25/09/2025
🚨කළලයේ චලනයන් මවට අඩුවෙන් දැනීමට හේතු මොනවාද?
පළමු වරට කළලයේ චලනයන් මවට දැනෙන ආකාරය පෙර ලිපියෙන් සාකච්ඡා කරන ලදී. මෙම ලිපිය කියවීමට පෙර පළමු ලිපිය කියවන්න.
https://www.facebook.com/share/p/1BAXCb7huv/?mibextid=wwXIfr
ඒ අනුව මෙම ලිපියෙන් කළලයේ චලනයන් අඩුවෙන් මවට දැනීමට හේතු විමසා බලමු.
🚨🫃කළලයේ චලනයන් මවට අඩුවෙන් දැනෙන්නේ ඇයි?👇
🌸ගර්භාෂයේ අවකාශය අඩුවීම:
ගර්භණීභාවයේ අවසාන භාගයේදී (තුන්වන ත්‍රෛමාසිකයේදී), කලලය විශාල වන නිසා ගර්භාෂය තුළ චලනයට ඇති ඉඩ අඩු වෙනවා. මේ නිසා දැගලීම් අඩුවෙන් දැනිය හැකියි.
🌸Amniotic Fluid (උල්භ තරලය)වැඩි වීම:
• ගර්භාෂ තුළ ඇති උල්භ තරලය (amniotic fluid) අධික ලෙස තිබීම නිසා කලලයට චලනයට වැඩි ඉඩක් ලැබෙනවා. මෙයින් මවට දැගලීම් දුර්වල ලෙස දැනිය හැකිය.
🌸වැදෑමහ (Placenta) ගර්භාෂය ඉදිරියෙන් තිබීම (Anterior Placenta):
• Placenta වැදෑමහ ගර්භාෂයේ ඉදිරි බිත්තියේ තිබෙන විට, එය කලලයේ චලනය මවට දැනීම අඩු කරනවා.
🌸දරුවාගේ අත් පා පිටුපසට හැරී තිබීම:
• කලලය ගර්භාෂය තුළ එහි ඉරියව්ව (position) අනුව අත් පා ගර්භාෂ බිත්තියෙන් ඈත්ව තිබෙනවා නම් චලනය දැනීම අඩු විය හැකියි. උදාහරණයක් ලෙස, (posterior position)දරුවාගේ පිටුපස ගර්භාශයේ ඉදිරියෙන් තිබීම
🌸කළලයේ අංගවිකලතා (Fetal Abnormalities):
• කලලයේ ස්නායු පද්ධතියේ හෝ මාංශපේශීවල ගැටලු තිබේ නම්, චලනය අඩු විය හැකියි. උදාහරණයක් ලෙස, ස්නායු ආබාධ (neural tube defects) හෝ ජානමය තත්ත්වයන් නිසා චලනය අඩු විය හැකියි. *මෙවැනි තත්ත්වයක් ultrasound හරහා හඳුනාගත හැකියි.
🌸කලලයේ නින්දේ රටා:
කලලයටත් නින්දේ හා අවදි වීමේ රටා තිබෙනවා. එනිසා නිදාගන්නා විට දැගලීම අඩු විය හැකියි.
🚨🚨🚨කළලයේ චලනයන් අඩුවන්නේ ඇයි👇
දරුවාට සැපයෙන ඔක්සිජන් හා පෝෂණය අඩුවීම කළලයේ චලනයන් අඩුවීමට ප්‍රධාන හේතුවයි.ඔක්සිජන් වැදෑමහ හරහා කළලයට ලැබේ.
🌸කලලයට ඔක්සිජන් අඩු වීම (Fetal Hypoxia):
• ගර්භාෂ හරහා ලැබෙන ඔක්සිජන් හෝ රුධිර ප්‍රවාහය අඩු වුවහොත්, කලලයේ චලනය අඩු විය හැකියි. මෙය umbilical cord compression, placental insufficiency, හෝ මවගේ රුධිර පීඩන ගැටලු (pre eclampsia) වැනි හේතු නිසා ඇති විය හැකියි. 🚨මෙය බරපතල තත්ත්වයක් නිසා ඉක්මන් වෛද්‍ය උපදෙස් අවශ්‍යයි.
🌸කලලය මිය යාමට ආසන්න වීම (Fetal Distress or Demise):
• දැගලීම් සම්පූර්ණයෙන් නැති වීම හෝ ඉතාමත් අඩු වීම කලලයේ බරපතල තත්ත්වයක (fetal distress) හෝ මිය යාමේ (intrauterine fetal demise) ලකුණක් විය හැකියි. මෙය ඉතා බරපතල තත්ත්වයක් බැවින්, එවැනි සැකයක් ඇති වහාම වෛද්‍යවරයෙකු හමුවී ultrasound හෝ CTG පරීක්ෂණයක් කිරීම අත්‍යවශ්‍යයි.
🌸ප්‍රසවයට පෙර වැදෑමහ (Placenta) ගැලවීයාම.
🌸පෙකණිවැල (Cord) පිළිබඳ ප්‍රශ්න
*පෙකණිවැල දරුවාගේ ගෙලවටා තදින් එතී තිබීම.( cord round the neck)
* පෙකණිවැලේ ගැට ( cord knots)
* පෙකණිවැල පහත්වීම (cord prolapse)
🌸වැදෑමහ දුර්වලවීම ( placent Insufficiency )
වැනි හේතු මත කළලයේ චලනයන් අඩු විය හැකිය.
🚨සෞඛ්‍ය සම්පන්න චලනයන්ගේ ලකුණු👇🫃
🌸1. නිත්‍ය චලනයන්(Regular Movements):
ගර්භණී සති 20–24 වන විට, ඔබට නිත්‍ය චලනයන් දැනිය හැකි වන අතර, එනම් පහරවල් (kick), රෝල් වීම, හෝ සැහැල්ලු චලනයන්. මෙම පහරවල් ගර්භණී භාවයේ ප්‍රගතියත් සමඟ ශක්තිමත් හා නිතර දැනෙන පහරවල් බවට පත්වේ.
🌸2. චලන රටාවක් වර්ධනය වීම(Pattern Development):
බිළිඳුන් බොහෝ විට චලන රටාවක් වර්ධනය කරයි. එවා බොහෝවිට උදෑසන ආහාර ගැනීමෙන් පසු හෝ රාත්‍රියේ සහ නිහඬ විවේක කාලයන් වලදී දැනිය හැකිය.
🌸3. විවිධ චලනයන්(Variety of Movements):
සෞඛ්‍ය සම්පන්න බිළිඳුන් පහරවල්, අත්වලින් ගැසීම්, දිග හැරීම්, සහ හැරීම් වැනි විවිධ චලනයන් පෙන්වන අතර, ඒවා ඔබට වෙනස් සංවේදනයන් ලෙස දැනිය හැක.
🌸4. වැඩිවන ශක්තිය(Increasing Strength):
බිළිඳා වර්ධනය වන විට, චලනයන් වඩාත් පැහැදිලි සහ බලවත් වන අතර, විශේෂයෙන් තුන්වන ත්‍රෛමාසිකයේදී මෙම චලනයන් වැඩිපුර දැනීමට පටන් ගනී.
🌸5. බාහිර උත්තේජනවලට ප්‍රතිචාර(Response to Stimuli):
ශබ්ද, ස්පර්ශය, හෝ මවගේ ක්‍රියාකාරකම් වැනි බාහිර උත්තේජනවලට ප්‍රතිචාර වශයෙන් බිළිඳුන් බොහෝ විට චලනය වන අතර ඔවුන් අවධානයෙන් පසුවන බව පෙන්වයි.😁
🌸6. කාලයත් සමඟ නිත්‍ය බව(Consistency Over Time):
චලනයන් නිත්‍යව පවතින අතර, ඒවායේ තීව්‍රතාවයේ හෝ නිතර චලනයේ දිගුකාලීන අඩුවීමක් නොමැත.
🚨🚨🚨කළලයේ චලනයන් අඩු උනොත් කළයුත්තේ කුමක්ද? 👇
හොදින් දගලමින් සිටි දරුවෙකුගේ චලනයන් නොදැනීම මව කනස්සල්ලට පත්කරන කාරණාවකි. මෙහිදි ඇතැම් මව්වරු ඇද විවේකය ( bed rest) ලබා ගැනීම සිදු කරනු ලැබේ. නමුත් කළයුත්තේ වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීමය.
🚨ඔබේ ගර්භණී සති 24 වන විට ඔබේ බිළිඳාගෙන් කිසිදු චලනයක් දැනී නොමැති නම් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය.
🚨ඔබේ ගර්භණී භාවයේ ඕනෑම අවස්ථාවක, ඔබේ බිළිඳාගේ චලනයන් ගැන ඔබට කනස්සල්ලක් ඇති වුවහොත් ඊළඟ දිනය තෙක් බලා නොසිට වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම හෝ රෝහල් ගතවීම කළ යුතුය.
🚨චලනයන් මන්දගාමී වීම ඔබේ බිළිඳා අසනීපයෙන් පසුවන බවට ලකුණක් විය හැකි අතර, එය සුලබ නොවුණත්, බිළිඳාගේ චලනයන් අඩුවීම මළ බිළිඳෙකු උපත (stillbirth) සඳහා අවදානම් සාධකයකි.එවැනි අවස්ථාවකදීද ඊළඟ දිනය තෙක් බලා නොසිට වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම හෝ රෝහල් ගතවීම කළ යුතුය.
මෙවැනි අවස්තාවල ඔබේ බිළිඳාගේ හෘද ස්පන්දන වේගය CTG යන්ත්‍රයක් භාවිතයෙන් පරීක්ෂා කරනු ඇත. සමහර අවස්ථාවලදී, ඔබට අල්ට්‍රාසවුන්ඩ් පරීක්ෂණයක් ද සිදු කළ හැකිය.
උපුටා ගැනීම හෝ අන්තර්ගතය වෙනස් කර නැවත පළ කිරීම තහනම් (𝐘𝐨𝐮 𝐚𝐫𝐞 𝐧𝐨𝐭 𝐚𝐥𝐥𝐨𝐰𝐞𝐝 𝐭𝐨 𝐜𝐨𝐩𝐲 𝐨𝐫 𝐜𝐡𝐚𝐧𝐠𝐞 𝐭𝐡𝐢𝐬 𝐜𝐨𝐧𝐭𝐞𝐧𝐭 𝐚𝐠𝐚𝐢𝐧.)
මෙවැනි වටිනා ලිපි කියවීමට 'මවක් වන මග මිඩ්වයිෆ් මිස් එක්ක' පිටුව ෆලෝ කර තබා ගන්න.
✍ මවක් වන මග මිඩ්වයිෆ් මිස් එක්ක