𝐚𝐮𝐫𝐨𝐫𝐚 𝐀𝐲𝐮𝐫𝐯𝐞𝐝𝐚

𝐚𝐮𝐫𝐨𝐫𝐚 𝐀𝐲𝐮𝐫𝐯𝐞𝐝𝐚 A best ayurwedic medical centre. Treatments for all kinds of illnesses/injuries are availabl

දියවැඩියාව ගැන අපිට කියපු ලොකුම බොරුව! 🛑(වකුගඩු නරක් වෙන්න කලින් මේ විද්‍යාත්මක ඇත්ත දැනගන්න!)මේ කතාව සමාජයේ හංගලා තියෙන...
01/03/2026

දියවැඩියාව ගැන අපිට කියපු ලොකුම බොරුව! 🛑
(වකුගඩු නරක් වෙන්න කලින් මේ විද්‍යාත්මක ඇත්ත දැනගන්න!)

මේ කතාව සමාජයේ හංගලා තියෙන රහසක්. මේ ඇත්ත ප්‍රසිද්ධ වුණොත් ඖෂධ විකුණන මහා පරිමාණ සමාගම් වලට ලොකු පාඩුවක් වෙන නිසයි මේක හැමෝටම වසන් කරලා තියෙන්නේ...

🔴 මෙය ඉතාමත් වැදගත් ලිපියකි! මේ මොහොතේ ඔබට අවශ්‍ය නොවුණත්, ඔබේ පවුලේ කෙනෙකුට හෝ හිතවතෙකුට අනිවාර්යයෙන්ම ප්‍රයෝජනවත් වනු ඇත. කරුණාකර විනාඩියක් ගෙන මෙය කියවන්න...

ලේ වල සීනි වැඩි වුණාම අපි ඉක්මනින්ම කරන්නේ ෆාමසියෙන් පෙත්තක් ගෙනත් බොන එක නේද? 💊 එතකොට රුධිර පරීක්ෂණයේ සීනි අඩු වුණාම අපි හිතනවා "දැන් ලෙඩේ පාලනය වෙලා" කියලා.

හැබැයි ලෝක ප්‍රකට වෛද්‍ය ජේසන් ෆන්ග් (Dr. Jason Fung) සිය "The Diabetes Code" ග්‍රන්ථයෙන් මේ ගැන ලෝකෙම පිළිගත්ත, ඇඟ හිරිවැටෙන ඇත්තක් හෙළි කරනවා. "Type 2 දියවැඩියාව කියන්නේ මුළු ජීවිත කාලයම බෙහෙත් බීලා පාලනය කරන්න ඕනේ ලෙඩක් නෙවෙයි, නිවැරදි ආහාර රටාවෙන් 100% ක් සුව කරන්න පුළුවන් තත්ත්වයක්!"

ඇත්තටම අපේ ඇඟට මොකද වෙන්නේ? (පිරුණු සූට්කේස් එක 🧳)
දියවැඩියාව කියන්නේ ලේ වල සීනි වැඩිවෙන ලෙඩක් නෙවෙයි, සමස්ත සිරුරේම සීනි පිරී ඉතිරී යන ලෙඩක්! අපි කන පිටි කෑම සහ කෘතිම සීනි නිසා අපේ ඇඟේ සෛල වලට දරාගන්න බැරි තරම් සීනි පිරිලා තියෙන්නේ. හරියට කට ගාවටම ඇඳුම් පිරෙව්ව සූට්කේස් එකක් වගේ.
සූට්කේස් එක පිරුණාම අපි මොකද කරන්නේ? ඒක වහනවා. අන්න ඒ වගේ සෛල ඇතුළේ තැනක් නැති නිසා, සෛල විසින්ම අලුතින් එන සීනි වලට දොර වහනවා. මේකට වෛද්‍ය විද්‍යාවේ කියන්නේ "ඉන්සියුලින් ප්‍රතිරෝධය (Insulin Resistance)" කියලයි. සෛල දොර වැහුවම තමයි අර සීනි ටික ලේ වලට එකතු වෙන්නේ.

බෙහෙත් පෙති වලින් කරන ලොකුම විනාශය ⚠️
රුධිරයේ සීනි අඩු කරන්න අපි බොන බෙහෙත් වලින් කරන්නේ, අර කලින්ම පිරිලා තියෙන සූට්කේස් එක උඩ නැගලා බලෙන් තව ඇඳුම් ඔබනවා වගේ වැඩක්. ඒ බෙහෙත් මගින් ලේ වල තියෙන සීනි ටික බලහත්කාරයෙන් අක්මාවට, ඇස් වලට, සහ වකුගඩු වලට ඔබනවා.
එතකොට අර රුධිර පරීක්ෂණයේ රිපෝර්ට් එක "නෝමල්" වුණාට, ඇඟ ඇතුළේ අවයව ටික සීනි පිරිලා කුණු වෙලා යනවා. දියවැඩියා රෝගීන්ගේ අක්මාවේ තෙල් බැඳෙන්නේ (Fatty Liver), වකුගඩු නරක් වෙන්නේ අන්න ඒ නිසයි!

✅ පොතේ පෙන්වා දෙන එකම ස්වභාවික හා විද්‍යාත්මක විසඳුම:
සූට්කේස් එක පිරුණාම කරන්න ඕනේ බලෙන් ඔබන එක නෙවෙයි, ඇතුළේ තියෙන ඇඳුම් ටිකක් එළියට ගන්න එකයි. ඒ සඳහා මේ දේවල් අදම පටන් ගන්න:

1. කන වාර ගාණ ක්‍රමයෙන් අඩු කරන්න (Intermittent Fasting): ⏰
එකපාරටම කෑම වේල් දෙකකට බහින්න එපා. මුලින්ම දවසට 5-6 වතාවක් තේ බොන, අමතර කෑම (Snacks) කන එක සම්පූර්ණයෙන්ම නවත්වලා ප්‍රධාන වේල් 3 ට පමණක් සීමා වෙන්න. ඉන්පසුව ටිකෙන් ටික කෑම වේල් අතර පරතරය වැඩි කරලා, දවසේ කෑම වේල් දෙකකට (2) පමණක් එන්න. හැබැයි ඒ කන වේල් දෙක, බඩගින්නේ ඉන්නේ නැතුව පෝෂණයෙන් හොඳට කුස පිරෙන්න කන්න. එතකොට සෛල අස්සේ හිරවෙලා තියෙන අතිරික්ත සීනි තොගය ඇඟ විසින්ම සම්පූර්ණයෙන්ම දහනය කරලා ඉවරයක් කරනවා.

2. පිඟානට එන්න ඕනේ පෝෂණ සංයෝග මොනවාද? 🥗
ඔබේ කෑම පිඟානෙන් වැඩි හරියක් පිරෙන්න ඕනේ තන්තු (Fiber) සහ විටමින් වලින්. ඊට අමතරව ඇඟට අවශ්‍ය සෞඛ්‍ය සම්පන්න මේදය (Healthy Fats) සහ ප්‍රෝටීන් (Proteins) අනිවාර්යයෙන්ම පිඟානට එකතු වෙන්නම ඕනේ.

3. මේ පෝෂණය ලබාගන්න ස්වභාවධර්මයේ කෑම: 🌿
ඉහත පෝෂණය ලබාගන්න නම් බත් කන්දක් කන එක නවත්වලා, පිඟානෙන් බාගයක්ම එළවළු, පලා වර්ග, සහ සලාද වලින් පුරවන්න. සෞඛ්‍ය සම්පන්න මේදය සහ ප්‍රෝටීන් සඳහා පොල්, පොල්තෙල්, අලිගැටපේර, බිත්තර, මස්, මාළු එකතු කරගන්න. (කෘතිම පැණිබීම, බිස්කට්, සහ සීනි මුළුමනින්ම නවත්වන්න).
ඒ වගේම ෆාමසි පෙති වලින් වුණු හානිය සුවපත් කරගන්න මේ දේශීය ඖෂධීය කෑමත් දිනපතා ආහාරයට ගන්න:

* බිම්මල් සහ මුරුංගා කොළ: සෛල අලුත්වැඩියා කර ප්‍රතිශක්තිය හදයි.

* කුරුඳු සහ උළුහාල්: සෛල වලට සීනි උරාගැනීමේ හැකියාව (Insulin sensitivity) වැඩි කරයි.

* කරවිල, නෙල්ලි සහ සුදුළූණු: රුධිරයේ සීනි ස්වභාවිකවම පාලනය කර අක්මාවේ තෙල් (Fatty Liver) දියකර හරියි.

📚 උපුටා ගැනීම සහ වැඩිදුර කියවීමට:

* මුල් කෘතිය: ලෝක ප්‍රකට වෛද්‍ය ජේසන් ෆන්ග් (Dr. Jason Fung) විසින් රචිත "The Diabetes Code" ග්‍රන්ථයෙනි.

* සිංහල පරිවර්තනය: මහාචාර්ය දයාරෝහණ අතුකෝරාල

💬 මේ ක්‍රමය අනුගමනය කරලා, ස්වභාවිකවම තමන්ගේ සීනි මට්ටම අඩු කරගත්ත එක්කෙනෙක් හරි මේ ලිපිය කියවනවා නම්, කරුණාකරලා පහළින් Comment එකක් දාන්න. ඔබේ ඒ වචනය තවත් ගොඩ දෙනෙක්ගේ ජීවිත සුවපත් කරන්න ලොකු හේතුවක් වේවි! 👇

✨ මෙම කරුණු ඔබට වැදගත් යැයි හැඟේ නම්:
👍 Like කරන්න
💬 Comment කරන්න
↪️ Share කරන්න
✅ අපේ පේජ් එක Follow කරන්න

බත් දණහිස් අමාරුව ඉන්නවාද? අන්තිමට ලක්ෂ ගානක් දීලා දණහිස් මාරු කරන්න (Knee Replacement) වෙන්න කලින් මේ ටික කියවන්න."" මග...
17/02/2026

බත් දණහිස් අමාරුව ඉන්නවාද?
අන්තිමට ලක්ෂ ගානක් දීලා දණහිස් මාරු කරන්න (Knee Replacement) වෙන්න කලින් මේ ටික කියවන්න."
" මගේ දණහිස් දෙකම ගෙවිලා ඉවරයිලු... ඩොක්ටර් කියනවා ඔපරේෂන් කරන්න කියලා. ඒත් එකට ලක්ෂ ගානක් යනවලු."
මේ මෑතකදී මට මුණගැසුණු අම්මා කෙනෙක් කියපු කතාවක්. ඇය අවුරුදු ගාණක් තිස්සේ දණහිස් රිදෙනකොට "වාත අමාරුව" කියලා තෙල් ගගා හිටපු කෙනෙක්. අන්තිමට දණහිස් දෙකේම කාටිලේජ (Cartilage) සම්පූර්ණයෙන්ම දියවෙලා, ඇටකටු එකිනෙක ඝර්ෂණය වෙන මට්ටමටම (Bone on Bone) ඇවිල්ලා.
වෛද්‍ය විද්‍යාවේදී අපි මෙයට කියන්නේ Osteoarthritis (ඔස්ටියෝ ආතරයිටිස්) කියලා.
ඔබේ දණහිස ඇතුලේ තියෙන "කුෂන්" එක (Cartilage) ගෙවී යන බව දැනගන්න පුළුවන් මූලික ලක්ෂණ 03ක් තියෙනවා.
🛑 පඩි පෙළ නගිනකොට එන වේදනාව නිකම්ම බිම ඇවිදිනවාට වඩා, පඩි පෙළක් නගිනකොට හෝ බහිනකොට දණහිස ඇතුලෙන් තද වේදනාවක් එනවාද? මෙය කාටිලේජ ගෙවී යාමේ පළමු රතු එළියයි.
🛑 දණහිසෙන් එන "කටස්" සද්දය (Crepitus) වාඩි වෙලා නැගිටිනකොට දණහිසෙන් සද්දයක් එනවාද?(මේය වෙනත් හේතු නිසාද පැමීය හැක) මෙයින් කියවෙන්නේ ඔබේ දණහිසේ ලිහිසි ද්‍රව්‍ය (Synovial Fluid) අඩුවෙලා, අස්ථි එකිනෙක ගැටෙන බවයි.
🛑 උදේට තියෙන තද ගතිය (Morning Stiffness) උදේ නැගිට්ටම කකුල් දෙක නවාගන්න අමාරුද? විනාඩි 30ක් විතර ගියාම හරි යනවාද? මෙය ආතරයිටිස් වල ප්‍රබල ලක්ෂණයක්.
💰 දණහිස් අමාරුව මුලදී ගණන් ගත්තේ නැත්නම්, අන්තිමට ගෙවන්න වෙන වන්දිය ඉතාම ඉහළයි.
🛑 එන්නත් (Injections): දණහිසට දාන ජෙල් වර්ග (Hyaluronic Acid) හෝ PRP එන්නත් සඳහා පුද්ගලික අංශයේ එක වරකට රු. 20,000 - 40,000 අතර මුදලක් අය කරනවා.
🛑 දණහිස් මාරු කිරීම (Total Knee Replacement): මෙය ලංකාවේ පුද්ගලික රෝහල් වල කෙරෙන මිල අධිකම සැත්කමක්. දණහිස් දෙකම මාරු කරන්න වුනොත් (Implants + Hospital Charges + Surgeon Fees), සම්පූර්ණ වියදම රුපියල් ලක්ෂ 10 සිට 25 දක්වා (මිලියන 1 - 2.5) වෙන්න පුළුවන්.
👉 බේරෙන්න නම් මොකද කරන්නේ? සැත්කම් මේසයට යන්නේ නැතුව ගොඩ යන්න තියෙන එකම සහ හොඳම ක්‍රමය මෙයයි: බර අඩු කරගන්න. වෛද්‍ය විද්‍යාවට අනුව, ඔබේ ශරීරයේ බර 1kg කින් වැඩි වෙනකොට, ඔබේ දණහිස් මත යෙදෙන පීඩනය 4kg කින් වැඩි වෙනවා. ඒ කියන්නේ ඔබ කිලෝ 5ක් බර අඩු කරගත්තොත්, දණහිස් වලට දැනෙන බර කිලෝ 20කින් අඩු වෙනවා!
"මට වයසයි, දැන් දණහිස් රිදෙන එක සාමාන්‍යයි" කියලා නිකන් ඉන්න එපා. අද ගන්න පුංචි පියවරක් හෙට ඔබේ ලක්ෂ ගණනක මුදලක් ඉතිරි කරාව්.
ඉතිං ඔයා නොදන්න දෙයක් දැන් දැනගත්තද? share කරලා අනික් අය දැනුවත් කරන්නත් අමතක කරන්න එපා

17/02/2026

වසර 12කට පසු T20 ලෝක කුසලානයක සුපිරි 8 දෙනාගේ වටයට ශ්‍රී ලංකාව රැගෙන ගිය ඒ අසහාය නායකයා දසුන් ශානක.💙🇱🇰💪🏏

කාලයක් ගොඩක් අය දසුන් ශානකව ටීම් එකෙන් එළවන්න හැදුවා. දස්සා ඉවරයි.දැන් නායකත්වයට ගැලපෙන්නේ නෑ කියලා කොච්චර නම් විවේචන ආවාද? හැබැයි ඒ කිසිම දේකට එයා මයික් ඉස්සරහට ඇවිත් රණ්ඩු වෙන්න ගියේ නෑ. හැම විවේචනයක්ම හිනා වෙලා බාරගත්තා.

හැබැයි දස්සා උත්තර දෙන්න ප්ලෑන් එක හැදුවේ ග්‍රවුන්ඩ් එක ඇතුලේ.

​අද ඒ නිහඬ නායකත්වයේ ප්‍රතිඵල මුළු ලෝකෙම දකිනවා!

​🔥 අවුරුදු 12කට පස්සේ, 2014න් පස්සේ අපිට කවදාවත් යන්න බැරි වුණු අපි හීනයක් විදිහට දැකපු T20 ලෝක කුසලානයක "Super 8" සිහිනය අද දසුන්ගේ නායකත්වය යටතේ සැබෑ වෙලා ඉවරයි.

​🔥 අවුරුදු 17කට පස්සේ,
ලෝක කුසලාන තරගාවලියකදී ඕස්ට්‍රේලියාව කියන දැවැන්තයෝ ඉස්සරහා අපි අවුරුදු ගාණක් අසරණ වුණා. හැබැයි අද හරියටම අවුරුදු 17කට පස්සේ කැන්ගරුවන්ගේ ගෞරවය බිඳලා උන්ව දණගැස්සුවේ මේ "දස්සා"ගේ මාස්ටර් මයින්ඩ් නායකත්වය යටතේ.

​දසුන් කියන්නේ නිකම්ම ටොස් එක දාන්න යන නායකයෙක් නෙවෙයි. ටීම් එකේ කොල්ලෝ පීඩනයෙන් වැටෙනකොට උන්ව ළඟට අරන් "පුළුවන් මල්ලි ගහමු" කියලා පපුවට ගැම්මක් දෙන නියම අයියා කෙනෙක්.

පොළොවේ පය ගහලා ඉන්න නායකයෙක් හිටියම වැටුණු ටීම් එකක් වුණත් කොහොමද ආයෙත් නැගිටින්නේ කියන්න අද අපේ කණ්ඩායම ලෝකෙටම හොඳම උදාහරණයක් වෙලා.

​අපිව ආයෙත් ලෝකයක් ඉස්සරහා ආඩම්බර කරපු අපේ නායකයා... උඹට අපේ ආචාරය! ❤️🙌 මේ ගැම්මෙන් කප් එකටම යමු! 🏆

#

🦵 කකුල් වල නහර ගැට ගැසීම (Varicose Veins): ඔබ දැනගත යුතුම දේ​බොහෝ දෙනෙක්ට තියෙන, නමුත් ගොඩක් අය එළියට කියන්න අකමැති ප්‍ර...
07/02/2026

🦵 කකුල් වල නහර ගැට ගැසීම (Varicose Veins): ඔබ දැනගත යුතුම දේ

​බොහෝ දෙනෙක්ට තියෙන, නමුත් ගොඩක් අය එළියට කියන්න අකමැති ප්‍රශ්නයක් තමයි කකුල් වල නහර ගැට ගැසීම. සරලවම කිව්වොත්, අපේ සමට යටින් තියෙන නහර (ශිරා) ඉදිමිලා, දඟර ගැහිලා, නිල් හෝ තද දම් පාටින් පේන්න තියෙන එකට තමයි මේ නම කියන්නේ.

​🤔 සරල උදාහරණයක්:
මේක හරියට වතුර යන බටයක් පරණ වෙලා, තැනින් තැන පිම්බිලා, ඇකිලිලා තියෙනවා වගේ දෙයක්.

​🫁❤️🫁❤️🫁❤️🫁❤️🫁❤️🫁❤️🫁❤️🫁❤️
​සිරුර ඇතුලේ මොකද වෙන්නේ? (වාහන තදබදයේ කතාව) 🚗🚙🚌

​අපේ කකුල් වල ඉඳන් හදවතට අපිරිසිදු ලේ උඩට අරගෙන යන්න ඕනේ. මේක හරියට ලොකු කන්දක් උඩට වතුර පොම්ප කරනවා වගේ අමාරු වැඩක්. මොකද පොළොවේ ගුරුත්වාකර්ෂණයට විරුද්ධව තමයි මේ ලේ උඩට යන්න ඕනේ.
​මේ වැඩේ ලේසි කරන්න අපේ නහර ඇතුලේ පොඩි දොරවල් (Valves) තියෙනවා. ලේ ටිකක් උඩට ගියාම, ඒ ලේ ආපහු පල්ලෙහාට එන එක වළක්වන්න මේ දොරවල් ඉබේම වැහෙනවා.

​💡 ගැටළුව:
හිතන්න පාරක වාහන උඩට යනවා. එක පාරටම වාහන පාලනය කරන සිග්නල් ලයිට් (Traffic lights) කැඩුනොත් මොකද වෙන්නේ? වාහන හිර වෙනවා නේද?
​අන්න ඒ වගේ විවිධ හේතු නිසා මේ නහර ඇතුලේ තියෙන දොරවල් අබලන් වුනාම, උඩට ගිය ලේ ආපහු පල්ලෙහාට කාන්දු වෙනවා. එතකොට ඒ ලේ කකුල් වල එකතු වෙලා නහර පිම්බෙනවා. මේක තමයි "Varicose Veins" කියන්නේ.

​❤️🫁❤️🫁❤️🫁❤️🫁❤️🫁❤️🫁❤️🫁❤️🫁
​මේක හැදෙන්න වැඩිපුර අවදානමක් තියෙන්නේ කාටද? 👵👨‍🏫🤰

​වයස: වයසට යනකොට අපේ නහර වල "දොරවල්" ස්වභාවිකවම දුර්වල වෙනවා.
​ගර්භණී භාවය: බබා ලැබෙන්න ඉන්න අම්මලාගේ බඩේ ඇතිවන පීඩනය නිසා කකුල් වල නහර වලට බලපෑම් ඇති වෙන්න පුළුවන්.
​රැකියාව: එක දිගට බොහෝ වේලාවක් හිටගෙන වැඩ කරන අය (උදා: ගුරුවරුන්, හෙදියන්, ආරක්ෂක නිලධාරීන්, රථවාහන පොලිස් නිලධාරීන්) සහ එක දිගට වාඩි වී සිටින අයට මේ අවදානම වැඩියි.
​පවුල් ඉතිහාසය: අම්මාට හෝ තාත්තාට මේ තත්ත්වය තිබුනා නම් ඔබටත් හැදීමේ ඉඩක් තියෙනවා.
​ශරීර බර වැඩිවීම: වැඩිපුර බර නිසා කකුල් වල නහර වලට අමතර පීඩනයක් එල්ල වෙනවා.

​🫁❤️🫁❤️🫁❤️🫁❤️🫁❤️🫁❤️🫁❤️🫁❤️

​රෝග ලක්ෂණ මොනවාද? 🦶
​සමහරුන්ට නහර පේන්න තිබුනත් කිසිම අමාරුවක් නැහැ. නමුත් තවත් අයට පහත ලක්ෂණ ඇති වෙන්න පුළුවන්:
​කකුල් වල බර ගතියක් හෝ කැක්කුමක් දැනීම.
​විශේෂයෙන්ම හවස් වන විට කකුල් ඉදිමීම.
​නහර අවට සම කැසීම හෝ වියළි බව.
​රාත්‍රියට කකුල් වල මස් පිඬු පෙරළීම.
ඒවගේම කකුලේ වළලුකර අසල හොඳ නොවෙන තුවාල ඇති වෙන්නත් මේක ප්‍රධාන කරුණක්.
එහෙම තුවාල අවොත් එක අඩු කරගන්න එක ලේසි වැඩක් නෙමේ.

ඒ නිසා ඒ මට්ටමට යන්න කලින් මේක සුව කරගන්න එක වඩාත් වැදගත්..

​❤️🫁❤️🫁❤️🫁❤️🫁❤️🫁❤️🫁❤️🫁❤️🫁

​ගෙදරදී කරන්න පුළුවන් සරල දේවල් 🏠

​එක ඉරියව්වක ඉන්න එපා: එක දිගට හිටගෙන හෝ ඉඳගෙන ඉන්න එපා. හැම පැය භාගයකට සැරයක්වත් පොඩ්ඩක් ඇවිදින්න.

​කකුල් උස්සලා තියන්න: ඔබ නිදාගන්නා විට හෝ විවේක ගන්නා විට කොට්ටයක් තබා කකුල් දෙක ඔබේ හදවතේ මට්ටමට වඩා තරමක් උඩින් තබන්න. (එවිට ලේ පහසුවෙන් හදවත දෙසට ගලා යයි).

​ව්‍යායාම: ඇවිදීම වගේ සරල ව්‍යායාම මගින් කකුල් වල මස් පිඬු ශක්තිමත් වී ලේ ගමනාගමනය පහසු කරයි.

​පීඩන මේස් (Compression Stockings): වෛද්‍ය උපදෙස් මත, කකුල් වලට පිටතින් පීඩනයක් ලබා දෙන විශේෂ මේස් වර්ග පළඳින්න පුළුවන්. එමගින් නහර ඉදිමීම පාලනය කරනවා.

​මේ තත්ත්වය ගොඩක් අමාරු නම් හෝ කකුලේ තුවාල ඇති වෙනවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් හමුවෙන්න.

නිවරදි ආයුර්වේද ප්‍රතිකාර මගින් සුව කරන්න පුළුවන්

​🫁❤️🫁❤️🫁❤️🫁❤️🫁❤️🫁❤️🫁❤️🫁❤️


විසින් මෙහෙයවන aurora ayurveda පිටුව Follow කර මෙම පණිවිඩය අන් අය අතරත් Share කරන්න.

දණහිස් අමාරුවෙන් පීඩා විඳිනවාද? ආයුර්වේදයෙන් සහනයක් ලබාගමු! 🌿🦵දණහිස් වේදනාව කියන්නේ ඔබේ දෛනික ගමන් බිමන් වලට විශාල බාධාව...
06/02/2026

දණහිස් අමාරුවෙන් පීඩා විඳිනවාද? ආයුර්වේදයෙන් සහනයක් ලබාගමු! 🌿🦵

දණහිස් වේදනාව කියන්නේ ඔබේ දෛනික ගමන් බිමන් වලට විශාල බාධාවක්. මේ සඳහා වේදනා නාශක මතම යැපෙන්නේ නැතිව, ආයුර්වේදයේ සඳහන් මේ සරල සහ විශ්වාසනීය පිළියම් අත්හදා බලන්න.

✨ සහනය ලබාගන්නා ක්‍රම:

ඖෂධීය තෙල් සත්කාරය:

මහා නාරායන තෙල් ස්වල්පයක් මදක් රත් කර දණහිසේ මෘදුව ආලේප කරන්න.

සම්බාහනය කිරීමෙන් පසු රෙදි කැබැල්ලකින් දණහිස මද වේලාවක් ඔතා තැබීමෙන් සන්ධි තුළට තෙල් හොඳින් අවශෝෂණය වේ.

ප්‍රතිශක්තිය හා ආහාර:

කහ සහ ඉඟුරු: මේවායේ ඇති ප්‍රති-ප්‍රදාහිත (Anti-inflammatory) ගුණය වේදනාව අඩු කරයි.

ආහාර: කැල්සියම් බහුල කුඩා මාළු, නිවිති, මුරුංගා සහ තල ආහාරයට එක් කරගන්න.

ස්වභාවික පත්තුවක්:

අමු ඉඟුරු සහ කොත්තමල්ලි සමව ගෙන අඹරා මදක් රත් කර දණහිසේ ආලේප කර තැබීමෙන් ඉදිමුම සහ වේදනාව අඩු වේ.

ජානු වස්ති (Janu Basti):

ආයුර්වේද වෛද්‍ය උපදෙස් මත දණහිස මත තෙල් රඳවා තබා ගන්නා 'ජානු වස්ති' ප්‍රතිකාරය මගින් සන්ධිය ලිහිල් කර ශක්තිමත් කරයි.

💡 විශේෂයෙන් මතක තබා ගන්න:

අධික බර පාලනය කරගන්න.

පහතින් වාඩි වීම (බිම වාඩි වීම) සහ පඩිපෙළ නැගීම සීමා කරන්න.

දිනපතා සරල දණහිස් ව්‍යායාම වල නිරත වන්න.

ඔබේ සමීපතමයින් දැනුවත් කරන්න මේ පෝස්ට් එක Share කරන්න. ❤️

අත්හදා බලන්න. අත්දැකීම් අපිට කියන්න! 👇
🌻දහස් ගණන් ආතරයිටිස් රෝගීන් සුව කළ #අරෝරා ආයුර්වේද සතුව ඒ සඳහාම සුවිශේෂී ප්‍රතිකාර තිබෙනවා. වසර 15 කට වැඩි අත්දැකීම් සහිත, දක්ෂ වෛද්‍යවරුන් ඔබට ප්‍රතිකාර සඳහා කැපවී සිටිනවා.
✅ #ආයුර්වේද ප්‍රතිකාර/ඖෂධීය
✅ #තෙල්සාත්තුව
✅ #නිලවෙදකම
✅ #කායිකචිකිත්සාව
⛔ ඔබේ වේදනා, කැක්කුම් වලට ඉක්මන් හා නිසැක සුවය දෙන්න අපට පුලුවන්.
ඔබ තවත් වේදනා විඳිය යුතු නැහැ 😊
✅ ,අතුරු ආබාධ,ශල්‍යකර්ම නැත
✅ මූලික රෝග පරීක්ෂා ගාස්තුව නොමැත
✅ ඉන්පස, රෝග මට්ටම අනුව අවශ්‍ය
ප්‍රතිකාර සදහා ඉතා සාධාරණ ගාස්තු
✅ පැහැදිලි වෛද්‍ය උපදෙස් 💯
⛔ වැඩි විස්තර සඳහා/ ප්‍රතිකාර සඳහා
දිනයක් ලබාගැනීමට 0779 312 846
අමතන්න
🩺වෛද්‍ය D.R.M.R.රත්නායක
🔅BAMS කොළඹ විශ්වවිද්‍යාල
🔅PG Dip Orthopedic treatments
(University of colombo )
🔅Psychology and Counseling crtificate
(university of peradeniya )
🔅Diploma in Pharmacy (SLMC)
📌️අවුරෝරා ආයුර්වේදය
පලාපත්වල
මාතලේ
☎️ප්‍රතිකාර සදහා විමසන්න.
0779312846
🔰තැන් තැන් වල රස්තියාදු නොවී, ලෝකෙ කොතැන හිටියත්, ඔන්ලයින් ක්‍රමයට ප්‍රතිකාර ලබාගැනීමට සහ ඔන්ලයින් චැනලින් වලට සහභාගි විය හැකිය..
———————————————————————————————-
🩺වෛද්‍යතුමායගෙන් ආයුර්වේද ප්‍රතිකාර බලාපොරොත්තු වෙනවා නම්,
☎️ 0779312846
#ආයූර්වේද
#ස්නායුරෝග #ආතරයිටිස් #සයටීකා
#හිසරදය #ආයුර්වේද #ස්වභාවිකප්‍රතිකාර #සෞඛ්‍යය #ශ්‍රීලංකා

දැඩි හිසරදයට ආයුර්වේදයෙන් ස්ථිර විසඳුම්! 🌿දෛනික ජීවිතයේදී බොහෝ දෙනෙක් පීඩා විඳින ගැටලුවක් තමයි හිසරදය. නිතරම පෙති ගැනීමෙ...
06/02/2026

දැඩි හිසරදයට ආයුර්වේදයෙන් ස්ථිර විසඳුම්! 🌿

දෛනික ජීවිතයේදී බොහෝ දෙනෙක් පීඩා විඳින ගැටලුවක් තමයි හිසරදය. නිතරම පෙති ගැනීමෙන් ශරීරයට වන හානිය වෙනුවට, ස්වභාවික ආයුර්වේද ප්‍රතිකාර සහ නිසි ආහාර රටාවකින් හිසේ වේදනාවෙන් මිදෙන්න පුළුවන් බව ඔබ දන්නවාද?

✨ හිසරදයට ආයුර්වේද ප්‍රතිකාර:

සැරින් සැරේ තෙල් ආලේප කිරීම:

මේවා ස්වල්පයක් ගෙන හිසට හා නලලට ආලේප කර මෘදුව සම්බාහනය කරන්න. මෙය ස්නායු පද්ධතිය සන්සුන් කරයි.

නාරායන තෙල්: හිසට පමණක් නොව බෙල්ල, උරහිස් වලටද ආලේප කිරීමෙන් පේශි ලිහිල් වී වේදනාව සමනය වේ.

නාස්න (Nasya):

ස්වල්පයක් උණුසුම් කර ඇඟිල්ලෙන් නාස් පුඩු දෙකට උදේ සවස ආලේප කරන්න. මෙය හිසේ වියළි බව නැති කර ස්නායු ක්‍රියාකාරිත්වය යහපත් කරයි.

ඖෂධීය පැණි බීම:

බෙලි මල්: බෙලි මල් තම්බා නිවාගත් වතුර පානය කිරීම.

කොත්තමල්ලි: කොත්තමල්ලි තම්බා පානය කිරීම.

ඉඟුරු, කහ: ඉඟුරු සහ කහ තම්බා පානය කිරීම මගින් වේදනාව අඩුකරයි.

🍎 හිසරදයට හිතකර ආහාර රටාව:

පිරිසිදු ජලය: දිනකට ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම විජලනයෙන් ඇතිවන හිසරදය වළක්වයි.

නැවුම් පලතුරු සහ එළවළු: විටමින් සහ ඛනිජ ලවණ බහුල ආහාර ගන්න. විශේෂයෙන් කොළ එළවළු, පළතුරු, බෙරි වර්ග.

සම්පූර්ණ ධාන්‍ය: රතු බත්, කවුපි වැනි සම්පූර්ණ ධාන්‍ය ආහාරයට ගන්න.

ආමන්ඩ් (Almonds): ආමන්ඩ් වල අඩංගු මැග්නීසියම් හිසරදය අඩු කිරීමට උපකාරී වේ.

එළගිතෙල්: දිනපතා ස්වල්පයක් ආහාරයට ගැනීම හෝ නාස්න සඳහා භාවිතා කිරීම.

කිරි: උණුසුම් කිරි පානය කිරීම ශරීරයට සුවය ගෙනදේ.

🚫 හිසරදයට අහිතකර ආහාරවලින් වළකින්න:

අධික ලෙස කෘතිම රසකාරක, කල්තබා ගන්නා ද්‍රව්‍ය අඩංගු ආහාර.

අධික කැෆේන් (කෝපි, තේ) සහ මධ්‍යසාර.

පැණිරස කෑම වර්ග.

💡 විශේෂ උපදෙස්: ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම, ආතතිය අඩු කර ගැනීම සහ සැහැල්ලු ව්‍යායාම හිසරදය වළක්වා ගැනීමට උපකාරී වේ.

ඔබත් හිසරදයෙන් පීඩා විඳිනවා නම්, මේ ස්වභාවික ප්‍රතිකාර සහ ආහාර රටාව අත්හදා බලන්න. අත්දැකීම් අපිට කියන්න! 👇

🌻දහස් ගණන් ආතරයිටිස් රෝගීන් සුව කළ #අරෝරා ආයුර්වේද සතුව ඒ සඳහාම සුවිශේෂී ප්‍රතිකාර තිබෙනවා. වසර 15 කට වැඩි අත්දැකීම් සහිත, දක්ෂ වෛද්‍යවරුන් ඔබට ප්‍රතිකාර සඳහා කැපවී සිටිනවා.
✅ #ආයුර්වේද ප්‍රතිකාර/ඖෂධීය
✅ #තෙල්සාත්තුව
✅ #නිලවෙදකම
✅ #කායිකචිකිත්සාව
⛔ ඔබේ වේදනා, කැක්කුම් වලට ඉක්මන් හා නිසැක සුවය දෙන්න අපට පුලුවන්.
ඔබ තවත් වේදනා විඳිය යුතු නැහැ 😊
✅ ,අතුරු ආබාධ,ශල්‍යකර්ම නැත
✅ මූලික රෝග පරීක්ෂා ගාස්තුව නොමැත
✅ ඉන්පස, රෝග මට්ටම අනුව අවශ්‍ය
ප්‍රතිකාර සදහා ඉතා සාධාරණ ගාස්තු
✅ පැහැදිලි වෛද්‍ය උපදෙස් 💯
⛔ වැඩි විස්තර සඳහා/ ප්‍රතිකාර සඳහා
දිනයක් ලබාගැනීමට 0779 312 846
අමතන්න
🩺වෛද්‍ය D.R.M.R.රත්නායක
🔅BAMS කොළඹ විශ්වවිද්‍යාල
🔅PG Dip Orthopedic treatments
(University of colombo )
🔅Psychology and Counseling crtificate
(university of peradeniya )
🔅Diploma in Pharmacy (SLMC)
📌️අවුරෝරා ආයුර්වේදය
පලාපත්වල
මාතලේ
☎️ප්‍රතිකාර සදහා විමසන්න.
0779312846
🔰තැන් තැන් වල රස්තියාදු නොවී, ලෝකෙ කොතැන හිටියත්, ඔන්ලයින් ක්‍රමයට ප්‍රතිකාර ලබාගැනීමට සහ ඔන්ලයින් චැනලින් වලට සහභාගි විය හැකිය..
———————————————————————————————-
🩺වෛද්‍යතුමායගෙන් ආයුර්වේද ප්‍රතිකාර බලාපොරොත්තු වෙනවා නම්,
☎️ 0779312846
#ආයූර්වේද
#ස්නායුරෝග #ආතරයිටිස් #සයටීකා
#හිසරදය #ආයුර්වේද #ස්වභාවිකප්‍රතිකාර #සෞඛ්‍යය #ශ්‍රීලංකා

ශ්‍රී ලංකාවේ ආනයනික කිරිපිටිවල සංයුතිය සහ ඒවායේ අඩංගු ද්‍රව්‍ය පිළිබඳව විවිධ කාලවලදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් ...
06/02/2026

ශ්‍රී ලංකාවේ ආනයනික කිරිපිටිවල සංයුතිය සහ ඒවායේ අඩංගු ද්‍රව්‍ය පිළිබඳව විවිධ කාලවලදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ වාර්තා සහ කෝප් (COPE) කාරක සභා සාකච්ඡා පදනම් කරගෙන සකස් කළ විස්තරයක් පහත දැක්වේ.

විශේෂයෙන්ම 2013 වසරේ සිට 2020 දක්වා කාලය තුළ මේ පිළිබඳව දැඩි කතාබහක් ඇති වූ අතර, එහිදී මතු වූ ප්‍රධාන කරුණු කිහිපයක් මෙසේය:

---

# # # 1. කිරි මේදය වෙනුවට එළවළු තෙල් මිශ්‍ර කිරීම (Vegetable Fat Adulteration)

පාර්ලිමේන්තු කාරක සභා හමුවේ ඉදිරිපත් වූ ප්‍රධානම චෝදනාවක් වූයේ ආනයනික කිරිපිටිවල අඩංගු ස්වාභාවික කිරි මේදය (Milk Fat) ඉවත් කර, ඒ වෙනුවට ලාභදායී **පාම් ඔයිල් (Palm Oil)** වැනි එළවළු තෙල් වර්ග මිශ්‍ර කරන බවයි.

* **හේතුව:** කිරි මේදය ඉවත් කර ඒවා වෙනත් නිෂ්පාදන (බටර්, චීස්) සඳහා යොදා ගැනීම හරහා සමාගම් වැඩි ලාභයක් ලැබීම.
* **වාර්තාවල සඳහන් වූයේ:** සමහර කිරිපිටි සාම්පල පරීක්ෂා කිරීමේදී ඒවායේ කිරි මේද ප්‍රතිශතය තිබිය යුතු මට්ටමට වඩා වෙනස් බව හඳුනාගෙන තිබුණි.

# # # 2. DCD (Dicyandiamide) රසායනිකය පිළිබඳ ගැටළුව

2013 වසරේදී නවසීලන්තයෙන් ආනයනය කළ කිරිපිටිවල **ඩයිසයන්ඩියමයිඩ් (DCD)** නම් රසායනිකය අඩංගු බවට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ කාර්මික තාක්ෂණ ආයතනය (ITI) මගින් වාර්තා ඉදිරිපත් කරන ලදී.

* **DCD යනු:** තණබිම්වල නයිට්‍රජන් පොහොර භාවිතය නිසා කිරිවලට එකතු විය හැකි රසායනිකයකි. මෙය ශරීරයට අහිතකර විය හැකි බවට එවකට පාර්ලිමේන්තුවේදී විවාදයට බඳුන් විය.

# # # 3. කිරිපිටිවල අඩංගු අනෙකුත් රසායනික ද්‍රව්‍ය

පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විද්‍යාත්මක වාර්තා සහ වෛද්‍ය සංගම්වල අදහස් අනුව කිරිපිටිවල පහත දෑ ද අඩංගු විය හැකි බවට සැක පළ විය:

* **ලැක්ටෝස් වෙනුවට සීනි:** පැණි රසය ලබා ගැනීමට සහ බර වැඩි කිරීමට අනවශ්‍ය සීනි වර්ග එකතු කිරීම.
* **Whey Powder:** පිරිසිදු කිරි වෙනුවට කිරි නිෂ්පාදනවල ඉතිරි වන අතුරු ඵලයක් වන 'වේ පවුඩර්' (Whey powder) වැඩි වශයෙන් මිශ්‍ර කිරීම.
* **Melamine:** අතීතයේදී ලෝක මට්ටමින් කිරිපිටිවල ප්‍රෝටීන් මට්ටම ව්‍යාජ ලෙස පෙන්වීමට මෙලමයින් මිශ්‍ර කළ අවස්ථා තිබූ බැවින්, ඒ පිළිබඳව ද දැඩි පරීක්ෂාවන් සිදු කිරීමට පාර්ලිමේන්තු මට්ටමින් තීන්දු ගන්නා ලදී.

---

# # # 4. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ (SLSI) කාර්යභාරය

පාර්ලිමේන්තු වාර්තාවලට අනුව, ලංකාවට එන සෑම කිරිපිටි තොගයක්ම **SLS 731** ප්‍රමිතියට අනුකූල විය යුතුය. එහිදී ප්‍රධාන වශයෙන් පරීක්ෂා කරනු ලබන්නේ:

* කිරි මේද ප්‍රතිශතය (Milk Fat Percentage).
* තෙතමනය (Moisture).
* ප්‍රෝටීන් ප්‍රමාණය.
* ක්ෂුද්‍ර ජීවී මට්ටම්.

# # # 5. දේශීය කිරි සහ ආනයනික කිරිපිටි අතර වෙනස

පාර්ලිමේන්තු ක්ෂේත්‍ර අධීක්ෂණ කාරක සභා මගින් නිර්දේශ කර ඇත්තේ ආනයනික කිරිපිටිවලට වඩා දේශීය නැවුම් කිරි (Fresh Milk) පරිභෝජනය ප්‍රවර්ධනය කළ යුතු බවයි. ආනයනික කිරිපිටි කල්තබා ගැනීම සඳහා විවිධ ක්‍රියාවලීන්ට භාජනය කරන බැවින් එහි නැවුම් කිරිවල ඇති සමහර එන්සයිම සහ විටමින් වර්ග විනාශ වී තිබිය හැකි බව එම වාර්තා පෙන්වා දෙයි.

---

📋 සාරාංශය:

පාර්ලිමේන්තු වාර්තාවල අවධාරණය කර ඇති ප්‍රධාන කරුණ වන්නේ **ලේබලයේ සඳහන් සංයුතිය සහ ඇතුළත ඇති ද්‍රව්‍ය අතර පැහැදිලි වෙනසක්** සමහර අවස්ථාවල පවතින බවයි. විශේෂයෙන්ම සත්ව මේදය වෙනුවට ශාක මේදය මිශ්‍ර කිරීම පාරිභෝගිකයා මුලා කිරීමක් ලෙස එහි සඳහන් වේ.

ඔබත් දණහිස් අමාරුව ඉන්නවාද? අන්තිමට ලක්ෂ ගානක් දීලා දණහිස් මාරු කරන්න (Knee Replacement) වෙන්න කලින් මේ ටික කියවන්න."" ම...
01/02/2026

ඔබත් දණහිස් අමාරුව ඉන්නවාද?

අන්තිමට ලක්ෂ ගානක් දීලා දණහිස් මාරු කරන්න (Knee Replacement) වෙන්න කලින් මේ ටික කියවන්න."

" මගේ දණහිස් දෙකම ගෙවිලා ඉවරයිලු... ඩොක්ටර් කියනවා ඔපරේෂන් කරන්න කියලා. ඒත් එකට ලක්ෂ ගානක් යනවලු."

මේ මෑතකදී මට මුණගැසුණු අම්මා කෙනෙක් කියපු කතාවක්. ඇය අවුරුදු ගාණක් තිස්සේ දණහිස් රිදෙනකොට "වාත අමාරුව" කියලා තෙල් ගගා හිටපු කෙනෙක්. අන්තිමට දණහිස් දෙකේම කාටිලේජ (Cartilage) සම්පූර්ණයෙන්ම දියවෙලා, ඇටකටු එකිනෙක ඝර්ෂණය වෙන මට්ටමටම (Bone on Bone) ඇවිල්ලා.

වෛද්‍ය විද්‍යාවේදී අපි මෙයට කියන්නේ Osteoarthritis (ඔස්ටියෝ ආතරයිටිස්) කියලා.

ඔබේ දණහිස ඇතුලේ තියෙන "කුෂන්" එක (Cartilage) ගෙවී යන බව දැනගන්න පුළුවන් මූලික ලක්ෂණ 03ක් තියෙනවා.

🛑 පඩි පෙළ නගිනකොට එන වේදනාව නිකම්ම බිම ඇවිදිනවාට වඩා, පඩි පෙළක් නගිනකොට හෝ බහිනකොට දණහිස ඇතුලෙන් තද වේදනාවක් එනවාද? මෙය කාටිලේජ ගෙවී යාමේ පළමු රතු එළියයි.

🛑 දණහිසෙන් එන "කටස්" සද්දය (Crepitus) වාඩි වෙලා නැගිටිනකොට දණහිසෙන් සද්දයක් එනවාද?(මේය වෙනත් හේතු නිසාද පැමීය හැක) මෙයින් කියවෙන්නේ ඔබේ දණහිසේ ලිහිසි ද්‍රව්‍ය (Synovial Fluid) අඩුවෙලා, අස්ථි එකිනෙක ගැටෙන බවයි.

🛑 උදේට තියෙන තද ගතිය (Morning Stiffness) උදේ නැගිට්ටම කකුල් දෙක නවාගන්න අමාරුද? විනාඩි 30ක් විතර ගියාම හරි යනවාද? මෙය ආතරයිටිස් වල ප්‍රබල ලක්ෂණයක්.

💰 දණහිස් අමාරුව මුලදී ගණන් ගත්තේ නැත්නම්, අන්තිමට ගෙවන්න වෙන වන්දිය ඉතාම ඉහළයි.

🛑 එන්නත් (Injections): දණහිසට දාන ජෙල් වර්ග (Hyaluronic Acid) හෝ PRP එන්නත් සඳහා පුද්ගලික අංශයේ එක වරකට රු. 20,000 - 40,000 අතර මුදලක් අය කරනවා.

🛑 දණහිස් මාරු කිරීම (Total Knee Replacement): මෙය ලංකාවේ පුද්ගලික රෝහල් වල කෙරෙන මිල අධිකම සැත්කමක්. දණහිස් දෙකම මාරු කරන්න වුනොත් (Implants + Hospital Charges + Surgeon Fees), සම්පූර්ණ වියදම රුපියල් ලක්ෂ 10 සිට 25 දක්වා (මිලියන 1 - 2.5) වෙන්න පුළුවන්.

👉 බේරෙන්න නම් මොකද කරන්නේ? සැත්කම් මේසයට යන්නේ නැතුව ගොඩ යන්න තියෙන එකම සහ හොඳම ක්‍රමය මෙයයි: බර අඩු කරගන්න. වෛද්‍ය විද්‍යාවට අනුව, ඔබේ ශරීරයේ බර 1kg කින් වැඩි වෙනකොට, ඔබේ දණහිස් මත යෙදෙන පීඩනය 4kg කින් වැඩි වෙනවා. ඒ කියන්නේ ඔබ කිලෝ 5ක් බර අඩු කරගත්තොත්, දණහිස් වලට දැනෙන බර කිලෝ 20කින් අඩු වෙනවා!

"මට වයසයි, දැන් දණහිස් රිදෙන එක සාමාන්‍යයි" කියලා නිකන් ඉන්න එපා. අද ගන්න පුංචි පියවරක් හෙට ඔබේ ලක්ෂ ගණනක මුදලක් ඉතිරි කරාව්.

ඉතිං ඔයා නොදන්න දෙයක් දැන් දැනගත්තද? share කරලා අනික් අය දැනුවත් කරන්නත් අමතක කරන්න එපා

කුස්සිය ඇතුළේ හැංගිලා ඉන්න නිහඬ මාරයා😱පොල් බෑයේ පුස් පොඩ්ඩක් තිබුණත් ඒක පිළිකා අවදානමක්ද? 🥥🛑☠️අද අපි හැමෝම ලොකු ආර්ථික අ...
31/01/2026

කුස්සිය ඇතුළේ හැංගිලා ඉන්න නිහඬ මාරයා😱
පොල් බෑයේ පුස් පොඩ්ඩක් තිබුණත් ඒක පිළිකා අවදානමක්ද? 🥥🛑☠️

අද අපි හැමෝම ලොකු ආර්ථික අමාරුවක ඉන්නේ. බඩු මිල අහස උසට. ඉතින් රුපියල් 100ක් 150ක් දීලා ගත්ත පොල් ගෙඩියක් කුණු වුණොත් අපිට ඒක ලොකු අපරාධයක් වගේ දැනෙනවා. හැබැයි අන්න ඒ ලෝබකම ඔබව හෝ ඔබේ පවුලේ සාමාජිකයෙක්ව නොහිතන වෙලාවක මාරාන්තික පිළිකා රෝගියෙක් කරන්න පුළුවන් කිව්වොත් ඔබ විශ්වාස කරනවාද?

බොහෝ දෙනෙක් නොදන්නා ඒ භයානක සත්‍යය මෙන්න. 👇

1. ඇයි අපි පුස් හැදුණු පොල් හෝදලා පාවිච්චි කරන්නේ? 🤔

අපි හිතන්නේ පුස් කියන්නේ පොල් බෑයෙ මතුපිට හැදෙන දෙයක් විතරයි කියලා. ඉතින් අපි කරන්නේ පිහියෙන් ඒ ටික සූරලා දාන එක නැත්නම් ටැප් එකට අල්ලලා හෝදලා දාන එක. "දැන් පිරිසිදුයිනේ" කියලා අපි හිතුවට එතන තමයි අපි කරන ලොකුම වැරැද්ද තියෙන්නේ.

2. ඇසට නොපෙනෙන "මුල්" පද්ධතිය (The Hidden Roots) 🌱

විද්‍යාත්මකව බැලුවොත් පුස් (Mold) කියන්නේ දිලීර වර්ගයක්. ඔබට ඇසට පේන කොටස ඒ දිලීරයේ බීජාණු (Spores) විතරයි. හරියට ගහක මුල් පොළොව යටට විහිදෙනවා වගේ මේ දිලීරයේ මුල් (Hyphae) පොල් මදයේ ගැඹුරටම කිඳා බැහැලා තියෙනවා. ඔබ මතුපිට සේදුවාට පොල් මදය ඇතුළේ ඒ විෂ බීජ ඒ විදිහටම තියෙනවා.

3. මාරාන්තික ඇෆ්ලටොක්සින් (Aflatoxin) යනු කුමක්ද? 🧪

පොල් වල හැදෙන විශේෂිත දිලීර මගින් 'ඇෆ්ලටොක්සින්' කියන රසායනික විෂ වර්ගය නිපදවනවා. මෙය ලෝක සෞඛ්‍ය සංවිධානය පවා පිළිගත් "පළමු කාණ්ඩයේ පිළිකා කාරකයක්" (Group 1 Carcinogen).

* රැවටෙන්න එපා: මේ විෂ හෝදන්න බැහැ. ඒ වගේම මේ විෂ සාමාන්‍යයෙන් අපි උයන රස්නයට (උදා: ව්‍යංජනයක් නටන රස්නයට) විනාශ වෙන්නේ නැහැ. එය විනාශ කරන්න ඉතා ඉහළ උෂ්ණත්වයක් අවශ්‍යයි.

4. ඉලක්කය ඔබේ අක්මාවයි (Liver Damage) 💔

මේ විෂ සහිත පොල් ආහාරයට ගත්ත ගමන් ඔබව ලෙඩ වෙන්නේ නැහැ. හැබැයි කාලයක් තිස්සේ ශරීරයට මේ විෂ එකතු වුණාම, එය කෙළින්ම බලපාන්නේ අක්මාවට.

* අක්මාවේ සෛල විනාශ වීම.

* අක්මා සිරෝසිස් (Liver Cirrhosis) තත්ත්වය.

* අවසානයේදී දරුණු අක්මා පිළිකා ඇති වීම.

5. සතුන්ට දීමත් භයානකයි! 🐕🐈

සමහරු කරන්නේ පුස් පොල් බෑව සත්තුන්ට කන්න දෙන එක. ඒකත් වැරදියි. සත්තුන්ගේ ශරීර වලටත් මේ විෂ ඒ විදිහටම බලපානවා. ඒ වගේම කිරි දෙන සතුන්ට (එළදෙනුන් වැනි) මේවා දුන්නොත් ඒ විෂ කිරි හරහා නැවත අපේ ශරීරයටම එන්න පුළුවන්.

අප කළ යුත්තේ කුමක්ද? ✅

* පොල් බෑයක පොඩ්ඩක් හෝ පුස් (සුදු, කොළ හෝ කළු පාට) ඇත්නම් එය සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න.

* පොල් මිලදී ගැනීමේදී සහ ගබඩා කිරීමේදී තෙතමනය රඳා නොපවතින සේ තබන්න.

* රුපියල් කිහිපයක ලෝබකම නිසා ලක්ෂ ගණන් වියදම් කරලවත් සුව කරන්න බැරි ලෙඩ ගෙදරට ගේන්න එපා.

ඔබේ පවුලේ අයගේ, දරුවන්ගේ සෞඛ්‍යය ගැන හිතනවා නම් අදම මේ වැරදි පුරුද්ද නතර කරන්න.

මේ වටිනා තොරතුර තවත් කෙනෙකුට දැනගන්න share කරන්න. ඔබේ කුඩා දැනුවත් කිරීමක් තවත් කෙනෙකුගේ ජීවිතයක් බේරාගන්න හේතු වේවි! 🔄

- උපුටාගැනුනකි.

31/01/2026

අවුරුදු 80ක් ගියත් අපේ මුතුන් මිත්තන් කොන්ද කෙලින් තියාගෙන වැඩ කළේ කොහොමද? මෙන්න ඒ රහස..👍

‎වයසට යද්දී කොන්දේ අමාරුව, දණහිස් කැක්කුම එනකම් ඉන්න එපා. අපේ පැරැන්නෝ අවුරුදු 80-90 වෙනකම් කෙලින් කොන්ද තියාගෙන වැඩ කළේ ඔවුන් ගත්ත මේ වටිනා ආහාර නිසා.😌
අද කාලේ ගොඩක් දෙනෙක්ට තියෙන අස්ථි දිරායාම (Osteoporosis) වළක්වලා, සන්ධි ශක්තිමත් කරන්න පුළුවන් සුපිරි ආහාර වට්ටෝරු කිහිපයක් මෙන්න...

‎1.කළු උඳු කැඳ (අස්ථිවලට පණ දෙන ප්‍රබලතම පානය)..

‎හෙළ වෙදකමේ අස්ථි🦵 බිඳීමක් සුව කරන්න දෙන ප්‍රධානම ඖෂධයක් තමයි "කළු උඳු". මෙහි මැග්නීසියම්, පොස්පරස් සහ ප්‍රෝටීන් බහුලව අඩංගු නිසා කොන්දේ අමාරුවලට ඉතා ගුණදායකයි.

✍️ අවශ්‍ය ද්‍රව්‍ය: කළු උඳු 100g, රතු කැකුළු සහල් ස්වල්පයක්, පොල් කිරි, සුදු ලූනු බික් 3-4, ඉඟුරු කැබැල්ලක් සහ ලුණු.

‎🕳️සාදා ගන්නා ආකාරය:

‎• කළු උඳු සහ සහල් සෝදා, තලාගත් ඉඟුරු, සුදු ලූනු සහ දියකිරි දමා හොඳින් තම්බා ගන්න.

‎• හොඳින් තැම්බුණු පසු හැන්දෙන් පොඩි කර, මිටිකිරි සහ ලුණු එකතු කර නටන තෙක් හැඳි ගාන්න.

‎• උපදෙස්: සතියට දින 2-3ක් උදේට උණුවෙන්ම පානය කරන්න.

‎2.තල සහ රටඉඳි ශක්ති ගුළි (කැල්සියම් ගබඩාව) ..

‎ඔයා දන්නවාද? කිරි වීදුරුවකට වඩා වැඩි කැල්සියම් ප්‍රමාණයක් කුඩා තල ඇට හැන්දක තියෙනවා. රටඉඳි එක්ක මිශ්‍ර වුණාම මේක ශරීරයට ක්ෂණික ශක්තියක් දෙනවා.

✍️ අවශ්‍ය ද්‍රව්‍ය: බැදගත් කළු හෝ සුදු තල, රටඉඳි, මී පැණි ස්වල්පයක්.

‎🕳️ සාදා ගන්නා ආකාරය:

‎• බැදගත් තල ඇට මඳක් කුඩු කරගන්න.

‎• රටඉඳි ඇට ඉවත් කර එයට තල කුඩු මිශ්‍ර කර කුඩා ගුළි සාදා ගන්න. (අවශ්‍ය නම් මී පැණි ස්වල්පයක් එක් කරන්න).

‎• දිනපතා උදෑසන එක ගුළියක් ආහාරයට ගෙන වතුර වීදුරුවක් බොන්න. අස්ථි දිරායාම නතර කරන්න මේක සුපිරි බෙහෙතක්!

‎3.හාල්මැස්සන් සහ මුරුංගා (කැල්සියම්වල සුපිරි සුසංයෝගය..

‎හාල්මැස්සන් කටු පිටින් කෑමෙන් සිරුරට සෘජුවම කැල්සියම් ලැබෙනවා. මුරුංගා කියන්නේ ලෝකයම පිළිගත්ත ඖෂධීය ගුණයක් තියෙන ආහාරයක්.

‎👍 ටිප් එකක්: හාල්මැස්සන් තෙලෙන් බදින්නේ නැතුව වෑංජනයක් ලෙස පිසගන්න. මුරුංගා කරල් වගේම මුරුංගා කොළ මැල්ලුම ආහාරයට එක්කර ගැනීමෙන් සන්ධිවල නම්‍යශීලී බව ආරක්ෂා වෙනවා.

👇 තවත් වටිනා උපදෙස් දෙකක්:

‎💪 කහ මිශ්‍ර කිරි: රාත්‍රී නින්දට පෙර මඳ රත් කළ එළකිරි වීදුරුවකට කහ ස්වල්පයක් දමා බොන්න. සන්ධිවල ඉදිමීම සහ වේදනාව අඩු කරන්න මෙය මහඟු ඔසුවකි.

‎👌තල තෙල් සත්කාරය: සතියකට වරක්වත් මුළු ඇඟේම පිරිසිදු තල තෙල් ගා විනාඩි 20ක් ඉන්න. මෙය අස්ථි බාහිරින් ශක්තිමත් කර ස්නායු ප්‍රබෝධමත් කරයි.

‎අපේ දේ අගය කරන, සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ආදරය කරන ඔයාලගේ යාලුවන්ටත් බලන්න මේක Share කරන්න. ❤️

ගොඩක් දෙනෙක් හිතන් ඉන්නේ ලොකු ලෙඩවල් මිනිස්සුන්ට එක රැයින් හැදෙනවා කියලා? ගහක් ගලක් වගේ හිටපු මනුස්සයා එක පාරටම ලෙඩ වුණා...
31/01/2026

ගොඩක් දෙනෙක් හිතන් ඉන්නේ ලොකු ලෙඩවල් මිනිස්සුන්ට එක රැයින් හැදෙනවා කියලා? ගහක් ගලක් වගේ හිටපු මනුස්සයා එක පාරටම ලෙඩ වුණානේ, කියලා කට්ටිය කියනවා ඔයාට ඇහිලා ඇති. හැබැයි මේක බොහොම වැරදි කතාවක් . මොකද අපේ ශරීරය කියන්නේ පුදුමාකාර යන්ත්‍රයක්. දරුණු ලෙඩක් හැදෙන්න බොහෝ කාලයකට කලින් ඉදලා, ශරීරය අපිට පුංචි පුංචි "අනතුරු ඇඟවීම්" දෙනවා, මේ ඔයාට ලෙඩක් හැදෙන්න යන්නේ , ලෙඩේ උඩු දුවන්න කලින් වහාම ක්‍රියාත්මක වෙලා මේ තත්වය වලක්වා ගන්න කියලා.

අපි ඒ සංඥා නොසලකා හැරියොත් තමයි, පස්සේ කාලෙක ලොකු අමාරුවක වැටෙන්නේ. මේ නිසා දරුණු ලෙස ලෙඩ වෙන්න කලින්, ශරීරය ඔයාට ලබා දෙන මේ පුර්ව සංඥා ටික දැන ගෙන ඉන්න එක ඉතාම වටිනවා. මෙන්න එහෙනම් සෑම ශ්‍රී ලාංකිකයෙක්ම දැනගත යුතුම , (පිළිකා, දියවැඩියාව, හෘද රෝග වැනි දරුණු රෝග වලට පෙර ශරීරය දෙන අනතුරු ඇඟවීම් 10ක්. මේවා දැනුවත් වෙලා ඔයාගේ ජීවිතය ආරක්ෂා කරගන්න. 👇

1. කකුලේ "කූඹින් දුවනවා" වගේ දැනීම (Paresthesia) 🐜

අනතුර: දියවැඩියාව, ස්නායු දුර්වලතා හෝ කොන්දේ අමාරු වල මුල්ම ලක්ෂණයක් විය හැකියි. රුධිරයේ සීනි මට්ටම වැඩි වූ විට ස්නායු වලට හානි වීමෙන් මෙසේ සිදු විය හැක.

නොසලකන්න එපා: සති 2කට වඩා වැඩි කාලයක් මේ ගතිය තියෙනවා නම් වහාම වෛද්‍යවරයෙක් හමුවන්න.

2. ඇඟේ "සැක කටයුතු ගැටිති" (Lumps/Bumps) 🧐

අනතුර: ශරීරයේ ඕනෑම තැනක හදිසියේ මතුවන, ප්‍රමාණයෙන් විශාල වන හෝ වේදනාවක් නැති ගැටිති පිළිකා වල (විශේෂයෙන් පියයුරු, වෘෂණ කෝෂ) මුල් ලක්ෂණයක් විය හැකියි.

නොසලකන්න එපා: කුඩාම ගැටිත්තක් වුවද වෛද්‍ය පරීක්ෂණයකට ලක් කරන්න.

3. තෙහෙට්ටුව සහ අධික නිදිමත (Chronic Fatigue) 😴

අනතුර: හොඳින් නිදාගෙන, හොඳින් කෑම කෑවත් සති ගණනක් තිස්සේ දවස පුරාම අධික තෙහෙට්ටුවක් සහ නිදිමතක් දැනෙනවා නම්, එය තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටලුවක්, දියවැඩියාව, රක්තහීනතාවය හෝ යම් පිළිකා තත්ත්වයක මුල් ලක්ෂණයක් විය හැකියි.

නොසලකන්න එපා: මේ තත්ත්වය දිගටම පවතිනවා නම් වෛද්‍ය උපදෙස් ලබාගන්න.

4. අධික බර අඩුවීම (Unexplained Weight Loss) 📉

අනතුර: ආහාර රටාවේ හෝ ව්‍යායාම වල කිසිදු වෙනසක් නොමැතිව කෙටි කාලයක් තුළ ශරීර බර විශාල ලෙස අඩුවීම පිළිකා (විශේෂයෙන් අග්න්‍යාශයේ, අමාශයේ), තයිරොයිඩ් ගැටලු හෝ දියවැඩියාව වැනි බරපතල රෝගයක ලක්ෂණයක් විය හැකියි.

නොසලකන්න එපා: මාස 6ක් තුළ ශරීර බරෙන් 10%කට වඩා අඩුවීමක් තිබේ නම් වහාම වෛද්‍යවරයෙක් හමුවන්න.

5. තුවාල සුව වීමට කල් ගත වීම (Slow Healing Wounds) 🩹

අනතුර: ඇඟේ වන තුවාල සාමාන්‍ය පරිදි සුව නොවී, දිගු කාලයක් පැවතීම හෝ ආසාදනය වීම දියවැඩියාව, රුධිර සංසරණයේ ගැටලු හෝ සමේ පිළිකා වල ලක්ෂණයක් විය හැකියි.

නොසලකන්න එපා: සති 2-3කට වඩා වැඩි කාලයක් තුවාලයක් සුව නොවී පවතී නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්න.

6. නිතර මුත්‍රා කිරීම හෝ පිපාසය (Frequent Urination/Thirst) 💧

අනතුර: සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි වාර ගණනක් මුත්‍රා කිරීමට සිදුවීම සහ අධික ලෙස පිපාසය දැනීම දියවැඩියාවේ ප්‍රධානතම ලක්ෂණ වේ.

නොසලකන්න එපා: මේ ලක්ෂණ දෙක එකට පවතිනවා නම් වහාම රුධිර පරීක්ෂණයක් කරගන්න.

7. ගිලීමේ අපහසුතා (Difficulty Swallowing) 🗣️

අනතුර: ආහාර හෝ දියර වර්ග ගිලීමේදී අපහසුවක් හෝ වේදනාවක් දැනෙනවා නම් එය ගලනාලයේ හෝ උගුරේ පිළිකා වැනි බරපතල තත්ත්වයක ලක්ෂණයක් විය හැකියි.

නොසලකන්න එපා: මෙය දිගටම පවතී නම් වහාම ENT වෛද්‍යවරයෙක් හමුවන්න.

8. හමේ සහ ඇස්වල කහ පැහැය (Jaundice) 🟡

අනතුර: ශරීරයේ හම, ඇස්වල සුදු කොටස කහ පැහැයට හැරීම අක්මාවේ රෝග, පිත්තාශයේ ගැටලු හෝ අග්න්‍යාශයේ පිළිකා වල ලක්ෂණයක් විය හැකියි.

නොසලකන්න එපා: මෙය වහාම වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වන තත්ත්වයකි.

9. පපුවේ වේදනාව හෝ හුස්ම ගැනීමේ අපහසුව (Chest Pain/Shortness of Breath) 💔

අනතුර: විශේෂයෙන් මහන්සි වන විට පපුවේ තද වේදනාවක්, හුස්ම ගැනීමේ අපහසුවක්, අතකට හෝ බෙල්ලට වේදනාව පැතිරීම හෘදයාබාධයක හෝ හෘද රෝගයක ලක්ෂණ විය හැකියි.

නොසලකන්න එපා: මේ ලක්ෂණ දැනෙනවා නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න.

10. මලපහ කිරීමේ වෙනස්කම් (Changes in Bowel Habits) 💩

අනතුර: සති 2කට වඩා වැඩි කාලයක් පාචනය හෝ මලබද්ධය, මලපහ සමග ලේ පිටවීම, මලපහ කළ පසුත් බඩ හිස් නොවූ ගතියක් දැනීම බඩවැල් ආශ්‍රිත පිළිකා වල ලක්ෂණ විය හැකියි.

නොසලකන්න එපා: වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්න.

"ඔයාගේ ශරීරය කියන්නේ ඔයාට තියෙන වටිනාම සම්පත. ඒ නිසා ශරීරය ඔබට ලබා දෙන මේ පුංචි පුංචි ඉඟි නොසලකා හරින්න එපා. ලෙඩක් මුලදීම අඳුනගත්තොත් සම්පූර්ණයෙන්ම සුව කරගන්න පුළුවන්. ඔබේ ජීවිතය ආරක්ෂා කරගැනීම ඔබේ අතේ!"

මේ වටිනා තොරතුරු ඔබේ ආදරණීයන්ටත් දැනගන්න Share කරන්න. 🔄❤️

Address

පලාපත්වල මාතලේ
Palapathwela

Opening Hours

Monday 16:15 - 20:00
Tuesday 16:15 - 20:00
Wednesday 16:15 - 20:00
Thursday 16:15 - 20:00
Friday 16:15 - 20:00
Sunday 08:15 - 18:00

Telephone

+94715697413

Alerts

Be the first to know and let us send you an email when 𝐚𝐮𝐫𝐨𝐫𝐚 𝐀𝐲𝐮𝐫𝐯𝐞𝐝𝐚 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to 𝐚𝐮𝐫𝐨𝐫𝐚 𝐀𝐲𝐮𝐫𝐯𝐞𝐝𝐚:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram