Negombo Health Care Private Hospital

Negombo Health Care  Private Hospital Private hospital situated at Kattuwa,Chilaw Rd,Sri Lanka, registered in Ministry of Health in Sri Lanka.

09/06/2020
27/04/2018
මේ ලෝප්‍රකට නැශනල් ජෝග්‍රෆික් මාධ්‍ය ආයතනය විසින් 1987 වසරේ ලොව විශිෂ්ටතම ඡායාරූපය ලෙස තෝරාගත් චායාරූපයයි.මෙහි දැක්වෙන්න...
05/10/2017

මේ ලෝප්‍රකට නැශනල් ජෝග්‍රෆික් මාධ්‍ය ආයතනය විසින් 1987 වසරේ ලොව විශිෂ්ටතම ඡායාරූපය ලෙස තෝරාගත් චායාරූපයයි.

මෙහි දැක්වෙන්නේ Dr. Zbigniew Religa නම් පෝලන්ත ජාතික ශල්‍යවෛද්‍යවරයා විසින් අපමණ බාධක මැද්දේ එරට ප්‍රථම හෘද බද්ධ කිරීමේ ශල්‍යකර්මය නිම කිරීමෙන් පසු රෝගියාගේ තත්වය පරීක්ශා කරමින් සිටිනා අයුරුයි.
පැය විසිතුනක් පුරා දිවුනු ශල්‍යකර්මයෙන් අනතුරුව විඩාවට පත් ඔහුගේ සහායක ශල්‍ය වෛද්‍යවරයා ශල්‍යාගාරය්ම මුල්ලක නිදන අයුරු රූපයේ පෙනේ.

සිදුවිය යුතු පරිද්දෙන්ම මේ අසමාන ජීවයකයාට පෝලන්ත ජනතාවගෙන් ලැබුනේ ඉමහත් හරසරයකි. ඔහු ඉමහත් ජනතා බුහුමානයට පාත්‍ර වූ අතර ඔහුගේ ශල්‍යකර්මය පෝලන්තයේ පසුකාලීන හෘද බද්ධ කිරීම්වලට පදනම දැමීය...

ඒ පෝලන්තයයි...

මේ ආකරයටම ලංකාවේද වෛද්‍යවරයකු තමන් උගත් දෙයින් රටට දෙයක් කරන්නට සිතා පිටරටකදී තමන්ට ඉපයිය හැකි මුදල මෙන් දහගුණයකටත් අඩු පඩියකට රැකියාවක් ලබාගෙන ලංකාවට පැමිණියේය. ඔහු සහ ඔහුගේ සිහිනය ගැන විශ්වාසය තැබූ අනිකුත් වෛද්‍යවරුන් හෘද බද්ධ කිරීමකට අවශ්‍ය උපකරණ තම පෞද්ගලික වියදමින් විවිධ රටවලින් ලංකාවට ගෙන ආහ. බියුරොක්‍රැටික කඩයිම් පැන කෙසේ හෝ එක් පුද්ගලයෙක්ගේ හදවත තවත් පුද්ගලයෙක්ට බද්ධ කිරීමට ඔවුහු අවසරයද ලබා ගත්හ.
අවසන ඔවුන් කෙසේ හෝ (බොහෝවිට ලොව අඩුම පහසුකම් යටතේ) ලංකාවේ පලමු හෘද බද්ධ කිරීම සිදු කලහ.

ප්‍රශ්නය ආවේ ඉන් පසුවය. මේ කාළකණ්නි දූපතේ සියල්ලෝම හෘද ශල්‍ය වෛද්‍යවරුන් බව ඒ වෛද්‍යවරයා නොදැන සිටින්නට ඇත.
දෙවන සැත්කම වන විට රෝගියාගේ නිර්වින්දන යෝග්‍යතාව නිර්ණය කලේ මාධ්‍ය මගින් උසිගන්වනු ලැබූ ආවේගශීලී මෝඩයෙක් වන (හැඟුම්බර වීම මෝඩයෙක් ලෙස එක එකාගේ පදයට නැටීමට සාධාරණ හේතුවක් ලෙස මා දකින්නේ නැත) රෝගියාගේ පියා සහ මිනිසකුගේ ජීවිතය බිල්ලට දී දේශපාලන ලකුණු දමා ගැනීම අරමුණු කරගත් පරිගණක විද්‍යාව පිලිබඳ මහාචාර්යවරයෙකි.
දූපත් වාසීන්ගේ මානසික ඇරියස් හොඳින්ම දත් දූපතේ මාධ්‍යවේදීන් කලේ මොවුන් පුම්බමින් අර වෛද්‍යවරුන් යක්ශයන් ලෙස හංවඩු ගැසීමය.
ඉන්පසු භූමිකාවට අවතීර්ණ වන මේ අරුම පුදුම දූපතේ සෞඛ්‍ය ඇමතිවරයාගේ බලපෑම් මත කෙසේ හෝ දෙවන සැත්කමත් සිදුවේ. කෙසේ නමුත් පලමු රෝගියාට වඩා ගැටලු රැසකින් පීඩා විඳි දෙවන අසරණ රෝගියා ඉතා ඉහල මරණ අනුපාතයක් සහිත හෘද බද්ධ කිරීමේ ශල්‍යකර්මයෙන් සුවය නොලබාම මිය යයි.
මේ දූපත පෝලන්තයක් නොවන බව පසක් කරමින් සෞඛ්‍ය ඇමතිවරයා සැත්කම කල වෛද්‍යවරුන්ට දඬුවම් දෙන බවට මාද්‍ය වලට වහසි බස් දොඩයි. මාද්‍යකරුවන් ශෝකයෙන් කම්පිත රෝගියාගේ පියා උසිගන්වා වෛද්‍යවරුන් රෝගියා මැරූ ආකාරයට ප්‍රකාශ ගෙන ප්‍රධාන පුවත් විකාශයන් වල තලුමරමින් පලකරති.
මේ වන විට දූපත පුරා සිටි හෘද ශල්‍යවෛද්‍යවරුන් වඳවී ගොසිනි. වෛද්‍යවරුන්ට බලපෑම් කර සෞඛ්‍ය ඇමතිවරයාටද දැන් ඒවා මතක නැත.

අවසන දූපත්වාසීන් ලංකාවේ මුල්ම හෘද බද්ධ කිරීම කල වෛද්‍යවරුන්ට දඬුවම් කිරීමට පිලිවෙතින් පෙලගැසී සිටිති.

ඔවු, මේ වෛද්‍යවරුන් වැරැද්දක් කලහ.
ඒ මේ දූපත පෝලන්තය යැයි සිතීමය.
මේ ඡායාරූපයට ලෝකයෙන් ලැබුනු ආචාරය ඔවුන්ටද මේ දූපතේදී ලැබේ යැයි සිතීමය.

ඒ වරදට ඔවුන් වන්දි ගෙවනු ඇත.

මේ දූපතේ නැවතත් හෘද බද්ධ කිරීම් වේ යැයි මට සිතෙන්නේ නැත.

මේ පෝලන්තය නොවේ....

Copied from Naveen Udawella

15/08/2017
21/02/2017
16/02/2017

Essensial information about human anatomy.
Number of bones - 206
Number of muscles - 639
Number of kidneys - 2
Number of milk teeth - 20
Number of ribs - 24 (12 pairs)
Number of chambers in the heart - 4
Largest artery - Aorta
Normal Blood pressure - 120 - 80
Ph of blood - 7.4
Number of vertebrae in the spine - 33
Number of vertebrae in the Neck - 7
No of bones in middle Ear - 6
Number of bones in Face - 14
Number of bones in Skull - 22
Number of bones in Chest - 25
Number of bones in Arms - 6
Number of bones in each human ear - 3
Number of muscles in the human arm - 72
Number of pumps in heart - 2
Largest organ - Skin
Largest gland - Liver
Smallest cell - Blood cell
Biggest cell - Egg cell (o**m)
Smallest bone - Stapes
First transplanted organ - Heart
Average length of small intestine - 7 m
Average length of large intestine - 1.5 m
Average weight of new born baby - 2.6 kg.
Pulse rate in one minute - 72 times
Body Temperature - 36.9o C (98.4o F)
Average blood volume - 4 - 5 liters
Average life of RBC - 120 days
Pregnancy period - 280 days
Number of bones in human foot - 33
Number of bones in each wrist - 8
Number of bones in hand - 27
Largest endocrine gland - Thyroid
Largest lymphatic organ - Spleen
Largest cell - Nerve cell
Largest part of brain - Cerebrum
Largest & strongest bone - Femur
Smallest muscle - Stapedius (Middle ear )
Number of chromosomes in human cell - 46 (23
pairs)
Number of bones in New born body - 300
Largest muscle - Buttock (Gluteus Maximus)

02/12/2016

Address

138 A Chilaw Road, Kattuwa
Negombo
,

Alerts

Be the first to know and let us send you an email when Negombo Health Care Private Hospital posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Negombo Health Care Private Hospital:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category