Haritha Ayurveda Medical & wellness centre

Haritha Ayurveda Medical & wellness centre Negombo

28/01/2025
සන්ධිගත වාත / osteoarthritisවයස්ගත වීමත් සමග විශේෂයෙන්ම සිරුරේ බර දරන සන්ධි ආශ්‍රිතව ඇතිවන රෝගතත්වයක් වන සන්ධිගත වාත නවී...
06/12/2024

සන්ධිගත වාත / osteoarthritis

වයස්ගත වීමත් සමග විශේෂයෙන්ම සිරුරේ බර දරන සන්ධි ආශ්‍රිතව ඇතිවන රෝගතත්වයක් වන සන්ධිගත වාත නවීන වෛද්‍ය විද්‍යාවට අනුව osteoarthritis රෝගයට සමපාත කල හැක.

සන්ධිගත වාත රෝගයේදි සාමාන්‍යයෙන් සිදුවන්නේ අස්ථින්ගේ විකෘතිතාවයක් ඇතිවීමයි. වයසට යාමේදී අපගේ සිරුරේ ඇති ධාතූන් ක්ෂය වීමක් සිදු වේ එම ධාතු ක්ෂය වීම මෙම රෝගයට හේතුකාරක වේ. අස්ථි මෙන්ම අස්ථි දෙකක් අතර පවතින කාටිලේජ කොටස ගෙවීයාමත් නිසා අස්ථින්ගේ ක්‍රියාකාරිත්වය යම්තාක් දුරට ආඩල වි සන්ධි ආශිතව පහත රෝග ලක්ෂණ ඇති වේ.

*සන්ධි ආශ්‍රිත වේදනාව
*සන්ධි තද බව
*සන්ධි ඉදිමුම
*සන්ධි චලන අපහසුව සහ චලනයේදි වේදනාව
*සන්ධි චලනයේදි ශබ්ද සහිත බව

🔶සන්ධිගත වාත සදහා බලපාන හේතු

*අධික තරබාරු බව
*කාන්තාවන්ගේ ආර්ථවාභාවය
*අස්ථි දිරාපත් වීම (osteoporosis)
*ජානමය හේතු
*සන්ධි වල චලනයන් අධික විම
*Rheumatoid Arthritis, gout arthritis, septic arthritis, වැනි රෝග තත්ව කල් යාමේදී osteoarthritis ඇතිවීමට හේතු විය හැක.

මෙම සන්ධිගත වාත රෝග තත්වය ආයුර්වේදයේ භාහිර සහ අභ්‍යන්තර ප්‍රතිකාර මගින් සම්පුර්ණයෙන්ම සුව කල හැක.

ප්‍රතිකාර සදහා දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීමට අමතන්න
0760931717

වෛද්‍ය මල්ෂා හෙට්ටිආරච්චි
හරිත ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
මහහුණුපිටිය
මීගමුව
SLAMC 15850

හරිත ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය මහහුණුපිටිය මීගමුව සියළුම සර්වාංග රෝග සදහා ආයුර්වේද ප්‍රතිකාරආයුර්වේද වෛද්‍ය මල්ෂා හෙට්...
16/01/2024

හරිත ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය මහහුණුපිටිය මීගමුව
සියළුම සර්වාංග රෝග සදහා ආයුර්වේද ප්‍රතිකාර

ආයුර්වේද වෛද්‍ය මල්ෂා හෙට්ටිආරච්චි
BAMS (Hons) university of Kelaniya
Dip in Ayurveda beauty culture & Panchakarma

සදුදා සිට සෙනසුරාදා
පෙ.ව 8.30 - පෙ.ව11.30 දක්වා අප වෛද්‍ය මධ්‍යස්ථානය විවෘතව ඇත.
පෙ.ව 2.00 පසුව පැමිණෙන රෝගීන් දිනයක් සහ වේලාවක් වෙන්කර ගැනීමට අමතන්න,

📞 0760931717

ආම වාතය. (Rheumatoid Arthritis)---------------------------------------------------------වාත රෝග අතුරින් වර්තමාන සමාජයේ ස...
15/12/2023

ආම වාතය. (Rheumatoid Arthritis)
---------------------------------------------------------
වාත රෝග අතුරින් වර්තමාන සමාජයේ සෑම දෙනාම කතා කරන එමෙන්ම ඉතා සුලබව දැකිය හැකි රෝගයක් ලෙස ආමවාතය රෝගය දැක්විය හැක

ආමය යනු අමු නොහොත් නිසි ලෙස නොදිරූ ආහාරය යන්නය. එනම් අර්ධ වශයෙන් දිරවා අවශෝෂණය කර ගත් ආහාරයයි. එම ආමය වාතය විසින් මෙහෙය වීමෙන් ඇති කරන රෝග තත්වය ආම වාතයයි.නවීන වෛද්‍ය විද්‍යාවේ හදුන්වන රුමටොයිඩ් ආතරයිටීස්‌ (Rheumatoid Arthritis) මෙම ආමවාත රෝගි තත්වය ලෙස හදුනාගත හැක.

හොඳින් පැසුණු ආහාර රසය රක්ත (ලේ) ධාතුව හා එක්‌ වී රුධිර නාල වල හොඳින් ගමන් කරයි. නමුත් ආමය හෙවත් නොපැසුණු (ජීර්ණය නොවු) ආහාර රසය උකු හා බර නිසා රුධිර නහර තුළ පහසුවෙන් ගමන් කිරීමට නොහැකිය. එබැවින් එය තැනින් තැන, විශේෂයෙන් සන්ධිවල රැඳී පවතී. එසේ රැඳෙන සෑම තැනකදීම රුධිර සංසරණයට බාධා පමුණුවන අතර සන්ධි බලවත් පීඩාවට පත් කරයි. එසේම ඉදිමුම ද ඇති කරයි.

නිසි පරිදි ආහාරය නොපැසවීම නිසා කාඩි හා සමාන සන්ධානයට පත්වන නිසා මෙම ආමය විෂ හා සමාන යෑයි ආයුර්වේද ශාස්‌ත්‍රයේ දක්‌වා ඇත.

🍀🍀මෙම රෝගය ඇති වීමට හේතු
➡️එකිනෙකට පටහැනි හෙවත් විරුද්ධ ආහාර.
➡️එකිනෙකට පටහැනි හෙවත් විරුද්ධ ක්‍රියා.
➡️කුසගිනි මද බව.
➡️අලසකම.
➡️තෙල් සහිත (බර ආහාර) ආහාර අනුභවයෙන් පසුව ව්‍යායාම කිරීම.

🎈විරුද්ධ ආහාර - එකට නොගත යුතු ආහාර
මෙම ආහාර එකට ගැනීමෙන් ;
🔹ශරීරය තුල විවිධ අහිතකර සංයෝග උපදී.
🔹කෑ ආහාරය නිසි ලෙස ජීරණය නොවී ආමය උපදී.
මෙලෙස එකට නොගන්නා ආහාර ලෙස,
*කිරිබත් සහ මාලු
*මී පැණි සහ ගිතෙල්
*ඉඟුරු සහ මඤ්ඤොක්කා
*අබ තෙලින් බැද ගත් මාලු වර්ග
*ඇඹුල් ආහාර වර්ග සමග කිරි

🎈විරුද්ධ ක්‍රියා එකිනෙකට නොගැලපෙන ක්‍රියා.
🔹මෙමගින්ද අප ගන්නා ආහාර නිසි ලෙස දිරවීම නොවේ.
විරුද්ධ ක්‍රියා
*ආහාර ගත් පසු නිදා ගැනීම.
*ආහාරයෙන් පසු නෑම.
*ආහාර ගත් පසු ශරීරය වෙහෙසවන ක්‍රියා.

ආහාරයක් ගත් පසු සුලු නිදිමතක් දැනීම ස්වාභාවිකය. වයසට යාම සමග මේ නිදිමත දැනීම වැඩි වේ. ඊට හේතු වන්නේ ආහාර ගත් පසු එම ආහාරය දිරවීමට වැඩි රුධිර ප්‍රමාණයක් ආහාර ජීර්ණ පද්ධතියට අවශ්‍ය වීමයි. එවිට මොලයට සැපයෙන රුධිර ප්‍රමාණය අඩු වී යන හෙයින් නිදි මත ඇති වේ.
ආහාරයෙන් පසුව ව්‍යායාම කල විට රුධිරය සැපයෙනුයේ ආහාර දිරවීමට නොව ව්‍යායාම වලටය. එවිට අහාරය නිසි ලෙස ජීරණය නොවේ. එවිටද ආමය උපදී.
තෙල් සහිත ආහාර යනු ගුරු (බර) ආහාරයි. බර ආහාරයක් ගත් විට එය දිරවීමට වැඩි ශක්තියක්ද, වැඩි කාලයක්ද අවශ්‍ය වේ. වැඩි රුධිර ප්‍රමාණයක්ද අවශ්‍ය වේ. ගුරු ආහාරයකින් පසුව ව්‍යායාම කල විට ගන්නා ආහාරය කිසි සේත්ම හරිහැටි නොදිරවයි. එවිටද ආමය ඇති වේ.

කුසගිනි මද බව - යමෙකුට කුසගින්න නිසි ලෙස නොදැනේ නම් ඔහුගේ ශරීරයේ පිත නිසි ලෙස ක්‍රියාත්මක නොවේ. කුසගින්න දැනීමට සහා ආහාර දිරවීමට පිත බලපායි. පිත නිසි ලෙස ක්‍රියාත්මක නොවන විට ආමය පහසුවෙන්ම උපදී.

🍀🍀රෝග ලක්ෂණ.
මෙය ආකාර දෙකකි.
➡️සමස්ත ශරීරයේ ඇති වන රෝග ලක්ෂණ.
➡️සංධි වල ඇති වන රෝග ලක්ෂණ.

🍁සමස්ත ශරීරයේ ඇති වන රෝග ලක්ෂණ
*ඇඟ පත පෙලීම
*ආහාර අරුචිය
*පිපාසය
*අලසකම සහිත ශරීරයේ බර බව
*උණ
*කෑ ආහාරය නොදිරවීම
*අවයවයන්ගේ ඉදිමීම

🍁සංධි වල ඇති වන රෝග ලක්ෂණ.
මෙය ආකාර දෙකකි.
1)තීව්‍ර අවස්තාව.
2)ජීර්ණ අවස්තාව.

👉තීව්‍ර අවස්තාව
රෝගය සෑදුණු වහාම පෙන්වන ලක්ෂණ වේ.
*ප්‍රධානම ලක්ෂණය අධික වේදනාවයි. ආයුර්වේදයේදී මෙම වේදනාව ගෝනුස්සකු විසින් විදින ලද වේදනාවට සමාන කරයි.
*අත්, පා, හිස, විලුඹ, තුනටිය, දණ හිස, දෙකලවා යන ස්ථාන වල ඉදිමුම.
*සංධි වල තද බව.
*සංධි වල ක්‍රියා හානිය.

👉ජීර්ණ අවස්ථාව
කල් ගත වන විට පෙන්වන ලක්ෂණයි. රෝගය සෑදී වසර ගනනාවක් ඉක්මවූ පසු මෙම ලක්ෂණ පෙන්වයි. කල් ගත වන විට රෝග ලක්ෂණ ස්වාභාවිකවම අඩු වී යයි.

*ඉදිමුම අඩු හෝ සම්පූර්ණයෙන්ම නැත.
*තද වේදනාවක් නැත. ඇවිදින විට, සෙලවෙන විට, නවන විට සුලු වේදනාවක් ඇති විය හැක. නමුත් පෙර මෙන් ප්‍රභල නැත.
නමුත්
📣සංධි වල තද බව සහ ක්‍රියා හානිය වැඩි වී ඇත.
📣අතපය දිග හැරීමට අමාරු වීම , වකුටු වීම, ඇවිදින්න බැරි වීම, සංධි ඇද වීම වන අවස්තාව මෙයයි.

ආමවාත රෝගයේ මුල් අවස්‌ථාවේදී ආමය සහ සෙම කෝපවීම හේතු කොට ගෙන සන්ධීන් තුළ ඇති ශ්ලේෂක කඵ ජලය සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි වේ. ඒ හේතුවෙන් සන්ධි ඉදිමේ. වේදනා උපදී. රෝගය කල් යන විට සන්ධි ආශ්‍රිත සෙම් කොටස්‌ වියෑලේ. ක්‍රමයෙන් සන්ධි ඝන වේ. ඒ හේතුවෙන් කොර බව පැන නගී.

🍀🍀රෝගය වලක්වා ගැනීමට කල යුතු දේ.
*ආහාරයෙන් පසුව එක තැන සිටීම, නිදා ගැනීම, ස්නානය නොකල යුතුය.
*හොදින් ජලය පානය කිරීම.
*ව්‍යායාම කිරීම.
* නිතර ගුරු (බර) ආහාර ගැනීම නතර කල යුතුයි.
*ප්‍රධාන ආහාර වේල් වලට අමතරව බර ආහාර ගැනීම නොකල යුතුයි.
*තෙල් අධිකව අඩංගු ක්ෂණික ආහාර වලින් වැලකිය යුතුයි.

ආයුර්වේද ප්‍රතිකාර මගින් ආතරයිටිස් රෝග අවස්ථා සදහා සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකියි .

ඔබ කාලයක් තිස්සේ මෙම රෝගී අවස්ථාවෙන් පෙළෙනවා නම් හෝ
රෝගය හදුනාගෙන නොමැති නම් හෝ හැකි ඉක්මනින් සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වෙත යොමු වී
ප්‍රරථිකාර සදහා යොමු වන්න.

ප්‍රතිකාර සහ වෛද්‍ය උපදෙස් සදහා
වෛද්‍ය මල්ෂා හෙට්ටිආරච්චි
BAMS (Hons) UOK
හරිත ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
මහහුණුපිටිය, මිගමුව.
0760931717

ඔබත් සන්ධි අමාරුවෙන් පීඩා විදින අයෙක්ද?එසේනම්,  *කටී වස්ති  *ජානූ වස්ති   *තෛල අභ්‍යංග   *නාඩි ස්වේද   *පොට්ටලි ස්වේද   ...
21/08/2022

ඔබත් සන්ධි අමාරුවෙන් පීඩා විදින අයෙක්ද?
එසේනම්,
*කටී වස්ති
*ජානූ වස්ති
*තෛල අභ්‍යංග
*නාඩි ස්වේද
*පොට්ටලි ස්වේද
*සර්වාංග ධාරා
ආදී ප්‍රතිකාර ලබා ගැනීමට
හරිත ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
0707731717

සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරයකු යටතේ ප්‍රතිකාර සිදුකරනු ලබයි

What is panchakarma treatment?Ayurvedic Panchakarma treatment is an Ayurvedic way to achieve a balanced mind, body and s...
04/08/2022

What is panchakarma treatment?

Ayurvedic Panchakarma treatment is an Ayurvedic way to achieve a balanced mind, body and spirit.

Panchakarma meaning is derived from two Sanskrit words,
Pancha - which means five, and
Karma - which means actions

Panchakarma procedure is a five-step process that detoxifies the human body and draws out the toxins accumulated over time due to poor habits, food choices, illness and environmental pollution.

The five karmas in Panchakarma are:

1)Vaman (vomiting)
2)Virechan (purgation)
3)Basti (e***a)
4)Nasya (nasal application)
5)Rakthamoksha (blood purification)

Benefits of panchakarma treatments

*Purifies the body
*Removal of toxins
*Speeding up the metabolism
*Weight reduction
*Improving the functionality of the digestive system
*Opening up of blocked channels
*Body and mind relaxation
*Rejuvenation of tissues
*Immunity Booster
*Stress Reliever

Panchakarma is a method of cleansing the body of all the unwanted waste after lubricating it. Panchakarma are 5 in numbe...
01/08/2022

Panchakarma is a method of cleansing the body of all the unwanted waste after lubricating it. Panchakarma are 5 in number; hence the term PANCHA (five) – KARMA (procedures).
Panchakarma treatment is unique in the sense that it includes preventive, curative and promotive actions for various diseases.

We provide all the stages of panchakarma therapy which will help you to purifying your body and free from diseases
Book your appointment with our doctor today.

For your appointment
0707731717

For appointment  0707731717
27/07/2022

For appointment 0707731717

Address

No 307, Mahahunupitiya
Negombo

Telephone

+94760931717

Website

Alerts

Be the first to know and let us send you an email when Haritha Ayurveda Medical & wellness centre posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram