29/11/2025
Fridge එකක් නැතුව ඉන්සියුලින් තියාගන්න විදිහ
රටේ තියෙන අයහපත් කාලගුණ තත්වය හින්දා බොහෝ තැන්වලට විදුලිය නෑ. විදුලිය නැති වෙනකොට ශීතකරන වැඩ කරන්නේ නෑ.ඔයා ඉන්සියුලින් ඖෂධය භාවිතා කරන රෝගියෙක් නම් ශීතකරන වැඩ කරන්නේ නැති වෙනකොට ඉන්සියුලින් තියාගන්න එක ගැටලුවක් වෙනවා.
ඉතින් එහෙමනම් පහත පියවර අනුගමනය කරලා ඉන්සියුලින් තියාගන්න..
🔰 මැටි කලයක් අරගෙන බාගයක් වගේ වෙනකම් වතුර පුරවන්න.
🔰 ඊට පස්සේ ඉන්සියුලින් බෝතලය වතුරේ ගෑවෙන්නේ නැති විදිහට නූලකින් එල්ලන්න.
🔰 මැටි කලේ කට වහලා සිසිල් තැනකින් තියලා තියන්න
#