𝐚𝐮𝐫𝐨𝐫𝐚 𝐀𝐲𝐮𝐫𝐯𝐞𝐝𝐚

𝐚𝐮𝐫𝐨𝐫𝐚 𝐀𝐲𝐮𝐫𝐯𝐞𝐝𝐚 A best ayurwedic medical centre. Treatments for all kinds of illnesses/injuries are availabl

⛔ ඔබත් ශරීරික වේදනාව නිසා පීඩාවෙන්ද? කෙතරම් ප්‍රතිකාර කළත් සුවයක් නැත්ද? 🌻දහස් ගණන් දනහිස් ආබාධ රෝගීන් සුව කළ  #අරෝරා ආය...
08/12/2025

⛔ ඔබත් ශරීරික වේදනාව නිසා පීඩාවෙන්ද?

කෙතරම් ප්‍රතිකාර කළත් සුවයක් නැත්ද?

🌻දහස් ගණන් දනහිස් ආබාධ රෝගීන් සුව කළ #අරෝරා ආයුර්වේද සතුව ඒ සඳහාම සුවිශේෂී ප්‍රතිකාර තිබෙනවා. වසර 15 කට වැඩි අත්දැකීම් සහිත, දක්ෂ වෛද්‍යවරුන් ඔබට ප්‍රතිකාර සඳහා කැපවී සිටිනවා.

✅ #ආයුර්වේද ප්‍රතිකාර/ඖෂධීය

✅ #තෙල්සාත්තුව

✅ #නිලවෙදකම

✅ #කායිකචිකිත්සාව

⛔ ඔබේ වේදනා, කැක්කුම් වලට ඉක්මන් හා නිසැක සුවය දෙන්න අපට පුලුවන්.

ඔබ තවත් වේදනා විඳිය යුතු නැහැ 😊

✅ ,අතුරු ආබාධ,ශල්‍යකර්ම නැත

✅ මූලික රෝග පරීක්ෂා ගාස්තුව නොමැත

✅ ඉන්පස, රෝග මට්ටම අනුව අවශ්‍ය
ප්‍රතිකාර සදහා ඉතා සාධාරණ ගාස්තු

✅ පැහැදිලි වෛද්‍ය උපදෙස් 💯

⛔ වැඩි විස්තර සඳහා/ ප්‍රතිකාර සඳහා
දිනයක් ලබාගැනීමට 0779 312 846
අමතන්න

🩺වෛද්‍ය D.R.M.R.රත්නායක
🔅BAMS කොළඹ විශ්වවිද්‍යාල
🔅PG Dip Orthopedic treatments
(University of colombo )
🔅Psychology and Counseling crtificate
(university of peradeniya )
🔅Diploma in Pharmacy (SLMC)

📌️අවුරෝරා ආයුර්වේදය
පලාපත්වල
මාතලේ

☎️ප්‍රතිකාර සදහා විමසන්න.
0779312846

🔰තැන් තැන් වල රස්තියාදු නොවී, ලෝකෙ කොතැන හිටියත්, ඔන්ලයින් ක්‍රමයට ප්‍රතිකාර ලබාගැනීමට සහ ඔන්ලයින් චැනලින් වලට සහභාගි විය හැකිය..
———————————————————————————————-
🩺වෛද්‍යතුමායගෙන් ආයුර්වේද ප්‍රතිකාර බලාපොරොත්තු වෙනවා නම්,
☎️ 0779312846

#ආයූර්වේද
#ස්නායුරෝග #ආතරයිටිස් #සයටීකා

06/12/2025

⛔ ඔබත් දනහිස් වේදනාව නිසා පීඩාවෙන්ද?

කෙතරම් ප්‍රතිකාර කළත් සුවයක් නැත්ද?

🌻දහස් ගණන් දනහිස් ආබාධ රෝගීන් සුව කළ #අරෝරා ආයුර්වේද සතුව ඒ සඳහාම සුවිශේෂී ප්‍රතිකාර තිබෙනවා. වසර 15 කට වැඩි අත්දැකීම් සහිත, දක්ෂ වෛද්‍යවරුන් ඔබට ප්‍රතිකාර සඳහා කැපවී සිටිනවා.

✅ #ආයුර්වේද ප්‍රතිකාර/ඖෂධීය

✅ #තෙල්සාත්තුව

✅ #නිලවෙදකම

✅ #කායිකචිකිත්සාව

⛔ ඔබේ වේදනා, කැක්කුම් වලට ඉක්මන් හා නිසැක සුවය දෙන්න අපට පුලුවන්.

ඔබ තවත් වේදනා විඳිය යුතු නැහැ 😊

✅ ,අතුරු ආබාධ,ශල්‍යකර්ම නැත

✅ මූලික රෝග පරීක්ෂා ගාස්තුව නොමැත

✅ ඉන්පස, රෝග මට්ටම අනුව අවශ්‍ය
ප්‍රතිකාර සදහා ඉතා සාධාරණ ගාස්තු

✅ පැහැදිලි වෛද්‍ය උපදෙස් 💯

⛔ වැඩි විස්තර සඳහා/ ප්‍රතිකාර සඳහා
දිනයක් ලබාගැනීමට 0779 312 846
අමතන්න

🩺වෛද්‍ය D.R.M.R.රත්නායක
🔅BAMS කොළඹ විශ්වවිද්‍යාල
🔅PG Dip Orthopedic treatments
(University of colombo )
🔅Psychology and Counseling crtificate
(university of peradeniya )
🔅Diploma in Pharmacy (SLMC)

📌️අවුරෝරා ආයුර්වේදය
පලාපත්වල
මාතලේ

☎️ප්‍රතිකාර සදහා විමසන්න.
0779312846

🔰තැන් තැන් වල රස්තියාදු නොවී, ලෝකෙ කොතැන හිටියත්, ඔන්ලයින් ක්‍රමයට ප්‍රතිකාර ලබාගැනීමට සහ ඔන්ලයින් චැනලින් වලට සහභාගි විය හැකිය..
———————————————————————————————-
🩺වෛද්‍යතුමායගෙන් ආයුර්වේද ප්‍රතිකාර බලාපොරොත්තු වෙනවා නම්,
☎️ 0779312846

#ආයූර්වේද
#ස්නායුරෝග #ආතරයිටිස් #සයටීකා

18/11/2025

📢 බෙල්ලෙන් වේදනාවෙන් පෙළෙනවාද? අපි එය නිවැරදි කරමු! 🧠💆‍♀️

දුරකථන භාවිතා කිරීමේදී දිගු වේලාවක් සිටීම, දුර්වල ඉරියව් සහ වැඩ ආතතිය හේතුවෙන් බෙල්ලේ වේදනාව බහුලව දක්නට ලැබේ. ඔබට තද ගතිය, තියුණු වේදනාව හෝ සීමිත බෙල්ලේ චලනය දැනේ නම් -

✅ මෙන්න උපකාරී වන දේ:

💪 වේදනාව අඩු කිරීමට සහ සංචලනය වැඩි දියුණු කිරීමට මෘදු ව්‍යායාම.

🧘‍♂️ නිර්දේශිත බෙල්ලේ ව්‍යායාම:

1. බෙල්ලේ ඇලවීම් (පැත්තේ සිට පැත්තට) - බෙල්ලේ මාංශ පේශි ලිහිල් කර පරාසය වැඩි දියුණු කරන්න

2. බෙල්ලේ භ්‍රමණයන් (වමේ සිට දකුණට) - තද බව ලිහිල් කරන්න

3. නිකට ටක්ස් - බෙල්ල ශක්තිමත් කර පීඩනය අඩු කරන්න

4. උරහිස් රෝල්ස් - ඉහළ ශරීර ඉරියව්ව වැඩි කරන්න

5. බෙල්ල දිගු කිරීම සහ නැමීම - නම්‍යශීලී බව වැඩි කර තද බව අඩු කරන්න

🔁 සෙමින් සහ වේදනා රහිතව සෑම 5-10 වතාවක්ම නැවත කරන්න.

🚫 ඇඹරුම් චලනයන් හෝ අධික ලෙස වෙහෙසට පත්වීමෙන් වළකින්න.

💬 ඔබේ වේදනාව දින කිහිපයකට වඩා පවතී නම් හෝ නැවත පැමිණේ නම්, උපදෙස් ලබා ගැනීමට කාලයයි.

📍 👔Aurora Ayurveda හි අදම ඔබේ සැසිය වෙන්කරවා ගන්න

📞 දැන්ම අපට Call කරන්න☎️ 0779312846 අමතන්න

🧑‍⚕️ විශේෂඥ සත්කාර ඔබේ පහසුව සඳහා.

🧑‍💻බෙල්ල ආශ්‍රිතව ඇතිවන වේදනාව පිලිබඳව ඔබ දැනුවත්ද ?

දීර්ඝ කාලයක් තිස්සේ බෙල්ල ආශ්‍රිතව පවතින තද වේදනාව වර්තමානයේ සුලබව දැකිය හැකි රෝගයකි. බොහෝ විට වැරදි ඉරියව් හේතුවෙන් බෙල්ල ආශ්‍රිතව ඇති මාංශපේෂි අනවශ්‍ය ලෙස ඇදීමට ලක්වීම මෙයට ප්‍රධාන හේතුවක් වේ. තවද කශේරුකාවේ ඇති ග්‍රෛවී කශේරුකා පෙලෙහි ඇති ඔස්ටියෝආතරයිටිස් තත්වය ද බෙල්ලේ වේදනාව කෙරෙහි බලපාන ප්‍රධාන හේතුවක් වේ.
බෙල්ල ආශ්‍රිතව ඇතිවන වේදනාව ඇතැම්විට වෙනත් බරපතළ රෝග තත්වයක රෝග ලක්ශණයක් ලෙසද ඇති විය හැකි නිසා බෙල්ලේ වේදනාව සමග අතෙහි හෝ අත්ලෙහි ඇගිලිවල හිරිවැටීමක්, අතෙහි මාංශපේෂි වල ශක්තිමත් බවේ අඩුවීමක් හා උරහිසේ සිට අත දිගේ දිවෙන අධික වේදනාවක් හට ගත හොත් හෝ එම ලක්ශණ දින කිහිපයක් තිස්සේ දිගටම පවතීනම් නොපමාව වෛද්‍ය උපදෙස් කරා යොමු විය යුතුය.

✅ රෝග ලක්ශණ

♦️හිස එක දිගටම දීර්ඝ වේලවක් එකම ඉරියව්වක තබාගෙන සිටීමේදී ඇතිවන වේදනාව ( වාහනයක් පැදවීම, පරිගණකයක් ඉදිරියේ එක දිගට වැඩ කිරීම වැනි)
♦️බෙල්ල ආශ්‍රිතව ඇති මාංශපේෂිවල තද ගතිය සහ spasms
♦️බෙල්ලේ සාමාන්‍ය චලන පරාසයන් සීමා වීම නිසා බෙල්ල පහසුවෙන් හැරවීමට හා චලනය කිරීමට අපහසු වීම
♦️ හිසෙහි කැක්කුම සහ උරහිස වේදනාව ( referred pains)

✅ බෙල්ලේ වේදනාව හට ගැනීමට බලපාන හේතු

හිසෙහි බර දරාගැනීමට සහය වෙමින් වඩාත් නම්‍යශීලී ලෙස හිස හැරවීමට දායක වන බෙල්ල ආශ්‍රිතව ඇති කොටස් අනතුරු වලට ලක් වීමට හා වේදනාව ඇති කරමින් බෙල්ලෙහි චලනයන් සීමා කිරීමට වඩාත් ඉඩකඩක් ඇත.

♦️මාංශපේෂි අධික ලෙස ඇදීමට ලක්වීම නිසා (strain) බෙල්ල ආශ්‍රිතව වේදනාව හට ගත හැකිය. පරිගණකය , ජංගම දුරකථනය වැනි උපාංග පැය ගණනාවක් එකදිගට භාවිතා කිරීම නිසා මාංශපේෂි ඇදීමට ලක්වීමෙන් මෙම තත්වය හට ගත හැකිය. තවද වැරදි ඉරියව් වල සිටිමින් පොත් කියවීම හා බෙල්ල එක දිගටම නවාගෙන සිදු කරන වෙනත් ක්‍රියාකාරකම් නිසා බෙල්ලේ මාංශපේෂි අධික ලෙස ඇදීමට ලක්විය හැකිය.

♦️සන්ධි ආශ්‍රිතව ඇතිවන ගැටලු
ශරීරයේ ඇති වෙනත් සන්ධි මෙන්ම කශේරුකාවේ බෙල්ල ප්‍රදේශයේ ඇති කශේරුකා අතර සන්ධි වල ඇති කාටිලේජ ද වයස් ගත වත්ම ගෙවීමට ලක් වේ. මෙම ග්‍රෛවී කශේරුකා දෙකක් අතර ඇති කුෂන් වැනි කාටිලේජ ගෙවීයාම නිසා ඇති වන තත්වය cervical spondylosis ලෙස හදුන්වයි. මෙහිදී කශේරුකා වල දාර වලින් හට ගන්නා අස්ථිමය නෙරීම් (bone spurs) නිසා අධික වේදනාවක් හට ගන්නා අතර ඒවා නිසා ස්නායු ස්පර්ශ වීම හෝ තෙරපීම නිසා හිරිවැටීම , අධික වේදනාව සහ බෙල්ලේ සාමාන්‍ය චලන පරාසය සීමා වීම සිදුවේ.

♦️ස්නායු තෙරපීමට ලක් වීම.මෙහිදී නෙරා ගිය කාටිලේජ herniated discs හෝ අස්ථිමය උල් වැනි කොටස් ( bone spurs/ osteophytes) මගින් සුශුම්නාවෙන් විහිදෙන ස්නායු තෙරපීමට ලක් විය හැකියි. මෙහිදී හට ගන්නා බෙල්ලේ වේදනාව සමග අත් හිරිවැටීමට ලක් විය හැකිය.

♦️බෙල්ලට සිදු වන අනතුරු ( ගැස්සීම, ඉදිරියට හා පසුපසට ක්ෂණිකව තිගැස්සීම වැනි) නිසා බෙල්ලට හා ඒ අවට ඇති මෘදු පටක වලට හානි ඇති විය හැකිය.

♦️විවිධ රෝග තත්වයන් නිසා ( රුමැටොයිඩ් ආතරයිටිස් ,මෙනින්ජයිටිස්, පිළිකා වැනි ) බෙල්ලේ වේදනාව හට ගත හැකිය.

✅ රෝගය වැලැක්වීම

♦️බෙල්ලේ වේදනාව සදහා වැරදි ඉරියව් සහ වයස්ගතවීම සමග කාටිලේජ දුර්වල වීම යනා කරුණු සුලබව බලපාන නිසා හැකි සෑමා විටම නිවැරදි ඉරියව් අනුගමනය කිරීම සහා එදිනෙදා ජජීවිතයේ වැඩ කටයුතු වල සරල වෙනස්කම් සිදු කිරීම මගින් බෙල්ල සහ ඒ ආශ්‍රිතව ඇති මාංශපේෂි අනතුරු වලට ලක්වීම මගහැරවා ගත හැකිය.

♦️නිවැරදි ඉරියව් අනුගමනය කිරීම
හිදගෙන හා සිටගෙන සිටින විට උරහිස් යුගල, උකුල සන්ධිය සමග එකම සිරස් රේඛාවේ පවතින පරිදි සහ හිස සෑම විටම කශේරුකාව මත මධ්‍යගතව පවතින පරිදි ඉරියව් පවත්වා ගත යුතුය.

♦️පැය ගණනාවක් එක දිගටම වැඩ කරන විට හෝ දුර ගමන් වල යෙදෙන විට නිශ්චිත කාල පරාසයන්හිදී විවේකයක් ගැනීම. මෙහිදී බෙල්ල සහ උරහිස් සදහා නිවැරදිව දිගැදුම් ව්‍යායාම වල යෙදීම අත්‍යාවශ්‍ය වේ.

♦️කාර්‍යාලයීය පරිසරය ක්‍රමවත්ව සකස් කර ගැනීම. එහිදී පරිගණක තිරය ඇස් මට්ටමේ පවතින ලෙසත්, උකුල් සන්ධියට වඩා මදක් පහලින් දණහිස් පවතින ලෙසත්, පරිගණකය, මේසය හා පුටුව සකස් කර ගත යුතුයි. අත් ආධාරක සහිත පුටුවක් භාවිතා කල යුතුය.

♦️දුරකථනය භාවිතා කරන විට ජංගම දුරකථනය හෝ දුරකථන රිසීවරය කන හා උරහිස අතර රදවාගෙන කථාකිරීමෙන් වැලකිය යුතුය. මෙමගින් බෙල්ල අනවශ්‍ය ලෙස ඇදීමට ලක්වන අතර ඒ සදහා headset / speaker phones භාවිතා කල යුතුය.

♦️දුම් පානයෙන් වැලකීම

♦️අධික බර සහිත බෑග් මලු පටි ආධාරයෙන් උරහිස් වලින් ගෙන යාම වැලකිය යුතුය. අධික බර බෙල්ල ආශ්‍රිත මාංශපේෂි වලට හානි සිදු කරයි.

♦️නිදා ගැනීමේදී නිවැරදි ඉරියව් භාවිතා කිරීම. මෙහිදී බෙල්ලේ ස්වභාවික වක්‍රතාවය පවත්වා ගැනීමට කොට්ට භාවිතා කිරීම.

✅ රෝගය හදුනා ගැනීම

♦️භෞතික පරීක්ශන මගින් physical examination
♦️X ray
♦️CT Scan
♦️MRI
මෙහිදී බෙල්ලේ වේදනාව සදහා බලපාන කායික විද්‍යාත්මක හේතු හදුනා ගත හැකිය.
♦️EMG ( Electromyography ) පරීක්ශන
ස්නායු තෙරපීමක් තිබේදැයි හදුනා ගැනීම හා ස්නායු වල නිවැරදි ක්‍රියාකාරීත්වය පරීක්ෂා කරයි.
♦️රුධිර පරික්ෂණ
බෙල්ලේ වේදනාව සදහා බලපාන ආසාදන හා ප්‍රදාහය තත්වයන් හදුනා ගත හැකිවේ.

✅ සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරයෙකු ඔබේ බෙල්ල සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ හොඳින් පරීක්ෂා කර ප්‍රතිකාර කරනු ඇත. මෙය වේදනාව, මුදු මොළොක් බව, හිරිවැටීම, මාංශ පේශි දුර්වලතාවය සහ බෙල්ලේ චලන පරාසය වැනි ප්‍රදේශ කෙරෙහි අවධානය යොමු කරනු ඇත.

♦️මෙහිදී බෙල්ල ආශ්‍රිතව ඇතිවන වේදනාව අඩු කිරීම සදහා විවිධ ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම පාරම්පරික නිල ක්‍රම භාවිතා කරයි.
Cupping
අතින් සිදුකරන ප්‍රතිකාර (manual techniques )

මෙම ප්‍රතිකාර මගින් වේදනාව සහ ඉදිමුම සමනය කර බෙල්ල ආශ්‍රිතව ඇතිවන තද ගතිය අඩු කරයි.
♦️බෙල්ල සහ අත් හෝ අතේ ඇගිලිවල යම් හිරිවැටීමක් ඇති විට බෙල්ල යම් ඇදීමකට ලක් කිරීම මගින් සිදු කරන ප්‍රතිකාර ( crevical traction )
♦️බෙල්ල ආශ්‍රිතව ඇති මාංශපේෂි ශක්තිමත් කිරීමේ සහ ඇදීමේ ව්‍යායාම මගින් බෙල්ලේ නම්‍යශීලී බව සහ ශක්තිමත් බව වැඩිකරයි.
♦️තවද නිවැරදි ඉරියව් පවත්වා ගැනීමට උපදෙස් ලබා දීම ඉතා වැදගත් වේ. මෙහිදී කශේරුකාව මත ආතතිය අවම කරමින් බෙල්ල ආශ්‍රිතව ඇතිවන වේදනාව නැවත නැවත හට ගැනීම වලකාලීමට භෞතචිකිත්සක උපදෙස් ඉවහල් වේ.

#බෙල්ල #වේදනා

Forward head syndrome is a postural issue where the head is positioned in front of the shoulders, which can be caused by...
18/11/2025

Forward head syndrome is a postural issue where the head is positioned in front of the shoulders, which can be caused by prolonged use of electronic devices like smartphones and computers. This condition increases strain on the neck and can lead to symptoms like neck pain, headaches, and upper back tension.

Treatment often involves exercises and stretches, correcting posture while using screens, and adjusting your workstation to maintain a neutral spine.

What it is

Poor posture: Forward head syndrome, also known as forward head posture (FHP) or text neck, occurs when your head juts forward instead of sitting directly above your shoulders.
Increased strain: For every 2.5 cm your head moves forward, the pressure on your neck muscles doubles, like holding a bowling ball out in front of you instead of close to your body.

Causes

Technology use: Hunching over smartphones, tablets, and computers for long periods is a major cause.
Poor ergonomics: Slouching at a desk or using a workstation that is not set up ergonomically.
Other factors: Certain professions that require looking down for extended periods, such as dentists, surgeons, and hairdressers.

Symptoms

Neck and upper back pain: This can range from general soreness to sharp pain.
Headaches: Pain that often originates from the neck.
Stiffness and reduced mobility: The neck muscles can become tight and less able to move freely.
Tension: A feeling of tightness in the shoulders and upper back.
Nerve pain: In severe cases, pain can radiate from the neck to the shoulders and arms (cervical radiculopathy).

How to fix it

Improve your workstation:
Position your computer screen at eye level.
Adjust your chair so your feet are flat on the floor and your knees are slightly lower than your hips.
Keep your keyboard and mouse within easy reach.
Be mindful of your phone use: Avoid cradling your phone between your ear and shoulder.
Take regular breaks: Get up, move around, and stretch every 30 minutes to break poor postural habits.

Strengthen and stretch:

Perform stretches to lengthen the back of your neck.
Perform exercises to strengthen the muscles in the front of your neck and between your shoulder blades.

11/11/2025
කරුණාකරල අනිවාර්යෙන් කියවන්න... විනාඩි 2ක් යයි.. මාරම වටිනා ලිපියක්.. ඔබ බොහෝ දේ ඉගෙන ගනීවී.. ඇයි බොහෝ ආයුෂ ලබන්න පුලුවන...
10/11/2025

කරුණාකරල අනිවාර්යෙන් කියවන්න... විනාඩි 2ක් යයි.. මාරම වටිනා ලිපියක්.. ඔබ බොහෝ දේ ඉගෙන ගනීවී.. ඇයි බොහෝ ආයුෂ ලබන්න පුලුවන් කම තියෙද්දී අකාලයේ දුක් විදලා මැරිලා යන්නේ.. ✋ මෙන්න් කතාව..

කුස්සියේ සීනි බෝතලේ සැගවී සිටින අංක එකේ පිළිකා මාරයා

ශ්‍රී ලංකාවේ වාර්තා වන මරණ සදහා තුන්වන ප්‍රධානතම හේතුව පිළිකාවයි. සෑම වර්ෂයක දී ම පිළිකා රෝගීන් 15,000ක් පමණ අලූතින් වාර්තා වේ. සෑම වර්ෂයක දී ම පියයුරු පිළිකා රෝගයෙන් පමණක් දෙදහසක් පමණ මිය යති. ලංකාවේ එක් පුද්ගලයෙකු දිනකට සීනි ග්‍රෑම් 100කට වඩා අනුභව කරයි. දිනකට අනුභව කළ හැකි උපරිම සීනි ප්‍රමාණය ග්‍රෑම් 50කි.

හතර වරිගෙ කාටවත් පිළිකා රෝගය නො වැලඳුණු නිවසකින් අබ අහුරක් ගෙන එන්නැයි ලංකාවේ කාට හෝ පැවසුවහොත් එය නො අනුමානව අසීරු කාරණාවක් වනු ඇත. කෙනෙකු වෛද්‍යවරයෙකුගෙන් අසන්නට අකමැති ම, අමිහිරි ම වචන දෙකක් අපේ පරම්පරාවේ බොහෝ දෙනෙක් දැන් අසමින් සිටිති. ඔබට, ඔබේ ඥාතියාට පිළිකාවක්..

හැත්තෑවේ දශකයේ පටන්, තරුණ වියේ උදවිය හා ළමුන් හැට ගුණයකින් පමණ මෙම රෝගයට බිලි වෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්ථාවලට අනුව පැහැදිලි වේ. සංවර්ධිත රටවල අද්භූත ආකාරයෙන් පැතිරෙමින් පවතින පිළිකා වසංගතයෙන් අපේ රටට ද ගැලවීමක් නො මැති බව, සෞඛ්‍ය අමාත්‍යංශයේ සංඛ්‍යාලේඛණවලින් හෙළි වේ. අඩු වයසේ කාන්තාවන් පියයුරු පිළිකා රෝගයටත්, කිසිදා දුම් පානය හෝ මත්ද්‍රව්‍යය භාවිත නො කළ, නිරෝගී යැයි පෙනෙන තරුණයින් පිළිකා රෝගයට ගොදුරු වෙමින් පවතින බවත් පෙනෙන්නට ඇත.

කෘත‍්‍රිම රසායනික ද්‍රව්‍ය, මත් ද්‍රව්‍යය භාවිතය, වස විස සහිත ආහාර, පරිසර දූෂණය, ව්‍යායාම අඩුකම, මානසික පීඩනය වැනි හේතු පිළිකා සඳහා හේතු වන බව, කේක්, බිස්කට් කමින්, සුදු සීනි යහමින් දැමූ කිරි තේ බොමින් සාකච්ඡා කරන සම්මන්ත‍්‍රණ මේ මොහොතේත් ලෝකය පුරාම පැවැත්වෙනවා නිසැකය. එහෙත් සීනි, පිළිකා රෝගය සඳහා ප්‍රබල වශයෙන් බලපාන බව ඒ බොහෝ දෙනෙකු නො දන්නවා ඇත. නො තකනවා ඇත.

අප බොහෝ දෙනෙකු සීනි නිසාවෙන් ඇති විය හැකි රෝග තත්ත්වයන් වන දියවැඩියාව, අධික රුධිර පීඩනය, තරබාරුව, අධික කොලෙස්ටරෝල්, වකුගඩු ආබාධ වැනි රෝගාබාධ පිළිබඳ ව දැන සිටියත් සීනි සහ පිළිකාව අතර ඇති සම්බන්ධය පිළිබඳ ව ලොව පුරා ම ප්‍රමාණවත් පරිදි සාකච්ඡා කෙරී නැත. නො එසේ නම් දෙස් විදෙස් ආහාර කර්මාන්තකරුවන්ගේ ඊනියා වෙළඳ සාමය වෙනුවෙන් අමතක කරවා, යටගසා ඇත.

සීනි සහ පිළිකා රෝගය අතර සම්බන්ධය සොයා ගෙන ඇත්තේ අද ඊයේක නො ව, වර්ෂ 1931 දී තරම් ඈත කාලයේ දී ය. මෙම සොයා ගැනීම සිදු කළ ජර්මානු ජාතික ජීව විද්‍යාඥයෙකු වූ ඔටෝ හෙන්රිච් වෝබ්මාන් හට 1931 වර්ෂයේ දී වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන නොඛෙල් තෑග්ගද පිරි නැමී ඇත. උග්‍ර වර්ධකවල (Tumers) පරිවෘත්තිය බොහෝ දුරට රඳා පවතින්නේ ග්ලූකෝස් පරිභෝජනය මත බව ඔහු පෙන්වා දී ඇත. පිළිකා රෝගීන් හට, පිෂ්ඨය සහිත ආහාර ගැනීමට වැඩි රුචිකත්වයක් ඇති වීම ස්වාභාවික බවත් පර්යේෂණ මගින් පෙන්වා දී ඇත. කෙනෙකුගේ ශරීරයේ කොතැනක හෝ පිළිකාවක් ඇත්දැයි සොයා බැලීම සඳහා කෙරෙන පෙට් (PET SCAN) යන්ත‍්‍රය මගින් මනිනු ලබන්නේ, වැඩිපුර ම ග්ලූකෝස් ප්‍රමාණයක් පරිභෝජනය කරනු ලබන ස්ථානයන් ය. එසේ ශරීරයේ යම් තැනක සෛල, සීනි පරිභෝජනය අධිකව සිදු කරන්නේ නම් එයට හේතුව පිළිකාවක් විය හැකි ය.

සීනි කෑමෙන් පිළිකා හැදෙන්නේ මෙහෙමයි
පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු වන ඩේවිඞ් ශ්‍රීබර් මහතා මේ පිළිබඳ ව පැහැදිලි කරන්නේ මෙහෙමයි.
කෙනෙකු සුදු සීනි හෝ සුදු තිරිගු පිටි සහිත ආහාර වැඩිපුර අනුභව කරන විට, රුධිරයේ ග්ලූකෝස් මට්ටම වේගයෙන් ඉහළ නගී. මෙම ග්ලූකෝස් යාමනය කිරීම සඳහා ඉන්සියුලීන් හෝමෝනය වැඩි වැඩියෙන් ස්‍රාවය කරයි. මෙම ඉන්සියුලීන් ස්‍රාවයත් සමග, අයි. ජී. එස්. (Insulin Growth Factor) නමැති තවත් අනු වර්ගයක් නිකුත් වේ. එහි කාර්යභාරය වන්නේ, ෙසෙල වර්ධනය උත්තේජනය කිරීමයි. ප්‍රතිඵලය වන්නේ සීනි මගින් ෙසෙල පෝෂණය වී ඒවා වේගයෙන් වර්ධනය වීමයි. මෙම තත්ත්වය ප්‍රදාහය වැඩි වී, වර්ධන (Tumers ) වර්ධනය වීමට සරු කෙතක් ඇති කරවන තත්ත්වයකි.”

ඇමරිකානුවන් අතර සීනි සහ සුදු පාන් පිටි ආහාර පරිභෝජනය ඉතාමත් ඉහළය. සෑම ඇමරිකානු පුරවැසියන්ගෙන් තුන්දෙනෙකුගෙන් දෙදෙනෙකු ම ස්ථුලභාවයෙන් පෙළෙන අතර, ඇමරිකානුවන් අතර, දියවැඩියා රෝගීන්ගේ ගණන ඉතා ඉහළ අගයක් ගනී. එමෙන් ම සෑම ඇමරිකානුවන් හතර දෙනෙකුගෙන් එක් අයෙකු ම මිය යන්නේ ද පිළිකා රෝගයෙනි.
මීයන් ආශ්‍රිත ව කර ඇති පර්යේෂණයකට අනුව රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩි අවස්ථාවල දී ප්‍රතිපිළිකා ඖෂධ මගින් පිළිකා ෙසෙල විනාශ කිරීම අසීරු බව සොයා ගෙන ඇත. විවිධ සීනි මට්ටම් සහිත ආහාර, පිළිකා වර්ධනයට බලපාන ආකාරය පිළිබඳ ව කර ඇති පර්යේෂණ බොහෝ ය.

පිළිකා සෛල අඩංගු ද්‍රාවණයක් මීයන්ට එන්නත් කර මාස කිහිපයකට පසු කළ නිරීක්ෂණයන් පුදුම සහගත විය. රුධිරයේ සීනි මට්ටම අධික වූ මීයන් සියයට 70ක් ම මිය ගොස් සිටි අතරල අඩු සීනි සහිත ආහාර අනුභව කළ මීයන්ගෙන් මිය ගොස් සිටියේ සියයට 05ක් වැනි ඉතා සුළු ප‍්‍රමාණයකි. තව ද රුධිරයේ ග්ලූකෝස් සාන්ද්‍රණය අධික දියවැඩියා රෝගීන් හට පිළිකා රෝගය වැළඳීමේ වැඩි අවදානමක් පවතින බව, තවත් පර්යේෂණයක දී සොයා ගෙන ඇත. ජෛව රසායන විද්‍යාව පිළිබඳ කීර්තිමත් පර්යේෂකයෙකු මෙන්ම, මොන්ටි‍්‍රයල් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු ද වන, රිචඞ් ඛෙලිවෝ’ මහතා වරක් මෙසේ ප්‍රකාශ කර ඇත.

පිළිකා වර්ධනයට උපරිම වශයෙන් දායක වන ආහාරයක් සැලසුම් කිරීමට කිසිවෙකු මට පැවසූවොත්, මා නිර්දේශ කරන්නේ අප පරිභෝජනය කරන සීනි, සුදු තිරිගු පිටි සහ රසායනික ආකලනවලින් සමන්විත බටහිර පන්නයේ අපගේ ආහාරය යි.”

අධික සීනි සහ සුදු තිරිගු පිටි පරිභෝජනයක් සහිත යුරෝපීයයන්ට සාපේක්ෂව අඩු සීනි සහ සංකීර්ණ පිෂ්ඨය සහිත සාම්ප‍්‍රදායික ආහාර (කොස්, දෙල්, කුරක්කන්, රතු කැකුළු සහල් වැනි) වැඩියෙන් පරිභෝජනය කරන ආසියාතිකයින් අතර, පිළිකා රෝගීන් විරල වීමට, හේතු පැහැදිලි කර ගැනීම සඳහා ආලෝකවත් මාර්ගයක් මේ අනුව අප හමුවේ ඇත.
තරබාරුව, සීනි සහ පිළිකා රෝගය
තම සාම්ප‍්‍රදායික ආහාර වේලට ආයුබෝවන් කියූ, රටවල වසංගතයක් ලෙස පැතිර යන තවත් උවදුරක් නම්, තරබාරුකම ය. දුම්කොළ හැරුණු කොට පිළිකා කෙරෙහි බලපාන ප‍්‍රමුඛතම හේතුව, තරබාරුකම බව පිළිකා විශේෂඥයෝ පවසති. වයස අවුරුදු 18 දී තම ශරීර බරට වඩා කිලෝ ග්‍රෑම් 10කින් බර වැඩි වූ, මැදිවියේ කාන්තාවකට පියයුරු පිළිකාවක් වැළඳීමේ අවදානම දෙගුණයකින් පමණ වැඩි බව මෑතක දී මහා බි‍්‍රතාන්‍යයේ දී කළ පර්යේෂණයක දී හෙළි කරගෙන ඇත. අපේ රටේ ද තරබාරුකම දැන් දැන් සුලභ තත්ත්වයක් වෙමින් ඇත. පාසල් දරුවන්ගෙන් සියයට 6ක් තරබාරුකමින් පෙළෙන අතර, මැදිවියේ පිරිමින් බොහෝ දෙනෙකුට කළ ගෙඩියක් සේ ඉදිරියට නෙරා ගිය උදරයක් තිබීම සහ කාන්තාවන් බොහෝ දෙනෙකුගේ උදර දෙපසින් ටයර් මතු වීම සුලභ තත්ත්වයක්ව ඇත. තරබාරුව සඳහා වෙනත් හේතූන් ඇතත්, අධික සුදු පාන් පිටි සහ සීනි පරිභෝජනය මේ සඳහා හේතු වන බව අමුතුවෙන් කිව යුතු නො වේ.

ලංකාවේ සීනි කෑම
අන්දරේලාගේ කාලේ පටන් ම අප සීනි කෑමට රුසියන් වූවත්, වර්තමානයේ දී අපි ඉතා අධිකව සීනි සහ සුදු තිරිගු පිටි සහිත ආහාර පරිභෝජනය සඳහා මහත් ගිජු බවක් දක්වන්නෙමු. අපේ රටේ දෛනික ඒක පුද්ගල සීනි පරිභෝජනය ග්‍රෑම් 100 ද ඉක්මවා තිබීමෙන් මේ බව හොඳින් පැහැදිලි වේ. සාමාන්‍යයෙන් පුද්ගලයෙකුගේ සීනි පරිභෝජනයෙන් සීනි ලෙස ලබා ගනුයේ 1/3ක් පමණ වන අතර, ඉතිරි 2/3ක ප‍්‍රමාණය සීනි එක් කර සකස් කර ඇති ආහාර වර්ගවලින් ලබා ගනී. උදේ ඉදන් රෑ වෙනකල් විනයක් නැති කට තුළින් ආමාශගත කරගනු ලබන ටොෆි, චොක්ලට්, චුවින්ගම්, කේක්, බිස්කට්, ක‍්‍රීම් ක‍්‍රැකර්, අයිස්ක‍්‍රීම්, ජෑම්, ජෙලි, කිරි, රස කළ කිරි පැකට්, මෝල්ට් කිරි, සෝස් වර්ග, සිසිල් බීම, පැණි බීම, මෙකී නො කී නා නා ප‍්‍රකාරයේ ආහාර යැයි හඳුන්වන දේවල් තුළ ඇත්තේ, මෙම එකතු කළ සීනි සහ සුදු තිරිගු පිටි ය. ඩයි වර්ග, කල්තබා ගැනීමේ ද්‍රව්‍ය, කෘත‍්‍රිම රසකාරක වැනි කිසිදු ආහාරමය ගුණයක් නැති පිළිකා කාරක ද සහිත ආහාර ‘වස කාරකයන්ය.
දිනකට උපරිම වශයෙන් ආහාරයට ගත හැකි සීනි ප‍්‍රමාණය තේ හැඳි 10කි.
අප දෛනිකව ගනු ලබන ස්වාභාවික ආහාර තුළ දෛනිකව අපට අවශ්‍ය සීනි ප‍්‍රමාණය (කාබෝහයිඩ්‍රේට්) අන්තර්ගත වන බැවින් අතිරේකව සීනි ඇටයක්වත් ලබා ගැනීම අනවශ්‍ය බව වෛද්‍ය විද්‍යානුකූල මතය වුවත් වැඩිහිටි පිරිමියෙකු දිනකට උපරිමව එකතු කරන ලද සීනි තේ හැඳි 10ක් ද (ග‍්‍රෑම් 50) ගැහැනියක තේ හැදි 9ක් ද, ළමයෙකු ඉන් අඩක් ද ලෙස අනුභව කිරීම හානිකර නො වන බවත් එය ඉක්මවා අනුභව කිරීම අනතුරුදායක බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවා ඇත්තේ නිකමට නො වන බව අවධාරණය කළ යුතු ව ඇත. කෙසේ වෙතත් මෙම අනුමත ප‍්‍රමාණයන් ඉතා බරපතළ ලෙස අභිභවා ගොස් ඇති බව නම් කිව යුතු ව ඇත.
ආදරේට ටොෆි චොක්ලට් – අම්මලා තාත්තලාගේ අවධානය පිණිසයි..

වෙළෙඳ පොළේ දකින දකින පැණි රස ආහාර වර්ග මහත් ආදරයෙන් තම දරුවන්ට කවන දෙමව්පියන්ගේ අවධානය සඳහා, බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයේ ප‍්‍රධාන පෝෂණ විශේෂඥ වෛද්‍ය, රේණුකා ජයතිස්ස මහත්මිය විසින් කළ ප‍්‍රකාශයක දැක්වෙන, සුලභ ආහාර වර්ග කිහිපයක ඇති සීනි ප‍්‍රමාණයන් පහත පරිදි වේ.

චොක්ලට් ග්‍රෑම් 50ක සීනි තේ හැඳි 07ක්
චොක්ලට් බිස්කට් 1 – සීනි තේ හැඳි 1-2ක්
කේක් කෑල්ලක් (සාමාන්‍ය ග්‍රෑම් 50ක) – සීනි තේ හැඳි 05ක්
කෝලා වර්ගයේ බීම වීදුරුවක – සීනි තේ හැඳි 05ක්
අයිස්ක්‍රීම් කප් එකක – සීනි තේ හැඳි 04ක්
ජෑම් මේස හැදි එකක සීනි තේ හැඳි 02ක්
මෝල්ට් වර්ගයේ කිරිපිටි මේස හැඳි එකක – සීනි තේ හැඳි 2-3ක්
රස කළ කිරි පැකට් එකක – සීනි තේ හැඳි 2-3ක්
බිස්කට් (පැණි රස) එකක – සීනි තේ හැඳි 1/2ක්
සෝස් මේස හැදි එකක – සීනි තේ හැඳි 1ක්
(මීට අමතර ව සුදු පාන් පෙති එකක් අනුභවයෙන් ක්ෂණික ව රුධිරයට සීනි තේ හැඳි 3ක් ලැඛෙන බවත්, දිනකට සීනි දැමූ තේ කෝප්ප 3ක් පානය කරන්නෙකු සීනි තේ හැඳි 6ක් අනුභව කරන බවත් අවධාරණය කළ යුතු ව ඇත.)

අපේ රටේ ජනගහනයෙන් 15%ක් පමණ දියවැඩියා රෝගයෙන් පෙළෙන බවත් දිනකට දියවැඩියා රෝගීන්ගේ ආසාදනය වූ පාද 700ක් පමණ කපා ඉවත් කරන බවත් දිනකට 150 දෙනෙකු පමණ දියවැඩියා රෝගය නිසාවෙන් මිය යන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග පෙන්වා දෙනු ලබන බරපතළ කාරණාවක් නො වේ ද ?

අනෙක් අතට අප සමස්ත අග්නිදිග ආසියාතික රටවලින් දියවැඩියා රෝගය අතින් පළමු තැනටත් ලෝකයෙන් ම 21 වැනි ස්ථානයටත් පත්ව තිබීම ජාතියේ ම අවාසනාවකි. දියවැඩියා රෝගය සඳහා විවිධ හේතු ඇතත්, මෙරට වාසීන්ගේ අධික සීනි එකතු කළ සීනි සහිත කෘත‍්‍රිම අහාර පාන සහ සුදු පාන් පිටි පරිභෝජනය ද මෙම තත්ත්වය ඇති කිරීම සඳහා විශාල දායකත්වයක් නො දක්වන්නේ යැයි කිසිවෙකුට හෝ කිව නො හැකි ය.

නිරෝගී දිවියක් උදෙසා රස තෘෂ්ණාවට තිත තබමු.
ලංකාවේ ජනයාගේ ඇවතුම් පැවතුම්, ජීවන විලාසයන්, සාරධර්ම, කන බොන විදිය, ලෙඩ රෝග, ඒවාට ඛෙහෙත්, මේ හැම දෙයක් ම දැන් ඉතා බරපතළ ලෙස බිස්නස්කරණය” කෙරෙමින් පවතී.

ඔබට දැන් ඩෙංගු රෝගයෙන් වැළකී සිටින්නට මඳුරු කොයිල්, මඳුරු විකර්ශක ක‍්‍රීම් ජාති, ඛෙහෙත් ගල්වපු මඳුරු දැල් ඇත. හෘදයාබාධවලින් වැළකී සිටින්නට, හදවතට හිතකර මේද ම ය තැවරුම්”, නන් ෆැට්” කිරි ඇත. ඔස්ටියෝපොරෝසිස්” රෝගයෙන් වැළකී සිටින්නට, අධි කැල්සියම් කිරි පිටි වර්ග ඇත. දරුවන් බුද්ධිමත් කරන්නට ෆෝලික් අම්ලයෙන් ,ඞීඑච්.ඒ. වලින් සරු කළ කිරි පිටි වර්ග ඇත. දවසේ ශක්තියට මෝල්ට් කිරි වර්ග ඇත.
වෙළෙන්දන්ගේ ආලවට්ටන්, පුරාජේරු කථා, ගුවන් තරංග මාලා ඔස්සේ ඇවිත්, ජනයාගේ දෑස් නිලංකාර කරවා ඇත. අපේ රටේ බොහෝ දෙනෙකු තම ශරීර සෞඛ්‍යට බලපානු ලබන වැදගත් දේ පිළිබඳ ව තීරණය කිරීම වෙළෙන්දන්ට බාර දී, සිතීමේ ක‍්‍රියාවලියෙන් බැහැර වී ඇතැයි කීවොත් නිවැරදි ය. මේ කූට වෙළඳ පරපුරේ ඇත්තන් විසින් මිනිසාගේ එක ම පරමාදර්ශය පංච කාමයන් පිනවීම පමණක් බව අපට කියා සිටී. එලෙස පංච කාම වස්තූන් අධිකව පිනවීමේ ආදීන ව දැන් දැන් අපි ඉතාමත් බරපතළ ලෙස අත් විඳිමින් සිටින්නෙමු.

එකල සකල විධ තෘෂ්ණාවෙන් පෙළුණු සිටුවරයෙකු උඩු මහළට වී සිය බිරිඳට කියා රහසින් පැණි කොමු පිස කන්නට ගොසින් කර ගත් අලකලංචිය ගැන අපි දන්නෙමු. පැණි රසයට ලොල් වී පැණි බෝතලයට වැටී සිය දිවි නසා ගන්නා ඇඹළයන් අපි දැක ඇත්තෙමු. වතුර නටන තුරු වතුර අහෝ සැපයි කියමින් දිය කෙළින කකුළුවන්ට අත් වන්නට යන ඉරණම පිළිබඳ ව ද අපි දන්නෙමු.

එබැවින් පැණි රස තෘෂ්ණාව නිසාවෙන් ඔබ ලබා ගත් වටිනා කියන මිනිස් ආත්මයට රෝග පීඩාදීන්ගේ වාසස්ථානයක් වන්නට ඉඩ දෙන්න එපා. මෙකී කාරණා පිළිබඳ ව ඔබත් සැලකිලිමත් නම් අදම, මේ දැන් ම ඔබේ ආහාරයෙන් සීනි කපා හැරීම ආරම්භ කරන්න. එවිට ඔබේ දිවේ රසාංකුරවලට ආහාරවල ඇති ස්වාභාවික රසයන් දැනෙන්නට පටන් ගනීවී. ක‍්‍රමයෙන් සීනිවලට ඇති කෑදරකම පහව යාවි. ඔබේ ශරීරය නිදහස් සහ සුවදායී තත්ත්වයකට පත් වේවි. එය අනෙක් අතට සීනි සහ සකස් කළ කෘති‍්‍රම රස කැවිලි සඳහා වැයවන මුදල් ද ඉතිරි වීමෙන් ඔබේ පසුම්බියටත්, අනෙක් අතට රටේ ආර්ථිකයටත් මහත් සැහැල්ලූවක් වනු ඇත. සීනි කෑමෙන් ඇති විය හැකි රෝගාබාධ රාශියකින් බේරී සිටීමේ වාසනාව ද ලබන ඔබ, නිරෝගී දිගු දිවියක ආරම්භය ද සනිටුහන් කරගන්නවා නිසැක ය.

අන්දරේ මහතාගේ පඩි දවස අදයි. පඩි දාට තම බිරිඳ නො වරදවා ම තම අත තබන මාසේ බඩු ලැයිස්තුව දෙස නිකමට බැලූ අන්දරේ මහතා එහි සඳහන් එක් දෙයක් පිළිබඳ ව විශේෂයෙන් අවධානය යොමු කරන ලදි. සීනි කිලෝ 6ක්”? තම පවුලේ සාමාජිකයින් හතර දෙනා සෑම මසක දී ම සුදු සීනි කිලෝ ග‍්‍රෑම් 6ක් අනුභව කරනවා. වැඩි නැද්ද හාමිනේ?”

සීනි කිලෝ 6, අන්දරේ මහතාගේ සාක්කුවට පමණක් දැනෙන කාරණාවක් ද යන්න අපි සොයා බලමු.
මෙම ප‍්‍රමාණය ග‍්‍රෑම්වලින් නම් ග‍්‍රෑම් 6,000කි.
මෙම පවුලේ එක් පුද්ගලයෙකු දිනකට සීනි ලෙස පමණක් පරිභෝජනය කරන සීනි ප‍්‍රමාණය මෙසේ ගණනය කරමු.

පරිභෝජනය කරන සීනි ග්‍රෑම් ගණන – 6,000
දින (30) පවුලේ සාමාජිකයින් සංඛ්‍යාව (4) – 120
6000/120 – 50
පිළිතුර ග්‍රෑම් 50කි. එනම් තේ හැඳි 10කි.

දිනකට වැඩිහිටි පිරිමියෙකු අතිරේකව සීනි තේ හැඳි 10ක්, ගැහැනියෙකු සීනි තේ හැඳි 9ක් සහ ළමයෙකු සීනි තේ හැඳි 6කට වඩා ආහාරයට ගැනීම සෞඛ්‍යට අනතුරුදායක බවයි වෛද්‍යවරු පවසන්නේ. මෙයට අමතර ව දිනපතා ම නිවසේ දී මෙන් ම, කාර්යාලය තුළ දී, මඟතොටේ දී අනුභව කරන බිස්කට්, සෝස්, පාන්, බනිස්, රස කළ කිරි පැකට්, යෝගට්, අයිස් ක්‍රීම්, කේක්, ටොෆි, චුවින්ගම් මගින් අනුභව කෙරෙන සීනි ප්‍රමාණය කොතෙක් දැයි ලෙහෙසියෙන් ගණනය කළ නො හැකි ය.
දැන් තේරෙනවා නේද අපේ රටේ සියලූ ම අන්දරේලා තම කටවල්වලට විනය නීති පනවා ගත යුතු බව?

අනිවාර්යයෙන්ම share කරන්න.. රටම දැනුවත් කරන්න.. පිළිකාවෙන් සිදුවන මරණ වලකමු..❤️
ගැමුණු සාලිය පෙරේරා, මහජන සෞඛ්‍ය පරීක්ෂක, ඇල්ල.ස්තුතියි❤️ ඔබතුමාට.
උපුටා ගැනීමක්!

07/11/2025

💢 බෙල්ලේ වේදනාව? 😫 ඇයි මේ බෙල්ල රිදෙන්නේ? 💢

අද ගොඩක් දෙනෙක්, වයස් භේදයක් නැතුව කියන දෙයක් තමයි "අයියෝ බෙල්ල රිදෙනවා" කියන එක. සමහරුන්ට උදේට නැගිට්ටම බෙල්ල හොලවන්න බෑ, සමහරුන්ට දවසම කොම්පියුටර් එක ඉස්සරහ ඉඳලා බෙල්ල තද වෙලා... 💻

ඉතින්, ඇයි ඇත්තටම මේ විදිහට බෙල්ල රිදෙන්නේ? 🤔 අපි බලමු ප්‍රධානම හේතු එකින් එක.

⭕ බෙල්ලේ වේදනාවට ප්‍රධාන හේතු:

⛔ නුසුදුසු ඉරියව් (Poor Posture) 📱

⚡මේක තමයි අද කාලේ ප්‍රධානම හේතුව.

✒️එක දිගට කොම්පියුටර් එකට හෝ ෆෝන් එකට පාත් වෙලා ඉන්න එක (මේකට 'Text Neck' කියලත් කියනවා).
✒️ටීවී බලනකොට, පොත් කියවනකොට වැරදි විදිහට ඉන්න එක.
✒️වාඩි වෙලා ඉන්නකොට කුදු ගැහිලා ඉන්න එක.

⛔ මාංශ පේශී වෙහෙසීම (Muscle Strain) 💪

⚡බෙල්ල අවට මාංශ පේශී වලට අධික වෙහෙසක් දැරීමට සිදුවීම

✒️එකපාරටම බෙල්ල තදින් හැරවීම.
✒️බර බෑග් 👜 එක පැත්තකින් දිගටම එල්ලාගෙන යාම.
✒️වැරදි විදිහට ව්‍යායාම කිරීම.
✒️ගොඩක් වෙලා එක දිගට වාහන පැදවීම 🚗.

⛔ නින්දේ ගැටළු (Sleeping Issues) 😴

⚡ උදේ නැගිටිනකොටම බෙල්ල රිදෙනවා නම්, හේතුව මේක වෙන්න පුළුවන්.

✒️ නුසුදුසු කොට්ටයක් පාවිච්චි කිරීම (ගොඩක් උස හෝ ගොඩක් මිටි). 🛏️
✒️බඩ යට අතට (උදරය මත) නිදාගැනීම (මේකෙදි බෙල්ල පැත්තකට හැරිලයි තියෙන්නේ).
✒️ සෝෆා එකේ වගේ අපහසු තැනක නින්ද යාම.

⛔මානසික ආතතිය (Stress and Tension)

⚡ඔබ පුදුම වෙයි, ඒත් stress එක බෙල්ලට කෙලින්ම බලපානවා.
✒️අපිට මානසික ආතතියක් දැනුනම, අපිටත් නොදැනීම බෙල්ලේ සහ උරහිසේ මස්පිඬු තද (tense) වෙනවා.
✒️මේ තද ගතිය දිගටම පැවතුනම, ඒක වේදනාවක් බවට පත් වෙනවා.

⛔වයසත් සමඟ වන Wear and Tear 👵👴

⚡වයසට යද්දී, අපේ සිරුරේ අනිත් සන්ධි වගේම බෙල්ලේ සන්ධිත් ගෙවෙන්න පටන් ගන්නවා.
✒️Osteoarthritis (සන්ධි ගෙවීම): කශේරුකා අතර සන්ධි ගෙවීම.
✒️Spondylosis: කශේරුකා වල සිදුවන ගෙවීම් සහ වෙනස්කම්.
✒️Degenerative Disc Disease: කශේරුකා අතර තියෙන ඩිස්ක් (Discs) ගෙවීම.

⛔හදිසි අනතුරු (Injuries) 💥

⚡බෙල්ලට සිදුවන ක්ෂණික තුවාල.
✒️වාහන අනතුරු 🚗 (විශේෂයෙන් පිටුපසින් හැප්පීමකදී - Whiplash).
✒️ක්‍රීඩා කරන විට වන තුවාල 🤕 (උදා: Rugby, Diving).
✒️ඉහළ තැනකින් වැටීම.

⛔ ස්නායු තෙරපීම (Nerve Compression)

⚡මේක ටිකක් බරපතල තත්වයක්.

✒️බෙල්ලේ කශේරුකා අතර තියෙන ඩිස්ක් එකක් පැනීම (Herniated Disc) නිසා එතනින් අත් වලට යන ස්නායුවක් (nerve) තෙරපීම.
✒️මේකෙදී බෙල්ලේ වේදනාවට අමතරව, වේදනාව අත දිගේ පහළට යනවා වගේම, අත් හිරිවැටීමක් හෝ දුර්වලකමක් දැනෙන්න පුළුවන්.

⛔වෙනත් රෝගී තත්වයන් (Other Medical Conditions) 🩺
ඉතාම දුර්ලභ වුණත්, වෙනත් රෝගී තත්වයන් නිසාත් බෙල්ලේ වේදනාව එන්න පුළුවන්.
* සමහර ආසාදන (Infections).
* වෙනත් බරපතල රෝගී තත්වයන් (උදා: Tumors, Rheumatoid Arthritis).
මොකක්ද කළ යුත්තේ?
ඉතින් මේ හේතු වලින් එකක් හෝ කීපයක් ඔබේ බෙල්ලේ වේදනාවට බලපාන්න පුළුවන්. 🧐
වැදගත්ම දේ: බෙල්ලේ වේදනාව නිකන්ම "ටිකක් අමාරුයි" කියලා හිතලා නොසලකා හරින්න එපා. 🚫

Urine Color Guide: What Your P*e Says About Your Health 👇
03/11/2025

Urine Color Guide: What Your P*e Says About Your Health 👇

⛔ ඔබත් ආතරයිටිස්  වේදනාව නිසා පීඩාවෙන්ද? කෙතරම් ප්‍රතිකාර කළත් සුවයක් නැත්ද? 🌻දහස් ගණන් ආතරයිටිස්  රෝගීන් සුව කළ  #අරෝරා...
30/10/2025

⛔ ඔබත් ආතරයිටිස් වේදනාව නිසා පීඩාවෙන්ද?

කෙතරම් ප්‍රතිකාර කළත් සුවයක් නැත්ද?

🌻දහස් ගණන් ආතරයිටිස් රෝගීන් සුව කළ #අරෝරා ආයුර්වේද සතුව ඒ සඳහාම සුවිශේෂී ප්‍රතිකාර තිබෙනවා. වසර 15 කට වැඩි අත්දැකීම් සහිත, දක්ෂ වෛද්‍යවරුන් ඔබට ප්‍රතිකාර සඳහා කැපවී සිටිනවා.

✅ #ආයුර්වේද ප්‍රතිකාර/ඖෂධීය

✅ #තෙල්සාත්තුව

✅ #නිලවෙදකම

✅ #කායිකචිකිත්සාව

⛔ ඔබේ වේදනා, කැක්කුම් වලට ඉක්මන් හා නිසැක සුවය දෙන්න අපට පුලුවන්.

ඔබ තවත් වේදනා විඳිය යුතු නැහැ 😊

✅ ,අතුරු ආබාධ,ශල්‍යකර්ම නැත

✅ මූලික රෝග පරීක්ෂා ගාස්තුව නොමැත

✅ ඉන්පස, රෝග මට්ටම අනුව අවශ්‍ය
ප්‍රතිකාර සදහා ඉතා සාධාරණ ගාස්තු

✅ පැහැදිලි වෛද්‍ය උපදෙස් 💯

⛔ වැඩි විස්තර සඳහා/ ප්‍රතිකාර සඳහා
දිනයක් ලබාගැනීමට 0779 312 846
අමතන්න

🩺වෛද්‍ය D.R.M.R.රත්නායක
🔅BAMS කොළඹ විශ්වවිද්‍යාල
🔅PG Dip Orthopedic treatments
(University of colombo )
🔅Psychology and Counseling crtificate
(university of peradeniya )
🔅Diploma in Pharmacy (SLMC)

📌️අවුරෝරා ආයුර්වේදය
පලාපත්වල
මාතලේ

☎️ප්‍රතිකාර සදහා විමසන්න.
0779312846

🔰තැන් තැන් වල රස්තියාදු නොවී, ලෝකෙ කොතැන හිටියත්, ඔන්ලයින් ක්‍රමයට ප්‍රතිකාර ලබාගැනීමට සහ ඔන්ලයින් චැනලින් වලට සහභාගි විය හැකිය..
———————————————————————————————-
🩺වෛද්‍යතුමායගෙන් ආයුර්වේද ප්‍රතිකාර බලාපොරොත්තු වෙනවා නම්,
☎️ 0779312846

#ආයූර්වේද
#ස්නායුරෝග #ආතරයිටිස් #සයටීකා

14/10/2025

වැදගත් වේවි කියවලා බලන්න

දනහිස් වේදනාව
අද රටේ බහුතරයකට වගේ නිතර නිතර සෑදෙන දනහිස් වේදනාව තමා අහන්න ලැබෙන්නේ

මේ සදහ බලපාන හේතු සාදකනම් බෝහෝමයක් තිබෙනවා නමුත් ඒ සෑම එකක් පිලිබද වම දැනුවත් කීරීමට අපහසු හෙයින් .ඔබට තේරුමි ගැනීමට පහසු වෙන පරදි තෝරා ගත් කරුනු කීපයකුත්.සුලු දනහිස් අමාරුවක් ආ පසු එක පාරටම වෛද්‍යවරුන් ලගට දුවන්නෙ නැතිව ගෙදරදීම කරගත හැකි ප්‍රතිකාර ක්‍රම ටිකක් කියා දෙමි....

හරි අපි බලමු දැන් දනහිස් සන්දිය සෑදී ඇත්තේ කෙසේද කියා...මෙය අස්ති හතරකින් සෑදි ඇත එනම් femur.tibia .fibula.සහ pattella යන අස්ථි වලිනි රෑපයේ පරිදි උඩින් femur එකත් යටින් tibia .fibular යන දෙකත් ඉදිරියෙන් නිදහසේ දනිස් පොල් කට්ට නැමති pattella එකත් සම්බන්ද වේ ..මෙම සන්දියේ මැද meniscus නැමති කාටිලේජයක් පිහිටා ඇත.මෙය සන්දියට කම්පන දරා ගැනීමට සහ උඩ අස්තියත් පහල අස්ථි යත් දෙක ඝට්ටනය වීම වැලකීම සදහ පිහිටා ඇත.මෙම සන්දියේ එහා මෙහා යාම වැලකීම සදහ සන්දිය කන්ඩරා එනම් Ligement හතරකින් බැදී ඇත එනම් ACL..PCL...MCL...LCL..යන මේවාය...මෙම ligement වැඩියෙන්ම damage වන්නේ ක්‍රීඩක ක්‍රිඩිකාවන්ගේය..මෙය 100%damege උනත් යලි ශෛල කර්මයකින් ස්තාපිත කල හැක...උඩින් එන quadriceps..පිටුපසින් Hamstring කියන mucsels group මෙයට සම්බන්ද වේ මෙමගින් කුකුල නැමීමෙ දීග හැරීමේ හැකියාව ලබා දෙයි..තවත මෙම සන්දියේ synovial fluid එක නැමති දියරමයකින් පිරී පවති මෙය දනහිසේ ලිහිසිබාවයට උදවුවේ .......

🟢අපි දැන් බලමු මේ දනහිස් අමාරුවට හේතු මොනවද කියලා....

🔹Ligament sprain .කන්ඩරා ඇබරීමක්
🔹Meniscus tear මැද කාටිලේජය ඉරීමක් කඩතොලුවීමකදි
🔹Mucsels sprain ඉහත දැක්වු මස්පිඩු ඇඹරීමකදී
🔹අස්ථි බිදීමකදී
🔹Mucsels tightness මස්පිඩු තද වීමකදී
🔥මේ සියල්ල වැරදි ඉරියවු..අදික වියායාම...අදික තරබාරු කම....නිසා විය හැක...
🔥කිසිම වියායාම යක් නොමැති කමත් දනිස් අමාරැව ඒමට තවත් එක්තරා කරුනකි...

🟣දනහිස ආශ්‍රිත සෑදෙන රෝග...

🔶Knee osteoarthritis (මැද කාටිලේජය ගෙවීමකින් හෝ කැඩියාමකින් හට ගනී)
🔶Knee rheumatic arthritis (මෙය autoimmune desease එකකි එනම් තමන්ගේ ප්‍රතිශක්ති පද්දතියේම බලපෑමකින් මැද කාටිලේජය කා දමයි)
🔶Cyst හට ගන්නා ගෙඩි නිසා
🔶Pattella tendanitis පැටෙල්ලා ටෙන්ඩන් එකේ හට ගන්නා ප්‍රදාහක තත්ව
🔶Hamstring tendaniti
🔶synovitis මධ්‍ය දියරමයයේ හට ගන්නා ප්‍රදාහක තත්ව
තව විශාල ප්‍රමානයක් ඇත.....

🔹රෝග ලක්ෂණ

🔹අදික වේදනාව
🔹ඉදිමීම (arthritis condition වලදීමෙය නිතර නිතර ඇතිවේ)
🔹දිගහැරීමට නැමීමට ඇති අපහසු තාව
🔹ඇවිදීමේ අපහසුතාව
🔹හිටගෙන සිට නැගිටීමේදි අපහසුව

🟣ඔබගේ් දනහිසට යමක් උන වෙලාවේම ඔබ කල යුත්තේ එනම් ඇඹරීමක් තැලීමක්.කෙටීමක් ..එය නොසොල්වා පැය 2 න්2ට වත් දවසක්වත් යනතුරු අයිස් තැබීමයි.ඉන්පසු එය නොසොල්වා තබා ගැනීමට බැනඩේජ් එකක් දමන්න දින තුනක් පමන මෙමගින් ඔබට සිදු උන අනතුර වැඩි නොවී පවත්වා ගත හැක..........මුකුත් ගාන්න අතගාන්න යන්න එපා ප්‍රතිකාර පටන් ගතයුත්තෙ දින තුනකට පමන පසුවය...........(පරන එකකට මෙය අදාල නොවේ)

🟣හරි අපි බලමු කරන්න පුලුවන් ප්‍රතිකාර මොනවද කියලා...
🟣 මුලින් ඔබ කල යුත්තේ හොද ලොකු සාලුවක් සොයා ගැනීමයි.ඊට පස්සෙ හොද උනු වතුර එකක් නටවා ගන්න ඉන්පසු 50c අංශක පමන නිමාගෙන අර සාලුව එම උනු වතුරේ හොදින් පොගවා රස්නය තිබියදීම සාලුව කකුල වටේ වට 2-3 පමන ඔතන්න ..ඉන් පසු නිවීගෙන එන විට යලිත් සාලුව කකුලේ තිබියදීම උනු වතුර ටික ටික එකතු කරන්න මෙය විනාඩි 20 පමන කරන්න..ඉන් පසු මම රෑපයේ දක්වා ඇති ආකාරයට වියායාම ටික එකකින් 15 සැරය බැගින් කරන්න පලමු දවසේ පහ බැගින්ද දෙවනි දවසේ දහය බැගින්ද තුන්වන දිනයේ පහලොව බැගින් පරදි කරන්න...වියායාම අවසන්වූ පසු ආයුර්වේද සංස්තාවේ ගහන වාත විදුරංග තෙල් හෝ නාරායන තෙල් කුප්පියක් අරන් දනිස්සේ ඉදිරිපසත් පිටු පසත් දෙපැත්‍ගතෙත් හරියටම විනාඩි 10 පමන හොදින් මහපට ඇගිල්ලෙන් හොදට රවුමට පිරිමදින්න ඉන්පසු තෙල් යලිත් දනිස්සෙන් උඩ මස්පිඩුවලත් පිටිපස මස්පිඩු වලත් යට බත් කෙන්දෙත් හොදට ගාලා තව විනාඩි 10 පමන උඩ අතට පිරි මදින්න ...මෙය ටික දිනක් කරන විට ඔබට යම් කිසි සුවයක් දැනේවි..හැබැයි කියල තියෙන පිලිවලටම උනන්දුවෙන් කලොත් ජය නියතයි...
🔶ඊට අමතරව මේ පහත සදහන් දේවල් ටික බොන්න පුලුවන් නම් ගොඩක් හොදයි..මොකද ගෙවී ගිය කාටිලේජ නැවත වර්දනයට සහ මස්පිඩු ශක්තිමත් බාවයට හොදයි...
🍎හැමදාම කෝමාරිකා කෑල්ලක් බෙන්ඩර් කරලා දෙහි බිංදු කීපයක් ද සීනි චුට්ටක් දමා බොන්න....
🍎බිත්තර සුදු මදයට තලතෙල් තේ හැන්දක් පමනක් දමා සෑම දාම බොන්න...
🍎හැමදාම බන්ඩක්කා කන්න තියෙනවනම් ඒකත් හොදයි..
🔶 මා ලද දෙයින් ඔබට ප්‍රයොජනයක් ගැනීම සදහ මෙය පල කලෙමු ඔබත් හැකිතාක් මෙය බෙදා දෙන්න තව අයෙකුගේ හිත සුව පිනිස...තෙරුවන්සරනයි...

මුල්හිමිකරැට ස්තුතියි

Address

පලාපත්වල මාතලේ
Palapathwela

Opening Hours

Monday 16:15 - 20:00
Tuesday 16:15 - 20:00
Wednesday 16:15 - 20:00
Thursday 16:15 - 20:00
Friday 16:15 - 20:00
Sunday 08:15 - 18:00

Telephone

+94715697413

Alerts

Be the first to know and let us send you an email when 𝐚𝐮𝐫𝐨𝐫𝐚 𝐀𝐲𝐮𝐫𝐯𝐞𝐝𝐚 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to 𝐚𝐮𝐫𝐨𝐫𝐚 𝐀𝐲𝐮𝐫𝐯𝐞𝐝𝐚:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram