Base Hospital Mahiyangana - මුලික රෝහල මහියංගණය

Base Hospital Mahiyangana - මුලික රෝහල මහියංගණය Health Service

දෙලොවටම වැඩ ඇති වටිනා පරිත්‍යාගයක්...මහියංගන මූලික රෝහලේ සහන සත්කාරක ඒකකය ( Palliative Care Unit) සඳහා සුවිශේෂී පරිත්‍යා...
19/01/2026

දෙලොවටම වැඩ ඇති වටිනා පරිත්‍යාගයක්...

මහියංගන මූලික රෝහලේ සහන සත්කාරක ඒකකය ( Palliative Care Unit) සඳහා සුවිශේෂී පරිත්‍යාගයන් කිහිපයක් පසුගියදා සිදුකරනු ලැබුවා..

තම ආදරණීය පියාණන් වූ විශ්‍රාමික ගුරු ෂෙල්ටන් මහතාගේ තෙමස් පූර්ණ සිහිකිරීම වෙනුවෙන් ලග්ගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය අභිෂේක් සංකල්ප මහතා ඇතුළු පවුලේ ඥාතීන් සහ දඹුල්ල මූලික රෝහලේ වෛද්‍ය සුපුන් මහතා එක්ව මෙම වටිනා පරිත්‍යාගයන් සිදු කරනු ලැබුවා.

ප්‍රතිකාර ලබාදීමෙන් පසුව නිවෙස් වෙත යොමු කරන රෝගීන්ට භාවිතා කිරීමට සහන සත්කාරක ඒකකය මගින් ලබා දෙන අත්‍යවශ්‍ය වූ රෝද පුටු, කිහිලිකරු, වායු මෙට්ට ඇතුළු භාණ්ඩ තොගයක්ද ඒ අතර වුණා.

මහියංගන මූලික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සෙනරත් බණ්ඩාර මහතාගේ මග පෙන්වීම පරිදි කායික රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ත දිසානායක මහතා ඇතුළු මහියංගන මූලික රෝහලේ කායික රෝග අංශයේ කාර්ය මණ්ඩලය විසින් මෙම නව සහන සත්කාරක සේවා සංකල්පය ආරම්භ කරනු ලැබුවා.

නිශ්චිතව හඳුනාගන්නා ලද සුව කළ නොහැකි රෝග වලින් පෙළෙන පුද්ගලයන්ගේ ඉතිරිව ඇති කෙටි ජීවිත කාලය පුරාවට ශාරීරික වේදනාවන් අවම වන අන්දමින් සහ මානසික සහනය සඳහා අවශ්‍ය පහසුකම් සහ සහයෝගයන් ලබා දෙමින් ඔවුන්ගේ බලාපොරොත්තුව පරිදි සුවදායි මරණයක් සඳහා අවස්ථාව සලසා දීම මෙම සහන සත්කාරක සේවා ව්‍යාපෘතිය මගින් සිදු කරනු ලබනවා.

සරලව මෙලෙස අර්ථ දැක්වූවත් මෙම ක්‍රියාවලිය තුළ ඉතා ගැඹුරු ආධ්‍යාත්මික සහ සාමාජීය වශයෙන් ඉතාමත් වැදගත් වූ කාර්යන් රාශියක් අන්තර්ගත වන බවත් ගොවිතැන් බතින් ජීවිකාව සරිකර ගන්නා නිදන් ගත වකුගඩු රෝගය , විවිධ පිළිකා තත්ත්ව ඇතුළු සුව කළ නොහැකි රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන පවුලේ සාමාජිකයෙකු වෙනුවෙන් ජීවිතය කැප කරන ලද බොහෝ පිරිසකට පසුගිය හය මසක කාලය තුළ විශාල සහනයක් ලබාදීමට මෙමගින් හැකි වී ඇති බව කායික රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ත දිසානායක මහතා එහිදී පවසා සිටියා.

බුදුන් වහන්සේගේ දේශනාවන්ට අනුව මෙලොවත් පරලොවත් සුගතියට හේතුවන මෙවැනි මහානුභාව සම්පන්න කුසල ක්‍රියාවන් සඳහා දායක වීමට පින් කැමති ඕනෑම අයෙකුට අවස්ථාවක් ලබාදී ඇති අතර ඒ සඳහා බලාපොරොත්තු වන්නේ නම් සහන සත්කාරක සේවාව මගින් සකස්කර ඇති පහත සඳහන් විස්තර පත්‍රිකාව පරිශීලනය කිරීමෙන් අවශ්‍ය තොරතුරු ලබාගත හැක

අවසාන වශයෙන් තම පියාණන්ගේ තෙමස් පූර්ණ සිහිකිරීම වෙනුවෙන් මෙම වටිනා පරිත්‍යාගය ලබා දුන් වෛද්‍ය අභිෂේක සංකල්ප මහතා ඇතුළු පිරිසට විශේෂ ස්තුතියක් පුදකර සිටින අතර එතුමන්ගේ ආදරණීය පියාණන්ට අමාමහ නිර්වාණය සාක්ෂාත් වේවායිද අප ප්‍රාර්ථනා කරමු.

මහින්ද හෙට්ටිආරච්චි
මාධ්‍ය ඒකකය
මූලික රෝහල මහියංගන

මියුගුණ ප්‍රසාද ප්‍රණාම 2026පසුගිය 2025 වසරේ නොවැම්බර් මස 15/16දෙදින  මහියංගන මූලික රෝහලේ පවත්වන ලද රෝගීන් පන්සිය දෙනකුග...
18/01/2026

මියුගුණ ප්‍රසාද ප්‍රණාම 2026

පසුගිය 2025 වසරේ නොවැම්බර් මස 15/16දෙදින මහියංගන මූලික රෝහලේ පවත්වන ලද රෝගීන් පන්සිය දෙනකුගේ ඇසේ සුද ඉවත්කර අක්ෂි කාච දැමීමේ අක්ෂි ශල්‍ය වෛද්‍ය කඳවුර සාර්ථකව නිම කිරීම වෙනුවෙන් ඒ සඳහා කැප වූ පිරිස ඇගයීම සඳහා විශේෂ වැඩසටහනක් මියුගුණ හරසර ප්‍රණාම - 2026 නමින් පසුගියදා රෝහල් ශ්‍රවණාගාරයේ දී උත්සවාකාරයෙන් පවත්වනු ලැබුවා.

මහියංගන මූලික රෝහලේ අක්ෂි ශල්‍ය ඒකකය සහ ශ්‍රී ලංකා අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය එක්ව සංවිධානය කරන ලද Gift of Vision Sri Lanka Cataract Surgery Programme නම් වූ මෙම වටිනා ව්‍යාපෘතියට . HelpAge Sirii Lanka රාජ්‍ය නොවන ආයතනය විසින් මූල්‍යමය දායකත්වය ලබා දෙනු ලැබුවා. ඒ අනුව සිදු කරන ලද ශල්‍යකර්ම සියල්ලක්ම ඉතාමත් සාර්ථක වූ අතර පසු ආසාදන තත්ත්වයන් අවම වීම කැපී පෙනුනා.

රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය A.M.S බණ්ඩාර මහතාගේ මඟ පෙන්වීම මත එම උතුම් සත්කාරය සඳහා දායක වූ සියලුම දෙනා ඇගයීම සඳහා මෙම සම්මාන උළෙල පවත්වනු ලැබුවා.

අදාල අක්ෂි ශල්‍ය වෛද්‍ය කඳවුර සාර්ථක කර ගැනීම සඳහා ලබා දුන් සහයෝගය අගයා පසුගිය මාස කිහිපයක කාලය තුළ පුරප්පාඩුව තිබූ මහියංගන මූලික රෝහලේ අක්ෂි ශල්‍ය වෛද්‍ය විශේෂඥ තනතුරේ රාජකාරී ආවරණය කරමින් කටයුතු කරන ලද සහ දැනට බදුල්ල ශික්ෂණ රෝහලේ සේවය කරන අක්ෂි ශල්‍ය වෛද්‍ය විශේෂඥ නුවන් නානායක්කාර මහතා හට මෙන්ම මහියංගන මූලික රෝහලේ අක්ෂි ශල්‍ය ඒකකයේ කාර්ය මණ්ඩලයටද මෙහිදී විශේෂ සමරු තිළිණයන් පිරිනමනු ලැබුවා.

එමෙන්ම පසුගියදා කොළඹදී පැවැත් වූ SIMCON 2025 උළෙලේදී හොඳම නවෝත්පාදක හෙද ව්‍යාපෘතිය වෙනුවෙන් පිරිනමන සම්මානය දිනාගත් හෙද නිලධාරීනි PSL පේමදාස මහත්මිය හට රෝහල වෙත කීර්තියක් අත්කරදීම වෙනුවෙන් විශේෂ සමරු තිළිණයක් ද පිරිනමනු ලැබූ අතර අක්ෂි ශල්‍ය වෛද්‍ය කඳවුර සාර්ථක කර ගැනීම සඳහා සහය වූ සෙසු සියලුම දෙනා හට වටිනා සහතික පත්‍රයක් පිරිනමා ඔවුන් විසින් ලබා දුන් සහයෝගය අගය කිරීම ද මෙහිදී සිදුකෙරුණා.

මෙම අවස්ථාවට රෝහල් අධ්‍යක්ෂකතුමා ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ නිලධාරීන් මෙන්ම , රෝහල් සංවර්ධන කමිටුවේ සාමාජිකයින් ඇතුළු ප්‍රදේශවාසීන් පිරිසක් ද සහභාගි වී සිටියා.


මහින්ද හෙට්ටිආරච්චි
මාධ්‍ය ඒකකය.
මූලික රෝහල - මහියංගන.

2026-01-08 අවධානයෙන් අවබෝධයෙන් සිටින්න. මෙම අයහපත් කාලගුණ තත්ත්වයෙන් කිසිවෙකුටත් හානියක් නොවේවායි ප්‍රාර්ථනා කරමු.
08/01/2026

2026-01-08 අවධානයෙන් අවබෝධයෙන් සිටින්න. මෙම අයහපත් කාලගුණ තත්ත්වයෙන් කිසිවෙකුටත් හානියක් නොවේවායි ප්‍රාර්ථනා කරමු.

ඔබගේ දැනගැනීම සහ අවධානය පිණිස..
06/01/2026

ඔබගේ දැනගැනීම සහ අවධානය පිණිස..

ආපදාවෙන් හානියට පත් මියුගුණපුර රෝහලේ දැඩි සත්කාර ඒකකය (ICU) නවීකරණයට ExpoLanka Holdings අතහිත... දිට්වා සුළි කුනාටුව හේත...
03/01/2026

ආපදාවෙන් හානියට පත් මියුගුණපුර රෝහලේ දැඩි සත්කාර ඒකකය (ICU) නවීකරණයට ExpoLanka Holdings අතහිත...

දිට්වා සුළි කුනාටුව හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වය නිසා හානියට පත් මහියංගන මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකය (Intensive Care Unit ) පූර්ණ ලෙස අලුත් වැඩියා කිරීම සහ නවීකරණය කිරීම සඳහා අවශ්‍ය කටයුතු ExpoLanka Holdings ආයතනයේ ප්‍රධානයක් මඟින් සිදුකිරීම සඳහා වන නිල එකඟතාවය රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය සෙනරත් බණ්ඩාර මහතා වෙත එම ආයතන විසින් අද දින පිරිනමනු ලැබුවා.

මෙහිදී හානියට පත් දැඩි සත්කාර ඒකකයේ බිත්ති විශේෂ ආකාරයකට පිරිසිදු කර පුස් වැනි විෂබීජ ඇති නොවන පරිදි ඒ සඳහාම සුවිශේෂ වූ Anti Fungal තීන්ත ආලේප කිරීම, වායු සමීකරණ පද්ධතිය නවීකරණය කිරීම, දැඩි සත්කාර ඒකක ඇඳන් සඳහා අවශ්‍ය අමතර උපාංග සවිකිරීම, අබලන්ව ඇති දොර සහ ජනෙල් ආදිය අලුත් වැඩියාව හෝ අවශ්‍ය නම් නැවත ප්‍රතිස්ථාපනය කිරීම, රෝගීන් සඳහා සහ ඒකකයේ කටයුතු සඳහා අවශ්‍ය Bed Side locker, Nurses Station, File cupboard rack ඇතුළු නව ගෘහ භාණ්ඩ ලබාදීම ආදි සියලු අත්‍යවශ්‍ය කටයුතු කඩිනම් සැලැස්මක් යටතේ සිදු කිරීමට නියමිතයි.

මීට අමතරව එම ඒකකයේ රෝගීන් සඳහා අත්‍යවශ්‍යව තිබූ රුපියල් ලක්ෂ 6ක් පමණ වටිනා DVT PUMP උපකරණයක් , රෙදි සෝදන යන්ත්‍රයක් ඇතුළු තවත් උපකරණ කිහිපයක්ද එම ආයතන විසින් අද දින රෝහල වෙත පරිත්‍යාග කරනු ලැබුවා.

රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය සෙනරත් බණ්ඩාර මහතාගේ මඟ පෙන්වීම පරිදි රෝහලේ ජෛව රසායනාගාර අංශය භාරව කටයුතු කරන මහින්ද හෙට්ටිආරච්චි මහතා විසින් මෙම ව්‍යාපෘතියේ සම්බන්ධීකරණ කටයුතු සිදු කරනු ලබයි.

ExpoLanka Holdings ආයතනය වෙනුවෙන් එහි ප්‍රධාන විධායක නිලධාරී මුෂ්ටාක් අහමඩ් මහතාගේ මග පෙන්වීම පරිදි ශෂී ගුණතිලක සහ ශිරාන් ඩයස් යන මහත්වරුන් සහභාගි වූ මෙම සමාරම්භක අවස්ථාවට රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය සෙනරත් බණ්ඩාර මහතා, රෝහලේ සැලසුම් අංශයේ කාර්ය මණ්ඩලය සහ දැඩි සත්කාර ඒකකය භාර හෙද සොයුරිය ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ පිරිසක්ද එක්ව සිටියා.

මාධ්‍ය ඒකකය
මූලික රෝහල මහියංගන

මහියංගන මූලික රෝහලට හදිසි හා අත්‍යවශ්‍ය ජීවිත ආරක්ෂක උපකරණ පරිත්‍යාගයක්..   හෘදයාබාධයක් වැනි හදිසි අවස්ථාවකදී අවහිරවන හෘ...
01/01/2026

මහියංගන මූලික රෝහලට හදිසි හා අත්‍යවශ්‍ය ජීවිත ආරක්ෂක උපකරණ පරිත්‍යාගයක්..

හෘදයාබාධයක් වැනි හදිසි අවස්ථාවකදී අවහිරවන හෘද රිද්මය නිසි පරිදි පවත්වාගෙන යාමට භාවිතා කළ හැකි රුපියල් ලක්‍ෂ දහසයක් පමණ වටිනා Difibrillator යන්ත්‍රයක් මහියංගන මූලික රෝහලේ ශල්‍ය වෛද්‍ය අංශය වෙත පසුගියදා පරිත්‍යාග කරනු ලැබුවා.

අංක 334, ටී.බි ජයා මාවත, කොළඹ 10, ලිපිනයේ පිහිටි WindForce PLC ආයතනයේ සාමාන්‍යාධිකාරී ප්‍රසන්න දිසානායක මහතා ඇතුළු කාර්ය මණ්ඩලය විසින් මෙම උපකරණය රෝහල වෙත පරිත්‍යාග කරන ලද අතර මහියංගන මූලික රෝහලේ විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනී සදිකා වික්‍රමතුංග මහත්මිය විසින් මෙම කටයුත්ත සම්බන්ධීකරණය කරනු ලැබ තිබුණා.

හදිසි සහ අත්‍යවශ්‍ය ජීවිත ආරක්ෂක ප්‍රථමාධාර කටයුතු සඳහා පහසුකම් සලසන මෙවැනි උපකරණ හතරක් රෝහල් සතුව පැවතියත් මේ වනවිට ක්‍රියාත්මක තත්ත්වයේ පවතින්නේ ඉන් දෙකක් පමණයි.

එබැවින් අත්‍යවශ්‍ය අවස්ථාවක දී අප වෙත ලැබුණු මෙම වටිනා පරිත්‍යාගය පිළිබඳව WindForce PLC ආයතනයට හෘදයාංගම ස්තූතිය පුදකර සිටින බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සෙනරත් බණ්ඩාර මහතා ප්‍රකාශ කර සිටියා.

මෙම අවස්ථාවට රෝහල් වෛද්‍ය නිලධාරී (සැලසුම් ) වර්ෂදේව මහතා , විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනි සදිකා වික්‍රමතුංග මහත්මිය , ප්‍රධාන ඖෂධවේදී HMB ගුණසේකර මහතා සහ හෙද සොයුරියන් ඇතුළු කාර්ය මණ්ඩලයේ පිරිසක්ද සහභාගි වී සිටියා.

මහින්ද හෙට්ටිආරච්චි
මාධ්‍ය ඒකකය
මූලික රෝහල - මහියංගන

පොහොසත් රටක් ලස්සන ජීවිතයක් බිහිකිරීමේ රාජ්‍ය ප්‍රතිපත්තිය යථාර්ථයක් කරනුවස් ...මහජනතාව වෙත වඩාත් සමීප සෞඛ්‍ය සේවාවක් ලබ...
01/01/2026

පොහොසත් රටක් ලස්සන ජීවිතයක් බිහිකිරීමේ රාජ්‍ය ප්‍රතිපත්තිය යථාර්ථයක් කරනුවස් ...

මහජනතාව වෙත වඩාත් සමීප සෞඛ්‍ය සේවාවක් ලබා දීමට කැප වෙමින් සහ 2026 රාජ්‍ය සේවා ප්‍රතිඥාව ලබා දීම සිදු කරමින් මහියංගන මූලික රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සෙනරත් බණ්ඩාර මහතා ප්‍රමුඛ කාර්යය මණ්ඩලය අද දින නව වසරේ කටයුතු ආරම්භ කරනු ලැබුවා.

එමෙන්ම අප ආරාධනය පිළිගෙන රෝහල වෙත වැඩමවා වදාළ ශ්‍යමෝපාලි මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික මහියංගන රජමහා විහාරාධිපති ආචාර්ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත නායක මාහිමියන් ප්‍රමුඛ ගෞරවනීය මහා සංඝරත්නයේ ආශිර්වාදය සහ පිරිත් සජ්ඣායනා මැද බාහිර රෝගී අංශ ගොඩනැගිල්ලේ දෙවැනි මහල වෙත අභිනවයෙන් රැගෙන එන ලද රෝහල් ප්‍රධාන කාර්යාලයද අද දින නිල වශයෙන් විවෘත කරනු ලැබුවා.

මහින්ද හෙට්ටිආරච්චි.
මාධ්‍ය ඒකකය
මූලික රෝහල මහියංගන.

මහියංගන මූලික රෝහලේ රුධිර කාන්දු කරන ඒකකය සඳහා  රුපියල් ලක්ෂ හතළිස්හයක් පමණ වටිනා Hemodialysis යන්ත්‍රයක්  සහ එයට අවශ්‍ය...
28/12/2025

මහියංගන මූලික රෝහලේ රුධිර කාන්දු කරන ඒකකය සඳහා රුපියල් ලක්ෂ හතළිස්හයක් පමණ වටිනා Hemodialysis යන්ත්‍රයක් සහ එයට අවශ්‍ය පිරිසිදු ජලය ලබාගත හැකි RO filter උපකරණයක් ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා විසින් අද දින රෝහල වෙත පරිත්‍යාග කරනු ලැබුවා.

පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් වසා දැමුණු මහියංගන මූලික රෝහලේ රුධිර කාන්දු කරන ඒකකය ආපදා තත්ත්වයෙන් දින දෙකකට පසුව නැවතත් ක්‍රියාත්මක තත්ත්වයට ගෙන ඒමට රෝහල් අධ්‍යක්ෂකතුමා ප්‍රමුඛ කාර්ය මණ්ඩලයට හැකියාව ලැබුණා.

නේවාසිකාගාරවල තිබූ තම පෞද්ගලික බඩු බාහිරාදිය ගංවතුරෙන් දියබත් වෙද්දී රෝගීන්ගේ ප්‍රතිකාර කටයුතු සඳහා අත්‍යවශ්‍ය වටිනා වෛද්‍ය උපකරණ රාශියක් ඉහළ ස්ථානවලට රැගෙන යාමට කාර්යමණ්ඩලය ගත් දැඩි උත්සාහය හේතුවෙන් මෙම කටයුතු කඩිනම් නැවත ආරම්භ කිරීමට හැකියාව ලැබුණා.

අද දින ගරු විපක්ෂ නායකතුමා විසින් ලබා දුන් මෙම යන්ත්‍රය ද අප රෝහලේ රුධිර කාන්දු කරන ඒකකයේ එම කටයුතු වේගවත් කිරීම සඳහා යොදවා ගැනීමට අපේක්‍ෂිතයි.

මෙම අවස්ථාව සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජන බලවේගයේ මහියංගන ආසන සංවිධායක ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා ඇතුළු පිරිසක් සහභාගි වූ අතර , අස්ගිරි විහාර පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික මහියංගන රජමහා විහාරාධිපති ආචාර්ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත නායක මාහිමියන් ද අපගේ ඉල්ලීම පරිදි මෙම අවස්ථාවට වැඩම කර සිටියා.

රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සෙනරත් බණ්ඩාර මහතා සහ විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් , රෝහල් අංශ ප්‍රධානීන් ඇතුළු කාර්යමණ්ඩලයේ විශාල පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වී සිටිනු දක්නට ලැබුණා.

මහියංගන මූලික රෝහලට අමතරව හුස්ම ව්‍යාපෘතිය යටතේ අද දින තවත් රෝහල් කිහිපයකට වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීම සිදු කිරීමට නියමිත බව ගරු විපක්ෂ නායකතුමා අප සමග ප්‍රකාශ කර සිටියා.

මහින්ද හෙට්ටිආරච්චි
මාධ්‍ය ඒකකය
මූලික රෝහල මහියංගන.

ස්තුතියි Round Table Sri Lanka..ආපදාවට පත් මහියංගන මූලික රෝහලේ භාවිතය සඳහා අත්‍යවශ්‍ය මෙට්ට තොගයක් පරිත්‍යාග කලාට..මීගමු...
26/12/2025

ස්තුතියි Round Table Sri Lanka..

ආපදාවට පත් මහියංගන මූලික රෝහලේ භාවිතය සඳහා අත්‍යවශ්‍ය මෙට්ට තොගයක් පරිත්‍යාග කලාට..

මීගමුව Round Table Sri Lanka ආයතනය මගින් අඩි 2 1/2 සහ අඩි 3 ප්‍රමාණයන් ඟෙන් මෙට්ට සියයක තොගයක් ඊයේ දින අප රෝහල වෙත පරිත්‍යාග කරනු ලැබුවා.

හානියට පත් රෝහල් ඇඳන් සඳහා මෙම මෙට්ට භාවිතයට ගැනීමට නියමිතයි.

මෙම කටයුත්ත සම්බන්ධීකරණය කරමින් සහයෝගය ලබාදුන් කසුන් ජයසුන්දර මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ නිලධාරීන් ඇතුළු සියලුම දෙනාට ස්තූතිවන්ත වන බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සෙනරත් බණ්ඩාර මහතා ප්‍රකාශ කර සිටියා.

එමෙන්ම රෝහලේ ප්‍රසව හා නාරිවේද ඒකකය සඳහා අවශ්‍ය Ultrasound scanner යන්ත්‍රයක්ද පරිත්‍යාග කිරීම සඳහා අවශ්‍ය අරමුදල් ලබාගැනීමේ ක්‍රියාවලියක විදෙස්ගත වෛද්‍ය වරුන් ඇතුළු කණ්ඩායමක් මේ වන විට නිරතවී සිටින බව එම සංගමයේ මහියංගන මූලික රෝහල් ශාඛාවේ සභාපති විශේෂඥ වෛද්‍ය රුවන් වික්‍රමසිංහ මහතා අප සමග පවසා සිටියා.

මෙලෙස දෙස් විදෙස් පරිත්‍යාගශීලි ඔබ ලබා දෙන සියලුම ප්‍රධානයන් නිසි පරිදි අදාල ශල්‍ය ද්‍රව්‍ය ගබඩාව හෝ සාමාන්‍ය පාරිභෝජ්‍ය ද්‍රව්‍ය ගබඩාව වෙත යොමු කර විධිමත් පරිදි ඉන්වෙන්ට්‍රි ගත කිරීම් වලින් පසුව ප්‍රමුඛතා අනුපිළිවෙලක් මත රෝහලේ විවිධ ඒකක කරා බෙදා දීමේ ඉතා පාරදෘෂ්‍ය කළමනාකරන ක්‍රමවේදයක් අප රෝහලේ අනුගමනය කරනු ලබනවා.

එබැවින් ඔබ ලබා දෙන සියලුම ප්‍රදානයන් අත්‍යවශ්‍යම පුද්ගලයින් සහ ස්ථාන කරා අනිවාර්යෙන්ම යොමු වන බව සඳහන් කළ හැකියි.

ගංවතුර හේතුවෙන් රෝහලට සිදුව ඇති ඉතා විශාල හානිදායක තත්ත්වයන් පූර්ණය කර ගනිමින් රෝගී සත්කාරක සේවාවන් කඩිනමින් යථාවත් කිරීමට ඔබ ලබා දෙන මෙම සියලු ප්‍රදානයන් අපට මේ මොහොතේ ඉතාමත් වැදගත් බවද අනිවාර්යයෙන්ම සඳහන් කළ යුතුයිමයි.

මහින්ද හෙට්ටිආරච්චි
මාධ්‍ය ඒකකය
මූලික රෝහල මහියංගන.

සුහද සහන සුභසාධක සමිතියෙන් ආපදාවට ලක්වූවන්ට සරණක්...මාතර ,කැකනඳුර ,බණ්ඩාරනායකපුර   සුහද සහණ සුභසාධක සමිතිය එම ප්‍රදේශයේ ...
25/12/2025

සුහද සහන සුභසාධක සමිතියෙන් ආපදාවට ලක්වූවන්ට සරණක්...

මාතර ,කැකනඳුර ,බණ්ඩාරනායකපුර සුහද සහණ සුභසාධක සමිතිය එම ප්‍රදේශයේ ජනතාව සමග එක්ව ගංවතුරින් හානියට පත් මහියංගන මූලික රෝහලට සහ බදුල්ල දිස්ත්‍රික්කයේ දුෂ්කර ප්‍රදේශවල පිහිටි ආපදාවට ලක් වූ පාසල් කිහිපයකට ආධාර උපකාර ලබාදීම පසුගියදා සිදු කෙරුනා.

ගංවතුරින් හානියට පත් අප රෝහලේ නේවාසික රෝගීන්ගේ ඇඳන් සඳහා අවශ්‍ය මෙට්ට 30 ක් රෝහල වෙත මෙහිදී පරිත්‍යාග කෙරුණු අතර බදුල්ල ප්‍රදේශයේ දුෂ්කර පාසල් කිහිපයක සිසු දරු දැරියන් වෙනුවෙන් අවශ්‍ය පොත්පත් ඇඳුම් පැළඳුම් සහ පාසල් උපකරණ තොගයක් ද අද දින එම ස්ථානවලදී බෙදා දීමට නියමිත බවයි ඔවුන් පැවසුවේ.

රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සෙනරත් බණ්ඩාර මහතාගේ මග පෙන්වීම පරිදි බාහිර රෝගී අංශයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී W.M වසන්ත කුමාර මහතා මෙම පරිත්‍යාගය රෝහල වෙත භාරගනු ලැබුවා.

ඉත දුරබැහැර මාතර ප්‍රදේශයේ සිට බදුලු පුරවරයට සහෝදරත්වය රැගෙන ආ සුහද සහණ සුභසාධක සමිතියට සහ එම සත් ක්‍රියාවට සහය දුන් ප්‍රදේශවාසී ඔබ සැමට අපගේ හෘදයාංගම ස්තුතිය.

මහින්ද හෙට්ටිආරච්චි
මාධ්‍ය ඒකකය
මූලික රෝහල මහියංගන.

මහියංගන මූලික රෝහලේ   ගංවතුරින් හානියට පත්  සියලු සේවාවන් යථාවත් කර අවසන්..දිට්වා සුළි කුනාටුව නිසා ඇති අධි වූ ගංවතුර තත...
24/12/2025

මහියංගන මූලික රෝහලේ ගංවතුරින් හානියට පත් සියලු සේවාවන් යථාවත් කර අවසන්..

දිට්වා සුළි කුනාටුව නිසා ඇති අධි වූ ගංවතුර තත්වය හේතුවෙන් දැඩි ලෙස හානියට පත් වූ මහියංගන මූලික රෝහලේ X- කිරණ ඒකකය සහ ශල්‍ය වෛද්‍ය වාට්ටු අද එනම් 2025/12/23 දින සිට නැවත සේවා ලාභීන් වෙනුවෙන් විවෘත කරනු ලැබුවා

ඒ සමගම රෝහලේ ගංවතුර තත්ත්වයට පෙර ලබා දුන් සියලු සේවාවන් මේ වන විට යථාවත් කර අවසන්.

මෙහි පළමු අදියර ලෙස හානියෙන් දින දෙකකට පසුව රුධිරකාන්දු කරන ඒකකය, බාහිර රෝගී අංශය, රසායනාගාර කටයුතු සහ සායන කටයුතු ආරම්භ කරන ලදී

ඉන් අනතුරුව පසුගිය දහවෙනිදා රෝහලේ නේවාසික රෝගීන් සඳහා වන වෛද්‍ය වාට්ටු , ළමා රෝග වාට්ටු, ප්‍රසව හා නාරිවේද වාට්ටු ක්‍රියාත්මක තත්ත්වයට ගෙනඑන ලදී.

එයින් අනතුරුව පසුගිය පහළොස්වැනිදා දැඩිසත්කාර ඒකකය , ප්‍රධාන ශල්‍යාගාරය සහ දන්ත ශල්‍යාගාරය නැවත යථාවත් කිරීමට හැකි විය.

එම ක්‍රියාන්විතයේ අවසාන පියවර වන X- කිරණ ඒකකයේ හානි වූ උපකරණ නැවත ප්‍රතිස්ථාපනය කරමින් එම ඒකකය සහ ඒ හා සබැඳි ශල්‍ය වෛද්‍ය වාට්ටු අද දින සිට (12-23) සේවා ලාභීන් සඳහා විවෘත වන බව රෝහල් අධ්‍යක්ෂකතුමා ප්‍රකාශ කර සිටියා.

මේ සඳහා හිඟුරක්ගොඩ මූලික රෝහලෙන් තාවකාලිකව ලබා ගන්න ලද රුපියල් කෝටි හතරකට ආසන්න වටිනාකමකින් යුත් X-කිරණ යන්ත්‍රයක් මහියංගන මූලික රෝහලේ ස්ථාපිත කෙරුණ.

මහියංගන මූලික රෝහල් රෝහල අධ්‍යක්ෂ වෛද්‍ය සෙනරත් බණ්ඩාර මහතාගේ ඉල්ලීම පරිදි ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකතුමා බදුල්ල, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකතුමා ඌව පළාත සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් තුමා සෞඛ්‍ය අමාත්‍යාංශය කොළඹ ඇතුළු සියලු අදාල අංශයන් මෙම කටයුතු සඳහා අවශ්‍ය මඟ පෙන්වීම සිදුකරන ලද අතර අත්‍යවශ්‍ය අවස්ථාවක මෙම සහය ලබාදුන් හිඟුරක්ගොඩ මූලික රෝහලටද විශේෂ ස්තුතියක් හිමිවනවා.

එමෙන්ම රෝහලේ එක්ස් කිරණ අංශයේ කාර්ය මණ්ඩලය පවතින වැසි තත්ත්වයන් නොතකා හිඟුරක්ගොඩ රෝහල වෙත ගොස් අදාළ අංශ සමග ඒකාබද්ධව එහි සවිකර තිබූ අදාළ යන්ත්‍රය ගලවා භූම් ට්‍රක් රථයක ආධාරයෙන් රැගෙන ඒමට කටයුතු කරනු ලැබුවා. එම කටයුතු කඩිනම් කිරීමට ලබා දුන් සහයෝගය පිළිබඳ එම අංශයේ කාර්ය මණ්ඩලයට විශේෂ ස්තුතියක් පිරිනමන බව රෝහල් අධ්‍යක්ෂකතුමා පවසා සිටියා. ( කෙසේ වෙතත් හානි යටපත් වූ රුපියල් ලක්‍ෂ 45 කට අධික වටිනාකමකින් යුතු X කිරණ ඡායාරූප මුද්‍රණ යන්ත්‍රයක් සහ පරිගණකයක් කඩිනමින් ලබා ගැනීමේ අවශ්‍යතාවය පවතී)

රෝහල් නේවාසිකාගාරවල පැවැති තම පෞද්ගලික බඩු බාහිර ආදිය ගංවතුරේ ගසාගෙන යද්දි කෝටි ගණන් වටිනා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ බොහොමයක් ආරක්ෂා සහිත ඉහළ මාලයන් වෙත රැගෙන යාමට රෝහල් කාර්ය මණ්ඩලය ගත් නිර්භීත උත්සාහයන් නිසා මහියංගන මූලික රෝහල කඩිනමින් සිය සියලු සේවාවන් නැවත ආරම්භ කිරීමට හැකියාව ලැබුණා.

එමෙන්ම ඌව පළාත් ගරු ආණ්ඩුකාරතුමා ඌව පළාත් ප්‍රධාන ලේකම්තුමිය, පළාත් පාලන කොමසාරිස් තුමා , සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළු පළාත් සභා කාර්ය මණ්ඩලයද , මහියංගන ආපදා කළමනාකරණ කමිටුව, ප්‍රදේශයේ සියලු රාජ්‍ය ආයතන, දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්, ත්‍රිවිධ හමුදාව ,පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ , ප්‍රදේශවාසී ජනතාව ඇතුළු බොහෝ දෙනෙක් ද මහියංගණ රජමහා විහාරයේ නායක මාහිමියන් ඇතුළු මහා සංඝරත්නය ද මෙම කටයුතු සඳහා අති විශාල සහයක් ලබා දෙනු ලැබුවා.

එමෙන්ම මෙම සියලු කාර්යයන්හිදී අවශ්‍ය මඟ පෙන්වීම් සිදුකරමින් කාර්ය මණ්ඩලය ධෛර්යමත් කරමින් මහියංගන මූලික රෝහල මෑත ඉතිහාසයේ මුහුණ දුන් බරපතලම ආපදා තත්ත්වයෙන් කඩිනමින් නැගී සිටීම සඳහා විශිෂ්ට නායකත්වයක් ලබා දුන් මහියංගන මූලිකරෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සෙනරත් බණ්ඩාර මහතා හට මෙන්ම

රෝහල් කටයුතු යථාවත් කිරීමට දායක වූ විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද පරිපූරක වෛද්‍ය , අතුරු වෛද්‍ය, සෞඛ්‍ය කාර්ය සහයක , නඩත්තු අංශ ඇතුළු සියළුම කාර්ය මණ්ඩලයටත් රෝහල් පාලන අංශය සහ මූල්‍ය අංශය ඇතුළු අනෙකුත් සියලුම අංශයන්හි කාර්ය මණ්ඩලයේ කැපවීමටද තුති මල් මිටක් පුදමින්..

මහියංගන මූලික රෝහල මෙතෙක් ලබාදුන් ආකාරයටම සිය සේවාවන් සේවාවන් ලබන පළාත් තුනකට අයත් දිස්ත්‍රික්ක හතක මහජනතාවකගේ සෞඛ්‍යමය සේවාවන් සුපුරුදු රිද්මයෙන් නැවත ආරම්භ කරමින් ගිලන් වූ දස දහස් ගණන් රෝගී ඔබ වෙනුවෙන් සුව සහනයන් ලබාදීමට මග බලා හිඳින බව දන්වා සිටිනවා...

මහින්ද හෙට්ටිආරච්චි
මාධ්‍ය ඒකකය
මූලික රෝහල මහියංගනය

අවතැන් වූ මියුගුණපුර ගිලන් හල සුවපත් කරවන්නට  දෙස් විදෙස් ආධාර රැසක් හිමිවන සුභ පෙරමග ලකුණු..දිට්වා සුලි කුණාටුව හේතුවෙන...
19/12/2025

අවතැන් වූ මියුගුණපුර ගිලන් හල සුවපත් කරවන්නට දෙස් විදෙස් ආධාර රැසක් හිමිවන සුභ පෙරමග ලකුණු..

දිට්වා සුලි කුණාටුව හේතුවෙන් ඇතිවූ ගංවතුර නිසා දැඩි ලෙස ආපදා තත්වයට පත් වූ මහියංගන මූලික රෝහල නැවත. පෙර තිබූ තත්ත්වයට වඩා ඉහල තත්ත්වයකට නඟා සිටුවීමේ මූලික සැලැස්මට අමාත්‍යාංශ අනුමැතිය හිමිව තිබේ.

අද දින රෝහලේ සංචාරයක යෙදුණු සෞඛ්‍ය අමාත්‍යංශ අතිරේක ලේකම් පාලන -1 ජනක ගුණවර්ධන මහතා සහ කොළඹ සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් - සැපයුම් දිනිප්‍රිය සහ නියෝජ්‍ය පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සී වීරකෝන් , රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සෙනරත් බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු කණ්ඩායමක් සහභාගිවූ විශේෂ සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කරන ලදී.

ඒ අනුව මහියංගන මූලික රෝහල වෙත මෙතෙක් විශාල අඩුපාඩුවක්ව පැවැති CT Scan ඇතුළු නවීන වෛද්‍ය උපකරණයන්ගෙන් සමන්විත විකිරණවේද දෙපාර්තමේන්තුවක් ,
විකලාංග ශල්‍ය වෛද්‍ය පහසුකම් මෙන්ම නවීන ශල්‍යාගාර පහසුකම් සහිත අංග සම්පූර්ණ සය මහල් ශල්‍ය වෛද්‍ය වාට්ටු සංකීර්ණයක් ඉදිකිරීමට නියමිත අතර,

මේ වන විට ස්ථාන කිහිපයක අසීරුවෙන් පවත්වාගෙන යන සියලු සායන හා ඖෂධ ලබාදීමේ කවුන්ටරයන් , පුනරුත්ථාපන සේවා , උපදේශන සේවා කටයුතු ඇතුළු සායනික රෝගීන් සඳහා අවශ්‍ය සියලු පහසුකම් සහිත පස්මහල් සායන සංකීර්ණයක් , ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල මහල් පහකින් සමන්විත ඖෂධ ගබඩා සංකීර්ණයක් මෙන්ම දන්ත ශල්‍යාගාරය සහ රෝහලේ අනෙකුත් ප්‍රධාන අංශ රැසක් සඳහා පහසුකම් සපයන දෙපාර්තමේන්තු, ඒකක සහ කාර්යාල සඳහා වන පහසුකම් සැපයිය හැකි වන පරිදි ඉදිකරනු ලබන සිව් මහල් ගොඩනැගිලි සංකීර්ණයක්ද ඇතුළු නව ගොඩනැගිලි සංකීර්ණ 4 ක් මෙම නව සැලැස්මට ඇතුළත්ව තිබේ.

මෙයට අමතරව වෛද්‍ය රසායනාගාර සේවාවන් පුළුල් කිරීම බෞතචිකිත්සක ප්‍රතිකාර කටයුතු, වෘත්තීය චිකිත්සක ප්‍රතිකාර කටයුතු, කථන චිකිත්සක ප්‍රතිකාර කටයුතු ඇතුළු සමාන්තර සේවා කටයුතු සංවර්ධනය කිරීමේ සැලසුම්ද සකස් කර තිබේ.

එමෙන්ම රෝහලේ අභ්‍යන්තර මාර්ග පද්ධතිය වැඩිදියුණු කිරීම, අභ්‍යන්තර දුරකථන පද්ධතිය ඇතුළු අභ්‍යන්තර සන්නිවේදන පද්ධතිය වැඩි දියුණු කිරීම, රෝහල වෙත Oxygen Concentrator System හෙවත් රෝගීන්ට ප්‍රතිකාර සඳහා අවශ්‍ය ඔක්සිජන් වායුව කාර්මික මට්ටමෙන් නිපදවීමේ පද්ධතියක් ස්ථාපනය කිරීම පසුගියදා ආපදාවේදී මුහුණ දුන් ආකාරයේ සන්නිවේදන බාධාවන් අවම කිරීම සදහා උපකාරී විය හැකි Star link වැනි චන්ද්‍රිකා සන්නිවේදන පහසුකම් ස්ථාපිත කිරීම, වෛද්‍ය උපකරණ සහ අනෙකුත් සාමාන්‍ය නඩත්තු කටයුතු සඳහා පහසුකම් සැපයිය හැකි ජීව වෛද්‍ය ඉංජිනේරු ඒකකයක් සහ අංග සම්පූර්ණ අභ්‍යන්තර නඩත්තු ඒකකයක්, Daycare and Elderly care center ආදී ව්‍යාපෘතීන් මෙන්ම,

විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද , පරිපූරක වෛද්‍ය සහ අතුරු වෛද්‍ය, සෞඛ්‍ය කාර්ය සහායක ඇතුළු සියලුම කාර්යමණ්ඩල සඳහා රෝහල තුළ රැඳී සිටීමේ පහසුකම් සහ සුභසාධන පහසුකම් ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ආදී කටයුතුද ඇතුළත්ව...

රෝහල් අධ්‍යක්ෂකතුමා විසින් පත් කරන ලද විශේෂ ව්‍යාපෘති කමිටුව විසින් ඉහත කී රෝගී සත්කාරක සේවාවන්හි ගුණාත්මක භාවයට බලපාන ක්ෂේත්‍ර සියල්ලක්ම ආවරණය වන පරිදි සකස් කර පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත යොමු කරන ලද ව්‍යාපෘති වාර්තාවට අනුව මෙම කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට නියමිතයි.

මෙම සියලු ගොඩනැගිලි සංකීර්ණ ජලගැලීම් , ආදී ස්වාභාවික ව්‍යසන තත්ත්වයන්හිදී රෝගීන්ට සහ කාර්ය මණ්ඩලයට මෙන්ම අතිශය වටිනාකමකින් යුත් වෛද්‍ය උපකරණ /ඖෂධ තොග වලටද කිසිදු හානියක් සිදු නොවන ආකාරයට සැලසුම් කිරීමට මෙහිදී විශේෂ අවධානය යොමු කර තිබෙනවා.

මෙම සමස්ත ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 3.4 කට අධික මුදලක් වැය වෙතැයි ගණන් බලා තිබේ. මෙම මුදල ශ්‍රී ලංකා රජය මගින් හෝ එසේත් නොමැති නම් ජාත්‍යන්තර ප්‍රධානයක් මගින් හෝ ලබා ගැනීමට අපේක්‍ෂිතයි.

අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පැවසූ ආකාරයට විනාශ වූ ජීවිත හැර අන් සියලු දෑ කලින් පැවති මට්ටමකට වඩා ඉහළ මට්ටමකට ඔසවා තැබීමේ ජාතික ක්‍රියාන්විතයේ එක් පියවරක් ලෙස ..,

ගංවතුර තත්ත්වයෙන් දැඩි ලෙස හානියට පත් වූ හලාවත දිස්ත්‍රික් මහ රෝහල සහ මහියංගන මූලික රෝහල ඇතුළු රෝහල් හතරක් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ මෙලෙස සංවර්ධනය කිරීමට නියමිතයි.

එමෙන්ම මෙම ස්වාභාවික ව්‍යසනයේදී අප ධෛර්යමත් කරමින් කඩිනමින් රෝහල් සේවාවන් යථාවත් කිරීමට සහයෝගය ලබා දුන් ඌව පළාත් සභාවේ ගරු ආණ්ඩුකාරතුමා , පළාත් ප්‍රධාන ලේකම්තුමිය, ඇතුළු ඉහල නිලධාරීන් මෙන්ම

පළාත් සෞඛ්‍ය ලේකම් තුමා, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකතුමා සහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකතුමා ඇතුළු ඌව පළාත් සභාවට අයත් අනෙකුත් සියලු අංශයන්ගේ නොමඳ සහයද මහියංගන මූලික රෝහල සංවර්ධනය කිරීමේ මෙම නව ව්‍යාපෘතීන් සඳහා හිමි වනු ඇතැයි තමා විශ්වාස කරන බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සෙනරත් බණ්ඩාර මහතා ප්‍රකාශ කර සිටියා.

එබැවින් සුළි කුණාටුවෙන් හා ගංවතුරින් බිඳී ගිය මියුගුණ පුර ජනතාවගේ සිත් සතන් සහ හදවත් නැවත සුවපත් කරවන්නට අවැසි වූ ගුණාත්මක සෞඛ්‍ය සේවාවක උපරිමය ලබාදෙන්නට ඉදිරියේදී මෙම සියලු පහසුකම් සමගින් පෙරටත් වඩා ජවයකින් යළි පිබිදෙන මහියංගන මූලික රෝහලට ( නොඑසේනම් නුදුරු දිනක දීම බිහිවීමට නියමිත මහියංගන දිස්ත්‍රික් මහ රෝහලට ) හැකිවේවායි යන්න අප සියළු දෙනාගේම ප්‍රාර්ථනයයි..

මහින්ද හෙට්ටිආරච්චි
මාධ්‍ය ඒකකය
මූලික රෝහල - මහියංගන.

Address

Badulla Road
Mahiyangana
90700

Alerts

Be the first to know and let us send you an email when Base Hospital Mahiyangana - මුලික රෝහල මහියංගණය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category