21/11/2023
යතුරු පැදිවල යන අයට දැනුවත් වීමට..!👀👀👀👀
උදේ හවස බයික් පදින අයට වෙන වදයක් තමයි කොස්සෝ කියන කෘමි විශේෂය ඇහැට යන එක. ඒකා ඇහැට ගියහම හරිම දැවිල්ලක් එන්නේ. ඒ වෙලාවට ඇහැ අතින් පොඩි කෙරෙන්නේ හිතා මතාම නොවේ.
කාලයක් ඉදලා මගේ ඇහේ වේදනාවක් දැනුනා , වෙලාවකට කදුලු එනවා , වෙලාවකට ඇහැ කැවෙනවා වගේ. ගෙදර අයට බලන්න කිව්වහම ඒ අය කියන්නේ ඇහේ මුකුත් නැහැ කියලා. ඉතින් මමත් හිතුවේ කණ්නාඩියේ දෝෂයක් කියලා , ඒ වගේම නිතරම ෆෝන් එකේ ඉන්න එකත් මට ආව චෝදනාවක්. 🤣🤣ඉතින් මගේ දෛනික වැඩ වලට මේ අපහසු තාවය මටත් එච්චර ගානක් උනේ නැහැ.
දැන් සතියක පමණ ඉදලා ඇහෙන් කදුලු එන එක වැඩි උනා. වේදනා ගතියත් , ඇහැ කැවෙන එකත් වෙනදාට වඩා වැඩියි. ඊයේ උදේ මම හොරණ ගිහින් ඒ ගමන් මල්ලිගේ ගෙදර ගියා. ඒ යනකොටත් ඇහේ කදුලු. එයා ඒ ගැන විස්තර අහලා එයත් ඇහැ බැලුවා , එයාටත් පේන්න කිසි දෝෂයක් තිබුනේ නැහැ. කෝකටත් එයා එයාගේ ෆෝන් එකෙන් ඇහේ ෆොටෝ එකක් අරන් බැලුවා. ඒක දැක්කහම ඇගට හීන් දාඩිය දැම්මා. කලු ඉංගිරියාවේ කිනිතුල්ලෙක් වගේ සතෙක් ඉන්නවා. එවෙලෙම හොරණ රෝහලේ අක්ෂි සායනයට ගියා.
එතනදි එතන හිටිය වෛද්‍යවරයා ඇහැ හොදින් පරීක්ෂා කර එය කිනිතුල්ලෙක් නොවන බවත් ඇහැට ගිය කෘමියෙකුගේ ගැලවී ගිය පියාපතක් ඇහේ කලු ඉංගිරියාවට ඇලී එය මේ වන විට හාවී ඇති බවත් පවසා සිටියා. සියුම් සැත්කමකින් දැන් එය ඉවත් කර තියෙන්නේ.
මේක මම මේ තනි ඇහෙන් කෙටුවේ 🤣🤣 තවත් කාට හරි මේ අත්දැකීම ප්‍රයෝජනවත් වෙයි කියලා හිතුන නිසා. විශේෂයෙන් බයික්වල යන අය ඇහැට කොස්සෙක් ගියොත් බලාගෙන.
උපුටා ගැනීම
අන්තර්ජාලයෙන්