16/11/2025
සතියෙ ලග්න පලාඵල (2025.11.16 සිට)
මගෙ ලග්න පලාඵල ලිපිය කියවන ඔයාලා මට පොඩි කමෙන්ට් එකක් දාන්න. ඒක මට ලොකු අගයක් වගෙම විශාල සතුටක් ❤💐
------------------
🔅 මේෂ: අලුත් අදහස්
මේෂ ලග්න හිමියනි, මෙම සතිය ඉඩකඩම් ආදී දේපළ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට අශුභ කාලයකි. ව්‍යාපාර හෝ වෙළඳාම් කටයුතු කරන අයට අගුණ වන අතර, ලාභ බලාපොරොත්තුවෙන් කරන වියදම් වලට සුබදායක නොවේ. සතිය මැදදී පැරණි ණය මුදලක් ආපසු ලැබිය හැක. ප්‍රේම සබඳකම් වලට මාර්ග විවෘත වන බව පෙනේ. ඉගැන්වීම් කටයුතුවල යෙදී සිටින අයට යහපත් දින වෙයි. ඒ සඳහා ඇති පසුබිම යහපත් තත්ත්වයකට පත්වනු ඇත. බලාපොරොත්තුවෙන් සිටි ගමන යාමට ලැබේ. අලුත් අදහස් පහළ වන අතර, නව රැකියා බලාපොරොත්තුවක් තිබුණේ නම්, ඒ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිඵල හෝ ආරංචි ලැබෙනු ඇත. සතිය අගදී විවාහ දිවියේ යම් ගැටලුවක් දුරදිග යාමට ඉඩ ඇති බැවින්, ඒ පිළිබඳව කල්පනාකාරී විය යුතුය. ඉවසීමෙන් හා දුර දිග සිතා බැලීමෙන් යුක්තව වැඩ කටයුතු කරන්න. පවුලේ වැඩිහිටි පිරිමි අයෙකුට අගුණ බව පෙනේ. අලුත් දේවල් ඉගෙනීමට අදහසක් පහළ වනු ඇත.
ශුභ දිනය : බ්‍රහස්පතින්දා
ශුභ වර්ණය : රන්වන්
ජය අංකය : 03
🔅 වෘෂභ: කරදර මඟහැරී සිතට සතුට
වෘෂභ ලග්න හිමියනි, මෙම සතිය තුළ පසුගිය කාලයේ පැවැති ගැටලු පැටලිලි මඟ හැරී ගොස් සිතට සතුට ගෙන දෙනු ඇත. විශේෂයෙන් සතුරු කරදර තිබුණේ නම්, ඒවා පහව යනු ඇත. නිවසේ යම් අලුත්වැඩියාවකට සිත යොමු වන දින වෙයි. හදිසි ධන ලාභ ලැබීමට ඉඩ ඇත. ගේ දොර ඉඩකඩම් සම්බන්ධයෙන් කරදර පවතී නම්, ඒවා ඉවත්ව යන කාලයකි. සතිය මැදදී නිවසට අවශ්‍ය බඩුබාහිරාදිය මිලට ගැනීමට හැකියාව ලැබේ. ශරීර සෞඛ්‍යය පිළිබඳව සලකා බැලීමේදී තුනටිය සහ රහස් ප්‍රදේශවල අමාරුකම්වලට ඉඩකඩ පවතී. සතිය අගදී උත්සව අවස්ථාවක ඉඟි පෙනේ. තෑගි බෝග ලැබෙන දින වෙති. තම වැඩ කටයුතු සාර්ථක කර ගැනීමට ලැබෙනු ඇත. බලාපොරොත්තුවෙන් සිටි ගමන් බිමන් යාමට ලැබේ. රාජ්‍ය අංශයේ රැකියා කටයුතු වල නිරත වී සිටින අය ප්‍රවේශම්කාරී විය යුතුය. මන්ද, ප්‍රධානීන්ගෙන් චෝදනා සහ දෝෂාරෝපණ එල්ල වන ආකාරයේ සිදුවීම් වලට ඉඩකඩ පවතින බැවිනි.
ශුභ දිනය : සඳුදා
ශුභ වර්ණය : සුදු
ජය අංකය : 02
🔅 මිථුන: මානසික ප්‍රබෝධය සහ ජයග්‍රහණ
මිථුන ලග්න හිමියනි, මෙම සතිය තුළ දරුවකුගේ අසනීප තත්ත්වයක් පෙන්නුම් කරන නිසාවෙන්, ඒ පිළිබඳව කල්පනාකාරීව සිටිම යහපත්ය. බලාපොරොත්තුවෙන් සිටින ගමන් බිමන් වැළකී යා හැක. පවුලේ වැඩ කටයුතු වෙනුවෙන් වෙනදාට වඩා වෙහෙස මහන්සි වන්නට සිදුවන නමුත්, අන්‍යයන්ගේ උදව් උපකාර හිමි වන දින ද වෙති. සතිය අග වන විට මානසික ප්‍රබෝධය වර්ධනය වන්නට පටන් ගනියි. බලාපොරොත්තු අදහසක් ඉෂ්ට වන අතර, සතුරු කරදර තිබුණේ නම්, ඒවා මඟහැරේ. වස්තු ලාභ සහ ජයග්‍රහණ හිමිය. ආදායම් මාර්ග යහපත් අතට හැරේ. බලාපොරොත්තු වූ මුදලක් අතට ලැබිය හැකි බවද පෙනේ. අධ්‍යාපන කටයුතුවල නිරත වන අයට යහපත් වෙයි. අලුත් උසස් දේවල් ඉගෙනීමට අවස්ථාව යෙදෙන අතර, වෙනත් භාෂාවක් ඉගෙනීම ඇරඹීමට සුදුසු කාලයක් ද වේ.
ශුභ දිනය : සිකුරාදා
ශුභ වර්ණය : රෝස
ජය අංකය : 06
🔅 කටක: ආර්ථික ශක්තිය ඇතිවේ
කටක ලග්න හිමියනි, මෙම සතිය ආර්ථිකය අතින් ශක්තිමත් වන බවක් පෙන්වයි. පෙර පැවති ණය ගෙවා දැමීමට හැකි වේ. ගමන් බිමන් සාර්ථක වන අතර, මතුවට ප්‍රයෝජනවත් අය ආශ්‍රයට ලැබෙයි. දේපළ සම්බන්ධ ලැබීම් සහිතය. එම කටයුතු වලට ද යහපත් කාල පරිච්ඡේදයකි. සතිය මැදදී වගකීම් පැහැර හැරීම නිසා චෝදනා එල්ල විය හැකි බැවින්, කල්පනාකාරීව වැඩ කටයුතුවල නිරත වීමට සිතට ගන්න. සමහරවිට සිත් තැවුලක් යෙදේ. තවද, අන් අය සමග ඇතිවන කතාබහ දුර දිග යාමට ඉඩ ඇත. සතිය අගදී අලුත් මිතුරු හමුවක් පෙන්නුම් කරයි. දරු ශිෂ්‍යාදීන්ගෙන් ලාභ ලැබේ. අධ්‍යාපන කටයුතු කරන අයගේ ඒ සඳහා ඇති උනන්දුව, උත්සාහය වැඩිවන කාලයක් වන අතර, ඒ අංශයන්හි විවිධ සාර්ථකත්වයන් පෙන්වයි. අලුත් දේවල් ඉගෙනීමට ලැබෙයි. විවාහ අපේක්ෂිත අයට මංගල යෝජනා ඉදිරිපත් වන කාලයකි.
ශුභ දිනය : බ්‍රහස්පතින්දා
ශුභ වර්ණය : රන්වන්
ජය අංකය : 03
🔅 සිංහ: ප්‍රබෝධමත් බව
සිංහ ලග්න හිමියනි, මෙම සතිය තුළ ජයග්‍රහණයක් හිමිය. බලාපොරොත්තු අදහසක් ඉෂ්ට වනු ඇත. කරදරකාරී වැඩ ද අඩුය. සතුරු කරදර තිබුණේ නම්, ඒවා පහව යනු ඇත. ගමන් බිමන් නිසා පාඩු සිදුවිය හැකි බැවින්, ඒ පිළිබඳව කල්පනාකාරී විය යුතුය. බලාපොරොත්තු නැති මුදලක් අතට ලැබිය හැකි දින වෙයි. සතිය මැදදී විවාහ අපේක්ෂිත අයට මංගල යෝජනා ඉදිරිපත් වේ. සැප පහසුව පිණිස අවශ්‍ය කරන දේවල් ලබා ගැනීමට හැකි වේ. ගේ දොර, ඉඩකඩම්, යාන වාහන ආදී දේපළක් සම්බන්ධයෙන් බලාපොරොත්තු තිබුණු අයට ප්‍රතිඵල සහිත කාල පරිච්ඡේදයක් වශයෙන් දැක්වීමට පුළුවනි. සතිය අගදී දරුවකු සම්බන්ධයෙන් සතුටුදායක දෙයක් සිදුවේ. වෙළඳ ව්‍යාපාර කටයුතු කරන අයට වෙනදාට වඩා වාසි සහගත වෙයි. ශාරීරික දෝෂ පහව ගොස් ප්‍රබෝධමත් ගතියක් ඇති වේ. නමුත් කලත්‍රයාට අසනීප තත්ත්වයක් ඉස්මතු වීමේ ප්‍රවණතාවක් පවතී.
ශුභ දිනය : සිකුරාදා
ශුභ වර්ණය : රෝස
ජය අංකය : 06
🔅 කන්‍යා: විශේෂ වාසි
කන්‍යා ලග්න හිමියනි, මෙම සතිය තුළ නොසිතූ ලෙස ලැබීම් ඇතිවිය හැකි බව පෙන්නුම් කරයි. මව් පාර්ශ්වයෙන් ද විශේෂ වාසි අත්විය හැක. නව ආදායම් මාර්ගයක් පිළිබඳව අදහසක් මතු විය හැකි කාලවකවානුවකි. ඉඩමට හෝ නිවසට ඇතිව තිබූ කරදරයකින් නිදහස් වීමට හැකි වේ. සතිය මැදදී පවුලේ වැඩිහිටි කෙනෙකුට අගුණයි. බොහෝ දුරට ශරීර සනීපය දුර්වල විය හැක. වියදම් කිරීමේදී වෙනදාට වඩා සැලකිලිමත් වන්න. මන්ද, නොදැනුවත්කමින් හෝ අතපසු වීමෙන් මුදල් හානියක් සිදුවිය හැකි බැවිනි. සතිය අගදී රැකියා ස්ථානයේ හිතෛෂී කෙනෙකුට සිදුවූ කරදරයක් පිළිබඳව ආරංචි පැමිණේ. ඔබේ සෞඛ්‍ය තත්ත්වය ගැනත් සැලකිලිමත් විය යුතුය. විශේෂයෙන් හිසේ අමාරුවකට හෝ කොන්දේ අමාරුවකට හේතු පවතී. පතල් ආදී පොළොවෙන් ලාභ ලබන අයට යහපත් ප්‍රතිඵල ගෙන දෙනු ඇත.
ශුභ දිනය : සිකුරාදා
ශුභ වර්ණය : රෝස
ජය අංකය : 06
🔅 තුලා: දීර්ඝ ගමන්
තුලා ලග්න හිමියනි, මෙම සතියේදී නිවසින් දුර බැහැර ගමනක් යෙදේ. ඒ සඳහා කල් ඇතිව සූදානම්ව සිටියාට වරදක් නැත. ලියකියවිලි වලින් වාසි අත්වන දින වෙති. හදිසි ධන ලාභ ලැබීමේ වාසනාව උදා ව පවතින නිසා එවැනි දේට උත්සාහ කිරීම වැදගත් වේ. ගේ දොර ඉඩකඩම් සම්බන්ධයෙන් කරදර පවතී නම්, ඒවා ඉවත්ව යන කාලයකි. සතියේ මැදදී නිවසට අවශ්‍ය කරන බඩුබාහිරාදිය මිලට ගැනීමට හැකියාව ලැබෙයි. ශරීර සෞඛ්‍යය පිළිබඳව සලකා බැලීමේදී උදර ආබාධයකටත් දණහිසේ ආබාධයකටත් ඉඩකඩ පවතින බව පෙන්නුම් කරයි. සතිය අගදී උත්සව අවස්ථාවකට සහභාගී වීමට සිදුවිය හැක. බලාපොරොත්තු අදහසක් ඉෂ්ට වනු ඇත. කරදරකාරී වැඩ ද අඩුය. සතුරු කරදර තිබුණේ නම්, ඒවා පහව යනු ඇත. මේ අතර, බලාපොරොත්තුවෙන් සිටි ආගමික ගමන මඟහැරී යයි.
ශුභ දිනය : සිකුරාදා
ශුභ වර්ණය : රෝස
ජය අංකය : 06
🔅 වෘශ්චික: රැකියා අපේක්ෂා ඉටුවේ
වෘශ්චික ලග්න හිමියනි, මෙම සතියේදී රැකී රක්ෂා පිළිබඳව තබා තිබූ බලාපොරොත්තුවක් ඉටුවන බව පෙන්නුම් කරයි. ධන ලාභ හිමි වේ. පෙර පැවති කරදර තරමක් දුරට හෝ මඟහැරී යන කාලයකි. නිවසට නව බඩුබාහිරාදිය ගෙනෙයි. කාලයක් නොදුටු මිතුරෙකු මුණගැසේ. දීර්ඝ ගමනක් යෙදිය හැකි බැවින්, ඒ සඳහා කල් ඇතිව සූදානම්ව සිටීම යහපත් වේ. රැකියාවට සම්බන්ධ අලුත් දේ ඉගෙනීමට අවස්ථාව යෙදේ. සතිය මැදින් පසුව ලියකියවිලි සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් හෝ අස්ථානගත වීමක් පෙන්නුම් කරන බැවින්, ඒ පිළිබඳව කල්පනාකාරී වන්න. ඒවායේ අවශ්‍යතාවය ද පැනනගින දින වෙති. වැඩිමල් සහෝදරයාට අගුණ ගෙන දෙයි. ශරීර සනීපය පිළිබඳව විමසා බැලීමේදී කන්වල ආබාධ තත්ත්වයක් ඉස්මතු විය හැකි බව පෙන්වයි. සතිය අගදී මතුවට ප්‍රයෝජනවත් කෙනෙකු ආශ්‍රයට ලැබෙනු ඇත.
ශුභ දිනය : සඳුදා
ශුභ වර්ණය : සුදු
ජය අංකය : 02
🔅 ධනු: ගැටුම් සමනය වේ
ධනු ලග්න හිමියනි, මෙම සතිය රැකියා කටයුතුවලට ශුභයි. ආගම දහම පිළිබඳ සිතේ භක්තිය වැඩි කරයි. වස්තු ලාභයක් හෝ තෑග්ගක් හිමිය. අලුත් උසස් තත්ත්වයකට පත්වනු ඇත. ගොඩනැගිලි වැඩට ද සිත යොමු වේ. නව මිත්‍ර සම්බන්ධතාවයක් ගොඩනැගේ. සතිය මැදදී වගකීම් පැහැර හැරීම හේතුවෙන් චෝදනා එල්ල විය හැකි බැවින්, ඒ පිළිබඳව කල්පනාකාරී වන්න. රැකියා ස්ථානයේ චෝදනා ද මතුවෙයි. ගෙදර අයත් සමග රණ්ඩු ඇතිකර ගනියි. අඹුසැමියන් ද දුරදිග සිතා බලා වැඩ කටයුතු, කතාබහ ආදිය කිරීමට සිත තබා ගත යුතුය. මන්ද, ගැටලු පැටලිලි දුරදිග යා හැකි දින බැවිනි. වැඩ කටයුතු ඇතත් කාලය අපතේ යා හැක. සතිය අගදී පියාගෙන් හෝ පිය පාර්ශ්වයේ යම් ඥාතියෙකුගෙන් වටිනා දෙයක් ලැබිය හැකි බව පෙන්නුම් කරයි. සතුරු කරදර තිබුණේ නම්, ඒවා මඟහැරේ.
ශුභ දිනය : සිකුරාදා
ශුභ වර්ණය : රෝස
ජය අංකය : 06
🔅 මකර: පවුලේ වගකීම් බහුල වේ
මකර ලග්න හිමියනි, මෙම සතියේදී රැකී රක්ෂා පිළිබඳව තබා තිබූ බලාපොරොත්තුවක් ඉටු වේ. අතපසු වූ වැඩ කටයුතු ද ඉක්මන් කර ගැනීමට හැකියාව ලැබේ. ඉගෙනීම් කටයුතුවල නිරත වී සිටින අයට එම අංශයේ ශුභ ප්‍රතිඵල බලාපොරොත්තු විය හැක. පෙම් සබඳතා ස්ථිර වනු ඇත. තමන් කැමති, සිත සතුටු කරවන දෙයක් ලැබෙනු ඇත. සතිය මැදදී පවුලේ වගකීම්වලදී මූලික වීමට සිදු වේ. දරුවකු සම්බන්ධයෙන් ශුභ ආරංචියක් ලැබේ. හෝ දරුඵලයක් පිළිබඳ අසන්නට ලැබෙනු ඇත. නිවසේ වැඩි දියුණුව සඳහා මාර්ගයක් විවෘත වන දින වෙති. ශරීර සෞඛ්‍යය පිළිබඳව විමසා බැලීමේදී හිස ආශ්‍රිත දෝෂයකට ඉඩකඩ පවතී. ඒ පිළිබඳව කල්පනාකාරී වීම වැදගත් වේ. සතිය අගදී තමා පාවිච්චි කරන යම් දෙයක් අස්ථානගත විය හැකි බැවින්, ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. වියහියදම් කිරීමේදීත් වෙනදාට වඩා සිතා බලා කටයුතු කළ යුතුය.
ශුභ දිනය : සිකුරාදා
ශුභ වර්ණය : රෝස
ජය අංකය : 06
🔅 කුම්භ: හදිසි ධන ලාභ
කුම්භ ලග්න හිමියනි, මෙම සතිය සිතට සතුට ඇති කරවන බව පෙනේ. අතපසු වූ වැඩ කටයුතු ඉක්මන් කර ගැනීමට හැකියාව ලැබේ. හදිසි ධන ලාභ ලැබීමේ වාසනාව උදා ව පවතින නිසා එවැනි දේට උත්සාහ කිරීම යහපත් වෙයි. ඥාති මිත්‍රාදීන් සමග ආශ්‍රය හොඳ වන අතර, ගෘහ ජීවිතය ද යහපත්ය. බලාපොරොත්තුවෙන් සිටි ගමන යාමට ලැබෙයි. ගේ දොර ඉඩකඩම් සම්බන්ධයෙන් කරදර පවතී නම්, ඒවා ඉවත්ව යන කාලයකි. අලුත් බඩුමුට්ටු ගෙදරට ගෙනේ. සතිය මැදදී පුණ්‍ය කටයුත්තක් යෙදිය හැක. අඩුපාඩුව තිබූ දෙයක් මිලට ගැනීමට හැකි වේ. සහෝදර සහෝදරියන්ගෙන් උදව් උපකාර ලැබෙන දින වෙති. ලියකියවිලි වැඩට යහපත්ය. සමහරවිට එවැනි දේකට අත්සන් තැබීමට අවස්ථාව යෙදේ. සතිය අගදී විවාහ අපේක්ෂිත අයට මංගල යෝජනා ඉදිරිපත් විය හැකි බව පෙන්නුම් කරයි.
ශුභ දිනය : සිකුරාදා
ශුභ වර්ණය : රෝස
ජය අංකය : 06
🔅 මීන: අධ්‍යාපන සාර්ථකත්වය
මීන ලග්න හිමියනි, මෙම සතියේදී තම වැඩ කටයුතු අවහිරයකින් තොරව කරගෙන යාමට අවස්ථාව ලැබේ. රැකියා කටයුතු පිළිබඳව තබා තිබූ බලාපොරොත්තු ඉටු වේ. වන්දනා ගමනක් හෝ පුණ්‍ය කටයුත්තක් යෙදිය හැකි දින වේ. සහෝදරයෙකුට හදිසි ලාභයක් සහිත කාල පරිච්ඡේදයකි. සතිය මැදදී දූ දරුවන් පිළිබඳව තබා තිබූ බලාපොරොත්තුවක් ඉටු වේ. හෝ ඒ පිළිබඳව ශුභ ආරංචියක් ලැබෙනු ඇත. අසනීප වී රෝහල්ගතව සිටී නම් නිවසට යාමට ලැබෙයි. කෑම බීම පිළිබඳව සැලකිලිමත් විය යුතු දින වෙති. සතිය අගදී ඉගෙනීම් සහ ඉගැන්වීම් කටයුතුවල යෙදී සිටින අයට විශේෂ මෙන්ම යහපත් කාලවකවානුවක් වෙයි. මුදල් පිළිබඳව තබා තිබූ බලාපොරොත්තුවක් ඉටුවන ස්වභාවයක් පවතී. විවාහක අයගේ සහකරු හෝ සහකාරිය අසනීප වීමේ ප්‍රවණතාවක් පවතින බැවින්, ඒ පිළිබඳවත් කල්පනාකාරී වන්න.
ශුභ දිනය : බ්‍රහස්පතින්දා
ශුභ වර්ණය : රන්වන්
ජය අංකය : 03
ප්‍රවීණ ජ්‍යෝතීර්වේදීනි
වාස්තු විශේෂඥ
මනෝවිද්‍යා උපදේශිකා
නයෝමී පබසරා මැණිකේ
0772279138