30/01/2026
රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සම්බන්ධීකරණය කරන ලද රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විසින් මෙහෙයවන ලද ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ භාෂා ප්‍රවීණතාවය සඳහා වන පැය 200ක දෙමළ භාෂා පාඨමාලාවේ තුන්වන අදියර සාර්ථකව නිම කරන ලද වෛද්‍ය නිලධාරීන් සිය දෙනාගේ කණ්ඩායමට සහතිකපත් ප්‍රදානය කිරීම 2026.01.30 වන දින බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණ ආයතනයේ ශ්‍රවණාගාරයේදී ආයුර්වේද දෙපාර්තමේන්තුවේ, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් සහ රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති, ලේකම් ඇතුළු විධායක නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.