26/08/2019
සියල්ල ඉතා වේගයෙන් වෙනස් වෙමින් යන බවක් දිස්වේ. රටේ පාලකයින්, පුජ්‍ය පක්ෂය, මාධ්‍ය ආයතන බලය හා මුදල් වෙනුවෙන් වලිකන අයුරු නිරතුරුව දැකිය හැක. එහි අවසාන ප්‍රතිපලය වශයෙන් පාසල් දරුවන් ඒවා අනුගමනය කරන්නට පෙළඹීම සීග්‍රයෙන් ඉහල යන බවක් පෙනේ.
ඉහළම තැන සිට පහලම සමාජ ස්ථරය දක්වා විවේචනය, බැන වැදීම, කාලය කා දැමීම, අරමුණු රහිත බව, සැලසුම් රහිත බව ඉහ වහා ගොස් ඇත.
බොහෝ දෙනා එවන් පරිසරයක ජිවත් වෙමින් ආත්මාර්ථකාමී සිහින ගැන පමනක් වෙහෙසෙති. තමන්ට හෝ තමන්ගේ ඥාතියෙකුට, හිතවතකුට කරදරයක් වූ විට දුක් වෙති.(පිට කෙනකුට වන කරදර ගැන එතරම් දැනීමක් නැත) නැවතත් දුක තුනී කරගෙන පෙර චක්‍රයට ඇතුල් වෙති.
තනි පුද්ගලයින් වශයෙන් මට කරන්න පුලුවන් බොහෝ දේ ඇතත්. අනික් උන්ට ඕන නැතිනම් මම තනියෙන් මොකටද ලෝකය වෙනස් කරන්නෙ? මේක තමයි අපේ බොහෝ දෙනෙක් ගේ සිතුවිල්ල.
අපි වෙනස් වෙමු, ටොෆි කොලේ විසි කරන තැන ඉදලා වෙනස් වෙමු. අනික් මිනිසුන්න්ට ගරු කරන්න, අනික් අයට ඇහුන් කන් දෙන්න පුරුදු වෙමු. එකිනෙකාට උදව් කරන්න, උදවු කරපු කෙනාට ස්තුති කරන්න, ඒක මතක තියා ගන්න, අනෙක් අයගේ හොද දැක්කම ඒකට ප්‍රසංසා කරන්න, මිනිස්සුත් එක්ක හිනා වෙන්න, තමන් දන්නා දේ අනික් අයට කියලා දෙන්න, පුරුදු වෙමු.
තමන් ගැන ඉගන ගන්න කාලයක් වෙන් කරමු. (මට පුලුවන් මොනවද? මම දන්නේ මොනවද? මට ඕන මොනවද ? මගේ අඩුපාඩු මොනවද? මට තව කෙනකුට දෙන්න පුළුවන් මොනවද? මට එකතු කර ගත යුතු පුරුදු මොනවද? අඩු කරගත යුතු නරක පුරුදු මොනවද? මගේ සැලසුම් මොනවද? )
ඊට පස්සේ මම වෙනස් වෙන්න පටන් අරගන්නවා. මගේ වෙනස ගෙදර කාටද දෙන්න පුළුවන්? මගේ යාලුවන්ගෙන් කාටද දෙන්න පුළුවන් හොයන්න . අඩුම තරමින් ඔබ ඇති කරගත් එක හොද පුරුද්දක් තව එක්කෙනුකට හරි පුරුදු කරන්න.
අනාගතය වෙනුවෙන් රටට ඕන ආකල්පමය වෙනසක් ඒක මගෙන් පටන් ගමු, වෙනස් වෙන අය එකතු වෙමු. ඒ වෙනස වෙනුවෙන් කැපවෙමු. අදහස්, දැනුම, අත්දැකීම, හුවමාරු කරගමු.
මගෙන් පවුලට, පවුලෙන් ගමට ගමෙන් රටට යහපත් එක හොද පුරුද්දක් හෝ දෙමු.
අර්ථාන්විත ජිවිතයක් උදෙසා ධන මනස.
අදහස්, යෝජනා, චෝදනා එවන මෙන් සටහන් කරමි.