Kasun Rajapaksha

Kasun Rajapaksha Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kasun Rajapaksha, Mental Health Service, Matara.

**“ළමයි වෙනස් වෙලාද?නැත්නම් අපි තවම පරණ lens එකෙන් බලනවද?”**📅 ජනවාරි 8 | බ්‍රහස්පතින්දා⌛ ශ්‍රී ලංකාවේ වෙලාවෙන් රාත්‍රී 0...
05/01/2026

**“ළමයි වෙනස් වෙලාද?

නැත්නම් අපි තවම පරණ lens එකෙන් බලනවද?”**

📅 ජනවාරි 8 | බ්‍රහස්පතින්දා
⌛ ශ්‍රී ලංකාවේ වෙලාවෙන් රාත්‍රී 08.00ට
⏰ පැය 1
💻 Zoom – (සම්පූර්ණයෙන්ම නොමිලේ)

👉 ළමයිගේ හැසිරීම් දෝෂයක් නොව
👉 මනසෙන් එන පණිවිඩයක් ලෙස තේරුම් ගන්න



අද බොහෝ දෙමාපියන්
ළමයින්ගේ පුරුදු, හැසිරීම්, කෝපය, නිහතමානීභාවය,
screen වලට ඇලී සිටීම වැනි දේවල් නිසා
මහත් පීඩාවකින් ජීවත් වෙනවා.

මනෝ උපදේශකවරයකු ලෙස
මම නිරන්තරයෙන් දකින්නේ,
👉 මේ පීඩාව දෙමාපියන්ට පමණක් නොව
👉 ළමයින්ටත් ගොඩක් බරක් වෙලා තියෙන බවයි.

බොහෝ වෙලාවට
“ළමයා වැරදියි” කියන තැනින් කතාව පටන් ගත්තත්,
ඇත්තටම එතන තියෙන්නේ
👉 නොතේරුම් ගත් මනසක්
👉 ආරක්ෂාව හොයන හැසිරීමක්
👉 කතා කරගන්න බැරි හැඟීම් වෙන්න පුළුවන්.



ඉතින් මේ වැඩසටහන තුළ,
📌 ළමයින්ගේ හැසිරීම් මනෝවිද්‍යාත්මකව
📌 දෝෂ ලේබල් නැතුව
📌 වත්මන් ලෝකයට ගැලපෙන lens එකකින්
පැහැදිලි කරලා කතා කරනවා.

මේක lecture එකක් නොව,
👉 දෙමාපියන්ට තේරුම් ගන්න පුළුවන්,
👉 ගෙදරදි ඇත්තටම භාවිතා කරන්න පුළුවන්
දැනුමක් බෙදාගන්න session එකක්.



👨‍👩‍👧‍👦 වයස අවුරුදු 05–18 අතර දරුවන් ඉන්න
දෙමාපියන්ට ඉතාම වැදගත් වැඩසටහනක් මෙය.

💬 Comment section එකට
WhatsApp channel link එක යොමු කර ඇත.
👉 අදාල දිනයේ Zoom link එක එම channel එක හරහා ලබා දෙනු ඇත.



Psychological Counselor
Kasun Rajapaksha
කසුන් රාජපක්ෂ

🤨රංඩුව ඇරඹෙන්නේ කොහෙන්ද ඇත්තටම.. ? බොහෝ විට රංඩුව පටන් ගන්නෙ ලොකු සිද්ධියකින් නෙවෙයි.🥹පොඩි වචනයකින්..🥹කතා කරන විලාශයේ වෙ...
04/01/2026

🤨රංඩුව ඇරඹෙන්නේ කොහෙන්ද ඇත්තටම.. ?

බොහෝ විට රංඩුව පටන් ගන්නෙ ලොකු සිද්ධියකින් නෙවෙයි.

🥹පොඩි වචනයකින්..
🥹කතා කරන විලාශයේ වෙනසකින්..
🥹reply ප්‍රමාද වීමෙන්..
🥹අවදානය අඩු උනා කියන හැඟීමක් හේතුවෙන්..

නමුත් ඔවුන්ගේ මනස එය නැවත හදුනා ගන්නෙ එහෙම නැත්නම් නැවත තේරුම් ගන්නෙ මෙන්න මේ විදියට..

🤔ඔහු/ඇය දැන් මාව අතහැර දමන්න සූදානම් වෙලා ඉන්නෙ..
🤔මට වටිනාකමක් නැහැ..
🤔මම තනි වෙයි..

මේ තත්ත්වය බොහෝ විට හට ගන්නෙ වර්තමානයේ ඇති වෙන දේ මත නෙවෙයි, ඔවුන්ගේ පරණ මතක පරණ අද්දැකීම් සක්‍රීය වීමෙන්..

පරණ මතක වලට ආපසු යාම සිද්ධ වෙනවා, මෙතන වැදගත් සංකල්පයක් තියනවා.

🫵ඔවුන් තුළ ළමා කාලයේ සහ පෙර සම්බන්දතාවල

අතහැර දමන ලද
නොසලකා හරින ලද
ආරක්ෂාව නැතිව හිටපු මානසික තත්වයන් වල

ඇති වෙච්ච හැගීම් අතාර්කික ලෙස නැවතත් සක්‍රීය වෙන්න ගන්නවා.. එනම් වර්ථමානයට අදාළ නොවන ලෙස/ඒ මොහොතට නොගැලපෙන ලෙස..

එතකොට..

Partner=තර්ජනයක්
අතීතය=අනාගතය
ආරක්ෂාව ඇති=ආරක්ෂාව නැති

මේ නිසා ඔවුන් විසින් සටන් කිරීමේ මානසික තත්ත්වයකට යනවා.

සටන් කිරීමේ මානසිකත්වයකට යාම කියන්නේ ඇතුළතින් ඔවුන් ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යාවයක්.

ඔවුන්ගේ ස්නායු පද්ධතිය මේ සිදු වන දේවල් සමස්තයක් ලෙස තේරුම් ගන්න දන්නෙ නැහැ. මේ තුළ ඇති අන්තර් සම්බන්දතා තේරුම් ගන්න දන්නෙ නැහැ. වෙන වෙනම ඒවාට ප්‍රතිචාර දක්වනවා.

මේ තත්ත්වය මග හරින්න මෙයින් පලා යන්න දන්නෙ නැහැ.

ඔවුන් දන්න එකම දේ, ඔවුන් පුරුදු වෙලා තියන එකම දේ තමයි සටන් කිරීම. Fight

Fight mode එක activate වෙන්නේ ඔවුන් නරක නිසා නෙවෙයි, ආරක්ෂාව නැහැ කියලා ස්නායු පද්ධතිය ලබා දෙන signal එක නිසා..

ඒ නිසා ඔවුන්

🤨කෑ ගහනවා.
🤨පහර දෙනවා.
🤨පරුෂ වචන කියනවා.

මේක ඇත්තටම ප්‍රහාරයක් නෙවෙයි. මේක ඔවුන් තුළ ඇති වන භීතිකාවට දක්වන ප්‍රතිචාරයන්.

🫵🫵ඔවුන් තුළ තිබෙන්නෙ කලු සුදු ලෝකයක් එනම් විසිරුණු චින්තනයක්

මෙවැනි තුවාල ඇති අයට තමන් තුළ තිබෙන සුදු කලු මානසික තත්ත්වය දරා ගන්න බැහැ.

🤨🙃හොදම කෙනා තවත් වෙලාවක නරකම කෙනා වෙනවා.
🙃🤨ඔයා මගේ කියනවා තවත් වෙලාවක ඔයා තමයි මාව විනාශ කරන කෙනා කියනවා.
🤨🤨ආදරය තවත් වෙලාවකට වෛරය ද්වේෂය පලි ගැනීම වෙනවා.

හොදින් ඉන්නකොට එහි උපරිමයෙන් ඉන්නවා වගේම නරකින් ඉන්න විට එහි නරකම කෙනා භයානකම කෙනා වෙනවා.

මේකට කියන්නේ එකම කෙනා ගැන හැඟීම් ආකල්ප ප්‍රතිචාර අන්ත දෙකකට යනවා කියන එක. මධ්‍යස්ථ නැහැ.

එක මොහොතක එයා තමයි තමන්ගේ ලෝකයේ වීරයා ආරක්ෂකයා ගැලවුම්කරු සහනය දෙන්නා.

තවත් මොහොතක එයාම තමයි විනාශය ගෙන එන්නා, සතුරා වෙන්නේ.

🫵තමන්ටම හානි කර ගැනීම්=තමන් විසින් අධ්‍යක්ෂණය කර ගන්න ලද පණ පොවන ලද ආවේගයන් පිටතට ගැනීමක්.

රංඩුවෙන් පස්සේ ආයේ මෙහෙම තැනකට එනවා...

🤔වරදකාරිත්වය.
🤔තමන් කල කී දේවල් ගැන ලැජ්ජාව.
🤔මම හැමදේම විනාශ කරා නේද කියන හැඟීම.

එතකොට මම ඇයට/ඔහුට කරපු වරදට, පීඩාවට පත් කරාට තමන්ටම දඩුවම් කර ගැනීමක් කර ගැනීම තමයි තමන්ට හානි කර ගැනීම කියන්නේ. (ඔබේ තත්ත්වය හා සසදා බලන්න)

තමන්ට හානි කර ගැනීම කියන්නේ තවත් විදියකට තමන්ගේ පාලනය තමන් අතට ගන්න දරණ උත්සාහයක් කියන්න පුළුවන්. පාලනය නැවත තමන් සතු කරගෙන නැවත නැවත එයටම යොමු වීමයි සිදු වෙන්නේ. මෙය විෂම චක්‍රයක් ලෙස පවතිනවා.

💁මේ වගේ අය ඇත්තටම මොනවද මේ කියන්නේ මොනවද මේ ඉල්ලන්නේ...

ඔවුන් වචන වලින් කියනවා

ඔයා නරකයි
ඔයා මට කරන්නේ හතුරුකම්..

නමුත් ඔවුන් ඇතුළාන්තයෙන් කියන්න උත්සාහ කරන්නේ මේ දේවල්.

🥲මාව අතහැර යන්න එපා..
🥲මට ඔබගේ ආරක්ෂිත බව දෙන්න. ඒ ගැන සහතික වෙන්න.
🥲මගේ මේ ඇතුළේ තියන හැඟීම් ලලට නමක් අර්ථයක් දෙන්න උදව් කරන්න.

මේ දේවල් වචනවලින් කියන්න ඔවුන් අපොහොසත් උනාම හැසිරීමෙන් ඒක කියනවා හැසිරීමෙන් අගවන්න කටයුතු කරනවා.

අවසාන වශයෙන් කියන්න ඕන මේ තත්ත්වය තේරුම් ගන්නවා කියන්නේ, ඒ හැසිරීම් අනුමත කරනවා අනුමත කළ යුතුයි කියන එක නෙවෙයි. තමන්ට සහ අන් අයට හානිදායක හැසිරීම් වලට අනිවාර්යයෙන් සීමා තිබිය යුතුයි.

මෙවැනි තත්ත්වයක කෙනෙක් එක්ක සම්බන්දතාවයක ඉන්න කෙනෙකුගේ මානසිකත්වය මොන වගේද කියලා මීලඟ ලිපියෙන් කියන්නම්.

මේ ගැන හොද අදහසක් ගන්න පළමු ලිපියද කියවන්න..

මනෝ උපදේශක
කසුන් රාජපක්ෂ
Kasun Rajapaksha

ඇය නරකද ?නැහැ ඇය තුවාල වෙලා...අපි බොහෝ විට දකිනවා..නිතර නිතර රංඩු කරන, අධික ලෙස තරහා ගන්න, තමන්ව පාලනය කර ගන්න බැරි, වෙල...
02/01/2026

ඇය නරකද ?

නැහැ ඇය තුවාල වෙලා...

අපි බොහෝ විට දකිනවා..
නිතර නිතර රංඩු කරන, අධික ලෙස තරහා ගන්න, තමන්ව පාලනය කර ගන්න බැරි, වෙලාවකට ශාරීරික ප්‍රචණ්ඩත්වය දක්වන, තවත් වෙලාවකට තමන්ට හානි කර ගන්න පෙම්වතියන්.

(මෙවැනි පෙම්වතුන්ද සිටිනවා කතාව ලිවීමට පහසුවක් ලෙස පෙම්වතියන් යනුවෙන් සදහන් කරමි.)

ඇයට ඉතාම ඉක්මනින් ලේබල් ඇලවෙනවා...

ඇය හරිම toxic
ඇයට පිස්සු
අවදානය සොයනවා
ඇය නරක චරිතයක් කියලා

හැබැයි මේක එහෙම සරල කතාවක් නෙවෙයි..

🫵මෙතන ලොකු මනෝ විද්‍යාත්මක කතාවක් තියනවා ඇය පිළිබඳව..

පෙනෙන හැසිරීම් කියන්නේ හේතුම නෙවෙයි..

ඔයා දකින්නේ

රංඩු
තරහා
ප්‍රචණ්ඩත්වය
තමන්ට හානි කර ගැනීම්
පීඩාකාරී වචන

මේවා ඇය තුළින් ප්‍රකට වන ලක්ෂණ
ඇය තුළ ඇති තුවාලයේ භාෂාව.

නමුත් අපි හිතන්නේ ඇය මේ දේවල් කරන්නේ කැමැත්තෙන් කියලා

නමුත් ඇත්ත ඊට වඩා වෙනස්

ඇය දන්නෙ මේ දේවල් කරන්න විතරයි..

🙃ඇය ඇතුළේ තියෙන්නේ වෙනස්ම කතාවක්...

මෙවැනි හැසිරීම් පිටුපස තියෙන්නේ බොහෝ විට වේදනාවක්...

මට ආරක්ෂාවක් නැහැ
මාව අතහැර දමාවී
මට වටිනාකමක් නැහැ

මේ නිසා ඇයගේ මනසට නිතරම..

🥲ආදරය - අනතුරක්
🥲සමීපවීම - වේදනාවක්
🥲තනිවීම - විනාශයක්

දැනෙන්න ගන්නවා...

ඇය තුළ තිබෙන තරහා කියන්නේ සැබෑ හැගීමක් නෙවෙයි..

ඇය තුළ අපි නිතර දකින තරහා කියන්නේ දෙවනුවට එන චිත්තවේගයක්..

ඇයගේ සැබෑම එනම් ඇත්තම පළමු
හැගීම් යනු මේවාය...

🥲බය
🥲ලැජ්ජාව
🥲අතහැර දමාවී කියන බය
🥹මට ආදරය ලැබෙන්නේ නැහැ කියන විශ්වාසය

මේවා ඇයට දරා ගන්න බැරි නිසා ඒ හැඟීම් තරහා බවට පරිවර්තනය වෙනවා..

🫵තමන්ට හානි කර ගැනීම යනු අවදානය ලබා ගැනීමට කරන ක්‍රියාවන්ද ?

නැහැ ⁣

මේක බොහෝ විට වේදනාව සමනය කර ගන්න දරන උත්සාහයක්..

ඇතුළේ තියන වේදනාව පාලනය කළ හැකි දෙයක් බවට පත් කර ගන්න දරන උත්සාහයක්.

ඇයට මෙහෙම දැණෙනවා...

මේ වේදනාව මට ඇතුළේ තියන් තවත් විදවන්න බැහැ පිට කර හරින්න ඕන..

💝මෙවැනි අය ආදරයට ගොඩාක් කැමැති, නමුත් ඒ ආදරයම ඔවුන් බය කරනවා..

මෙවැනි අය බොහෝ විට..

😘ආදරයට බොහෝ කැමැති
😘ඒත් අත්හැර දමයි කියලා බය වෙනවා
😘එයා මාව අත් හරියිද කියලා හෝ අත් හැර දමා යාමට අදහස් ඇති දැයි නිතරම පරීක්ෂා කර බලනවා.

🤨රංඩු ඇති වෙන්නේ

ඔයා තාම මම ගැන බලනවද හොයනවද ? යන පරීක්ෂාව ප්‍රචණ්ඩත්වය බවට පත් වෙනවා..

මගේ පාලනයෙන් තොර වෙන්න එපා කියලා කියන්න හදන උත්සාහය මත.

🤫මෙවැනි අය විෂ සහිතද නැත්නම් toxic ද ?

එහෙම කියන්න තරම් අපි හදිසි විය යුතු නැහැ සහ ඒක සුදුසු නැහැ...

නමුත් මෙවැනි ලක්ෂණ යනු...

🤨අත්හැර දමාවිය යන දැඩි බිය
🤨චිත්තවේගී අස්ථාවර බව
🤨සම්බන්දතාවයට දැඩිව බැදීම
🤨තමන්ට හානි කර ගැනීම

දරුණු ලෙස තුවාල වූ මනසක් ගැන කියන කතාවක් බව අප තේරුම් ගත යුතුයි..

😘ආදරයෙන්ම මේක සුවපත් කරන්න පුළුවන් ද ?

බැහැ..

නමුත් ආදරය මෙතනදී

උපකාරයක් සහායක් වෙනවා..

සුවපත් වීමට යන ගමනට හයියක් වෙනවා..

ආදරය චිකිත්සාවක් වෙන්න ඕන..

කුමක් සදහාද...

🫵කම්පනය ගැන දැනුවත් වීමට උපකාර කිරීම සදහා.
🫵චිත්තවේග ගැන විධිමත් ලෙස ඉගෙන ගැනීම සදහා, පාලනය කර ගැනීම සදහා.
🫵ආරක්ෂිත සීමා ගැන දැනුවත් වීම සදහා.

ඉතාමත් වැදගත් වේ...

තවත් වැදගත් කාරණයක් තමයි..

අපිට පුළුවන් ඇයගේ වේදනාව ගැන ඇයට පැහැදිලි කරලා දෙන්න නමුත් ඒක හානි කර ගැනීම සාධාරණීකරණය කර ගන්න දෙන සහායක් නෙවෙයි.

අවසාන වශයෙන් කියන්න ඕන..

මෙවැනි අය යනු නරක අය නොවේ මොවුන් සිටින්නේ තුවාල වෙලා එහි වේදනාව සමඟ.

අපි මොවුන්ට ලේබල් අලනවන එක නතර කරලා, මොවුන්ව ප්‍රතික්ෂේප නොකර මොවුන් තුළ ඇති නොපෙනෙන තුවාලය දකින්න ඉගෙන ගත්තොත් මෙවැනි අය සුව කරන්න අපිට හැකියි..

ප්‍රවීණ මනෝ උපදේශක
කසුන් රාජපක්ෂ
Kasun Rajapaksha

පිරිමි අයට s*x කරන්න ආදරය ඕන නැද්ද මේක වෙනස් වෙන අවස්ථා නැද්ද ? S*x කරන්න පිරිමින්ට ආදරය ඕන නැහැ කියනවානේ.. මේ කාරණය ගැන...
30/12/2025

පිරිමි අයට s*x කරන්න ආදරය ඕන නැද්ද මේක වෙනස් වෙන අවස්ථා නැද්ද ?
S*x කරන්න පිරිමින්ට ආදරය ඕන නැහැ කියනවානේ.. මේ කාරණය ගැන මනෝ විද්‍යාත්මක ලෙස පැහැදිලි කිරීමක් මේ.

පිරිමි අයට s*x කරන්න ආදරය අවශ්‍ය නැහැ කියන එක විද්‍යාත්මකවත් මානසිකවත් සම්පූර්ණ සත්‍ය නොවේ.

සමහර අවස්ථාවල පිරිමි අයට s*x කරන්න ආදරය අවශ්‍ය නැති වෙන්න පුළුවන්.

සමහර අවස්ථාවල s*x කරන්න ආදරය අත්‍යවශ්‍ය වෙනවා.

ඒක පුද්ගලයා වයස, මානසික තත්ත්වය, සම්බන්දතාවය සහ ජීවත් වන අවධිය අනුව වෙනස් වෙනවා.

පිරිමින්ට ආදරය නැතුව s*x කරන්න පුළුවන් කියන්නේ ඇයි.

01 ජීව විද්‍යාත්මක හේතු....

Testosterone වැඩි වීම නිසා ලිංගික දිශානතිය චිත්තවේග වලින් වෙන් වෙලා ක්‍රියාත්මක වෙන්න පුළුවන් ඉඩ කඩ වැඩි වීම.

02 දෘශ්‍යමය සහ භෞතික උද්දීපනය චිත්තවේගීය බැදීමකින් තොරව සිද්ධ වෙන්න පුළුවන් වීම.

සමාජයෙන් හුරුපුරුදු වූ දේවල් නිසා.

පිරිමි ශක්තිමත් ඒ නිසා හැඟීම්බර වෙන්න ඕන නැහැ.

🤨 ලිංගිකත්වය කියන්නේ අවශ්‍යතාවයක් ආදරය කියන්නේ දුර්වල තැනක්.

මේවා බොහෝ පිරිමි අයට පොඩි කාලෙම මනසට කාවැදිලා තියනවා.

03 චිත්තවේගීය මග හැරීම.

ආදරය කියන්නේ අවදානමක්.

වද වේදනා විදින්න බය නිසා s*x use කරනවා සම්බන්දතාවයක් නැතුවම.

💝 නමුත් පිරිමියකුට ආදරයක් නැතුව s*x කරන්න පුළුවන්ද හැම විටම.

නෑ

බොහෝ පිරිමින්ට

දිගුකාලීන සබදතාවලදී

වයසින් වැඩි වෙද්දී

චිත්තවේගීය ආරක්ෂාව තියන partner කෙනෙක් එක්ක

ලිංගිකත්වය චිත්තවේගීය සම්බන්දතාවයක් වෙන්න ගන්නවා.

මෙතනදී විශ්වාසය, සෙනෙහස, චිත්තවේගීයව දකින්න අවශ්‍ය වීම.

මේවා නැතුව ලිංගිකත්වය හිස් වෙලා යාන්ත්‍රිකව feel වෙන්නත් පුළුවන්.

🤜 මේ තත්ත්වය වෙනස් වෙන අවස්ථා මොනවද?

පිරිමි කෙනෙක්ට s*x කරන්න ආදරය වැදගත් වෙන්න පටන් ගන්නෙ..

පරණ චිත්තවේගීය තුවාල සනීප වෙන්න පටන් ගනිද්දී..

වයස අවුරුදු 30 40 වෙන්න ගනිද්දී.

S*x වලට වඩා සම්බන්ධතාවය තමයි වැදගත් කියලා තේරුම් යද්දී.

🤜 වැදගත් දේ මෙන්න මේක..

පිරිමි අයට s*x කරන්න ආදරය ඕන නැහැ කියන එක ඇත්තක් නෙවෙයි, ඒක ලිංගික අවශ්‍යතා ඉටු කර ගැනීමට හදා ගත්ත එකක්.

ඒක වේදනාවන් බාදාවන් මග හැර යන ක්‍රමයක්.

ඒක සමීපවීම තවදුරටත් පාලනය කරන්න දරන උත්සාහයක්.

සමහරවිට කම්පනයකින් ගැලවීම සදහා යොදා ගනු ලබන උපක්‍රමයක්.

සමහරපිරිමි අයට...

s*x කියන්නේ ආශාවක්
s*x කියන්නේ ආරක්ෂාවක්
s*x කියන්නේ ආදරයක්....

🫵එකම පිරිමියකුට ජීවිතයේ එක් එක් කාලවලදී මේ තුනම අදාල වෙන්න පුළුවන්. අවශ්‍ය වෙන්න පුළුවන්..

🙃ආදරය නැතුව s*x කරන පිරිමි අයට පස්සේ මොකද වෙන්නේ...

ඉක්මනින් නොදැනුනත් දිගුකාලීන බලපාන්නේ මෙහෙමයි.

🙃ආරම්භයේදී...

ලිංගික නිදහසක් හිමිවීම..

මමත්වයට වටිනාකමක් එක් වීම..

තනිකම පාලුව යම් කාලයකට අඩුවීම..

🥲නමුත් පසු වෙද්දී චිත්තවේගීයව බිද වැටෙන්න පුළුවන් මෙන්න මේ හේතු නිසා..

S*x තිබුණට ආදරයක් නැහැ, සම්බන්ධතාවයක් නැහැ. මට මොනවා හරි අඩුයි කියලා නොපැහැදිලි දේවල් දැනෙන්න පුළුවන්.

සම්බන්දතා ඇති කර නොගෙන ඉන්න තත්වයට මානසිකත්වය ශක්තිමත් වෙනවා. මට කවුරුත් ඕන නැහැ මට ආදරය ඕන නැහැ වගේ සහ සම්බන්දතා පැවැත්වීම දුර්වල වෙන්න පුළුවන්..

🥲සමීප වීම් බැදීම් ආදරය වේදනාවක් කියලා මොළය ඉගෙන ගන්නවා.

ආදරය කිරීම තවත් කෙනෙක් එක්ක ඉන්න එක තව කෙනෙක් ගැන වගකීමක් ගන්න එපා වදයක් හිසරදයක් දැනෙන්න පුළුවන්.

සමීප වීම් වළක්වන්න ලිංගිකත්වය පමණයි කියන රටාව නැවත් නැවත ඇති වෙන්න ගන්නවා. මම මෙයා ඇසුරු කරන්නේ s*x කරන්න විතරයි. S*x and benefit no attachment

😏 මේ දේවල් වලට ඇබ්බැහි වෙන්න පුළුවන්..

ආශාවන් ඇති වෙන්න නැවත නැවත අලුත් partner කෙනෙක් ඕන වෙන්න පුළුවන් සහ එකම කෙනාගෙන් උනත් නව්‍යාතාවයක් අලුත් අලුත් දේවල් බලාපොරොත්තු වීම වෙන්න පුළුවන්. මේක ඉතාමත් සංකීර්ණ සහ භයානක තත්ත්වයක්.

උදාහරණයක් ලෙස treesome.

😉එක සබදතාවයකින් සෑහීමකට පත් නොවීම.

🤔 ලැජ්ජා විරහිත චක්‍රයකට ගොදුරු වෙන්න පුළුවන්..

බාහිර පුද්ගලයන් ගැන අධික විශ්වාසය. තමන්ගේ ලිංගික ආශාවන් ගැන ප්‍රසිද්ධ කිරීම සමාන ආශාවන් ඇති යුවලවල් සෙවීම.

මට කවුරුත් ඇත්තටම දැනෙන්නේ නැහැනේ කියන හැඟීම ඇති වීම.

😉 හැම පිරිමියටම මෙහෙම වෙන්නේ නැද්ද

නෑ...

පැහැදිලි සීමාවන් තියන..
අවංක අපේක්ෂාවන් තියන..
තමා පිළිබඳ අවබෝධයක් තියන..

පිරිමි අයට අනියම් ලිංගිකත්වය මනෝ විද්‍යාත්මකව ස්වාභාවික වෙන්න පුළුවන්..

නමුත්

🤫 මතක හොදින් මතක තබා ගන්න....

S*x use කරන්නේ හැඟීම් වළක්වා ගන්න නම් හානියක් වෙන්න පුළුවන්..

ඊළඟ ලිපියෙන් කතා කරන්නේ කාන්තාවන් මේ තත්ත්වය පුද්ගලිකව ගන්නෙ ඇයි කියන එක ගැන...

මනෝ උපදේශක
කසුන් රාජපක්ෂ
Kasun Rajapaksha
fans
*xualhealthformen

අවුරුදු පහළවක ළමයකුට මෙහෙම වෙන්න පුළුවන්ද, එහෙම වෙන්න හේතු මොනවද ?පසුගිය කොටස් හතර කියවපු බොහෝ අය මගෙන් ඒ ගැන විමසලා තිබ...
30/12/2025

අවුරුදු පහළවක ළමයකුට මෙහෙම වෙන්න පුළුවන්ද, එහෙම වෙන්න හේතු මොනවද ?

පසුගිය කොටස් හතර කියවපු බොහෝ අය මගෙන් ඒ ගැන විමසලා තිබුණා, ඉතින් අද ලිපිය තුළින් බලාපොරොත්තු වෙන්නේ ඒ ගැන මනෝ විද්‍යාත්මක පැහැදිලි කිරීමක් කරන්න.

ඔව් මෙය සාමාන්‍යයෙන් වෙන්න පුළුවන් දෙයක්, නමුත් බොහෝ දෙනා මෙවැනි තත්ත්වයක් තේරුම් ගන්නෙ වැරදි විදිහට.

මේ තත්ත්වය..

ළමයා නරක් වීමක් නෙවෙයි.
කැරලි ගැසීමක් නෙවෙයි.
භූත/ප්‍රේත/අමනුෂ්‍ය දෝෂයක් නෙවෙයි.

මෙතන වෙන දේට අපි මනෝ විද්‍යාවේ කියනවා ළමයා තුළ මනෝ ආරක්ෂක ප්‍රයෝග (Difference Mechanisms) ක්‍රියාත්මක වීම කියලා.

මොකක්ද මේ මනෝ ආරක්ෂක ප්‍රයෝග කියන්නේ ?

මනසට දරා ගන්න බැරි වේදනාව, බය, ලැජ්ජාව, දුක වගේ දේවල් වලින් තමන් රැක ගන්න මනස භාවිතා කරන ස්වයංක්‍රීය ක්‍රම.

මේවා ළමයි හිතලා කරන දේවල් නෙවෙයි.
වැරදි හෝ නරක හැසිරීම් කියලා කියන්න බැහැ.
ආරක්ෂා වීමට මනස සිදු කරන දේවල්.

සරල උදාහරණයක්..

ළමයෙක්ට දරුණු වේදනාවක් තියෙනකොට..

සමහර අය නිහතමානී වෙලා එයින් ඉවත් වෙනවා.
සමහර අය කෝපයෙන් දැඩි ආවේගයෙන් ප්‍රතිචාර දක්වනවා.
සමහර ළමයි ළමා කාලයේ හැසිරීම් වලට ආපසු යනවා.

අපිරිසිදුව සිටීම අපිළිවෙළට කෑම ගැනීම වැනි.

මේ හැම එකකින්ම ළමයා කියන්න උත්සාහ කරන්නේ මට මේ දුක තනියම දරා ගන්න බැහැ කියන එක. නමුත් වැඩිහිටියන් මේකට ලේබල් අලවනවා අර ලක්ෂණ මත පදනම්ව ළමයා නරක් වෙලා අකීකරු වෙලා කියලා.

මෙහෙම උනාම ළමයා තවත් නරක අතට යනවා..

සමහර මව්පියන් කියන්නේ අපි කොච්චර අවවාද උපදෙස් දඩුවම් දුන්නත් ආදරෙන් කිව්වත් ළමයා හැදෙන්නේ නැහැ. එන්න එන්න නරක් වෙනවා විතරයි.

මේ ළමයාගේ කතාවෙදී ඇය මුලින් හොද ළමයෙක් වෙල⁣ා හැමදේම දරාගෙන හිටියා, නමුත් කාලයක් යද්දී ඒ ශක්තිය අඩු වෙනවා. ශක්තිය අඩුවීමත් සමඟ මනස කියනවා මට මේක තවත් පාලනය කරන්න බැහැ කියලා.

එතකොට තමයි ඇය

ගැටලු ඇති කරන්නේ
අපිළිවෙළට අපිරිසිදුව ඉන්නෙ
විවිධ ශබ්ද ඇති කරන්නේ
පාලනයෙන් තොර වෙන්නේ.

මේවා තමයි මේ ළමයා තුළ ක්‍රියාත්මක වෙන defense mechanisms

ඒ ළමයා පොඩි කාලේ හරිම නිශ්ශබ්දයි කියලා මව කියනවා, මෙතන තියෙන්නේ හරිම වැදගත් point එකක්. හොද ළමයෙක් කියන්න බොහෝ වෙලාවට..

අවශ්‍යතා, කේන්තිය, වේදනාව නොපෙන්වන ළමයෙක්ට. ඒ කියන්නේ එයාලා ආරක්ෂාව හදා ගත්තෙ නිහඩව ඉදලා. අවුරුදු ගාණක් ඒක වැඩ කරා, දැන් ඒක කඩා වැටෙනවා.

වචන නොමැතිව කතා කරමින් රඟපාමින් ශබ්ද කරනවා අපිරිසිදු වෙනවා මේවා..

මම නරකයි කියන පණිවිඩය නෙවෙයි..

මට මෙහෙම perfect වෙන්න බැහැ කියන පණිවිඩය.
මට තවත් ඉවසන්න බැහැ කියන පණිවිඩය..

ළමයා වචනයෙන් කියන්න බැරි දේවල් හැසිරීම් තුළින් කියනවා.

මේ අම්මා එක තැනකදී මේක තේරුම් ගන්නවා..

මම හොදයි කියලා හිතපු දේවල් හොද උනේ එයාටද නැත්නම් මටද යන ප්‍රශ්නය ඇයට එනවා.

මව තමන් දෙස නැවත ආපසු හැරී බැලීමකට යනවා මෙය ඇය විසින් උපදේශනය තුළින් ලබපු විශාල ජයක්.

මව මුලින් ඉතාමත් රසවත් වෙලා විස්තර කරා අපිට දරුවා එක්ක ගොඩාක් සොදුරු අවස්ථා තිබුණා. උපන් දින සාද, විනෝද චාරිකා, උත්සව, දුව හිනා වෙලා ලස්සනට ඉන්න පොටෝ..

නමුත් දියණියට ඔවුන් විසින්

සවන්දීම
චිත්තවේගීය සකස් කිරීම
සුරක්ෂිත චිත්තවේගීය ඉඩකඩ

ලබා දීලා නැහැ...

ළමයා camera ඉදිරියේ සතුටින් ඉන්නවා නමුත් මනස තුළ තනිවෙලා.

මේ දරුවාගේ පියාගේ තත්ත්වය ගෙන බලමු...

ඇයගේ පියා ආරක්ෂිත වගේ පෙණුනත් දරුවා වෙනුවෙන් මැදිහත්කරුවකු වෙන්න නැහැ.

තාත්තට පේනවා දියණිය ඉන්නෙ අපහසුවෙන් කියලා, මව විසින් දියණිය අධික ලෙසින් පාලනය කරනවා කියලා ඔහු දන්නවා, දරුවා හැදෙන වැඩෙ පරිසරය ඇයට අමාරුයි, නමුත් ඔහු..

මවට අභියෝග කරන්නේ නැහැ..
දරුවා වෙනුවෙන් පෙනී ඉන්නෙ නැහැ ඇයව ආරක්ෂා කරන්නේ නැහැ, මේ තත්ත්වය ලංකාවේ බොහෝ පවුල්වල පියා තුළින් දැකිය හැකිය.

මෙන්න වැදගත්ම දේ.. මෙතනදී දරුවාට යන පණිවිඩය තමයි හැමෝටම වැරැද්දක් පේනවා නමුත් කවුරුත් මාව ආරක්ෂා කරන්නේ නැහැ කියන එක..

දුව කියනවා තාත්තා හොදයි එයා කරුණාවන්තයි, මාව අහන් ඉන්නවා, මට හොදින් කතා කරනවා.

නමුත් කරුණාවන්ත කමයි ආරක්ෂා කිරීමයි කියන්නෙ දෙකක්.

ආරක්ෂිත බව නිරතුරුව ලැබෙන්න ඕන සීමාවන් පවතින්න ඕන. ඔය දේ කරන්න එපා ඒක ළමයට හොද නැහැ කියන දේ මව සමඟ කතා කරන්න ඕන. නමුත් මේ තාත්තගෙන් එය සිද්ධ වෙන්නේ නැහැ.

දියණිය තාත්තා දිහා බලන්නෙ..

මාව ගලවා ගන්න ඉන්න කෙනා, ආරක්ෂිත වැඩිහිටියා, නමුත් මෙයාට තේරෙන්නේ නැද්ද ?

නමුත් ඔහු ක්‍රියාත්මක වෙන්නේ නැහැ.

එතකොට දියණිය තුළට යන මනෝ විද්‍යාත්මක විශ්වාසය තමයි හොද මිනිස්සු පවා මාව ආරක්ෂා කරන්නේ නැහැ කියන එක.

තාත්තා ආරක්ෂා කරන්නේ මල්ලි ඔහු ඉන්නෙ මල්ලි එක්ක.

අලුත් ළමයා වෙනුවෙන් පරණ ළමයා මග අරිනවා වගේ පේනවා පියා විසින්..

මේ කතාව හොදින් තේරුම් ගන්න කොටස් පහම හොදින් කියවන්න...

මනෝ උපදේශක
කසුන් රාජපක්ෂ
Kasun Rajapaksha

අම්මාට දුව ඇදපු පිංතූරය පෙන්වන අවස්ථාව..හතරවන කොටස..දුව කාමරයෙන් පිටවෙලා අම්මට නොපෙනෙන ලෙස වාඩි වෙනවා. අම්මා කාමරයට ඇවිල...
29/12/2025

අම්මාට දුව ඇදපු පිංතූරය පෙන්වන අවස්ථාව..
හතරවන කොටස..

දුව කාමරයෙන් පිටවෙලා අම්මට නොපෙනෙන ලෙස වාඩි වෙනවා. අම්මා කාමරයට ඇවිල්ලා මගේ ඉස්සරහ වාඩි වෙලා අත්දෙක බැද ගන්නවා.

ඇත්තටම මට තේරුම් ගන්න බැහැ⁣ මේ දරුවට මොනවාද මේ වෙලා තියෙන්නේ කියලා, අපි එයාව ගොඩාක් හොදින් හැදුවා.

මම දුව ඇදපු පිංතූරය අම්මාට පෙන්නුවා...

මුලින් ඇය ඒ දෙස කම්මැළි බැල්මක් හෙළනවා, පසුව ඇගේ ඇස් පුංචි වෙනවා.

මේ මොනවාද මේ ?
ඇය මගෙන් ප්‍රශ්න කරනවා...

එයා මේක ඇන්දා..

අම්මට ඉක්මනින් මෙහෙම කියවෙනවා..

ඒ කියන්නේ එයාට මොනවා හරි මානසික රෝගයක් ඇති වෙලාද?

නැහැ ඒක මානසික ගැටලුවක් නෙවෙයි ඒක massage එකක්..

අම්මා මුහුණේ හිනාවක් ඇති කරගෙන නැවතත් පිංතූරය දිහා හොදින් බලනවා..

මට නම් මෙතන අපේ දුවව පේන්නෙ නැහැ..

මම ඇගේ ඒ වචනය අල්ලා ගන්නවා...

ඔව් ඒක තමයි වැදගත්ම කාරණය..

අම්මා හිස උස්සලා මම දිහා බලනවා.

ඔව් ඔබේ දුව මෙතන නැහැ, මෙතන තියෙන්නේ ඔයාගේ දුව දිගු කාලයක් සඟවාගෙන හිටපු කොටසක්.

අපි එයාට මුකුත් හංගන් ඉන්න කිව්වේ නැහැ. ඇගේ හඩ තියුණුයි.

මම ඇයට හිමිහිට උත්තර ලබා දුන්නා...

ඔයා එයාට පිහියක් අරන් ඇනලා නැහැ තමයි, කෝටුවකින් ගහලා නැහැ තමයි, ඒක ඇත්ත

නමුත්...

ඒත් ඔයා එයාට කේන්ති ගන්න ඉඩ දීලා තියනවද..

අම්මා නිහඩ වෙනවා කල්පනා කරන්න ගන්නවා..

එයා අඩද්දි අඩන්න හදද්දී ඔයා මොනවාද එයාට කියලා තියෙන්නේ ?

අඩන්න එපා හොඳ ළමයෙක් වගේ ඉන්න මල්ලි වගේ වෙන්න.

අම්මා එය ගැන හිතනවා..

හරි මම තව පැහැදිලි කරන්නම්..

ඔයා දුවට ඉගැන්නුවේ මෙන්න මේ දේවල්..

ඔයා හරි වෙන්න නම් ඔයා හොද ළමයෙක් වෙන්න නම් ඔයා ඔයා නොවී ඉන්න කියලා නේද...

අම්මගේ ඇස් බොද වෙනවා..

මම එයාට හොදම දේ කරන්නයි හිතුවේ..

ඔව් හ⁣රි මම පිළිගන්නවා ඔයා නරක අම්මා කෙනෙක් නෙවෙයි කියලා, නමුත් ඔයා බය උනු අම්මා කෙනෙක්.

ඔයා හිතුවේ ලෝකය නරක තැනක් ඒ නරක ලෝකෙන් දුවව ආරක්ෂා කර ගන්න කරන්න තියන හොදම දේ තමයි ඇයව හොදම ළමයකු විදියට උස් මහත් කරන එක කියලා.

අම්මා නිහඩ උනා..

ඒත් ළමයෙක් දිගු කාලයක් හොද වෙන්න උත්සාහ කරනකොට එයා ඇතුළෙන්ම අවිඥානිකව එයා නොදැනුවත්වම නරක ළමයෙක් හැදෙනවා. එහෙම නැත්නම් මෘගයකු හැදෙනවා.

අන්න ඒ නරක මෘග ළමයා තමයි ඔයාට ගැහුවේ.

අම්ම එතකොට වේදනාවෙන් මගෙන් අහනවා..
එතකොට මමද මෙතන වැරදි ?

මම ඇය දෙම සෘජුව බලල කිව්වා

මෙතන වැරදි කෙනෙක් නැහැ...

නමුත් වගකීම තියෙන කෙනෙක් ඔයා...

ඉස්සරහට ඔයාට තේරෙන්න ඕන දුවට විනය කියන එක වගේම අවසර ලබා දීමත් වැදගත් කියන එක..

ඒ මොනවටද..

කේන්ති ගන්න, දුක හිතුණම අඩන්න, නරක දවස් වල ජීවත් වෙන්න, නිතරම හොද ළමයකු නොවී නරක ළමයකුත් වෙන්න

ඇයට අවසරය නිදහස තියෙන්න ඕන..

අම්මා තමන්ගේ ඇස් වලින් ගිලිහෙන කදුලු පිසිනවා..

මට මේ දේවල් ගැන ඉගෙන ගන්න පුළුවන් ?

ඔව් අනිවාර්යයෙන් ඔයාට ඒ හැමදේම ඉගෙන ගන්න පුළුවන් ඒකට නේ ඔයා මෙතනට ඇවිල්ලා ඉන්නේ..

🫵🫵පසු සටහන...

අපි හදන හොදම ළමයා අපි විසින්ම බිහි කරන මෘගයා වෙන්න පුළුවන්. ලංකාවේ දෙමාපියන් ගත්තම සහ මේ ලිපි පෙල කියවලා මට කතා කරපු මට ලියපු ගොඩාක් අම්මලා කිව්වේ මටත් මෙහෙම දරුවෙක් ඉන්නවා මේ කතාවේ ළමයා වගේමයි. අපි එයාව හොදට හදන්න හොද ළමයෙක් කරන්න නොකරපු දෙයක් නැහැ කියලා.

ලංකා⁣වේ ගෙවල්වල අම්මලා තාත්තලා දරුවන්ට පිහියෙන් අනිනවා අපි බොහෝ වෙලාවට අහලා නැහැ.

නමුත් වචන වලින් නිහඩ හැසිරීම් තුළින් දරුවන්ට දිනපතා රිද්දනවා.

ලංකාවේදී හොද ළමයා කියන්නේ කවුද ?

කේන්ති ගන්නේ නැති.
ප්‍රශ්න අහන්නෙ නැති.
වැඩිම ලකුණු ගන්න⁣.
වැඩිහිටියන්, ගුරුවරුන් සතුටු කරන ළමයින්ට..

මේක ළමයකු විසින් බේරෙන්න නරක ළමයා කියන ලේබල් එකෙන් ගැලවෙන්න අනෙක් ළමයි හා සසදමින් තමන්ගේ තත්ත්වය දිනා ගන්න කරන උත්සාහයක් මිසක, මානසික සෞඛ්‍යමත් ළමා කාලයක් නොවේ.

අවසානයේදී සිදු වන්නේ හොද ළමයා කියන චරිතය ඊට හාත්පසින් වෙනස් වීමයි.

ළමයා දේවල් හංගනවා බාහිරට නොපෙන්වා සිටීමට කටයුතු කරනවා.

කේන්තිය
ඊර්ෂ්‍යාව
අසාර්ථක වීමේ ලැජ්ජාව
මට බැහැ කියන හැඟීම හෝ යථාර්ථය.

මට පුළුවන් මට ලැජ්ජා නැහැ මම පරදින්නෙ නැහැ මම අසාර්ථක වෙන්නේ නැහැ මම එහෙම වෙන කෙනෙක් නෙවෙයි එහෙම හිතනවා. නමුත් ඇත්තටම සිද්ධ වෙන දේවල් එහෙම නොවුණම ළමයාට එය තදින් බලපානවා.

උදාහරණයක් ලෙස මට ඊර්ෂ්‍යාව නැහැ මම ඊර්ෂ්‍යාව ඇති කර ගන්න හොද නැහැ කියලා හිතනවා. නමුත් වෙනත් කෙනෙක් කෙරෙහි තදබල ඊර්ෂ්‍යාවක් ළමයා තුළ ඇති වෙනවා. එතකොට එයාගේ තත්ත්වය ව්‍යාකූල වෙනවා.

මොකක්ද මට මේ වෙන්නේ කියන ප්‍රශ්නාර්ථ...

එතකොට නරක ළමයි නරක ළමයා කියලා අපි හදුනා ගන්නෙ මොනවාද ?

ළමයා තුළ ඇති වන

කාංසාව
හදිසි කෝපය
තමා පිළිබඳ වෛරය
විෂාදය මානසික අවපීඩනය නිසා ඇති වන තත්ත්වය.

වැඩිහිටියන් මේ තත්වයන් නිසා හට ගන්න සංකේත සහ ලක්ෂණ තුළින් පමණයි ළමයා දකින්නේ. නමුත් මේවාට බලපාන හේතු වන යට ස්ථරය කොටස ව්‍යුහය වැඩිහිටියන් දකින්නේ නැහැ. හැසිරීම් ලක්ෂණ තුළින් අර්ථ නිරූපන දෙනවා හොද ළමයා නැත්නම් නරක ළමයා කියලා.

මේ තත්ත්වය ළමයා තුළ ඇති වන්නේ ළමයා නරක නිසා නෙවෙයි ළමයාට සම්පූර්ණ වෙන්න ඉඩ නොදීම නිසා, ළමයාට තමන්ගේ හැඟීම් නිදහසේ පිට කරන්න ඉඩ නොදීම නිසා.

කායිකව රිදවීම් නොකරත් මානසිකව කරන රිදවීමත් ප්‍රභලයි.

බලන්න අනිත් ළමයි..
ඔයා නම් අපිට ලැජ්ජාවක්.
අඩන්න එපා.
ඔයාට ඒකවත් බැරිද කරන්න.

මේ වචන ළමයාගේ අනන්‍යතාවයට මරු පහරවල්.

වැඩිහිටියන් දෙමාපියන් ගුරුවරුන් ලෙස අපිට වෙනස් වෙන්න පුළුවන් තැන්..

සෞඛ්‍ය සම්පන්න ළමයකු කියන්නේ..

අඩන්න පුළුවන්
කේන්තිය ගැන කියන්න පුළුවන්
අසමත් වෙලත් ආරක්ෂා වෙන්න පුළුවන්
පරිපූර්ණ නොවීත් ආදරණීය වෙන්න පුළුවන්

හොද ළමයකු නොවේ සම්පූර්ණ ළමයකු වෙන්න ඕන කියලා.

කියලා ළමයට ඒත්තු ගන්නවන්න ඕන.

දරුවකු තුළ මෘගයකු සිටිනවා නම් එම මෘගයා හැදුවේ දරුවා නෙවෙයි, අපිම හදපු system එක.

මේ කතාවේ මව සහ පියා ගැන කරන පැහැදිලි කිරීම් ඊළග ලිපියෙන් ඉදිරිපත් කරන්නම්.

මනෝ උපදේශක
කසුන් රාජපක්ෂ
Kasun Rajapaksha

අවුරුදු 15 ක දුව අදින චිත්‍රය... තුන්වන කොටස...දුව කාමරයට ඇවිල්ලා දොර වහද්දි අම්ම දිහා බැලුවෙවත් නැහැ, පුටුව මත ඉද ගත්තේ...
27/12/2025

අවුරුදු 15 ක දුව අදින චිත්‍රය...
තුන්වන කොටස...

දුව කාමරයට ඇවිල්ලා දොර වහද්දි අම්ම දිහා බැලුවෙවත් නැහැ, පුටුව මත ඉද ගත්තේ ඉස්සරහට නැවිලා, කකුල් දෙක එකට ළං කරගෙන අත් දෙක එකට බැදගෙන.

මම ඇයගෙන් කිසිම ප්‍රශ්නයක් අහන්නෙ නැහැ......

මම කතා කරන්න පටන් ගත්තා.

මෙතන හරි උත්තර නැහැ
වැරදි උත්තර නැහැ..

ඔයාගේ හිතට එන හැමදේම කියන්න පුළුවන්, එහෙම නැත්නම් නිහඩව ඉන්නත් පුළුවන්.

ඇය මා දිහා බලලා හිස වැනුවා.....

මෙතනදී සිද්ධ වෙන්නේ free association එහෙම නැත්නම් නිදහස් සංඝඨනයක්..

මේ කතාව කොහොම කියන්නද කියලා මට තේරෙන්නේ නැහැ.

මම මුකුත් කියන්නේ නැහැ, ඔයාට තේරෙන්නේ නැති ඕන දෙයක් මෙතන කියන්න පුළුවන්..

ඇයි දිගු හුස්මක් ගන්නවා....

මම කවදාවත් කෑ ගහපු ළමයෙක් නෙවෙයි..

අම්මට කේන්ති ගන්න ඉඩ දුන්නේ නැහැ..

මල්ලිට අඩන්න දුන්නේ නැහැ..

ඇය කතාව නතර කර මද වෙලාවකට පසු.....

මට දැන් හරිම මහන්සි...

ඇය තමන්ගේ අත්වල ඇගිලි අල්ලනවා...

මට මගේ ඇග ඇතුළේ හරි අමුතුයි..

කකුල් ටිකක් ළං වෙලා වගේ මගේ..

මගේ ඇග ඇතුළේ ඉන්නෙ මම නෙවෙයි වගේ..

එතකොට මම හිමින් ඇයට කිව්ව..
ඔයාගේ ශරීරය කතාවක් කියනවා....

ඇය නැවත හිමින් කියනවා....

මට රෑට නිතරම හිතෙන්නේ මම මහා නරක කෙනෙක් වගේ කියලා..

හරිම අපිරිසිදු කෙනෙක් වගේ කියලා..

ඇය ඇස් දෙක පියාගෙනයි එහෙම කිව්වේ..

මම කියනවා..

ඔයා මෙතන පුටුව උඩ වාඩි වෙලා ඉන්නවා ඔයාගේ කුකුල් දෙකට පොළවේ ස්පර්ශය දැනෙනවාද ?

ඇය ඔව් කියන්න හිස වනයි....

හ්ම්...
නරක ළමයි උදව් ඉල්ලන්නේ නැහැ, උදව් ඉල්ලන්නේ හරිම මහන්සි වෙලා ඉන්න ළමයි.

ඇය පළමු වතාවට මගේ දිහා බැලුවා..
ඒ ඇත් වල තිබුණේ බයත් ඇහුම්කන් දෙන කෙනෙක් දැකපු නිසා ඇති වෙච්ච අසරණ විශ්වාසයක්.

හරි ඔයාට කියන්න අමාරුයි නම් අපි අදිමු ?

ඇය මගේ දිහා බලනවා හරියට ඇන්දට කමක් නැද්ද කියලා අහනවා වගේ..

මම කඩදාසි කිහිපයක් සහ පිට පැන්සල් කිහිපයක් මේසය මත තැබුවා..

ඕන දෙයක් අදින්න හොදද නරකද කියලා බලන්න මෙතන කවුරුත් නැහැ..

ඇය පළමුව පැන්සල් අතට ගන්නෙ නැහැ, විනාඩි දෙකක් පමණ නිශ්ශබ්දව සිටියා. ඉන් පසුව අත දිගු කරලා කලු පාට පැන්සල අතට ගත්තා.

ඇය අදින්න ගන්නෙ සාමාන්‍ය මිනිස්සු අදින විදියට නෙවෙයි.

මුලින්ම වටක් අදිනවා

ඒ වටේ ඇතුළට තවත් වට

ඒ අතරින් කලු කලු රේඛා පිටතට එනවා.

මම මුකුත් කියන්නේ නැහැ..

ඇය හුස්ම ගන්නෙ ඉක්මනට..

ඊළඟට ඇය අදින්නේ දත් තියන මුඛයක්
ඇස් දෙක අසමතුලිතයි
ශරීරයක් වගේ දෙයක් තියනවා..
නමුත් අතක් නැහැ පාද දෙක අර්ධ වශයෙන්..

ඇය ඇදීම නතර කරනවා..

"මේක"

ඇය කතාව නතර කරනවා..

මම හිමිහිට කිව්වා..

මේකට නමක් තියනවද ?

ඇය ඇදපු කඩදාසිය දිහා බලාගෙනම කියනවා

නැහැ කියලා..

මම තව ටිකක් ඉදලා මෙහෙම අහනවා..
මේක කොහේද තියෙන්නේ?

ඇය කියනවා..

මගේ ඇතුළේ..

කාමරයම නිහඩයි.. ඒ නිහඬ බව බරයි..

මෙයා මොනවද කරන්නේ මම අහනවා..

එයා කෑ ගහනවා..

මට නින්ද යන්න දෙන්නේ නැහැ..

මම හොද වෙන්න හදද්දී එයා තවත් නරක් වෙන්න හදනවා..

ඇයගේ අත් දෙක කමපනය වෙලා දහඩිය දමලා වෙව්ලනවා..

මට හිතුණා මම නරක ළමයෙක් කියලා ඒ නිසා මම අම්මට පාරක් ගැහුවා..

ඇය හිස නමා ගන්නවා..

මම මෙතනදී ඉතාමත් වැදගත් වචන ටිකක් ඉතාමත් හෙමින් ඇයට කියනවා..

මේක ඔයා නෙවෙයි..

මේක තමයි ඔයා බොහෝ කාලයක් හංගලා තිබුණු හඩ..

ඇය ඇස් උස්සනවා..

හඩ ?

ඔව්
ඔයාට කේන්ති ගන්න බැරි වෙලාවට මෙයා තමයි ඔයා වෙනුවෙන් කේන්ති අරගෙන තියෙන්නේ..

ඔයාට අඩන්න කෑ ගහන්න බැරි වෙලාවට මේක තමයි ඔයා වෙනුවෙන් අඩලා කෑ ගහලා තියෙන්නේ..

ඇය දිගු හුස්මක් ගන්නවා..

එතකොට මේක නරකද ?

මම කඩදාසිය අරගෙන ඒ පිංතූරය මේසය මැදට වෙන්න තබනවා..

නරක නෙවෙයි නමුත් තනිවම ඉදලා ඉතාමත් මහන්සි වෙලා..

පළමු වතාවට ඇයගේ ඇස් කදුළු වලින් පිරෙනවා..

මට මේක නැති කර ගන්න ඕන...

මම හිමිහිට ඇයට කිව්වා අපි මේක මරන්න යන්නේ නැහැ, අපි මේක අහන්න යමු..

ඇය දිගු හුස්මක් ගන්නවා

පළමු වතාවට ඒ කාමරයේ භය අඩු වෙනවා..

මේ කතාවේ හතරවන කොටස පසුව පල කරන්නම්.

මනෝ උපදේශක
කසුන් රාජපක්ෂ
Kasun Rajapaksha
fans

26/12/2025
අවුරුදු පහළවක ළමයකුට මෙහෙම වෙන්න පුළුවන්ද, මේක සාමාන්‍ය දෙයක්ද?ඇය මගෙන් ඇහුවා..කාමරය තුළ නිහැඩියාවක් ඇති උනා.. ඒ මව ඈත ද...
21/12/2025

අවුරුදු පහළවක ළමයකුට මෙහෙම වෙන්න පුළුවන්ද, මේක සාමාන්‍ය දෙයක්ද?

ඇය මගෙන් ඇහුවා..

කාමරය තුළ නිහැඩියාවක් ඇති උනා..
ඒ මව ඈත දෙස බලමින් කල්පනා කරන්න පටන් ගත්තා..

මම නිහඩතාවය බිදිමින් ඇයගෙන් මෙහෙම ඇහුවා..

ඔයාගේ දුව අලුත් විදියට නරක් වෙලා කියලා ඔයා හිතනවද?

ඔව්... ඔව්... එයා දැන් අපේ පාලනයෙන් තොර වෙලා. ඇය එහෙම කිව්වේ දැඩිව..

මේක තමයි ළමයකු නරක් උනාම බොහෝ දෙමාපියන් එම ළමයා තුළ දකින සරල සාමාන්‍ය සත්‍ය, නමුත් ඒක එහෙම නෙවෙයි. ඒක අපි ගැඹුරට ගිහින් බලන්න ඕන..

ළමයෙක් පාලනයෙන් තොර වෙන්නේ එයා බිදිලා තමන් තුළටම වැටෙන වෙලාවට.. හරි මම ඒක ටික ටික ඔයාට පැහැදිලි කරන්නම්..

මට මේක කියන්න ඔයා..

ඔයාට මතකද දුව පොඩි කාලේ කොහොම ළමයෙක්ද කියලා?

අම්මා ටික වෙලාවක් කල්පනා කරා..

එයා හරිම නිශ්ශබ්දයි
අඩන්නෙ නැහැ
කේන්තිය පෙන්වන්නෙ නැහැ
මට කිසිම වදයක් දුන්න ළමයකු නෙවෙයි...

ඇය එක දිටග කියාගෙන ගියා..
ඇය ඒ දේවල් කිව්වේ දරුවා ගැන සෙනෙහස මුසුවූ ගෞරවයකින් කියලා මට තේරුම් ගියා..

එතකොට මම ඇයට හිමිහිට කිව්වා..

ඒ කියන්නේ දුව පොඩි කාලේ ඉදලා ශබ්ද නැතුව ජීවත් වෙන්න ඉගෙන ගත්ත දරුවෙක්..

ඒ අම්මා මගේ මුහුණ දිහා බලාගෙන හිටියා..

එයා කාමරය ඇතුළේ එක එක සද්ද දානවා, එයින් අදහස් වෙන්නෙ ඇය දිගු කාලයක් නිහඬ කරපු කෙනෙක් කතා කරන්න උත්සාහ කරනවා...

ඒ වගේම අපිරිසිදු වෙන එක ශරීරයේ සීමා අත් හරින එක අත් දෙකෙන් කෑම කන එක..

මම කතාව නතර කරලා ඇය දිහා බලලා ආයේ මෙහෙම කිව්වා..

මේවා කැරලි ගැසීම් නෙවෙයි..

මේවා පසුබෑම්, පසුබැසීම්.

එතකොට ඒ මොකක්ද? අම්මා ඇහුවා

ඒ කියන්නේ මේකයි.. දුව තමන්ට ආරක්ෂිත බව තිබුණ වයසකට ආපහු යනවා,

එයා කියන්න මෙන්න මේ වගේ කතාවක්..

මට මේ වයසෙදී මේ තරම් perfect එහෙම නැත්නම් පරිපූර්ණ වෙන්න බැහැ මට බිදිලා වැටිලා ඔන්න ඔහේ ඉන්න දෙන්න කියන පණිවිඩය ප්‍රකාශනය තමයි එතන තියෙන්නේ, මට දැන් හතියි මට දැන් මහන්සි වගේ එකක්..

ඒ අම්මගේ ඇස් දෙක කදුලින් තෙත් උනා..

ඇය හිමිහිට මෙහෙම කිව්වා..

මම හිතුවේ දුව නරක් වෙල⁣ා කියලා..

මම හිමින් ඇයට ⁣කිව්වා,

නැහැ...

එයා නරක් වෙලා නෙවෙයි ඇත්තටම, එයාට තවදුරටත් හොඳ වෙන්න බැරි වෙලා...

ඒ අම්මා නිහඩ උනා.. ඇය මුකුත් කිව්වෙත් නැහැ මම මුකුත් කිව්වෙත් නැහැ එතන දිගු නිහැඩියාවක්..

මේ නිහඬ බව සහ මමත් නිශ්ශබ්දව සිටීම ඇය කලබලයට පත් කලා ඇය තමා අත තිබුණු i phone එක එක අතකින් අනෙක් අතට මාරු කරා ප්ලාස්ටරය ගහලා තිබුණු තුවාලය ඇල්ලුවා, නමුත් එතනින් රිදෙන්නෙ ඒ තුවාලය නෙවෙයි කියලා ඇයට තේරුම් ගියා.

ඇය හඩ පහත් කරල⁣ කතා කරන්න පටන් ගත්තා..

මම එයාව හොදට හදන්න ඕන කියලා නිතර කිව්වා නිතර හිතුවා තමයි.

ඇය කතාව නතර කරලා ටිකක් ඉදලා ආයේ කියන්න ගත්තා..

ඒත්

මම හොදයි කියලා හිතපු දේවල් හොද උනේ එයාටද නැත්නම් මටද ?

ඒ ප්‍රශ්නය ඇයගෙන්ම ඇය අසා ගත්තේ..

මම මුකුත් නොකියා හිටියා..

ඇය ආයේ කතා කරන්න ගත්තා..

එයා නිහඩව ඉන්න කාලේ මට හිතුණේ එයා හොදයි කියලා, ඒත් දැන් එයා අපිරිසිදු වෙනවා ශබ්ද කරනවා අධික ලෙස කෝප වෙනවා..

අම්මගේ හඩ කම්පනය උනා...

ඇත්තටම ඒක නරක දෙයක්ද, නැත්නම් එයාට කියන්න තියන වෙන මොනවා හරි දේවල් ටිකක් එයා කියන විදියද ඒ.. ?

ඒ වෙලාවේ ඇයගේ මුහුණේ තිබුණේ කේන්තිය නොව බියකි, වරදකාරී බවකි..

මගේ දුවට මොනවා හරි වෙලාද මේ, හරියට නිකන් අමනුෂ්‍ය දෝෂයක් වගේ පෙරේත බැල්මක් වගේ, මමත් එහෙම කතා අහලා තියනවා අපේ අම්මලත් ඒ වගේ කතා කියනවා ඉස්සර මට ඕන තරම්. මට බයයි දුවටත් එහෙම මොනවා හරි එකක්ද කියලා.

මට මේ කිසිම දෙයක් හිත⁣ා ගන්න බැහැ.

ඒත් තව දෙයක් මට මෙහෙත් හිතෙනවා..

මගේ දුව හොද ළමයෙක් කියලා මම විශ්වාස කරපු එක හිතපු එක නිසා එයාට දිගටම සවන් දෙන එකෙන් අවදානය දෙන එකෙන් මාව වළක්වලා නේද මට ඒවා මග හැරිලා නේද..

එයා හොඳ ළමයෙක් කියලා හිතපු නිසා එයා අවදානය දෙන එක සවන් දෙන එක අවශ්‍ය නැති දෙයක් ලෙස මම දැකලා නේද.

ඒත් බලන්න ඇය තම අත තිබුණු i phone එකේ screen එක මගේ පැත්තට හරවල⁣ා මට තවත් සමීප වෙලා..

බලන්න අපි කොයි තරම් සතුටින් ඉන්න පවුලක්ද, එයාගේ පළමු උපන් දිනය ඉදලා මේ පහුගිය දවසක තිබුණු පහළොස්වන උපන් දිනය දක්වා හැම උපන් දිනයක්ම අපි මහා ඉහළින් සැමරුවා. එයා ආසම විදියට ලස්සනට එදාට අපි එයාව අන්දනවා.

අපි හතර දෙනා කොයි තරම් විනෝද ගමන් ගිහින් තියනවාද.

අපි කීප වතාවක් රටත් ගියා..

මෙහෙම කියලා ඇය තම පවුලේ අය සමඟ ගත්ත පොටෝ වීඩියෝ සමාජ මාධ්‍ය තුළ ඒවා පල කර ඇති අයුරු අවස්ථා දාස් ගාණක් මට පෙන්නුවා.

බලන්න මම මේ හැමදේම social media වල දානවා. බලන්න අපිට මිනිස්සු කොච්චර හොඳ comment දාලද කියලා. බලන්නකෝ දුව කොච්චර ලස්සනට හිනා වෙලා ඉන්නවද කියලා. මම මේ හැමදේම එකතු කරනවා එයාට ලොකු උනාම බලන්න.

සමහරුන්ට අපේ family එක කියන්නේ dream family එකක්.

ඔව් නේද මම හිතන්නේ ඔයා හැම වෙලාවකම භෞතිකව අම්මා විදියට දුව එක්කම ඉදලා තියනවා.

ඇය හිස සලා එය අනුමත කරා..

නමුත් මානසික මානුෂිකව.. ?

මම තවත් ඉදිරියට නැමිලා ඇයට මෙහෙම කිව්ව...

තවම ඔයා මෙතන නිවැරදි නොවන දේවල් තේරුම් අරන් නැහැ නමුත් මට හිතෙනවා ඔයා දැන් මම කියන දේවල් අහන් ඉන්න හොදින් සූදානම් වෙලා ඉන්නෙ කියලා.

ඇය මගේ දිහා කුතුහලයෙන් බැලුවා

මම කතාව කරගෙන ගියා...

හොද ළමයෙක්, කියන එක බොහෝ වෙලාවට ළමයෙක් අපිට ගැටලුවක් නොවන ආකාරයට හැසිරෙන එකට යොදා ගන්න වචන දෙකක්

එතකොට නරක ළමයෙක් කියන්නේ?

නරක ළමයෙක් කියන්නෙත් ළමයෙක් අපිට ගැටලුවක් ඇති වන ලෙස හැසිරෙනකොට ඒ තත්ත්වය හදුන්වන්න යොදා ගන්න වචන දෙකක්.

මව පුදුම උනා..

ළමයෙක් ශබ්ද කරනකොට
අපිරිසිදු වෙනකොට
තරහා කෝප වන විට
බොහෝ විට ඒවා නරක පුරුදු කියලා අපිට ස්ථිරසාර කියන්න බැහැ.

මම ටිකක් කතාව නතර කරලා මෙහෙම කිව්වා..

ඒ කතා කරන්න බැරි කියා ගන්න බැරි වේදනාවක් මග හැර ගන්න විදිය වෙන්න පුළුවන්..

ඇය තවත් නිහඬ උනා..

ඔයාගේ දුව ඔයාට දුවගේ තාත්තට විරුද්ධ වෙලා නෙවෙයි, ඇය විසින් ඇයව ආරක්ෂා කර ගන්න උත්සාහ කරනවා වෙන්න පුළුවන්.

අපි ඉක්මනින් මේ තත්ත්වය හරියට නිවැරදි ලෙස මනෝ විද්‍යාත්මක ලෙස තේරුම් ගමු අවබෝධ කර ගනිමු, මම මෙතනදී ඔයාටවත් දුවටවත් දොස් කියන්නෙ නැහැ විවේචනය කරන්නේ නැහැ

මම ඔයාලගෙන් කවුද වැරදි කවුද හරි කියලා දෙන්න හදනවා හෝ ඔප්පු කරන්න හදනවා නෙවෙයි. වට ඕන මෙතන ඇත්තටම වෙන්නේ මොකක්ද කියල⁣ ඔයාට අවබෝධ කරවන්න.

හරි අපි මුලින් දුවට එයා කියන්න අගවන්න උත්සාහ කරන්නේ මොනවද කියලා එයාට ආරක්ෂිතව කියන්න පුළුවන් එයාටම ඇහෙන තැනක් නිර්මාණය කරමු.

මේ කතාවේ ඉතිරි කොටස පසුවට..

මනෝ උපදේශක
කසුන් රාජපක්ෂ
Kasun Rajapaksha
fans
*xualhealthformen






මේක වයස අවුරුදු පහළවක ගැහැණු ළමයකුගේ හැසිරීම පිළිබඳ මනෝ වෛද්‍යවරයකු ඉදිරිපත් කරන කතාවක්. උදේම මට කතා කරලා appointment එ...
18/12/2025

මේක වයස අවුරුදු පහළවක ගැහැණු ළමයකුගේ හැසිරීම පිළිබඳ මනෝ වෛද්‍යවරයකු ඉදිරිපත් කරන කතාවක්.

උදේම මට කතා කරලා appointment එකක් දාගෙන අම්මා කෙනෙක් මාව හමු වෙන්න ආවේ හවස් වෙලා..

ඇය එතරම් වයසක් නැති තරුණ අම්මා කෙනෙක්, එතරම් කලබලකාරී බවක් තිබුණේ නැහැ, නමුත් කියන්න තරම් හොඳ සන්සුන් බවක් ඈ තුළ තිබුණේත් නැහැ.

ඇය වාඩි වෙද්දි අවදානයට යොමු වෙච්ච දෙයක් තමයි ඇගේ නළල⁣ේ පැත්තක ප්ලාස්ටර් එකක් දමා ඇති බව එය පරණ එකක් නොව ඊයේ හෝ අද යොදා ඇති බව පැහැදිලි උනා.

සමහරවිට අද මැය කතා කරන්න ආ කාරණය සහ මේ තුවාලය අතර සම්බන්ධයක් ඇති කියල⁣ මට හිතුණා.

මම ඒ ගැන මුකුත් අහන්න කලින් ඇය විසින්ම කතාව පටන් ගත්තා..

Doctor ඊයේ මගේ දුව මට තදබල පහරක් ගැහුවා,

ඒ වචන කියද්දි ඇය සංවේදී උනෙත් නැහැ කේන්ති ගත්තෙත් නැහැ, නිකන් මහා අමුත්තකින් වගේ. හරියට නිකන් වාර්තාවක් කියවනවා වගේ කතා කරේ.

මම කිසිවක් නොකියා ඇය දෙස බලා සිටියා, මට තේරුණා ඇය ලොකු කතාවක් කියන්න අවශ්‍ය මානසික ශාරීරික තත්ත්වය ඇති කර ගනිමින් සිටින බව. උගුරේ රැල් බුරුල් කර ගැනීම, පුටුව මත හොදින් වාඩි වීම නිවැරදි කර ගැනීම.

දුවට අවුරුදු පහළයි මමයි දුවයි පුතයි මහත්තයයි තමයි මගේ පවුලේ ඉන්නෙ.

Doctor දුව උපන් දා ඉදලා මෑතක් වන තුරු ඉතාමත් හොද ළම⁣යෙක්, හොදට ඉගෙන ගත්තා හරි ලස්සනට කතා බහ කරා අපි එක්ක හරිම ආදරෙන් හිටියා.

එයා හොද ළමයෙක් කියන එක එම අම්මා විසින් මිනිත්තුවක් තුළ තුන් පාරක් කිව්වා. එය කියන්නේ ඉතාම තදින්ම දැඩි විශ්වාසයෙන්..

එයා...හොඳ ළමයෙක්

එයා......හොඳ ළමයෙක්

එයා..........හොද ළමයෙක්

ඒත් මෑ මෑතක ඉදලා එයා හරිම වෙනස්..

කාමරේ ඉද්දි එක එක සද්ද දානවා හරිම කැත අප්‍රසන්න අහන්න ඉන්න බැරි ගැහැණු ළමයකුට ඉතාමත් නොගැළපෙන.

ඉතාමත් අපිරිසිදුයි, හරියට නාන්නෙ නැහැ දත් මදින්නෙ නැහැ ඇග සෝදන්නෙ නැහැ. ඇහුවම කියනවා මම නෑවා මම ඇග සේදුවා මම දත් මැද්දා කියලා බොරු.

එකම පෑන්ටිය bra එක දවස් ගණන් අදිනවා, කොහොම අදිනවද මන්දා, ගදේ බෑ.. කාමරය පිස්සන් කොටුව වගේ.

අපිරිසිදු දේවල් කාපු බීපු පිගන් කෝප්ප හංගනවා කාමරයේ. එයා වෙනදා කෑවේ අපි එක්ක නමුත් දැන් කන්නෙ කාමරයට ගිහින් තනියම.

සෝදපු ඇදුම් කිලිටි ඇදුම් කියලා නැහැ සේරම එකම අල්මාරියේ එකට තියනවා.

අපිට හොරෙන් අත් දෙකෙන්ම කනව⁣, අපි දැක්කම එක අතකින් හංග ගන්නවා, කන අතින්ම වතුර එක අරන් බොනවා.

හැබැයි ඉස්කෝලෙදි වෙන තැන් වලදී මෙයා එහෙම නැහැ.

Husband පවා මගෙන් අහනවා දුවට මොකද මේ වෙලා තියෙන්නේ කියලා. ඔයත් ඒ කාලේ ඔහොමද, ගැහැණු ළමයින් ඔය වයසට ඔහොමද කියලා. මට හිතා ගන්න බැහැ මේ මොකද කියලා, දුවෙක් ගැන තාත්තා කෙනෙක් එක්ක කතා කරන්න බැරි තරම් නරක කැත පුරුදු මේ ළමයට තියෙන්නේ.

ඊයේ බැරිම තැන මම මේ ගැන මෙයාට කිව්වා, මේක කිව්වා විතරයි එක පාරටම මෙයා ඇවිත් මට ගැහුවානේ කුණුහරුපයකුත් කියලා.

මම පුදුම වෙලා අතින් අල්ලන්න ගියා විතරයි මෙයා මට ආයේ පයින් ගහලා බෙල්ල මිරිකන්න හැදුවා. මම එයාව තල්ලු කරලා කාමරයෙන් පිටට පැන ගත්තා. එයාට ඒ වෙලාවේ තිබුණු කේන්තියේ හැ⁣ටියට මාව මරන්න උනත් පුළුවන් බව මට තේරුණා.

මේ ටික එක හුස්මට කියලා කියලා ඇය නිහඬ උනා. ඒ බර නිහැඩියාවක්. ඇය තවම පුදුම වෙලා..

ඒ වෙලාවේ ඇය දෙස බලද්දී මට තේරුම් ගියේ, මෙතන නළල තුවාල වෙන්න ගහපු පහරට වඩා වෙනස් ගැඹුරු කතාවක් ඇති බවයි.

ඇය නැවත කතා කරනවා.

Doctor අපි එයාව ඉතාම හොදින් හැදුවා..

ඒ වචන ඇහෙද්දි මට යම් අමුත්තක් දැණුනා..

හොදට හැදුවා.. මම එය නැවත පුනරුච්චාරණ කරා..

හොද ළමයෙක්
හොදට හදපු ළමයෙක්
හොදට හැදුණු ළමයෙක්

එක පාර තමන්ගේ මවට ඉතාමත් අමානුෂික ලෙස පහර දෙනවා නම්..

එතන තියන කතාව සඑල එකක් නෙවෙයි..
එතන ගැඹුරු කතාවක් තියනවා..

මට තේරුණා මෙතන ප්‍රශ්නය දුවගේ හැසිරීම නෙවෙයි කියලා

හරි ඉන් පසුව ඒ ළමයා එක්ක කරපු session එක මීළග කොටසින් ඉදිරිපත් කරන්නම්.

මෙය මනෝ විද්‍යාත්මක ප්‍රබන්ධ කතාවක් පමණි සැබෑ පුද්ගලයන් සමඟ සෘජු සම්බන්ධයක් නැත..

ප්‍රවීණ මනෝ උපදේශක
කසුන් රාජපක්ෂ
Kasun Rajapaksha
*xualhealthformen




Address

Matara

Telephone

+94717440727

Website

Alerts

Be the first to know and let us send you an email when Kasun Rajapaksha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Kasun Rajapaksha:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram