Suwani Medical Laboratory

Suwani Medical Laboratory Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Suwani Medical Laboratory, Medical and health, No 375, Rajasinghegama, udumulla, Mulleriyawa New Town, Mulleriyawa.

11/02/2026
03/02/2026

මුත්‍රා සමඟ පෙන යාම: ඔබේ වකුගඩු අනතුරේ බව කියන "නිහඬ" පෙරනිමිත්ත
මුත්‍රා කරලා ඉවර වුණාම, එහි මතුපිට සබන් පෙන වගේ පෙන ගොඩක් තියෙනවා ඔබ කවදාහරි දැකලා තියෙනවාද? බොහෝ වෙලාවට අපි කරන්නේ "මේ ඇඟේ රස්නයට වෙන්න ඇති, වතුර ටිකක් බිව්වම හරියයි" කියලා ඒක නොසලකා හරින එකයි. හැබැයි යාළුවනේ, මේ පෙන කියන්නේ නිකම්ම නිකන් දෙයක් නෙවෙයි. ඔබේ වකුගඩු යුගල ඇතුළත සිදුවන ඉතාම බරපතල හානියක පළමු අනතුරු ඇඟවීම මේ "පෙන" වෙන්න පුළුවන්.

ඇයි මෙහෙම වෙන්නේ? (විද්‍යාත්මක පසුබිම)

අපේ වකුගඩු කියන්නේ ශරීරයේ තියෙන ඉතාම දියුණු "පෙරහන් පද්ධතියක්" (Filter System). රුධිරයේ තියෙන අපද්‍රව්‍ය පෙරලා මුත්‍රා මගින් පිටතට යැවීම තමයි මෙහි ප්‍රධාන රාජකාරිය. ඒත් අපේ ශරීරයට අත්‍යවශ්‍ය දේවල් (උදාහරණයකට ප්‍රෝටීන්) රුධිරයෙන් පිටතට නොයා රැකගන්නත් මේ පෙරහන් වලට පුළුවන්.

නිකමට හිතන්න ඔබේ ගෙදර තියෙන වතුර පෙරනය (Water Filter) ගැන. ඒ පෙරනය ඇතුළේ තියෙන දැලට හානි වුණොත් මොකද වෙන්නේ? පෙරෙන්න ඕනේ නැති වැලි සහ කුණුත් වතුර එක්ක එන්න ගන්නවා නේද? අන්න ඒ වගේම තමයි, විවිධ හේතු නිසා වකුගඩුවේ තියෙන "පෙරහන්" (Glomeruli) වලට හානි වුණාම, රුධිරයේ තිබිය යුතු වටිනා ප්‍රෝටීන් (විශේෂයෙන් Albumin) මුත්‍රා හරහා එළියට යන්න ගන්නවා. ප්‍රෝටීන් සහ මුත්‍රා මිශ්‍ර වුණාම තමයි අර ඔබ දකින "සබන් පෙන" වගේ තට්ටුව නිර්මාණය වෙන්නේ. වෛද්‍ය විද්‍යාවේදී අපි මෙයට "Proteinuria" කියලා කියනවා.

නිරෝගී කෙනෙක්ගේ මුත්‍රා වල ප්‍රෝටීන් යන්නේ නැහැ. මුත්‍රා වල පෙන එන්න පටන් ගන්නේ වකුගඩු තමන්ගේ ක්‍රියාකාරිත්වයෙන් 20%ක් හෝ 30%ක් දැනටමත් අහිමි කරගෙන තියෙන වෙලාවක වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ලංකාවේ තරුණ පිරිස අතර අද බහුලව දකින්න ලැබෙන "Chronic Kidney Disease" (නිදන්ගත වකුගඩු රෝගය) මුල් අවධියේදී හඳුනාගන්න ලැබෙන එකම ලක්ෂණය මේ පෙන යාමයි. අපි මෙය "ඇඟේ රස්නය" කියලා අතහැරියොත්, කලක් යද්දී මේ හානිය වැඩි වෙලා වකුගඩු දෙකම සම්පූර්ණයෙන්ම අකර්මන්‍ය වෙන්න පුළුවන්. එතකොට අපිට සිද්ධ වෙන්නේ "ඩයලයිසිස්" (Dialysis) කරන්න හරි, වකුගඩුවක් බද්ධ කරන්න හරි පෝලිමක ඉන්නයි.

ඔබ නොසලකා නොහළ යුතු අනෙක් රහස් ලක්ෂණ 03

වකුගඩු වල ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක පෙන යාමෙන් විතරක් නෙවෙයි, තවත් ආකාර කිහිපයකින් ශරීරය අපිට පෙන්වනවා:

ඇස් යට සහ පාද ඉදිමීම (Oedema): වකුගඩු හරහා ප්‍රෝටීන් එළියට යනකොට අපේ රුධිරයේ ප්‍රෝටීන් මට්ටම අඩු වෙනවා. එතකොට රුධිර නාල ඇතුළේ තියෙන දියර වර්ග පටක අතරට කාන්දු වෙන්න ගන්නවා. මෙහි මුල්ම ලක්ෂණය තමයි උදේට නැගිටිනකොට ඇස් යට ඉදිමී තිබීම. ඒ වගේම දවස අවසානයේදී ඔබේ වළලුකර සහ පාද ඉදිමෙනවා නම්, එය වකුගඩු දුර්වල වීමේ ප්‍රබල ලක්ෂණයක්.

අධික මහන්සිය සහ සුදුමැලි වීම (Anaemia): අපේ රුධිරයේ "රතු රුධිර සෛල" නිපදවීමට අවශ්‍ය හෝමෝනය (Erythropoietin) හැදෙන්නේ වකුගඩු වලයි. වකුගඩු වලට හානි වෙනකොට මේ හෝමෝනය අඩුවෙන් හැදෙන නිසා ලේ අඩු වීම (Anaemia) ඇති වෙනවා. එවිට ඔබට නිතරම මහන්සිය, හුස්ම ගැනීමේ අපහසුව සහ ඇඟට පණ නැති ගතිය දැනෙන්න පුළුවන්.

කෑම අරුචිය සහ වමනය යාම: වකුගඩු හරියට පෙරන්නේ නැති වුණාම අපේ ලේ ඇතුළේ "යූරියා" සහ "ක්‍රියටිනින්" වගේ අපද්‍රව්‍ය පිරෙන්න ගන්නවා. මේ විෂ නිසා කෑම කන්න හිතෙන්නේ නැති වීම, උදේට වමනය වගේ දැනීම සහ කටේ අමුතු ලෝහමය රසයක් දැනෙන්න පුළුවන්.

ඇයි අපේ වකුගඩු වලට මෙහෙම වෙන්නේ?

නොදන්නා දියවැඩියාව: අධික සීනි මට්ටම නිසා වකුගඩු වල තියෙන සියුම් රුධිර නාල කාලයක් තිස්සේ විනාශ වීම.

වේදනා නාශක පෙති (Painkillers): වෛද්‍ය උපදෙස් නැතුව නිතරම හිසරදයට හෝ ඇඟපත වේදනාවට කඩෙන් අරන් බොන පෙති (NSAIDs) වකුගඩුවලට මාරාන්තිකයි.

ප්‍රෝටීන් සප්ලිමන්ට් (Supplements): වෛද්‍ය හෝ පෝෂණ උපදෙස් නැතුව, ජිම් යන තරුණ පිරිස අනවශ්‍ය ලෙස ප්‍රෝටීන් කුඩු බීම නිසා වකුගඩු වලට දරාගත නොහැකි පීඩනයක් ඇති වීම.

අධික ලුණු භාවිතය: කෑම වල තියෙන අධික ලුණු නිසා ඇතිවන රුධිර පීඩනය වකුගඩු වල පෙරහන් වලට සෘජුවම හානි කිරීම.

බය නොවී ගත යුතු විසඳුම්

ඔබේ මුත්‍රා වල පෙන එනවා නම්, "ඒක ඇඟේ රස්නයට වෙන්න ඇති" කියලා කාලය නාස්ති නොකර, අදම මේ සරල පරීක්ෂණ දෙක කරගන්න:

මුත්‍රා පරීක්ෂණයක් (UFR): මෙහිදී ඔබේ මුත්‍රා වල ප්‍රෝටීන් (Albumin) පිටවෙනවාද යන්න ස්ථිරවම දැනගත හැකියි.

රුධිරයේ ක්‍රියටිනින් (Serum Creatinine) මට්ටම: වකුගඩුවේ පෙරීමේ හැකියාව මැන බලන ප්‍රධානම රුධිර පරීක්ෂණය මෙයයි.

නිරෝගී වකුගඩු යුගලක් සඳහා අද සිටම කළ හැකි දේවල්:

ප්‍රමාණවත් තරම් වතුර බොන්න: වකුගඩු වල තියෙන විෂ වර්ග සෝදා හැරීමට වතුර අත්‍යවශ්‍යයි.

ලුණු භාවිතය සීමා කරන්න: කරවල, ලුණු දැමූ බිට්ස් වර්ග සහ පැකට් කළ කෑම වලින් ඈත් වන්න.

වේදනා නාශක වලින් ප්‍රවේශම් වන්න: සැමවිටම වෛද්‍ය උපදෙස් මත පමණක් ඖෂධ ගන්න.

සීනි සහ ප්‍රෙෂර් පාලනය: ඔබට දියවැඩියාව හෝ අධික රුධිර පීඩනය තිබේ නම්, එය ඉතාම නිවැරදිව පාලනය කරන්න.

දුම්වැටි භාවිතයෙන් ඉවත් වන්න: දුම්පානය මගින් වකුගඩු වලට යන රුධිර ගමනාගමනය අඩාල කරයි.

වකුගඩු රෝගය කියන්නේ "මරණ දඬුවමක්" නෙවෙයි. මුල් අවධියේදී හඳුනාගත්තොත් නිසි ආහාර පාලනය සහ ඖෂධ මගින් වකුගඩු තවදුරටත් නරක් වීම සම්පූර්ණයෙන්ම නතර කරන්න පුළුවන්. ඔබේ ශරීරය ඔබට දෙන "අනතුරු ඇඟවීම්" නොසලකා නොහරින්න. ඔබේ සෞඛ්‍යය ගැන ඔබ ගන්නා මේ කුඩා තීරණය, ඔබේ ජීවිතය තව දශක ගණනාවකින් දික් කරාවි.

මෙම ලිපිය ඔබේ හිතවතුන් අතරත් Share කරන්න. ඔබේ එක Share එකකින් තවත් කෙනෙක්ගේ වකුගඩු යුගලක් අකර්මන්‍ය වීමෙන් බේරාගන්න පුළුවන් වෙයි. සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගැන නිවැරදි තොරතුරු දැනගන්න දිගටම Say Yes to Scrubs Sri Lanka සමඟ රැඳී සිටින්න. https://youtu.be/MQ-XFzPbxSc

28/01/2026

ඔයාගේ කකුල් දෙක ඔයාට කියන "රහස්" 10ක්! 🩺⚠️

​අපි හුඟක් වෙලාවට අපේ මූණ ලස්සනට තියාගන්න දෙන අවධානය අපේ මුළු ඇඟම දරාගෙන ඉන්න කකුල් දෙකට දෙන්නේ නැහැ නේද? හැබැයි ඔයා දන්නවද? ඇඟ ඇතුලේ හැංගිලා තියෙන භයානක ලෙඩ ගැන මුලින්ම සිග්නල් දෙන්නේ අපේ කකුල් දෙක කියලා! 😮

​අදම ඔයාගේ කකුල් දෙක ගැන පොඩ්ඩක් විපරම් කරලා බලන්න. මේ ලක්ෂණ තියෙනවා නම් ඒක ලෙඩක ලකුණක් වෙන්න පුළුවන්. 👇

​01. කකුල් ඉදිමෙනවා නම් (Swollen Feet)
​නිකන්ම කකුල් ඉදිමෙන්නේ නැහැ. මේක අක්මාව, හෘදය හෝ වකුගඩු වල ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලේ වල හිමොග්ලොබින් අඩුකම නිසාත් මෙහෙම වෙනවා.

​02. නිතරම හිරි වැටෙනවා නම් (Numbness)
​වාඩි වෙලා ඉද්දිත් කකුල් හිරි වැටෙනවා නම් ඒ කියන්නේ ඔයාගේ ඇඟට විටමින් B12 හෝ E මදි කියන එකයි.

​03. යටි පතුල් දනවා වගේද? (Burning Sensation)
​යටි පතුල් පිච්චෙනවා වගේ දැනෙන එක දියවැඩියාවේ (Diabetes) ප්‍රධාන ලක්ෂණයක්. විටමින් B12 අඩු වුණාමත් මේ වගේ දැනෙන්න පුළුවන්.

​04. විලුඹ පැලීම (Cracked Heels)
​මේක නිකන්ම නෙවෙයි වෙන්නේ. විටමින් A, ඔමේගා 3 හෝ යකඩ අඩුවීම වගේම තයිරොයිඩ් ප්‍රශ්න නිසාත් විලුඹ පැලෙන්න පුළුවන්.

​05. වළලුකර වේදනාව (Ankle Pain) 🦴
​ඇවිදිනකොට වළලුකර රිදෙනවා නම් ඇඟේ විටමින් D අඩු වෙලා හරි යූරික් ඇසිඩ් මට්ටම වැඩි වෙලා හරි වෙන්න පුළුවන්.

​06. මස්පිඩු පෙරලීම (Leg Cramps)
​රෑට නිදාගත්තම කකුල් වල මස් පෙරලිලා වේදනා දෙනවා නම් ඒ කියන්නේ ඔයාගේ ඇඟේ සෝඩියම්, පොටෑසියම් වගේ ලවණ අඩු වෙලා.

​07. නහර ගැට ගැසීම (Varicose Veins)
​හුඟක් වෙලාවට එක දිගට හිටගෙන ඉන්න අයට වගේම අක්මාවේ ක්‍රියාකාරීත්වය අඩුවීම නිසාත් මේක වෙන්න පුළුවන්.

​08. කකුල් අයිස් වගේ සීතලද? (Cold Feet)
​ඔයාගේ කකුල් හැමතිස්සෙම සීතල වෙලා තියෙනවා නම් ඒක තයිරොයිඩ් ප්‍රශ්නයක් හෝ රුධිර සංසරණය දුර්වල වීමේ ලක්ෂණයක්.

​09. තුවාල සුව වෙන්න කල් යනවා නම් (Non-Healing Sores)
​කකුලේ පොඩි තුවාලයක් සුව වෙන්න ගොඩක් කල් යනවා නම් ඒක දියවැඩියාව ගැන දෙන ලොකු "රතු එළියක්". පරිස්සම් වෙන්න!

​10. කකුලේ රෝම හැලී යාම (Hair Loss on Feet)
​කකුලේ තිබුණ රෝම හිටිහැටියේ හැලී යනවා නම් ඒකෙන් කියවෙන්නේ කකුල් වලට ලේ යන ධමනි වල අවහිරතාවයක් තියෙනවා කියන එකයි.

​පුංචි මතක් කිරීමක්: මේ වගේ ලක්ෂණ තියෙනවා නම් ගෙදරට වෙලා ඉන්නේ නැතුව වහාම දොස්තර මහත්තයෙක් හම්බවෙලා උපදෙස් ගන්න. මොකද ලෙඩක් මුලින්ම අඳුරගන්න එක තමයි හොඳම විසඳුම! 💪✨

​ඔයා ආදරේ කරන අයව දැනුවත් කරන්න මේ පෝස්ට් එක අනිවාර්යයෙන් Share කරන්න. ඔයාගේ කකුල් දෙකත් මේ වගේ රහස් කියනවා නම් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා! 👇😊

(උපුටාගැනීමකි)

27/01/2026

_________________________________👣🦶🧘‍♀️ පාද ඔබේ සෞඛ්‍ය ගැන පවසන දේ.

26/01/2026
15/01/2026

යන්තම් අවුරුදු 35 වෙච්ච ගමන් හාට් ඇටැක් එන එක දැන් අපේ සමාජයේ ඉස්සර වගේ විරල සිදුවීමක් නම් නෙවෙයි. ගොඩක් වේලාවට මෙහෙම අඩු වයසින් හාට් ඇටැක් එකක් හෝ ස්ට්‍රෝක් එකක් ආපු යාලුවෙක් හෝ දන්න කෙනෙක් ඔයාටත් ඇති. මේක බරපතල තත්වයක්. යන්තම් අතේ හිරියක් විතරක් මුලින් දැනිලා , අංශභාගය දක්වා මේ තත්වය ඉතාම කෙටි කාලයකින් වර්ධනය වෙන්න පුළුවන්. මොකද කොලෙස්ටරෝල් කියන්නේ නිහඩ මාරයෙක්. ඉතින් මේ කතාව වෙන කාගෙවත් නෙවෙයි, හෙටට දිනයේ ඔබේ වෙන්න පුළුවන්. ඒ නිසා වයස අවුරුදු 35 පැනලා නම් ඔබ කොලෙස්ටරෝල් පරීක්ෂාවක් සිදු කර ගන්නවා නම් ඉතාම හොදයි.

කොහොමද කොලෙස්ටරෝල් පරීක්ෂාවක් කර ගන්නේ

කොලෙස්ටරෝල් පරීක්ෂණය ඉංග්‍රීසි භාෂවෙන් හදුන්වන්නේ Lipid Profile කියල. කොලෙස්ටරෝල් අපේ ඇඟට අවශ්‍ය දෙයක් වුණත්, නරක කොලෙස්ටරෝල් (LDL) වැඩි වුණාම ඒවා රුධිර නාල බිත්ති වල තැන්පත් වෙන්න පටන් ගන්නවා. මේකට කියන්නේ Atherosclerosis කියලා.

හාට් ඇටැක්: හදවතට ලේ ගෙනියන නහරයක් මේ විදිහට හිර වුණොත් හෘදයාබාධයක් එනවා.

ස්ට්‍රෝක් (Stroke): මොළයට ලේ ගෙනියන නහරයක් හිර වුණොත් හෝ පිපිරුණොත් අංශභාග තත්වය ඇති වෙනවා.

මේකේ භයානකම දේ තමයි, නහරයක් 70%ක් - 80%ක් විතර හිර වෙනකම්ම අපිට කිසිම වේදනාවක් හෝ රෝග ලක්ෂණයක් දැනෙන්නේ නැති වීමයි. ඒ නිසයි මේකට "නිහඬ මාරයා" කියන්නේ.

අපි වාහනේ එන්ජින් ඔයිල් එක ගැන වද වෙනවා, ෆෝන් එකේ බැටරි හෙල්ත් එක ගැන වද වෙනවා. ඒත් අපි ජීවත් කරවන හදවත ගැන බලන්න දෙන "ලේ පරීක්ෂණ වාර්තාව" (Lipid Profile) හරියට කියවාගන්න දන්නේ නෑ. අද අපි බලමු, ඔබේ ඇඟ ඇතුලේ හැංගිලා ඉන්න මේ "නිහඬ මාරයා"ව අල්ලගන්නේ කොහොමද කියලා.

1️⃣ පරීක්ෂණයට කලින් ඔබ අනිවාර්යයෙන්ම දැනගත යුතු රහස්

ගොඩක් අය රිපෝට් එක ගන්න ලේ දෙන්න යන්නේ වැරදි විදිහට. ඔබ වැරදි විදිහට ගියොත්, මැෂින් එකෙන් එන්නේ වැරදි රිපෝට් එකක්. එතකොට නැති ලෙඩ වලට බෙහෙත් බොන්න වෙයි.

✅ පැය 10-12 ක නිරාහාරය අනිවාර්යයි: ඔබ රෑ කෑම 8.00 ට කෑවා නම්, පහුවදා උදේ 6.00-8.00 අතර ලේ දෙන්න ඕනේ. පැය 14 කට වඩා බඩගින්නේ ඉන්නත් එපා, එතකොටත් අගයන් වෙනස් වෙනවා.

✅ වතුර විතරක් බොන්න: ගොඩක් අය හිතන්නේ "වතුරවත් බොන්න හොඳ නෑ" කියලා. ඒක බොරු. වතුර ඕන තරම් බොන්න. හැබැයි තේ, කෝපි, කිරි බොන්න තහනම්. සීනි නැතුව ප්ලේන්ටියක්වත් බොන්න එපා.

✅ පැය 24කට කලින් මත්පැන් නවත්වන්න: ඔබ ඊයේ රෑ මත්පැන් ගත්තා නම්, අද උදේ රිපෝට් එක ගන්න එපා. මත්පැන් නිසා ඔබේ ට්‍රයිග්ලිසරයිඩ්ස් (Triglycerides) අගය බොරුවට ඉහළ යනවා.

✅ කෑම පාලනය කරන්න එපා: හෙට ලේ දෙනවා කියලා අද දවසේ කෑම පාලනය කරන්න එපා. ඔයා සාමාන්‍යයෙන් කන විදිහටම කාලා යන්න. නැත්නම් රිපෝට් එකෙන් එන්නේ ඔයාගේ ඇත්ත තත්ත්වය නෙවෙයි.

2️⃣ රිපෝට් එකේ තියෙන ඉංග්‍රීසි වචන වල තේරුම මොකක්ද? (සරලව)

ඔබට ලැබෙන Lipid Profile වාර්තාවේ කොටස් 4ක් තියෙනවා. මේක හරියට ගෙදරක තියෙන බඩු වගේ. සමහර බඩු හොඳයි, සමහර බඩු නරකයි.

1. Total Cholesterol (මුළු කොලෙස්ටරෝල් ප්‍රමාණය) මේක තමයි ඔබේ රුධිරයේ තියෙන ඔක්කොම මේද වල එකතුව. මේක 200 mg/dL ට වඩා අඩු විය යුතුයි. 240 ට පන්නලා නම්, ඒ කියන්නේ රතු එළියක්!

2. HDL - High -Density Lipoprotein
මතක තියා ගන්න ලේසි විදියට මේක H අකුරෙන් පටන් ගන්න නිසා Happy එහෙම නැත්තම් හොද කොලෙස්ටරෝල් කියලා කට වහරට මතක තියා ගන්නකො. මොකද මෙයා තමයි අපේ "හදවතේ ආරක්ෂකයා" 🛡️ මෙයාලව තමයි , ශරීරය ඇතුලේ අපි තියා ගන්න ඕනේ හොඳ කොලෙස්ටරෝල් වර්ගය. HDL කරන්නේ අපේ රුධිර නාල අස්සේ හිරවෙලා තියෙන නරක තෙල් ටික එකතු කරගෙන අක්මාවට ගෙනිහින් විනාශ කරන එක. හරියට "කුණු ලොරියෙන් ඇවිල්ලා අපේ කුණු ජරාව ටික ඉවත් කරලා දෙනවා වගේ. මේක 40 ට වඩා , කාන්තාවන්ගේ නම් 50ට වඩා වැඩි වෙන්න ඕනේ. මේක වැඩි වෙන තරමට ඔබට හොඳයි.

3. LDL - Low-Density Lipoprotein

මතක තියා ගන්න ලේසි විදියට මේක L අකුරෙන් පටන් ගන්න නිසා ලෙඩ එහෙම නැත්තම් Low කොලෙස්ටරෝල් කියලා කට වහරට මතක තියා ගන්නකො. මේ ලෙඩ කොලෙස්ටරෝල් තමයි අපිව ලෙඩ කරන "නිහඬ මාරයා" 💀 මෙයා තමයි භයානකම. මෙයා කරන්නේ රුධිර නාල වල බිත්තිවල ගිහින් සිමෙන්ති වගේ බැඳෙන එක. එතකොට ලේ ගමනාගමනයට ඉඩ මදි වෙලා තමයි "හාට් ඇටෑක්" (Heart Attack) එන්නේ. මේක 100 mg/dL ට වඩා අඩුවෙන් තියාගන්නම ඕනේ.

4. Triglycerides (ට්‍රයිග්ලිසරයිඩ්ස්) - "පිෂ්ඨය නිසා හැදෙන තෙල්" 🍚🍞 ලංකාවේ අපිට සුපිරියටම වරදින තැන තමයි මේ. අපි තෙල් කෑම කෑවේ නැතත්, බත්, පාන්, සීනි, පැණි බීම වගේ දේවල් අසීමිතව කනවා නම් මේ අගය ඉහළ යනවා. Triglycerides අගය 150 mg/dL ට වඩා අඩු විය යුතුයි.

3️⃣ මටත් "කොලෙස්ටරෝල්" ද? (ශරීරය දෙන සංඥා) ⚠️

මුල් කාලේදී කොලෙස්ටරෝල් වලට කිසිම රෝග ලක්ෂණයක් නෑ. හැබැයි රුධිර නාල අවහිර වෙන්න ගත්තම මේ ලක්ෂණ එන්න පුළුවන්. 🔸 නිතරම මහන්සියි: පොඩි වැඩක් කළත් ඇඟට පණ නෑ වගේද? 🔸 කකුල් හිරිවැටීම: ලේ ගමනාගමනය අඩාල වුණාම අත් කකුල් හිරි වැටෙනවා. 🔸 හති ගතිය: පඩිපෙළක් නගිනකොට හුස්ම ගන්න අමාරුද? 🔸 පපුවේ බර: පපුව උඩ කවුරුහරි වාඩි වෙලා ඉන්නවා වගේ බරක් දැනෙනවාද?

මේ ලක්ෂණ තියෙනවා නම් හෙට අනිද්දා කිය කිය ඉන්න එපා. අදම ඩොක්ටර් කෙනෙක් හම්බවෙන්න.

4️⃣ කොහොමද මේකෙන් බේරෙන්නේ? (සරල විසඳුම් 3ක්)

බෙහෙත් බොන්න කලින් අපිට කරන්න පුළුවන් දේවල් තියෙනවා.

1️⃣ පිඟානෙන් භාගයක්ම කොළ පාට කරගන්න: බත් කන්දක් කන එක නවත්තලා, පිඟානෙන් 50%ක් එළවළු සහ පලා වර්ග වලට ඉඩ දෙන්න. බත් කන ප්‍රමාණය අඩු කරන තරමට Triglycerides අඩු කරගන්න පුළුවන්.

2️⃣ පැණි බීම සහ බිස්කට් ඈත් කරන්න: මේවා තමයි කෙලින්ම වස විස වෙලා ඇඟේ තෙල් මට්ටම වැඩි කරන්නේ.

3️⃣ "හොඳ කොලෙස්ටරෝල්" (HDL) වැඩි කරගන්න: මේකට තියෙන එකම බෙහෙත "ව්‍යායාම" විතරයි. දවසට විනාඩි 30ක් දාඩිය දාන්න ඇවිදින්න.

මතක තියාගන්න: වයස 35 පැන්නා කියන්නේ , ඔබේ ජ්විතයේ ලස්සනම කාලේ. ඒ වගේ ඔබ ආර්ථික අතින් හොද ස්ථාවරයක ඉන්න කාලේ. ඉතින් ඒ වින්දනය ලබන්න නම්, ඔබ පරිස්සම් වෙන්නම ඕනෙත් මේ කාලේම තමයි. මොකද නිරෝගී බව තමයි මනුස්සයෙකුට ලබන්න පුළුවන් උතුම්ම ධනය. ඒ නිසා අවුරුද්දකට සැරයක්වත් මේ පරීක්ෂණය කරලා බලන්න.

ඔබ මුල් වරට මේ පරික්ෂයට යොමු වෙන කෙනෙක් නම් , මෙන්න මේ පරීක්ෂණ ටිකත් ඔය ගමන්ම කර ගන්න. මොකද කොහොමත් අත විදින එකේ , ඒ ගැම්මටම මේ දේවල් ටිකත් කර ගන්න.

Lipid Profile එකට අමතරව, එක පාරින්ම කරගන්න පුළුවන් වැදගත් ටෙස්ට් ටික මෙන්න:

1. FBS (Fasting Blood Sugar) - හිස්බඩ සීනි පරීක්ෂා කරන්න
අපි කලින් කතා කළා වගේ, සීනි තමයි පස්සේ කාලෙක තෙල් වෙන්නේ. ඒ නිසා කොලෙස්ටරෝල් බලන ගමන්ම සීනි බලන එක අනිවාර්යයි. මේකෙන් බලන්නේ ඔයාගේ රුධිරයේ තියෙන ග්ලූකෝස් මට්ටම. දියවැඩියාව මුල් අවධියේදීම හඳුනාගන්න මේක වැදගත්.

2. HbA1c (Glycated Hemoglobin) - මාස 3ක සාමාන්‍ය සීනි මට්ටම
FBS එකෙන් බලන්නේ එදා දවසේ සීනි මට්ටම විතරයි. හැබැයි HbA1c එකෙන් ඔයාගේ පහුගිය මාස 3 ඇතුළත සීනි මට්ටම කොහොමද කියලා කියන්න පුළුවන්. සමහරු ලේ දෙන්න කලින් දවසේ පැණිරස නොකා ඉඳලා FBS වාර්තාව "ෂේප්" කරගන්නවා. හැබැයි මේ ටෙස්ට් එකට බොරු කරන්න බැහැ. මේක හරියට "වාර විභාගයක්" වගේ, මුළු කාලයේම දක්ෂතාවය පේනවා.

3. Full Blood Count (FBC)
මේකෙන් ඔයාගේ රුධිරයේ තියෙන රතු රුධිර සෛල, සුදු රුධිර සෛල සහ පට්ටිකා (Platelets) ගැන විස්තර ලැබෙනවා. ඇඟේ ලේ අඩුද (Anemia), කොහේ හරි ආසාදනයක් (Infection) තියෙනවාද කියලා මේකෙන් දැනගන්න පුළුවන්.

4. Serum Creatinine - වකුගඩු වල ක්‍රියාකාරීත්වය
වැඩිපුර සීනි සහ තෙල් තියෙන කොට ඒකේ බලපෑම මුලින්ම යන්නේ වකුගඩු වලට. රුධිරයේ තියෙන අපද්‍රව්‍ය වකුගඩු මගින් හරියට පෙරනවාද කියලා මේ පරීක්ෂණයෙන් තහවුරු කරගන්න පුළුවන්.

5. SGPT (ALT) - අක්මාවේ ක්‍රියාකාරීත්වය
කොලෙස්ටරෝල් වැඩි අයට බොහෝ වෙලාවට "Fatty Liver" (අක්මාවේ තෙල් තැන්පත් වීම) කියන තත්ත්වය තියෙන්න පුළුවන්. අක්මාවේ සෛල වලට හානියක් වෙලා තියෙනවාද කියලා මේ එන්සයිම පරීක්ෂාවෙන් දැනගන්න පුළුවන්.

✅ ලේ දෙන්න යන්න කලින් මේ ටික මතක තබා ගන්න:

විවේකය: පරීක්ෂණයට කලින් දවසේ හොඳින් නිදාගන්න.

මෙන්න මේ ලැයිස්තුව ලියාගෙන ගිහින් ලැබ් එකට දුන්නොත්, එක ලේ සාම්පලයකින් මේ ඔක්කොම කරගන්න පුළුවන් වෙයි.

මේ පණිවිඩය ඔබේ ආදරණීයයන් එක්ක Share කරන්න. මොකද එක Share කිරීමකින් කෙනෙක්ගේ ජීවිතයක් බේරෙන්න පුළුවන්. ❤️🏥

💡 විශේෂ මතක් කිරීමක්: මෙම ලිපිය මගින් ලබා දෙන්නේ සාමාන්‍ය දැනුවත් කිරීමක් පමණි. මෙය කිසිසේත්ම වෛද්‍ය උපදෙසක් ලෙස නොසලකන්න. ඔබේ ශරීරය සහ සෞඛ්‍ය තත්ත්වය අනුව නිවැරදිම තීරණය ගැනීමට, ඕනෑම ප්‍රතිකාරයක් හෝ වෙනස්කමක් කිරීමට පෙර සෑම විටම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමුවී උපදෙස් ලබා ගැනීමට කාරුණික වන්න.



උපුටා පලකිරීමකි.

07/12/2025

Address

No 375, Rajasinghegama, Udumulla, Mulleriyawa New Town
Mulleriyawa
10620

Telephone

+94777615817

Website

Alerts

Be the first to know and let us send you an email when Suwani Medical Laboratory posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Suwani Medical Laboratory:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram