08/10/2025
අපි “Therapy”/"චිකිත්සාව" ගැන කතා කරමු.
මේ දිනවල, Therapy යන වචනය බොහෝ නිදහසේ, ඕනෑම කෙනෙකුට භාවිතා කල හැකි වචනයක් සහ qualification එකක් බවට පත්වෙමින් පවතී. නිසි සුදුසුකම් නොමැතිව ඇතැමුන් therapist යන වචනය භාවිතා කිරීමෙන් බොහෝවිට සුදුසුකම්ලත් වෘතිකයන් හදුනාගැනීමට, තම දරුවන්ට නිවැරදි ආකාරයේ සහයෝගයක් ලබා දීමට දෙමව්පියන්ට අපහසු වී ඇත.
Therapy යනු හුදෙක් ක්‍රියාකාරකම් කිරීමක් නොවේ- එය පුහුණුවලත් සහ සුදුසුකම් ලත් චිකිත්සකයින් විසින් මෙහෙයවනු ලබන වෘත්තීමය, evidence මත පදනම් වූ සංකීර්ණ ක්‍රියාවලියකි. එමනිසා ,
🗣️ දරුවෙකුට වචන කියාදීමම පමණක් speech-language therapy නොවේ.
🎨 sensory ක්‍රියාකාරකම් කිරීමම පමණක් occupational Therapy නොවේ.
✏️ ලිවීමට උදව් කිරීමම පමණක් educational therapy නොවේ.
Therapy නැතහොත් චිකිත්සාව යන වචනය පැමිණෙන්නේ "therapeia " (θεραπεία) යන Greek වචනයෙන්. තෙරපියා යනු සංවාදය, ස්පර්ශය, කලාව, ව්‍යායාම හෝ පරාවර්තනය හරහා සිදු කරන සායනික සත්කාරයකි.
විද්‍යවේ පරිණාමයත් සමගම Therapy, speech-language therapy, occupational therapy, physiotherapy, psychotherapy, play therapy, behavioural therapy, educational therapy සහ තවත් බොහෝ අංශ වලින් විශේෂිත වී ඇත . .
චිකිත්සාව යනු කුමක්ද සහ එය නොවන්නේ කුමක්ද? 👇
❌ චිකිත්සාව යනු ඉගැන්වීමක් නොවේ.
✅ එය සම්බන්ධතාවය සහ අවබෝධය තුළින් පරිවර්තනයට මග පෙන්වීමයි.
❌ චිකිත්සාව යනු හැසිරීම හෝ හික්මවීම නොවේ.
✅ එය හැසිරීම තේරුම් ගැනීම සහ නියාමනයට සහාය වීමයි.
❌ චිකිත්සාව යනු අභ්‍යාස මාලාවක් හෝ worksheets නොවේ.
✅ එය සන්නිවේදනය, චින්තනය සහ විශ්වාසය ගොඩනඟන අර්ථවත් අත්දැකීම් නිර්මාණය කිරීමයි.
❌ චිකිත්සාව සෑම පුද්ගලයෙකුටම ගැලපෙන common activity list එකක් නොවේ.
✅ එය එක් එක් පුද්ගලයාගේ අවශ්‍යතා, හැකියාවන් සහ පවුලේ පසුබිම් වටා හැඩගස්වා ඇති පුද්ගලාරෝපිත සත්කාරයකි.
ඔබ දරුවෙකුට හෝ වැඩිහිටියෙකුට ඔවුන්ගේ කතාවට උදව් කරන්නේ නම්, ඔවුන්ට ලිවීමට හෝ ගෙදර වැඩ කිරීමට සහාය වන්නේ නම්, හෝ දෛනික කටයුතුවලට සහාය වන්නේ නම් “ පුහුණුව”/"training", “සහායක”/assistant" හෝ “මග පෙන්වීම”/"coaching" ඔබට භාවිතා කල හැකි යෙදුම් කිහිපයක්. Therapist/චිකිත්සකයින්ට නිශ්චිත සුදුසුකම්, වගකීම් සහ සදාචාරාත්මක සීමාවන් ඇති බැවින්, Therapy යන යෙදුම නිදහසේ භාවිතා නොකිරීම වැදගත්ය. speech therapist, occupational therapist, physiotherapist ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෘත්තිකයන් වේ. මෙවැනි වචන භාවිතය පිළිඹඳ සැලකිලිමත් වීම වැදගත් වේ. මෙම යෙදුම් නිසි ලෙස භාවිතයෙන් වෘත්තිකයන් සහ අප සේවය කරන පුද්ගලයින් යන දෙකම ආරක්ෂා කරයි.