05/11/2025
60 Days To Greatness 🔥❤️
තව මේ අවුරුද්ද ඉවර වෙන්න දවස් 60ක් තමයි හරියටම තියෙන්නේ. මේ අවුරුද්ද මුල ඔබ සැලසුම් කරපු ඉලක්ක වෙනුවෙන් මේ වෙද්දී 75% ක විතර වැඩ කොටසක් ඔබ කරගෙන යනවා නම් එහෙම කෙනෙකුට මේ පෝස්ට් එක skip කරන්න පුලුවන්.
නමුත් ඔබ සැලසුම් කරපු දේවල් වලින් කිසිම දෙයක් තාම හරියටම කරගන්න බැරි වෙලා නම් මුලින්ම තේරුම් ගන්න, මේ දවස් 60න් ඔබට ඒ සියල්ලම වෙනුවෙන් වැඩ කරලා ප්‍රාතිහාර්යයක් කරන්න අමාරුයි.
ඒත් ඔබට පුලුවන් 2026 වසර සාර්ථක වර්ෂයක් කරගන්න මේ දවස් 60 තුළ ශක්තිමත් පදනමක් ගොඩ නගා ගන්න. ඒ සඳහා ඔබට කරන්න තියෙන්නේ
✅ Step 01 : එක් ඉලක්කයක් තෝරා ගන්න
වර්ෂය මුල ඔබ තීරණය කරපු ඉලක්ක අතරින් ඔබට වැඩි බලපෑමක් කරන්න පුලුවන් සහ achievable ඉලක්කයක් තෝරා ගන්න.
උදාහරණ :
✴️සෞඛ්‍යය තත්ත්වය දියුණු කර ගැනීම වෙනුවෙන් කිලෝ 3 කින් බර අඩු කර ගැනීම
✴️ දෙසැම්බර් 31 වෙද්දී අළුත් skill එකක් ඉගෙන ගැනීම
✴️ පෞද්ගලික මූල්‍ය කලමණාකරණය වර්ධනය කර ගැනීම. දෙසැම්බර් 31 වෙනකොට රුපියල් 15,000 ක savings fund එකක් නිර්මාණය කර ගැනීම
✅ Step 02 : ඒ සඳහා දිනකට කලයුතු කාර්‍යයන් ඇතුළත් action plan එකක් හදා ගන්න.
ඔබේ ඉලක්කය achieve කරන්න හැම දිනකම කරන්න අවශ්‍ය කාර්‍ය්යන් තීරණය කරන්න. ඒම කාර්‍යයන් කිරීමට නිශ්චිත වෙලාවක් වෙන් කර ගන්න.
උදාහරණ :
✴️ සතියට දින හතරක් හවස 6 ට gym එකට යාම
✴️ සෑම දිනකම රාත්‍රී 8 සිට 9 වෙනකම් අළුත් skill එක ගැන ඉගෙන ගන්න වෙන් කිරීම
✅ Step 03 : ක්‍රියාත්මක වීම හා නිශ්චිත කාලසීමාවකට වරක් ප්‍රගතිය මැනීම
මෙහිදී ඔබ හදා ගත්ත action plan එකට අනුව 100% ක් ක්‍රියාත්මක වෙන්න. නිදහසට කරුණු නිර්මාණය කර ගනිමින් කිසිම වෙලාවක ක්‍රියාත්මක වීම නතර කරන්න එපා. මේ දින 60 තුළ ඔබ තෝරාගත් ඉලක්කය වෙනුවෙන් වැඩ කර ගැනීම ඔබේ ජීවිතයේ ප්‍රමුඛතාවය බවට පත් කර ගන්න.
මේ විදිහට ඔබ මේ දින 60 තුළ එක් ඉලක්කයක් වෙනුවෙන් වැඩ කිරීමෙන් ගොඩ නගා ගන්නා අඛණ්ඩතාවය හා ස්වයං විනය තුලින් 2026 වසර සාර්ථක කර ගන්න පදනම නිර්මාණය කර ගන්න පුලුවන්.
එහෙනම් මේ දින 60 ඔබ විශිෂ්ටත්වය කරා ගමන් කරන දින 60 බවට පත් කර ගන්න.
All the best!
ජයවේවා!
මධුර අමරසිංහ
මේ වගේ ඔබේ ජීවිතය,ව්‍යාපාරය improve කර ගන්න වැදගත් ලිපි ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගන්න අපේ Whats App Channel එක follow කරන්න.
https://whatsapp.com/channel/0029Va5sWZe7Noa8cBxzws3T