Matara Nursing Home

Matara Nursing Home Matara Nursing Home is one of the leading health care providers in Matara and currently the only Dia

27/12/2016
දැනට කුමාරතුංග මාවතේ පවත්වාගෙන යන මාතර නර්සිං හෝම් ආයතනය දෙසැම්බර් මස පළවෙනි දින සිට මාතර ගාලු පාරේ ආසිරි රෝහල අසල, ඊ.එම...
01/11/2016

දැනට කුමාරතුංග මාවතේ පවත්වාගෙන යන මාතර නර්සිං හෝම් ආයතනය දෙසැම්බර් මස පළවෙනි දින සිට මාතර ගාලු පාරේ ආසිරි රෝහල අසල, ඊ.එම්.ඩබ්.ජයසූරිය මාවතේ අංක 10 යන ස්ථානයට ගෙන යන බව ඔබට සතුටින් දන්වනු කැමැත්තෙමු.

ශ්‍රී ලංකාව තුල රෝගී තත්වයන්ගෙන් 85% කටම හේතු කාරක වන්නේ බෝනොවන රෝග බව නවතම දත්තයන්ගෙන් අනාවරණය වී ඇත.ඔබත් බෝ නොවන රෝගයක...
22/06/2016

ශ්‍රී ලංකාව තුල රෝගී තත්වයන්ගෙන් 85% කටම හේතු කාරක වන්නේ බෝනොවන රෝග බව නවතම දත්තයන්ගෙන් අනාවරණය වී ඇත.
ඔබත් බෝ නොවන රෝගයක ගොදුරක් බවට දැනටමත් පත්ව තිබිය හැක.
මාතර නර්සිං හෝම් ආයතනය විසින් හඳුන්වාදෙන බෝ නොවන රෝග වැළැක්වීමේ විශේෂ පැකේජය ලබාගෙන අදම ඔබගේ බෝ නොවන රෝග අවදානම ගැන දැනගන්න.

දක්ෂිණ ශ්‍රී ලංකාවේ බෝ නොවන රෝග නිවාරණ වැඩපිළිවෙලෙහි ප්‍රමුඛයා ලෙස කටයුතු කරන මාතර නර්සිං හෝම් ආයතනය විසින් නොමිලේ පවත්ව...
16/06/2016

දක්ෂිණ ශ්‍රී ලංකාවේ බෝ නොවන රෝග නිවාරණ වැඩපිළිවෙලෙහි ප්‍රමුඛයා ලෙස කටයුතු කරන මාතර නර්සිං හෝම් ආයතනය විසින් නොමිලේ පවත්වන "බෝ නොවන රෝග නිවාරණ සායනය" වැඩපිළිවෙලෙහි තවත් අදියර කිහිපයක් පසුගිය සතියේදී, මාලිම්බඩ සුමේධ මහා විද්‍යාලය, කපුදූව ප්‍රාථමික විද්‍යාලය සහ මාතර දැව සංස්ථාව යන ස්ථාන වලදී සාර්ථකව පවත්වන ලදී.
ඔබගේ ආයතනය සඳහාත් බෝනොවන රෝග සායනයක් නොමිලේම පවත්වා ගැනීම සඳහා අදම මාතර නර්සිං හෝම් ආයතනයේ බෝනොවන රෝග මධ්‍යස්ථානය අමතන්න. 0412222177.

මාතර නර්සිං හෝම් ආයතනයේ තවත් එක් ප්‍රජා සත්කාරයක් ලෙස, අප ආයතනය විසින් පසුගිය මැයි මස 21 වැනි දින (වෙසක් පොහොය දින) ගං ව...
05/06/2016

මාතර නර්සිං හෝම් ආයතනයේ තවත් එක් ප්‍රජා සත්කාරයක් ලෙස, අප ආයතනය විසින් පසුගිය මැයි මස 21 වැනි දින (වෙසක් පොහොය දින) ගං වතුරින් අවතැන් වූ කැලණිය ප්‍රදේශයේ ජනතාවට උදෑසන ආහාර ලබා දීමට කටයුතු කරන ලදී.

මෙම  දින වල රට පුරා පවතින ආපදා තත්වය හේතුවෙන් මාතර නර්සිං හෝම් ආයතනය විසින් මැයි මස 22 වැනි දින පැවැත්වීමට නියමිතව තිබූ ...
20/05/2016

මෙම දින වල රට පුරා පවතින ආපදා තත්වය හේතුවෙන් මාතර නර්සිං හෝම් ආයතනය විසින් මැයි මස 22 වැනි දින පැවැත්වීමට නියමිතව තිබූ “සව් දන්සැල” අවලංගු කල අතර ඒ වෙනුවට හෙට දිනයේදී ගං වතුර හේතුවෙන් අවතැන් වූ අසරණ ජනතාවට උදෑසන ආහාර බෙදා දීමට කටයුතු කර ඇත.

මාතර නර්සිං හෝම් ආයතනය මගින් දෙවැනි වරටත් පවත්වනු ලබන "වෙසක් මහා සව් දන්සල" මැයි මස 22 ප.ව. 6.00 සිට මාතර "කාර්ගීල්ස් ෆු...
18/05/2016

මාතර නර්සිං හෝම් ආයතනය මගින් දෙවැනි වරටත් පවත්වනු ලබන "වෙසක් මහා සව් දන්සල" මැයි මස 22 ප.ව. 6.00 සිට මාතර "කාර්ගීල්ස් ෆුඩ් සිටි" ඉදිරිපිටදී පැවැත්වේ.
ඔබ සැමට බැති සිතින් ආරාධනා!

දියවැඩියාව යනු ශරීරයේ ග්ලුකෝස් පරිවෘත්තීය සම්බන්ධ රෝගී තත්වයකි. හදවත් රෝග හා වකුගඩු රෝග ඇති කිරීම සඳහා ප්‍රධාන රෝග කාරකය...
10/04/2016

දියවැඩියාව යනු ශරීරයේ ග්ලුකෝස් පරිවෘත්තීය සම්බන්ධ රෝගී තත්වයකි. හදවත් රෝග හා වකුගඩු රෝග ඇති කිරීම සඳහා ප්‍රධාන රෝග කාරකයක් වන නිසා මෙන්ම ලෝකයේ වලක්වාලිය හැකි අන්ධ බව සඳහා ප්‍රධානතම හේතු කාරකය සහ අනතුරු නිසා නොවන පාද වෙන් කිරීමට ප්‍රධාන හේතු කාරකය වන නිසාවෙන්ම දියවැඩියාව පිලිබඳ අප සියලු දෙනා මනා අවබෝධයක් ලබා තිබීය යුතුමය. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 15% කටත් වඩා වැඩි ප්‍රමාණයක් දියවැඩියා රෝගීන් වීම මෙහි වැදගත්කම තවත් උග්‍ර කරවයි.
දක්ෂිණ ශ්‍රී ලංකාවේ එකම දියවැඩියා මද්‍යස්ථානය වන Matara Nursing Home ආයතනය විසින්, දියවැඩියා රෝගී තත්වය පිලිබඳ ඔබ අනිවාර්යයෙන් දැන සිටිය යුතු වැදගත් කරුණු ඉතා සරල ආකාරයෙන් මෙලෙස කොටස් වශයෙන් ඔබට ගෙන එයි.

10 Health tips to live by...
06/03/2016

10 Health tips to live by...

Address

Kumarathunga Mw
Matara

Alerts

Be the first to know and let us send you an email when Matara Nursing Home posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category