12/12/2022
🔴ගැස්ට්‍රයිටිස්(Gastritis)
ගෑස්,බඩ දැවිල්ල වැනි විවිධ නම් වලින් හදුන්වන මෙම රෝගය අද සමාජයේ බෙහෙවින් ප්‍රචලිතව පවතින බැවින් ඒ පිළිබඳව කරුණු කීපයක් මෙසේ දක්වමි.
කුඩා මහලු වයස් බේදයකින් තොරව ඇතිවන මෙම රෝගී තත්වය අපගේ ආමාශයේ ඇතුළු බිත්තියේ ඇති වන ප්‍රදාහයක් ලෙස සදහන් කීරීමට පුලුවන්.
⭕ගැස්ට්‍රයිටිස් වර්ග දෙකකි,
1.Acute Gastritis(කෙටිකාලීන)-දින 2-10ත් අතර කාලයක් පවති
2.Chronic Gastritis(දිගුකාලීන)-මාස ගණනාවක් සහ අවුරුදු ගණනාවක් දීර්ඝකාලීව පවති.
⭕හේතු සාධක
1.නිවැරදිව ආහාර වේල් නොගැනීම
2.අධික ලෙස තේ,කෝපි පානය කිරීම
3.දුම් පානය
4.මද්‍යසාර භාවිතය
5.වේදනා නාශක ඖෂධ භාවිතය
6.ආහාර ජීර්ණ පද්ධතිය තුල Helicobacter pylori නැමති බැක්ටීරියාව ආසාදනය වීම
7.ආසාත්මිකතා,දිලීර සහ වෛරස් ආසාදන
8.මානසික ආතතිය
⭕රෝග ලක්ෂණ
1.උදරයේ ඉහළ කොටසේ ඇතිවන කැක්කුම සහ දැවිල්ල
2.ඔක්කාරය සහ වමනය
3.බඩ පුරවා දැමීම
4.පපුව දැවිල්ල
5.කෑම අරුචිය
6.වාතය උගුරට පැමිණීම
7.ප්‍රධාන ආහාර වේල් අතරතුර බඩගිනි ඇති වීම
8.ලේ වමනය
9.කළු පාට මලපහ පිටවීම
මෙවැනි රෝග ලක්ෂණ සතියක් හෝ ඊට වැඩි දින ගණනක් පවති නම් අනිවාර්යයෙන්ම නිසි වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වීම තුලින් සංකුලතා අවම කරගත හැක.මෙම රෝග ලක්ෂණ නොසලකා හැරීම තුලින් අමාශය ආශ්‍රිතව තුවාල ඇතිවීමෙන් අධික ලෙස රුධිරය වහනය වීම සහ පිළිකා තත්වයන් වැනි බරපතල රෝගයන්ට පවා ගොදුරු විය හැකි බැවින් අප නිසැකවම අවධානය යොමු කල යුතුමයි.
මෙම රෝගී තත්වය හෝමියෝපති ඖෂධ භාවිතයෙන් සහ නිවැරදි ජීවන රටාවන් අනුගමනය කිරීම තුලින් නිට්ටාවටම සුව කර ගත හැක.
එබැවින් අතුරු ආබාධ රහිත හෝමියෝපති ප්‍රතිකාර සදහා අදම යොමුවන්න.
👩⚕Dr.Madhuma Perera(B.H.M.S,NIH,Kolkata)
SLHMC-0311
☎️0772305149