Ayu Care Center

Ayu Care Center We are a dedicated team, passionate about making you feel relaxed. Our Ayurveda home is specially designed for mind and body relaxation.

All our treatments are done by fully experienced and kind hearted staff managed by qualified Doctors. Ayu care center is not only limited for panchakarma treatments, but also provide "Orthopedic" treatment and general Ayurveda treatments, traditional Ayurvedic therapy as well as Yoga and provide accommodations for in patient.

ඔබත් උදරයේ වේදනාවලින් ,අක්‍රමවත් මළපහ කිරීම් වලින් පීඩා විදිනවාද?එහෙමනම් මෙය ඔබ සදහා විය හැක. ග්‍රහණි රෝගය============*...
20/02/2026

ඔබත් උදරයේ වේදනාවලින් ,අක්‍රමවත් මළපහ කිරීම් වලින් පීඩා විදිනවාද?

එහෙමනම් මෙය ඔබ සදහා විය හැක.

ග්‍රහණි රෝගය
============

* ආයුර්වේද රෝග වර්ගීකරණයේ දැක්වෙන මෙම රෝගය බටහිර වෛද්‍ය විද්‍යාවේ සඳහන් වන IBS ( Irritable Bowel Syndrome ) නමින් හඳුන්වනු ලබන රෝගය හා තරමක් දුරට ලක්ෂණානුරූපව සමපාත වන අතර එය වත්මන් සමාජයේ බොහෝ දෙනා පීඩාවට පත්වී සිටින රෝග තත්වයක් වේ.
මෙම රෝගය විවිධ ස්වරූපයන් ගෙන් විද්‍යාමාන විය හැකි අතර එහිදී,
• මෙහිදී මූලිකවම වැසිකිළි යාමේ අවශ්‍යතාවයේ සහ වාර ගණනේ වැඩිවීමක් සිදුවේ.
• ඇතැම් විට අහාරයක් ගත් විගස, තේ ,කිරිතේ, වැනි පානයක් ගත් විගස හෝ ඇතැම් පුද්ගලයන් හට දුම්පානය හෝ බුලත් විටක් ගත් විට වැසිකිළි යාමේ අවශ්‍යතාවය පැන නඟී.
එසේ වැසිකිළි ගියත් මළ පිටවන ප්‍රමාණය අඩු වන අතර නැවත නැවත යාමේ අවශ්‍යතාවය ඇතිවේ.
• ඇතැම් අවස්ථාවලදී ගමනක් යනවිට අතරමඟදී , සේවයට පිටත් වීමට සූදානම් වන මෙහොත හදිසියේ වැසිකිළි යාම සිදු කරන්නේ බො⁣හෝ විට මෙම තත්වය නිසා වන අතර සමහර විට කාලීනව ඇති කරගත් පුරුද්දක් නිසාද විය හැක.


බටහිර වෛද්‍ය විද්‍යානුකූලව මෙහිදී පෙන්වනු ලබන රෝග ලක්ෂණ ලෙස


* බඩවැල් පෙරළීම,

* උදර වේදනාව (විශේෂයෙන් ආහාර ගැනීමෙන් යම් වේලාවක් ගත වූ පසු)

* මළ පිටවීමේ වෙනස් වීම්( ඇතැම් විට මලබද්ධය, ඇතැම් විට ඝන හෝ අර්ධ ඝන තත්වයෙන්)

* අධිකව අධෝ වාතය පිටවීම

ආදිය දැක්විය හැක.

මේ රෝග තත්වය සඳහා නිශ්චිත හේතුවක් දක්වා නොමැති අතර ආහාර ජීර්ණය හා සම්බන්ධ ගැටළු, ආහාර මාර්ගයේ ක්‍රමාකුංචන චලන සහ සංවේදීතාවය සම්බන්ධ ස්නායුමය ගැටළු සහ මානසික තත්වයන් හේතුවන බව දක්වා ඇත.

* මේ රෝගය සඳහාම වූ නිශ්චිත ශල්‍ය හෝ චිකිත්සීය ප්‍රතිකාරයක් සිදු නොකරයි.

මේ සම්බන්ධ ආයුර්වේදීය විවරණය අනුව ග්‍රහණි ලෙස හඳුන්වනු ලබන්නේ ජීර්ණය වන ආහාර ශරීරයට ග්‍රහණය කරගන්නා කොටස එනම් ආමාශයෙන් පහළ ඇති ක්ෂුද්‍රාන්ත්‍රය, මහාන්ත්‍රය හා ඒ සම්බන්ධ සියළුම අවයවයන් වන අතර ඒ හා සම්බන්ධ විකෘති තත්වය නිසා මෙම රෝගය ඒ නමින් හඳුන්වනු ලබයි.

මෙහිදී රෝගයට හේතු ලෙස

1. ආහාර දිරවීමේ හැකියාව දුර්වල කරන සියළුම ආකාරයේ උණ රෝග, පාචන, අතීසාර වැනි වලින් පෙළෙන අවස්ථාවලදී සහ ආහාර රුචිය අඩු අවස්ථාවලදී දිරවීම අපහසු ආහාර ගැනීම,

2. ගත් ආහාරයක් දිරවීමට ප්‍රථම නැවත නැවත ආහාර ගැනීම (කෑ පිට කෑම),

3.අධික ප්‍රමාණවලින් ආහාර ගැනීම,

4.ප්‍රධාන ආහාර වේල් ගත් විගස නිදා ගැනීම,

5. තෙල් බහුල ආහාර, අධික උෂ්ණ ආහාර බහුලව සේවනය කිරීම,

ආදිය දක්වනු ලබන අතර පෙන්වන රෝග ලක්ෂණ රෝගයේ අවස්ථා අනුව දීර්ඝව දක්වා ඇත. එහිදී මූලිකව

*ශරීරයේ අලස බව, බර බව
*වෙහෙස නොවී වෙහෙස දැනීම,
*උදර ආශ්‍රිත අධික ශබ්ද ඇතිවීම්,
*උගුරකට වියළීම ,
*බඩ පුරවාදැමීම,
*අධිකව අධෝවාතය පිටවීම,
*පපු පෙදෙසේ වේදනාව,
*ඔක්කාරය, වමනය,
*මළපහ සමඟ සීදම් පිටවීම,
*අක්‍රමවත් මළපහ පිටවීමේ රටාව

ආදිය දක්වා ඇති අතර මෙම තත්වය කාලීනව වර්ධනයවූ විට එය වෙනත් ශාරීරික රෝග තත්වයන් ලෙසද ඇතිවේ. එවිට ,

*ගෙල, ඉකිළි, කලව ආශ්‍රිත මාංශ පේශි වල අධික වේදනා තත්වයන්,

*පපු පෙදෙසේ වේදනාව,කොන්ද ප්‍රදේශයේ වේදනා සහ සන්ධි ආශ්‍රිත වේදනා ලෙසද රෝග ලක්ෂණ පෙන්වනු ලබයි.

මෙම තත්වය කාලීනව පවතින අම්ල පිත්ත එනම් ගැස්ට්‍රයිටීස් තත්වය නිසා ඉක්මනින් ඇති විය හැකිය.

මෙම රෝග තත්වය සඳහා ඉතාමත් සාර්ථක ප්‍රතිකාර පද්ධතියක් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ පවතින අතර එහිදී ,

•මූලිකවම ආහාර ජීර්ණය කිරීමේ ශක්තිය වැඩිකිරීම සහ අන්ත්‍රවල ක්‍රමාකුංචන චලන යථා තත්වයට පත් කිරීම සිදු කරනු ලබයි.

• ප්‍රතිකාර සිදු කරන කාලය අතර තුර ඊට අදාළ ආහාර රටාවන් සහ වැළකිය යුතු දේවලින් රෝගියා ඉවත් වීම අත්‍යවශ්‍ය වේ.

• එසේ ක්‍රමානුකූල ප්‍රතිකාර පද්ධතියක් මඟින් සතියක් හෝ සති කිහිපයක් තුළ මෙම රෝගයෙන් අත් මිදිය හැකිය.

මේ තත්වය සඳහා පොදු ප්‍රතිකාර පද්ධතියක් දැක්විය නොහැකි අතර එය රෝගියා අනුව,වයස හා ස්ත්‍රී පුරුෂ බව අනුව, රෝගයේ තත්වය අනුව, වෙනත් ලබාගන්නා රෝග ප්‍රතිකාරයන් ආදිය අනුව වෙනස් වන අතර සුදුසුකම් ඇති වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ලබාගත හැකිය.

මේ රෝග තත්වය සම්බන්ධයෙන් පොදුවේ වැළකිය යුතු ආහාර වර්ග, ආහාර රටාවන් පිළිබඳව පහතින් දක්වා ඇත.

• ⁣ගැඹුරු තෙලේ සහ නැවත භාවිතා කරන තෙල්වලින් බදින ආහාර ( කෙටි ආහාර වර්ග)

• කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස්

• අමු පොල් යොදා සකස් කරන පොල් ⁣සම්බෝල.

•කොස්, පොළොස්, වරකා

•කඩල

•සියළුම කේක් වර්ග සහ ඒ ආශ්‍රිත ආහාර වර්ග ( ඩෝනට්, කප් කේක් ආදී...)

•පිෂ්ට සහ තෙල් බහුල ආහාර වර්ග.

මෙහි දක්වා ඇති ආහාර මඟින් ග්‍රහණි රෝගය මෙන්ම ගැස්ට්‍රයිටීස් සහ මිග්‍රේන් වැනි රෝග තත්වයන්ගේ වැඩිවීම සහ සුව වීමට කල් ගත වීම සිදු වන අතර ඒවායින් වැළකීම ඉතා සුදුසු වේ.

ස්තූතියි.

වෛද්‍ය සාරංග වීරසිංහ
BAMS (කැලණිය විශ්ව විද්‍යාලය)
ආ.වෛ.සභා ලියාපදිංචි අංක - 14430

ආයු කෙයාර් සෙන්ටර්, ද සිල්වා මාවත , මීගමුව

0718578722/
0763418894

🌅 උදෑසන අවදි වූ සැනින් "මද උණුසුම් වතුර වීදුරුවක්" පානය කළ යුත්තේ ඇයි? 💧අපේ පැරැන්නන් පවා අනුගමනය කළ මෙම පුරුද්ද, නිරෝගී...
18/02/2026

🌅 උදෑසන අවදි වූ සැනින් "මද උණුසුම් වතුර වීදුරුවක්" පානය කළ යුත්තේ ඇයි? 💧

අපේ පැරැන්නන් පවා අනුගමනය කළ මෙම පුරුද්ද, නිරෝගී ජීවිතයකට පදනම දමන රහසක් බව ඔබ දන්නවාද? ආයුර්වේදයට අනුව මෙන්ම නවීන විද්‍යාත්මක පදනම අනුවත් මෙහි ඇති වාසි අපමණයි.

🌿 ආයුර්වේද දෘෂ්ටිකෝණය (Ayurvedic View)
ආයුර්වේදයේ මෙය "ඌෂ පානය" (Usha Paana) ලෙස හැඳින්වේ.

ජඨරාග්නිය අවදි කිරීම: රාත්‍රී නින්දෙන් පසු අකර්මන්‍ය වී ඇති ආහාර ජීර්ණ පද්ධතිය (අග්නිය) ක්‍රියාත්මක කිරීමට මද උණුසුම් ජලය උදවු වේ.

දෝෂ සමතුලිත කිරීම: ශරීරයේ වාත, පිත සහ සෙම යන ත්‍රිදෝෂයන් සමතුලිත කරමින් සිරුරේ අභ්‍යන්තර පවිත්‍රතාවය ඇති කරයි.

මලබද්ධය දුරු කිරීම: බඩවැල් මෘදු කර, අපද්‍රව්‍ය පහසුවෙන් බැහැර කිරීමට මග පාදයි.

🔬 විද්‍යාත්මක පදනම (Scientific Benefits)

Metabolism වේගවත් කිරීම: උදෑසන ජලය පානය මගින් ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලිය (Metabolic Rate) 24% කින් පමණ වේගවත් කළ හැකියි.

Detoxification: සිරුරේ රැස්වී ඇති විෂ ද්‍රව්‍ය (Toxins) මුත්‍රා සහ දහඩිය මගින් බැහැර කිරීම පහසු කරයි.

මොළයේ ක්‍රියාකාරිත්වය: මොළයේ පටක වලින් 70% කට වඩා ඇත්තේ ජලයයි. උදෑසනම සිරුර සජලනය (Hydration) කිරීමෙන් දවස පුරා පවතින විඩාබර බව නැති වී අවධානය සහ මතක ශක්තිය වර්ධනය වේ.

පැහැපත් සමක්: රුධිර ගමනාගමනය ක්‍රමවත් කරමින් සමේ තෙතමනය ආරක්ෂා කිරීමටත්, කුරුලෑ පාලනයටත් මෙය මනා පිටුවහලකි.

✅ නිවැරදිව කරන්නේ කොහොමද?

අවදි වූ සැනින්, මුඛය සේදීමට පෙර වුවද මෙය කිරීම වඩාත් සුදුසුයි (මුඛයේ ඇති එන්සයිම ශරීරගත වීම ජීර්ණයට හිතකරයි).

අධික රස්නයෙන් තොර මද උණුසුම් ජලය තෝරාගන්න.

එකවර පානය නොකර, හිඳගෙන සෙමින් උගුරෙන් උගුර පානය කරන්න.

නිරෝගී දිවියකට හෙට උදෑසන සිටම ඔබත් මෙය පුරුද්දක් කරගන්න! 😇✨

වයසට ගියාට පස්සේ තේරුම් ගන්න ජීවිතේ වටිනාම පාඩම් ටිකක්! ⏳💡ගොඩක් අයට මේ දේවල් තේරෙද්දි කාලය ගිහින් ඉවරයි. ඒත් ඔයාට තවමත් ...
17/02/2026

වයසට ගියාට පස්සේ තේරුම් ගන්න ජීවිතේ වටිනාම පාඩම් ටිකක්! ⏳💡

ගොඩක් අයට මේ දේවල් තේරෙද්දි කාලය ගිහින් ඉවරයි. ඒත් ඔයාට තවමත් අවස්ථාව තියෙනවා. මගේ අවුරුදු 10ක අත්දැකීම්, ඔයාගේ විනාඩියක් ඇතුළත කියවලා බලන්න. මේ දේවල් කලින් දැනගත්තොත් ජීවිතේ ලොකු වැරදීම් ගොඩක් මගහැරගන්න ඔයාට පුළුවන් වේවි. 👇

1️⃣ හැදෙන්න අකමැති අයව කරේ තියාගන්න එපා
සනීප වෙන්න උවමනාවක් නැති ලෙඩෙක්ට බලෙන් බෙහෙත් කරලා වැඩක් නෑ. ඒ වගේ අයට උදව් කරන්න ගිහින් අන්තිමට ඔයත් අමාරුවේ වැටෙන එකයි වෙන්නේ. වෙනස් වෙන්න කැමැත්තක් නැති මිනිස්සු වෙනුවෙන් ඔයාගේ වටිනා කාලය නාස්ති කරන්න එපා. එයාලව අතෑරලා දාන්න.

2️⃣ ඔලුව නිදහස් කරගන්න
ප්‍රශ්නයක් ආවාම මුලින්ම හිතන්න "මේක මේ තරම් ලතවෙන්න ඕනෙ දෙයක්ද?" කියලා. එහෙම නැත්නම් ඒ වෙලාවෙම ඒක අමතක කරලා දාන්න. අනුන්ගේ ප්‍රශ්න ඔලුවට අරන් නිකන් මෝඩයෙක් වෙන්න එපා. ඒ වගේම පොඩි දේවල් වලට ස්ට්‍රෙස් වෙන්නේ නැතුව ජීවිතේ කියන ගමන සැහැල්ලුවෙන් විඳින්න පුරුදු වෙන්න.

3️⃣ ප්‍රශංසාවට රැවටෙන්න එපා
මේක ගොඩක් අයට වරදින තැනක්. කවුරුහරි ඔයාට වර්ණනා කරනකොට ඒක ඔලුවට ගන්න යන්න එපා. මොකද අද ඔයාට මල් තියන අයම තමයි හෙට ගල් ගහන්නෙත්. ප්‍රශංසාවයි නින්දාවයි අතර තියෙන්නේ හරිම පොඩි පරතරයක්. ඒ නිසා අනිත් අයගේ වර්ණනා කිරීම් සතපහකට මායිම් කරන්න එපා.

4️⃣ මේ දේවල් වලට බය නැතුව "බෑ" (NO) කියන්න:

නොගැලපෙන විහිළු: ඔයාට අපහසුතාවයක් වෙන විහිළු වලට හිනාවෙලා සහයෝගය දෙන්න එපා. එතනම විරුද්ධ වෙන්න.

අකමැති ගමන්: අනුන්ව සතුටු කරන්න ඔයාට යන්න බැරි පාටි, ට්‍රිප් වලට යන්න හා කියන්න එපා.

නිදහසට කරුණු: ඔයා නිවැරදි නම්, අනිත් අයට ඒක ඔප්පු කර කර ඉන්න ඕනෙ නෑ.

බාධා කිරීම්: ඔයාගේ ඉලක්ක වලට හරස් වෙන වැඩ ප්‍රතික්ෂේප කරන්න.

අනුන් වෙනස් කිරීම: බලෙන් මිනිස්සු හදන්න කාලය කන්න එපා.

මානසික සුවය පාවාදීම: කෝටි ගාණක් දුන්නත් හිතේ සැනසීම නැතිවෙන දේවල් කරන්න එපා.

ඔයාගේ සතුට: අනිත් අයගේ හැසිරීම් මත ඔයාගේ සතුට තීරණය කරන්න ඉඩ දෙන්න එපා.

5️⃣ මිනිස්සු මොනවා හිතයිද කියන එක අතාරින්න (Stop caring what people think) 🤷‍♂️
ඇත්තම කතාව මේකයි: අනිත් අයට ඔයා ගැන හිත හිත ඉන්න තරම් වෙලාවක් නෑ. එයාලටත් එයාලගෙම ප්‍රශ්න තියෙනවා. ඒ නිසා මිනිස්සුන්ට බයේ ඔයාගේ ගමන නවත්වන්න එපා. "ඊළඟ අවුරුද්දෙ පටන් ගන්නවා", "ප්‍රශ්න ඉවර වුණාම කරනවා" වගේ කතා නිකන් කම්මැලිකම් විතරයි. අඩුපාඩු තිබුණත් අදම වැඩේ පටන් ගන්න. නොකර ඉන්නවට වඩා ඒක ගොඩක් වටිනවා.

6️⃣ රස්සාවල් නොකර, එක ෆීල්ඩ් එකක් තෝරගන්න (Pick an industry, not a job) 💼
හම්බවෙන හැම රස්සාවම කර කර කාලය කන්න එපා. අද කඩේක, හෙට ගාමන්ට් එකක, අනිද්දා වීල් එකක් දිව්වොත් ඔයා හැමදාම බිංදුවේ. ඒ වෙනුවට එක ක්ෂේත්‍රයක් තෝරගෙන ඒකේ ඉහළටම යන්න. පොඩි තැනකින් පටන් ගත්තත් අත්දැකීම් එක්ක ඔයාට ලොකු තැනකට යන්න පුළුවන්. මතක තියාගන්න, ලොකු පඩි හම්බවෙන්නේ හැමදේම ටික ටික දන්න අයට නෙවෙයි, එක දෙයක් ගැන සුපිරියටම දන්න (Expert) අයටයි!

✨ බෝනස් ටිප් එක: ඉස්කෝලේ කාලේ හරි කැම්පස් කාලේ හරි තමයි ජීවිතේ හොඳම කාලේ කියන එක බොරුවක්. ඔයා ආදරේ කරන කෙනා එක්ක ජීවිතය බෙදාගන්න දවස, ඔයාගේ දරුවෙක් මුලින්ම දකින දවස ඊට වඩා ගොඩක් ලස්සනයි. පරණ මතක වලම එල්ලිලා ඉන්නේ නැතුව, අනාගතයේ තියෙන ලස්සන දවස් බාරගන්න ලෑස්ති වෙන්න.

👑 මතක තියාගන්න: ඔයාගේ ජීවිතේ අයිතිකාරයා ඔයාමයි. ඔයා කියන්නේ ගොඩක් වටින කෙනෙක්! ඒ වටිනාකම රැකගන්න.

🌿 සොබාදහමේ රිද්මයට ඔබේ දවස හැඩගස්වමු: ආයුර්වේද දිනචර්යාව ☀️අද කාලේ අපේ ලෙඩ රෝගවලට ප්‍රධානම හේතුව අපේ අවිධිමත් ජීවන රටාවය...
11/02/2026

🌿 සොබාදහමේ රිද්මයට ඔබේ දවස හැඩගස්වමු: ආයුර්වේද දිනචර්යාව ☀️

අද කාලේ අපේ ලෙඩ රෝගවලට ප්‍රධානම හේතුව අපේ අවිධිමත් ජීවන රටාවයි. දහස් ගණනකට පෙර ආයුර්වේදයේ පෙන්වා දුන් "දිනචර්යාව" අනුගමනය කිරීමෙන් නිරෝගී බව වගේම දීර්ඝායුෂත් ලබාගන්න පුළුවන්.

ඔබේ දවස සාර්ථක කරගන්න මෙන්න මේ පියවර අනුගමනය කර බලන්න: 👇

1. බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වීම (උදෑසන 4:30 - 5:30) 🌅
සූර්යයා උදාවීමට පෙර අවදි වීමෙන් මොළයේ ක්‍රියාකාරීත්වය වැඩි කරන "වාත" ශක්තිය උත්තේජනය වේ.

උදාහරණ: මේ වෙලාවට පරිසරය ඉතාම නිශ්ශබ්දයි, පිරිසිදු ඔක්සිජන් පිරිලා. භාවනාවකට හෝ දවස සැලසුම් කරන්න හොඳම වෙලාව මෙයයි.

2. ශරීරය පිරිසිදු කිරීම (ශුද්ධිය) 🦷
මුඛය සේදීම: දිව සීරීම (Tongue scraping) මගින් රැය පුරා දිවේ රැස් වූ විෂ (Ama) ඉවත් කරන්න.

උණුසුම් ජලය: උදෑසනම මඳ උණුසුම් වතුර වීදුරුවක් පානය කිරීමෙන් ආහාර මාර්ගය පිරිසිදු වී මළබද්ධය දුරු වේ.

3. අභ්‍යංග (තෙල් සම්බාහනය) 💆‍♂️
ශරීරයේ තල තෙල් හෝ පොල් තෙල් ස්වල්පයක් ගල්වා සම්බාහනය කිරීමෙන් සමේ රැළි වැටීම පාලනය වී ශරීරයේ රුධිර ගමනාගමනය ක්‍රමවත් වේ.

උදාහරණ: සන්ධි ආශ්‍රිතව වෘත්තාකාරව තෙල් ගෑමෙන් සන්ධි වේදනා අඩු කරගන්න පුළුවන්.

4. ව්‍යායාම සහ යෝග (Vyayama) 🧘
ශරීරයට සැහැල්ලුවක් දැනෙන තෙක් ව්‍යායාම කරන්න.

උදාහරණ: සූර්ය නමස්කාරය වැනි යෝග අභ්‍යාස මගින් මුළු ශරීරයේම නම්‍යශීලී බව සහ ශක්තිය වර්ධනය වේ.

5. ආහාර රටාව (Ahara) 🍲
උදෑසන ආහාරය: සැහැල්ලු පෝෂණීය ආහාරයක් ගන්න. (උදා: හීල් බත් හෝ කොළ කැඳ වීදුරුවක්)

දවල් ආහාරය: දවසේ ප්‍රධාන ආහාරය විය යුත්තේ මෙයයි. දවල් 12:00 - 1:00 අතර කාලයේ "පිත" ශක්තිය වැඩි නිසා ආහාර හොඳින් ජීර්ණය වේ.

රාත්‍රී ආහාරය: ඉතා සැහැල්ලු විය යුතු අතර, නින්දට පැය 2-3 කට පෙර ගත යුතුය.

6. නිසි වේලාවට නින්ද (Nidra) 🌙
රාත්‍රී 10:00 ට පෙර නින්දට යාමෙන් ශරීරයේ සෛල අලුත්වැඩියා වීම (Healing) නිසි පරිදි සිදු වේ.

✨ මතක තබා ගන්න: ආයුර්වේදය කියන්නේ ප්‍රතිකාර ක්‍රමයක් විතරක් නෙවෙයි, එය ජීවත් විය යුතු කලාවයි. අදම ඔබේ දිනචර්යාවට මෙයින් එකක් හෝ දෙකක් එකතු කරගෙන වෙනස වටහා ගන්න!



🌿 නීරෝගී දිවියකට ආයුර්වේද රහස්: සම්පූර්ණ දිනචර්යාව සහ ආහාර වට්ටෝරුව ☀️
අපේ මුතුන් මිත්තන් අවුරුදු 100ක් නීරෝගීව ජීවත් වුණේ කොහොමද කියලා ඔබ කල්පනා කරලා තියෙනවාද? රහස තියෙන්නේ මිල අධික බෙහෙත් වල නෙවෙයි, ඔවුන් අනුගමනය කරපු "ආයුර්වේද දිනචර්යාව" තුළයි.

ඔබේ දවස පණගන්වන්න මෙන්න උපදෙස් මාලාවක්: 👇

1. උදෑසන පිබිදීම සහ ඖෂධීය පානය ☕
උදෑසන 5:30 ට පෙර අවදි වී, මුඛය පිරිසිදු කර හිස්බඩ මේවායින් එකක් පානය කරන්න:

කොළ කැඳ වීදුරුවක්: (කරපිංචා, ගොටුකොළ හෝ හීනැටි හාල් මිශ්‍ර කැඳ) - ශරීරය සිසිල් කරයි.

කුළුබඩු තේ: ඉඟුරු, කොත්තමල්ලි සහ සූදුරු දමා තැම්බූ වතුර (ආහාර ජීර්ණය පහසු කරයි).

මඳ උණුසුම් දෙහි වතුර: සිරුරේ විෂ ඉවත් කිරීමට (Detox).

2. ශරීරය පණගන්වන යෝග අභ්‍යාස 🧘
සිරුරේ නම්‍යශීලී බවට සහ ලේ ගමනාගමනයට "සූර්ය නමස්කාරය" (Surya Namaskar) පියවර 12 අනුගමනය කරන්න. එයින්:

කොන්දේ වේදනාව අඩු වේ.

පෙනහළු ක්‍රියාකාරීත්වය වැඩි වේ.

මනස සන්සුන් වේ.

3. ඔබේ ආහාර වේල සැලසුම් කරමු (Diet Plan) 🍲
ආයුර්වේදයට අනුව ආහාරය කියන්නේ ඖෂධයකි.

වේලාව නිර්දේශිත ආහාර උදාහරණ
උදෑසන (07:30 - 08:30)

පෝෂණීය සහ මධ්‍යස්ථ බර හීල් බත් (ලුණු මිරිස් සමඟ), කුරක්කන් තලප හෝ මුං ඇට/කඩල වැනි ධාන්‍ය වර්ග.

දවල් (12:00 - 01:30)

ප්‍රධාන ආහාරය (හොඳින් බඩගිනි දැනෙන වෙලාව) රතු නිවුඩු බත්, පලා වර්ගයක්, පරිප්පු හෝ එළවළු වෑංජන 2ක් සහ මාළු හෝ බිත්තර. (අතුරුපසට ගස්ලබු කෑල්ලක් සුදුසුයි).

රාත්‍රී (07:00 - 08:00) සැහැල්ලු සහ ඉක්මනින් දිරවන ආහාර එළවළු සුප් එකක්, තැම්බූ එළවළු හෝ කුරක්කන් රොටියක් වැනි සැහැල්ලු දෙයක්.

4. දවල්ට නිදාගැනීමෙන් වළකින්න! 🚫
දහවල් කාලයේ නිදාගැනීමෙන් ශරීරයේ "කප" දෝෂය වැඩි වී සෙම රෝග සහ තරබාරුව ඇතිවිය හැක. ඉතා වෙහෙස නම් විනාඩි 10-15 ක පුටුවක වාඩි වී කරන කෙටි නිද්‍රාවක් (Power nap) ප්‍රමාණවත්ය.

5. සුවබර නින්දකට මග (රාත්‍රී 10:00 ට පෙර) 😴
නින්දට පෙර පාද දෙක හොඳින් සෝදා, තල තෙල් ස්වල්පයක් යටි පතුල් වල ගල්වන්න. මෙය ගැඹුරු නින්දකට මග පාදයි.

රන්මය රීතිය:

බඩෙන් 1/2 ක් ආහාර වලටත්, 1/4 ක් ජලයටත් වෙන් කර, ඉතිරි 1/4 වාතය හුවමාරු වීමට හිස්ව තබන්න.

අදම මේ වෙනස පටන් ගන්න. ඔබේ ශරීරය ඔබට ස්තූති කරාවි! 🌱✨

වෛද්‍ය සාරංග වීරසිංහ

Big thanks to Malsha Hettiarachchi, Malani Gunadasafor all of your support! Congrats for being top fans on a streak 🔥!
09/02/2026

Big thanks to Malsha Hettiarachchi, Malani Gunadasa

for all of your support! Congrats for being top fans on a streak 🔥!

අර්ශස් රෝගය ආයුර්වේදයෙන් සුව කළ හැක
09/02/2026

අර්ශස් රෝගය ආයුර්වේදයෙන් සුව කළ හැක

කොන්දේ කැක්කුම නම් මේ ගැන සැලකිලිමත් වෙන්න.පිට කොන්දේ වේදනාව බොහෝ විට සෑම පුද්ගලයෙක්ම අත්දැක ඇත.පිටකොන්දේ එන කැක්කුම හේත...
09/02/2026

කොන්දේ කැක්කුම නම් මේ ගැන සැලකිලිමත් වෙන්න.

පිට කොන්දේ වේදනාව බොහෝ විට සෑම පුද්ගලයෙක්ම අත්දැක ඇත.පිටකොන්දේ එන කැක්කුම හේතු ගණනාවක් නිසා ඇති විය හැක.
එනම් කොදු නාරටියේ වූ ව්‍යාකූලතාවයක්, වකුගඩු හා මුත්‍රා මාර්ගයේ ව්‍යාකූලතාවයක් , කාන්තාවන්ගේ ගර්භාෂය ආශ්‍රිත ව ඇතිවන ව්‍යාකූලතා උදරය තුළ ඇතිවන විශාල ගෙඩියක්වැබි හේතු ගණනාවක් කොන්දේ දේදනාවක් ලෙස ඇති විය හැක. මෙයින් බහුලව වේදනාව ඇතිවීමට හේතුව වන්නේ කොදු නාරටිය හා සම්බන්ධ මාංශපේඅහි හානීවීමට ලක්විමයි.

කොදු නාරටිය හා සම්බන්ධ මාංශ පේශිවලට හානි විය හැක්කේ කෙසේද?

මෙය එකවර සිදුවීමක් හෝ දීර්ඝ කාලයක් තිස්සේ සිද්ධ වන්නක් විය හැක. එකවර බරක් එසවීමේදී , එකවර පැත්තකට හැරීමේදි, එකම ආකාරයට බොහෝ වේලාවක් ඉඅගෙන සිටීම, වැටීමක් හෝ හදිසි අනතුරක්, එකවර ඇතිවන පිටකොන්දේ වේදනාවට තුඩුදෙයි. එහිදී කොදු නාරටියේ අස්ථි බිදීමක්, අස්ථි අතර ඇති කොටසක් එළියට පැනීමක් ,මාංශ පේඅහී ඉරී යාමක්, මාංශ පේශි තදවීමක් විය හැක. මෙහිදී ඇතිවන රෝග ලක්ෂණ ගැන දැනුවත් වීම ඉතාම වැදගත් වේ.

රෝග ලක්ෂණ

පිටකොන්දේ ඇතිවන අධික වේදනාවල අස්ථිවලට හානිවීමේදී ස්නායු වලටද හානිවූයේනම් හිරිවැටීම්, කකුල් පන නැතිව යෑම, විය හැක. පිට කොන්ද දිග හැඑඊමට අපහසු වීම,කැක්කුම කකුල්වලට, තට්ටම් වලට පැතිරී යාම, මුත්‍රා අඩස්සිය ඇතිවීම ආදී විවිධාකාර ලක්ෂණ සිදුවූ හානියේ ස්වභාවය අනූව විය හැක. එම්ව්න්ම නොපමාව වෛද්‍යවරයෙකුගේ උපදෙස් පැතිය යුතු අවස්ථා ලෙස පහත ලක්ෂන පෙන්වා දිය හැක.

මුතා කරන විට දැවිල්ල ඇතිවීම හෝ මුතරා සමග ලේ පිටවීම.
මුත්‍රා පාලනය කිරීමට නොහැකි වීම.
පිටකොන්ද ප්‍රදේශය රතුවී ඉදිමී තිබීම.
තට්ටම් ප්‍රදේශයේ කකුල්වල ඇතිවන හිරිවැටීම් හෝ පන නැතිව යාම.
කකුල් දිගේ කැක්කුම පැට්ජිරී යාම
ක්‍රමයෙන් කැක්කුම වැඩි වීයාම
ආදී දවස්තා වල වහාම වෛද්‍යවරයෙක් මුණ් ගැසිය යුතුය.

කොන්දේ කැක්කුමක් ඇතිවිය හැකි තවත් අවස්ථා

මීට කලින් පිළිකාවක් තිබීම, ක්ෂය රෝගය තිබීම
දීර්ඝ කාලීනව ස්ටෙරොයිඩ කාණ්ඩයේ ඖෂධ ගැනීම
කාලයක් තිස්සේ බර අඩු වීම, උණ ඇතිවීම යන ලක්ෂණ ඇති රෝගීන් විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි.
අනතුරකදී පිට කොන්දේ වේදනාව දැනුනොත් වෛද්‍යවරයෙක් වෙතු යොමු වීම ඉතා වැදගත්ය.

මෙහිදී පහත උපදෙස් වෛද්‍යවරයා විසින් ලබා දෙනු ඇත.

සාමාන්‍ය වැඩ කටයුතු වලින් දින කිහිපයක් ඈත්වී සිටීම.
පලමු පැය 48තුළදී අයිස් වලින් තැවීමත් ඉන්පසු ‍රස්නේ දේ වලින් තැදීම
නිදාගන්න විට ඝනකම් මෙට්ටයක් හෝ ලෑල්ලක් භාවිතා කිරීම
උඩුබැලි අතට නිදා ගැනීම
දණහිස්වලට යටින් කොට්ටයක් තැබීම
දීර්ඝ්හ කාලසීමාවක් ඇදට වි සිටීම යෝග්‍ය නොවේ.
සාමාන්‍ය කටයුතු දින කිහිපයකින් පටන් ගැනීම. එහෙත් බර එසවීමෙන්, කොන්ද ඇඹරෙන විදියේ වැඩ කිරීමෙන් සති හයක් පම්ද්ණ බැහැර වී සිටීම.
ඉන්පසු ටික ටික ව්‍යායාම කළ යුතුය.

දීර්ඝ කාලයක් පිට කොන්දේ වේදනාව පවතීනම්

දීර්ඝ කාලීනව පිටකොන්දේ වේදනාව පැවතීම සැලකිමත් වීම ඉතාම වැදගත්ය . මෙය ඉත බහුලව ඇති තත්වයකි. වයසට යත්ම පිටකොන්දේ වේදනාව ඇතිහැකියාව ඉතා වැඩිය. නමුත් බොහෝවිට නිශ්චිත හේතුවක් සොයා ගැනීම අපහසුය. නමුත් කැක්කුම පාලනය කිරීමට විවිධ ප්‍රතිකාර ක්‍රම ඇත. මෙසේ දීර්ඝ කාලීනව පිටකොන්දේ වේදනාව ඇතිවීමට හේතු ලෙස පහත කරුණු පෙන්වා දිය හැක්.

වැරදි ක්‍ර්ම වලට බර එසවීම.කලින් කොන්ද ප්‍රදේශයේ වු අනතුරු හා ශල්‍යකර්ම
විවිධ ආකාරයට ඇත්වෙන ආතරයිටිස්
ශරීරයේ අධික බර හා මානසික ආතතිය
ව්‍යායාම අඩුකම
කොදු නාරටියේ පිහිටීමේ ස්වභායේ ව්ව්නස්කම්
රැකියාවෙව් ස්වභාවය
ඉහත බොහෝ සාධක දීර්ඝ කාලිනව පිටකොන්දේ කැක්කුම ඇති කිරීමට හේතු සාධක වේ.

කොන්දේ කැක්කුම වළක්වා ගැනීමට මේ උපදෙස් පිළිපදින්න.

එක දිගට සිටගෙන සිටීමෙන් වලකින්න.
අඩි උස සපත්තු පැලදීමෙන් වළකින්න.
එක දිගට වාඩි වී සීටීමේදී කොන්ද ප්‍රදේශය පුටු ඇන්දේ හේත්ඝුවී කිළින් තබා ගැනීම වැදගත්ය
වාඩි වී සිටින විට කකුල් දෙක පොඩි ස්ටූල් එකක තබා ගැනීමෙන් උකුල් හන්දියට වඩා උස මට්ටමින් දණහිස් හන්දි තැබීම නිසා කොන්දේ අමාරුද ඇතිවීම වළකවාලයි.
ව්‍යායාම වල යෙදීම
දුම්බීම නතර කිරීඅම, භාවනා කිරීම, යෝග ව්‍යායාම ආදිය කොන්දේ වේදනාව අඩු කර ගැනීමට උපාකාරී වේ.
එක දිගට එඉය පැදවීමෙන් හෝ දීර්ඝ කාලයක් ඉදගෙන සිටීමේදි ආසනය හා කොන්දේ පහළ කොටස අතර කුඩා කොට්ටයක් හෝ නැවූ තුවායක් තබන්න.
රිය පැදවීමේදී ආසනය සුක්කානම දෙසට හැකි පමණ කිටෘ කරගන්න.

ආයුර්වේදයේ දේශීය වෙදකමේ ඉතා සාර්ථක ප්‍රතිකාර මේ සදහා ඇත.
නමුත් ප්‍රථමව කළ යුත්තේ නිවැරදි රෝග විනිශ්චයයි.
එහිදී කුමන් හේතුවක් නිසා මෙම තත්වය ඇතිවුණිදැයි සැක හැර දැන ගැනීම වටී.

මෙහිදී ප්‍රධාන වශයේන් කඨී වස්ති භාවිතා කෙරේ. එහිදී කැක්කුම ඇති ප්‍රදේශයේ උදු වැටියක් සාදා එය වළල්ලක් මෙන් සකසා ඇතුළට තෙල් පුරවා තබා ගැනීම සිදු කරයි.

පත්තු හා තැවීම
මෙහිදී නිසි පරිදි අවශ්‍ය තැවිල්ල තෝරා තවා පත්තුව දැමීම කල යුතුය.
පොට්ටනි සැකසීමේදී කොළ වර්ග හා අවශ්‍ය ද්‍රවය ගෙන කොටා පොට්ටනි සකසා වණ්ඩුවේ තම්බා තෙල් ගා තැවීම සිදු කරයි.

වාෂ්ප ස්වේද නාඩි ස්වේද

මෙහිදී ඖෂධීය වර්ග තම්බා හුමාලය ඇල්ලීම සිදු කෙරේ.

කොදු ඇට පෙල ඇදවී හෝ වෙනස් වීනම් එය සැකසීම, බර එල්ලා දැමීම අවස්‍යතාව අනූව කළ යුතුය.

තෙල් ගා සම්භානය ඉතා වැදගත්ය

පිචු දැමීම
මෙහිදී ගෝස් කැබැල්ලක් හෝ පුළුන් වලට තෙල් පොගවා එය කොන්ද මත එළා විනාඩි 20ක් පමණ තබා සිටීම

මිට අමතරව ව්‍යායාම ,යෝගාභ්‍යාස කරලීම ඉතා වැදගත්ය .
කෂාය, ගුලි, කල්ක, වස්ති ප්‍රතිකාර අවශ්‍යතාවය අනූව කළ හැක.

වෛද්‍ය සාරංග වීරසිංහ
BAMS කැලණිය විශ්ව විද්‍යාලය
SLAMC Reg No.14430

Do you want to do genuine Ayurveda treatment please contact us 0718578722Negombo , Sri Lanka.
09/02/2026

Do you want to do genuine Ayurveda treatment please contact us 0718578722
Negombo , Sri Lanka.

09/02/2026
09/02/2026

Real ayurveda treatment . rodharatreatment

Now you can stay with us and get Ayurveda treatment. This center is located to 13km away from Bandaranayake Internationa...
04/02/2026

Now you can stay with us and get Ayurveda treatment. This center is located to 13km away from Bandaranayake International Airport,
Our Ayurveda wellness center is specially designed for mind and body relaxing.

All our treatments are done by fully experinced and kind hearted staff managed by qualified Doctors. Ayu Care center is not only limited for wellness but also panchakarma, general ayurveda treatment and provide accomadation for in patients.

We are providing orthopedic,Diabetics, hemorrhoids , joint diseases , obeysity, Neuro disorders, paralysis, gynaecology , dermatology patients.
As wel as we are providing yoga treatment also.

Ayurveda Oil massage
Herbal steam bath
Herbal bath
Shirodhara treatment
Hebal facial

We have specially designed treatment packages for those who need further medication and nursing such as 1 day, 2 days, 14 days, 21 days etc. special for detoxification panchakarma treatment.

You are the welcome to our Ayurveda wellness center.

+9471 857 8722

04/02/2026

Genuine Ayurveda panchakarma and yoga center.

Address

De Silva Mawatha
Negombo
25000

Alerts

Be the first to know and let us send you an email when Ayu Care Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Ayu Care Center:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Our Story

Our Ayurveda home is specially designed for mind and body relaxation. All our treatments are done by fully experienced and kind hearted staff managed by qualified Doctors. Ayu care center is not only limited for panchakarma treatments, but also provide "Orthopedic" treatment and general Ayurveda treatments, traditional Ayurvedic therapy as well as Yoga and provide accommodations for in patient.