19/01/2022
කැඩුම්, බිඳුම්
කැඩුම්, බිඳම් යන්නෙන් අස්ථියක් කැඩීම හෝ අස්ථියක් බිඳීම යන්න අදහස් කරයි. “කැඩීම” යන්නේ අදහස් වන්නේ අස්ථියක් වෙන් වී යන ලෙස කැඩී යාම වන අතර “බිඳීම” යනු අස්ථියක් කිරී ගැයී යාමක් හෝ අස්ථියේ ඉරිතැලීයාමක් ලෙස හැඳින්විය හැක. මෙවැනි අස්ථි බිඳීම් බොහෝවිට සිඳුවන්නේ වැටීම් සහ අනතුරු මඟින් වේ. තවද ඔස්ටියෝපොරෝසිස් ආදී වෙනත් රෝග නිසා අස්ථි දුර්වල වීමෙන් අස්ථි බිඳී යන අවස්ථාද ඇත.එවැනි අස්ථි බිඳීම් “ව්‍යාධි අස්ථි බිදීම්” ලෙස හැදින්වේ. තවද සරල- සංයුක්ත, සංවෘත-විවෘත ආදී විවිධ වර්ගීකරණයන් අස්ථි සම්බන්ද අධ්‍යනවල දී අපට හමුවේ. මෙවැනි අස්ථි කැඩීමක් හෝ බිඳීමක් සිදු වූ අවස්ථාවලදී විවිධ වෛද්‍ය ක්‍රම ශිල්ප භාවිතා කරමින් මේවා සුව කිරීම සිදුවේ. විවිධ පත්තුවර්ග, මැල්ලුම් වර්ග , තෙල් ආදී ස්වාභාවික ඖෂධ යොදා නිපදවාගත් ඖෂධ හා ආධාරක පතුරු භාවිතා කරමින් බිඳුනු අස්ථි යථාතත්වයට පත් කිරීම පිළිබඳව දශක ගණනාවක් පුරා වැහැර ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය ප්‍රසිද්ධතාවයක් උසුලයි. මෙහි දී වැදගත් කරුණ වන්නේ මෙම ආයුර්වේද ක්‍රම භාවිතයෙන් රෝග සුව කිරීමේ දී අතුරු ආබාධ ඇති නොවීමයි.
කෂේරුකා පෙළ ආශ්‍රිත ස්නායු රෝග
කෂේරුකා පෙළ ආශ්‍රිත ස්නායු රෝග සිදුවන්නේ කොදු ඇට පෙළ හෝ ස්නායු මූලයන් මත පීඩනයක් ඇති කරන අයුරින් කෂේරුකාවල පටුවීමකි. මෙහිදී හිරිවැටීම, වේදනාව මෙන්ම අත්, පා දුර්වල වීම සිදුවේ. රෝගය බරපතල වූ විට අවයව් අක්‍රීය වී , මූත්‍රාශයේ, බඩවැල් ආදියේ පාලනය පවා නැති වී යයි. මෙවැනි බරපතල රෝග ලක්ෂණ ඇතිවේනේ ශුෂුම්නාවට හානි වූ විටයි. වැටීම හා අනතුරු මඟින් කශේරුකා පෙළට සිදුවන හානියකින් හෝ කලක් සිට පැවතගෙන එන රෝගී තත්වයක් නිසා මෙවැනි තත්වයක් උදාවිය හැක. මිනිසුන්ගෙන් 8% ක්ම වමණ මෙම රෝගයෙන් පෙළෙන බව කියවේ. මෙම රෝගය පිළිබඳ මුල් විස්තරයක් දැක්වේන්නේ පුරාණ ඊජිප්තු සමයේ වේ. බටහිර වෛද්‍ය ක්‍රමයේ දී මෙම රෝගීන් ශෛල්‍ය කර්මවලට භාජනය කිරීම බොහෝ විට සිදුවේ. නමුත් ආයුර්වේදයේ දී පාරම්පරික ඖෂධ වට්ටෝරු භාවිතයෙන් මෙම රෝගය සුවකිරීම සිදු කරයි
සන්ධි ප්‍රද්‍රහාය (ආතරයිටීස් ) සහ හංදිගතවාත රෝග
වර්තමානයේ බොහෝ දෙනෙක් ආතරයිටීස් හෙවත් සන්ධි ප්‍රදාහය රෝගයෙන් පීඩා විදිති. ප්‍රධාන වශයෙන් අවුරුදු 65ට වැඩි පුද්ගලයින්ට මෙය වැලදීමේ නැඹුරුතාවයක් තිබුන ද ළමුන් හා යෞවනයන් ට මෙම රෝගය වැලදෙන අවස්ථා ද තිබේ. මෙම රෝගය වැලදුන පසු සන්ධි වේදනාව, තද ගතිය සහ ඉදිමීම ඇතිවිය හැකි අතර එක් සන්ධියකට හෝ සන්ධි කිහිපයකට බලපාන අවස්ථා තිබේ.සන්ධි ප්‍රදාහයේ වර්ග බොහෝ ගණනක් ඇත. මෙලෙස දිගු කලක් ආතරයිටීස් රෝගයෙන් පෙලෙන අයගේ අවයව විකෘතිතාවයට පත්වීම ද සිදුවේ. පාරම්පරික ඖෂධ වට්ටෝරු මඟින් ආතරයිටීස් රෝගය සුව කිරීම වැහැර ආයුර්වේද මධ්‍යස්ථා
ස්නායු රෝග
සිරුරේ පණිවුඩ හුවමරු කරන පද්ධතිය වන්නේ ස්නායු පද්ධතියයි. සිරුරේ සිදුවන විවිධ තෙරපීම්, ඇඹරීම් ආදිය නිසා මෙම ක්‍රියවලියට සිදුවන යම් යම් බාධා මඟින් ස්නායු රෝග හටගනී. මෙවැනි රෝග 600කට අධික ප්‍රමණයක් පවතී. මෙලෙස ස්නායු තෙරපීම් මඟින් සිදුවන අතපය හිරිවැටීම්, අක්‍රියවීම්, ඒවා නිසිලෙස ක්‍රියාත්මක නොවීම ආදිය සඳහා ප්‍රතිකාර කිරීම සිදුවේ. මෙසඳහා අයුර්වෙද වට්ටෝරු වන මැල්ලුම් , කැවිලි පොට්ටනි, තෙල්ල් වර්ග ආදිය භාවිතා වේ.
උපන් කොර
උපතේදී අවයව විකෘතිතාවයන්ට පත්ව තිබීම “උපන් කොර” ලෙස හැඳින්විය හැක. පාද අශ්‍රිත හා දෑත් අශ්‍රිත උපන් කොර සඳහා ප්‍රතිකාර කෙරෙන අතර කුඩා වයසේදී ම ප්‍රතිකාර වලට යොමු වීමෙන් මෙම විකෘතිතා ප්‍රකෘතිතත්වයට පත් කර ගැනීම පහසු වේ.
https://waharaayurveda.com/
https://instagram.com/wahara_ayurveda_center?utm_medium=copy_link
https://youtube.com/channel/UCtDDhY0ye4hoGzG_zhBEr8A