SLSLM Community Hub

SLSLM Community Hub Welcome to the Sri Lankan Society of Lifestyle Medicine Community Hub! 🌿 Join us in promoting and enhancing the health of all Sri Lankans.

Engage with us for tips, insights, and discussions on preventing diseases and boosting overall well-being.

සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! 🌸පෑවිල්ල ඉවර කරල වැටෙන වැස්සෙන් පණ ගැන්වෙන ගහ, කොළ, මල් එක්ක ඇහෙන කොහාගේ සද්දෙත් එක්ක, අ...
13/04/2026

සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! 🌸

පෑවිල්ල ඉවර කරල වැටෙන වැස්සෙන් පණ ගැන්වෙන ගහ, කොළ, මල් එක්ක ඇහෙන කොහාගේ සද්දෙත් එක්ක, අපේ සිත් වලට ගෙනෙන්නේ පුදුමාකාර නැවුම් බවක් වගේම සතුටක් නේද? අවුරුදු කියන්නේ අපේ ජීවිත වලට අලුත් බලාපොරොත්තු අරගෙන එන, සොබාදහමත් එක්ක බැඳුණු හරිම සුන්දර කාලයක්. හැමදාම එකම රෝදයක කැරකෙන කාර්යබහුල අපේ ජීවිත වලට, පොඩි විරාමයක් අරගෙන ආයෙමත් අලුතින් ජීවිතය දිහා බලන්න ලැබෙන මේ කාලය ඇත්තටම අපිට ලැබුණු ලොකු තෑග්ගක්.

අද මම හිතුවා මේ ලස්සන අලුත් අවුරුද්දේ "සැබෑම අරුත" ගැන ටිකක් වෙනස් විදිහකට ඔබත් එක්ක කතා කරන්න. විශේෂයෙන්ම ජීවන ශෛලීය පිලිබඳ වෛද්‍ය විද්‍යාවේ (Lifestyle Medicine) තියෙන අපූරු සංකල්ප කිහිපයක් අපේ මේ සුන්දර සංස්කෘතික මංගල්‍යයත් එක්ක කොයිතරම් ලස්සනට බැඳිලා තියෙනවද කියලා මතක් කරන්න.

❤️ සැබෑ බැඳීම්වල උණුසුම (Power of Social Connection)

අවුරුද්දේ සැබෑම අරුත හැංගිලා තියෙන්නේ මොකේද කියලා ඔබ මොහොතක් හිතුවද? ඒක තියෙන්නේ වෙන කොහේවත් නෙවෙයි, අපි එකිනෙකා අතර තියෙන "බැඳීම" තුළයි. පවුලේ අය, නෑදෑ හිතමිතුරන් එකතු වෙන එක, ගමේ අයත් එක්ක කතාබහ කරන එක තමයි මේ උත්සවයේ හදවත.

අපි ගිහින් අපේ වැඩිහිටියන්ට බුලත් හුරුල්ලක් දීලා වඳිනකොට, පරණ තරහ මරහ අමතක කරලා ආයෙමත් යාළු වෙනකොට අපේ හිතේ තියෙන ලොකු බරක් නැති වෙලා යනවා නේද? විද්‍යාත්මකව බැලුවොත්, ඒ වගේ ආදරණීය බැඳීම් අලුත් කරගන්නකොට අපේ ඇඟේ තියෙන ආතතියට හේතු වෙන හෝමෝන (Cortisol) ගොඩක් අඩුවෙලා, සතුටට හා ආදරයට හේතු වෙන හෝමෝන (Oxytocin) ඉහළ යනවා. අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් වෙන්නත් මේ මානසික සුවය ප්‍රබල ඖෂධයක්. ඒ නිසා මේ අවුරුද්දේ, ටිකක් වෙලා ෆෝන් එක පැත්තකින් තියලා, ඔබ ළඟ ඉන්න ආදරණීයයන් එක්ක ඇස් දිහා බලලා කතා කරන්න, හිනා වෙන්න. සැබෑ මානුෂීය බැඳීම තරම් වටිනා දෙයක් තවත් නැහැ.

🏃‍♂️ සතුට පිරුණු ක්‍රියාකාරීත්වය (Joyful Movement)

අවුරුදු උත්සව සහ අවුරුදු ක්‍රීඩා කියන්නේ අපිව නිකම්ම එක තැනක ඉඳගෙන ඉන්න එකෙන් මුදවලා, හරිම සතුටින් ක්‍රියාශීලී කරන (Physical Activity) අපූරු අවස්ථාවක්. අද කාලේ අපි බොහෝ වෙලාවට කරන්නේ පරිගණක තිරයක් දිහා බලන් ඉන්න එකනේ. ඒත් අවුරුදු කාලෙට අපි එළියට බැහැලා දුවලා පැනලා සෙල්ලම් කරනවා.

කඹ ඇදීම, කොට්ටා පොර, පංච දැමීම, ඔන්චිලි පැදීම, එහෙමත් නැත්නම් පවුලේ අයත් එක්ක එකතු වෙලා සින්දු කියමින් නටන එක කොයිතරම් විනෝදජනකද! දහඩිය දානකම්, බඩ රිදෙනකම් හිනා වෙවී සෙල්ලම් කරද්දි අපේ ශරීරයේ තියෙන "සතුටු හෝමෝන" (Endorphins) උපරිමයෙන් ක්‍රියාත්මක වෙනවා. මේක තමයි අපේ ශරීරයට දෙන්න පුළුවන් ලස්සනම ව්‍යායාමය. ව්‍යායාමයක් කියලා නොහිතාම, සතුටින් ක්‍රියාශීලී වෙන්න මේ දවස් ටික පාවිච්චි කරන්න.

🥥 සිහියෙන් යුතුව රස විඳීම (Mindful Nutrition)

අවුරුදු කෑම මේසය කියන්නේ කොයි තරම් සිරියාවන්ත දසුනක්ද! කිරිබත්, කැවුම්, කොකිස්, අතිරස, ආස්මී... මේවා දකිද්දිත් හිතට එන්නේ ලොකු සතුටක්. මේ කෑම කියන්නේ අපේ සංස්කෘතියේ, අපේ බැඳීම්වල සංකේතයක්. සමහරුන්ට මේ කෑම දකිද්දි "අයියෝ මේවා කෑවොත් මහත් වෙයිද, ලෙඩ වෙයිද" කියලා පොඩි බයකුත් හිතෙනවා. ඒත් එහෙම වරදකාරී හැඟීමක් ඇති කරගන්න එපා. ආදරණීයයන් එක්ක එකතු වෙලා හරිම සතුටින් මේවායේ රස බලන්න.

මෙතනදි අපිට පාවිච්චි කරන්න පුළුවන් ලස්සන පුරුද්දක් තමයි 'සිහියෙන් යුතුව ආහාර ගැනීම' (Mindful Eating) කියන්නේ. ඒ කියන්නේ කන කෑම එකේ රස, සුවඳ හොඳින් විඳිමින්, පමණ දැනගෙන කෑම. පවුලේ අයත් එක්ක කතා බහ කරන ගමන්, එක කැවුම් ගෙඩියක් රස කර කර කනකොට දැනෙන සතුට හරි විශාලයි. ඒ වගේම අපේ කෑම මේසෙට අපේම ගෙවත්තේ හැදෙන නැවුම් පලතුරු, ඒ කියන්නෙ කෙසෙල්, පැපොල්, අඹ, කොමඩු වගේ දේවල් එකතු කරගමු. අර පැණිරස කෑම වලට පස්සේ කන්න තියෙන හොඳම අතුරුපසක් තමයි මේ නැවුම් පලතුරු. කෑම මේසෙට ලස්සන වර්ණයක් එකතු වෙනවා වගේම අපේ සිරුරට අවශ්‍ය පෝෂණයත්, සමබරතාවයත් ඉබේම ලැබෙනවා.

✨ සැබෑම සතුටේ මිහිරියාව (Clear & Present Mind)

අපි හැමෝම කැමතියි උත්සව අවස්ථාවක උපරිමයෙන් සතුටු වෙන්න. සමහර වෙලාවට අපි හිතනවා ඒ සතුට වෙනුවෙන් අපිට යම් යම් කෘතිම දේවල්, උදාහරණයක් විදිහට මත්පැන් වගේ දේවල් ඕනේ කියලා. ඒත් මොහොතක් හිතන්න, අපේ සැබෑම සතුට තියෙන්නේ කොතනද?
ඒක තියෙන්නේ පවුලේ අයත් එක්ක බෙදාගන්න ආදරණීය කතාබහ ඇතුළේ, පොඩි දරුවන්ගේ අහිංසක හිනාව ඇතුළේ, කාලෙකින් හමුවුණ යාළුවොත් එක්ක කරන විහිළු තහළු ඇතුළේ නේද? මේ සැබෑ සතුට කිසිම බාධාවකින් තොරව, 100% ක්ම අත්විඳින්න නම් අපේ මනස ඉතාමත් නිරවුල්ව තියෙන්න ඕනේ. ඒ ලස්සන මතකයන්, ඒ සුන්දර මොහොතවල් පැහැදිලිව අපේ මතකයේ තියාගන්න නම්, අපි ඒ මොහොතට සම්පූර්ණයෙන්ම අපේ පිරිසිදු මනසින් (Clear mind) සම්බන්ධ වෙන්න ඕනේ. ඒ නිසා, මේ අවුරුද්දේ අපි කෘතිම දේවල් වලින් සතුට හොයනවා වෙනුවට, මිනිස්සුත් එක්ක තියෙන බැඳීමෙන්, සොබාදහමෙන් ලැබෙන ඒ "නියම" සතුට නිරවුල් මනසකින් යුතුව උපරිමයෙන්ම විඳගනිමු.

🧘‍♂️ මනසට විවේකයක් (Stress Relief - පුණ්‍ය කාලය)

නොනගතය එහෙමත් නැත්නම් පුණ්‍ය කාලය කියන්නේ අපේ මනස සන්සුන් කරගන්න ලැබෙන අපූරුම වෙලාවක්. ජීවන රටා වෛද්‍ය විද්‍යාවේදී අපි කතා කරන මානසික ආතතිය පාලනය කිරීම (Stress Management) සඳහා මේ කාලය කදිම උදාහරණයක්. හැමදාම වැඩ කරන ජීවිතෙන් මිදිලා ආගමික කටයුතු වලට, තමන්ගේ හිත නිදහස් කරගන්න මේ කාලය වෙන් කරන්න. මේ නිහැඬියාව, භාවනාව අපේ මොළයට දෙන විවේකය කියා නිම කරන්න බැහැ. ඒ වගේම උත්සව අස්සේ හොඳට නිදාගන්නත් අමතක කරන්න එපා. ප්‍රමාණවත් නින්දක් (Good Sleep) ලැබෙනකොට තමයි ඊළඟ දවසේ සතුටින්, ප්‍රබෝධමත්ව අවුරුදු සමරන්න අපිට ශක්තිය ලැබෙන්නේ.

ඉතින්, මේ අලුත් අවුරුද්ද අපේ ජීවිත වලට නියම අරුතක් එකතු කරන අවුරුද්දක් කරගනිමු. නිරෝගීකමේ පදනම - ඒ කියන්නේ සැබෑ සමාජ සබඳතා, සක්‍රීය බව, සෞඛ්‍ය සම්පන්නව සතුටින් ආහාර ගැනීම, ආතතියෙන් තොර සන්සුන් මනස කියන මේ හැමදේම අපේ අපූරු අවුරුදු චාරිත්‍ර වලත් ගැබ්වෙලා තියෙනවා කියලා ඔබට දැන් දැනෙනවා ඇති.

අපි එකිනෙකාට ආදරය කරමු, උදව් කරමු, සොබාදහමට ගරු කරමු. සැබෑ බැඳීම් වල වටිනාකම තේරුම් ගනිමින්, හදවතින්ම සතුටු වන ලස්සන අලුත් අවුරුද්දක් වේවා කියලා මම මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා!

ඔබ සැමට නිරෝගී සුවය, සතුට, සාමය සහ ආදරය පිරි... සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!

Dr. Kasun Eranga
MBBS, DipIBLM (USA)
Certified Lifestyle Medicine Physician.

නිරෝගී ශරීරයක් තුළ නිරෝගී මනසක් (The Lifestyle Connection to Mental Health)සුභ දවසක් ඔයාල හැමෝටම!  මානසික ආතතිය සහ සුවතා...
05/04/2026

නිරෝගී ශරීරයක් තුළ නිරෝගී මනසක් (The Lifestyle Connection to Mental Health)

සුභ දවසක් ඔයාල හැමෝටම!

මානසික ආතතිය සහ සුවතාවය ගැන කතා කළ අපගේ සටහන් මාලාවේ අවසන් සටහනයි මේ. අපගේ ශරීරය සහ මනස යනු එකිනෙකට තදින් බැඳී පවතින පද්ධති දෙකකි. ඔබ ගන්නා ආහාර, ඔබ ලබන නින්ද සහ ශාරීරික ක්‍රියාකාරකම් ඔබේ මානසික සෞඛ්‍යයට සෘජුවම බලපානව කියල ඔයාල දැනගෙන හිටියද?

"Therapeutic Lifestyle Change" (චිකිත්සක ජීවන රටා වෙනස්කම්) වලට අනුව:
* එළවළු, පලතුරු, සහ ධාන්‍ය බහුල ශාකමය ආහාර රටාවකට (Whole food plant-based diet) විශාදය (Depression) සහ කාංසාව අඩු කිරීමේ හැකියාවක් ඇත.
* සතියකට නියමිත කාලයක් ව්‍යායාම කිරීම, ස්ඇම්තැග්හ සමහර වෙලාවට ඇතැම් ඖෂධ වලටත් වඩා මනස සුවපත් කිරීමට උපකාරී වෙන්න පුලුවන්.
* දිනපතා සුවදායී නින්දක් ලැබීම මනසට අවශ්‍ය විවේකය සහ පැහැදිලිකම ලබා දෙනවා.

මේ සියල්ල එකට එක්වූ විට එය ඔබට ආතතිය ජයගැනීමට ශක්තිමත් පලිහක් නිර්මාණය කරයි.

ඔබේ අදහස කුමක්ද?
මානසික ආතතිය සහ සුවතාවය ගැන කතා කළ මෙම සටහන් 5න්, ඔබේ ජීවිතයට අලුතින්ම එකතු කරගන්නට සිතූ පුරුද්ද මොකක්ද? අපට පහලින් දැනුම් දෙන්න!

ධනාත්මක මනෝවිද්‍යාවේ බලය (Positive Psychology & Emotional Well-being)කොහොමද ඔයාලට!  සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් කියන්නේ රෝග ...
05/04/2026

ධනාත්මක මනෝවිද්‍යාවේ බලය
(Positive Psychology & Emotional Well-being)

කොහොමද ඔයාලට!

සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් කියන්නේ රෝග වලින් තොර වීම විතරක්ම නෙවෙයි, සතුටින් සහ තෘප්තියෙන් ජීවත් වීමයි. "Positive Psychology" (ධනාත්මක මනෝවිද්‍යාව) මගින් පෙන්වා දෙන්නේ සෘණාත්මක දේවල් ගැන තැවෙනවාට වඩා, අප තුළ තියෙන ධනාත්මක ගුණාංග වර්ධනය කරගැනීමෙන් සැබෑ නිරෝගීකමක් ලබාගන්න පුලුවන් කියල.

ඔබේ චිත්තවේගීය සුවතාවය (Emotional well-being) ඉහළ නංවා ගැනීමට මෙම පුරුදු උපකාරී වෙන්න පුලුවන්:

* කෘතවේදී වීම (Gratitude): දිනපතා ඔබ සතුටු වන හෝ ස්තූතිවන්ත වන කරුණු 3ක් සටහන් කරන්න.
* කරුණාව දැක්වීම: දිනපතා අන් අයට කුඩා හෝ උපකාරයක් කරන්න (Acts of kindness).
* ජීවිතය රසවිඳීම: ඔබ ප්‍රිය කරන කුඩා හෝ දෙයක් සඳහා (උදා: තේ කෝප්පයක් නිදහසේ පානය කිරීම) දිනකට විනාඩි කිහිපයක් සම්පූර්ණයෙන්ම වෙන් කරන්න.

අපි ධනාත්මක වෙමු:
අද දවසේ ඔබට සිනහවක් ගෙන ආ, හෝ ඔබ ස්තූතිවන්ත වන එක කාරණයක් පහලින් සටහන් කරන්න. අපි හැමෝගෙම දවස ලස්සන කරමු!

වර්තමාන මොහොතේ ජීවත් වීම හෙවත් Mindfulness (The Power of Mindfulness)සුභ දවසක් ඔයාලට!  අපගේ මනස ගොඩක් වෙලාවට අතීතයේ සිදු...
05/04/2026

වර්තමාන මොහොතේ ජීවත් වීම හෙවත් Mindfulness
(The Power of Mindfulness)

සුභ දවසක් ඔයාලට!

අපගේ මනස ගොඩක් වෙලාවට අතීතයේ සිදුවූ දේවල් ගැන පසුතැවෙමින් හෝ අනාගතයේ සිදුවන දේවල් ගැන බියෙන් ඉන්න එක තමයි කරන්නෙ. "Mindfulness" (සිහිය පිහිටුවා ගැනීම) කියන්නේ කිසිදු විනිශ්චයකින් තොරව, අපගේ සිතුවිලි සහ හැඟීම් ගැන දැනුවත්ව වර්තමාන මොහොතේ සම්පූර්ණයෙන්ම ජීවත් වීමයි.

වෛද්‍ය පර්යේෂණ වලට අනුව, දිනපතා Mindfulness පුහුණු වීම මගින් අපගේ මොළයේ ව්‍යුහය පවා ධනාත්මකව වෙනස් කළ හැක (Neuroplasticity). එමගින් මතක ශක්තිය වැඩි වීම, කෝපය සහ කාංසාව අඩුවීම වගේම වේදනාවන් පාලනය කරගැනීමේ හැකියාවද වර්ධනය වෙනවා. එය ආරම්භ කිරීමට අපට අමතර කාලයක් අවශ්‍ය වෙන්නෙ නැහැ; ඔබ ඇවිදින විට, ආහාර ගන්නා විට හෝ හුස්ම ගන්නා විට පවා සම්පූර්ණ අවධානය ඒ වෙත යොමු කිරීම ප්‍රමාණවත්.

අද දවසේ පුංචි අභියෝගයක්:
අද දවසේ විනාඩි 2ක් වෙන් කරගෙන, නිශ්ශබ්දව හිඳගෙන ඔයාගෙ හුස්ම ඉහළ පහළ යන ආකාරය පමණක් දැනෙන්න හරින්න. මෙම අභියෝගය බාරගන්නවා නම් "Yes" කියා පහලින් Comment කරන්න! කැමති නම් පස්සෙ ඔයාගෙ අත්දැකීමකත් බෙදා ගන්න.

ඖෂධ නොමැතිව ආතතිය පාලනය කරන සරල ක්‍රම (Simple Ways to Manage Stress)සුභ දවසක් වේවා!  මානසික ආතතිය නිසා ශරීරයට සිදුවන හාන...
05/04/2026

ඖෂධ නොමැතිව ආතතිය පාලනය කරන සරල ක්‍රම
(Simple Ways to Manage Stress)

සුභ දවසක් වේවා!

මානසික ආතතිය නිසා ශරීරයට සිදුවන හානිය අවම කරගැනීමට වෛද්‍ය විද්‍යාවේ (Lifestyle Medicine) නිර්දේශ කරන ඖෂධ වලින් තොර ඉතා සාර්ථක ක්‍රම කිහිපයක් අද අපි හඳුනාගනිමු.

1. හුස්ම ගැනීමේ අභ්‍යාස: ගැඹුරින් හුස්ම ගැනීම (Abdominal breathing) මගින් සිරුරේ ස්නායු පද්ධතිය සන්සුන් කරයි.
2. ශාරීරික ක්‍රියාකාරකම්: යෝගා, තායි චී (Tai chi) සහ එදිනෙදා ව්‍යායාම වල නිරත වීම.
3. සොබාදහම සමඟ ගැවසීම: ගහකොළ සහ පරිසරය සමඟ කාලය ගත කිරීම.
4. විනෝදාංශ සහ කලාව: චිත්‍ර ඇඳීම, සංගීතය භුක්ති විඳීම, හෝ ගායනය වැනි දෑ මගින් මනස සැහැල්ලු කිරීම.
5. සමාජ සබඳතා: පවුලේ අය, මිතුරන් සමඟ කාලය ගත කිරීම සහ අන් අයට උපකාර කිරීම.

ඔබේ වාරය:
ආතතිය දැනෙන වෙලාවට ඔබේ මනස සැහැල්ලු කරගන්න ඔබ භාවිතා කරන කැමතිම ක්‍රමය මොකක්ද (උදා: සංගීතය ඇසීම, නිදාගැනීම, මල් වගාව). පහලින් සටහන් කරන්න!

මානසික ආතතිය අපගේ සෞඛ්‍යයට බලපාන්නේ කෙසේද? (Understanding Stress & Health)සිත සතුටින් පිරෙන දවසක් වේවා! අද අපි සාකච්ඡා ක...
05/04/2026

මානසික ආතතිය අපගේ සෞඛ්‍යයට බලපාන්නේ කෙසේද? (Understanding Stress & Health)

සිත සතුටින් පිරෙන දවසක් වේවා!

අද අපි සාකච්ඡා කරන්නේ "Lifestyle Medicine" හි තවත් ඉතා වැදගත් කුළුණක් වන මානසික ආතතිය පාලනය කිරීම (Stress Management) පිළිබඳවයි.

ආතතිය (Stress) කියන්නෙ හැමවිටම නරක දෙයක් නොවේ. කිසියම් ඉලක්කයක් වෙත යාමට අපව දිරිමත් කරන කෙටිකාලීන ආතතිය (Eustress) අපට ගොඩක් ප්‍රයෝජනවත්. නමුත්, අප නිරන්තරයෙන් කනස්සල්ලෙන් සහ පීඩනයෙන් සිටින විට ඇතිවන දීර්ඝකාලීන ආතතිය (Chronic Distress) අපේ සෞඛ්‍යයට දැඩි ලෙස හානි කරනවා. මේ නිදන්ගත ආතතිය නිසා අපගේ ශරීරයේ ස්වාභාවික සමතුලිතතාවය බිඳ වැටිල, ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීම, හෘද රෝග, අධික තරබාරුව සහ දියවැඩියාව වැනි නිදන්ගත රෝග ඇතිවීමේ අවදානම ඉහළ යනවා. මෙන්න මේ නිසා තමයි, නීරෝගී ජීවිතයක් සඳහා ආතතිය පාලනය කර ගැනීම අත්‍යවශ්‍ය වෙන්නෙ.

**අපි කතා කරමු:**
එදිනෙදා ජීවිතයේදී ඔයාට වැඩිපුරම ආතතියක් ගෙන දෙන්නේ කුමන කාරණයක්ද? (උදා: රාජකාරි, රථවාහන තදබදය, කාලය මඳකම). පහලින් Comment කරන්න.

කාර්යබහුල ජීවිතයට ක්‍රියාශීලී බව එකතු කරගන්නේ කොහොමද? (Simple ways to stay active)සුභ දවසක්! 🌻අපේ ජීවිත ඉතා කාර්යබහුලයි....
05/04/2026

කාර්යබහුල ජීවිතයට ක්‍රියාශීලී බව එකතු කරගන්නේ කොහොමද?
(Simple ways to stay active)

සුභ දවසක්! 🌻

අපේ ජීවිත ඉතා කාර්යබහුලයි. "මට ව්‍යායාම කරන්න වෙලාවක් නැහැ" කියන එක නිතරම ඇහෙන චෝදනාවක්. නමුත් ක්‍රියාශීලී ජීවන රටාවක් කියන්නෙ දිනපතා Gym යන එකම නෙවෙයි. අපේ එදිනෙදා ජීවිතයට පොඩි පොඩි වෙනස්කම් එකතු එකතු කරගෙන විශාල ප්‍රතිඵල ලබාගන්න පුලුවන් (මෙය NEAT - Non-Exercise Activity Thermogenesis කියල හඳුන්වනවා).

අපි බලමු කාර්යබහුල ජීවන රටාවකට ගැළපෙන සරල උපක්‍රම කිහිපයක්:

1. පඩිපෙළ භාවිතය: සෝපානය (Elevator) වෙනුවට හැකි සෑම විටම පඩිපෙළෙන් යන්න.
2. ඇවිදිමින් කතා කිරීම: දුරකථන ඇමතුම් ලබා ගන්නා විට වාඩි වී නොසිට, ඇවිදිමින් කතා කරන්න.
3. දුරින් වාහනය නැවැත්වීම: කාර්යාලයට හෝ සුපිරි වෙළඳසැලට යන විට වාහනය ටිකක් දුරින් නවත්වා, ඉතිරි දුර පයින් ඇවිදගෙන යන්න.
4. නිවසේ වැඩ: ගෙවතු වගාව, නිවස පිරිසිදු කිරීම, හෝ වාහනය සේදීම වැනි දෑ වල නිරත වන්න.

මුකුත්ම නොකර ඉන්නවට වඩා, පොඩි ප්‍රමාණයකින් හරි ක්‍රියාශීලී වෙන එක සෞඛ්‍යයට ඉතා හිතකරයි. ආරම්භයේදී පොඩියට පටන් අරගෙන ක්‍රමයෙන් ඔයාගෙ ඉලක්ක වෙත යන්න.

✨ අද දවසේ ඉලක්කය: මේ සරල පුරුදු වලින් අදම ඔයාගෙ ජීවිතයට එකතු කරගන්න පුරුද්ද මොකක්ද? පහලින් comment එකක් දාල හිත හිත ඉන්න අයට පොඩි තල්ලුවක් දෙන්න! 👇

නිරෝගීව සිටීමට අපට කොපමණ ව්‍යායාම ප්‍රමාණයක් අවශ්‍යද? (Physical Activity Guidelines)සුභ දවසක් ඔයාල හැමෝටම! 🏃‍♀️🏃‍♂️බොහෝ ...
05/04/2026

නිරෝගීව සිටීමට අපට කොපමණ ව්‍යායාම ප්‍රමාණයක් අවශ්‍යද?
(Physical Activity Guidelines)

සුභ දවසක් ඔයාල හැමෝටම! 🏃‍♀️🏃‍♂️

බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි "මම සතියකට කොච්චර වෙලාවක් ව්‍යායාම කරන්න ඕනෙද?" කියන එක. Lifestyle Medicine සහ වෛද්‍ය මාර්ගෝපදේශ (Guidelines) වලට අනුව වැඩිහිටියෙකු සඳහා නිර්දේශිත ව්‍යායාම ප්‍රමාණ මෙහෙමයි:

• මධ්‍යම ප්‍රමාණයේ ව්‍යායාම (Moderate Intensity): සතියකට අවම වශයෙන් මිනිත්තු 150ක් (උදාහරණයක් ලෙස: වේගයෙන් ඇවිදීම). මෙය දිනකට මිනිත්තු 30 බැගින් දින 5ක් ලෙස බෙදා ගත හැක.
• හෝ වේගවත් ව්‍යායාම (Vigorous Intensity): සතියකට මිනිත්තු 75ක් (උදාහරණයක් ලෙස: දිවීම හෝ පිහිනීම).
• මීට අමතරව සතියකට දින 2ක් වත් මස්පිඩු ශක්තිමත් කරන ව්‍යායාම (Strength training) කිරීම නිර්දේශ කරනවා.

ඔබට එකවර මිනිත්තු 30ක් ව්‍යායාම කිරීමට අපහසු නම්, දවස ඇතුළත කුඩා කොටස් වශයෙන් (උදා: විනාඩි 10 බැගින් 3 වතාවක්) මෙය සිදු කිරීමද සම්පූර්ණයෙන්ම ප්‍රමාණවත් බව නවතම පර්යේෂණ පෙන්වා දෙනවා.

✨ සතියට මිනිත්තු 150 ඉලක්කය සපුරා ගැනීමට ඔයා මේ සතියේ අලුතින් පටන්ගන්නා ක්‍රියාකාරකම මොකක්ද? Comment එකක් දාලම යන්න! 👇

ව්‍යායාම කියන්නේ දුවන එක විතරක් නෙවෙයි! (The 4 Types of Exercise)කොහොමද ඔයාලට,"ව්‍යායාම කරන්න" කිව්වම අපිට ගොඩක් වෙලාවට ...
05/04/2026

ව්‍යායාම කියන්නේ දුවන එක විතරක් නෙවෙයි!
(The 4 Types of Exercise)

කොහොමද ඔයාලට,

"ව්‍යායාම කරන්න" කිව්වම අපිට ගොඩක් වෙලාවට මතක් වෙන්නේ දහඩිය දාගෙන දුවන එක හරි, ජිම් (Gym) එකකට ගිහින් බර උස්සන එක හරි විතරයි. නමුත් සෞඛ්‍ය සම්පන්න ශරීරයක් පවත්වා ගැනීමට ප්‍රධාන ව්‍යායාම වර්ග 4ක් සමබරව කිරීම වැදගත් වේ.

1. ස්වායු ව්‍යායාම (Aerobic): ඇවිදීම, දිවීම, පිහිනීම වැනි හෘද ස්පන්දනය වැඩි කරන ව්‍යායාම. මේවා අපගේ හදවත සහ පෙණහලු ශක්තිමත් කරයි.
2. ශක්තිය වර්ධනය කරන ව්‍යායාම (Strength/Resistance): බර ඉසිලීම හෝ තමන්ගේම ශරීරයේ බර භාවිතයෙන් කරන ව්‍යායාම (Push-ups, Squats). මේවා මස්පිඩු සහ අස්ථි ශක්තිමත් කරයි.
3. නම්‍යශීලීතා ව්‍යායාම (Flexibility): ඇදීම් (Stretching) සහ යෝගා (Yoga) වැනි ව්‍යායාම අපගේ සන්ධිවල නම්‍යශීලී බව රැකදෙයි.
4. සමබරතා ව්‍යායාම (Balance): තනි කකුලෙන් සිටීම වැනි ව්‍යායාම මගින් වයසට යාමේදී ඇද වැටීම් වළක්වා ගැනීමට උපකාරී වේ.

✨ ඔබේ අදහස කුමක්ද? මේ ව්‍යායාම වර්ග 4න් ඔබ වැඩිපුරම කරන්නේ කුමන වර්ගයද? අපි ඒ ගැන පහලින් කතා කරමු. 👇

ඔබ දවසකට කොපමණ වේලාවක් වාඩි වී සිටිනවාද? (The Dangers of Sedentary Behavior)සුභ දවසක් වේවා! 🌞අද අපි කතා කරන්නේ අප බොහෝ ද...
16/03/2026

ඔබ දවසකට කොපමණ වේලාවක් වාඩි වී සිටිනවාද?
(The Dangers of Sedentary Behavior)

සුභ දවසක් වේවා! 🌞

අද අපි කතා කරන්නේ අප බොහෝ දෙනෙක් නොදැනුවත්වම කරන බරපතල වැරැද්දක් ගැනයි. එනම් වැඩි වේලාවක් එකම ඉරියව්වක වාඩි වෙලා ඉන්න එක (Sedentary Behavior).

ඔබ දිනපතා මිනිත්තු 30ක් ව්‍යායාම කළත්, දවසේ ඉතිරි පැය 8-10 පුරාවටම වාඩි වී සිටිනවා නම්, ඔබ තවමත් සෞඛ්‍ය අවදානමක පසුවිය හැක. වැඩි වේලාවක් වාඩි වී සිටීම නිසා හෘද රෝග සහ වෙනත් නිදන්ගත රෝග ඇතිවීමේ සම්භාවිතාව ඉහළ යන බව පර්යේෂණ පෙන්වා දෙයි.

වෛද්‍ය විද්‍යාවේ මේ සඳහා ඇති සරලම උපදේශය වන්නේ "Move more and sit less" (වැඩිපුර චලනය වන්න, අඩුවෙන් වාඩි වී සිටින්න) යන්නයි.

මේ සඳහා කළ හැකි සරල දේවල්:
• සෑම මිනිත්තු 50 කට සැරයක්ම නැගිටලා මිනිත්තු 5ක පමණ කුඩා ඇවිදීමක් (Movement break) ලබා ගන්න.
• දුරකථනයෙන් කතා කරන විට ඇවිදිමින් කතා කරන්න.
• හැකි සෑම විටම සෝපානය (Elevator) වෙනුවට පඩිපෙළ භාවිතා කරන්න.

✨ පුංචි අභියෝගයක්: අද වැඩ කරන අතරතුර ඔබත් විවේකයක් ගෙන විනාඩි කිහිපයක් ඇවිදින්න සූදානම්ද? "Yes" කියා පහලින් සටහන් කර අභියෝගය බාරගන්න! ඒ අභියෝගය භාර ගන්න කැමති වෙයි කියල හිතෙන යාලුවෙකුත් tag කරන්න. 😊 👇

සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ශාරීරික ක්‍රියාකාරකම්වල වැදගත්කම (Importance of Physical Activity)සුභ දවසක් ඔයාල හැමෝටම! 🏃‍♀️🏃‍♂...
09/03/2026

සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ශාරීරික ක්‍රියාකාරකම්වල වැදගත්කම
(Importance of Physical Activity)

සුභ දවසක් ඔයාල හැමෝටම! 🏃‍♀️🏃‍♂️

පසුගියපෝස්ට් එකෙන් අපි නිවැරදි පෝෂණය ගැන කතා කළා මතක ඇති කියල හිතනවා. අද අපි කතා කරන්නේ Lifestyle Medicine හි තවත් ඉතා වැදගත් කුළුණක් වන "ශාරීරික ක්‍රියාකාරකම්" (Physical Activity) ගැනයි.

බොහෝ දෙනෙක් සිතන්නේ ව්‍යායාම කරන්නේ බර අඩු කරගැනීමට පමණක් කියායි. නමුත් වෛද්‍ය විද්‍යාත්මකව, ක්‍රියාශීලී වීම ඊට වඩා බොහෝ සෙයින් වැදගත් වේ. ශාරීරිකව අක්‍රියශීලී වීම (Physical inactivity) ලොව පුරා සිදුවන මරණ සඳහා බලපාන ප්‍රධානතම අවදානම් සාධක අතරින් හතරවන ස්ථානයට පත්වෙලා තියනව කියල නවතම සමීක්ෂණ වල සඳහන් වෙන්නේ.

දිනපතා ක්‍රියාශීලී වීමෙන් මොනවද අපට ලැබෙන ප්‍රතිලාභ:
• රෝග වළක්වනවා: හෘද රෝග, දියවැඩියාව (Type 2 Diabetes), සහ පිළිකා වර්ග (පියයුරු සහ මහා බඩවැල් පිළිකා) ඇතිවීමේ අවදානම විශාල ලෙස අඩු කරයි.
• මනස සුවපත් කරනවා: මානසික ආතතිය (Stress) සහ විෂාදය (Depression) අඩු කරල, අපගේ මනෝභාවය (Mood එක) ධනාත්මක කරනවා.
• සුවදායී නින්දක්: රාත්‍රියට හොඳින් නින්ද යාමට සහ නින්දේ ගුණාත්මකභාවය වැඩි කිරීමට ලොකු උපකාරයක් වෙනවා.

✨ අපි කතා කරමු: ඔබ වඩාත් කැමතිම ක්‍රියාකාරකම කුමක්ද? (උදා: ඇවිදීම, පිහිනීම, බයිසිකල් පැදීම, නැටීම, හෝ ගෙවතු වගාව). ඔබේ කැමැත්ත පහලින් Comment කරන්න! 👇

පෝෂණය: නිරෝගී දිවිපෙවෙතක ප්‍රධානම රහසසුභ දවසක්! 🌿අපි කවුරුත් කැමතියි ලෙඩ රෝගවලින් තොරව, සැහැල්ලුවෙන් සහ සතුටින් ජීවත් වෙ...
04/03/2026

පෝෂණය: නිරෝගී දිවිපෙවෙතක ප්‍රධානම රහස

සුභ දවසක්! 🌿

අපි කවුරුත් කැමතියි ලෙඩ රෝගවලින් තොරව, සැහැල්ලුවෙන් සහ සතුටින් ජීවත් වෙන්න. ඒ සඳහා අපට උදව් වන ප්‍රධානම සාධකය තමයි "Lifestyle Medicine" ඒ කියන්නෙ දිවිපෙවෙත පිළිබඳ වෛද්‍ය විද්‍යාව. එහි ඇති ප්‍රධාන කුළුණු 6න් අපගේ සිරුරට ඉන්ධන සපයන බලවත්ම කුළුණ වන්නේ පෝෂණයයි (Nutrition).

බොහෝ දෙනෙක් සිතන්නේ පෝෂණය කියන්නේ බඩ පිරෙන්න කන එක හෝ විටමින් පෙති බොන එක කියලා. නමුත් විද්‍යාත්මකව බලන විට ඇත්තටම පෝෂණය කියන්නෙ ඊට වඩා ගැඹුරු දෙයක්. Lifestyle Medicine වලදී අපි අවධාරණය කරන්නේ "Whole Food Plant-Based Diet" එහෙමත් නැත්නම් එළවළු, පලතුරු සහ ධාන්‍ය වැනි ශාකමය ආහාර මුල් කරගත් ආහාර රටාවක් ගැනයි.

ඇයි අපි ශාකමය ආහාරවලට මුල් තැන දිය යුත්තේ?

1. රෝග සුව කිරීමේ බලය: නිවැරදි ආහාර රටාවකට හෘද රෝග, දියවැඩියාව සහ තරබාරුව වැනි රෝග පාලනය කිරීමට පමණක් නොව, ඇතැම් විට ඒවා මුලිනුපුටා දැමීමටත් (Reverse) හැකියාව තියෙන නිසා.

2. සිරුරට අවශ්‍ය හොඳම පමණක් දේ ලැබීම: අප ගන්නා ආහාරවලින් ලැබෙන පෝෂක කොටස් (Nutrients) අපගේ සෛල අලුත්වැඩියා කිරීමට සහ ප්‍රතිශක්තිය වැඩි කිරීමට උපකාරී වේ. විශේෂයෙන්ම තන්තු (Fiber) බහුල ආහාර මගින් රුධිරයේ සීනි මට්ටම පාලනය කරන අතර හෘදයට හිතකර වේ.

3. දීර්ඝායුෂ ලැබීම: පලතුරු, එළවළු, රනිල කුලයේ බෝග (බෝංචි, පරිප්පු), සහ ඇට වර්ග බහුලව ආහාරයට ගැනීම දීර්ඝායුෂ ලැබීමට හේතු වන බව පර්යේෂණ මගින් තහවුරු කර ඇත.

සරලව පටන් ගන්නේ කොහොමද?
ඔබ එකවරම ලොකු වෙනසක් කළ යුතු නැහැ. ඔබේ පිඟාන දෙස බලන්න. ඒකෙ වැඩි ඉඩක් එළවළු, පලා වර්ග සහ පලතුරු වලට වෙන් කරන්න. අධික ලෙස සකසන ලද ආහාර (Processed Foods), පැණි බීම සහ මස් වර්ග අඩු කරලා, ඒ වෙනුවට සොබාදහමෙන් ලැබෙන පිරිසිදු ආහාර එකතු කරගන්න. මතක තියාගන්න, ආහාර කියන්නේ බඩගින්න නිවන දෙයක් විතරක්ම නෙවෙයි; එය ඔබේ සිරුරට ලබා දෙන ඔසුවක්.

✨ පුංචි වෙනසක් කරමු: අද දවසේ ඔබේ ආහාර වේලට අලුතින් එකතු කරගන්නා වර්ණවත් පලතුර හෝ එළවළුව කුමක්ද? (උදා: කැරට්, බීට්රූට්, හෝ පලා මැල්ලුමක්). ඒක පහලින් Comment කරන්න! අපි බලමු කාගේ පිඟානද වැඩියෙන්ම වර්ණවත් කියලා. 👇

Address

45/25E, 1/1, Higgahawatte Mawatha
Pepiliyana
10350

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when SLSLM Community Hub posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share