Kasun Rajapaksha

Kasun Rajapaksha Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kasun Rajapaksha, Matara.
(1)

මම අද අඬන්නේ මගේම කාමරේ දොරවල් වහගෙන. මම හිටියේ අසම්මත ආදරයක කියලා මම දන්නවා. ඒත් ඒ මනුස්සයා මාව දාලා ගියාම දැනෙන වේදනාව...
27/03/2026

මම අද අඬන්නේ මගේම කාමරේ දොරවල් වහගෙන. මම හිටියේ අසම්මත ආදරයක කියලා මම දන්නවා. ඒත් ඒ මනුස්සයා මාව දාලා ගියාම දැනෙන වේදනාව මට දරාගන්න බැහැ. මගේ මේ දුක කාටවත් කියන්න බැහැ, මට කාටවත් පේන්න අඬන්න බැහැ...

ඇය බිම බලාගෙන උනත් සැරින් සැරේ දෑස් ඔසවමින් මගේ දෙස බලමින් එහෙම කිව්වා.

ඒ තුළින් ඇය මා කෙරෙහි තැබීමට උත්සාහ කරන ඒ දැඩි විශ්වාසය සහ ඇය විඳින ලැජ්ජාව (Shame) මනාව පැහැදිලි උනා මට.

ඒ දෑස්වල තිබුණේ තමන් කළ වරද ගැන පසුතැවීමකට වඩා, තමන්ට අහිමි වූ ඒ ආදරය ගැන දරාගත නොහැකි ශෝකයක්.

මට මෙහෙම කතාවක් කවදා හරි කාට හරි කියන්න වෙයි කියලා මම හීනෙකින්වත් විශ්වාස කරේ නැහැ. නමුත් මම අද එහෙම තත්ත්වයකට පත් වෙලා ඉවරයි.

කාටවත්ම කියන්න බැරි කතාවක් තමයි මම අද මේ ඔබ එක්ක කියන්නේ.

මට වයස.... ඔහු මට වඩා වසර දහයක් විතර වැඩිමල් ඔහු විවාහකයෙක්, මමත් විවාහ වෙන්න ඉන්න කෙනෙක්. ඔහුගේ බිරිඳ හිටියේ වෙන රටක පදිංචි වෙලා රැකියාව නිසා ඔහු ලංකාවේ හිටියේ. මගේ අධ්‍යයන කටයුතු සදහා මට නිතරම ඔහුව මුණ ගැහෙන්න සිද්ධ උනා.

ටික කාලයක් යද්දි මම ඔහු එක එක දේවල් හිතෙන්න ගත්තා. යාලුවෝ මට නිතරම විහිලු කරා..

ආ ඔයා සර්ව හම්බ වෙන්න යනවා වැඩියි කියලා..

හැබැයි සර් බැදලා දරුවෙකුත් ඉන්නවා හොදද..

මුලදී මට ඒක විහිළුවක් වුණත්, පස්සේ පස්සේ මට ඔහු ගැන වෙනස් විදිහකට හිතෙන්න ගත්තා. මගේ අධ්‍යයන කටයුතු අතරතුර ඔහුගෙන් ලැබුණු අවධානය මට මහා ලොකු අස්වැසිල්ලක් වුණා.

ඔහොම ටික කාලයක් යද්දී අපි අපේ පෞද්ගලික දේවල් පවා කතා බහ කරන තත්වයට පත් උනා.

මට සර් ගැන ලොකු ආදරයක් ඇති වෙලා ඒ ආදරය එක්ක මම හීන ලෝකෙක අතරමං උනා කිව්වොත් හරි.

මම නිතරම මොකක් හරි හේතුවක් හදාගෙ සර්ට කතා කරන්න සර් හම්බ වෙන්න යන්න කටයුතු කරා.

ඔහොම යද්දී අපි අත⁣ර ආදර සම්බන්ධයක් ඇති උනා.

හැබැයි අපි අතර කවදාවත් ලිංගික ඇසුරක් ඇති උනේ නැහැ, නමුත් මට එහෙම අවශ්‍යතාවයක් තිබුණත් සර් මමත් එක්ක එහෙම ඉන්න මාව පොළඹවා ගත්තෙ හෝ උත්සාහ කරේ නැහැ. අපිට ඒකට ඕන තරම් අවස්ථාව තිබුණත්.

අන්න ඒ නිසාම මට එයා ගැන ලොකු ගෞරවයක් සහ ලොකු විශ්වාසයක් ආදරයක් ඇති උනා.

මොකද මම දන්නවා පිරිමි කෙනෙක් තමන්ට ලැබෙන මේ වගේ අවස්ථාවක් ලේසියෙන් අත නොහරින බව.

අනික ඔහු විවාහක පුද්ගලයෙක් සහ බිරිඳ දරුවන් වෙන රටක ඉන්න නිසා ගොඩාක් පාලුවෙන් තනිකමෙන් ඉන්නෙ නිසා.

ඔහොම අපි කාලයක් හරිම සතුටින් හිටියා. ඔය අතරේ එක දවසක් සර් මට කතා කරලා කිව්වා වයිෆ් හෙට පාන්දර ලංකාවට එනවා, ඇවිත් මාසයක් විතර ඉදලා ආයේ යනවා එයා ලංකාවේ ඉන්න කාලය පුරාවටම මට ඔයාට කතා කරන්න මැසේජ් කරන්න බැරි වෙයි. මොකද මට එයා එක්ක ඉන්න වෙනවා සහ මට එයා එක්ක ගමන් බිමන් ගොඩාක් යන්න වෙනවා. එයා ගියාම අපිට පරණ විදියට කතා කරන්න හමු වෙන්න පුළුවන් කියලා.

ඒක ඇහුවම මට සර්ගේ බිරිඳ එක්ක ලොකු ඉරිසියාවක් ඇති උනා. ඒ වගේම මට මම ගැන හරිම හීනමානයක් ඇති උනා.

ඊ⁣ටත් වඩා ලොකුම ප්‍රශ්නය උනේ එයාට මැසේජ් එකක් වත් නොදා එක පැයක් ඉන්න බැරි මම කොහොමද මාසයක්ම එයා එක්ක කතා නොකර ඉන්නෙ කියලා.

ඒත් මොනවා කරන්නද එහෙම ඉන්න වෙනවා නේ.

මම පහුවදා දැන ගත්තා සර් මාව හැම සම්බන්දතාවයකින්ම අවහිර කර ඇති බව. මට ඒක දරා ගන්න බැරි උනා. හරියට මාව උස්සලා පොළවේ ගැහුවා වගේ උනා.

මම ඉක්මනින් සූදානම් වෙලා කැම්පස් එකට ගියා. එදා උදේ වරුවේ සර් ආවේ නැහැ. දවල් එකට විතර මම දැක්කා සර්ගෙ කාර් එක එනවා. මම ඈත ඉදන් බලාගෙන හිටියා. ඒකෙන් එයාගේ වයිෆ් තමයි මුලින්ම බැස්සෙ දෙන්නත් එක්ක ඇවිත් අපි හැමෝම එක්ක ටික වෙලාවක් කතා කරලා එයාගේ බිරිදට අපිව අදුන්වලා දීලා office එකට ගියා.

හැබැයි සර් මම ගැන කිසිම විශේෂත්වයක් දක්වන්නේ නැතුව ඉන්න ඉතාමත් පරිස්සම් උනා කියලා මට හොදටම තේරුණා. මට ඒකට ගොඩාක් දුක හිතුණා.

ඔහොම සතියක් විතර ගියා. සර් කැම්පස් එකට ඒ සතියම ආවේ නැහැ. එයා ඉන්නෙ කොහෙද මොනවාද කරන්නේ කියලා මට කිසිම තොරතුරක් ආවේ නැහැ. නමුත් මම එයාගේ face book ගිණුව වෙනත් ක්‍රමයකින් පරික්ෂා කරා නමුත් එහි කිසිම දෙයක් පල කරලා තිබුණේ නැහැ සතියකින් විතර.

දවසක් යාලුවෙක් ඇවිත් මෙහෙම කිව්වා..

දන්නවද වැඩක් සර් ජොබ් එකෙන් අයින් වෙලා මාසයකට වැඩියිලු. එයා හෙට ලංකාවෙන් යනවලු.

ජීවිතයේ මම අහපු ඉතාමත් වේදනාකාරී වචන ටික. ඒක මම කොහොම අහගෙන හිටියද කියලා හිතා ගන්න බැහැ. ඒ වචන ටික කියවලා ඉවර වෙද්දී මට ක්ලාන්තය හැදිලා බිම වැටුණා. පියවි සිහියට එනකොටම මම හිටියේ දේශන ශාලාවක බංකුවක් උඩ ඇස් අරින කොට මම දැක්කෙ මට ඉහළින් සිවිලිම් පෑන් එක වේගයෙන කරකැවෙනවා.

පොඩි වෙලාවකින් මට උනේ මොකක්ද කියලා මතක් උනාම මට හිතුණා මේ සිවිලින් පෑන් එකේ එල්ලිලා මම මැරිලා මගේ ප්‍රාණය නිරුද්ධ සිරුර පෑන් එකේ මේ වගේ වේගයකින් කැරකි කැරකි තිබුණා නම් කියලා.

එදයින් මෙදයි සර් අද වෙනකම් මමත් එක්ක කිසිම සම්බන්දයක් තියා ගත්තෙ නැහැ. මම විවිධ ක්‍රම වලින් එයාව සම්බන්ධ කර ගන්න උත්සාහ කරා එයා මාව හැම එකකින්ම මාව අවහිර කරලා.

වෙන දුරකථන අංක වලින් කතා කරා අන්තිමට එයා භාවිතා කරපු දුරකථන සිම් පවා අයින් කරලා.

මේ දේවල් වෙලා දැන් මාසයකට වැඩියි. මම ජීවිතයේ වැටෙන්න පුළුවන් උපරිම නරකම තැනට දැන් වැටිලා ඉවරයි. මම මගේ සියලුම අධ්‍යයන කටයුතු අතඇරලා දාලා ගෙදර ගියා. අපේ කණ්ඩායමේ හිටිය දක්ෂම ළමයි මම නිසා යාලුවෝ මගේ ගෙදරට පවා ඇවිත් මාව ආයේ එක්ක යන්න හැදුවා නමුත් මම ගියේ නැහැ. මම එයාලට කිව්වා තවත් කවදාවත් කැම්පස් එක පැත්ත පලාතේ මම එන්නෙ නැහැ කියලා සහ ඒ මොකද කියලා මගෙන් අහන්න එපා කියලා.

නමුත් මම දැන් දවසකට කලින් මම සර්ගේ face book ගිණුම පරික්ෂා කරාම එයා අලුතින් profile picture එකක් එකතු කරලා තියනවා ලෝකයේ ඉතාමත් ප්‍රසිද්ධ ස්ථානයක එයයි පවුලේ අයයි එකට ඉන්න.

මේක දැක්කම මට මගේ ඉතුරු පණ ටිකත් නැති වෙලා ගියා වගේ දැණුනා.

නමුත් මට මැරෙන්න බැහැ දැන්ම මොකද මගේ අම්මා වෙනුවෙන් මම ජීවත් වෙන්න ඕන, පුංචිම කාලේ තාත්තා මමයි නංගියි අම්මයි දාලා ගියාට පස්සේ අම්මා තමයි අපිව උස් මහත් කරලා අපිට හොදින් ඉගැන්නුවේ. ඉතින් අපි නිසා අම්මට තවත් දුක් විදින්න ඉඩ තියන්න බැහැ.

මට මේ හැමදේම අමතක කරලා ආයේ වැඩ පටන් ගන්න ඕන මට ඒකට උපදේශනයේ සහාය අවශ්‍යයි.

අපි මුලින්ම බලමු ඇය මේ පත් වෙලා ඉන්න තත්ත්වය මොකක්ද කියලා මනෝ විද්‍යාත්මකව.

අපි මනෝ විද්‍යාවේදී මේ තත්ත්වයට කියනවා නිහඬ විරහව කියලා..

🧠 මොකක්ද මේ නිහඬ විරහව
(Disenfranchised Grief)?

සාමාන්‍යයෙන් කෙනෙක් මියගිය විට හෝ පෙම්වතෙකු අහිමි වූ විට කෙනෙක්ට ඒ ගැන හඬා වැලපීමට, මිතුරන් සමඟ දුක බෙදා ගැනීමට සමාජීය අවසරයක් තිබේ. නමුත් සමාජ සම්මතයන්ට පටහැනි සබඳතාවක් බිඳී ගිය විට, ඒ වෙනුවෙන් ශෝක වීමට සමාජය ඉඩ දෙන්නේ නැත.

මෙවැනි අවස්ථාවක කෙනෙක් විඳින වේදනාවට මනෝවිද්‍යාවේදී කියන්නේ Disenfranchised Grief කියලයි.

මෙහි ඇති භයානක තත්ත්වය කුමක්ද?

1. හුදෙකලා වීම (Isolation)

අන් අය අසන්නේ ඇයි ඔයා මේ ටිකේ අමුතු වෙලා මොකක්ද ඔයාට වෙලා තියෙන්නේ ඇයි ඔහොම ඉන්නෙ ? කියාය. නමුත් ඔවුන්ට සැබෑ හේතුව පැවසිය නොහැක. එවිට ඔවුන් තවත් තනි වේ.

2. ප්‍රතිකාර ප්‍රමාද වීම.

වැරදි වැඩක් කරලා නේද විඳවන්නේ කියා සමාජය දොස් පවරනු ඇතැයි යන බිය නිසා බොහෝ දෙනෙක් උපදේශනය සඳහා පැමිණීමට පවා බිය වෙති.

3. අභ්‍යන්තර දඩයම.

පවතින වරදකාරී හැඟීම (Guilt) සහ අහිමි වීම (Loss) එකට එකතු වූ විට එය මානසික අවපීඩනය (Depression) දක්වා ඉතා ඉක්මනින් වර්ධනය විය හැකියි.

මේ කතාවේ තරුණියට ඉහත එක සහ දෙකම පැවැතුණි. නමුත් මාසයක් පමණ පමා වී හෝ ඇය උපදේශනය සදහා යොමු විය.

🧠ඉහත තරුණිය නිහඬ විරහවකට ගොදුරු වීමට බලපෑ හේතු ගැන මනෝ විද්‍යාත්මක පැහැදිලි

Ghosting Trauma (හදිසි සබඳතා අත්හැරීම)

සර් විසින් ඇයව සෑම තැනකින්ම අවහිර කිරීම (Block) ඇයට දැනෙන්නේ තමාගේ පැවැත්ම එකවරම අකාසි වී ගියා වැනි හැඟීමකි. ඔහුට එය තම පවුල් ජීවිතය රැකගැනීමේ උපාය මාර්ගයක් වුවද, ඇයට එය තමා වැඩකට නැති, අවශ්‍ය විටෙක පමණක් පාවිච්චි කරන වස්තුවක් (Objectification) වැනි හැඟීමක් ඇති කරයි.

2. උග්‍ර ඉරිසියාව සහ හීනමානය.

තමා මෙතෙක් තනිවම අයිති කරගෙන සිටි අවධානය, ආදරය සහ කාලය වෙනත් අයෙකු (නීත්‍යානුකූල බිරිඳ) වෙත හිමි වනවා දෑසින් දැකීම ඇයව මානසිකව ඇද වට්ටවයි. මෙහිදී ඇය තමාගේ වටිනාකම බිරිඳ සමඟ සංසන්දනය කිරීමට යාම නිසා ඇය තුළ දැඩි හීනමානයක් (Inferiority Complex) නිර්මාණය වේ.

3. Social Masking (සමාජීය වෙස්මුහුණ)

ඔහු කැම්පස් එකේදී ඇයව සාමාන්‍ය ශිෂ්‍යාවක ලෙස හඳුන්වා දීම ඇයට දරාගත නොහැකි වන්නේ, ඇගේ ලෝකය තුළ ඔහු විශේෂ අයෙකු වූ බැවිනි. තමාට හිමි 'විශේෂ තැන' අහිමි වීම ඇයව දැඩි Identity Crisis එකකට ඇද දමයි.

✌️ඔහු ඇයව අවහිර කළේ බිරිඳගෙන් බේරීමට විය හැක.

නමුත් ඇයට එය දැනුණේ තමාගේ ආත්මයට එල්ල වූ මරු පහරක් ලෙසය. ආදරය කරන විට අප හදවතේ රජ කරවූ තැනැත්තා, තවත් අයෙකු ඉදිරියේ අපව නන්නාඳුනන කෙනෙකු සේ සලකන විට දැනෙන වේදනාව නිහඬ විරහවේ දරුණුතම අවස්ථාවයි.

👩‍💼ඇය මේ පුද්ගලයාට තදින්ම බැදීමට හේතු මොනවාද ?

මේ තරුණිය ඒ පුද්ගලයාට මේ තරම් තදින් බැඳෙන්නට (Intense Emotional Attachment) හේතු වූ කරුණු මනෝවිද්‍යාත්මකව විශ්වාස කළ නොහැකි තරම් ප්‍රබලයි. ඇය පැවසූ කතාව ඇසුරින් අපිට මේ බැඳීම පිටුපස ඇති ප්‍රධාන සාධක මෙහෙම විග්‍රහ කරන්න පුළුවන්...

1. ආරක්ෂිත බව සහ ගෞරවය (The Illusion of Safety)

ඇය විශේෂයෙන්ම සඳහන් කළේ ඔහු ලිංගික ඇසුරකට උත්සාහ නොකළ බවයි. බොහෝ පිරිමින් අවස්ථාවක් ලැබුණු සැනින් ලිංගිකත්වය සොයන සමාජයක, ඔහු පෙන්වූ ඒ සංයමය ඇය දුටුවේ උතුම් ගුණයක ලෙසයි.

🧠මනෝවිද්‍යාත්මකව මෙහිදී ඇය තුළ ඔහු කෙරෙහි තිබූ ආරක්ෂිත බව පිළිබඳ හැඟීම (Sense of Security) තහවුරු වුණා. මෙයා මගේ ඇඟට වඩා මගේ හිතට ආදරෙයි කියන සිතුවිල්ල ඇයව ඔහුට සම්පූර්ණයෙන්ම අවනත කළා.

2. පීතෘ සෙනෙහසේ හිස්බව
(Father Figure/Father Wound)

ඇය පැවසූ පරිදි කුඩා කාලයේදීම ඇගේ පියා ඔවුන්ව දමා ගොස් තිබෙනවා.

🧠මනෝවිද්‍යාත්මකව පියෙකුගේ ආදරය සහ රැකවරණය අහිමි ගැහැණු දරුවන් වැඩිහිටි වියේදී තමන්ට වඩා වයසින් වැඩි (වසර 10ක් වැඩිමල්), තමන්ට මඟ පෙන්වන පරිණත පිරිමින්ට ඉක්මනින් ආකර්ෂණය වීමේ ප්‍රවණතාවක් තිබෙනවා. ඇය ඔහු තුළින් දුටුවේ තමන්ට අහිමි වූ ඒ පීතෘ සෙනෙහස සහ රැකවරණයයි.

3. අධික අවධානය සහ අස්වැසිල්ල
(Validation & Attention)

අධ්‍යයන කටයුතු අතරතුර ඔහු ඇයට ලබා දුන් විශේෂ අවධානය ඇගේ මනසට විශාල අස්වැසිල්ලක් වුණා.

🧠Halo Effect ඔහු ගුරුවරයෙකු/සර් කෙනෙකු ලෙස සමාජයීය මට්ටමින් ඉහළ තැනක සිටීම නිසා, ඔහුගෙන් ලැබෙන සුළු අවධානයක් පවා ඇය අතිවිශාල වටිනාකමකින් යුතුව (Idealization) බාරගත්තා.

4. තනිකම සහ හුදෙකලාව (Shared Loneliness)

ඔහුගේ බිරිඳ සහ දරුවන් රටින් බැහැරව සිටීම නිසා ඔහු සිටියේ තනිකමෙන් බව ඇය විශ්වාස කළා.

🧠Rescuer Complex ඔහු පාලුවෙන් ඉන්නේ, මම තමයි ඔහුව සතුටින් තියන්න ඕනේ කියන හැඟීම (Save-him complex) ඇය තුළ ඇති වුණා. මෙය බැඳීමක් තද කිරීමට බලපාන ප්‍රබල සාධකයක්.

5. රහසිගත බවේ තීව්‍රතාවය (The Secrecy Effect)

මේ සම්බන්ධය රහසක් වීම නිසා ඒ තුළ ඇති රොමැන්ටික් ගතිය තවත් වැඩි වුණා.

🧠Romeo & Juliet Effect සමාජයෙන් හෝ යහළුවන්ගෙන් එල්ල වන බාධා (උදා සර් බැඳලා දරුවොත් ඉන්නවා කියා යාලුවන් විහිළු කිරීම) හමුවේ එම බැඳීම තවත් තදින් දැනෙන්නට පටන් ගන්නවා..

ඇය මේ පුද්ගලයාට බැඳුණේ කාමය නිසා නොව, ඇගේ හදවතේ කුඩා කල සිට තිබූ ආදරය සහ අවධානය පිළිබඳ හිස්බව (Void) ඔහු විසින් පුරවනු ඇතැයි ඇය විශ්වාස කළ නිසයි. ඔහු ඇයට ලබා දුන් ඒ ව්‍යාජ ගෞරවය ඇයව මානසික උගුලක සිර කර තිබුණා.

ඉතින් මෙවැනි තත්වයකින් මිදීමට අනුව කරන්න ඕන නිවැරදි විද්‍යාත්මක මාවත ගැන සරල මග පෙන්වීමක් පළමු comment එක ලෙස පල කර ඇති..

Psychological
Counselor
Kasun Rajapaksha
fans





ඔබත් විශ්වාසයේ සිරකරුවෙක්ද?සහකරුගේ පාවාදීමෙන් පසු සිතේ ඇතිවන නොනිමෙන ගින්දර...​මනෝ උපදේශනයට එන බොහෝ දෙනෙක් මුලින්ම කතා ක...
25/03/2026

ඔබත් විශ්වාසයේ සිරකරුවෙක්ද?
සහකරුගේ පාවාදීමෙන් පසු සිතේ ඇතිවන නොනිමෙන ගින්දර...

​මනෝ උපදේශනයට එන බොහෝ දෙනෙක් මුලින්ම කතා කරන්නේ එක්කො තමන්ගේ දරුවෙකුගේ ප්‍රශ්නයක් හෝ ගෙදර දොරේ වෙනත් ගැටලුවක් ගැන. හැබැයි සැසිය අවසානයේ ඔවුන්ගේ හදවතේ ගැඹුරේම හංගාගෙන ඉන්න සැබෑ වේදනාවක් බොහෝ වෙලාවට එළියට එනවා.

"මගේ මහත්තයා/බිරිඳ අතින් මට ලොකු වරදක් වුණා. එයාගෙ වෙනත් සම්බන්ධයක් තිබිලා මට අහු වුණා. දැන් එයා ඒ හැමදේම නතර කරලා මාත් එක්ක හොඳින් ඉන්නවා තමයි. මම දරුවෝ වෙනුවෙන් එයාට සමාවත් දුන්නා. හැබැයි මට දැන් එයාව දැනෙන්නේ නැහැ. එයා මගේ ළඟට එනකොටත් මට බයයි. ආයෙත් පරණ දේම වෙයිදෝ කියන සැකය මාව හුස්ම හිර කරනවා..."

​ලංකාවේ අතිවිශාල පිරිසක් එකම වහලක් යට ජීවත් වුණත්, මේ විදිහට තනියම හිතින් විඳවමින් ජීවත් වෙනවා. ඔබත් දරුවන් වෙනුවෙන් හෝ පවුල වෙනුවෙන් "සමාව දුන්නා" කියා මවාපාමින්, හැම මොහොතකම අර පරණ මැසේජ් එකක්, පරණ ෆොටෝ එකක් හරි එදා ඔබ ඇස් දෙකටම දැක්ක දර්ශනයක් හරි නිසා තවමත් ගැහෙන හදවතින් ඉන්නවා වෙන්න පුළුවන්.

මොකක්ද මේ Post-Infidelity Stress Disorder (PISD)?

මනෝවිද්‍යාවේදී මේක හඳුන්වන්නේ Post-Infidelity Stress Disorder කියලා. මේ තත්ත්වය යුද්ධයකට මැදිවුණු සොල්දාදුවෙකුට ඇතිවන මානසික කම්පනයට සමානයි. සමහරු අවුරුදු 5ක්, 10ක් ගියත් සහකරුගේ ෆෝන් එක පරීක්ෂා කරන්නේ හෝ නිතර ප්‍රශ්න කරන්නේ අහංකාරකමට නෙවෙයි. ඔවුන් පත්ව සිටින මේ Betrayal Trauma හෙවත් විශ්වාසය බිඳීමේ කම්පනය නිසයි.
​මේ තත්ත්වයේ ප්‍රධාන ලක්ෂණ 3ක් අපිට හඳුනාගන්න පුළුවන්.

Flashbacks (අතීතය මැවී පෙනීම)

ඔබ දෙන්නා සතුටින් ඉන්න වෙලාවක වුණත්, එකපාරටම අර පරණ අමිහිරි මතකය මනසට ගලාගෙන එනවා. එය හරියට සුව වේගෙන එන තුවාලයක් ආයෙත් පාරනවා වගේ දෙයක්. ඔබ ඉන්නේ වර්තමානයේ වුණත්, ඔබේ මනස තවමත් අර වේදනාකාරී අතීතයේ හිරවෙලයි තියෙන්නේ.

Hypervigilance (අධි අවධානය)

ඔහු හෝ ඇය ෆෝන් එක අතට ගන්න කොට ඔබ නොසන්සුන් වෙනවද? එයා ගෙදර එන්න චුට්ටක් පරක්කු වෙනකොට පපුව ගැහෙන්න ගන්නවද? මේක ඔබ හිතාමතා කරන දෙයක් නෙවෙයි. නැවත වතාවක් පාවාදීමකට ලක් නොවී සිටීම සඳහා ඔබේ යටිසිත විසින් පවත්වා ගන්නා දැඩි ආරක්ෂක පියවරක්.

Emotional Numbing (හැඟීම් දැනීම අඩු වීම)

සමාව දුන්නත්, ඉස්සර තිබුණු ඒ ආදරය, ලිංගික ආකර්ෂණය හෝ ලෙන්ගතුකම දැන් ඔබට දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. සහකරුගේ පාවාදීම නිසා ඔබේ මනස ආරක්ෂිත පවුරක් (Wall) හදාගෙන තියෙනවා. ඒ නිසා සහකරු කොතරම් හොඳින් ඔබට සැලකුවත්, ඔබට එය හදවතින්ම විඳින්න අපහසුයි.

මේ වේදනාව ඔබව තවත් තැන්වලට ඇද දැමිය හැකියි.

Sanctuary Trauma

තමන්ට ලෝකයේ තිබෙන ආරක්ෂිතම ස්ථානය (නිවස සහ විවාහය) තුළදීම අනාරක්ෂිත බවක් දැනීම.

Obsessive Rumination:

අතීතයේ සිදුවූ දේ ගැනම නිරන්තරයෙන් සිතමින්, ප්‍රශ්න කරමින්, තමන්වම සහ සහකරු පීඩාවට පත් කිරීම.

"මම මේ හැමදේම ඉවසන්නේ දරුවෝ වෙනුවෙන්..."

බොහෝ දෙනා කියන කතාවක් තමයි මේක. හැබැයි ඔබ දන්නවද? හිත ඇතුළේ මෙවැනි මහා ගින්දරක් තියාගෙන, වේදනාවෙන් විඳවමින් ඔබ දරුවන් වෙනුවෙන් ඉන්නවා කියන්නේ ලොකු මුලාවක්. ඔබ ඇත්තටම කරන්නේ ඔබේ ඒ වේදනාව "විඳීම" සහ නොදැනුවත්වම ඒ පීඩනය දරුවන්ට සම්ප්‍රේෂණය කිරීමක්. දෙමාපියන් අතර පවතින මේ නොසන්සුන් බව, සැකය සහ හැඟීම් විරහිත බව දරුවන්ගේ මානසික වර්ධනයට සෘජුවම බලපානවා. සමහර දරුවන්ගේ අසාමාන්‍ය හැසිරීම් පිටුපස තියෙන්නේ මෙන්න මේ වගේ අසහනකාරී පවුල් පසුබිම්.

සුවපත් වීමට මඟක්...

​මතක තියාගන්න... සමාව දීම කියන්නෙ අමතක කිරීම නෙවේ. ඔබ තනිවම මේ සැකය සහ වේදනාව සමඟ පොරබැදීම දැන් නතර කළ යුතුයි. මේක ඔබේ වැරැද්දක් නෙවෙයි. පාවාදීම නිසා ඔබේ මනසට සිදු වූ බරපතල තුවාලයක්.

​ඔබේ පවුල් ජීවිතය නැවතත් සැබෑ සතුටින්, සැකයෙන් තොරව ගොඩනගා ගැනීමට ඔබට අවශ්‍යද? මේ පීඩිත මානසිකත්වයෙන් මිදී නිදහසේ හුස්ම ගැනීමට ඔබට මඟ පෙන්වීමක් අවශ්‍යද?

​මේ තත්ත්වයෙන් මිදෙන්න විද්‍යාත්මක මනෝවිද්‍යාත්මක විසඳුම් ඕනෑතරම් තිබෙනවා. ඔබට අහිමි වූ ඒ මානසික නිදහස සහ සැනසීම නැවත ලබා ගැනීමට වෘත්තීය මට්ටමෙන් උපකාර ලබා ගැනීම ලැජ්ජාවට කරුණක් නෙවෙයි.

Psychological Counselor
Kasun Rajapaksha






යශෝදා වයස අවුරුදු තිස් හතක විවාහක කාන්තාවක්, ස්වාමිපුරුෂයා ඇගේම වයසේ පසුවන අයෙක් වන අතර ඇයට වඩා ඔහු මාස කිහිපයක් බාල වේ....
21/03/2026

යශෝදා වයස අවුරුදු තිස් හතක විවාහක කාන්තාවක්, ස්වාමිපුරුෂයා ඇගේම වයසේ පසුවන අයෙක් වන අතර ඇයට වඩා ඔහු මාස කිහිපයක් බාල වේ. ඔවුන්ට දරුවන් තිදෙනෙකු සිටින අතර ඔවුන් පිළිවෙළින් වයස අවුරුදු නවය, වයස අවුරුදු හත සහ කුඩාම කෙනාට වයස අවුරුදු එකක් පමණ වේ. තිදෙනාම ගැහැණු දරුවන්ය.

යශෝදා සහ ස්වාමිපුරුෂයා යන දෙදෙනාම රැකියාවන් කරන අතර ඔවුන්ගේ දෙදෙනාගේම මාසික ආදායම ලක්ෂ දහය ඉක්මයි. ඒ අනුව ඔවුන් හොද ආර්ථික තත්වයක් සහ සමාජ තත්වයක් හොද අධ්‍යාපන මට්ටමක් හිමි අය වෙයි.

යශෝදා සහ ස්වාමිපුරුෂයා යන දෙදෙනාම රැකියා කරන නිසාත් ඔවුන් ඉතාම කාර්ය බහුල නිසාත් ඇයගේ මව සහ තවත් මෙහෙකාරියක් නිවසේ වැඩ කටයුතු සහ දරුවන් බලා ගැනීම සිදු කරයි. ඇත්තටම යශෝදාගේ මව තරමක් වයසක කාන්තාවක් උවත් ඇය තම දියණිය බෑනා සහ මිණිබිරියන් වෙනුවෙන් ඉතාම කැපවීමෙන් උනන්දුවෙන් කටයුතු කරනු ලබයි.

තුන් වෙනි දරුවා ලැබීමත් සමඟ ඇය ඉතාම දැඩි ලෙස මානසික පීඩනයට අධික තරහා යාමට අන් අයව නුරුස්සනා තත්වයට පත් විය, ඇය කවදාවත් නැතිව දරුවන්ට පහර දෙන සැමියාට පරුෂ වචනයෙන් බැන වදින, මවට තදින්ම බැන වදින තත්වයට පත් විය, එසේ ඇයගේ හැසිරීම් සහ පීඩනය දරා ගත නොහැකිව මෙහෙකාරියන් තිදෙනෙකුම සේවය අතහැර පිටව ගොස් දැන් සිටින්නේ හතරවෙනි මෙහෙකාරියයි.

ඇයද වෙනත් තැනක් නැති කම නිසා යශෝදා⁣ගේ පීඩනය දරා ගනිමින් සිටින බව යශෝදාගේ මව සමඟ පවසා එය ඇයගේ ස්වාමිපුරුෂයා මවගෙන් දැන ගෙන ඇත.

යශෝදාගේ මව පවසන පරිදි ඇය කුඩා කල සිටම අධික පිරිසිදුකම අධික පිළිවෙළ වැඩ කටයුතු පිළිබඳව දක්වන අධික අවධානය සහිත කෙනෙකි.

වැඩක් කරන විට එහි නිරතවන විට එය අවසන් කරන විට ඒ පිළිබඳව දක්වන සැලකිල්ල ඉතාම අසාමාන්‍ය වෙයි, ඇයට හෝ අන් අයට වැරදි අඩුපාඩු විය නොහැකිය, අත් වැරදීම් සුලු වැරදි අතපසුවීම් යනු ඇයගේ යකා ඇවිස්සීමටත් අන් අයව කායික මානසික තලා පෙලා දැමීමටත් වහා කිපෙන සුලු හේතු වේ.

මේ දිනවල ඇය වෙතින් කායික පීඩාවට වැඩිපුරම ලක් වන්නේ ඇයගේ වැඩිමහල් දරුවාය, කිහිප විටක්ම යශෝදා එම දරුවාට අමානුෂික ලෙස පහර දී තිබේ.

ඔය රෙදි වොෂින් මැෂින් එකෙන් හෝදලා හරි යන්නේ නැහැ.

ඔහොම රෙදි හෝදලා හරි යන්නේ නැහැ තව තව වතුර අරන් අරන් හෝදන්න ඕන, පේන්නෙ නැද්ද රෙදි බේසමේ වතුරට දාලා ගත්තම වතුරේ පිට වෙනස් වෙන හැටි තව කීප පාරක් හෝදන්න. යැයි ඇය මවට මෙහෙකාරියට අණ කරයි නියෝග කරයි.

ඔන්න ඉතින් ඇයගේ මට්ටමට වැඩේ සිදු වෙන්නෙ නැත්නම් කෝ මෙහාට වෙන්න මම ඕක කරන්නම්, කොහේද ඉතින් මේ ගෑණු කම්මැලි කමට අත පය වකුටු කරන් ඉන්න ⁣නේ කැමැති වැඩේ උඩින් පල්ලෙන් කරලා දමලා. යනුවෙන් මෙහෙකාරියට සහ මවට බැන වදිමින් ඇයගේ තත්වයට ක්‍රමයට ගැලපෙන ලෙස වැඩේ අවසන් කරයි.

සමහරවිට ඇය කරමින් සිටි වැඩක් දමලා තමයි අනෙක් වැඩේ කරන්න එන්නේ, එතකොට ඇයට ආයේ කරමින් හිටපු වැඩේ කරන්න සිදු වෙනවා.

අනෙක් අය නිවස පිරිසිදු කිරීම ගේ අතු ගෑම මිදුල අතුගෑම ඇයට හරි යන්නේ නැත. කුමන හෝ අඩුවක් දකී.

මොන කෙහෙල්මලක්ද ගෙයක් ⁣දොරක් හරියට අතු ගාන්න දන්නේ නැහැනෙ මේ අය, යනුවෙන් පවසා ඇය නැවත අතු පතු ගා පිරිසිදු කරන ලද නිවස මිදුල මුල සිට අතු පතු ගා ඇයගේ ක්‍රමයට පිරිසිදු කර ගනී.

ඔන්න මම සේරම කරලා තියෙන්නේ ආයේ හැඩි කරොත් මම බලා ගන්නම් තුන් හතර දෙනා ගැන යනුවෙන් හැමෝටම දැඩි ස්වරයෙන් පවසයි.

බැරි වෙලාවක් නිවසේ කොතන හෝ මකුනු දැලක් තිබුණොත් ඇය ස්වාමිපුරුෂයා හට සැර වෙයි.

ඇයි ගෙදර ඉන්නෙ ජීවත් වෙන්නෙ ඇස් පියාගෙනද අර අතන මකුනු දැල් ගේ හැමතැනම කොච්චර කැතද කවුරු හරි ගෙදරට ආවොත් හිතයි මේක අපායක් කියලා. කොහේද ඉතින් එක්කො මම කරන්න ඕන නැත්නම් මම කියන්න ඕන, ඒ කරත් හරායට වැඩේ කරන්නේ නැහැනෙ.

ඇය රැකියාව තුළ කොතරම් කාර්ය බහුල උනත් දවසට කිහිප වතාවක් නිවස අතුගායි, සමහරවිට මිදුලද, කුස්සිය කිහිප වතාවක් අස් කරයි පිරිසිදු කරයි, ඇදුම් නවයි, හිතන්න නිවස තුළ කොතරම් පිරිසිදුව තිබුණත් එක කෙස් රොදක් දුටුවත් කාට හෝ බැන බැන ඇය නැවත මුලු සාලයම මොබ් කරයි.

මේ නිසා ඇය නිදා ගන්නෙ මධ්‍යම රැය පහුවෙලාය, පාන්දර ඇහැරෙයි. නිවස තුළ ඇය සිටින වෙලාවට ඇසෙන්නේ ඇයගේ සද්ද බද්දය, සිදු වන්නේ ඇයගේ කටයුතුය.

මේ නිසා ඔවුන්ගේ ජල බිල විදුලි බිල අහස උසටය, සබන් රෙදි සෝදන කුඩු පවිත්‍රකාරක උපකරණ සහ වෙනත් විවිධ දේවල් සදහා ලක්ෂ ගණන් මුදල් වැය කරනු ලබයි. ඒ සියලුම ⁣දේවල් ඉතාම ⁣හොද තත්වයට පවතින, සෞඛ්‍ය ආරක්ෂිතව නිපදවා තිබෙන ඉහළ ගුණාත්මක දේවල්ම විය යුතුය. නිශ්පාදිත දිනය කාලය ඉකුත් වන දිනය, එහි අඩංගු අමුද්‍රව්‍ය රසායනික සංයුතිය එහි අහිතකර හිතකර බව සෞඛ්‍යය සදහා හොදින් හෝ නරකින් බලපාන ප්‍රතිශතය ගණනය කර එහි නිශ්පාදිත දිනයේ සිට අදාල දිනය දක්වා ඇතිවිය හැකි රසායනික වෙනස්කම් පිළිබඳව ගණනය කර ඇය ඕනෑම දෙයක් මිලදී ගැනීමට පසුබට වන්නේ නැත. ඇය වෘත්තීය ඉංජිනේරුවරියක් වීම නිසා විවිධ ගණිතමය සූත්‍ර මේ සදහා යොදා ගනී රසායන විද්‍යාවේ ⁣භෞතික විද්‍යාවේ ඉගැන්වීම් න්‍යායන් භාවිතා කරයි.

ආ මේ බිස්කට් එක හදලා තියෙන්නේ අහවල් දවසේ අද දවස මේක එතකොට ⁣මේක හදලා දැන් මාසයක් වෙනවා, අවුරුදු එකකින් කල් ඉකුත් ⁣වෙනවා කිව්වට මේ වෙනකොට මේකේ අර අහවල් පෝෂණ කොටස ඉවත් වෙලා හෝ එහි යම් බලපෑමක් නිසා මෙන්න ⁣මේ අහිතකර බැක්ටිරීයාව මෙහි නිර්මාණය ⁣වෙලා තියෙන්න පුලුවන් ඒක නිසා මේක කන්න සුදුසු නැහැ.

ඇය දරුවන්ට එහෙම පවසයි.

මල්ලි ඊයේ හෝ පෙරේදා දාපු බිස්කට් නැද්ද ?

ඇය විමසයි.

නැහැ මැඩම් ඔය දාපු ටික තමයි අපි ළඟ දැනට නම් තියෙන්නේ.

අපෝ එහෙමද එහෙම නම් මෙතන තියනවා ඇත්තෙ හරි පරණ බඩු වෙන්න ඕන අපි වෙන තැනකට යමු අහවල් තැන අලුතින් SPAR එකක් දාලා තියනවා එතන අලුත් බඩු ඇති අපි ඒකට යමු.

එහෙම පවසා ඇය ස්වාමිපුරුෂයා කැටුව වෙනත් සුපිරි ⁣වෙළදසැලකට යයි. එය සමහරවිට තියෙන්නේ තවත් සුපිරි ⁣වෙළදසැල් ගණනක් පසු කර යා යුතු විශාල දුරකින් විය හැකිය. ඇයට ඒවා අදාලම නැත. තෙල් සදහා යන වියදම් විඩංගු වන කාලය ඇයට අදාල නැත.

ඇයගේ හිතට තෘප්තිමත් ⁣ලෙස බඩු භාණ්ඩ මිලදී ගත හැකිනම් එය ඇයට වටී.

මොන තරම් වැඩ කරත් කාර්ය බහුල උනත් ඇය රැකියාව එහි කටයුතු අතපසු කරන්නේ නම් නැත, ඉතාම ⁣හොදින් එහි කටයුතු සිදු කරයි. නීතිය ආචාර දර්ම ප්‍රතිපත්තිය ඇය අකුරට පිළිපදියි, හොර බොරු වංචා නැත, මේ නිසා ඇය රැකියාවේ අන් අයට වඩා කැපී පෙනෙන ලෙස ඉහළට පැමිණ ඇත, විශාල වැටුපකට දීමනා වලට ඇය හිමිකම් කියයි, ආයතන ප්‍රධානීන් වෙනත් සහෝදර සේවකයින් සේවාලභීන් ඇයගේ අදහස් සැලසුම් උපදෙස් ඉතාම තදින්ම ගෞරවයෙන් පිළිගනී. ඇයගේ ගණනය කිරීම් තක්සේරු පුරොකථන හරියටම හරිය ඇය නිසා ආයතන, එහි ප්‍රධානීන් බේරුණු අවස්ථා ඕනෑ තරම්ය. වෘත්තීය ජීවිතයේ කප්පරක් දුර යන්නද ඇයට මේ තත්වය හේතු විය.

හිතන්න ඇයගේ නිවසට අමුත්තකු පැමිණෙනවා කියා, ඇය විශාල ⁣ලෙස ආතතියකට පත් වෙයි, එම අමුත්තාට සංග්‍රහ කිරීමට ඇය වෙනම සූදානම් වෙයි, නිවස පිළිවෙළ කරයි, දරුවන්ට මවට සැමියාට උපදෙස් ලබා දෙයි පිළිවෙළට ඉන්න ඕන නිකන් ඔය අපිරිසිදු වැරහැලි එල්ලගෙන නම් ඉන්න එපා හරිද, අක්කලා නංගිලා දගලන්න රංඩු කරන්න බැහැ හරිද එයා යනකම්, මොනවා හරි වැරැද්දක් කරොත් එයා ගියාම මම බලා ගන්නම් තේරුණාද.

ඔවුන් සමහරවිට ⁣කොහොම හොදින් හිටියත් ඇය කුමන හෝ වරදක් පෙන්වා දෙමින් කාට හෝ බැණ වදී..

ඇය සැමියාට නිතරම උපදෙස් ලබා දෙයි ඔයා ඉතුරු කරන්න දැනට ඔයා ගාව කොයි තරම් saving තියනව⁣ද, ලොකු දුවට අපි මෙහෙම උගන්වන්න ඕන එයා අර පාසලට ඇතුළු කරන්න ඕන රට යවන්න ඕන උසස් අධ්‍යාපනය සදහා මේ අය ඉතින් ⁣කොහොම හැදෙයිද දන්නේ නැහැනෙ. අපිට සලකයිද නැද්ද දන්නේ නැහැනෙ, ඒක නිසා අපි හොදින් කාටවත් අත නොපා ජීවත් වෙන්න අපිට අවශ්‍ය තත්වය හදා ගන්න ඕන එච්චරයි.

අපිට අරම වෙයි මෙහෙම වෙයි යනුවෙන් සිතා ඒ සදහා සූදානම් වන ලෙස ඇය නිතරම සැමියාට අනතුරු අඟවයි.

ඉතින් යශෝදාගේ කතාව වගේ තත්වයන් සහිත බොහෝ කාන්තාවන් මනෝ උපදේශනය සදහා පැමිණ තිබෙනවා, ඇත්තටම ඔවුන් එන්නේ ⁣වෙනත් ගැටලු කියා පාමින්, මට අරමයි මෙහෙයි තරහා යනවා මානසික ආතතිය වැඩියි, කවුරුත් මට උදව් කරන්නේ නැහැ, ස්වාමිපුරුෂයා මාව ගණන් ගන්නෙ නැහැ මගේ වැඩවලට උදව් කරන්නේ නැහැ ඒ අය හරිම අපිරිසිදුයි අපිළිවෙළයි ලස්සනට ඉන්නෙ නැහැ. දරුවන් හරිම අකීකරුයි මම කියන දේවල් අහන්නෙ නැහැ, ඔය වගේ දේවල් කියමින්.

නමුත් ඔවුන් සමඟ සහ පවුලේ අය සමඟ කතා බහ කිරීමේදී හෙළිවන තොරතුරු අනුව අපිට එන නිගමන වනුයේ සමහර අයගේ ඇති දැඩි බව දැඩි පිළිවෙළ, දැඩි විනය, දැඩි බුද්ධිමත් බව, සමහර අවස්ථාවල ඇති කර ගත යුතු ප්‍රායෝගික තත්වය පිළිබඳව සැලකිලිමත් ⁣නොවීම, අන්තවාදී ලෙස සිතා කටයුතු කිරීම, ප්‍රායෝගිකව නම්‍යශීලී ⁣ලෙස කටයුතු කල යුතු අවස්ථාවල තමන්ගේම මතයට ප්‍රතිපත්ති වලටම අනුකූලව කටයුතු කරන්න යාම මෙයට හේතු වේ.

මේ නිසා අධික වැඩ කන්දරවෙක් කිරිමට සිදු වීම.

අනෙක් අයගෙන් කර ගත යුතු කර ගත හැකි වැඩ පවා තමන් විසින් සිදු කිරිමට යාම.

අන් අයගේ වැඩ පිළිවෙළ වැඩ කිරීමේ රටාව හැකියාව නොරිස්සීම.

අධික ⁣ලෙස වැඩ කටයුතු වල නිරත වීම නිසා සුවපත් ප්‍රමාණවත් ක්‍රමවත් නින්දක් අහිමි වීම.

විවේකය විනෝදාත්මක දේවල් අවම වීම හෝ කෙසේවත් නොවීම.

අනෙක් අය ගැන ඕනවට වඩා සිතීමට යාම සමහරවිට අවධානය ලබා ගැනීමට යාම.

සියල්ල සිදු වන්නේ සියලුම දෙනා කටයුතු කරන්නේ තමන්ට එදිරිව තමන්ට බාදා කිරීමට යැයි සිතීම.

මම කොච්චර හොදට හැමදේම කරන්න යනවා නමුත් කවුරුත් මට සහාය දෙන්නේ නැහැ, යනුවෙන් හැමෝම තමන් සේ සිතිය යුතුයි තමන් මෙන් තමන්ගේ වේගයට අනුව කටයුතු කල යුතුය යනුවෙන් සිතීම.

අධික ලෙස බුද්ධිය දැනුම තර්කණය භාවිතා කිරීම.
උදාහරණයක් ⁣ලෙස. නිශ්පාදනය කරලා අච්චර දවස් තියන බිස්කට් කෑවාම ඒක බඩේ ඉන්න අහවල් බැක්ටීරියා සමඟ ප්‍රතික්‍රියා කරලා අහවල් විෂ නිර්මාණය ⁣වෙලා මරණයට පවා පත් වෙන්න පුලුවන් කියලා විද්‍යාත්මකව සනාථ කරලා තියනවා, ඉතින් ඔයා මට කියන්නේ එහෙම කෑම මේ නොදරුවන්ට දෙන්න කියලද ? මටනම් අම්මා කෙනෙක් විදියට ම⁣ගේ දරුවන්ය වස කවන්න බැහැ, වස කවන්න දෙන්නෙත් නැහැ.

මේ හේතු නිසා ඇති වන මානසික ආතතිය තරහා යාම අධික ⁣ලෙස කෝපයට පත් වීම අධික ලෙස කාංසාවට පත් වීම සිදු වෙනවා, සමහරවිට විශාදයට පවා ගොදුරු වෙන්න පුලුවන්.

මෙවැනි තත්වයක් අපි මනෝ විද්‍යාව තුළ පෞරුෂය ආබාධයක් ලෙස සලකනවා..

මේකට කියන්නේ ග්‍රස්ථීය අනිවාර්යතා පෞරුෂ අක්‍රමතාවය කියලා.
Obsessive Compulsive Personality disorder ..

ඉතින් තවදුරටත් හදුනාගෙන තියනවා ජනගහනයෙන් සියයට දෙකකට මේ තත්වය තියෙන්න පුලුවන්.

නමුත් මට හිතෙන්නේ නම් ඊටත් වඩා වැඩි ඇති කියලා, මොකද ඒ තරම් විශාල පිරිසක් එක්ක මම කටයුතු කරලා තියනවා.

එතකොට මේ තත්වය වැඩිපුර තියෙන්නේ පිරිමි අයට කියලා තමයි DSM 05 වල සදහන් වෙන්නෙ, නමුත් මට තියන අද්දැකීම තමයි මම හමුවට ආපු මෙවැනි තත්වයක් තියන සේවාලාභීන් අතිශය බහුතරයක් කාන්තාවන්.

ඉතින් පෞර්ෂය ආබාධයක් පහසුවෙන් ලේසියෙන් සාමාන්‍ය තත්වයට පත් කරන්න බැහැ. සමහරවිට බැරිම වෙන්න පුලුවන්.

ලංකාවේ දික්කසාද පවුල් ආරවුල් ඇති වෙන්න බලපාන ප්‍රධාන හේතුවක් තමයි අසමාන ⁣පෞරුෂයක් සහිත දෙන්නෙකු විවාහ වීම.. මෙහෙම කෙනෙක් එක්ක අපිරිසිදු කම අපිළිවෙළ තියන කෙනෙක් කසාද බැන්දොත් ඇති වන තත්වය හිතන්න කොයි වගේද කියලා.

ඉතින් ඔබට මෙවැනි තත්වයක් තියනවා නම් මනෝ උපදේශනය සදහා යොමු වීම වඩාත් හොදයි, ඔබේ සැමියාට හෝ බිරිදට මෙවැනි තත්වයක් පවතිනවා නම් ඔබ හරි මනෝ උපදේශනය සදහා යොමු වීම වඩාත් හොදයි. මොකද සමහර අය මෙවැනි තත්වයක් ඇති උපදේශනය සදහා යොමු වෙන්න කැමැති නැති වෙන්න පුලුවන්.

සමහරුන්ට මෙය පිළිවෙළ ලෙස පෙනුණත්, ඇය ඇතුළාන්තයෙන් විඳින්නේ මහා පීඩනයකි. සියල්ල උපරිමයෙන්ම (Perfect) කිරීමට යාම නිසා ඇයට ජීවිතයේ සතුට සහ සැනසීම අහිමි වී ඇත. මෙය හුදෙක් ගතිගුණයක් නොව, ප්‍රතිකාර සහ මඟපෙන්වීම් අවශ්‍ය කරන පෞරුෂ අක්‍රමතාවයකි.

මේ කතාවේ නම් ගම් මනංකල්පිතයි, ඒ වගේම ඔය මම ඉදිරිපත් කරපු සමහර ගණිතමය විද්‍යාත්මක තර්ක නම් නිවැරදි නැහැ. මොකද ඔය සමහර අය ඉදිරිපත් කරපු ගැටලු අනුසාරයෙන් ගොඩ නගපුව, සමහර දේවල් මටත් තේරුණේ නැහැ ඔවුන් කියපු.😉

Psychological Counselor
Kasun Rajapaksha
fans






👩‍💼මට කාලයක් තිස්සේ වට්ස් ඇප් හරහා නිතර පණිවිඩ එවන පිරිමි ළමයෙක් හිටියා..Hii good morning Hii ඔයාට කොහොමද ?වගේ ඒවා තමයි ...
17/03/2026

👩‍💼මට කාලයක් තිස්සේ වට්ස් ඇප් හරහා නිතර පණිවිඩ එවන පිරිමි ළමයෙක් හිටියා..

Hii good morning

Hii ඔයාට කොහොමද ?

වගේ ඒවා තමයි එයා එව්වේ නිතරම.

මම බලලා නිකන් ඉන්නවා මුකුත් කියන්නේ නැහැ..

මොකද අද කාලේ ඔහොම කියාගෙන කට්ටිය එන්නේ මොකටද කියලා මම දන්නවා නේ. සහ මගෙත් තියන ආඩම්බර කම නිසා..

ඔහොම කාලයක් ගියා. දවසක් මට මගේ husband එක්ක ලොකු රංඩුවක් වෙලා ඉන්න වෙලාවක ඔය කෙනා මට hii කොහොමද ඔයාට.. කියලා මැසේජ් එකක් එව්වා.

මමත් ඒක බලලා 🥲 මෙන්න මේ ඉමෝජි එක එයාට යැව්වා.

මම ඒ වෙලාවේ ගොඩාක් දුකින් අඩ අඩ හිටියේ. ඇත්තටම කිව්වොත් කසාද බැදපු දවසේ ඉදලා මම විදපු අනේක විද දුක් වේදනා නිසා මම කාලයක් ලොකු පීඩනයක ජීවත් උනේ. විවාහ වෙලා වසර ගණනක් වෙලත් විවිධ හේතු නිසා මම කාටවත් ඒ ගැන කිව්වේ නැහැ.

ඇයි මොකද ප්‍රශ්නයකද ඔයා ඉන්නෙ කියලා එයා අහලා එව්වා.

ඔයා ප්‍රශ්නයකද ඉන්නෙ කියන එක මට ටිකක් අමුතු සහ සහනදායී හැඟීමක් ඇති කරා. මමත් හ්ම් කිව්වා.

ආ මොකක්ද ප්‍රශ්නය කියලා එයා ඇහුවා.

ඒක ටිකක් දිග කතාවක්..

කමක් නැහැ කියන්න.

ඔයා marry කරලා නේද ඉන්නෙ. ඇයි husband එක්ක ප්‍රශ්නයකද ඉන්නෙ ?

ඔයා කොහොමද එහෙම හිතුවේ ?

මගෙන් පෙරළා ප්‍රශ්නයක්..

මට නිකන් හිතුණා..

මමත් ආඩම්බර කම පැත්තකින් තියලා එයත් එක්ක චැට් කරන්න පටන් ගත්තා.

හ්ම් ඔව් අද අපි දෙන්න රංඩු කරා..

එයාගෙනුත් ඒකට ප්‍රතිචාරය උනේ 🥲 එකක්.

ඒ ඉමෝජිය දැක්කම මට දැනුනේ එයාට මාව ⁣දැණුනා වගේ

මමත් කෙලින්ම ඇහුවා ඔයා marry කරලා නැද්ද කියලා.

එයත් ඒකට දැම්මෙ ☺එකක්.

හරි අපි මේ ගැන කතා කරමු ඔයා හැමදේම මට කියන්න. එයා මට කිව්වා.

මමත් කිව්වා.
හරි ඉන්න මට ටික වෙලාවක් දෙන්න මම ඔයාට ගන්නම්. මට පොඩි වැඩ ටිකක් තියනවා ඒක කරලා එන්නම්.

ඇත්තටම මට මහ ලොකු වැඩක් තිබුණේ නැහැ පොඩි වැඩ ටිකක් තිබුණේ. නමුත් මට ඕන උනේ හැමදේම ඉවර කරලා මේ මනුස්සයා එක්ක නිදහසේ කතා කරන්න.

අපි දෙන්න අතර උන පොඩි සංවාදය හරහා මාව දුරකථන ඇමතුමක් ගන්න තත්ත්වයට පත් කරන තරමේ සහනයක් ඒ තුළින් මට දැණුනා.

හරි ඔයා ඕන වෙලාවක ගන්න.

මගේ සියලුම වැඩ අවසන් කරලා මම එයාට call එක ගත්තා. පළමු පාර rings යන්න උනෙත් නැහැ එය⁣ෙ call එක answer කරලා hello කියලා සැහැල්ලු කට හඩකිනින් මට කතා කරා.

අපි කතා කරා එදා පැය ගණනක්. Call එක අවසන් උනාම මට දැනුනේ කියා ගන්න බැරි තරම් සැහැල්ලු බවක්..

මේ වගේ කතා උපදේශන සැසි වලදී මම ඕන තරම් අහලා තියනවා..

ඒ වගේම මෙහි අවසානයේදී උනේ මොකක්ද කියලත් අපිට client ලා කියනවා..

😳චැට් එකකින් ඇරඹෙන සහනදායී අනතුර

husband එක්ක ලොකු රංඩුවක් වෙලා මම අඬ අඬ හිටියේ. ඒ වෙලාවේ තමයි එයාගෙන් මැසේජ් එක ආවේ...

ඇත්තටම එයා ඇහුව ඇයි මොකද ප්‍රශ්නයකද ඉන්නෙ?
කියන වචන ටික මට දැනුණේ මහා ලොකු සහනයක් වගේ.

👆බොහෝ දෙනෙක් අනියම් සබඳතාවලට අඩිය තබන ඒ සුන්දර ආරම්භය පිටුපස ඇති මනෝවිද්‍යාව ඔබ දන්නවාද?

😳 1. Vulnerability (අනාරක්ෂිත මොහොත)

අපේ ජීවිතයේ අපි මානසිකව වැටිලා ඉන්න වෙලාවක (උදා සහකරු සමඟ රණ්ඩු වූ මොහොතක) අපේ මනස ඉතාමත් අනාරක්ෂිතයි. ඒ වෙලාවට ලැබෙන ඕනෑම පොඩි අවධානයක් වුණත් අපිට දැනෙන්නේ මහා ලොකු ආශීර්වාදයක් වගේ.

🧠 2. Catharsis හිත නිදහස් කර ගැනීමේ ආශාව

මට ඕන වුණේ වැඩ ඉක්මනට ඉවර කරලා එයා එක්ක නිදහසේ කතා කරන්න.

මෙතැනදී ක්‍රියාත්මක වෙන්නේ Catharsis (කැතර්සිස්) හෙවත් හිතේ හිරකරගෙන ඉන්න හැඟීම් පිටකර ගැනීමේ දැඩි අවශ්‍යතාවයයි. සහකරුගෙන් නොලැබෙන ඒ ඇහුම්කන් දීම වෙනත් අයෙකුගෙන් ලැබෙන විට, මනස ක්ෂණිකව ඒ පුද්ගලයා දෙසට ඇදී යනවා.

🧠 Catharsis (කැතර්සිස්) යනු කුමක්ද?

ඔබේ හිතේ හිර කරගෙන සිටි හැඟීම්, දුක සහ රහස් පිට කිරීමෙන් ලැබෙන මානසික නිදහස මනෝවිද්‍යාවේදී Catharsis ලෙස හඳුන්වනවා. ඔබ ඒ රහස් ඔහුට/ඇයට පැවසූ විට ඔබේ මොළය සහනදායී හෝමෝන නිපදවනවා.
මෙතැනදී සිදුවන ලොකුම වැරැද්ද ගැන තවදුරටත්

🫡මතක තබා ගන්න ඔයාට සහනය ලැබුණේ ඔහු අහන් හිටපු නිසා නෙවෙයි, ඔබ තුළ තිබූ පීඩනය පිටවූ (Venting) නිසයි. නමුත් ඔබේ මනස ඒ සහනය අර පුද්ගලයාට ආරෝපණය කරනවා. ඔබ ආදරය කරන්නේ පුද්ගලයාට නොව ඔහුගෙන් ලැබුණු ඒ තාවකාලික සහනයටයි.

😳සහනය උගුලක් වන්නේ කෙසේද?

සැබෑ ගැටලුව වන්නේ, මේ Catharsis එක හරහා ඔබ ඒ පුද්ගලයා මත මානසිකව යැපෙන්න (Dependent) පටන් ගැනීමයි. එයාට කියලා හිත නිදහස් කර ගන්න කියලා මනස නිතරම බල කරනවා. ඒ සහනයට මනස හුරු වෙනවා.

• සහකරුට නොකියන රහස් ඔහුට පැවසීමෙන් පවුලේ විශ්වාසය (Emotional Fidelity) බිඳී යනවා.

දෙන්නෙක් තවදුරටත් සමීප වීම යනු පියවරෙන් පියවර තමන්ගේ අතිශයින් පෞද්ගලික දේවල් බෙදා ගැනීමක් වෙනවා. විශේෂයෙන් කුතුහලය ඇති වීම.

උදාහරණයක් ලෙස තමන් සැමියා සමඟ ලිංගික එකතු වීම තමා සහ සැමියා අතර ඇති ලිංගික හැසිරීම් පිළිබඳ වෙනත් අයකුගේ අදහස් දැන ගැනීමට ආසාවක් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් පිරිමියකු නම් ගැහැණු කෙනෙක් ගෙන් ගැහැණු කෙනෙක් නම් පිරිමි කෙනෙක් ගෙන්.

අන්තිමට ඔවුන්ගේ අද්දැකීම් සහ තමන්ගේ අද්දැකීම් අතර පරස්පරතා සන්සන්දනය කරන්න ගිහින් මානසිකව තවත් අසහනයට පත් වෙනවා.

සමහර වෙලාවට අනෙක් පාර්ශවය ⁣බොරු කීම සහ අතිශයෝක්තියෙන් දේවල් පවසපු අවස්ථා නිරීක්ෂණය වෙලා තියනවා.

බොහෝ අය නොකියන නමුත්, Emotional Affair එකක් Physical එකක් දක්වා ගමන් කරන පාලම ඕකයි. මමත් මෙයා එක්ක s*x කරලා බලන්න ඕන ආසයි. අනික මෙයාව විශ්වාස කරන්න පුළුවන් හොද කෙනෙක් කියන මානසික තත්ත්වය ඇති වෙනවා.

ඉතින් අන්තිමට හිතෙනවා..

• එයා විතරයි මාව තේරුම් ගන්නේ යන මායාව තුළ ඔබ සිර වෙනවා.

• අවසානයේ සහනය සොයා ගිය ගමන, ඔබේ පවුල් ජීවිතය සහ පෞරුෂය විනාශ කරන මාවතක් බවට පත් වෙනවා.

3. The Mirroring Effect (කැඩපත් ප්‍රතිබිම්බය)

ඔබ දුකෙන් ඉන්න වෙලාවේ එයා 🥲 ඉමෝජි එකක් එවනවා. එතකොට ඔබට දැනෙනවා, එයාටත් මගේ දුක දැනෙනවා කියලා. මෙය ආකර්ෂණය වැඩි කරන මනෝවිද්‍යාත්මක උපක්‍රමයක්. ඇය දුරකථන ඇමතුමක් ගන්නා තත්ත්වයට පත් වන්නේ ඒ නිසයි.

😘එයා විතරයි මාව තේරුම් ගන්නේ (The Savior Complex)

ඉහත කතාවට අනුව ඇය වැඩ අවසන් කර ඔහුට ඇමතුමක් ගන්නේ ඉතාමත් නොයිවසිල්ලෙන්. ඔහු Hello කියා සැහැල්ලුවෙන් කතා කරන විට ඇයට දැනෙන්නේ ඔහු ඇගේ ගැලවුම්කරුවා (Savior) ලෙසයි.

• The Reality ඇත්තටම ඔහු කරන්නේ ඇයට ඇහුම්කන් දීම පමණයි. නමුත් ඇය අත්විඳින Catharsis (සහනය) නිසා, ඇගේ මනස විසින් ඔහුව පරමාදර්ශී (Idealize) කරනවා.

මෙතැනදී ඇය Halo Effect කියන මානසික තත්ත්වයට වැටෙනවා, එනම් එක හොඳ ගුණාංගයක් නිසා ඔහුගේ අනෙක් සියල්ලම හොඳ යැයි සිතීමයි.

• ටික දවසක් යද්දී මේ කතා කිරීම ඇබ්බැහියක් වෙනවා.

• පවුලේ රහස් සහ ලිංගික ජීවිතයේ අඩුපාඩු පවා ඔහු සමඟ බෙදා ගැනීමට ඔබ පෙළඹෙනවා.

🧠Psychological Impact

පවුලේ රහස් පිටතට යන විට, සහකරු කෙරෙහි තිබිය යුතු ගෞරවය සහ පක්ෂපාතීත්වය (Loyalty) සෙමෙන් දියවී යනවා.

• අවසානයේ ඔබ සහකරුගෙන් මානසිකව ඈත් වී, මේ අලුත් පුද්ගලයා මත පූර්ණ ලෙස යැපෙන්න පටන් ගන්නවා.

💁විනාශකාරී මාර්ගය (The Slippery Slope)

ඉහත කතාවේ ඇය සඳහන් කළ පරිදි සහනය සොයා ගිය ගමන අවසානයේ පෞරුෂය විනාශ කරන්නේ මෙහෙමයි.

• ඇය දැන් තීරණයක් ගන්න සෑම අවස්ථාවකම ස්වාමියාට වඩා මේ පුද්ගලයා ගැන සිතන්නට පටන් ගන්නවා.

• සැබෑ ජීවිතයේ ගැටලු විසඳනවා වෙනුවට, ඇය කරන්නේ දුරකථන ඇමතුම හරහා ඒ ප්‍රශ්නවලින් පලායාම (Escape).

• මෙය දිගින් දිගටම සිදුවන විට, ඇය තමාගේම ආත්ම අභිමානය (Self-esteem) අහිමි කරගෙන, මේ පුද්ගලයාගේ අවධානය මත යැපෙන Dependent Personality එකක් බවට පත් වෙනවා.

අවසාන වශයෙන් 👇👇

සැබෑ සහනය ඇත්තේ ඔබේ ප්‍රශ්නවලින් පලායාමට උදව් කරන කෙනෙකු ළඟ නොව, ඔබේ ප්‍රශ්නවලට මුහුණ දීමට ඔබට ශක්තිය දෙන මනෝවිද්‍යාත්මක මඟපෙන්වීමක් තුළයි..

ඔබත් කවදා හෝ මෙවැනි අනුකම්පාවේ උගුලකට හසු වී සහනයක් ලැබී තිබෙනවාද?

මීළඟ ලිපිය අනුකම්පාවේ උගුල ගැන..
Sympathy trap

Psychological Counselor
Kasun Rajapaksha





ඔබ දන්නවද...සමහර විවාහයන් තුළ cheating ආරම්භ වෙන්නේ  s*x වලින් නොවෙය, conversation වලින් කියලා?අපිට ඕන තරම් මිනිස්සු කිය...
16/03/2026

ඔබ දන්නවද...
සමහර විවාහයන් තුළ cheating ආරම්භ වෙන්නේ s*x වලින් නොවෙය, conversation වලින් කියලා?

අපිට ඕන තරම් මිනිස්සු කියලා තියනවා. අපි දෙන්න මුලින් නිකන් චැට් කරා..

ඔව් එය මුලින්ම එය ඉතාම සාමාන්‍ය දෙයක් වගේ පටන් ගන්න පුළුවන්.

ඔයාට කතා කරන්න පුළුවන් කෙනෙක් නැද්ද?
මම අහන්නම්…
කියන්න මමත් එක්ක.

ඒක sympathy එහෙම නැත්නම් සහකම්පනය වගේ පෙනෙනවා. ඒත් එය පසුව emotional space එකක් බවට පත්වෙනවා. මට ඕනම දෙයක් කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවා ලැබුණා කියලා දැනෙනවා.

මේ ගැන ටිකක් සරලව මනෝ විද්‍යාත්මකව කියවා ගමු.

😳The Sympathy Trap (අනුකම්පාවේ උගුල)

මම ඔයාට ඇහුම්කන් දෙන්නම් කියන වචනය ඕනෑම හුදෙකලා මනසක් විවෘත කිරීමට සමත්. මෙහිදී සහකම්පනය (Sympathy) යනු ආකර්ෂණය ලබා ගැනීමට දමන ඇමක් වැනි විය හැකියි.

ඊට පස්සේ…

තමන්ගේ දුක share කරනවා, තමන්ට තේරෙන කෙනෙක් හම්බවුණා වගේ දැනෙනවා, partner එක්ක කතා නොකරන දේවල් ඔහුට/ඇයට ඔහේ කියනවා.

😳The Transition (සීමාවන් බොඳ වීම)

පවුලේ සහකරු සමඟ කතා නොකරන දේවල් තවත් අයෙකු සමඟ පැවසීම ආරම්භ කළ මොහොතේම Emotional Fidelity (චිත්තවේගීය විශ්වාසවන්තභාවය) බිඳී යනවා.

එතනින් පස්සේ relationship එක slowly shift වෙනවා.

මෙය සමහර වෙලාවට physical affair එකකට පෙර
ඇරඹෙන emotional affair එකක්.

🤫Identity Seeking (තමන්ව සොයා යාම)

මිනිසුන් අනියම් සබඳතාවලට යොමු වන්නේ තවත් කෙනෙකු සොයා ගැනීමට වඩා, තමන්ට අහිමි වූ අගය කිරීම හෝ අවධානය සොයා ගැනීමටයි.

🧠මනෝවිද්‍යාත්මකව තවත් සරලව පැවසුවහොත් බැලුවොත්

මිනිසුන් cheating කරන්නේ සෑම වෙලාවකම desire එහෙම නැත්නම් ආශාවන් නිසාම නෙවෙයි.

තමන්ව අහන කෙනෙක් හම්බවුණු නිසා.
තමන්ව අගය කරන කෙනෙක් හම්බ වෙච්ච නිසා..

😳සැබෑ අනතුර තිබෙන්නේ Emotional Affair එකේයි. එහෙම නැත්නම් චිත්තවේගීය බැදීම තුළයි.

S*x කරන තත්ත්වයට එනකොට දෙන්නෙක්, තමන් අතර අති විශාල චිත්තවේගීය බැදීමක් ගොඩ නගාගෙන ඉවරයි.

අති විශාල මතක දවස් සුන්දර රාත්‍රීන් ගත කරල ඉවරයි.

ශාරීරික සබඳතාවක් (Physical Affair) බොහෝ විට ආශාව (Desire) මත පදනම් වූවත්, චිත්තවේගීය සබඳතාවයක් පදනම් වන්නේ හදවත මතයි. එම නිසා එයින් මිදීම ඉතාමත් අපහසුයි.

🧠 Emotional Affair එකක් Physical එකකට වඩා භයානක ඇයි?

ඉහත සඳහන් කළ පරිදිම, හදවතින් බැඳුණු පසු එයින් මිදීම ඉතාමත් අපහසුයි. මෙයට ප්‍රධාන හේතු කිහිපයක් තිබෙනවා..

👇Dopamine & Oxytocin වල බලපෑම..

තමන්ව අගය කරන, තමන්ට ඇහුම්කන් දෙන කෙනෙක් මුණගැසුණු විට මොළයෙන් සතුට දනවන හෝමෝන නිකුත් වෙනවා. මෙය හරියට මත්ද්‍රව්‍යයකට ඇබ්බැහි වීමක් වගේ.

👇The Shared Secret (රහසක බැඳීම)

තම සහකරුට නොකියන රහස් තවත් අයෙකු සමඟ බෙදාගැනීමෙන් දෙදෙනා අතර අපි දෙන්නා විතරයි කියන හැඟීම තහවුරු වෙනවා...

👇Idealization (පරමාදර්ශීකරණය)

පවුලේ සහකරුගේ අඩුපාඩු නිතර පෙනෙද්දී, මේ අලුත් පුද්ගලයා තුළින් පෙනෙන්නේ තමන්ව තේරුම් ගන්නා ඉතාමත් පරමාදර්ශී ගුණාංග පමණයි.

🫡මෙවැනි බැඳීමක මුල් ලක්ෂණ 5 (Red Flags)

අයෙකු නොදැනුවත්වම මේ උගුලට වැටෙන හැටි හඳුනාගන්න මේ කරුණු වැදගත්

01 රහසිගත බව (Secrecy)

සහකරු පෙනෙන මානයේදී දුරකථනය සඟවා තැබීම හෝ චැට් මකා දැමීම.

02 සංසන්දනය කිරීම (Comparison)

තමන්ගේ සහකරුගේ වැරදි සහ මේ අලුත් පුද්ගලයාගේ හොඳ නිතර සිතින් සැසඳීම.

03 නිරන්තර සිතුවිලි (Preoccupation)

උදේ අවදි වූ මොහොතේ සිට නිදාගන්නා තුරු ඒ පුද්ගලයා සමඟ කතා කිරීමට තිබෙන නොසන්සුන් උනන්දුව.

04 චිත්තවේගීය අවතැන් වීම (Emotional Withdrawal)

සහකරු සමඟ කතා කිරීමට ඇති උනන්දුව අඩු වී, සියලු ප්‍රශ්න සහ සතුට අර පුද්ගලයාට පමණක් පැවසීම.

05 සාධාරණීකරණය (Justification)

අපි නිකන් යාළුවෝ විතරයි හෝ එයා විතරයි මාව තේරුම් ගන්නේ කියමින් තමන්ගේ වැරැද්ද වසා ගැනීමට උත්සාහ කිරීම.

ඔබත් දැනටමත් මෙවැනි දේවල් කිහිපයක් අනුගමනය කරනවනම් ඔබ ඉන්නෙත් ගොඩාක් අවදානක..😳

Psychological Counselor
Kasun Rajapaksha






Address

Matara

Telephone

+94717440727

Website

Alerts

Be the first to know and let us send you an email when Kasun Rajapaksha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Kasun Rajapaksha:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram