31/01/2021
** කතුරුමුරුංගා
ඉතාමත් ඉහළ ඖෂධීය ගුණයෙන් පිරිපුන් කතුරුමුරුංගා*
පෝෂ්‍යදායී පළා වර්ග අතරින් කතුරුමුරුංගා වලට හිමි වන්නේ ප්‍රධාන තැනක්.පොළවෙන් ඉහළට යන අතු ඉති නිසා වර්ෂාව කාලයේදීත් බය නැතිව කෑමට ගත හැකිවීම විශේෂ වනවා.ඉතාමත් ඉහළ ඖෂධීය ගුණයෙන් පිරිපුන් කතුරුමුරුංගා
ආයුර්වේදීය ගුණ
සෙම් පිත් නැති කරයි.
ශක්තිය වර්ධනය කරයි.
බඩගින්න ඇතිකරන ගුණයෙන් යුතුයි.
මළ බද්ධය නැති කරයි.
ඇස් පෙනීම වර්ධනය කරයි.
නිතර ඇතිවන ප්‍රතිශ්‍යාව,පීනස ආදියට සුදුසුයි.
සෙංගමාලය වියළි කැස්ස දුරුකරයි.
ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රීය පද්ධතියේ රෝග සඳහා සුදුසුයි.
රෝග වලට කතුරු මුරුංගා
පීනස
දීර්ඝ කාලයක් පවතින පීනස නිසා සමහර අයගේ නාසයෙන් දුගඳ හමන අවස්ථාවන් ඇතිවනවා.කතුරුමුරුංගා කොළ ඉස්ම බිංදු දෙක තුනක් දිනකට දෙවරක් නාසයට ඉසීමෙන් ඉක්මන් සුවය ලැබෙනවා.
රක්තහීනතාවය සහ ඇස් පෙනීමේ මඳ බව
කොළ මැල්ලුම් ලෙස හෝ දළු සම්බෝල ලෙස ලෙස ආහාරයට ගැනීම වඩාත් සුදුසුයි.මල් කිරිහොදි ලෙස සාදා ආහාරයට ගැනීම වඩාත් සුදුසුයි.
ස්ත්‍රී ප්‍රජනන රෝග,ශරීරයේ දැවිල්ල,රුධිර වහනය
කතුරුමුරුංගා මල්
කැස්ස,ඇදුම,උගුරේ ඇතිවන ආසාදන
සුදු කතුරුමුරුංගා කොළ කලං 4, සුදු කතුරුමුරුංගා මල් කලං 4, පාවට්ටා කොළ කලං 4, බැගින් ගෙන පත අට එකට සිඳුවා පෙරා උදේ සවස සූකිරි සමඟ පානය කරන්න.
දිව සහ තොල් පැලීම, කටේ ඇතිවන බිබිලි
කතුරුමුරුංගා මල් සහ කොළ යන වර්ග දෙකම රතු ළුණු සමඟ උයා ගිතෙල් දමා උදේ සවස ආහාරයට ගැනීමෙන් සුවය ලැබේ.
මල බද්ධය
කතුරුමුරුංගා කොළ මැල්ලුම දිනක් හැර දිනක් කෑමට ගන්න.කොළවල පවතින අධික තන්තුමය ස්වභාවය නිසා මල බද්ධය ඉක්මනින් සුවකරයි.
සමේ ඇතිවන බිබිලි
විවිධ ආසාධන හේතුවෙන් සමේ ඇතිවන බිබිලි සහිත තුවාල සඳහා කතුරුමුරුංගා කොළ කොටා ලබාගත් ඉස්ම ආලේප කිරීම ඉතාමත් ගුණ දායකයි.සමේ පැහැපත් බවටද මෙම ප්‍රතිකාරය ඉතාමත් සුදුසු වනවා.
(අන්තර්ජාලය ඇසුරෙන්)