Wisdom Life Center

Wisdom Life Center Manage your MIND - Manage Your LIFE

ජීවිත දිනවන අපේ මෙහෙවරට ඔබත් එක්වන්න! Program Coordinator - Wisdom Life Centerනිවසේ සිට නිදහසේ කළ හැකි ගෞරවනීය රැකියාවක්...
01/03/2026

ජීවිත දිනවන අපේ මෙහෙවරට ඔබත් එක්වන්න!

Program Coordinator - Wisdom Life Center

නිවසේ සිට නිදහසේ කළ හැකි ගෞරවනීය රැකියාවක්. අපගේ වැඩසටහන් ලෝකය සමග සම්බන්ධීකරණයට ඔබත් දායක වන්න.

වයස අවුරුදු 24 – 30 අතර - ( උසස් පෙළ සමත්)

අලෙවිකරණය පිළිබඳ පළපුරුද්ද අමතර සුදුසුකමකි.

ඔබේ අයදුම්පත අදම යොමු කරන්න wisdomlifeintl@gmail.com
WhatsApp 070 355 0300

- Team Wisdom Life Center

ගුණාත්මක සේවා සම්පාදනයක් වෙනුවෙන් “Mind Management for Service Staff”The Overseas School of Colombo හි සේවා සම්පාදන කාර්...
14/02/2026

ගුණාත්මක සේවා සම්පාදනයක් වෙනුවෙන් “Mind Management for Service Staff”

The Overseas School of Colombo හි සේවා සම්පාදන කාර්ය මණ්ඩලය වෙනුවෙන් විශේෂ පුහුණු වැඩසටහන් මාලාවක් අප ආරම්භ කළා. සේවා ගුණාත්මකභාවය වැඩි කිරීම, නිර්මාණශීලි වැඩ එළඹුම්, වැඩ කළමනාකරණය, ආකල්ප සංවර්ධනය සහ ජීවිතාවබෝධය පුළුල් කිරීම යන කරුණු ඉලක්ක කරගනිමින් පුහුණුව පැවැත්වෙනවා.

මෙහි කැපී පෙනෙන කරුණක් වන්නේ තමන්ගේ “සේවා සම්පාදන කාර්ය මණ්ඩලය” සඳහා විශේෂ පුහුණුවක් ලබා දීමට The Overseas School of Colombo හි කළමනාකාරිත්වය තීරණය කිරීමයි. එය ආයතනික සංස්කෘතිය තුළ සාමාන්‍යයෙන් සිදුවන්නක් නොවේ. එබැවින් ඔවුන්ගේ තීරණය වටිනා පුර්වාදර්ශයක්.

මෙම සේවා සම්පාදන කාර්ය මණ්ඩලය කටයුතු කරන්නේ විවිධ රටවල සිසුන් සමග. එබැවින් මෙම කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකාවේ සන්නාමය ලෝකයට ගෙන යන පිරිසක්.

“අපි හිතුවට වඩා බොහොම රසවත්, ලොකු දැනුමක් ලැබුණු පුහුණු වැඩසටහනක් මේක” පළමු සැසිය අවසානයේ ඔවුන් කිව්වේ එහෙම.

මෙම පුහුණු වැඩසටහනට පුද්ගල හැකියා සංවර්ධන පුහුණුකරුවෙකු වන Lakruwan Pallewela ද ක්‍රියාකාරකම් සහිත දේශනයක් සමග එක් වුණා. wisdom life center කළමනාකරු Gayan Amarasena ද වැඩසටහන සාර්ථක කරගැනීමට දායකත්වය ලබා දුන්නා.

මෙම පුහුණු වැඩසටහනට අපට ආරාධනා කිරීම සම්බන්ධයෙන් The Overseas School of Colombo පාලනාධිකාරියයට, සේවා සම්පාදන කාර්ය මණ්ඩලයේ ප්‍රධානි ක්‍රිෂාන් ප්‍රනාන්දු මහතාට සහ, සම්බන්ධිකරණ කටයුතු සිදු කළ ලක්ෂිකා රාජනායක මෙනෙවියට wisdom life center වෙනුවෙන් අපගේ හද පිරි ස්තුතිය පිරිනැමීමට කැමතියි.

Mind Management දර්ශනය සහ පුද්ගල සංවර්ධනය (The Philosophy of Mind Management)Mind Management පුහුණු වැඩසටහන් සහ Coaching...
10/02/2026

Mind Management දර්ශනය සහ පුද්ගල සංවර්ධනය
(The Philosophy of Mind Management)

Mind Management පුහුණු වැඩසටහන් සහ Coaching පිළිබඳ දැන් බොහෝ දෙනෙකුගේ උනන්දුව වර්ධනය වෙලා. සමස්ථ පුද්ගලයා තුළ පුර්ණ පරිවර්තනයක් සිදුකිරීම වෙනුවෙන් විශේෂයෙන් සැකසුනු Mind Management සංකල්පය සුවිශේෂ දර්ශනයක් පදනම් කරගනිමින් අපි එය ලංකාවට හඳුන්වා දුන්නේ පුහුණු ක්ෂේත්‍රයට පරිවර්තනීය වෙනසක් එක් කරමිනුයි.

සතිමත්බව | මනෝවිද්‍යාව | NLP කියන ක්ෂේත්‍රවලින් ගත් සාරය මුසුකර අධියර 4 ක් යටතේ පුද්ගලයා තුළ පුර්ණ වෙනසක් නිර්මාණය කෙරෙන්නේ පෞද්ගලික සහ වෘත්තීය ජීවිතය සංවර්ධනය මෙන් ම ආධ්‍යාත්මික උත්තේජනයක් ද ලබා දෙමිනුයි. නව යොවුන් වියේ සිට ජ්‍යෙෂ්ඨ පුරවැසියන් දක්වා පුළුල් පරාසයක මානව සම්පත මෙහිදී ආවරණය කෙරෙනවා. එබැවින් අධ්‍යාපන ක්ෂේත්‍රයට Mind Management පුහුණුව ඔස්සේ ලැබෙන්නේ ද ප්‍රභල දායකත්වයක්.

පුද්ගල අභ්‍යන්තරය ප්‍රතිසංවිධාන කරමින් ඕනෑම තත්වයක් යටතේ ඕනෑම ඉලක්කයක් හඹා යා හැකි මානසිකත්වයක් (Mindset), Mind Management ඔස්සේ ගොඩනැගීම අපගේ පුහුණු වැඩසටහන්වල අන්තර්ගතයි. මෙහිදී පෞද්ගලික මට්ටමින් සහ කණ්ඩායම් මට්ටමින් පුහුණුව ලබාදෙනවා. එමගින් සාමකාමී මානසිකත්වයක සිට ඵලදායි මානසිකත්වයක් දක්වා අධියර හතරකින් පුද්ගලයා තුළ වෙනසක් සිදුකෙරෙනවා. ඵලදායිතාව, කාර්යක්ෂමතාව වර්ධනය වෙනවා. ආකල්ප වෙනස් වෙනවා. ආතතිය නැතිවෙනවා.

අපි 2025 වසරේදී පෞද්ගලික මට්ටමින් Transformative Coaching ඔස්සේ 150 දෙනෙකුට වැඩි පිරිසක් වෙත Mind Management පුහුණුව ලබා දුන්නා. අප ඔවුන් තුළ සාධනීය වෙනසක් ඇති කළේ තමන්ට ම අනන්‍ය ජීවිත දර්ශනයක් නිර්මාණය කරගැනීමට පසුබිම සැකසුව. ඔවුන්ගේ ප්‍රතිචාර අධ්‍යයනයේදී පැහැදිලි වුණේ Mind Management ඉතා සාර්ථකව පුද්ගල සංවර්ධනයට යොදා ගත හැකි බව.

2025 වසරේදී අපි මානව සම්පත් කළමනාකරුවන්, පරිපාලන කළමනාකරුවන්, ආයතන ප්‍රධානින්, විදුහල්පතිවරුන් ඇතුළු 100 කට වැඩි පිරිසක් එක්ක සාකච්ඡා කළා. තොරතුරු රැස් කළා. ඔවුන්ගෙන් බහුතරයක අදහස වුණේ ආයතනික මට්ටමේ ඇතැම් පුහුණු වැඩසටහන් වලින් ඇතිවන බලපෑම ඉතා කෙටි කාලයක් තුළ ක්‍ෂය වී යන බවයි. එනිසා පුද්ගලයෙකුට දීර්ඝ කාලීනව බලපෑමක් කිරීමට සමත් පුහුණු සංකල්ප ගැන ඔවුන්ගේ අවධානය ඉතා ඉහළයි.

Mind Management පුහුණු ක්‍රමවේදය මෙම කල්පවතින වෙනසක් උදෙසා මුළුමනින් ම ගැලපෙනවා. අපේ අපේක්ෂාව වෙන්නේ යම් අයෙකුට ජීවිත කාලයටම බලපෑමක් කළහැකි පරිවර්ධනයක් කිරීමයි. මේ සඳහා විජයග්‍රාහී මානසිකත්වයක් (Unbeaten mindset) පුදගලයා තුළ ගොඩනැගීමට අපි Mind Management පුහුණු සංකල්පය සංවර්ධනය කළා.

අපි 2026, එනම් මේ වසරේදී ආයතනික සහ පාසල් මට්ටමින් Mind Management පුහුණු වැඩසටහන් ආරම්භ කළේ කණ්ඩායම් මට්ටමින් පුද්ගල සංවර්ධන පුහුණුවට ප්‍රවේශ වෙමින්. ජනවාරි මාසය තුළ ආයතනික මට්ටමින් හස පාසල් මට්ටමින් අපි පුහුණු කටයුතු සිදු කළා. එහි ප්‍රතිචාර අතිශය සතුටුදායකයි.

පැහැදිලි ජීවිත දැක්මක්, වෘත්තීය දැක්මක් සහිත පුද්ගලයෙකු නිර්මාණය කිරීම ඔස්සේ අපි අපේක්ෂා කරන්නේ සතුට | සාර්ථකත්වය | සුවය ළඟා කරගත් අයෙකු නිර්මාණය කිරීමයි.

අපි 2027 වසරේදී Mind Management පුහුණු සංකල්පය ජාත්‍යන්තරයට රැගෙන යනවා. ඕනෑම රටක ඕනෑම වේදිකාවක ලාංකීය අනන්‍යතාව සහිත අපේ ම පුහුණු සංකල්පයක් එවිට අපිට ලෝකයට දෙන්න පුළුවන්. ඉතින් මේ ගමන සමග ඔබත් අත්වැල් බැඳ ගන්න.

අපි මේ ගැන කතා කරමු❤️

රුවන් සමරසිංහ.
Mind Management Trainer | Author
Transformative Coach | Counselor
Certified NLP Practitioner
Mindfulness Master Trainer

මගේ නිල වෙබ් අඩවිය,මගේ වෙබ් අඩවිය නැවත සක්‍රීයයි. (තාක්ෂණික කාරණා කිහිපයක් මත මාස දෙකකට ආසන්න කාලයක් එය අක්‍රීයව පැවතුණා...
26/01/2026

මගේ නිල වෙබ් අඩවිය,

මගේ වෙබ් අඩවිය නැවත සක්‍රීයයි. (තාක්ෂණික කාරණා කිහිපයක් මත මාස දෙකකට ආසන්න කාලයක් එය අක්‍රීයව පැවතුණා)

Mind management Training, Coaching සහ Counselling යන අපගේ සේවා පිළිබඳ සවිස්තර තොරතුරු මෙහි ඇතුළත්.

https://www.ruwansamarasinghe.com

ස්තුතියි!

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ආයතනික පුහුණුකරු වන භාතිය අර්ථනායක සමඟ තුල්හිරිය MAS පුහුණු මධ්‍යස්ථානයේදී තවත් පුහුණු සැසියකට සහ...
23/01/2026

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ආයතනික පුහුණුකරු වන භාතිය අර්ථනායක සමඟ තුල්හිරිය MAS පුහුණු මධ්‍යස්ථානයේදී තවත් පුහුණු සැසියකට සහභාගී වීමේ භාග්‍යය මට අද ලැබුණා.. පුහුණුකරුවෙකු ලෙස, මම සෑම පුහුණු සැසියකදීම ඔහුගෙන් නව පාඩමක් ඉගෙන ගන්නවා. මට ලබා දෙන ගුරුහරුකම් සහ අවස්ථාවලට Bhathiya Arthanayake ට අප්‍රමාණ ස්තුතියි!😍

Join us💙
02/01/2026

Join us💙

2026 මානසික සාමය උදාකරගැනීම සතුට ඔබ වෙත ගෙන ඒමට සමත් ප්‍රධානම බලය කුමක්දැයි ඔබ සිතා බලා තිබෙනවාද ? ඒ වෙන යම් දෙයක් නොව ය...
25/12/2025

2026 මානසික සාමය උදාකරගැනීම

සතුට ඔබ වෙත ගෙන ඒමට සමත් ප්‍රධානම බලය කුමක්දැයි ඔබ සිතා බලා තිබෙනවාද ? ඒ වෙන යම් දෙයක් නොව යහපතයි. ඔබ යහපත් බව පතන්නේනම් ඔබ කරා සතුට ගලා එයි. ඔබේ අරමුණු යහපත්නම් ඔබට ලැබෙන ප්‍රතිපලද යහපත්ය. මෙය තේරුම් ගැනීමට අසීරු මුලධර්මයක් නොවේ. සැබවින්ම එය සරළය. ඔබ යහපත වපුරන්නේනම් ඔබ යහපතම නෙලා ගනී.

ඔබේ යහපත් සිතිවිලි ගැන අපි අද කතා කරමු. යහපත් සිතිවිලි ඇතිවන්නේ යහපත් දැක්මක් ඔබ සතු වූ විටදීය. යහපත් අවබෝධයක් හා යහපත් අධිෂ්ඨානයක් ඔබ සතු වූ විටදීය. ඔබේ සිතිවලි ගැන සාවදාන වෙමින් ඒවා යහපත් සිතුවිලි බවට සැක හැර දන ගන්න. යහපත් සිතුවිලි ඔබේ චිත්ත තරංග ප්‍රභාමත් කරයි. එය ඔබ වෙත යහපත ආකර්ෂණය කර දීමට සමත් වෙයි. විශේෂයෙන් ඔබට සතුටු විය හැකි අපමණ දේ ඔබ වෙත ළඟා කර දෙයි.

ඔබේ සිතිවිලි යහපත් වන විට ඔබේ සිරුරේ රසායනික ක්‍රියාවලිය යහපත් වෙයි. එය විශිෂ්ට සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට මග පාදයි. ඔබේ සිරුරට වඩාත් සාධනීයව බලපාන හෝමෝන ඔබේ සිරුර තුළ ප්‍රමාණවත්ව උත්පාදනය වීමට ඔබේ යහපත් සිතිවිලි බලය ලබා දෙයි. එය ප්‍රාතිහාර්යයකට සමානය. එය යහපත් බව ඔබට තිළිණ කරන වත්කමකි.

යහපත් දේ සිතන විට ඔබේ මනසේ සාමය ආරක්ෂා වෙයි. ඔබ සන්සුන්ය. ආත්ම විශ්වාසය වැඩේයි. ඔබ දිරිමත්ය. ඕනෑම අවස්ථාවකට මුහුණ දීමට තරම් ඔබ ශක්තිමත්ය. ඔබේ සිතිවිලි යහපත් බැවින් සඟවන්නට දෙයක් ඔබට නැත. එබැවින් ඕනෑම තැනක හිස කෙලින් තබාගෙන සතුටින් සිටීමේ පරම අයිතිය ඔබ සතුය.

ඔබේ හෘදසාක්ෂිය පිරිසිදු වන්නේ ඔබ යහපත් දේ සිතන විටයි. එවිට ඔබ තෘප්තිමත්ය. සහනය හා සැනසීම ඔබ තුළමය. ඔබට සතුට හිමි වෙයි. තවත් යමක් සෙවීමට අවශ්‍ය නොවේ. මානසික ආතතිය , විශාදය වැනි ගැටළුවලට ඔබ ගොදුරු වීමේ අවදානමක් නැත. සිතිවිලි යහපත් වන විට බිය ඔබ තුළ නැත. ඔබ ශක්තිමත් බව ඔබට දැනෙයි.

යහපත් සිතුවිලිවල ප්‍රතිපල නිමක් නැත. ඔබට එය අවබෝධ කර ගත හැකිය. සැමවිටම යහපත් සිතිවිලි වන්න. යහපතම හඟින්න . සතුටින් පිරුණු ඔබේ ජීවිතය එවිට වඩාත් ආදර්ශවත් වනු ඇත.

මේ අදහස වටිනවානම් මේක Share කරන්න. ඔයාගේ අදහස comment කරන්න.

එකතුවෙන්න අපේ Mind Management Training, Coaching සහ Counselling වැඩසටහන් සමග. කතාකරන්න අපට 0703 550 300.

රුවන් සමරසිංහ.
Mind Management Trainer | Author
Transformative Coach | Counselor
Certified NLP Practitioner
Mindfulness Master Trainer

2026 ට ජීවිතය සුන්දර කරන සරළ පුරුදු 7 ක් 🥰සුන්දර ජීවිතයක් ගත කරන්න අපි කවුරුත් කැමතියි. ජීවිතය සුන්දර කර ගන්න සරළ දේවල්ව...
24/12/2025

2026 ට ජීවිතය සුන්දර කරන සරළ පුරුදු 7 ක් 🥰

සුන්දර ජීවිතයක් ගත කරන්න අපි කවුරුත් කැමතියි. ජීවිතය සුන්දර කර ගන්න සරළ දේවල්වලින් පුළුවන්. අපි අද කතා කරන්නේ ජීවිතය සුන්දර කරන සරළ පුරුදු 7 ක ගැනයි.

1 අද දවසේ නිමකළ යුතු වැදගත්ම කරුණු තුනක් ලියා තබන්න. මෙය දවස පුරා ඔබව ඒ ඉලක්කවලට බැඳලා තබා ගන්න උදවු වෙනවා. එතකොට ඔබට උනන්නදුවක් ඇති වෙනවා ඒවා කරන්න

2 විනාඩි කිහිපයක් ව්‍යායාම කරන්න. උදේ ම මේ වැඩේ කරන්න පුළුවන්නම හොඳයි. කොයි වෙලාවේ කළත් ඔබ කායිකව වගේම මානසිකව සුවපත් කරන්න ව්‍යායාම ඔබට උදවු වෙනවා.

3 ජංගම දුරකථනය වගේම රුපවාහිනිය භාවිතය අඩු කරන්න. විශේෂයෙන් ඔබ විවිද වැඩසටහන් වගේම ගේම් වලට ඇබ්බැහි වෙලා ඉන්නවනම් ඔබේ වටිනා කාලයෙන් වැඩි හරියක් අපතේ යනවා . කාලය ඉතුරු කර ගත්තොත් ඔබ නිසැකවම දිනුම්.

4 ඔබට දැනටමත් ලැබිල තියෙන දේවල් ගැන සතුටු වෙන්න දවසකට පොඩි වෙලාවක් හරි වෙන් කර ගන්න. මේ හැම යහපත් දෙයකටම ස්තුති කරන්නත් මේ වෙලාව යොදා ගන්න

5 ඔබට දැනෙන හැඟෙන දේවල් ලියන්න පුරුදු වෙන්න. දවස ගානේ මේ වැඩේ කරන්න පුලුවන් නම් ඔබේ සතුට වේගයෙන් වැඩි වෙන හැටි ටික දවසකින් ම ඔබට අත් වින්දින්න පුළුවන් වෙයි. ඒ නිසා දවසකට වාක්‍ය දෙක තුනක්වත් ලියන්න පුරුදු වෙන්න.

6 දවස ගානේ ඔබේ කාමරය, මේසය අස් කරන පුරුදු වෙන්න. මෙහෙම කළාම ඔබ දවස නිම කරන්න අලුත් දවසකට හොඳටම සුදානම් වෙලා. අද දවස සම්පුර්ණ කළා කියන හැඟීමත්, හෙට දවසට සුදානම් කියන හැඟීමත් එතකොට ඔබට තදින්ම දැනෙන්න පටන් ගන්නව

7 ඔබේ පවුලේ අය සමග ටික වෙලාවක් ගත කරන්න පුරුදු වෙන්න. ඔබේ ඔලුවේ තියෙන වැඩ පැත්තකින් තියල, දුරකථනය පැත්තකින් තියල පවුලේ අයත් එක්ක ඉන්න එකත් ඔබේ ජීවුතය සුන්දර කරන්න ඔබට උදවු වෙනවා.

ඔබට ජය!

මේ අදහස වටිනවානම් මේක Share කරන්න. ඔයාගේ අදහස comment කරන්න.

එකතුවෙන්න අපේ Mind Management Training, Coaching සහ Counselling වැඩසටහන් සමග. කතාකරන්න අපට 0703 550 300.

රුවන් සමරසිංහ.
Mind Management Trainer | Author
Transformative Coach | Counselor
Certified NLP Practitioner
Mindfulness Master Trainer

“දරුවන් සඳහා මානසික හැකියා කළමනාකරණය”පාසල් දරුවන් සමග තවත් සුන්දර හෝරාවක්. අපි කතා කළේ “හීන පාට කරන්නේ කොහොම ද” කියලා. අ...
31/10/2024

“දරුවන් සඳහා මානසික හැකියා කළමනාකරණය”
පාසල් දරුවන් සමග තවත් සුන්දර හෝරාවක්. අපි කතා කළේ “හීන පාට කරන්නේ කොහොම ද” කියලා. අපි හැමෝගේ හීන ලස්සනට පාට කරලා, පරිස්සම් කරගෙන ඒවා යථාර්ථයක් කරගන්න අපි හැමෝටම පුළුවන්.
(ශාන්ත අන්තෝනි දෙමළ මහා විද්‍යාලය - කොළඹ 14)
සංවිධායක මණ්ඩලයට ස්තුතියි!

Address

Wisdom Life Center, Kotugoda
Minuwangoda

Alerts

Be the first to know and let us send you an email when Wisdom Life Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram