SMILE Dental Surgery

SMILE Dental Surgery Effective and High Quality Dental Treatment
MUTUR MEDICAL CENTER , PERIYAPALAM, MUTUR 📞0772953499

20/11/2025
16/08/2023

Effective and High Quality Dental Treatment
MUTUR MEDICAL CENTER , PERIYAPALAM, MUTUR 📞0772953499

இந்த நெருக்கடியான தொற்று நோய்க் காலத்தில் இயன்றவரை வைத்தியசாலைக்கு செல்வதை தவிர்க்க முயற்சித்தலே சிறந்தது ஆகும். இருப்பி...
06/06/2021

இந்த நெருக்கடியான தொற்று நோய்க் காலத்தில் இயன்றவரை வைத்தியசாலைக்கு செல்வதை தவிர்க்க முயற்சித்தலே சிறந்தது ஆகும். இருப்பினும் பல் வலி போன்ற தவிர்க்க முடியாத தேவைகளுக்கு பல் வைத்தியரை நாடுதல் அவசியமே ஆகும். கை வைத்தியம் எனும் பெயரில் வைத்திய ஆலோசனை இன்றி மேற்கொள்ளும் ஒவ்வொரு செயலும் ஆபத்தை உருவாக்கலாம். அவ்வாறு இருக்க பல் ஒன்று பிடுங்க வேண்டி இருப்பின் பின்வரும் விடயங்களை கவனத்தில் கொள்க.

* இதய நோய்கள், நீரிழிவு, இரத்தம் சார்ந்த நோய்கள், அல்லது ஏதாவது தொற்று நோய்கள் இருப்பின் உடனே அதை தெரியப்படுத்தவும்.

* நீங்கள் மருந்துக் குறிப்பு கொப்பி (Clinic book) பயன்படுத்துபவராயின் அதனை தவறாது எடுத்துச் செல்லவும்.

* ஏதாவது மருந்துகளுக்கு ஒவ்வாமை இருப்பின் அதனை மறக்காமல் தெரியப்படுத்தவும்.

* முன்பு பல் பிடுங்கி ஏதாவது பிரச்சினை வந்திருப்பின் அது தொடர்பில் தெரியப்படுத்தவும்.

மேலும் பல் பிடுங்கியவுடன் கவனிக்க வேண்டிய பொதுவான விடயங்கள் பின்வருமாறு....

1) பல் பிடுங்கிய பின்பு வைக்கப்படும் பஞ்சை குறைந்தது 30-45 நிமிடங்கள் வரை இறுக்கமாக கடித்து வைத்திருக்கவும். அதன் பிற்பாடும் பெருமளவான இரத்தப் பெருக்கு இருப்பின் பல் வைத்தியரை நாடவும்.

2)எச்சில் துப்புதல் மற்றும் வாயை பலமாக அலசுதலை இயன்றவரை தவிர்தல்.

3) சூடான உணவுகளை தவிர்த்தல் மற்றும். மென்மையான ஆகாரங்களை உள்ளெடுத்தல்.

4) சிலருக்கு மிகக் குறந்தளவு இரத்தப் போக்கு இருக்கலாம். அதனை கண்டு அச்சம் கொள்ளத் தேவையில்லை.

5) 5,6 நாட்களுக்கு பிறகும் தாங்க முடியாத வலி மற்றும் வீக்கம் இருப்பின் உடனடியாக பல் வைத்தியரை நாடவும்.

6) மருந்துக் குளிசைகள் ஏதும் தரப்படின் முழுமையாக அதனை பாவித்து முடிக்கவும்.

7) புகைத்தல் மற்றும் மது அருந்துதலை குறைந்தது 1 கிழமையேனும் நிறுத்துதல்.

நன்றி Dr. Mugundhan

By: Dr. Ravinගොඩවෙදකම් වලින් ආරක්ශා වෙමු !"දන්ත සංවේදීතාවය නිසා ඔබ කැමති සීතල දේවල් රස විඳීමට නොහැකි වෙලා නේද? Sensitive...
28/09/2019

By: Dr. Ravin

ගොඩවෙදකම් වලින් ආරක්ශා වෙමු !

"දන්ත සංවේදීතාවය නිසා ඔබ කැමති සීතල දේවල් රස විඳීමට නොහැකි වෙලා නේද? Sensitive Expert භාවිතා කර දන්ත සංවේදීතාවය නිසා හටගන්නා වේදනාවන්ට තත්පර 30කදී සහනය ලබන්න. "

මේ සිග්නල් සමාගමේ පේජ් එකේ තිබ්බ දැන්වීමක්..

කෙටියෙන්ම කතාව කියන්නං. දතක ප්‍රධාන ස්ථර 03ක් තියෙනව. එනැමලය (enamel)
දන්තිනය (dentine) සහ කල්ක කුහරය (dental pulp). දතේ ස්නායු සැපයුම තියෙන්නෙ දන්තිනය දක්වා විතරයි. ඩෙන්ටින් එක නිරාවරණය වුනාම දත් හිරි වැටෙන්න පටන් ගන්නවා.

ඉතිං එහෙම දන්ත සංවේදිතාව ඇතිවෙන්න බලපාන හේතු කීපයක් තියෙනව.

1. දතේ එනැමලය ගෙවී යාම
2. දතේ එනැමලය පළුදු වීම
3. දතක දන්තිනය දක්වා ඇතිවන පැල්මක්
4. දන්ත මූලය නිරාවරණය වීම
5. දත්වල අසාමාන්‍යතා
6. දන්ත ව්‍යසන (අපි දත් නරක් වෙලා කියල හඳුන්වන තත්ත්වය)

ඒව වෙන්න පුලුවන් විදි;
1. අහිතකර දත් මැදීමෙ පුරුදු
2. දන්ත අනතුරු
3. විදුරුමස් රෝග
4. අහිතකර ආහාර පුරුදු
5. ජානමය සාධක

අපේ ඇඟ හැදිලා තියෙන්නෙ අපේ ලෙඩරෝග වලින් හැකිතාක් ආරක්ශා වෙන්න පුලුවන් විදියට.
උදාහරණ:
ප්‍රතීක ක්‍රියා: රත් වූ යමක අත ගැටුනම අපි හිතන්නත් කලින් අත ඉවතට ගැනීම
ප්‍රදාහ ක්‍රියා: තුවාලයක් සිදු වූ තැනක අපට වේදනාව දැනීමට සැලැස්වීම. (එමඟින් තුවාලය කෙරේ අපේ අවධානය යොමු කිරීම සිදුවේ)

අන්න ඒ වගේ තමයි දත් වලටත්. හොඳට තියෙන දතක් නිකන් හිරි වැටෙන්නෙ නෑ. දත හිරි වැටෙනව කියන්නෙ ඒ දතේ මොකක් හරි අවුලක් තියෙනව කියලා ඇඟෙන් අපට දෙන පණිවිඩයක්.

ඉතින් අපි ඒක ගණන් ගන්නෙ නැතුව හිරි වැටෙන එක නවත්තන්න කටයුතු කරොත් මොකද වෙන්නෙ?
දත විනාස වෙලා යනකන්ම අපි දන්නෙ නැති වෙනව.

උදා: මෙන්න මේක වෙන්න පුලුවන් දෙයක්;

ඇඟේම හයිය අතට අරගෙන හොඳ කෙඳි ගනට තියෙනෙ(medium) ටූත් බ්‍රශ් එකකින් විනාඩි 10ක් විතර දවසට තුන් හතර පාරක් දත් මදින මනුස්සයෙක් ගැන හිතමු.
එයාගෙ එනැමලය ගෙවෙන්නෙ තියෙන චාන්ස් එක වැඩියි. එනැමලය ගෙවිලා ඩෙන්ටින් එක පෑදුන ගමන් ඔන්න එයාගෙ දත් හිරි වැටෙන්න පටන් ගන්නව.

එදාම එයා මේ ඇඩ් එක දකිනව ෆේස්බුක් එකේ. ඊට පස්සෙ මේක අරං දත් මදිනව. ඔන්න ලෙඩේ ශේප්. හිරි වැටෙන්නෙ නෑ.. ඒ නිසා දත පෙන්නලා ප්‍රතිකාරයක් ලබාගන්න ඕන කියලා එයා හිතන්නෙ නෑ.

හැබැයි එයාගෙ පුරුදු නිසා දත තව දුරටත් ගෙවීගෙන ගිහින් දතේ පල්ප් එකත් මතු වෙනව. ඒ කියන්නෙ එතනින් පස්සෙ දත බේරගන්න අමාරු වෙනව.
ඒත් සංවේදිතාවෙ එන වෙලාවෙ දන්ත වෛද්‍යවරයෙක්ට පෙන්නලා උපදෙස් අරන් දත් පුරවා ගත්ත නං ඒ දත් ආරක්ශා වෙනව.

ඒවගේමයි. දත් නරක් වේගෙන එන මූලික අවස්තාවෙ වුනත් සමහර අයට දැනෙන්නෙ දන්ත සංවේදිතාවක්.
නරක් වුන දතකින් එන පණිවිඩයක් ගණන් ගන්නෙ නැතුව මේවයෙන් මැද මැද හිටියම වෙන්නෙත් ඕකම තමයි.

Desensitizing toothpaste වලින් දන්ත සංවේදිතාවෙ නැති වෙන එක ඇත්ත. ඒත් මාකටින් කියල මෙහෙ මිනිස්සුන්ට හානිදායක ඇඩ් දාන එක සදාචාරාත්මක නෑ.
ලෙඩකට නිශ්චිත හේතුව දන්නෙ නැතුව බෙහෙත් නියම කරන්නෙ කොහොමද වෙළඳ සමාගමක්??

මොනව වුනත් දන්ත සංවේදිතාව කියන්නෙ දන්ත වෛද්‍යවරයෙකු ලවා පරීක්ශා කරවගෙන නිසි ප්‍රතිකාර ගන්න ඕන තත්ත්වයක් මිසක් මේ වගේ දැන්වීම් බලලා හිතුමනාපෙට කඩෙන් ටූත්පේස්ට් අරන් දත් මැදලා හොඳ කරගන්න සුදුසු තත්ත්වයක් නෙවෙයි.

සිග්නල් ආයතනය මේ දැන්වීම ගැන අවධානය යොමුකර ප්‍රසිද්ධියේ සමාව ගත යුතුයි !

https://www.06thsense.com/2019/07/12/%E0%AE%B5%E0%AE%BE%E0%AE%AF%E0%AF%8D-%E0%AE%AA%E0%AF%81%E0%AE%B1%E0%AF%8D%E0%AE%B1%...
12/07/2019

https://www.06thsense.com/2019/07/12/%E0%AE%B5%E0%AE%BE%E0%AE%AF%E0%AF%8D-%E0%AE%AA%E0%AF%81%E0%AE%B1%E0%AF%8D%E0%AE%B1%E0%AF%81%E0%AE%A8%E0%AF%8B%E0%AE%AF%E0%AE%BF%E0%AE%A9%E0%AE%BE%E0%AE%B2%E0%AF%8D-%E0%AE%AA%E0%AE%BE%E0%AE%A4%E0%AE%BF/

நாட்டில் வாய் புற்றுநோயினால் பாதிக்கப்படுபவர்களின் எண்ணிக்கை துரிதமாக அதிகரித்து வருவதாக சுகாதாரப் பிரிவு .....

Address

Mutur Medical Center, Batticaloa Road, Periyapalam
Mutur

Opening Hours

Monday 17:00 - 22:00
Tuesday 17:00 - 22:00
Wednesday 17:00 - 22:00
Thursday 17:00 - 22:00
Friday 17:00 - 22:00
Saturday 17:00 - 22:00
Sunday 17:00 - 22:00

Telephone

+94772953499

Website

Alerts

Be the first to know and let us send you an email when SMILE Dental Surgery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to SMILE Dental Surgery:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram