Suwa Arana Diabetic Center

Suwa Arana Diabetic Center Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Suwa Arana Diabetic Center, Doctor, No. 63, Kalalgoda, Pannipitiya.

දියවැඩියාව, කොලොස්ට්‍රෝල් ඉක්මනින් සුව කරගන්නසැප්තැම්බර් මස 10 වෙනි දින උදෑසන 10.00 සිටඔබත් නොවරදවාම මාතර, කුඹුරුපිටිය, ...
03/09/2019

දියවැඩියාව, කොලොස්ට්‍රෝල් ඉක්මනින් සුව කරගන්න

සැප්තැම්බර් මස 10 වෙනි දින උදෑසන 10.00 සිට

ඔබත් නොවරදවාම මාතර, කුඹුරුපිටිය, විල්ගොඩ විහාරස්ථානයට පැමිණෙන්න.

මෙම වටිනා අවස්ථාව මගහැර නොගන්න. මෙදිනට දියවැඩියාව, කොලොස්ට්‍රෝල් නිට්ටාවට ම සුව වූ රෝගීන් ද හමු විය හැක.

විමසීම් : 077 777 9132

07/08/2019

දියවැඩියාව නැත්තටම නැති කර ගන්න දේශීය වෙදකම් - සුව අරණ

#සුවඅරණ #දියවැඩියාව #සුවය

06/08/2019

දියවැඩියාව සම්පූර්ණයෙන්ම සුව කරන දේශීය වෙදකම් - සුව අරණ

#සුවඅරණ #දියවැඩියාව #සුවය

2019.07.27 වෙනි සෙනසුරාදා දින කඩවත, රන්මුතුගල ශ‍්‍රී පුණ්‍යාලංකාර පුරාණ විහාරස්ථානයේදී සාර්ථකව පැවැතිවුණි.              ...
31/07/2019

2019.07.27 වෙනි සෙනසුරාදා දින කඩවත, රන්මුතුගල ශ‍්‍රී පුණ්‍යාලංකාර පුරාණ විහාරස්ථානයේදී සාර්ථකව පැවැතිවුණි.

#සුවඅරණ #දියවැඩියාව #සුවය

18/07/2019

මනුෂ්‍යත්වයේ සත්කාරය වෛද්‍ය සායනය

- දියවැඩියාව
- පැට්ලිවර්
- හෘද රෝග
- කොලෙස්ට්‍රෝල්
- අධි රුධිර පීඩනය
- ස්නායු රෝග
රෝග ඉක්මනින් සුවකර ගැනීමට

2019.07.27 වෙනි සෙනසුරාදා පෙ.ව 9.00 සිට පස්වරු 5.00 දක්වා
කඩවත, රන්මුතුගල ශ‍්‍රී පුණ්‍යාලංකාර පුරාණ විහාරයට ඔබත් පැමිණෙන්න.

ලංකාවේ වැඩිහිටි ජනගහනයෙන් විශාල පිරිසක්ද මැද වයසේ දරුවන් අයත් විශාල පිරිසක්ද අධි රුධිර පීඩන රෝග තත්ත්වයෙන් පෙළෙයි.මෙයට හ...
06/07/2019

ලංකාවේ වැඩිහිටි ජනගහනයෙන් විශාල පිරිසක්ද මැද වයසේ දරුවන් අයත් විශාල පිරිසක්ද අධි රුධිර පීඩන රෝග තත්ත්වයෙන් පෙළෙයි.

මෙයට හේතු ලෙස විශාල සංඛ්‍යාවක් පවතී. වකුගඩු ආබාධ, පෙනහලුවල ගැටලු, රුධිර නාළවල ගැටලු, හෘදයෙන් ඇතිවන රෝගී තත්ත්වයන්, පාරම්පරික හේතු, මානසික ආතතිය, ස්ථුලතාවය, ව්‍යායාම නොමැති අලස ජිවිතයක් ගත කිරීම, හරි පෝෂණීය ආහාර රටාව, ලුණු හා තෙල් අධික ආහාර ගැනීම, කෘතිම ආහාර හා පෙර සැකසූ ආහාර රටාවන්ට හුරු වීම, ක්‍රමවත් ලෙස නින්ද නොලැබීම ආදිය හේතු ලෙස ගත හැකි අතර ඉහත කිසිදු හේතුවක් නොමැතිව ද අධික රුධිර පීඩනය හට ගැනීමට ඉඩ ඇත.

මේ සඳහා ඉහත හේතුව අනුව ප්‍රතිකාර ලබා ගත යුතුයි. විශේෂයෙන්ම දියවැඩියා රෝගයෙන් පෙළේ නම් අධි රුධිර පීඩනය ඉහළ යෑමට ඉඩ ඇත. එලෙස දියවැඩියාව පාලනය වීම අඩු වුවොත් වකුගඩු නරක් වී හෙයින්ද රුධිර පීඩනය ඇතිවීමට හැකියාව ඇත.

අප ගන්නා ආහාර වේලෙහි පිෂ්ඨය අධික තෙල් මේද ලුණු ආදී ආදිය අඩංගු ආහාරවලින් මේ තත්වය ඇති වීමට බොහෝ අවකාශ ඇති බැවින් මෙවැනි ආහාර සීමා කිරීම ඉතාම යෝග්‍ය වේ. එලෙස කෙඳි සහිත ආහාර පලතුරු වර්ග භාවිතයට ඉතාම හොඳයි. මේ නිසා විශේෂයෙන්ම ‍ක්‍රමවත් දේශීය ආහාර රටාවකට හුරු වීම ඉතාමත් යෝග්‍ය වේ. වෙළඳපලේ ඇති කෘතිම රසකාරක අඩංගු ආහාර ඉතාම අහිතකර වේ. එලෙසම නිසි පරිදි ව්‍යායාම නොකිරීම හෘද රෝග තත්වයන් වළක්වා ගැනීමට උපකාරී වේ. ක්‍රමවත් නින්දක් ලබා ගැනීම අවශ්‍ය වන කාර්යයකි. රාත්‍රියට සැහැල්ලු ආහාර වේලක් ලබා ගැනීම නිරෝගීතාවයට හේතුවකි.

කොලෙස්ටරෝල් පාලනයට ගත යුතු ආහාරමෙකල මෙම රෝග තත්වය ඉතාම බහුලව පවතින තත්වයකි. එම නිසා සමාජයේ ගැඹුරින් සාකච්ඡා කිරීමට සිදු ...
28/05/2019

කොලෙස්ටරෝල් පාලනයට ගත යුතු ආහාර

මෙකල මෙම රෝග තත්වය ඉතාම බහුලව පවතින තත්වයකි. එම නිසා සමාජයේ ගැඹුරින් සාකච්ඡා කිරීමට සිදු වී ඇත. ආයුර්වේදයේ මෙය පිත්ත රෝග ලෙස හදුන්වයි.

මෙයට හේතු ලෙස ව්‍යායාමයෙන් තොරව සුඛෝපබෝගී දිවි පෙවතක් අනුගමනය කිරීම, අධික මේදය තෙල් සහ රතු මස් වර්ග අනුභවය, විශේෂයෙන්ම ගැඹුරු තෙලෙන් බදින ලද ආහාර පරිභෝජනය මේද තැවරුම් භාවිතා කිරීම හේතු ලෙස දැක්වේ. මෙවැනි තත්වයන් යටතේ රුධිරයේ මේද ප‍්‍රමාණය ඉහලයාම අක්මාවේ තල් තැන්පත් වීම හැදින්වීමට පිලිවන.

මේ සඳහා ආයුර්වේදයේ ප‍්‍රතිකාර කිහිපයක්ම ඇත. ඒවා නිවැරදිව කරතොත් ඉතා ඉක්මණින් සුවපත් කර ගැනීමට පිලිවන.

පලමුව අධික තෙල් රතුමස් මේදය අඩංගු ආහාර වලින් වැලකීම නිසි පරිදි ව්‍යායාම කිරීම මෙන්ම කෙදි සහිත ආහාර වර්ග පාරිභෝජනය කිරීම තුලින් සුවපත් කර ගත හැකිය.

කරපිංචා, කුරුදු, කුළුබඩු වර්ග සහ පලා වර්ග භාවිතය ඉතාම හොඳයි. එලෙසම ඇග වෙහෙස කරන ව්‍යායාමවල නිරත වීම ද මෙම තත්ත්වයෙන් මිදීමට පුළුවන.

දියවැඩියාව පාලනයට ගත යුතු හොදම ආහාර වට්ටෝරුදියවැඩියාව හෙවත් මධුමේගය. මෙහි අර්ථය ගතහොත් ජලය සිහි යන අර්ථ ගැන්වේ. ආයුර්වේද...
28/05/2019

දියවැඩියාව පාලනයට ගත යුතු හොදම ආහාර වට්ටෝරු

දියවැඩියාව හෙවත් මධුමේගය. මෙහි අර්ථය ගතහොත් ජලය සිහි යන අර්ථ ගැන්වේ. ආයුර්වේදය අනුව දියවැඩියාව, වා, පිත්, සෙම් ලෙස වර්ගකර ඇත. සියළුම මේගයන් අවසානයේදී මධුමේගය බවට පත්වේ. දියවැඩියාව සෑදීමට හේතු ලෙස ගත හැක්කේ පාරම්පරිකව ජාන මගින් සෑදීම, අධික සිනී අධික පිෂ්ඨය අඩංගු ආහාර ගැනීම, ව්‍යායාමයෙන් තොරව ජීවත්වීම, අධික සුඛෝපබෝගී දිවියක් ගත කිරීම, අධික ස්ථූලතාවය, දහවල් නිදාගැනීම, එලෙසම විෂේශයෙන් මානසික ආතතියෙන් පෙලීම, රාත‍්‍රී නිදිවර්ජිතව ගත කිරීම, පාලනයකින් තොරව ආහාර ගැනීම යන හේතු සාධක ඉවහල්වේ. මීට අමතරව කෙදි සහිත ආහාර අනුභවය අඩුවීම, සමබල ආහාර වේලක් නොගැනීම යන කරුණු ද හේතුවේ.

වැලකීම සඳහා විශේෂයෙන්ම දේශීය පාරම්පරික සහල් වර්ග වල දියවැඩියාව, හෘද රෝග, අක්මා රෝග, පෙනහලු රෝග අඩුකිරීමේ හැකියාව හා නවීන හාල්වලට වඩා පෝෂණීය තත්වයද ඉහල අගයක් ගනී. එම සහල් වලින් පිසූ කෑමවර්ග, බත් ආහාරයට ගැනීම, රතුමස් වර්ග එනම් හරක්මස්, එළුමස්, ඌරුමස් බැටළු මස් ආදිය බෝ නොවන රෝග වලට හේතු වේ. එලෙසම අධික සීනි අඩංගු පාන වර්ග, කේක්වර්ග බිස්කට් වර්ග, පුඩිං වර්ග, චොකලට්, අයිස්ක‍්‍රීම්, වටලප්පන්, ජෙලිවර්ග භාවිතය, සම්බා බත් දෛනිකව ආහාරයට ගැනීම, වට්ටක්කා, බීට්රූට් වැනි එලවලු වර්ග අහිතකරයි. රතුමාළු වර්ගද, අච්චාරු, අන්නාසි විනාකිරි පෙවූ ආහාර, බල මාලූ වැනි ආහාර තක්කාලි අධිකව ගැනීම, චට්නි වර්ග, කෝන් වර්ග, ආහාරයට ගැනීම හේතු වේ. එලෙසම ඉතාම පාන්පිටි වලින් සෑදු සියළුම ආහාර අධිකව ගැනීමද අහිතකරයි. අපගේ සහල්පිටි වලට වඩා පාන්පිටි වල සෞම්‍ය ගතිය වැඩියි. කෙදි සහිත ගතියද නොමැත. ඉක්මනින් දිරවීම නිසා ශරීරයට ඉක්මනින් වඩා අධික සීනි ප‍්‍රමාණයක් එකතු වේ. එය දියවැඩියාව දක්වා වර්ධනය වීම සිදු වේ. පලතුරුවලින්, රටඉදි, වියලි මිදි, අඹ වර්ග, දූරියන් , රඹුටන්, මැංගුස්, වැල වරකා, පැණි රස අධික පැපොල්, සීනි කෙසෙල්, කෝලි කුට්ටු, සුවදැල් වැනි කෙසෙල් වර්ග අගුණයි.

පළතුරු ලෙස ගත හැක්කේ බාගෙට ඉදුණු ඇඹුල් කෙසෙල්, කුඩා පැපොල් කැබැල්ලක්, ලොවි, ජම්බු, පේර වර්ග, ඇඹරැල්ලා, කාමරංගා, දෙළුම්, නෙල්ලි, දොඩම් වර්ග, නාරං වර්ග, කොල ඇපල් ආදිය පලතුරු ලෙස හොඳයි.

කෑම වර්ග ලෙස දේශීය සහල්, හීන් බෝවිටියා, රණවරා, කෝවක්කා, ඉරමුසු, ගොටුකොළ, වැල්පෙනෙල, හාතාවාරිය හොඳයි. ඇට වර්ග ලෙස කඩල, කව්පි, මුං ඇට, පරිප්පු ආදිය හොඳයි. එලවලූ ලෙස කරවිල, තලනබටු, වම්බටු, මුරුංගා, බණ්ඩක්කා, මෑ කරල්, පතෝල, වැටකොළු, නිවිති, සාරණ, කංකුං, ගොටුකොළ, මුගුණුවැන්න, කිරිඅගුණ, කතුරුමුරුංගා, රතු තම්පලා, තම්පලා වර්ග, මැල්ලකොල, වැනි පලා වර්ග බෝංචි, කැරට්, ගෝවා, නෝකෝල්, රාබු, පොලොස්, කෙසෙල්මුව, කොහිල අල, කොහිල දළු, නෙළුම් අල ඉතා හොඳයි. කුඩා මාළු වර්ග හාල්මැස්සන් හා කීරමින් වැනි මාළු කරවල ගුණයි. දේශීය පාරම්පරික හාල් වලින් මසුරං, හීනටි ගුණයි.

දවල් නිදාගැනීම අගුණයි. රාත‍්‍රී නින්ද නොමැති වීම අගුණයි. විශේෂයෙන්ම මත්පැන් දියවැඩියා රෝගීන්ට අගුණයි.

08/05/2019

දියවැඩියාව නැත්තටම නැති කර ගන්න දේශීය වෙදකම් - සුව අරණ

#සුවඅරණ #දියවැඩියාව #සුවය

08/05/2019

දියවැඩියාවට ඉක්මන් සුවය - සුව අරණ

#සුවඅරණ #දියවැඩියාව #සුවය

Address

No. 63, Kalalgoda
Pannipitiya

Telephone

0713459626

Website

Alerts

Be the first to know and let us send you an email when Suwa Arana Diabetic Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category