16/02/2026
මෝහිණීගේ අඩවිය 07 කොටස (18+ අය පමණක් කියවන්න)
යකින්නක් සමග යහන්ගතවූ රාත්‍රිය
06 කොටස අවසන් වූ තැන
මගේ සිරැර මත ගොඩවී සිටින ඇය මත් වී මෙන් සිරැර මත සිට ඒ මේ අත ඇඹරෙමින් ඇයටම ආවේණික වූ රංගනයක යෙදෙන්නට වුණා. ඇගේ සළුව ඇය විසින්ම ඉවත් කළ අතර, ඇගේ හංසයින් යුගල මගේ මුහුණේ ගාවමින් ඇය රංගනයක නිරත වුණා. එසේ ටික වේලාවක් යනවිට ඇගේ එක් හංසයෙකුගේ උල්වූ මුව පෙදෙස මගේ මුඛය ස්පර්ෂ කරන්නට වුණා. නොදැනුවත්වම මගේ දිවෙන් එය ස්පර්ෂ කළ අතර මද වේලාවක් යන විට එය මා විසින් උරා බොමින් සිටියා.......
එතැන් සිට
මාගේ එම ක්‍රියාවෙන් තව තවත් ඇගේ කෙදිරිළි හඩ උත්සන්න වූ අතර ඇගේ දැගලිලි ගතියද වැඩි විය. මද වේලාවක් යන විට සම්පූර්ණයෙන් නිරැවත් වූ ඇය අනිත් පැත්ත හැරී මගේ පාද ඇති දෙසට මගේ සිරැර දිගේ බඩ ගා යන්නට විය. (69 Hikzz) එම ක්‍රියාව අවසන් කළ ඇගේ කුසගින්න තවමත් නිවී නොමැති ආකාරයක් තමයි පෙනෙන්නට වුණේ. නැවතත් ආපසු හැරී මගේ මුහුණ දෙසට පැමිණි ඇය එක්වරම උඩ බලන්නට විය, ඇගේ ලස්සන මුහුණ තරමක් රවෘද්‍ර ස්වරෑපයකට හැරෙමින් තිබුණු අතර එක් වරම ඇගේ මුඛයෙන් සිහින් දිගු දත් දෙකක් වර්ධනය වුණා. ඒත් සමගම මගේ ගෙල දෙසට පාත් වුණු ඇය එම දත් වලින් මගේ ගෙල සපා කන්නට වුණා. මට දැනුනේ වේදනාවක් වෙනුවට, ජීවිතයේ කවරදාකවත් නොලැබුණු අන්දමේ මිහිරි දැනීමක්. ඒ වනවිට ඇය මගේ ගෙලෙන් රුධිරය උරා බොමින් සිටියා.
ක්‍රමයෙන් මගේ පියවි සිහිය නොමැති වෙමින් තිබුණු අතර ක්‍රම ක්‍රමයෙන් සියල්ල බොදවී යමින් තිබුණා. තවත් ස්වල්ප වේලාවක් යනවිට සුදු පැහැති ආලෝකයක් පමණක් පෙනෙන්නට වූ අතර එයද නිවී ගොස් සියල්ල අදුරු වුණා. අන්ධකාරයේ ආලෝකය සොයනවා වගේ හැගීමක් තමයි මට දැනුනේ. මගේ හිසට ඉතාම වෙහෙස ගතියක් දැණුනා. දිගු නින්දකට වැටුණු බවක් මටම හැගී ගියා. දැන් කිසිවක් පෙනෙන්නට නෑ සියල්ල අදුරැවී ගිහින්, කිසිදු ශබ්ධයක් ඇසෙන්නේ නෑ.
ගතවුනේ මද වේලාවකි. කවුරැන් හෝ තට්ටු කරමින් මා අවදි කිරීමට උත්සාහ කරයි. මගේ නම පවසයි. සිහිනයෙන් වාගේ ඇසෙන්නේ කුමක්දැයි බැලීමට දෑස් හැර බලීමි. මගේ යහළුවන් තිදෙනෙකුත් සමග පියාද මා වට කරගන සිටී. අඩෝ නැගිටපන්, මොකද බන් වුණේ, කොහෙද හු....තෝ, රෑ එලිවෙනකම් ගියේ, ප්‍රශ්න මාලාවක් මා වෙතින් විමසීමට ලක් වෙමින් තිබුණි. (පොලෝසියෙන් අල්ලන් වගේ) ක්‍රමයෙන් පියවි සිහියට පැමිණි මම අවට බැලීමි. මා ඉදිරියෙන් මිතුරකු සිටි අතර දෙපසින් තාත්තා සහ අනිත් මිතුරන් දෙදෙනා විය. ඔවුන් අතරින් ඈතින් පෙනෙන්නට තිබූ ත්‍රීවීලර් එකක හැඩයට සෑදූ සොහොන් කොතක් ඒත් සමගම දක්නට ලැබිණි. හොදට දැකල පුරැදු වගේ ගතියක් දැනුණු නිසා තව ටිකක් විපරමෙන් ඇස් කරකවා වට පිට බැලීමි. පපුව ඩිග් ඩිග් ගා ගැසෙන්නට විය. ඊටත් වඩා ලැජ්ජාව. අපේ උන් මාව බයිට් කරන්න ගත්තම, දිවි නහගන්නව ඊට හොදයි. මම ඉන්නේ මිණී කනත්තෙ. නිදාගෙන ඉන්නෙත් තරමක් විශාලවට තැනූ පැරණිතම සොහොන් කොතක් පාමුල.
වෙලාව උදෑසන 10 පමණ වෙලා කියලා තේරැණේ නැගෙන හිර දෙසින් බබලන හිරැගේ පිහිටීම දැක්කම. කුරැල්ලෝ කිසිදෙයක් නොවුනු ගානට කීචි බිචි ගාමින් ගසින් ගසට පියඹා යනව. උඩ බැලූ විට පෙනෙන්නට ඇත්තේ විශාල අරලිය ගසක්. මල් පිපිලා සුවදම සුවදයි. මම නැගිටින්න උත්සාහ කළත් නැගිටින්නට අපහසු ගතියක් දැනෙන්නේ. කොපමණ වාරු ගත්තත් තනිව නැගිට ගැනීමට නොහැකි වූ තැන පියාගේ උපදෙස් මත මිතුරන් තිදෙනා විසින් මා ඔසවා ගත්තා. කාටවත් පෙනෙන ලෙස ගියහොත් දහසක් ප්‍රශ්න අසන නිසා කාටත් හොරෙන් වෙල අයින දිගේ තමයි නිවසට ආවේ. රාත්‍රියේ ඇය මා සමග අශ්ව කරත්තයෙන් පැමිණි පාර මෙයම වුවද එම අවස්ථාවේ පෙනෙන්න තිබූ කිසිවක් දැන් පෙනෙන්නට නෑ. දිගු කළකින් කිසිවකුත් මෙම මාර්ගය භාවිතා කර නැති නිසා මාර්ගය වල් වැදී තිබිණි. ඇලෙන් එගොඩ පිහිටි රුක් අත්තන ගස කුඩා කාළයේ දුටුවාට පසු නැවත දැක්කේ මේ එන අතර මගදී. දැන් එය මහා වෘක්ෂ රාජයෙක් වෙලා. පළාතම සුවද කරන මල්, තව ටිකක් ඉදිරියට ඇවිද යනවිට වැටකෙයියා පදුරකින් පිපුණු වැටකෙයියා මලක්. පුදුමාකාර ලස්සනක් සහ සුවදවත් බවක් පාලු වෙල් යායට එකතු කළා.
මෙසේ සිරි විදිමින් යහලුවන් ගේ දෑත් මත හිදගෙන නිවෙස කරා ගමන් කළා.නිවසට යනවිටත් මා හට පියවි සිහිය තිබුණ නමුත් නැගිට ගැනීමට ශක්තියක් තිබුණේ නෑ. ගෙල ප්‍රදේශය තරමක් වේදනා කාරී ගතියක් දැනුනා. ඔය අතරේ තාත්තා ආරක්ශාවට නූලක් දම්මන්න ඕනේ කියලා, යන්ත්‍රමන්ත්‍රවැඩ කරන පුද්ගලයකු සොයා එන්න ගොස් තිබුණා.යහලුවන් ටිකත් මා සමග ටික වේලාවක් කතාබහ කරමින් හිද ආදසු සිය නිවෙස් කරා ගියා.මම රාත්‍රියේ සිදුවූ සිදුවීම සම්පූර්ණයෙන් ඔවුන්ට කීමට පෙළඹුනේ නෑ. එහෙම කිවුවානම් ඔවුන් මට පිස්සු කියල සිතනවා නොඅනුමානයි. අම්මා වරින් වර පැමිණ හිස අතගා කදුලු පිරි දෙනෙතින් මා දෙස බලා හිද නැවත මුලුතැන්ගෙය වෙත ගොස් ඉවුම් පිහුම් වැඩ කරන්නට වුණා. පැයක තරම් වේලාවකට පසු තාත්තාගේ තැපැල් 90 වර්ගයේ බයිසිකලය නිවස ඉදිරියේ නවත්වනු ඇසුණා. "එන්න මාමේ ඇතුලට,ළමය කාමරේ ඉන්නේ, නැගිටගන්න බෑ, හොදට කල්පනාව තියෙනවා" යැයි කියමින් තවත් පුද්ගලයකු සමග නිවස තුළට පැමිණෙමින් සිටියා. පාවහන් ගලවන ශබ්ධය ඇසඅනු අතර ඊළගට මගේ කාමරයේ දොර විවෘත වුණා. විවෘත වූ දොරින් මුලින්ම තාත්තා ඇතුලට පැමිණි අතර, ඊ ළගට වයස අවුරැදු 70 පමණ වයසැති සීයා කෙනෙක් කාමරයට ඇතුලු වුණා. ඔහු ඇතුලට පැමිණි විගස යම් කිසි දෙයක් දුටුවා සේ තැතිගැන්මකට පත් වුණා. මගේ කාමරයේ ජනේලය දෙස හොදින් බැලූ ඔහු, අත තිබූ බෑගයකින් කුඩු වර්ගයක් ගෙන එයට මතුරා ජනේලය දෙසට විසිකළා.
ඉන්පසු මා දෙසට හැරැණු ඔහුගේ දෙනෙත යොමු වුනේ මාගේ ගෙල පෙදෙස වෙතටයි. එදෙස පරීක්ෂාකාරී ලෙස බැලූ ඔහු පියා දෙසට හැරී, "තත්වය නම් ගොඩක් භයානකයි" ලෙස පැවසුවා. ඉන් පසු මා දෙසට හැරැණු සීයා දරැවෝ උඹ ඒ යක්ෂණී එක්ක නිදාගත්තද ඇහුවා. වස ලැජ්ජාව දැන්, තාත්තත් ඉන්නවනේ.කරගන්න දෙයක් නෑ, මටත් ඉක්මණින් සුව වෙන්න අවශ්‍ය නිසා ඇත්ත කියන්නත් ඕනෙ. මම කිව්වා ඔව් සීයේ කියලා. සියා ඊට පස්සේ තාත්තා දෙසට හැරී කියා සිටියේ "එඹෙන පෝය දින පහු වෙනකම් දරැවාව පරිස්සම් කරගන්න ඕන. ඔය දරැවා අහු වෙලා තියෙන්නේ මොහිණී දිෂ්ඨියට. වාසනාවකට තමයි ඊයේ දරැවාගේ ජීවිතය බේරිලා තියෙන්නේ. මම හිතන විදියට ඊයේ යක්ෂණීට වෙලාව මදි වෙලා,අමනුෂ්‍ය ආත්ම වල බලය පවතින්නේ ඉර එළිය වැටෙනකම් විතරයි. මම හිතන විදියට ඉර උදාව සිදුවීමට පෙර යකින්නට දරැවාගේ රුධිරය උරා බී, ඉවරකරගන්නට බැරි වෙලා තියනව. ඉර පායනවත් එක්කම යකින්න අතුරැ දහන් වෙලා ගිහින්.හැබැයි අදත් ඉර බහිනවත් එක්ක ඒ යකින්න ඇහැරෙයි,යක්ෂණී අදත් උත්සහ කරයි දරැවා රැගෙන යන්න,ඒකිට සම්පූර්ණ කරගන්න බැරි වුණු කාමාශාවන් ඉටුකරගන්නයි, ආත්ම සිය ගණනක කුසගින්න මොහොතකට නිවාගන්න දරැවාගේ ඉතිරි ලේ ටිකත් බොන්නයි අදත් එනව එනවමයි. එක පෝයක් ආරක්ෂා කරගත්තනම් ඇති, පෝයකට පස්සේ අලුත් ගොදුරක් තමයි යකුන් හොයන්නේ. පරණ ගොදුරැ අතහැරල දානව.මම පෝය වෙනකම් ආරක්ෂා වෙන්න ඇප නූලක් දාන්නම්.ඇප නූල පරිස්සම් කරගන්න එක ඔහෙලගේ වගකීම, යකින්න උත්සාහ කරයි විවිධ ක්‍රම වලින් ළමයව ඇදල ගන්න. නමුත් පරිස්සමින් මොලේ කල්පනා කරල බේරිලා ඉන්න, මේ ළමයට දැන් හොදට කන්න බොන්න දෙන්න, ඇගට ලේ ටිකක් ඊනුවට පස්සේ නැගිටගන්න පුලුවන් වෙයි " කියපු සීයා මල් බුලත් පුටුවක් අවශ්‍ය වත් පිළිවෙත් අනුව සකස් කර ඒ ඉදිරියේ හිදගෙන කහ කැබැල්ලකින් සුදු නූල පාට කර, තද නොකර භාගයට නූලහි ගැට කිහිපයක්ද සකස් කරගත්තා. ඉන්පසු මන්ත්‍රකියමින් එම නූලට මතුරන්නට වුණා. මන්ත්‍රක් 108 වරක් කියා එක් ගැටයක් තද කළා. ඔය ආකාරයෙන් නූලහි ගැට 108ක්, පැය ගනනාවක් මතුරා අවසන් කළ සීයා තවත් මන්ත්‍ර කියමින් එම නූල මගේ ගෙලට දැම්මා. යකින්න විසින් ලේ උරා බිව් ස්ථානයද කහ අතුල්ලා යම් වෙද කමක් කළා. ජනේලය අසලට ගිය සීයා නැවත වරක් ඒ දෙස හොදින් බලා හිද කාමරයෙන් පිටත් වුණා. තවත් ටික වේලාවකින් තාත්තා සමග බයිසිකලයෙන් පිටත්වී යන හඩ ඇසුණා.
අම්මා වරින් වර ලබා දුන් ආහාර පාන නිසා පැය දෙක තුනක් යනවිට ශරීරය ප්‍රාණවත් වී ඇවිද ගැනීමට පුලුවන් තත්වයට පත්වුණා. 12 විතර මගේ මිතුරකු මා බැලීමට පැමිණි අතර ඔහුත් සමග කතාවකට වැටුණා. ඔහු සොයගන ඇති ආකාරයට මට මුණගැසී ඇත්තේ මොහිණීගේ අවතාරයක්. අවුරැදු ගණනාවකට කළින් අපේ ගම්පළාත් පාළනය කරගන සිටි සිටු පවුලක රූමත් දියණියක්.........
මතුසම්බන්ධයි.......
#මෝහිණීගේඅඩවිය #හොල්මන්කතා #නවකතා