26/10/2020
කොරෝනා රෝගය ඉපදීමට මුල් වන සෙම් රෝගය නැතහොත් සෙම් කෝප වීම සඳහා ඉතා ප්‍රත්‍යක්‍ෂ දේශීය ඖෂධ කිහිපයක්ම භාවිත කර ඔසුවක් සාදාගනිමින් මෙම මාරාන්තික කොරෝනා රෝගයෙන් ආරක්‍ෂාවීමට අපට හැකිය.
අප ඔබට හඳුන්වා දෙන්නට යන්නේ එම මහඟු ඖෂධයයි. ඉඟුරු, තිප්පිලි, කළුදුරු, වාල්මොළඟු, චීන අල, සුවඳ කොට්ටං, අතිවිඩයං ආදී ඖෂධයන් සමග තවත් විශේෂ දේශීය ඖෂධ 24ක් යොදා සාදාගන්නා ලද චූර්ණයක්.
මෙම සියලු ඖෂධයන්වල ගුණ කර්ම වශයෙන් ස්වසන ව්‍යුහයේ පීඩා, ප්‍රතිශ්‍යා, පීනස්, කාස, ස්වාස, උණ ආදී අවස්ථාවන්ටත් උෂ්ණ වීර්යයෙන් යුතුව කඵ නිස්සාරණ ගුණයෙන් වේදනා නාශක ගුණයෙන්, නාඩි උත්තේජන ගුණයෙන්, ශීත ප්‍රශමන ගුණයෙන් යුක්තවත් හෘදය ඇතුළු රක්ත සංවහන ව්‍යුහයේ උත්තේජනය කරයි.
එමෙන්ම රක්ත ශෝධනය හා වෛරස් නැසීමේ ගුණය ඇතිකර ශරීරයේ බලය ඇතිකරයි.
මෙසේ සියලු ඖෂධ එකතු කිරීමෙන් සාදාගන්නා චූර්ණය භාවිත කිරීමෙන් අප ගිල ගන්නා භයානක කොරෝනා වෛරසයෙන් මිදීමට ස්ථිරවම හැකියාව තියෙනවා.
මෙම ඖෂධ චූර්ණය තේ හැඳි 1 ක් මී පැණි සමග සතියකට වරක්
ගැනීමෙන් ශරිරයේ ප්‍රතිශක්තිකරණය ඉහළ ගොස් ස්ථිරවම කොරෝනා ආසාදනය වීම වළක්වා ගත හැකිය.