HelpHeal Nursing Care

HelpHeal Nursing Care Our services are
- Wound management
- Feeding assistance
- IV/IM/Dressing
- Catheter/NG/Colostomy

🫵 ඔබත් ඇඟපත වේදනාව,අධික තෙහෙට්ටුව, සන්ධි වේදනා, හිරිවැටීම් වලින් වසර ගණනාවක් තිස්සේ වේදනා විඳිනවාද ??✋❗ ඖෂධ ලබා ගත්තද නි...
05/02/2026

🫵 ඔබත් ඇඟපත වේදනාව,අධික තෙහෙට්ටුව, සන්ධි වේදනා, හිරිවැටීම් වලින් වසර ගණනාවක් තිස්සේ වේදනා විඳිනවාද ??

✋❗ ඖෂධ ලබා ගත්තද නිසියාකාර සුවයක් තවමත් ලැබුණේ නැද්ද ??

ඒ විටමින් D ඌණතාවයේ රෝග ලක්ෂණ විය හැකිය... 🚫🚫🚫

*ඔබත් කියවන්න...*

විටමින් D ඌනතාවය යනු පුද්ගලයෙකුගේ අස්ථි හා මාංශ පේශි, ස්නායු ඇතුළු ශරීර පටක රාශියකට ගැටලු ඇති කරන, අද වන විට සමාජයේ බහුලව දක්නට ලැබෙන විටමින් ඌණතාවයකි.

මේ සඳහා බලපාන ප්‍රධාන හේතු සාධක දෙකකි. එනම්,
1️⃣ දිනපතා ලබා ගන්නා ආහාර වේලෙහි සහ හිරු එළිය හරහා ප්‍රමාණවත් වූ විටමින් D ප්‍රමාණයක් නොලැබීම.
2️⃣ ශරීරය විටමින් D නිසි ලෙස අවශෝෂණය නොකිරීම.

මීට අමතරව මේ සඳහා විවිධ වෛද්‍ය සහ ජීවවිද්‍යාත්මක තත්ත්වයන්ද බලපානු ලබයි.

🔸 වයස් තත්ත්ව
🔸 ඇතැම් ඖෂධ වර්ග
🔸 සමේ ඇති මෙලනීන් වර්ණක ප්‍රමාණය

📌 විටමින් D ඌණතාවයේ රෝග ලක්ෂණ මොනවාද ??

🔸 ළමුන් තුළ විටමින් D හී දැඩි ඌනතාවය රිකට්සියාව සඳහා හේතු විය හැකිය. එහි ඇති රෝග ලක්ෂණ,

• නැමුණු අස්ථි හේතුවෙන් වැරදි වර්ධන රටාවන්
• මාංශ පේශී දුර්වලතාවය
• අස්ථි වේදනාව
• සන්ධිවල සිදුවන විකෘතිතා

🔸 විටමින් D ඌණතාවයෙහි වැඩිහිටියන් තුළ දක්නට ලැබෙන රෝග ලක්ෂණ,

• අධික තෙහෙට්ටුව
• අස්ථි වේදනාව
• කොන්දේ වේදනාව
• මාංශ පේශී දුර්වලතාවය
• මානසික අවපීඩනය
• අත්පා හිරි වැටීම
• ප්‍රතිශක්තිය අඩුවීම
• නිතර නිතර විවිධ ආසාදනයන්ට ලක්වීම…

*🛑🛑බිය විය යුතු නැත……*
නිසි ප්‍රතිකාරවලට එළඹීම මගින් සහ විටමින් D වලින් ස්වයංපෝෂිත වූ ආහාර ලබා ගැනීම මගින් මෙම තත්ත්වය පහසුවෙන්ම සමනය කරගත හැකිය.

📌 *ස්වභාවිකවම විටමින් ඩී අඩංගු ආහාර*

🐟 සැමන්, ටූනා, මැකරල් සහ සාඩින් වැනි මේද මාළු
🥩 ගව මස් අක්මාව
🍄 හතු
🍳 බිත්තර කහ මදය

පෝෂ්‍ය පදාර්ථ වලින් ස්වයංපෝෂිත වූ ආහාර ලබා ගනිමු. සෞඛ්‍යවත්, ප්‍රබෝධමත් ජීවිතයක් ගත කරමු. 🩵🩵

නිදහස ලබා අදට වසර 78 ක් ❤️පෘතුගීසින්, ලන්දේසින් සහ ඉංග්‍රීසින්ගේ නොමිනිස් වධහිංසන මැද සියවස් දෙකකට ආසන්නව ගෙන ගිය යටත් ව...
04/02/2026

නිදහස ලබා අදට වසර 78 ක් ❤️

පෘතුගීසින්, ලන්දේසින් සහ ඉංග්‍රීසින්ගේ නොමිනිස් වධහිංසන මැද සියවස් දෙකකට ආසන්නව ගෙන ගිය යටත් විජිත පාලනයෙන් මිදී නිදහස ලැබූයේ වර්ෂ 1948 පෙබරවාරි මස 04 වන දිනයි.

ජීවිත සියදහස් ගණනක රුහිරෙන් පොළෝ තලයම කම්පා කල කාලයක් නිමා විය. අවසානයේ සුදු ජාතිකයන්ගේ පාලනය බිඳ හෙළා ජාති ආගම් භේද නොමැතිව සිංහල, දෙමළ හා මුස්ලිම් ජාතීන් සියලු දෙනාගේ එකමුතුකමෙන් වසර ගණනාවක පීඩිත පාලනය නිමා කොට ලක් මෑණිගේ නිදහස ලබා ගන්නා ලදී. එදා මේ මවිබිමේ නිදහස වෙනුවෙන් දිවිපිදූ සියලු විරුවන්ට අපගේ උත්තමාචාරය ❤️🫡

HELPHEAL HEALTH CARE (PVT) LTD

03/02/2026

ඔබේ රුධිර නාල පිරිසිදු කරලා, හදවත නීරෝගීව තියාගන්න උදව් කරන මේ පුංචි යාළුවෝ ටික ගැන දන්නවාද? ඇවකාඩෝ, ඕට්ස්, සුදුලූනු වගේ ආහාර ඔබේ සිරුරේ කොලෙස්ටරෝල් පාලනය කරන්නේ මෙහෙමයි! 🥑🥣🧄

26/01/2026

💊 ඔබේ ගෙදර නිතරම තියෙන මේ බෙහෙත් ගැන ඔබ දැනුවත්ද?

_________________________________________

​අසනීපයක් වුණාම අපි ගොඩක් වෙලාවට මුලින්ම කරන්නේ ගෙදර තියෙන සාමාන්‍ය බෙහෙතක් පාවිච්චි කරන එකයි. හැබැයි මේ පොදු ඖෂධ වුණත් නිවැරදි මාත්‍රාවෙන් සහ නිවැරදි විදිහට පාවිච්චි නොකළොත් ඉන් අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්.

​අද අපි බලමු නිතරම භාවිත වන ඖෂධ කිහිපයක් ගැන වැදගත් කරුණු කිහිපයක්:

_________________________________________

​1. පැරසිටමෝල් (Paracetamol)

​උණ සහ වේදනාව සඳහා අපි බහුලවම ගන්නා බෙහෙත තමයි මේ.

⭐ සාමාන්‍ය වැඩිහිටියෙක් එකවරකට මිලිග්‍රෑම් 500 පෙති 2කට වඩා නොගත යුතුයි. එසේම දිනකට ගත හැකි උපරිම පෙති ගණන 8 කි.
(ග්‍රෑම් 4).

🚫 වැදගත්: දිනකට ගත හැකි උපරිම මාත්‍රාව ඉක්මවා ගැනීමෙන් අක්මාවට (Liver) හානි වෙන්න පුළුවන්.

_________________________________________

​2. පිරිටන් (Chlorpheniramine)
​සෙම්ප්‍රතිශ්‍යාව හෝ කැසීම වැනි අසාත්මිකතා (Allergies) සඳහා භාවිතා කරයි.

🚫 අවධානයට: මේ බෙහෙත ගත්තාම නිදිමත ගතියක් ඇති වෙනවා. ඒ නිසා මේවා පාවිච්චි කරලා වාහන පැදවීම හෝ යන්ත්‍ර සූත්‍ර ක්‍රියාකරවීම අනතුරුදායකයි.

_________________________________________

​3. ගැස්ට්‍රයිටිස් සඳහා ගන්නා ඖෂධ (Antacids)

​බඩ දැවිල්ලට ගන්නා 'මිල්ක් ඔෆ් මැග්නීසියා' හෝ 'ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ්' වැනි ඖෂධ.

⭐ මේවා නිතරම ගැනීමෙන් ශරීරයට වෙනත් පෝෂ්‍ය පදාර්ථ උරාගැනීම බාධා වෙන්න පුළුවන්. දිගින් දිගටම බඩ දැවිල්ල තියෙනවා නම් වෛද්‍ය උපදෙස් ලබාගැනීම අනිවාර්යයි.

_________________________________________

​4. වේදනා නාශක (NSAIDs - Ibuprofen, Diclofenac)

⭐ ඇඟපත වේදනාවට ගන්නා මේවා හිස්බඩ ගැනීමෙන් වළකින්න. මේවා නිසා ආමාශයේ තුවාල (Ulcers) ඇති වෙන්න පුළුවන්.
_________________________________________

​⚠️ විශේෂයෙන් මතක තබා ගන්න:

🚫ප්‍රතිජීවක ඖෂධ (Antibiotics): වෛද්‍යවරයෙක් නියම කරන්නේ නැතිව කිසිම විටක ෆාමසියෙන් ඉල්ලාගෙන ඇන්ටිබයොටික් (ඇමොක්සිසිලින් , ක්ලොක්සසිලින් වැනි) බොන්න එපා. එය ශරීරයේ ප්‍රතිශක්තිකරණයට අහිතකර ලෙස බලපාන්න පුළුවන්.

_________________________________________

​ඔබේ සෞඛ්‍යය රඳා පවතින්නේ ඔබේ අතේ බව මතක තබා ගන්න!

ඕනෑම බෙහෙතක් දීර්ඝකාලීනව ගැනීමට පෙර සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබාගන්න. 🩺✨

22/01/2026

🫵🫵 ඔබටත්,

පයින් යන විට, පඩිපෙළක් නගින විට, වේගයෙන් යන විට, පපුවේ කැක්කුමක්, දැවිල්ලක්, හති ගතියක් හෝ ක්ලාන්ත ගතියක් දැනෙනවාද ??

පළමුව ලබාගත් ECG පටිය නෝමල්ද ....

එහෙත් තවමත් දැනෙන
අපහසුතාවය එලෙසම පවතිනවා නේද...!!

*⚠️⚠️මෙය දරුණු හෘදයාබාධයක පෙරනිමිති විය හැකිය....*
________________________________

හෘදයාබාධයක් ඇතිවන්නේ හදවතට රුධිරය සහ ඔක්සිජන් සපයන රුධිර නාල අවහිර වූ විටයි.

දරුණු හෘදයාබාධයක් ඇතිවීමට පෙර එහි රෝග ලක්ෂණ සමහර විට දින සති මාස හෝ වසර කිහිපයක් වුවද පැවතිය හැකිය.

*📍 හෘදයාබාධයක රෝග ලක්ෂණ*

🔸 පපුවේ අපහසුතාවයක් හෝ වේදනාවක් දැනීම.

මෙම අපහසුතාවය හෝ වේදනාව විනාඩි කිහිපයකට වඩා පවතින තද කැකුමක්, පීඩනයක් හෝ දැවිල්ලක් ලෙස දැනිය හැකිය. අවස්ථාවේදී දහඩිය දැමීම, ක්ලාන්ත ගතියක් දැනීම වැනි සංවේදනයන් ඇති වේ. වේදනාව පසුව පපුවෙන් ඔබ්බට ගොස් උරහිස්, අත්, බෙල්ල, දත් හෝ හකු දක්වා ද පැතිරී යා හැකිය.

🔸 හුස්ම ගැනීමට අපහසුතාවයක් දැනීම හෝ ගැඹුරු හුස්මක් ගැනීමට අවශ්‍යතාවයක් ඇතිවීම.

🔸 හදිසියේ සීතල, කැටි ගැසුණු සමත් සමඟ දහඩිය දැමීම සහ ශරීරයට අප්‍රාණික ස්වභාවයක් දැනීම.

🔸 ඔක්කාරය සහ වමනය

⚠️⚠️ සැළකිය යුතුයි..

දියවැඩියා රෝගීන් සඳහා පපුවේ වේදනාවක් නොදැනෙන නමුත් ඔවුන්ට ඉහත දැක්වූ රෝග ලක්ෂණයන්ගෙන් කුමන හෝ ලක්ෂණයක් ඇතිවීමේ සම්භාවිතාවයක් ඇත.

*📌 ඔබට හෘදයාබාධයක් ඇති බව දැනුණු විගස කුමක් කළ යුතුද..❔*

1. පළමුව කලබල නොවන්න හැකි තරම් සන්සුන් වීමට වග බලා ගන්න.

2. පහසු ඉරියව්වකට පැමිණෙන්න.

3. ඔබ තනිව සිටින්නේ නම් හැකි ඉක්මනින් ළඟම සිටින අයෙකුට පැමිණෙන ලෙස දැනුම් දෙන්න.

4. පපුව තද කිරීමෙන් වළකින්න.

4. දිව යට තබන පෙති හෝ ස්ප්‍රේ පවතී නම් එය ලබාගන්න නැතිනම් ඇස්ප්‍රීන් තිබේනම් එයින් 300mg පමණ ප්‍රමාණයක් හපලා කන්න.

5. ළඟම ඇති රෝහලකට හැකි ඉක්මනින් පැමිණෙන්න.

🩺❗ඔබ තවමත් ඉහත රෝග ලක්ෂණ තිබියදීත් ඔබේ පළමු ECG පටිය නෝමල් නිසා හෘදයාබාධයක් නොමැති බව සිතමින් සිටීද...

පළමු ECG පරීක්ෂණය ගැටලු රහිත වුවද පසුව ලබා ගන්නා ECG වෙනස් විය හැකිය. එබැවින් පළමු ECG පරීක්ෂණයෙහි ගැටළුවක් නොමැති වුවද හෘදයාබාධයක් ඇතිවීමේ අවදානමක් පවතී.

*🚫🚫 හෘදයාබාධයක් ඇතිවීම පාලනය කිරීම සඳහා ගත හැකි පියවර...*

🔸 දුම්වැටි, මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකී සිටීම.

🔸 සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා ගැනීම.

🔸 චිත්තවේග ආතතිය කළමනාකරණය කිරීම.

🔸 ව්‍යායාම සහ යෝග වැනි ක්‍රියාකාරකම්වල නිරත වීම.

*📢 ඉතා වැදගත්...,*

ඔබේ පවුල් ඉතිහාසයෙහි හෘදයාබාධයක් ඇති වූ පුද්ගලයෙක් සිටීනම් ඉතාමත් සැලකිලිමත් වන්න. මන්ද, ඔබටත් හෘදයාබාධයක් ඇතිවීමට වැඩි සම්භාවිතාවයක් පවතී.

එබැවින් හෘදයාබාධයක රෝග ලක්ෂණ ඇති වූ වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්න. නිසි ප්‍රතිකාර සඳහා යොමු වන්න...

*💬🩵 දැනුවත් වෙමු... නීරෝගී සුවබර ජීවිතයක් ගත කරමු...

🤔 මොකක්ද මේ PCOS කියන්නේ ?PCOS කියන්නේ අද කාලයේ තරුණ යුවතියන් සහ කාන්තාවන් අතර ඉතාම බහුල තත්ත්වයක්. මෙය රෝගයකට වඩා හෝමෝන...
20/01/2026

🤔 මොකක්ද මේ PCOS කියන්නේ ?

PCOS කියන්නේ අද කාලයේ තරුණ යුවතියන් සහ කාන්තාවන් අතර ඉතාම බහුල තත්ත්වයක්. මෙය රෝගයකට වඩා හෝමෝන අසමතුලිතතාවයක් ලෙස හැඳින්වීම වඩාත් නිවැරදියි.

​සාමාන්‍යයෙන් කාන්තාවකගේ සිරුරේ ප්‍රධාන වශයෙන් ස්ත්‍රී හෝමෝන ක්‍රියාත්මක වුණත්, PCOS ඇති විට පිරිමි හෝමෝන (Androgens) මට්ටම මදක් ඉහළ යනවා. මේ නිසා ඩිම්බ කෝෂ වල ක්‍රියාකාරිත්වය වෙනස් වී එහි කුඩා දිය බුබුළු වැනි කෝෂ්ඨ ඇති වෙන්න පුළුවන්. මෙන්න මේක තමයි PCOS කියන්නෙ.

_________________________________________

​🔍 ප්‍රධාන රෝග ලක්ෂණ ?

​ඔබේ සිරුරෙන් ලැබෙන මේ ඉඟි ගැන අවධානය යොමු කරන්න:

🩸 අක්‍රමවත් ඔසප් වීම: නියමිත දිනට ඔසප් නොවී ප්‍රමාද වීම හෝ මාස කිහිපයක් සිදු නොවීම.

🧔 අනවශ්‍ය රෝම: මුහුණේ, නිකටේ හෝ සිරුරේ රෝම වැඩිපුර වැවීම.

💇‍♀️ හිසකෙස් තුනී වීම: ඔළුවේ හිසකෙස් ගැලවී යාම හෝ සිහින් වීම.

🌚 සමේ වෙනස්කම්: බෙල්ල පිටුපස හෝ කිහිලි කළු වීම සහ අධික ලෙස කුරුලෑ (Acne) ඇති වීම.

⚖️ බර වැඩිවීම: ආහාර පාලනය කළත් බර අඩු කර ගැනීමට අපහසු වීම.

_________________________________________

​🧬 මේ තත්ත්වය ඇතිවීමට හේතු
​මෙයට ප්‍රධාන වශයෙන් කරුණු කිහිපයක් බලපාන්න පුළුවන්:

• ​සිරුරේ සීනි පාලනය කරන ඉන්සියුලින් හෝමෝනය නිසි ලෙස ක්‍රියා නොකිරීම.

• ​ජානමය බලපෑම: පවුලේ අම්මාට හෝ සහෝදරියකට මෙවැනි තත්ත්වයක් තිබීම.

• ​ජීවන රටාව: ව්‍යායාම මදිකම සහ ක්ෂණික ආහාර භාවිතය.

_________________________________________

​⚠️ අවධානය යොමු නොකළොත් මොකද වෙන්නේ?

​PCOS නිසි ලෙස පාලනය නොකළොත් පසුකාලීනව මෙවැනි ගැටලු ඇතිවීමේ අවදානමක් පවතිනවා:

• ​දියවැඩියාව 🍭
• ​අධික රුධිර පීඩනය 🩸
• ​දරුඵල ප්‍රමාද වීම 👶
• ​මානසික ආතතිය සහ විශාදය 😔

_________________________________________

​✅ PCOS පාලනය කරගන්නේ කොහොමද?

​PCOS සම්පූර්ණයෙන්ම සුව කිරීමට නිශ්චිත ඖෂධයක් නොමැති වුවත්, ඔබේ ජීවන රටාව වෙනස් කිරීමෙන් මෙය ඉතා හොඳින් පාලනය කළ හැකියි.

🟡 ​සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ➡️
සීනි සහ පිටි සහිත ආහාර අවම කර, එළවළු, පලතුරු සහ ප්‍රෝටීන් බහුල ආහාර එකතු කරගන්න.

🟡 ​නිතිපතා ව්‍යායාම ➡️ දිනකට අවම වශයෙන් විනාඩි 30ක් වත් ක්‍රියාශීලී වන්න. සිරුරේ බර 5%කින් අඩු කර ගැනීම පවා හෝමෝන සමතුලිතතාවයට විශාල රුකුලක් වේ.

🟡 ​ප්‍රමාණවත් නින්ද ➡️ රාත්‍රියට පැය 7-8ක සුවබර නින්දක් ලබාගැනීම හෝමෝන ක්‍රියාකාරිත්වය විධිමත් කරයි.

🔴 ​වෛද්‍ය උපදෙස්: රෝග ලක්ෂණ තදින් පවතී නම්, සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමුවී අවශ්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර ලබාගැනීමට පසුබට නොවන්න.🩺

________________________________________

​මතක තබා ගන්න:

PCOS කියන්නේ ඔබට පාලනය කළ හැකි තත්ත්වයක්. නිවැරදි දැනුවත්භාවය සහ කැපවීම තුළින් නිරෝගී ජීවිතයක් ගත කිරීමට ඔබට අනිවාර්යයෙන්ම පුළුවන්!

ශක්තිමත් වෙන්න, ඔබේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වෙන්න. 💪🌸​🩺

HELPHEAL HEALTH TIPS

18/01/2026

ස්ථූලතාවය ගැන ඔබ දැනුවත්ද ? 🫵🏻

" ස්ථුලතාවය යනු ශරීරයේ මේද ප්‍රතිශතය අවශ්‍ය ප්‍රමාණයට වඩා ඉහළ යාමෙන් ඇති වන තත්ත්වයකි. "

⭕ ශරීර ස්කන්ධ දර්ශකය (BMI) 30 හෝ ඊට ඉහළ අගයක් ගන්නා විට එය ස්ථූලතාවය ලෙස සැලකේ.

⭕ මෙය ඔබගේ ශරීරයට ඉතාම අහිතකර තත්වයක් මෙන්ම බොහෝ රෝගාබාධ වැළඳීමට හේතුවක් ද වියහැක. හෘදයාබාධ , දියවැඩියාව, කොලොස්ට්‍රෝල් , පිළිකා තත්ත්වයන් වැනි දරුණු රෝගාබාධ ඉන් කිහිපයක්.

ස්ථූලතාවයට ප්‍රධාන හේතු මොනවාද ? 🫵🏻

1. අධික කැලරි සහිත ආහාර (සීනි සහ මේදය බහුල ආහාර) වැඩිපුර ලබාගැනීම.
2. ශාරීරික ක්‍රියාකාරකම් මදිකම හෝ අලස බව.
3. ජානමය බලපෑම්.
4. සමහර හෝමෝන අසමතුලිතතා.

ඇතිවිය හැකි සෞඛ්‍ය අවදානම් මොනවාද ? 🫵🏻

1. හෘද රෝග
2. දෙවන වර්ගයේ දියවැඩියාව
3. අධික රුධිර පීඩනය
4. සමහර පිළිකා වර්ග වැළඳීම

ඔබ දැනටමත් ස්ථුලතාවයෙන් පෙළෙන්නේ නම් පහත දෑ අනුගමනය කරන්න....🫵🏻

1. සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් අනුගමනය කිරීම.

🌼 සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීමට ඔබේ දෛනික ආහාර වේලට කළ හැකි සරල වෙනස්කම් කිහිපයක් මෙන්න.

• සෑම දිනකම පලතුරු සහ එළවළු වර්ග අවම වශයෙන් පහක් ආහාරයට ගන්න. පලතුරු සහ එළවළු අඩු කැලරි සහිත ආහාර බැවින් ආහාරයට ගැනීමෙන් ස්ථූලතාවයට පත්වීමේ අවදානම අඩු වේ. අඩු කැලරි ප්‍රමාණයක් අහාරයට ගැනීමෙන් ඔබේ බඩට පිරුණු බවක් දැනීමට උපකාරී වන අතර එය බර වැඩිවීම වැළැක්වීමට උපකාරී වේ.

• සැකසූ ආහාරවලින් වළකින්න
සුදු පාන් සහ පිටි සහිත ක්ෂණික ආහාර , ස්නැක් වර්ග අහාරයට ගැනීමෙන් වළකින්න. ඒවායේ තිබෙන්නේ හිස් කැලරි වන අතර ඒවා ඔබේ ශරීරය තරබාරු කරයි.

• සීනි පරිභෝජනය අඩු කරන්න
එකතු කළ සීනි අඩුවෙන් ලබා ගැනීම ස්ථූලතාවයෙන් වැළකීම සඳහා ඉතා වැදගත් වේ. කුකීස් සහ කේක් වැනි අතුරුපස , පළතුරු බීම (100% පළතුරු යුෂ නොවන ඒවා) සහ අයිස්ක්‍රීම් වැනි අතුරුපස ආහාරයට ගැනීම සීමා කරන්න.

• වැඩිපුර ජලය පානය කරන්න. ඔබේ ආහාර වේලෙන් සියලුම සීනි සහිත බීම ඉවත් කරන්න. කෘත්‍රිම සීනි නොදැමූ තේ සහ කෝපි පානය කරන්න. අධික සීනි ප්‍රමාණයක් අඩංගු ශක්තිජනක බීමවලින් වළකින්න.

• කෘත්‍රිම රසකාරක සීමා කරන්න
කෘත්‍රිම රසකාරක තරබාරුකමට සහ දියවැඩියාවට සෘජුව සම්බන්ධ ය. රසකාරකයක් භාවිතා කළ යුතු යැයි ඔබට හැඟේ නම්, ස්වභාවික විකල්පයක් වන මී පැණි කුඩා ප්‍රමාණයක් තෝරා ගන්න.

• ඔබේ ආහාරය නිවසේම පිසගන්න

2. දෛනිකව සුදුසු ව්‍යායාම් මාලාවක් සිදු කිරීම.

🌼 බොහෝ ජාත්‍යන්තර මාර්ගෝපදේශ නිර්දේශ කරන්නේ සාමාන්‍ය වැඩිහිටියෙකු සතියකට අවම වශයෙන් මිනිත්තු 150ක් මධ්‍යස්ථ තීව්‍රතාවයකින් යුත් ශාරීරික ක්‍රියාකාරකම් ලබා ගත යුතු බවයි. එනම් අවම වශයෙන් දිනකට විනාඩි 30ක් සහ සතියකට දින පහක් වශයෙනුයි.

🌼 එමෙන්ම මධ්‍යස්ථ වේගයකින් ඇවිදීම ශරීරයේ බර අඩුකරන ඉතා ම ප්‍රථිපලදායි ව්‍යායාමයක් බව විශේෂඥයින් පවසයි. දවසකට සුලු වේලාවක් ව්‍යායාම කිරීම මගින් හා දවස ක්‍රියාශීලිව ගත කිරීම මගින් ස්ථූලතාවයෙන් වැළකීමට හැකි බව ඔවුන්ගෙ මතයයි.

3. මානසික සුවතාවයෙන් යුතු ජීවිතයක් ගත කිරීම.

🌼 ආතතිය ඇති කරන හෝමෝන වන කෝටිසෝල් මට්ටම ඉහළ නංවන අතර එය ශරීරයේ බර වැඩිවීමට හේතු වේ. දිනපතා ඇවිදීමට යාම, යෝගා කිරීම, භාවනා කිරීම, ඔබ කැමැත්තෙන් සිටින සංගීතයකට සවන් දීම, මිතුරන් සමඟ සතුටු සාමීචියේ යෙදීම, නැතහො වැනි දෙයක් කිරීම මගින් ඔබට ආතතියෙන් ගැලවීමට හැකිය.

4. සුවදායි නින්දක් ලබා ගැනීම.

🌼 පුද්ගලයෙකු ගේ සමස්ත යහපැවැත්ම සඳහා නින්දේ කාර්යභාරය අවතක්සේරු කළ නොහැක. මෙය තරබාරුකම වැළැක්වීම සඳහා ද බලපායි. වයස අවුරුදු 18 සහ ඊට වැඩි වැඩිහිටියන් සඳහා පැය හයක් හෝ ඊට වැඩි කාලයක නින්දක් සහ තරුණ අය සඳහා ඊටත් වඩා වැඩි නින්දක් රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථාන නිර්දේශ කරයි. අධ්‍යයනවලින් සොයාගෙන තිබෙන්නේ පුද්ගලයන් නිදාගන්නා කාලය අඩුවීම ඔවුන්ගේ ශරීර බර වැඩිවීම සම්බන්ධයෙන් කාලයත් සමඟ බලපානා බවයි .

HELPHEAL HEALTH TIPS

තෛපොංගල්  උත්සවය නොහොත් අස්වනු නෙළීමේ උත්සවය යනු ලොවපුරා දමිළ ජාතිකයින් විසින් අතිඋත්කර්ශවත් අයුරින් සමරනු ලබන උත්සවයකි....
15/01/2026

තෛපොංගල් උත්සවය නොහොත් අස්වනු නෙළීමේ උත්සවය යනු ලොවපුරා දමිළ ජාතිකයින් විසින් අතිඋත්කර්ශවත් අයුරින් සමරනු ලබන උත්සවයකි. මෙහිදී ගොවියන් විසින් තම ගොවිතැන නිසියාකාරව සිදුකර ගැනීමට සහය වූ ස්වභාවධර්මායට, ගව මහේෂාධීන්ට සහ සූර්ය දෙවියන්ට තම කෘතඥතාවය පළකිරීමක් සිදුකරනු ලබයි.

ඔබ සැමට සෞභාග්‍ය, සාර්ථකත්වය, සතුට, ප්‍රබෝධය රැගෙන එන ප්‍රීතිය පිරුණු සුභ තෛපොංගල් දිනයක් වේවා...!

தைப்பொங்கல் அல்லது அறுவடைத் திருநாள் என்பது உலகம் முழுவதும் வாழும் தமிழ் மக்களால் மிகுந்த உற்சாகத்துடன் கொண்டாடப்படும் ஒரு பண்டிகையாகும். இந்நாளில் விவசாயிகள் தங்கள் விவசாயப் பணிகள் சிறப்பாக நடைபெற உதவிய இயற்கைக்கும், மாடுகளுக்கும், சூரிய பகவானுக்கும் தங்களின் நன்றியையும் கௌரவத்தையும் வெளிப்படுத்துகின்றனர்.

உங்கள் அனைவருக்கும் செழிப்பு, வெற்றி, மகிழ்ச்சி, உற்சாகம் நிறைந்த இனிய தைப்பொங்கல் திருநாள் வாழ்த்துகள்…!

HELPHEAL HEALTH CARE (PVT) LTD

🛑 ඔබේ වකුගඩු අනතුරකද? 🚨​වකුගඩු රෝගය බොහෝ විට බොහෝ දෙනෙක් හඳුනාගනු ලබන්නේ රෝගය උත්සන්න වූ පසුවයි.එබැවින් ඊට පෙර ඔබේ ශරීරය...
08/01/2026

🛑 ඔබේ වකුගඩු අනතුරකද? 🚨

​වකුගඩු රෝගය බොහෝ විට බොහෝ දෙනෙක් හඳුනාගනු ලබන්නේ රෝගය උත්සන්න වූ පසුවයි.

එබැවින් ඊට පෙර ඔබේ ශරීරය ලබා දෙන මෙම මූලික සංඥා පිළිබඳව අවධානය යොමු කරන්න. 🩺💧

​වකුගඩු වල දුර්වලතාවයක් පවතී දැයි හඳුනාගත හැකි ප්‍රධාන ඉඟි 7 ක් මෙන්න: 👇👇👇👇

​1. මුත්‍රා පිටකිරීමේ වෙනස්කම් 🚽💦

රාත්‍රී කාලයේ නිතර නිතර මුත්‍රා කිරීමට සිදු වීම, මුත්‍රා පිටවීමේ ප්‍රමාණය අඩුවීම හෝ මුත්‍රා සමඟ රුධිරය පිටවීම කෙරෙහි අවධානය යොමු කරන්න.

​2. මුත්‍රා වල පෙන ස්වභාවය 🫧

මුත්‍රා කිරීමේදී අසාමාන්‍ය ලෙස පෙන දමන්නේ නම්, එයින් අදහස් වන්නේ මුත්‍රා සමඟ ප්‍රෝටීන් (ඇල්බියුමින්) පිටවන බවයි. මෙය වකුගඩු දුර්වල වීමේ ප්‍රධාන ලක්ෂණයකි.

​3. කකුල් සහ මුහුණ ඉදිමීම 🦶🦵

වකුගඩු මගින් ශරීරයේ අතිරික්ත ජලය සහ ලුණු ඉවත් නොකරන විට, වළලුකර, පාද සහ මුහුණ (විශේෂයෙන් ඇස් වටා) ඉදිමීමට පටන් ගනී.

​4. අධික තෙහෙට්ටුව සහ විඩාව 😴📉

වකුගඩු දුර්වල වූ විට රුධිරය පිරිසිදු නොවන නිසා ශරීරයේ විෂ වර්ග එකතු වේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස නිතර නිදිමත ගතිය සහ අධික තෙහෙට්ටුව ඇති වේ.

​5. කෑම අරුචිය සහ වමනය 🤢🥘

ආහාර ගැනීමට අප්‍රිය බවක් දැනීම, උදෑසන කාලයේදී ඔක්කාරය හෝ වමනය ඇති වීම වකුගඩු රෝගයේ මූලික ලක්ෂණයක් විය හැකිය.

​6. සමේ කැසීම සහ වියළි බව 🔍🩹

ශරීරයේ ඛනිජ ලවණ සමතුලිතතාවය බිඳ වැටීම නිසා සම වියළී යාම සහ දරුණු ලෙස කැසීම ඇති විය හැකිය.

​7. රාත්‍රී කාලයේ පවතින මස්පිඬු පෙරළීම 🦵💥
ශරීරයේ කැල්සියම් සහ පොස්පරස් මට්ටම වෙනස් වීම නිසා නිතර මස්පිඬු පෙරළීම (Muscle Cramps) සිදු විය හැක.

____________________________________________

​⚠️ වැඩිපුරම අවදානමක් ඇත්තේ කාටද?

⭕ දියවැඩියාව (Diabetes) ඇති පුද්ගලයින්.

⭕ අධික රුධි පීඩනය (Hypertension) ඇති අය.

⭕ දිගු කාලයක් වේදනා නාශක භාවිතා කරන අය.

⭕ වකුගඩු රෝග ඉතිහාසයක් ඇති පවුල්වල අය.

⭕ වයස අවුරුදු 60 ඉක්මවූ පුද්ගලයින්

___________________________________________

​💡 ඔබ කළ යුතු දේ ?

මෙම ලක්ෂණ කිසිවක් පවතිනවා නම්,
👉 රුධිර පරීක්ෂණ (Serum Creatinine, Urea)
👉 මුත්‍රා පරීක්ෂණ (Urine Full Report, ACR)
මගින් වකුගඩු වල තත්ත්වය පරීක්ෂා කර ගැනීම අත්‍යවශ්‍ය වේ. 🏥
___________________________________________

​"කල් තියා හඳුනාගැනීම, වකුගඩු බද්ධ කිරීමක් හෝ ඩයලිසිස් (Dialysis) ප්‍රතිකාරයක් දක්වා රෝගය දරුණු වීම වළක්වයි."

HELPHEAL HEALTH TIPS

07/01/2026
🛑 ඔබේ වකුගඩු අනතුරකද? 🚨​වකුගඩු රෝගය බොහෝ විට බොහෝ දෙනෙක් හඳුනාගනු ලබන්නේ රෝගය උත්සන්න වූ පසුවයි.එබැවින් ඊට පෙර ඔබේ ශරීරය...
06/01/2026

🛑 ඔබේ වකුගඩු අනතුරකද? 🚨

​වකුගඩු රෝගය බොහෝ විට බොහෝ දෙනෙක් හඳුනාගනු ලබන්නේ රෝගය උත්සන්න වූ පසුවයි.

එබැවින් ඊට පෙර ඔබේ ශරීරය ලබා දෙන මෙම මූලික සංඥා පිළිබඳව අවධානය යොමු කරන්න. 🩺💧

​වකුගඩු වල දුර්වලතාවයක් පවතී දැයි හඳුනාගත හැකි ප්‍රධාන ඉඟි 7 ක් මෙන්න: 👇👇👇👇

​1. මුත්‍රා පිටකිරීමේ වෙනස්කම් 🚽💦

රාත්‍රී කාලයේ නිතර නිතර මුත්‍රා කිරීමට සිදු වීම, මුත්‍රා පිටවීමේ ප්‍රමාණය අඩුවීම හෝ මුත්‍රා සමඟ රුධිරය පිටවීම කෙරෙහි අවධානය යොමු කරන්න.

​2. මුත්‍රා වල පෙන ස්වභාවය 🫧

මුත්‍රා කිරීමේදී අසාමාන්‍ය ලෙස පෙන දමන්නේ නම්, එයින් අදහස් වන්නේ මුත්‍රා සමඟ ප්‍රෝටීන් (ඇල්බියුමින්) පිටවන බවයි. මෙය වකුගඩු දුර්වල වීමේ ප්‍රධාන ලක්ෂණයකි.

​3. කකුල් සහ මුහුණ ඉදිමීම 🦶🦵

වකුගඩු මගින් ශරීරයේ අතිරික්ත ජලය සහ ලුණු ඉවත් නොකරන විට, වළලුකර, පාද සහ මුහුණ (විශේෂයෙන් ඇස් වටා) ඉදිමීමට පටන් ගනී.

​4. අධික තෙහෙට්ටුව සහ විඩාව 😴📉

වකුගඩු දුර්වල වූ විට රුධිරය පිරිසිදු නොවන නිසා ශරීරයේ විෂ වර්ග එකතු වේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස නිතර නිදිමත ගතිය සහ අධික තෙහෙට්ටුව ඇති වේ.

​5. කෑම අරුචිය සහ වමනය 🤢🥘

ආහාර ගැනීමට අප්‍රිය බවක් දැනීම, උදෑසන කාලයේදී ඔක්කාරය හෝ වමනය ඇති වීම වකුගඩු රෝගයේ මූලික ලක්ෂණයක් විය හැකිය.

​6. සමේ කැසීම සහ වියළි බව 🔍🩹

ශරීරයේ ඛනිජ ලවණ සමතුලිතතාවය බිඳ වැටීම නිසා සම වියළී යාම සහ දරුණු ලෙස කැසීම ඇති විය හැකිය.

​7. රාත්‍රී කාලයේ පවතින මස්පිඬු පෙරළීම 🦵💥
ශරීරයේ කැල්සියම් සහ පොස්පරස් මට්ටම වෙනස් වීම නිසා නිතර මස්පිඬු පෙරළීම (Muscle Cramps) සිදු විය හැක.

____________________________________________

​⚠️ වැඩිපුරම අවදානමක් ඇත්තේ කාටද?

⭕ දියවැඩියාව (Diabetes) ඇති පුද්ගලයින්.

⭕ අධික රුධි පීඩනය (Hypertension) ඇති අය.

⭕ දිගු කාලයක් වේදනා නාශක භාවිතා කරන අය.

⭕ වකුගඩු රෝග ඉතිහාසයක් ඇති පවුල්වල අය.

⭕ වයස අවුරුදු 60 ඉක්මවූ පුද්ගලයින්

___________________________________________

​💡 ඔබ කළ යුතු දේ ?

මෙම ලක්ෂණ කිසිවක් පවතිනවා නම්,
👉 රුධිර පරීක්ෂණ (Serum Creatinine, Urea)
👉 මුත්‍රා පරීක්ෂණ (Urine Full Report, ACR)
මගින් වකුගඩු වල තත්ත්වය පරීක්ෂා කර ගැනීම අත්‍යවශ්‍ය වේ. 🏥
___________________________________________

​"කල් තියා හඳුනාගැනීම, වකුගඩු බද්ධ කිරීමක් හෝ ඩයලිසිස් (Dialysis) ප්‍රතිකාරයක් දක්වා රෝගය දරුණු වීම වළක්වයි."

HELPHEAL HEALTH TIPS

Address

160/11 A, Cemetery Road, Thalapathpitiya
Nugegoda
10100

Alerts

Be the first to know and let us send you an email when HelpHeal Nursing Care posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to HelpHeal Nursing Care:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram