Haritha Ayurveda Osuhala

Haritha Ayurveda Osuhala Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Haritha Ayurveda Osuhala, Medical and health, Negombo.

21/08/2022

ඔබත් සන්ධි අමාරුවෙන් පීඩා විදින අයෙක්ද?
එසේනම්,
*කටී වස්ති
*ජානූ වස්ති
*තෛල අභ්‍යංග
*නාඩි ස්වේද
*පොට්ටලි ස්වේද
*සර්වාංග ධාරා
ආදී ප්‍රතිකාර ලබා ගැනීමට
හරිත ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
0707731717

සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරයකු යටතේ ප්‍රතිකාර සිදුකරනු ලබයි

11/03/2021

කෑම පිඟාන රස කරන, බොහෝ ලෙඩ සුවකරන අපේ ජීවක පත්‍රය....

කුළුබඩුවක් වශයෙන් ආහාර රසවත් කිරීමට යොදාගන්නා කරපිංචා රෝග රැසකට ගුණදායක ඉතා හොඳ ඖෂධයකි. ඖෂධීය වශයෙන් ගත්කල කරපිංචා ශාකයේ කොළ, පොතු, මල් ආදී පංචාංගයම ප්‍රයෝජනයට ගනී.

පැරණි පුස්කොළ පොත් වල සඳහන් ඔසු වට්ටෝරු වලට අනුව මෙම කරපිංචා සංස්කෘත හා පාලි භාෂාවෙන් රත් නිම්බ, එළ නිම්බ, නේල ශාක, නිරි නිම්බ ආදී වශයෙන් හඳුන්වා ඇත. හෙළ බසින් කරපිංචා හඳුන්වා දී ඇත්තේ "පිංචා" ලෙසයි.

🔴 කරපිංචා වල ගුණ
====================

01). ආහාර රසවත් කිරීම හා සුවඳවත් කිරීම සිදුකරයි

02). රුධිරයේ ඇති විෂ කොටස්, ආහාරයේ ඇති විෂ කොටස් පිරිසිදු කරයි

03). විරේචනයි - මල බුරුල් කරයි

04). අකලට හිසකෙස් පැසීම හා වැටීම අඩු කරයි. කේෂ වර්ධනයට යෝග්‍යයි

05). අජීර්ණ රෝග, පණු රෝග, සමේ රෝග, අර්ශස් රෝග සුවකරයි

06). අක්මා රෝග, අක්මා සෛල පිළිකා වළකයි

07). රුධිරගත (වැඩිපුර) කොලෙස්ටරෝල් හා ශරීරයේ මේදය අඩු කරයි. අධි තරබාරුව නැති කරයි

08). රුධිරගත සීනි මට්ටම අඩු කරයි. අධික රුධිර පීඩනය අඩු කරයි

09). ශරීරයේ රසායනික ක්‍රියාවලදී නිපදවෙන හානිදායක කොටස් විනාශ කරයි (Antioxidant ක්‍රියාකාරිත්වය)

🔴 කරපිංචා වලින් සකසන අත්බෙහෙත්
==================================

🔶. බඩේ කැක්කුමට හා බඩ පුරවා දැමීමට

කරපිංචා නැටි, ගම්මිරිස්, අසමෝදගම්, වියළි ඉඟුරු කබලේ බැද දවසට දෙවරක් ආහාරයට ගැනීම ගුණදායකයි.

🔶. සර්ප දෂ්ඨනයකදී

විෂ සර්ප දෂ්ඨයේදී ශාකයේ පංචාංගය අමු කහ, ලුණු දමා කොටා මලවා බැඳීම හෝ එම යුෂ කකාරා ආලේප කිරීම සුදුසුයි.

🔶. චර්ම රෝග වලට

චර්ම ගතව ඇතිවන විවිධ ආබාධ වලදී කරපිංචා කොළ එළකිරෙන් අඹරා ආලේප කිරීම ගුණදායකයි.

🔶. කොලෙස්ටරෝල් සහ අධි රුධිර පීඩනයට

• කරපිංචා දළු, පොල්, අමු මිරිස්, රතුළූණු, දෙහි යොදා සකසා ගන්නා සම්බෝලය ඉතා ගුණදායකයි.

• කරපිංචා දළු, සුදුළූණු, ගොරක, ලුණු, ගම්මිරිස් සමඟ අඹරා ප්‍රධාන ආහාරවේල් සමඟ ආහාරයට ගැනීමෙන් කොලෙස්ටරෝල් පාලනය කරගත හැකියි.

🔶. කොලෙස්ටරෝල් අධික අයට

කරපිංචා දළු අඹරා ලොකු දෙහි ගෙඩියක ප්‍රමාණයට සකස්කර එය උදේ හිස්බඩ බීමට හැකි වතුර ප්‍රමාණයක දියකර සුදුළූණු බික් කිහිපයක් දමා කකාරා සතියකට දෙවරක් පමණ පානය කිරීම කොලෙස්ටරෝල් අධික අයට යහපත් වේ.

🔶. අතීසාරයට හා අර්ශස් වලට

කරපිංචා දළු අඹරා මී පැණි සමඟ දීම සුදුසුයි.

🔶. පත්තෑ, ගෝනුසු, දෙබර, බඹර, මී මැසි විෂට

කරපිංචා ගෙඩි දෙහි ඇඹුලින් අඹරා ගෑමෙන් පත්තෑ, ගෝනුසු ආදී විෂ බැස යයි.

🔶. දියවැඩියාවට

හිමිදිරි පාන්දර කතා නොකර කරපිංචා ගසක් ළඟට ගොස් එම ගහට වැඳ එහි කොළ ඉත්තක් කඩා ගෙනවිත් හොඳින් අඹරා වතුර වීදුරුවක දියකර දින 21 ක් පානය කිරීම ඉතාගුණදායක කෙම් ප්‍රතිකර්මයකි.

🌸 පසුගිය ලිපි 🌸
•••••••••••••••••••••••••

🔸හදවත සුරකින රසවත් ගුණවත් කරපිංචා කොළ සම්බෝලය 👇
https://m.facebook.com/story.php?story_fbid=2348326552128501&id=1839559759671852

🔹නිරෝගී සුව සලසන අපේ ආහාර 👇
https://m.facebook.com/story.php?story_fbid=2449447768683045&id=1839559759671852

🔸ගැස්ට්‍රයිටිස් වලට සහනය ගෙන එන අපේ එළවළු කිරි හොද්ද 👇
https://m.facebook.com/story.php?story_fbid=2393996160894873&id=1839559759671852

🔹ලෙඩ 100ක් සුවකරන ජීවානන්ද කොළ කැඳ වට්ටෝරුව 👇
https://m.facebook.com/story.php?story_fbid=2353878888239934&id=1839559759671852

‍📗 මූලාශ්‍රය :- ආයුර්වේද දෙපාර්තමේන්තුව, අත් බෙහෙත්
✍️ සැකසුම :- හෙළ අරණ™️
🌍 www.helaarana.lk
© All Rights Reserved .......................................................................
🔶 මෙවැනි වටිනා විස්තර දිනපතා දැන ගැනීමට අපගේ හෙළ අරණ facebook පිටුවට කරන්න. ඒ වගේම අනිත් යාලුවන්ට දැනගන්න මේ ලිපිය කරන්නත් අමතක කරන්න එපා.

📌️ ඇමුණුම් ( # Tags )
-----------------------------------------
#හෙළඅරණ #හෙළ_අරණ #කරපිංචා

08/03/2021
05/03/2021

💠කසකසා ඇට -
Basil Seeds

🔆කිරි වීදුරුවක් බොනවා වගේද උදෙන්ම කස කසා වීදුරුවක් බොන එක...

✒️බොහෝ දෙනා කස කසා ඇට යොදාගනු ලබන්නේ ආහාර වර්ග හා බීම වර්ගවල අලංකාරය සඳහාය. විශේෂයෙන් බීම වර්ගවලට මෙන්ම වටලප්පන්, පුඩිං, සලාද, ජෙලිවලට රසකාරකයක් මෙන්ම අලංකාරයත් සඳහා කස කසා ඇට යොදා ගැනේ. නමුත් බොහෝ දෙනා නොදැන සිටි කරුණක් වන්නේ කස කසා ඇටවල ඉතා ගුණදායක පෝෂ්‍ය පදාර්ථයන් ඇති බවය.

🔶මොනාද මේ කස කසා කියන්නෙ?

🔸හින්දි භාෂාවෙන් කස කසා ඇට හඳුන්වනු ලබන්නේ කුෂ් කුෂ් ලෙසිනි. කස කසා ඇට නිල් සහ සුදු වර්ණවලින් යුක්තය.

🔹කස කසා ඇට ග්‍රෑම් 100ක පෝෂණ ගුණය ලෙසින් ශක්තිය කිලෝ කැලරි 525, 🔹කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 28.13,
ප්‍රෝටීන් ග්‍රෑම් 17.99,
🔹සම්පූර්ණ මේදය ග්‍රෑම් 41.56, (මෙහි කොලෙස්ටරෝල් නැත)
🔹කෙඳි ග්‍රෑම් 19.5,
🔹පෝලේට් මයිකෝ ග්‍රෑම් 82,
🔹නියසීන් මිලිග්‍රෑම් 89, අන්තර්ගත වේ.
මීට අමතරව තවත් පෝෂ්‍ය ගුණයන් කිහිපයක්ම කස කසා ඇටවල අඩංගුව පවතී.

🔶කසකසා ඇටවල තියන ගුණ සහ අගුණ

🔹කස කසා ඇටවල තෙල් මඟින් කාන්තාවන්ගේ සරුභාවය වැඩිදියුණු කරගත හැක.
🔹විශේෂයෙන් පැලෝපීය නාලවල ඇති අපද්‍රව්‍ය කොටස, අනවශ්‍ය කොටස, දියකර හැරීමේ හැකියාවත් කසකසා ඇටවල අන්තර්ගතව පවතී.
🔹ලිංගික ශක්තිය උත්තේජනය කිරීමේ හැකියාවත් කසකසා ඇටවල පවතී.
🔹කස කසා වල ඇත්තේ ජලයේ දිය නොවන කෙඳිවන අතර ඒවා ආහාර දිරවීම සඳහා ඉතා ප්‍රයෝජනවත් වේ.
🔹එමඟින් මළ හොඳින් පිටකිරීමට උදව් කෙරේ. අර්ශස් ඇති රෝගීන්ට කස කසා ඇට ඉතා ගුණදායක වේ.
🔹කස කසා ඇට අඩංගු බීම වර්ග පානය කිරීමෙන් කෝටිසෝල් (හෝමෝනය) පහළ බසී. එමඟින් මානසික පීඩනය දුරැකර ආතතිය අඩුකර සිරුර නිශ්චලතාවයට පත්කර නින්ද හොඳින් ඇති කෙරේ. මේ නිසා නින්දට පෙර කස කසා ඇට සහිත බීම වීදුරුවක් පනය කර නින්දට යාමෙන් මහන්සිය දුරැකර සුවබර නින්දක් උදාකරයි.
🔹නිතරම තුවාල හටගන්නා රෝගීන්ටද කස කසා ඇට සහිත බීම ඉතා ගුණදායක වේ.
🔹එමඟින් සිරුර සිසිල් කිරීමක් සිදුවන අතර විශේෂයෙන් මුඛයේ තුවාල ඉතා ගුණදායක වේ.
🔹මෙහි කාබෝහයිඩ්‍රේට් ඇතුළු බොහෝ පෝෂණ සංඝටක අන්තර්ගතව පවතී.
🔹ප්‍රතිශක්තිය ඇතිකර රෝග ඇතිවීම වළකාලයි.
🔹මොළයේ ක්‍රියාකාරීත්වයට උදව් කෙරේ.
මේ නිසා බුද්ධි වර්ධනය සඳහා බොහෝ උපකාරී වේ.
🔹සැලකිය යුතු ප්‍රමාණයේ කැල්සියම් අන්තර්ගතව පැවතීමෙන් බොහෝ රෝග වළක්වා ගැනීමට උදව් කෙරේ.
🔹පැලෝපීය නාල අවහිරතා මඟහැරේ. 🔹ආර්තවහරණයෙන් පසුව කාන්තාවන්ට ඇතිවන අස්ථි සම්බන්ධ රෝග සඳහාද ඉතා ගුණදායක වේ.
🔹සැලකිය යුතු කෙඳි ප්‍රමාණයක් අඩංගු වීම නිසා දියවැඩියා රෝගීන්ටද ගුණදායක වේ.
🔹හිසකෙස්වලට මෙන්ම සමටද ඉතා ගුණදායක වේ.
🔹දද කුෂ්ඨ ඇතිවීම වළකාලයි.
🔹විටමින් බී 6 අඩංගු වීම හේතුවෙන් රක්තහීනතාවයට ඉතා ගුණදායක වේ.
🔹පිළිකා නාශක ගුණයත් කස කසා ඇටවල පවතී.
🔹විටමින් බී සහ කැල්සියම් මඟින් ස්නායු පද්ධතියේ රෝග ගණනාවකට සුවය ලබාදේ. 🔹තයිරොයිඩ් ග්‍රන්ථයේ ක්‍රියාකාරීත්වයට මෙය උදව් කෙරේ.
🔹පෙනීමට ඉතා ගුණදායක වේ.

⏹️කස කසා ඇට එහෙම නැත්නම් තුල්සි ඇට basil seed ගොඩක් අය අතර ප්‍රසිද්ධ වෙලා තියෙනවා කෙට්ටු වෙන්න විදිහක් විදිහට
ඒ නිසා අපි බලමු මේකෙන් ලැබෙන වාසි අවාසි සහ භාවිතා කරන්න ඕනි කොහොමද කියලා...

🔹යකඩ, කැල්සියම් සහ මැග්නීසියම් ප්‍රභවයක් වන බැසිල් බීජ 1 tablespoon දිනකට ගැනීමෙන් ඔබේ ආහාර වේලෙහි වැදගත් අඩුපාඩු පිරවීමට උපකාරී වෙනවා
🔹බැසිල් බීජ වල ද්‍රාව්‍ය තන්තු අඩංගු වන අතර එමඟින් ආහාර ජීර්නය ක්‍රමවත් කිරීම, රුධිරයේ සීනි පාලනය, සෞඛ්‍ය සම්පන්න කොලෙස්ටරෝල් මට්ටම පාලනය සහ ආහාර රුචිය පාලනය කළ හැකිය.
🔹අර්ශස් වැනි රෝග තත්ව පාලනයට උපකාරි වේ
🔹මෝර පෙති වලින් අපි ගන්න ඔමෙගා 3 කියන තෙල් වලින් පොහොසත්
🔹මේද දහනය කරන නිසා ශරීරයේ බර අඩු කරනවා. ඒත් ගොඩාක් නෙමෙයි මාසයකට කිලෝ එකක් වගේ අඩු කරගන්න පුලුවන්.
කසකසා ඇටවල තියන ගුණ සහ අගුණ

🔶අවාසි

🔹වැඩියෙන් භාවිතා කිරීමෙන් ශරීරයේ අහාර ජීර්නය සම්බන්දව ගැටලු එන්න පුලුවන්.

🔹ලේ කැටි ගැසීමේ ගැටලු එන්න පුලුවන්

🔴දැන් බලමු භාවිතා කරන්න ඕනි කොහොමද කියලා.

🔹කිසි විටකත් එක දිගට සෑම දිනකම කස කසා ඇට ගැනීමත් බොහෝ ප්‍රමාණයක් එක්වරම ගැනීමත් අහිතකරය.

🔹මෙසේ එකවර කස කසා පෙඟෙන්නට තබා ගැනීමෙන් වැඩි කොටස බෝතලයකට දමා පානය කළ හැක.

🔹ඕනිම super market එකකින් ගොඩක් අඩු මිලට ගන්න පුලුවන් දෙයක්. 100g රුපියල් 100ක් වගේ වෙන්නෙ.

🔹කසකසා ඇට මේස හැදි එකක් වතුර කෝප්පෙකට දාලා fridge එකේ විනාඩි 15ක් තියන්න. Fridge එකක් නැත්නම් සීතල වතුරට දාලා වහලා තියන්න

🔹විනාඩි 15 කින් මේ ප්‍රමානය 3 ගුනයකින් වගේ වැඩි වෙනවා.

🔹දවස ඇතුලත මේක බොන්න. ඔයාල බොන වතුර බෝතලේට දාලා බොන්න. නැත්නම් එක පාරම මේකම බොන්න. Faluda milkshake වලට කලවම් කරලා කැමති විදිහකට බොන්න පුලුවන්.

🔹BMI එක අඩු අය මේක භාවිතා කරන්න එපා.

🔹කුඩා දරුවන්ට දෙන්න එපා. අවුරුදු 10ක ලමයෙක්ට ඇගිලි තුඩට ගන්න ප්‍රමානයක් වගේ දවසකට දුන්නට කමක් නෑ. ඊට පොඩි ලමයින්ට දෙන්න එපා.

🔹Diet කරන අය ගත්තට කමක් නෑ.

🔹කෑම රුචිය අඩු කරන නිසා diet කරන අය කෑමට පෙර ගන්න

🔹කිරි දෙන මව්වරුන් සහ ගැබිනි මව්වරුන් දවසට තේ හැදි බාගෙකට වඩා ගන්න එපා. හැමදාම ගන්නත් එපා සතියට 3 වරක් විතර ගන්න .

#අපේ_සිංහල_වෙදකම #සිංහල_වෙදකම #නව්‍යාජීව #ආයුර්වේද #කසකසා_ඇට

✨️මිතුරන් දැනුවත් වීම සදහා share කරන්න.

🔆 අපගේ page යට like කරන්න.අපගේ Group එකට එකතු වන්න.

*** තෙරුවන් සරණයි ***

හරිත ආයූර්වේද ඔසුසල - මහහුණුපිටිය, කටාන ලංකා බැංකුව අසල
28/11/2020

හරිත ආයූර්වේද ඔසුසල - මහහුණුපිටිය, කටාන ලංකා බැංකුව අසල

28/11/2020
වනමන්දාවේ ආයුර්වේද නිශ්පාදන අපගේ වෙළද සැලෙන් මිලදී ගත හැක
28/11/2020

වනමන්දාවේ ආයුර්වේද නිශ්පාදන අපගේ වෙළද සැලෙන් මිලදී ගත හැක

Address

Negombo
11500

Opening Hours

Monday 07:00 - 19:00
Tuesday 07:00 - 19:00
Wednesday 07:00 - 19:00
Thursday 07:00 - 19:00
Friday 07:00 - 19:00
Saturday 07:00 - 19:00
Sunday 07:00 - 12:00

Telephone

+94720383875

Website

Alerts

Be the first to know and let us send you an email when Haritha Ayurveda Osuhala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Haritha Ayurveda Osuhala:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram