13/11/2025
ඔබට අවශ්‍ය දීප්තිමත් සමක් නම් මේ විටමින් වර්ග අමතක කරන්න එපා 💚🌸
ඔබේ ශරීරය නිරෝගීව තබා ගැනීමට විටමින් අත්‍යවශ්‍ය වනවා. ඒ ආකාරයටම ඔබේ සම සඳහාත් විටමින් අත්‍යවශ්‍යයි.
🔰 ඔබේ සමේ සෞඛ්‍ය පවත්වාගෙන යාම සඳහා විටමින් විශාල කාර්යභාරයක් ඉටු කරනවා. සම නීරෝගීව තබා ගැනීමට , සම අකලට වියපත් වීම වළක්වා ගැනීමට , සමේ රැළි ඇතිවීම සහ අඳුරු කව ඇතිවීම වළක්වා ගැනීමට , සම අව පැහැ ගැන්වීම වළක්වා ගැනීමට සහ සම දීප්තිමත්ව තබා ගැනීමට සමට විටමින් අවශ්‍ය වනවා.
🔰 සමහර වේලාවට අප ලබා ගන්නා ආහාර වලින් ලැබෙන විටමින් මේ සඳහා ප්‍රමාණවත් වන්නේ නැහැ. එවැනි අවස්ථාවලදී වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත ලබා ගැනීමට සිදුවනවා .
ඒ කෙසේ වෙතත් සම නීරෝගීව තබා ගැනීමට අවශ්‍ය වන විටමින් පිළිබඳවයි අද අපි ඔබව දැනුවත් කරන්නේ.
දිප්තිමත් සහ නීරෝගී සමක් සඳහා අත්‍යවශ්‍ය විටමින් ✨
✅ විටමින් A
වයසට යාමේ සලකුණු අවම කර ගැනීමට අත්‍යවශ්‍ය වන විටමින් වර්ගයක් ලෙස විටමින් A සැලකෙනවා.
✍ විටමින් A සම මත ක්‍රියා කරන්නේ කෙසේද?
📍 සියුම් රේඛා සහ රැළි අඩු කරයි.
📍 සමේ නම්‍යතාවය වැඩි කරයි.
📍 කොලජන් නිෂ්පාදනය වැඩි කරයි .
📍 සමේ පෙනුම වැඩි කරයි.
📍 කුරුලෑ ඇතිවීම අවම කරයි .
✍ විටමින් A අඩංගු ආහාර මොනවද ?
බතල,නිවිති,බිත්තර කහ මදය,කැරට්,බෙල් පෙපර්,තක්කාලි
✅ විටමින් B3
සමේ වර්ණය හා ප්‍රත්‍යස්ථභාවය වැඩි කරයි, වයසට යාම හා අඳුරු ලප අවම කරයි.
🥜 ආහාර: හතු, අලි ගැට පේර, මුං ඇට, රටකජු, බෝංචි, ටූනා මාළු.
✅ විටමින් C
කොලජන් වැඩි කරයි, සම පැහැපත් කරයි, වියපත් වීම හා රැළි වැටීම අවම කරයි.
🍊 ආහාර: දොඩම්, නාරං, පේර, බ්‍රොකලි, මිදී, පැපොල්.
✅ විටමින් E
හිරු හානිවලින් සම ආරක්ෂා කරයි, තෙතමනය පවත්වා සම දීප්තිමත් කරයි.
🥑 ආහාර: ඔලිව්, ආමන්ඩ්, නිවිති, අලි ගැට පේර, බ්‍රොකලි, පැපොල්.
✅ විටමින් K
අඳුරු කව, රැළි සහ අව පැහැ ගැන්වීම් අවම කරයි, සම පෝෂණය කරයි.
🥬 ආහාර: ගෝවා, මල්ගෝවා, බ්‍රොකලි, පාස්ලි, ධාන්‍ය වර්ග.
✅ විටමින් B6
සමේ තෙල් පාලනය කරයි, කුරුලෑ අවම කරයි, සම ඇතුළතින් පෝෂණය කරයි.
🍗 ආහාර: කුකුල් මස්, අල, කෙසෙල්, නිවිති, කඩල, සැමන්.
👉 මෙම විටමින් අඩංගු ආහාර දිනපතා භාවිතා කිරීමෙන් ඔබේ සම දිප්තිමත්, යෞවන සහ නීරෝගීව පවත්වා ගත හැක! 🌸
👥Like එකක් දාලා මේ වටිනා පණිවිඩය share කරන්න 👍 අනිත් අයටත් බලන්න.