15/11/2025
අපි දවස් 14ක් සීනි ආහාර හා සීනි අඩංගු කාබෝහයිඩ්‍රේට් තියෙන ආහාර අඩු කරොත් මොකද වෙන්නෙ බලමුද?????
නිරෝගී වැඩිහිටි පුද්ගලයකුගේ දෛනිකව ගන්න පුලුවන් සීනි වල සීමාව සාමාන්‍යයෙන් තේ හැදි 6ක් ලෙස සලකනවා..✅
සාමාන්‍යයෙන් sugar කන්න වැඩිපුරම ආසා කරන්නෙ ගෑල් ළමයි තමයි..වැඩ වැඩි උනත්, stress උනත් සීනි තියෙන sweets මොනාහරි කන්න හොයනවා නේද..🤪 සීනි කියන්නෙත් එක්තරා විදියක ඇබ්බැහි වීමක්..ගොඩක් අයට මේකෙන් මිදෙන්න බැරිවෙන්නෙ මෙන්න මේ කියන addiction එක නිසා...ඔයා සීනි තියෙන පැණිරස ආහාර ගත්තම ඔයාට ලොකු ප්‍රබෝධයක් වගේ දැනෙනනම් ඔයා දැනටම සිනි වලට ඇබ්බැහිවෙලා තමයි.. ඔයාගෙම අතේ තමා තියෙන්නෙ නතර කරගන්න එක. ඔයා ඔයාටම challenge කරමු එහෙනම් 💪💪
🚫 නවත්තන්න ඕන ආහාර මොනවද???
සීනි, පිටි කෑම, අතුරුපස, පාන වර්ග කන බොන එක සම්පූර්ණයෙන් නවත්වන්න වෙනවා..තවත් කිව්වොත් added sugar තියෙන ආහාර, ඒ කියන්නෙ ice cream, cake, cookies, pastries,බීම වර්ග, සෝස් වර්ග, Instant noodles, පාන් වර්ග වගේ ඒවා නතර කරන්නම වෙනවා...මොකද carbohydrates කියන්නෙත් සීනිම තමා ළමයි..
💪 මුලින්ම ඔයාගෙ තේ එකෙන් , ඒ වෙලාවට කන බිස්කට් එකෙන් පටන් ගන්න.දවසෙන් දවස ගන්න ප්‍රමාණය අඩු කරන් යන්න. එකපාරම කරන්න පුලුවන් අය එහෙම කරන්න.
💪 දවස් 3,4ක් යද්දි ඔයාට මේක අමාරුයි වගේ දැනිලා මොනාහරි කන්න හිතෙන්නම පුලුවන් .ඒත් අල්ලන් ඉන්න. හිටියොත් ඔයාට තේරෙයි ඔයා මේකට හුරුවෙනවා කියලා. ඔයාට ප්‍රධාන වේල් වල අතරමැදදි වෙනදට එන බඩගින්නත් නැතිවෙලා යනවා මේක කරොත්. ඔයාට වෙනදට හැමවෙලේම කන්න ඕන කියල හිතෙන්නෙත් මෙන්න මේ සීනි වලට තියෙන ඇබ්බැහි වීම නිසාම තමයි. ඉතින් sugar නතර කරන්න ගත්තම ඔයාට බඩගිනි වෙන එක වෙන්නෙත් අඩුවෙන්.මේ විදියට දවස් 14 යනකම් අල්ලන් ඉන්න...
💪 මුල් දවස් 3-5 අල්ලන් ඉන්නම වෙනවා. මේ කාලයේදී තමයි ඔයාට සීනි ඕනම කියල දැනෙන්නෙ. ඒ වගේම සීනි නැතිවෙද්දි ඔයාට කේන්ති යනව වගේම හිසරදයක්, මහන්සි ගතිගක්, කලබලකාරී ගතියක් උනත් ඇතිවෙන්න ඉඩ තියෙනවා.ඒක වෙන්නෙ අපේ ශරීරය අලුත් දේකට සූදානම් වෙද්දි. ඒක සාමාන්‍ය තත්ත්වක්.
💪 ඒකත් එක්කම තෙල් අදික කෑම, junk foods ඒ කියන්නෙ ඔය ක්ෂණික ආහාර වර්ගත් අඩුකරගන්න පුලුවන්නම් results තවත් ඉක්මනට බලාගන්න පුලුවන් ❤️💪
ඔයාගෙ හිත තමයි ඔක්කොම... දවසෙන් උනත් කරන්න පුලුවන් ඕනකමක් තියෙනවනම් 💪💪💪
🚫 දවස් 14න් පස්සෙ මොකද කරන්න ඕනේ???
මේ වෙද්දී ඔයාලට ලොකු වෙනසක් දැනෙයි..ඒ නිසා 15 වෙනි දවසෙ ඉඳන් පිස් සෙක් වගේ කන්න ගන්න එපා..පාලනයකින් යුතුව කන්න...කොහොමත් මේක හරියට කරපු කෙනෙක්නම් ආයේ කලින් වගේ සීනි කන්නෙ නෑ කියල sure...
🚫 ආහාරයට ගන්න හොඳ මොනවද???
☑️ මේකාලයේදි වතුර බොන එක අනිවාර්යයි..
☑️ රතු හාල් බත් කන්න පුලුවන්නම් ගොඩක් හොඳයි..
☑️ ගෝවා, නිවිති,කැරට්,බෝන්චි, බ්‍රොකොලි,මෑකරල් වගේ එලවලු
☑️ ඇපල්, දොඩම්,ස්ට්‍රෝබෙරි, මිදි, අලිගැටපේර වගේ පලතුරු.
☑️ කඩල, කව්පි, මුංඇට වගේ ඇට වර්ග
☑️ බතල වර්ග
☑️ මස්, මාලු, බිත්තර වගේ ප්‍රෝටීන ආහාර
ඉතින් මේවා උනත් සාමාන්‍ය ගානට ගන්න හරිද.....වෙනදට වඩා වැඩිපුර ගන්න එපා..❌
ඇඟේ සීනි අඩු අය, විවිධ රෝග වලින් පෙලෙන, බෙහෙත් බොන අය මේව කරන්න එපා.. ❌ වෛද්‍ය උපදෙස් ලබාගෙනම කරන්න..
⚠️ මේ තියෙන්නෙ සීනි වලට තියෙන ආසාව අඩුකරගන්න tips ටිකක්.
✅ මුලින්ම, පැනිරස කෑමක් කන්න ඕනෙමයි කියල හිතෙද්දිම හොඳ වතුර වීදුරුවක් බොන්න. ඔයා ගොඩක් තිබහෙ ඉන්නවනම් පැණිරස කන්න ආසාවක් ඇතිවෙන්න පුලුවන්.
✅ කෝපි, තේ වලට සීනි දාලා බොන එක නවත්තන්න. බීම වර්ග වලින් ඈත්වෙන්න.
✅ බඩගිනි උනාම පැනිරස වලට නොයා ප්‍රෝටීන, healthy fats එකතු කරගන්න. මේකෙන් බඩගින්න උනත් පාලනය වෙනව. ඔයා සීනි කෑවොත් වෙන්නෙ ආයෙ ආයෙම ඉක්මනටම බඩගිනි වෙන එක
✅ එලවලු, පලතුරු,ධාන්‍ය වලට පුරුදු වෙන්න.
✅ Stress වෙලාවට ඔයාල ගොඩක් අයට පැණිරස ඕන වෙනවා නේද.. එහෙම වෙලාවට මොනවහරි කන්නම ඕනෙනම් පලතුරක් කන්න පුරුදු වෙන්න. ගෙදර මොනවහරි පලතුරක් තියාගන්න එක පුරුද්දක් කරගන්න.
✅ වැදගත්ම දෙයක් තමයි ආහාර මිලදී ගනිද්දි අනිවාර්යයෙන් label එක බලන්න. ඒකෙ තියෙන color codes බලන්න පුරුදු වෙන්න.Traffic light system කියල අපි හදුන්වන්නෙ අන්න ඒක.. රතු, කොල , කහ පාට වලින් තියෙන්නෙ අන්න ඒක.
ඒකෙන් ඔයාලට බලාගන්න පුළුවන් ඒ product එකේ 100g වල තියෙන සිනි, ලුණු, මේද ප්‍රමාණය ගැන. ඉතින් මෙන්න මේකෙ sugar කියන එක රතු පාටින් මාක් වෙල තියෙනවනම් ඒ කියන්නෙ sugar content එක ඉහළයි කියලා.
අද ඉඳන් ඔයාලා ආහාර මිලදී ගන්නකොට මෙන්න මේ චූටි පුරුද්ද ඇතිකර ගන්න.. බැලුවොත් ඔයාලට තේරෙයි චොකලට් , බිස්කට් , soft drinks, ice cream වගේ අපි නිතරම කන ආහාර mark වෙලා තියෙන්නෙ රතු පාටින් කියලා..
✅ ගෙදරට පැනිරස ආහාර ගේන එක පුලුවන් තරම් අවම කරන්න.. තිබ්බොත්නෙ ඔයාල කන්න හදන්නෙ නේද.අතමානෙන් තියෙද්දි අරන් කන්න විතරනෙ තියෙන්නෙ. ඒ නිසා ගෙදරට මේව ගේන එක අඩුකරන්න ගන්න..
සීනි cut කරාම මොකද වෙන්නෙ?????🌚
📍Pimples, Acne තත්ත්ව අඩු වෙලා යනවා..
සීනි වැඩිවීමත් එක්කම ශරීරයේ තියෙන hormones ස්‍රාවය වැඩිවෙනවා. සීනි control කරන්න බලපාන ඉන්සියුලින් හෝමෝන ස්‍රාවය ඇඩිවීමත් එක්කම pimples වැඩිවීමද සිද්ධ වෙනවා.සීනි පාලනය කරාම ඉන්සියුලින් ස්‍රාවය වෙන එක අඩුවෙලා acne, pimples අඩුවෙලා යනවා.
📍මුහුණේ තියෙන රැලි ඒ කියන්නෙ wrinkles අඩුවීම පාලනය කරනවා..
මොකද සීනි තමා අපිව ඉක්මනට වයසට යවන්න හේතුවෙන ප්‍රධානම කෑම වර්ගය වෙන්නෙ.තරුණ පෙනුම රැකගන්න නම් ඉස්සල්ලම කරන්නෙ ඕනෙ කෑම වලින් සීනි කපා හරින එක. මේක වෙන්නෙ මෙහෙමයි. සීනි මගින් ප්‍රධානවම අපේ තරුණබව ට හේතුවෙන කොලැජන් විනාශ කරන නිසා සීනි කෑවම හමේ තියෙන ඇදෙනසුලු බව නැතිවෙලා රැලි ඇතිවෙන්න පටන් අරන් ඉක්මනින් වයස පෙනුමක් ලබාදෙන්න හේතුවෙනවා..
📍දවස් 7-10 වගේ කාලයක් යද්දි මූණට glow එකක් ලබා දෙනවා..
📍ඔයා මහත කෙනෙක්නම් ශරීර බරෙහි පැහැදිලි වෙනසක් බලාගන්නත් පුලුවන්..බඩ අඩුකරගන්න පුලුවන්...
ඒක වෙන්නෙ මෙහෙමයි .සීනි වැඩිවීමත් එක්ක ඉන්සියුලින් ස්‍රාවය වැඩිවෙලා ඒ මගින් වැඩිපුර තියෙන සීනි මාංශ පේශි වල අක්මාව වගේ ඒවවල තැන්පත් කරනවා ග්ලයිකොජන් විදියට..මේව තමයි අන්තිමේ මේදය (Fat) බවට පත්වෙන්නෙ.
Sugar cut කරාම ලේවල තියෙන සීනි මට්ටම අඩු නිසා ශරීරයට ශක්තිය නිපදවන්නෙ අර තැන්පත් උන් Fat burn කරලා තමයි..මූණෙ තියෙන, ඇගේ, බඩේ තියෙන fat අඩුවෙලා තමයි ඒක වෙන්නෙ.
📍සීනි වැඩිවීම එක්ක පෙනීමේ තත්ත්වයන්ද අඩුවෙන නිසා සීනි අඩු කිරීමත් එක්ක පෙනීම කලින්ම වඩා වැඩිවෙන්න ලොකු ඉඩක් තියෙනවා.
📍දත් වල නිරෝගීබවටද සීනි cut කරන එක ඉතාම වැදගත්..
📍සීනි cut කරාම මතක ශක්තියද වැඩිවෙනවා..
📍සීනි කෑමට ඇති ආශාව අඩුවෙලා යනවා..
📍බඩගින්න අඩු වෙනවා..
📍මහන්සි දැනෙන එක අඩුවෙනවා..
📍ආතතිය නැතිවෙලා සන්සුන් ගතියක් දැනෙනවා..
📍ආසාදන තත්ත්වයන් වලින් වැලකෙනවා..
📍සුවදායි නින්දක් ලැබෙනවා..
📍අක්මාවේ මේද තැන්පත් වන ප්‍රමාණය සැලකියයුතු මට්ටමකට අඩුවෙනවා..
සරලවම කිව්වොත් ඔයාගෙ මනස, සම, ශරීරයම සුවපත් වෙනවා.. 💪❤️ මේක කරලම බලන්න ළමයි..මේ benefits අනිවාර්යයෙන්ම ලැබෙනවා.
‼️සීනි වැඩිඋනාම ඇතිවෙන ලෙඩරෝග අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ නේද...මූලිකවම දියවැඩියාව, හෘදයාබාධ වැනි රෝග වලට හේතුවෙනවා. අක්මාවේ තෙල් තැන්පත් වීමද වැඩිවීම සිදුවෙනවා.
කෙට්ටු අයට මේක කරන්න හොදද ? 🤔🤔 තව කෙට්ටු වෙනවද? 👀👀👀 මේක ගොඩක් අය අහල තිබ්බ ප්‍රශ්නයක්...⭕️
ඔව් තරමක් කෙට්ටු වෙන්න පුලුවන්. ඒක depends.හැබැයි ගොඩක්ම කෙට්ටු වෙන්නෙ ඇගේ Fat ගොඩක් තැන්පත් වෙලා තියෙන අය තමයි. මොකද කෙට්ටු අයගෙ දියවෙන්න තරම් Fat ශරීරයේ නොතිබෙන නිසා.
Weight loss වෙන ප්‍රමාණය වෙනස් වෙනව ඔයා ගන්න සීනි ප්‍රමාණය මතත්. ඔයා දැනට අඩු සීනි ප්‍රමාණයක් කනවනම් weight loss වන ප්‍රමාණය අඩුයි. ඒ වගේම ඔයාගෙ දැනට ගන්න කෑම ප්‍රමාණය, Calorie intake එක, Activity level එක මතත් කෙට්ටු වෙන ප්‍රමාණය අඩු වැඩි වෙනවා.
ඉතින් කෙට්ටු අයත් no sugar challenge එක කරාට කිසිම ප්‍රශ්නයක් නෑ. කරන්න ඕනෙ එකම දේ තමයි sugar වලින් තොර , පෝෂක සපිරුණු ආහාර වේලක් ගන්න එක. 🫶
ඔයා ඔයාගෙ මහත තියාගෙන ඉන්නෙ පැණිරස, පිටි කෑම කාලද? ඒවා කාල මහත් වෙනව කියන්නෙ Healthy Weight Gain එකක් නෙමේ..ඒ නිසා කවුරුහරි සීනි කෑම කන්නෙ මහත් වෙන්න බලාගෙනනම් ඒක ගොඩක්ම නරක පුරුද්දක්. ඒ වෙනුවට ඔයාට පුලුවන් Healthy විදියට මහත් වෙන්න ඔයාගේ ආහාර වේලවල් සකස් කරගන්න.. 💪 සීනි limit කරල weight gain කරන්න healthy ආහාර රටාවකට යන්න.
ඉතින් අමාරුවෙන් හරි සති දෙක කැප කරොත් ඉබේම ඔයාලට සීනි ගැන තියෙන ආසාව අඩුවෙලා යනවා sure 💪
ඔයාලා ආසයි නේද අනික් අය අනේ ඔයා ලස්සන වෙලා, පැහැපත් වෙලා, මූණට glow එකක් ඇවිල්ල, බඩ අඩුවෙලා, කෙට්ටුවෙලා කියනවට..😇🥰 මේ දේවල් ඇත්තටම අහගන්න ඕනෙනම් අමාරුවෙන් හරි මේ දේ පටන්ගන්න.. හිතාගන්නවත් බැරි තරම් results හම්බෙයි..🫶❤️
ඒ වගේම අඩුම අවුරුද්දකට පාරක්වත් ඔයාගෙ sugar, cholesterol check කරන එක පුරුද්දක් කරගන්න. ✅
Challenge එක බාර අරන් try කරල බලලම Results කියන්න..කරපු අය ඉන්නවනම් comment කරන් යන්න අනික් අයට motivation එකක් විදියට.. ❤️🙏 බෑ බෑ කිය කිය ඉන්න එපා.. බෑ කියල හිතුනොත් බෑම තමයි.
ඉතින් ඔයාගේ යාලුවෙක් එක්ක No Sugar Challenge එක කරමුද...😎
- COPIED -