මවක් වන මග මිඩ්වයිෆ් මිස් එක්ක

  • Home
  • Sri Lanka
  • Matuguma
  • මවක් වන මග මිඩ්වයිෆ් මිස් එක්ක

මවක් වන මග මිඩ්වයිෆ් මිස් එක්ක අම්මාගේ සුවය හා දරුවාගේ සනසුමට ආදරයෙන් මගපෙන්වීම.

🚨කළලයේ චලනයන් මවට අඩුවෙන් දැනීමට හේතු මොනවාද?පළමු වරට කළලයේ චලනයන් මවට දැනෙන ආකාරය පෙර ලිපියෙන් සාකච්ඡා කරන ලදී. මෙම ලිප...
25/09/2025

🚨කළලයේ චලනයන් මවට අඩුවෙන් දැනීමට හේතු මොනවාද?

පළමු වරට කළලයේ චලනයන් මවට දැනෙන ආකාරය පෙර ලිපියෙන් සාකච්ඡා කරන ලදී. මෙම ලිපිය කියවීමට පෙර පළමු ලිපිය කියවන්න.

https://www.facebook.com/share/p/1BAXCb7huv/?mibextid=wwXIfr

ඒ අනුව මෙම ලිපියෙන් කළලයේ චලනයන් අඩුවෙන් මවට දැනීමට හේතු විමසා බලමු.

🚨🫃කළලයේ චලනයන් මවට අඩුවෙන් දැනෙන්නේ ඇයි?👇

🌸ගර්භාෂයේ අවකාශය අඩුවීම:

ගර්භණීභාවයේ අවසාන භාගයේදී (තුන්වන ත්‍රෛමාසිකයේදී), කලලය විශාල වන නිසා ගර්භාෂය තුළ චලනයට ඇති ඉඩ අඩු වෙනවා. මේ නිසා දැගලීම් අඩුවෙන් දැනිය හැකියි.

🌸Amniotic Fluid (උල්භ තරලය)වැඩි වීම:

• ගර්භාෂ තුළ ඇති උල්භ තරලය (amniotic fluid) අධික ලෙස තිබීම නිසා කලලයට චලනයට වැඩි ඉඩක් ලැබෙනවා. මෙයින් මවට දැගලීම් දුර්වල ලෙස දැනිය හැකිය.

🌸වැදෑමහ (Placenta) ගර්භාෂය ඉදිරියෙන් තිබීම (Anterior Placenta):
• Placenta වැදෑමහ ගර්භාෂයේ ඉදිරි බිත්තියේ තිබෙන විට, එය කලලයේ චලනය මවට දැනීම අඩු කරනවා.

🌸දරුවාගේ අත් පා පිටුපසට හැරී තිබීම:

• කලලය ගර්භාෂය තුළ එහි ඉරියව්ව (position) අනුව අත් පා ගර්භාෂ බිත්තියෙන් ඈත්ව තිබෙනවා නම් චලනය දැනීම අඩු විය හැකියි. උදාහරණයක් ලෙස, (posterior position)දරුවාගේ පිටුපස ගර්භාශයේ ඉදිරියෙන් තිබීම

🌸කළලයේ අංගවිකලතා (Fetal Abnormalities):

• කලලයේ ස්නායු පද්ධතියේ හෝ මාංශපේශීවල ගැටලු තිබේ නම්, චලනය අඩු විය හැකියි. උදාහරණයක් ලෙස, ස්නායු ආබාධ (neural tube defects) හෝ ජානමය තත්ත්වයන් නිසා චලනය අඩු විය හැකියි. *මෙවැනි තත්ත්වයක් ultrasound හරහා හඳුනාගත හැකියි.

🌸කලලයේ නින්දේ රටා:

කලලයටත් නින්දේ හා අවදි වීමේ රටා තිබෙනවා. එනිසා නිදාගන්නා විට දැගලීම අඩු විය හැකියි.

🚨🚨🚨කළලයේ චලනයන් අඩුවන්නේ ඇයි👇

දරුවාට සැපයෙන ඔක්සිජන් හා පෝෂණය අඩුවීම කළලයේ චලනයන් අඩුවීමට ප්‍රධාන හේතුවයි.ඔක්සිජන් වැදෑමහ හරහා කළලයට ලැබේ.

🌸කලලයට ඔක්සිජන් අඩු වීම (Fetal Hypoxia):
• ගර්භාෂ හරහා ලැබෙන ඔක්සිජන් හෝ රුධිර ප්‍රවාහය අඩු වුවහොත්, කලලයේ චලනය අඩු විය හැකියි. මෙය umbilical cord compression, placental insufficiency, හෝ මවගේ රුධිර පීඩන ගැටලු (pre eclampsia) වැනි හේතු නිසා ඇති විය හැකියි. 🚨මෙය බරපතල තත්ත්වයක් නිසා ඉක්මන් වෛද්‍ය උපදෙස් අවශ්‍යයි.

🌸කලලය මිය යාමට ආසන්න වීම (Fetal Distress or Demise):
• දැගලීම් සම්පූර්ණයෙන් නැති වීම හෝ ඉතාමත් අඩු වීම කලලයේ බරපතල තත්ත්වයක (fetal distress) හෝ මිය යාමේ (intrauterine fetal demise) ලකුණක් විය හැකියි. මෙය ඉතා බරපතල තත්ත්වයක් බැවින්, එවැනි සැකයක් ඇති වහාම වෛද්‍යවරයෙකු හමුවී ultrasound හෝ CTG පරීක්ෂණයක් කිරීම අත්‍යවශ්‍යයි.

🌸ප්‍රසවයට පෙර වැදෑමහ (Placenta) ගැලවීයාම.

🌸පෙකණිවැල (Cord) පිළිබඳ ප්‍රශ්න

*පෙකණිවැල දරුවාගේ ගෙලවටා තදින් එතී තිබීම.( cord round the neck)
* පෙකණිවැලේ ගැට ( cord knots)

* පෙකණිවැල පහත්වීම (cord prolapse)

🌸වැදෑමහ දුර්වලවීම ( placent Insufficiency )

වැනි හේතු මත කළලයේ චලනයන් අඩු විය හැකිය.

🚨සෞඛ්‍ය සම්පන්න චලනයන්ගේ ලකුණු👇🫃

🌸1. නිත්‍ය චලනයන්(Regular Movements):

ගර්භණී සති 20–24 වන විට, ඔබට නිත්‍ය චලනයන් දැනිය හැකි වන අතර, එනම් පහරවල් (kick), රෝල් වීම, හෝ සැහැල්ලු චලනයන්. මෙම පහරවල් ගර්භණී භාවයේ ප්‍රගතියත් සමඟ ශක්තිමත් හා නිතර දැනෙන පහරවල් බවට පත්වේ.

🌸2. චලන රටාවක් වර්ධනය වීම(Pattern Development):

බිළිඳුන් බොහෝ විට චලන රටාවක් වර්ධනය කරයි. එවා බොහෝවිට උදෑසන ආහාර ගැනීමෙන් පසු හෝ රාත්‍රියේ සහ නිහඬ විවේක කාලයන් වලදී දැනිය හැකිය.

🌸3. විවිධ චලනයන්(Variety of Movements):

සෞඛ්‍ය සම්පන්න බිළිඳුන් පහරවල්, අත්වලින් ගැසීම්, දිග හැරීම්, සහ හැරීම් වැනි විවිධ චලනයන් පෙන්වන අතර, ඒවා ඔබට වෙනස් සංවේදනයන් ලෙස දැනිය හැක.

🌸4. වැඩිවන ශක්තිය(Increasing Strength):

බිළිඳා වර්ධනය වන විට, චලනයන් වඩාත් පැහැදිලි සහ බලවත් වන අතර, විශේෂයෙන් තුන්වන ත්‍රෛමාසිකයේදී මෙම චලනයන් වැඩිපුර දැනීමට පටන් ගනී.

🌸5. බාහිර උත්තේජනවලට ප්‍රතිචාර(Response to Stimuli):

ශබ්ද, ස්පර්ශය, හෝ මවගේ ක්‍රියාකාරකම් වැනි බාහිර උත්තේජනවලට ප්‍රතිචාර වශයෙන් බිළිඳුන් බොහෝ විට චලනය වන අතර ඔවුන් අවධානයෙන් පසුවන බව පෙන්වයි.😁

🌸6. කාලයත් සමඟ නිත්‍ය බව(Consistency Over Time):

චලනයන් නිත්‍යව පවතින අතර, ඒවායේ තීව්‍රතාවයේ හෝ නිතර චලනයේ දිගුකාලීන අඩුවීමක් නොමැත.

🚨🚨🚨කළලයේ චලනයන් අඩු උනොත් කළයුත්තේ කුමක්ද? 👇

හොදින් දගලමින් සිටි දරුවෙකුගේ චලනයන් නොදැනීම මව කනස්සල්ලට පත්කරන කාරණාවකි. මෙහිදි ඇතැම් මව්වරු ඇද විවේකය ( bed rest) ලබා ගැනීම සිදු කරනු ලැබේ. නමුත් කළයුත්තේ වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීමය.

🚨ඔබේ ගර්භණී සති 24 වන විට ඔබේ බිළිඳාගෙන් කිසිදු චලනයක් දැනී නොමැති නම් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය.

🚨ඔබේ ගර්භණී භාවයේ ඕනෑම අවස්ථාවක, ඔබේ බිළිඳාගේ චලනයන් ගැන ඔබට කනස්සල්ලක් ඇති වුවහොත් ඊළඟ දිනය තෙක් බලා නොසිට වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම හෝ රෝහල් ගතවීම කළ යුතුය.

🚨චලනයන් මන්දගාමී වීම ඔබේ බිළිඳා අසනීපයෙන් පසුවන බවට ලකුණක් විය හැකි අතර, එය සුලබ නොවුණත්, බිළිඳාගේ චලනයන් අඩුවීම මළ බිළිඳෙකු උපත (stillbirth) සඳහා අවදානම් සාධකයකි.එවැනි අවස්ථාවකදීද ඊළඟ දිනය තෙක් බලා නොසිට වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම හෝ රෝහල් ගතවීම කළ යුතුය.

මෙවැනි අවස්තාවල ඔබේ බිළිඳාගේ හෘද ස්පන්දන වේගය CTG යන්ත්‍රයක් භාවිතයෙන් පරීක්ෂා කරනු ඇත. සමහර අවස්ථාවලදී, ඔබට අල්ට්‍රාසවුන්ඩ් පරීක්ෂණයක් ද සිදු කළ හැකිය.

උපුටා ගැනීම හෝ අන්තර්ගතය වෙනස් කර නැවත පළ කිරීම තහනම් (𝐘𝐨𝐮 𝐚𝐫𝐞 𝐧𝐨𝐭 𝐚𝐥𝐥𝐨𝐰𝐞𝐝 𝐭𝐨 𝐜𝐨𝐩𝐲 𝐨𝐫 𝐜𝐡𝐚𝐧𝐠𝐞 𝐭𝐡𝐢𝐬 𝐜𝐨𝐧𝐭𝐞𝐧𝐭 𝐚𝐠𝐚𝐢𝐧.)

මෙවැනි වටිනා ලිපි කියවීමට 'මවක් වන මග මිඩ්වයිෆ් මිස් එක්ක' පිටුව ෆලෝ කර තබා ගන්න.

✍ මවක් වන මග මිඩ්වයිෆ් මිස් එක්ක

🚨🫄පළමු වරට කළලයේ චලනය (fetal movement )මවට දැනෙන්නේ කෙසේද? 👇පළමු වරට කළලයේ චලනය (fetal movement) හෝ “quickening” දැනීම ග...
22/09/2025

🚨🫄පළමු වරට කළලයේ චලනය (fetal movement )මවට දැනෙන්නේ කෙසේද? 👇

පළමු වරට කළලයේ චලනය (fetal movement) හෝ “quickening” දැනීම ගර්භණී මවකට ඉතා විශේෂිත හා ආකර්ෂණීය අත්දැකීමකි. , පළමු වරට කළලයේ චලනය දැනීම හඳුන්වනු ලබන්නේ “quickening” යන ඉංග්‍රීසි යෙදුමෙන් ය. සිංහලෙන් මෙයට විශේෂිත එක් යෙදුමක් නොමැති වුවත්, බොහෝ විට එය “පළමු චලනය”ලෙස හදුන්වනු ළැබේ. මෙය බොහෝ විට ගර්භණීභාවයේ සති 16-25 අතර (දෙවන ත්‍රෛමාසිකයේ) ආරම්භ වේ, නමුත් එය එක් එක් මවගේ තත්ත්වය අනුව වෙනස් විය හැක.මෙම චලනය ගර්භණීභාවයේදී කළලයේ (fetus) වර්ධනය හා ස්නායු පද්ධතියේ පරිණාමයේ එක් පියවරකි.

🚨පළමු වරට කළලයේ චලනය දැනෙන්නේ කෙසේද? 👇

පළමු වරට කළලයේ චලනය දැනෙන විට එය ඉතා මෘදු හා සියුම් ලෙස දැනිය හැකි අතර, එය විවිධ මව්වරුන් විසින් විවිධ ආකාරවලින් විස්තර කරනු ලැබේ.
බොහෝ දෙනා එය හඳුන්වන්නේ,

•🫃 බුබුළු හෝ ගැස්සීමක් වැනි හැඟීමක් ලෙස ,
බඩවැලේ ගැස්සීමක් හෝ බුබුළු වැනි චලනය වැනි සැහැල්ලු ගැටීමක්.
•🫃 පිහාටුවකින් ස්පර්ශ කිරීමක් වැනි හැගීමක් ලෙස,
ඉතා සියුම්, මෘදු ස්පර්ශයක්.
•🫃 පිපිරීමක් හෝ තරංගයක් වැනි හැගීමක් ලෙස,
ඉඳහිට බඩ ඇතුළත මෘදු රැල්ලක් ගමන් කරන බවක් දැනිය හැක.
•🫃 සමනලුන්ගේ පියාපත් ගැසීමක් වැනි වැනි හැගීමක් ලෙස,
ඉතා සැහැල්ලු, ඉක්මන් චලනයක්.

මුල් අවස්ථාවේදී මෙම චලනයන් ඉතා මඳ වන බැවින්, ඔබ ඒවා ගැස්සීම් හෝ බඩවැල් චලනයන් ලෙස වරදවා වටහා ගත හැක. කලලය වර්ධනය වන විට (සති 24-28 පමණ වන විට), චලනයන් වඩාත් පැහැදිලි වන අතර, පයින් ගැසීම්, හැරීම්, හෝ තල්ලු කිරීම් ලෙස දැනිය හැක.

🚨මවට චලනය දැනීමට බලපාන සාධක.👇

•🫃 මවගේ ශරීර තත්ත්වය: සිහින් ශරීරයක් ඇති මව්වරුන්ට චලනයන් ඉක්මනින් දැනිය හැක.

•🫃 ගර්භණීභාවයේ වාර ගණන: පළමු ගර්භණීභාවයකදී චලනයන් හඳුනා ගැනීමට තරමක් කල් ගත විය හැක, නමුත් දෙවන ගර්භණීභාවයකදී ඒවා හඳුනා ගැනීම පහසු ය.

•🫃 කලලයේ තත්ත්වය: කලලයේ චලන රටාව එහි වර්ධනය හා සෞඛ්‍යය තත්වය චලනය දැනීමට බලපාන් ලැබේ.

•🫃 මවගේ ක්‍රියාකාරකම්: ඔබ විවේකීව සිටින විට (විශේෂයෙන් රාත්‍රියේ හෝ ලිහිල්ව සිටින විට) චලනයන් වඩාත් පහසුවෙන් දැනිය හැක.

•🫃 ප්ලසෙන්ටාවේ (වැදෑමහ)පිහිටීම: ඉදිරි ප්ලසෙන්ටාවක් (anterior placenta) ඇති මව්වරුන්ට චලනයන් ටිකක් ප්‍රමාදව දැනිය හැක, මන්ද ප්ලසෙන්ටාව(වැදෑමහ) චලනයන් මවට දැනෙන ආකාරයට බාධාවක් විය හැක.

🚨විවිධ ගර්භණී තත්ව යටතේ කලලයේ පළමු චලනය හදුනා ගැනීමට ගතවන කාලයන් කොපමණද?👇

🫃පළමු ගර්භණීභාවය: පළමු ගර්භණීභාවයකදී, මව්වරුන්ට චලනයන් හඳුනා ගැනීමට තරමක් කල් ගත විය හැක, මන්ද ඔවුන්ට එය හුරුපුරුදු නොවේ. සාමාන්‍යයෙන් සති 18-22 අතර චලනයන් දැනේ.

🫃දෙවන ගර්භණීභාවය: චලනයන් හඳුනා ගැනීමේ අත්දැකීම ඇති බැවින්, දෙවන හෝ ඊට වැඩි ගර්භණීභාවයකදී චලනයන් සති 16-18 වැනි ඉක්මන් අවධියකදීම දැනිය හැක.

🫃 බහු ගර්භණීභාවය (twins): ද්විත්ව හෝ බහු ගර්භණීභාවයකදී, චලනයන් වඩාත් බහුල හා සංකීර්ණ විය හැක, නමුත් ඒවා හඳුනා ගැනීමට තරමක් අපහසු විය හැක.

කලලේ චලනයන් පිළිබඳ ඉදිරි ලිපියෙන් බලාපොරොත්තු වන්න.

උපුටා ගැනීම හෝ අන්තර්ගතය වෙනස් කර නැවත පළ කිරීම තහනම් (𝐘𝐨𝐮 𝐚𝐫𝐞 𝐧𝐨𝐭 𝐚𝐥𝐥𝐨𝐰𝐞𝐝 𝐭𝐨 𝐜𝐨𝐩𝐲 𝐨𝐫 𝐜𝐡𝐚𝐧𝐠𝐞 𝐭𝐡𝐢𝐬 𝐜𝐨𝐧𝐭𝐞𝐧𝐭 𝐚𝐠𝐚𝐢𝐧.)

මෙවැනි වටිනා ලිපි කියවීමට මවක් වන මග මිඩ්වයිෆ් මිස් එක්ක පිටුව ෆලෝ කර තබා ගන්න.

✍ මවක් වන මග මිඩ්වයිෆ් මිස් එක්ක

🚨මොකක්ද මේ Hyperemesis Gravidarum කියන්නේ?👇Hyperemesis Gravidarum යනු ගර්භණීභාවයේදී ඇතිවන බරපතල ඔක්කාරය හා වමනයයි. මෙම ත...
20/09/2025

🚨මොකක්ද මේ Hyperemesis Gravidarum කියන්නේ?👇

Hyperemesis Gravidarum යනු ගර්භණීභාවයේදී ඇතිවන බරපතල ඔක්කාරය හා වමනයයි. මෙම තත්වය morning sickness (උදා ආබාධය)ට වඩා ඉතා අපහසුතාවයක් ඇති කරවන තත්වයකි. ඔබට දිනකට තුන් වතාවකට වඩා වමනය ඇතිවිය හැකි අතර, විජලනය , නිරන්තරයෙන් හිස බර ගතිය සහ බර අඩුවීම වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරයි.

Hyperemesis Gravidarum තත්වය බොහෝ විට ගර්භණීභාවයේ පළමු තුන් මාසිකයේදී ඇති වේ. රෝග ලක්ෂණ මාස කීපයක් පුරාවට හෝ දරුවා බිහි කිරීම තෙක්ම පවතිනු ඇත. මෙම තත්වය සාමාන්‍ය එදිනෙදා ක්‍රියාකාරකම් වළක්වන තරම් දරුණු විය හැක.

🚨Hyperemesis Gravidarumහි රෝග ලක්ෂණ මොනවාද?

• බරපතල ඔක්කාරය.
• දිනකට තුන් වතාවකට වඩා වමනය.
• ගර්භණීභාවයට පෙර බරෙන් 5%කට වඩා අඩුවීම.
• විජලනය .
• හිස බර ගතිය
• සාමාන්‍යය ප්‍රමාණයට වඩා අඩුවෙන් මුත්‍රා පිටවීම.
• බරපතල විඩාව.
• අධික හිසරදය.

වෙනත් සුලබ රෝග ලක්ෂණ:

• අඩු රුධිර පීඩනය.
• වේගවත් හෘද ස්පන්දනය.
• වියළි සම.
• ව්‍යාකූලත්වය.

🚨Hyperemesis Gravidarum ඇතිවීමට හේතුව කුමක්ද? 👇

බොහෝ දුරට හේතු වන්නේ හෝමෝන මට්ටම් ඉහළ යාමයි. විශේෂයෙන්, ගර්භණීභාවයේදී ශරීරය විසින් විශාල ප්‍රමාණවලින් නිපදවන HCG (human chorionic gonadotropin) හෝමෝනයයේ ඉහළ යාමයි.HCG මට්ටම් ගර්භණීභාවයේ 10 වන සතියේදී උපරිමයට ළඟා වන අතර, බොහෝ දෙනෙකු එම කාලයේදී බරපතල රෝග ලක්ෂණ වාර්තා කරයි. ගර්භණීභාවයේදී ඉහළ යන ඊස්ට්‍රජන් හෝමෝනයද ඔක්කාරය හා වමනය ඇති කිරීමට හේතු විය හැක.

🚨Hyperemesis gravidarum ඇතිවීමේ අවදානම ඇත්තේ කාටද?👇

• පෙර ගර්භණීභාවයකදී Hyperemesis gravidarum තත්වයට මුහුණ දී තිබීම.
• බහු ගර්භණීභාවයක් (ද්විත්ව, ත්‍රිත්ව හෝ ඊට වැඩි) තිබීම.
• පළමු වරට ගර්භණී වීම.
• උදා ආබාධය( morning sickness ) හෝ බරපතල උදා ආබාධය Hyperemesis gravidarum පිළිබඳ පවුල් ඉතිහාසයක් තිබීම(මවට, සහෝදරියකට)
• චලන රෝගය (motion sickness )හෝ මයිග්‍රේන් හිසරදය( migraine headaches) තිබීම.

🚨🚨මෙම තත්වය බරපතල විය හැකිද?👇

අධික ලෙස වමනය කරන විට, ශරීරයට අවශ්‍ය විටමින් හා පෝෂ්‍ය පදාර්ථ ලබා ගැනීමට අපහසු වේ. මෙය නියමිත කාලයට කලින් වන දරු උපත් ( preterm birth) හෝ අඩු උපත් බර දරු උපත් (low birth weight)වැනි සංකූලතාවලට හේතු විය හැක. එසේම, අධික වමනය හේතුවෙන් උගුරේ රුධිර වහනය හෝ වෙනත් අතුරු ආබාධ ඇති විය හැක.

🚨🚨🚨Morning sickness උදා ආබාධ හා Hyperemesis Gravidarum ( බරපතල උදා ආබාධය) අතර වෙනස. 🚨🚨🚨

(මෙහි MS යනු morning sickness වන අතර HG යනු Hyperemesis gravidarum වේ)

🌸වමනය
MS - දවසට 1-3 වතාවක් පමණ ඇතිවේ.
HG - දවසට 3 වතාවකට වඩා ඇතිවේ.

🌸ඇතිවන කාලය
MS - බොහෝවිට උදෑසන කාලයේ ඇතිවේ.
HG - එක දිගට හෝ දවසපුරා පවතිය හැකියි.

🌸පැවතිය හැකි කාල සීමාව
MS - බොහෝවිට පළමු මාස තුන (සති 12-14) අවසානයේ අවසන් වේ.
HG - පළමු මාස තුන ඉක්මවා පැවතිය හැකිය. බොහෝවිට ගර්භණී සමය අවසානය වන තුරුම පවතී.

🌸මවට වන බලපෑම
MS - විජලනය හෝ බර අඩුවීමක් සිදු නොවේ.
HG - විජලනය හා ශරීර බර අඩුවීම සිදුවෙයි.

🌸කළලයට වන බලපෑම
MS - කළලයට බලපෑමක් නැත.
HG - අඩු බර දරු උපත් හා නියමිත කාලයට කලින් ප්‍රසවය සිදුවිය හැකිය.

🌸 ප්‍රතිකාර
MS - ආහාර හා ජීවන රටාවේ වෙනස්කම් මගින් සමනය කළ හැකිය.
HG - රෝහල් ගත කිරීමක් සිදුකල යුතුය.
IV මගින් තරල ලබා දෙයි.
ඖෂධ ලබා ලබා දෙයි.

🌸 MS - මවුවරුන්ගෙන් 70% - 80% පමණ ඇතිවිය හැකිය.
HG - මවුවරුන්ගෙන් 0.3% - 3% අතර ප්‍රමාණයකට දරුණු තත්වයක් පෙන්නුම් කල හැකිය.

🚨🚨🚨🚨🚨Hyperemesis gravidarum (බරපතල උදා ආබාධය) තත්වය යටතේ ඔබ කුමක් සිදුකල යුතුද? 👇

වහාම රෝහල් ගතවිය යුතුය. රෝහල් ගත්වී ප්‍රතිකාර ලබා ගෙන අවදානම මගහරවා ගන්න.🩺🚨

මෙවැනි වැදගත් ලිපි කියවන්න පේජ් එක ෆලෝ කරලා තියාගන්න.

උපුටා ගැනීම හෝ අන්තර්ගතය වෙනස් කර නැවත පළ කිරීම තහනම් (𝐘𝐨𝐮 𝐚𝐫𝐞 𝐧𝐨𝐭 𝐚𝐥𝐥𝐨𝐰𝐞𝐝 𝐭𝐨 𝐜𝐨𝐩𝐲 𝐨𝐫 𝐜𝐡𝐚𝐧𝐠𝐞 𝐭𝐡𝐢𝐬 𝐜𝐨𝐧𝐭𝐞𝐧𝐭 𝐚𝐠𝐚𝐢𝐧.)

✍මවක් වන මග මිඩ්වයිෆ් මිස් එක්ක

🚨මොකක්ද මේ උදා ආබාධය කියන්නේ?  👇උදා ආබාධය (Morning Sickness) යනු ගැබිනි සමයේ බොහෝ මව්වරුන්ට විශේෂයෙන් පළමු ත්‍රෛමාසිකයේ ...
19/09/2025

🚨මොකක්ද මේ උදා ආබාධය කියන්නේ? 👇

උදා ආබාධය (Morning Sickness) යනු ගැබිනි සමයේ බොහෝ මව්වරුන්ට විශේෂයෙන් පළමු ත්‍රෛමාසිකයේ (පළමු මාස 3) බහුලව ඇතිවන තත්ත්වයකි. මෙය මවුවරුන්ගෙන් 70-80%ට පමණ ඇතිවන සාමාන්‍ය තත්ත්වයකි.
මෙහිදී ඔක්කාරය, වමනය හෝ ඒ දෙකම ඇති විය හැකිය. මෙය morning sickness ලෙස හැදින්වුවද උදෑසනට පමණක් සීමා නොවී දවසේ ඕනෑම වේලාවක ඇති විය හැකිය. Morning sickness ගැබිනි සමයේ මුල් මාස කීපයේ (සති 6-12 අතර) බහුලව ඇතිවේ.ඇතැම් අවස්ථාවලදී මාස කිහිපයක් දක්වා මෙම තත්වය පැවතිය හැකිය.
මෙය බිළිඳාගේ සෞඛ්‍යයට සෘජුව බලපෑමක් නොකරන බැවින් බොහෝ විට සාමාන්‍ය තත්වයක් ලෙස සැලකෙනවා. නමුත් එම තත්වය දිගින් දිගටම දවස පුරාම පවතී නම් එය Hyperemesis Gravidarum (බරපතල උදෑසන ඔක්කාරය) වැනි තත්වයක් දක්වා වර්ධනය විය හැක.

(ඉදිරි ලිපි වලදී Hyperemesis Gravidarum ගැන බලාපොරොත්තු වන්න.)

🚨Morning sickness (උදා ආබාදය) ලක්ෂණ මොනවාද?👇
• ඔක්කාරය
•බඩේ ඇතිවන අපහසුතාව
• ⁠ආහාර රුචිය අඩුවීම
• වමනය(බොහෝ විට ආහාර ගැනීමෙන් පසු හෝ උදෑසන ඇඳෙන් නැගිටින විට.)දවසකට 1-3 වතාවක් වමනය කිරීම සාමාන්‍යයි තත්වයකි.
• තෙහෙට්ටුව
•හිසරදය

🚨Morning sickness (උදා ආබාදය) ඇති වීමට හේතු මොනවාද?👇

🌸1.හෝමෝන වෙනස්කම්
ගැබිනි සමයේ hCG (Human Chorionic Gonadotropin) හා ඊස්ට්‍රජන් හෝමෝන මට්ටම් ඉහළ යාම මෙයට ප්‍රධාන හේතුවකි.
hCG හෝමෝනය ආමාශයේ ආම්ලිකතාව ඉහළ දමන අතර, ආහාර ජීර්ණය මන්දගාමී කරනවා. මෙය ඔක්කාරය හා වමනය ඇති කරනවා.

🌸2.රුධිරයේ සීනි මට්ටම අඩුවීම (Low Blood Sugar)

ගැබිනි සමයේ, බිළිඳාගේ වර්ධනයට ශක්තිය ලබාදීමට මවගේ ශරීරයේ ග්ලූකෝස් (සීනි) වැඩිපුර භාවිතා වේ. මෙය රුධිරයේ සීනි මට්ටම අඩුවීමට (Hypoglycemia) හේතු විය හැක. විශේෂයෙන් උදෑසන, රාත්‍රියේ ආහාර නොගැනීමෙන් පසු, බඩගිනි තත්ත්වයේදී මෙය බලපානවා. අඩු රුධිර සීනි මට්ටම ඔක්කාරය ඇතිවීමට බලපානු ලබයි.

🌸3. ආමාශයික ආම්ලිකතාව

ගැබිනි සමයේ ආමාශයේ ආම්ලිකතාව වැඩිවීම නිසා බඩ දැවිල්ල ඔක්කාරය ඇතිවිය හැක.

🌸4.ජානමය හේතු (Genetic and Hereditary Factors):
• ඔබේ මවට හෝ සහෝදරියකට ගැබිනි සමයේ උදෑසන ඔක්කාරය තිබුණු නම්, ඔබට එය ඇතිවීමේ ඉඩකඩ වැඩියි.

🌸5.මානසික සාධක (Psychological Factors)

ආතතිය, කාංසාව, හෝ ගැබිනි සමයේ චිත්තවේගීය වෙනස්කම් ඔක්කාරය උත්සන්න කරනවා. මෙය මොළයේ ඔක්කාරය හා වමනය පාලනය කරන මධ්‍යස්ථාන (Vomiting Center) උත්තේජනය කරනවා.

🌸6. පරිසර සාධක (Environmental Triggers)

ඇතැම් ගන්ධයන් (පර්ෆියුම්, ආහාර, දුම්), උණුසුම් කාලගුණය, හෝ චලන රෝගය (motion sickness) ඔක්කාරය උත්සන්න කරනවා. ගැබිනි සමයේ ගන්ධ සංවේදනය ඉහළ යනවා යෑම නිසා ඔක්කාරය ඇතිවේ.
උදාහරණ: තියුණු ගන්ධයක් (උදා: මාළු, පර්ෆියුම්)

🚨උදෑසන ඔක්කාරය බරපතල විය හැකිද?👇

ඔව්. බොහෝ කාන්තාවන්ට උදෑසන ඔක්කාරය දවසේ කෙටි කාලයකට ඔක්කාරය දැනෙන අතර, එක් හෝ දෙවරක් වමනය ඇතිවේ. බරපතල අවස්ථාවලදී, ඔක්කාරය පැය ගණනාවක් පවතින අතර, දවසකට 4 වතාවකට වඩා වමනය ඇතිවේ. මෙය Hyperemesis Gravidarum ලෙස හැඳින්වෙන බරපතල තත්ත්වයකි.
(ඉදිරි ලිපිවලින් බලාපොරොත්තු වන්න)

🚨උදෑසන ඔක්කාරය අඩු කර ගන්නේ කෙසේද?

ආහාර රටාවේ හා ජීවන රටාවේ කුඩා වෙනස්කම් මගින් මෙම තත්වය යම්තාක් දුරකට මගහරවා ගත හැකිය.

• උදෑසන ඇඳෙන් නැගිටීමට පෙර බිස්කට් රස්ක් වැනි අහාර කුඩා ප්‍රමාණයක් ගන්න.

• දවසකට තුන් වේලක් විශාල ආහාර වෙනුවට 5-6 වතාවක් කුඩා ආහාර වේල් ගන්න. ආහාර වේල් මඟ නොහරින්න.

•කුළුබඩු හෝ තෙල් සහිත ආහාර හැකි තරම් වළකින්න.

•දවස පුරා ජලය පානය කරන්න.

•කැෆේන් අඩංගු පානවර්ග වලින් හැකිතාක් වළකින්න.

• ඉඟුරු ඔක්කාරය අඩුකිරීමට සමත් බැවින් ඉගුරු තේ, ඉගුරු බිස්කට් වැනිදේ අහාර වේල් වලට එකතු කරගන්න.

• පෝෂ්‍යදායක සුලු ආහාර පලතුරු ලබා ගන්න.

•ඔක්කාරය ඇති කරන ගන්ධ, බැබළෙන ආලෝක, හෝ තත්ත්වයන් වළකින්න.

•ඕනෑවට වඩා තෙහෙට්ටුව ඔක්කාරය උත්සන්න කරයි. ප්‍රමාණවත් විවේකය ගන්න.

•කාමර හොඳින් වාතාශ්‍රය ඇතිව තබන්න, විදුලි පංකාවකින් හෝ එළිමහනේ ආශ්වාසයකින් සිසිල් වන්න.

•ලෙමන්, තැඹිලි, හෝ මින්ට් වැනි සුවඳ ගන්ධ භාවිතා කරන්න.

•ආහාර ගත් විගස නිදා ගැනීමෙන් වළකින්න.

•වමනය කල පසු මුඛය සෝදන්න.

🚨මෙම තත්වය දිගින් දිගටම පැවතියහොත් කුමක් කල යුතුද?👇

ඔක්කාරය හෝ වමනය දවසකට 3 වතාවකට වඩා ඇතිවුනහොත්, බර අඩුවීම, විජලනය ඇති වුවහොත් වහාම වෛද්‍යවරයෙකු හමුවන්න. මෙය Hyperemesis Gravidarum වැනි බරපතල තත්ත්වයක ලකුණක් විය හැක.

මෙවැනි වැදගත් ලිපි කියවීමට පේජ් එක ෆලෝ කරලා තියාගන්න.

උපුටා ගැනීම හෝ අන්තර්ගතය වෙනස් කර නැවත පළ කිරීම තහනම් (𝐘𝐨𝐮 𝐚𝐫𝐞 𝐧𝐨𝐭 𝐚𝐥𝐥𝐨𝐰𝐞𝐝 𝐭𝐨 𝐜𝐨𝐩𝐲 𝐨𝐫 𝐜𝐡𝐚𝐧𝐠𝐞 𝐭𝐡𝐢𝐬 𝐜𝐨𝐧𝐭𝐞𝐧𝐭 𝐚𝐠𝐚𝐢𝐧.)

✍මවක් වන මග මිඩ්වයිෆ් මිස් එක්ක

🩺දරු ප්‍රසූතියෙන් පසු මව පෙන්වන අවදානම් ලක්ෂණ මොනවාද? සෙනෙහෙබර මවක් ලෙසින් බිලිදා කැටුව නිවසට යන ඔබට ඉදිරි සැලසුම් බලාපො...
18/09/2025

🩺දරු ප්‍රසූතියෙන් පසු මව පෙන්වන අවදානම් ලක්ෂණ මොනවාද?

සෙනෙහෙබර මවක් ලෙසින් බිලිදා කැටුව නිවසට යන ඔබට ඉදිරි සැලසුම් බලාපොරොත්තු ඇතුවාට සැකයක් නැත.නමුත් අනුප්‍රසව සමයේ ( puerperium) ඇතිවිය හැකි ඇතැම් රෝග තත්ව නිසා ඔබේ සැලසුම් අඩපණ විය හැකිය.එසේනම් බලමු මොකක්ද මේ අනුප්‍රසව සමය (puerperium) කියන්නේ කියලා.

🚨🫃අනුප්‍රසව සමය (puerperium) යනු ගැබිනි මවක් දරු ප්‍රසූතියෙන් පසු ඇගේ ශරීරය ගැබ්ගැනීමට පෙර තිබූ තත්ත්වයට පත්වන කාල පරිච්ඡේදයයි. මෙය සාමාන්‍යයෙන් දරු ප්‍රසූතියෙන් පසු සති 6ක් 8ක් (දින 42ක් 56ක් පමණ) ගතවන තුරු පවතින අතර, මෙම කාලය තුළ ගර්භාෂය, යෝනි මාර්ගය, මාංශ පේශි ඇතුළු ප්‍රජනන ඉන්ද්‍රියයන් සහ ශරීරයේ අනෙකුත් කොටස් යථා තත්ත්වයට පත්වේ.මෙයින් පැහැදිලි වෙනසක් දැකිය හැක්කේ උදරයේය.

🚨අනුප්‍රසව සමයේ සිදුවන ප්‍රදාන වෙනස්කම් මොනවාද? 👇

1.ගර්භාෂයේ ප්‍රමාණය අඩුවීම (Involution of the Uterus): ගර්භාෂය එහි ගැබ්ගැනීමට පෙර තිබූ ප්‍රමාණය දක්වා පැමිණේ. (දරුවා බිහිවීමෙන් පසුව උදරය කුඩා වුවත් සංකෝචනය වූ ගර්භාශය තරමක් විශාලව උදරයේ පහල කොටසේ ස්පර්ශ කළ හැකිය. අනුප්‍රසව සමය අවසාන වනවිට ගර්භාශය කුඩා වී ගැබ් ගැනීමට පෙර තිබූ තත්වයට පත් වේ.

2. ලෝචියා (Lochia): ප්‍රසවයෙන් පසු ගර්භාෂයෙන් ලේ, ශ්ලේෂ්මල බැහැර වන අතර, මෙය සති 4-6ක් පමණ පවතින ලෝචියා(Lochia) ලෙස හැඳින්වේ. මෙයට හේතුව වන්නේ වැදෑමහ ගර්භාශයට සවි වී තිබූ ස්ථානයේ ඇති තුවාලය නිසාය.( ප්‍රසූතියේදී වැදෑමහද ඉවත් වෙන නිසා) මුලදී තද රතු පැහැයෙන් පිටවන මෙම රුධිරය සති 4-6ක් පමණ වන විට පාටක් නැති දියරයක් බවට පත්වේ.

මෙය අදියර කීපයක් ඔස්සේ සිදුවේ.
• Lochia Rubra: පළමු දින 3-4 තුළ රතු පැහැති ලේ වැගිරීම.
• Lochia Serosa: ඊළඟ සති 1-2 තුළ රෝස පැහැති හෝ දුඹුරු පැහැති වැගිරීම.
• Lochia Alba: සති 2-6 අතර සුදු හෝ කහ පැහැති ශ්ලේෂ්මල වැගිරීම.

3. පියයුරුවල වෙනස්කම්: මව් කිරිදීම ආරම්භ වන අතර, මව් කිරිදීමේදී හෝමෝන මට්ටම්වල වෙනස්කම් සිදුවේ.

4. හෝමෝන මට්ටම් වෙනස්වීම: ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් මට්ටම් ඉක්මනින් පහත වැටේ.

5. මානසික හා චිත්තවේගීය වෙනස්කම්: මවට “බේබි බ්ලූස්” (baby blues) හෝ පසුප්‍රසව විශාදය (postpartum depression) වැනි තත්ත්වයන් ඇතිවිය හැක.

🚨අනුප්‍රසව සමයේදී සැලකිලිමත් විය යුතු කරුණු:👇

• පෝෂණය: ශරීරයට සුවය ලබා ගැනීමට(තුවාල සුවවීම , ප්‍රසූතියේදී පිටවූ රුධිරය නැවත ලබා ගැනීමට සහ මව් කිරිදීමට) ප්‍රමාණවත් පෝෂණය අවශ්‍යයි.

• විවේකය: ප්‍රමාණවත් විවේකය සහ නින්ද ශරීරයේ සුවයට මෙන්ම මව්කිරි නිපදවීමටද ඉතා වැදගත් වේ.

• සනීපාරක්ෂාව: රුධිරය පිටවීම සහ තුවාල (සිසේරියන් හෝ විට්ස්පීය) ආසාදන වළක්වා ගැනීමට පුද්ගලික ස්වස්තතාවයට මූලිකත්වය ලබා දිය යුතුය.

• වෛද්‍ය පරීක්ෂාව: සති 4ත් 5ත් අතර පළමු පසු ප්‍රසව සායනයට සහභාගි වීමෙන් මවගේ හා ලදරුවාගේ සෞඛ්‍ය තත්ත්වය තහවුරු කරගත හැක.

🚨🚨🚨🚨🚨අනුප්‍රසව සමයේදී පෙන්වනු ලබන අවදානම් ලක්ෂණ මොනවාද? 👇

* 🚨යෝනී මාර්ගයෙන් අධික රුධිර වහනය ( මිනිත්තු 20-30 කට වරක් සනීපාරක්ෂක තුවා 2,3ක් පෙගී යාම හෝ ප්‍රසූතියෙන් පසු රුධිර වහනය අඩුවනවා වෙනුවට තවත් වැඩිවීම හෝ කැටිති වශයෙන් රුධිරය පිටවීම)

* ⁠🚨අධික රුධිර පීඩනය පෙන්නුම් කරන ලක්ෂණ වන අධික හිසරදය,ක්ලාන්තය, පපුවේ හෝ උදරයේ උඩ කොටසේ ඇතිවන දැවිල්ලක් හෝ තද වීමක්

* 🚨දුර්ගන්ධයක් හමන යෝනී ශ්‍රාව පිටවීම

* ⁠🚨ප්‍රසූතියෙන් පළමු සති 6 තුල ඇතිවන අධික උණ.

* ⁠🚨පපුවේ වේදනාව

* ⁠🚨ඇවිදින විට වැඩිවන කෙණ්ඩා වේදනාව හෝ කෙණඩා ඉදිමීම,රතු වීම

* ⁠🚨හුස්ම ගැනීමේ අපහසුතා හෝ වේගවත් හුස්ම ගැනීම.

* ⁠🚨යෝනී ප්‍රදේශයේ අධික වේදනාව

* ⁠🚨ඇස්පෙනීමේ අපහසුතා

* ⁠🚨තදබල අසහනකාරී හැගීමක්

* ⁠🚨වලිප්පු තත්වයක් හෝ වෙනත් තදබල අපහසුතාවයන්.

🚨🚨🚨මෙවැනි ලක්ෂණ එකක් හෝ මව පෙන්නුම් කරනවානම් කලයුත්තේ කුමක්ද? 🚨🚨🩺

දිවා රෑ ලෙස නොසලකා වහාම ළගම ඇති රෝහලට යන්න.
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියටද දැනුම් දෙන්න.

මෙවැනි වටින ලිපි දිගටම කියවන්න පේජ් එක follow කරලා තියාගන්න

උපුටා ගැනීම හෝ අන්තර්ගතය වෙනස් කර නැවත පළ කිරීම තහනම් (𝐘𝐨𝐮 𝐚𝐫𝐞 𝐧𝐨𝐭 𝐚𝐥𝐥𝐨𝐰𝐞𝐝 𝐭𝐨 𝐜𝐨𝐩𝐲 𝐨𝐫 𝐜𝐡𝐚𝐧𝐠𝐞 𝐭𝐡𝐢𝐬 𝐜𝐨𝐧𝐭𝐞𝐧𝐭 𝐚𝐠𝐚𝐢𝐧.)

✍ @මවක් වන මග මිඩ්වයිෆ් මිස් එක්ක

🫄🚨මොකක්ද මේ ගර්භණී කාලයේ කෙණ්ඩා පෙරලීම කියන්නේ? ගර්භණී කාලයේදී අම්මලාට ඇතිවන ප්‍රධානතම ගැටලුවක් තමයි කෙණ්ඩා පෙරලීම. මෙහි...
17/09/2025

🫄🚨මොකක්ද මේ ගර්භණී කාලයේ කෙණ්ඩා පෙරලීම කියන්නේ?

ගර්භණී කාලයේදී අම්මලාට ඇතිවන ප්‍රධානතම ගැටලුවක් තමයි කෙණ්ඩා පෙරලීම. මෙහිදී සිදුවන්නේ කෙණ්ඩා හෝ පාදවල මාංශ පේශි එකවරම තද වී දැඩි වේදනාවක් ඇතිවීමයි. ඒ වගේම, රුධිර සංයුතියේ සිදුවන වෙනස්කම් සහ රුධිරය එක තැනක රැඳී තිබීම නිසා ඇතිවන පීඩනය ද මෙම තත්ත්වයට හේතු විය හැකියි. දහවල් කාලයට වඩා රාත්‍රි කාලයේ මෙම තත්වය වැඩි වන අතර කෙණ්ඩා පෙරලීමකට ලක්වූ අවස්තාවක පාදයේ ඇගිලි උඩුඅතට වළලුකර්ස් දෙසට තදින් ඇදගෙන සිටීමෙන් හෝ එම මාශපේශි සම්බාහනය මගින් මෙම තත්වය මග හරවා ගත හැකිය.

🚨ගර්භණී සමයේ කෙණ්ඩා පෙරලීමට හේතු මොනවාද? 👇

* දරුවෙකු කුසතුල සිටින නිසා අමතර බරක් කකුල් වලට දැනීම.
* රුධිර සංසරණයේ වෙනස්කම් ඇතිවීම
* ⁠සිරුර විජලනය වීම.
* ⁠තෙහෙට්ටුව
* ⁠විටමින් B , පොටෑසියම් , මැග්නීසියම් , කැල්සියම් ඌනතාවය
* ⁠එක දිගට හිටගෙන හෝ වාඩිවී සිටීම පෙන්වා දිය හැකිය.

🚨ගර්භනී සමයේ කෙන්ද පෙරලීම වළක්වා ගැනීමට සාමාන්‍යයෙන් කරන්න පුලුවන් මොනවාද?👇

* ඇතැම් අවස්තාවල මැග්නීසියම් හා කැල්සියම් , පොටෑසියම් අඩුවීම නිසා මස්පිඬු පෙරලීමේ තත්වය ඇතිවිය හැකි අතර ගර්භණී මවුවරුන්ට සායනවලදී ලබාදෙන ඖෂධ නිසි මාත්‍රාවෙන් ලබා ගත් යුතුය.

* ⁠විටමින් B , කැල්සියම් , මැග්නීසියම්, පොටෑසියම් බහුල ආහාර ලබා ගැනීම.

* ⁠ජලය ශරීරයේ මාංශපේශි ක්‍රියාකාරීත්වයට අත්‍යාවශ්‍ය වන නිසා දිනකට ජලය වීදුරු 7-8 ප්‍රමාණයක් පානය කිරීම මගින් ශරීරය විජලනය වීම හැකිතාක් අවම කර ගත හැකිය.

* ⁠වායු සමීකරණ හා විදුලි පංකා භාවිතය ශරීරය විජලනය වීමට හේතුවක් වන බැවින් එම උපකරණ භාවිතයේදී සැලකිමත් වීම.

* ඔබේ පාද දණහිසට ඉහළින් තබාගෙන වාඩිවෙන්න. මෙය ඔබගේ කකුල් ඉදිමීම අඩු කිරීමට උපකාරී වේ.

* උණුසුම් ජලයෙන් ස්නානය කරන්න. එමඟින් මාංශ පේශි ලිහිල් කිරීමට සහ වේදනාව අඩු කිරීමට උපකාරී වේ.

* දිගු වෙලාවක් එකම ඉරියව්වෙන් සිටීමෙන් වළකින්න. නිතරම වාඩිවෙන්න, ඇවිදින්න හෝ ඔබේ ඉරියව්ව වෙනස් කරන්න.

* යෝග වැනි සැහැල්ලු ව්‍යායාම කරන්න. මෙමඟින් ඔබේ මාංශ පේශි ශක්තිමත් කිරීමට සහ ඒවායේ නම්‍යශීලී බව වැඩි කිරීමට උපකාරී වේ.

එමෙන්ම පදවල රුධිර සංසරණය වැඩිකර ගැනීමෙන් කෙණ්ඩා පෙරලීමට ඇති ප්‍රවණතාවය අඩු කර ගැනීමට පුලුවන්.🚨🚨👇
ඒ සදහා මෙම සරල ව්‍යායාමය කරලා බලන්න:
* මුලින්ම පුටුවක වාඩි වෙන්න.
* බිම බෝතලයක් තබන්න.
* ඔබේ පාදයේ යටිපතුල බෝතලය මත තබා, ඉදිරියට හා පිටුපසට රෝල් කරන්න.
* විලුඹේ සිට ඇඟිලි දක්වාම හොඳින් රෝල් කිරීම වැදගත්.

මේ ව්‍යායාමයේ ප්‍රධාන අරමුණ වන්නේ පාදයේ සහ යටිපතුලේ මාංශ පේශිවල ඇති තද ගතිය ලිහිල් කිරීමයි. එය කෙන්ද පෙරලීම වැළැක්වීමට උපකාරී වෙනවා.

(ව්‍යායාමය කරන අයුරු දැක්වෙන චායාරූපයක් පලවෙනි කමෙන්ට් එකේ ඇත)

මෙම තත්වය දිගින් දිගටම පැවතියහොත් වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

උපුටා ගැනීම හෝ අන්තර්ගතය වෙනස් කර නැවත පළ කිරීම තහනම් (𝐘𝐨𝐮 𝐚𝐫𝐞 𝐧𝐨𝐭 𝐚𝐥𝐥𝐨𝐰𝐞𝐝 𝐭𝐨 𝐜𝐨𝐩𝐲 𝐨𝐫 𝐜𝐡𝐚𝐧𝐠𝐞 𝐭𝐡𝐢𝐬 𝐜𝐨𝐧𝐭𝐞𝐧𝐭 𝐚𝐠𝐚𝐢𝐧.)

✍මවක් වන මග මිඩ්වයිෆ් මිස් එක්ක

Address

Matuguma

Telephone

+94703841312

Website

Alerts

Be the first to know and let us send you an email when මවක් වන මග මිඩ්වයිෆ් මිස් එක්ක posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share