ඔහුට TLD ( TDF + 3TC + DTG ) ඖෂධය ආරම්භ කල අතර ඔහු එය සාර්ථකව දිනපතා කිසිඳු ප්‍රමාදයකින්වත් අතපසුකිරීමකින්වත් තොරව භාවිතා කල නිසාවෙන් ඔහුගේ Viral load මට්ටම මාස 6ක් වැනි කෙටි කාලයකින්ම undetectable කරගැනීමට තරම් ඔහු යුහුසුළු වූවේ අපි ඔහුට පැහැදිලි කල undetectable = untransmittable යන්න මනාව තේරුම් ගත් නිසාවෙනි.
ඔහු දැන් ලස්සනට ජීවිතේ සතුටින් ගත කරන්නේ පැමිණෙන සෑම වාරයකම අපට පින් දෙමින් වුවද මට නම් සිතෙන්නේ මේ මට්ටමට දියුණු වුණ වෛද්‍ය විද්‍යාව කෙතරම් නම් ජීවිත ප්‍රමාණයකට නිදහසත් නිරෝගීකමත් දායාද කරනවාදැයි මහත් ගෞරවයක් මුසු ඉමහත් සොම්නසකි.

ස්තූතියි.

වෛද්‍ය දිනිඳු ජයවර්ධන
ලිංගාශ්‍රිත රෝග සායන⁣යේ වෛද්‍ය
පුත්තලම මූලික රෝහල

( ප.ලි. මෙහි සඳහන් නවීන් යනු මනඃකල්පිත චරිතයක් වන අතර තොරතුරු කිසිවකුගේ චරිතයක් පාදක කොට රචනාකරන ලද්දක් නොවන අතර අනාරක්ෂිත ලිංගික හැසිරීම් ලිංගික රෝග සඳහා පාදක වන බවත් , මේ වන විට පිරිමි පිරිමි අතර ලිංගික සබඳතා නිසා වැඩි වශයෙන් රෝග වල වැඩිවීමක් වාර්තා වන බවත්, අපගේ සායන වල තොරතුරු වල රහසිගත සහ සුරක්ෂිත බවත් මෙන්ම කොන්කිරීම් වෙන්කිරීම් නොමැති සුහදශීලී සේවයත්, ප්‍රතිකාර සහ රෝගයේ ස්වභාවය ඒ සමඟ ජීවිතයට බලපාන ආකාරයත් ඒත්තු ගැන්වීමට ගොඩනැගූ රචනයක් පමණක් බව කරුණාවෙන් සලකන්න. )

අද දිනයේදී පුත්තලම මූලික රෝහලේ ලිංගාශ්‍රිත රෝග ඒකකයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක වජිර රත්නායක මහතාගේ මූලිකත්වයෙන් පුත්තලම ළය රෝහ...
01/10/2025

අද දිනයේදී පුත්තලම මූලික රෝහලේ ලිංගාශ්‍රිත රෝග ඒකකයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක වජිර රත්නායක මහතාගේ මූලිකත්වයෙන් පුත්තලම ළය රෝහලේ වෛද්‍යතුමා සහ කාර්ය මණ්ඩලයේ ප්‍රධානත්වයෙන් නොරොච්චෝල ප්‍රදේශයේ රෝග හඳුනා ගැනීමේ සහ දැනුවත් කීරීමේ වැඩසහටන සාර්ථකව නිමා විය.

An awareness program was successfully conducted at the Urban Council – Puttalam by Consultant Venereologist Dr. Anuruddh...
17/09/2025

An awareness program was successfully conducted at the Urban Council – Puttalam by Consultant Venereologist Dr. Anuruddha Karunarathna sir.

STD UNIT - BH PUTTALAM

පුත්තලම මූලික රෝහලේ ලිංගාශ්‍රිත රෝග ඒකකයේ නව විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ කරුණාරත්න මහතා සහ පුත්තලම ළය රෝහලේ වෛද්‍ය මාධවී ද අල...
14/09/2025

පුත්තලම මූලික රෝහලේ ලිංගාශ්‍රිත රෝග ඒකකයේ නව විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ කරුණාරත්න මහතා සහ පුත්තලම ළය රෝහලේ වෛද්‍ය මාධවී ද අල්විස් මහත්මිය විසින් පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී දිස්ත්‍රික් ලේකම් තුමියගේ ප්‍රධානත්වයෙන් පසුගිය සැප්තැම්බර් 10 වන දින ලිංගාශ්‍රිත රෝග පිළිබඳ දැනුවත් කිරීම සහ වැළැක්වීම හා ක්ෂය රෝග මර්දනය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන සාර්ථකව නිමා විය.

Happy Farewell, Dr. Piyumi Perera,madam !( Consultant Venereologist) It has been a true honor to work under supervision ...
11/09/2025

Happy Farewell, Dr. Piyumi Perera,madam !( Consultant Venereologist)

It has been a true honor to work under supervision a dedicated and inspiring professional like you.

Your remarkable contributions to the clinic and the Puttalam area have left a lasting impact, and your work will always be remembered with deep appreciation.

As you move on to your new station, we wish you all the very best. May this new chapter bring you continued success, fulfillment, and happiness. Good luck with all your future endeavors in life – you truly deserve the best!

With warmest regards and heartfelt thanks,
The STD Clinic - Puttalam.

Address

Madampe

Opening Hours

Monday 08:00 - 16:00
Tuesday 08:00 - 16:00
Wednesday 08:00 - 16:00
Thursday 08:00 - 16:00
Friday 08:00 - 16:00
Saturday 08:00 - 16:00

Website

Alerts

Be the first to know and let us send you an email when Std Clinic - Puttalam posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram