Ayuwarna Virtual Pharmacy

Ayuwarna Virtual Pharmacy This is a virtual pharmacy that you can order all herbal medicines and products

17/08/2022
26/07/2022

36 seconds · Clipped by Dr Dinesha with Ayuwarna · Original video "Hiru Medical Centre EP 43 | 2018-07-17" by Hiru TV

19/07/2022
17/07/2022

අතිශයින්ම ස්ත්‍රීන්ට පමණයි....
Femininity ..🔴🔴
ගැහැණුකම ...

මොකක්ද මේ ගැහැණුකම කියන්නේ? ඒක ඔබව යටහත් පහත්ව තබා ගැනීමට භාවිතා කළ හැකි දෙයක් ද?
ඔබව අසරණ කරන දෙයක් ද?
ඔබේ කන්‍යාභාවය පමණක් ද?
ඔබේ මාසික ඔසප් වීමද?
ගෙදර දොර වැඩපළ කරන එකද?
ඔබව ස්ත්‍රියක් ලෙස ලිංගේන්ද්‍රිය පිහිටා තිබීම ද?

⭕Femininity සමාජයේ බොහෝ විවාද වලට ලක් වූ මාතෘකාවක් වගේම ඔබ හරි හැටි දැනුවත් විය යුතු දෙයක්. ගැහැණියකට වගේම පිරිමි පාර්ශවයන් ටත් මේ femininity concept එක use කරන්න පුලුවන් . හැබැයි හරි විදියට .

⭕බොහෝ පිරිමින් මේ ගැහැණුකමට මාර විදියට ආදරේ කරනවා. ඒ නිසා ඔබ ගැහැණියක් විදියට මේ රාමුවෙන් පිට පැන්නොත් ඔබට මේ සමාජයේ බොහෝ දේ නැති වී යා හැකි ද? කොහොමද එහෙම වෙන්නේ?

Femininity කියන වචනයට බොහෝ අර්ථකථන තිබෙනවා. කුඩා දරුවකු ඉපදුණු විගස මේ ඉන්නේ පුරුෂයෙක් ද ස්ත්‍රියක් ද කියලා බලන්න පුලුවන් ලිංගේන්ද්‍රිය පරීක්ෂා කිරීමෙන් පමණයි .
ඒත් කාලය ගත වීමත් එක්ක කායික මානසික වෙනස් වීම සමගින් මෙය අපට පෙනීමට පටන් ගන්නවා. එතකොට මේ ගැහැණුකම කියන්නේ මේ ලිංගික පද්ධතියේ ඇති වන වෙනසද? 🤔🤔

⭕ඔබ පිරිමියෙක් නම් පිරිමියෙක් ලෙස සිටිය යුතුයි වගේ ගැහැණියක් ගැහැණියක ලෙසට සිටිය යුතුයි කියලා මතයකුත් තියෙනවා .
බොහෝ විට ගැහැණියක් කියූ පමණින්
පිරිමින් කැමති උස් හඩින් කතා නොකරන, ලාලිත්‍ය සහිත,හැගීම්බර, ලස්සන, තමන්ට කායිකව මානසිකව දැනෙන , අනවශ්‍ය ලෙස ප්‍රශ්න අහන් නැති, කොටින්ම කිව්වොත් සමහර විට ෂර්ලොක් හෝම්ස් වගේ හැමදේම හොයන් නැති, 😀😀, ආර්ථික ස්ථාවරත්වයක් තිබෙන කාන්තාවන් ට විය හැකියි . මෙය සිතන පතන විදිය කෙනාගෙන් කෙනාට වෙනස් විය හැකියි .
එය නරකක් නොවේ.

👉👉සම්බන්ධයකදී වුවද පිරිමින් බොහෝ කැමති ඔවුන්ට අවනත, නිහඩ ස්ත්‍රියකට.
නමුත් ප්‍රශ්න ඇසිය යුතු අවස්ථාවේ ප්‍රශ්න අසමින්, වැරදි දේට අනුබල නොදෙමින් ගැහැණු අපි femininity concept එක හරියට තේරුම් ගෙන එහිදි ප්‍රායෝගික විය යුතුයි .
ගැහැණියක් ප්‍රායෝගික වීම ඉතාම වැදගත් .
මොකද අවසානයේ බොහෝ වැරදිවැටහීම් එල්ල වන්නේ ඔබේ පැත්තට නිසාවෙන්.👇👇

⭕⭕එහෙම නොවූ පමණින් ඔවුන් ගැහැණුකම තව අයෙක්ගෙන හොයන්න උත්සාහ කරන්නත් පුලුවන් .
එමගින් ඔබේ සම්බන්ධතාවය හෝ විවාහ ජීවිතය දෙදරා යාමටත් මෙය සෘජුවම බල පෑ හැකියි.
විශේෂයෙන්ම පිරිමියෙක් ආදර සම්බන්ධතාවකදී හෝ විවාහය කදී මෙය බොහෝ විට බලාපොරොත්තු වෙන දෙයක්.

Femininity - ගැහැණුකම ආසියාතික රට වල හැමෝම හොයන දෙයක්. ගැහැණියක් පිරිමියෙක් ලෙස වැඩ කටයුතු කිරීම, දරා ගැනීම , හැල හැප්පීම් වලට ලක් වීම, දරුවන් වැදීම මේ සියල්ලත් එක්ක ඔබ මම ගැහැණුකම රැක ගත යුතුයි යන්න මතයක් .
එහි ඇතැම් දුරකට සත්‍යතාවක් නැතුවාත් නොවේ.

හැබැයි ගැහැණුකම කියන්නේ ඔබ ඔබව quality එකකින් maintain කරන එක. ඔබේ අගයන් රැක ගනිමින් දයාව, අනුකම්පාව , ආදරය, රැකවරණය තව අයෙකුට ලබා දීම. විශේෂයෙන්ම ගැහැණියක් මවක් වන විට මේ qualities අනිවාර්යයෙන් සම්පූර්ණ වී තිබිය යුතුයි . එවිට ඒ හරහා සමාජයට වැඩදායි දරුවකු ලබා දීම කළ හැකි දෙයක්.

💐💐Femininity ආකාර 2කින් කිව හැකියි .
01.Careerist femininity
🌹🌹
ඔබ රැකියාවක් කරන විට ගැහැණුකම සමගින් නිවැරදි ව වැඩ කිරීම.
මෙය ඉතාම වැදගත් කාරණාවක් .

බොහෝ දුරට කාන්තාවක් විවාහ වූ විට හෝ දරුවන් සෑදීමෙන් පසුව රැකියාවෙන් reject වීම එහෙම නැත්නම් අවස්ථාවන් නැති වීම,
ඒ අසරණකම් සමග සමහර ලිංගික අල්ලස් වලට භාජනය වීම් බහුලව දැකිය හැකියි .

ගොඩක් දුරට ලංකාව ,ඉන්දියාව වැනි ආසියාතික රටවල මෙය බහුලව සිදුවන දෙයක්.

02. Individualised femininity
🌹🌹
ඔබ සාමාන්‍ය ජීවිතය තුළ දී ගැහැණුකම සමගින්
ඔබේ සාමාන්‍ය සම්බන්ධතාවයන් පවත්වා ගැනීම.
ඔබේ පවුලේ අය, ආදරණීයයන් සමග කාලය ගත කිරීම.
ඉහත කියූ qualities එක්කම ඔවුන්ට ඔබේ අගය දැනෙන්නට සැලැස්වීම.

අද සමාජයේ කාන්තාවක් රැකියාව නඩත්තු කිරීම, පවුල නඩත්තු කිරීම යන කාර්‍යබහුල ක්‍රියාවලිය තුළ ප්‍රබල සාමාජිකයන් වේ. ඇතැම් විට පිරිමියෙක් ට වඩා ඔබට වගකීම් වැඩි වී තිබිය හැකියි .
ඒ නිසාම ගැහැණිය ගැහැණියක් ලෙසට නොදැනී යාම විය හැකියි .

මේ සාමාන්‍ය ජීවිතය තුළ ගැහැණියක් ගැහැණියක් ලෙසට සමතුලිතතාවය තිබීම අත්‍යාවශ්‍ය දෙයක් වේ. 🌹🌹
එයින් මම අදහස් කරන්නේ quality රැක ගනිමින් ඔබේ ජීවිතේ රැකියාව , පවුල් ජීවිතය , සාමාන්‍ය ජීවිතය තුළ ඉදිරියට යාමයි.
මොකද මෙය බිද වැටීම තුළ අද ගැහැණියකට ගැහැණිය ඇතැම් විට අහිමි වීම නිසා විවිධ කායික සහ මානසික සංකූලතා බහුලව මතු වී දුක් විදීමට සිදුව ඇත.

ගැහැණුන් ලෙස අපට සිතන්නට යමක්..💐💐🌹🌹
කණ හරහා මොළයට..
සුව උදෑසනක් වේවා...

Authentic femininity is a class, tenderness and virtue.
When a woman possess this traits , a man will naturally want to be more of a gentleman around her...

Very Good morning to all..

Dr Dinesha Weerapperuma - Ayuwarna

17/07/2022

මේ දවස් වල...
Depresion ද?

තවකෙකු නුරුස්නා ගතිය තියෙනවා ද?
එහෙම නැත්නම් අධිකව තරහ යනවාද?
අධිකව දුකටත් කෝපයටත් පත් වෙනවාද ...

මේ දිනවල අපි හැමෝටම තියෙන ආර්ථික ප්‍රශ්න, විවිධ හැල හැප්පීම් , සමාජයේ තත්ත්වය එක්ක කායික රෝග වලට වඩා මානසික රෝග ඇති වීම වැඩි විය හැකියි.

මොකක්ද මේ මානසික ආතතිය ( Mental depression ) කියන්නේ?
කොහොමද අපි මේකෙන් ගැලවෙන්නේ.
ජීවිතයේ සිදුවන හැල හැප්පීම් එක්ක එය දරා ගැනීමේ අඩු වැඩිය සමග මෙය ඇති විය හැකියි .

බොහෝ විට මේ කියවන ඔබත් මමත් මේ තත්ත්වය අත් විද තිබිය හැකියි . ඇතැම් විට ඔබ මේ මොහොතේ එයට ඖෂධ ලබා ගන්නවා විය හැකියි .

මානසික ආතතියේ ඇති ලක්ෂණ මොනවාද?
මෙය හදුනා ගැනීම ඉතාම වැදගත් . එය දැනගෙන කටයුතු කිරීම තුළින් ඔබේ ජීවිතය ට විය හැකි අනතුරු බොහොමයක් වළක්වා ගත හැකියි .

💐 ඔබට ඔබ ගැන අසරණකමක් එහෙම නැත්නම් උදව් නැති බවක් හැගීම
💐 මතකය සහ අවධානය අඩු වීම
💐 කේන්තිය සහ දුක පාලනය කර ගත නොහැකි වීම
💐එදිනෙදා වැඩ කටයුතු වලට ඇති උනන්දුව අඩු වීම
💐 නිතරම තනි ව මුලුගැන් වී සිටීම
💐 අන් අය ඔබට ආදරය නොකරන බව සිතීම
💐 කෑම අරුචිය ඇති වීම
💐 නින්ද නොයාම
💐 ඔබේ මුහුණේ ඉරියව් විටින් විට වෙනස් වීම
💐 යම්දෙයක් ගැන අධිකව කම්පා වීම හෝ ආතතිය ට ලක් වීම
💐 අධිකව මහන්සි දැනීම

වැනි විවිධ රෝග ලක්ෂණ මෙයට හේතු විය හැකියි .
බොහෝ විට,

⭕ ජානමය බලපෑම්
⭕ අපචාර හෝ දූෂණ වලට ලක් වීම් ( මෙය කායිකව සහ මානසිකව විය හැකි යි )
⭕ පෞරුෂයේ ඇති දුබලතා
⭕ මරණ සහ නැති වීම්
⭕ දික්කසාද , ආදර සම්බන්ධතා බිද වැටීම් වැනි ජීවිතයේ තීරණාත්මක අවස්ථාවන්ට මුහුණ දීම්
⭕ රැකියාවේ හෝ ඇසුරු කරන්නන් අතර ඇති වන ප්‍රශ්න ....
⭕ දරුවන් ලැබීමෙන් පසු
⭕ ආර්ථික අස්ථාවර වීම්

වැනි විවිධ හේතු මෙයට නිදාන කාරණා විය හැකියි.

බොහෝ විට මෙය ඔබට අවාසිදායක ව බලපෑ හැකියි .
- විශේෂයෙන්ම සමාජ සබදතා බිද වැටීම්
- ඔබේ ආදරණීයයන් ඔබව හැර දා යාම
- ඔබේ ශරීරයේ හෝර්මෝන අසමතුලිතා ඇති වීම මගින් විවිධ රෝග වලට මුහුණ දීම
- දියවැඩියාව ,අධි රුධිර පීඩනය , හෘද රෝග වැනි
- අවසානයේ සිය දිවි හානි කර ගැනීම පවා විය හැකියි .

⭕⭕ විශේෂයෙන්ම මේ දින වල පවතින තත්ත්වය අනුව ඔබ depression වලින් පෙලෙන්නේ නම් හැකි ඉක්මනින් එයින් අත් මිදිය යුතුයි .
👉ඇතැම් විෂ සහිත සබඳතා ඉවත් කිරීම ( toxic relationship )
👉ඔබ ආස කරන විෂයක් හෝ ක්ෂේත්‍රයක් හැදෑරීම
👉හැකි පමණ ඔබට මෙය ඇති වීමට හේතු වී ඇති සාධකය තේරුම් ගෙන ඔබ එයින් ඉවත් විය යුතුයි .
👉ඔබ කැමති පුද්ගලයන් සමග කතා බහ කිරීම
👉ඇවිදීම
👉 විවේක ගැනීම
👉 කළමනාකරණය කර ගැනීම
👉 යෝග හෝ භාවනා කිරීම
👉 ඔබ කැමති අය සමග කතා බහ කිරීම
👉 සුරතල් සතෙකු ඇති කිරීම

⭕⭕ වැනි විවිධ උපක්‍රම භාවිතා කිරීම තුළින් ඔබට මේ රෝගී අවස්ථාව උග්‍ර වීම නතර කර ගත හැකියි .
නමුත් මෙය mild - moderate - Severe යන අවසාන අවස්ථා තෙක් නොසිටින්න.

⭕ ඔබ ළග සිටින ආදරණීයයන් හෝ ඇසුරු කරන්නන් මේ අවස්ථාවට ගොදුරු වී ඇතැයි සිතනවා නම්
ඔහුව හෝ ඇයව තේරුම් ගෙන
ඔවුන්ට අවධානය යොමු කරන්න.
හොදින් ඇහුම්කන් දෙන්න.
ඔවුන් ව රැක ගන්න.
කාලය වෙන් කර ඔවුන් සමග හැකි පමණ රැදී සිටින්න.

අවශ්‍ය නම් හැකි ඉක්මනින් මානසික වෛද්‍යවරයකු හෝ උපදේශකයකු වෙත යොමු කිරීමෙන් ජීවිතයක් බේරා ගත හැකියි .

මානසික හැල හැප්පීම් ,බිද වැටීම් කායික රෝග මෙන්ම ඇති විය හැකි දේය.
ඔබට හානියක් කර නොගෙන
ඔබගේ ආදරණීයයන් ට උදව් කිරීම ද ඔබ සතු යුතුකමකි.

සුවබර උදෑසනක් වේවා.
Very good morning to all...!!!

වෛද්‍ය දිනේෂා වීරප්පෙරුම - ආයුවර්ණ

Address

Maharagama

Alerts

Be the first to know and let us send you an email when Ayuwarna Virtual Pharmacy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Ayuwarna Virtual Pharmacy:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram