23/02/2026
🔥උඹ "Introvert" වත් "Extrovert" වත් නෙවෙයිද? එහෙනම් උඹ "අමුතු" එකෙක් ද නැ උබ, "අනතුරුදායක" එකෙක්! 👽🦅
ලෝකේ කාලයක් තිස්සේ මිනිස්සුන්ව පෙට්ටි දෙකකට දැම්මා. එක්කෝ උඹ තනියම ඉන්න ඕනේ, නැත්නම් උඹ හැමෝම එක්ක නටන්න ඕනේ. හැබැයි මේ දෙකටම අයිති නැති, සෙනඟ අස්සේ හිටියත් තමන්ගේ "Inner World" එකේ ජීවත් වෙන පිරිසක් ඉන්නවා.
මේක Psychiatrists ලා අලුතෙන් හොයාගත්ත concept එකක්: The "Otrovert" (ඔට්‍රෝවර්ට්).
මේක අහපන්... මේ සමාජය හැදිලා තියෙන්නේ "පට්ට නිවට රැළේ මානසිකත්වයක්" (Hive Mind) උඩ. උඹව පොඩිකාලේ ඉඳන් හුරු කරන්නේ කොහේට හරි "අයිති වෙන්න" (Belonging). හැබැයි උඹ "Otrovert" කෙනෙක් නම්, උඹේ මොළය Wired වෙලා තියෙන්නේ රැළෙන් මිදිලා ඉන්නයි.
මේකේ ඇත්තම ප්‍රායෝගික ගේම මෙන්න: 👇
✅ 1. සෙනඟ මැද ඉන්නවා, හැබැයි සෙනඟට අයිති නැහැ (The Social Alien):
• උදාහරණයක්: උඹ Office Party එකක ඉන්නවා. හැමෝම එක්ක හිනාවෙලා කතා කරනවා, උඹ එතන Popular චරිතයක් වෙන්නත් පුළුවන්. හැබැයි උඹේ හිත ඇතුළෙන් උඹ දන්නවා උඹේ මේ ඉන්නේ උඹේ "මිනිස්සු" නෙවෙයි කියලා. උඹට දැනෙන්නේ වඳුරු රංචුවක් මැද ඉන්න සිංහයෙක් වගේ. උඹට උන් එක්ක One-on-One කතා කරන්න පුළුවන්, හැබැයි සෙනඟක් විදියට උන් කරන "ගොන් වැඩ" වලට උඹේ කිසිම Connection එකක් නැහැ.
✅ 2. උඹේ Empathy එක "Control" කරන්න පුළුවන් (Emotional Immunity):
• උදාහරණයක්: සමාජයේ මොකක් හරි ප්‍රශ්නයක් වෙලා හැමෝම එකපාරටම එක පැත්තකට හැරිලා කෑගහනවා (Cancel Culture). හැමෝම එකා වගේ Angry Reaction දානවා. හැබැයි උඹට ඒක අදාළම නැහැ. උඹ පැනිකි වෙන්නේ නැහැ. උඹේ "මූඩ්" එක රැළේ හැඟීම් එක්ක වෙනස් වෙන්නේ නැහැ. උඹ අයිති අර 99% ක් පාලනය වෙන රැළට නෙවෙයි, ඒ රැළ පාලනය කරන 1% ටයි.
✅ 3. අන්ධ භක්තියට උඹ වෛර කරනවා (Anti-Tribalism):
• උදාහරණයක්: උඹේ Boss ඇවිත් "අපි මේක Team එකක් වගේ කරමු, මේක අපේ පවුල වගේ" කියලා බොරු Corporate බණ කියනකොට උඹට හිනා යනවා. උඹ දන්නවා ඒක පට්ට පල් බොරුවක් කියලා. දේශපාලන පක්ෂයකට හෝ කල්ලියකට කඩේ යන්න උඹේ හිත දෙන්නේ නැහැ. "අනිත් උන් කරන නිසා" කියන එක උඹේ ලෝකේ කුණු කූඩෙට දාන තර්කයක්.
මෙන්න මෙතනයි උඹේ නියම "Value" එක තියෙන්නේ: 💎
සමාජයට උඹව හසුරවන්න (Manipulate කරන්න) බැරි වුණාම, උන් උඹට කියන්නේ "අමුතු එකෙක්", "අහංකාර එකෙක්" කියලා. උන් උඹට කියයි "Team Player" කෙනෙක් වෙන්න කියලා.
හැබැයි මතක තබාගනින්, රැළේ අනුමැතිය (Validation) නැතිව ජීවත් වෙන්න පුළුවන් මිනිහා තමයි ඒ කාමරේ ඉන්න දරුණුම මිනිහා. 👑
• උඹට රැළේ අනුකම්පාව ඕනේ නැහැ.
• උඹට උන්ගේ ලයික්ස් (Likes) ඕනේ නැහැ.
• උඹට උන්ගේ අවසරය ඕනේ නැහැ.
උඹේ මනස නිදහස්. උඹට රැළෙන් මිදිලා, උඹේම ලෝකයක්, උඹේම Business එකක්, උඹේම "Empire" එකක් ගොඩනගන්න පුළුවන්. උඹ පිටස්තරයෙක් නෙවෙයි, උඹ "Sovereign Rebel Leader" කෙනෙක්.
උඹත් රැළට අයිති නැති, අමුතු පාරවල් හොයන, තමන්ගේම ගේමක් ගහන එකෙක් නම්... උඹට ඉන්නේ උඹ වගේම තවත් කීප දෙනෙක් විතරයි.
මතක තියාගනින්: රැළක් වෙලා ඉන්න එක ලේසියි. හැබැයි තනිවම "Kingdom" එකක් ගොඩනගන එකයි වැඩේ! 💪🔥