22/11/2025
🛑 දණහිසට උණු වතුරද? අයිස්ද? පැටලෙන්නේ නැතුව හරියටම දැනගන්න! 🦵🔥❄️
💥අපි ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි, දණහිස රිදෙනකොට "තවන්න ඕන උණු වතුරෙන්ද? නැත්නම් අයිස් වලින්ද?" කියන එක.
වැරදි එක කළොත් ඔබේ අමාරුව දෙගුණ තෙගුණ වෙන්න පුළුවන් බව ඔබ දන්නවාද? 😱
සරලවම, විද්‍යාත්මකව මේක තේරුම් ගමු. 👇
1️⃣ දණහිස ඉදිමී, රතු වී හෝ උණුසුම් වී ඇත්නම් (Acute Swelling / Inflammation) 🛑
ඔබේ දණහිස හදිසියේ උළුක්කු වී හෝ දණහිස් ආබාධය උත්සන්න වී (Flare-up) ඉදිමී ඇත්නම්, කිසිම විටෙක උණු වතුරින් තවන්න එපා!
💢විද්‍යාත්මක හේතුව:
▪️තාපය මගින් රුධිර නාල ප්‍රසාරණය (Vasodilation) කරයි. එවිට එම ස්ථානයට ගලා එන රුධිරය සහ තරල ප්‍රමාණය වැඩි වී ඉදිමීම තවත් වැඩි කරයි. එවිට වේදනාවද වැඩි වේ.
✅ කළ යුතු දේ: අයිස් තබන්න (Ice Therapy) ❄️. (විනාඩි 15-20).
🔸එමගින් ඉදිමීම පාලනය කරගන්න පුළුවන් වෙයි . නමුත් ඔබ අනිවාර්යෙන් ම භෞත චිකිත්සක වරයෙක් වෙත හැකි ඉක්මනින් යොමුවී ප්‍රතිකාර ලබාගත යුතුයි.
📖 Research Citation:
➡️"Applying heat to an acute injury can increase inflammation and edema (swelling)."
➡️Source: Malanga, G. A., et al. (2015). Mechanisms and efficacy of heat and cold therapies..
2️⃣ දණහිස් ගෙවී යාම (Osteoarthritis) සහ තද ගතිය (Stiffness) ඇති විට ✅
▪️ඔබට කාලයක් තිස්සේ පවතින දණහිස් අමාරුවක් (Chronic Pain) තිබේ නම් සහ උදෑසනට දණහිස නැවීමේ/දිග හැරීමේ අපහසුවක් (Stiffness) තිබේ නම්, උණු වතුර (Heat) වඩාත් සුදුසුයි. 🔥
💢විද්‍යාත්මක හේතුව:
තාපය මගින් පටක වල ඇදෙනසුලු බව (Elasticity) වැඩි කර තද ගතිය බුරුල් කරයි. වේදනාව අඩු කරයි.
✅ කළ යුතු දේ: උණු වතුරෙන් තැවීම හෝ Heat Pack එකක් භාවිතා කිරීම.
📖 Research Citation:
📌Yıldırım, N., Filiz Ulusoy, M. and Bodur, H., 2010. The effect of heat application on pain, stiffness, physical function and quality of life in patients with knee osteoarthritis. Journal of clinical nursing, 19(7‐8), pp.1113-1120.
⭕නමුත්,
2023-2025 නවතම පර්යේෂණවලින් පහත කරුණු අනාවරණය වෙලා තියෙනවා. 👇
1️⃣ Contrast Therapy (මාරුවෙන් මාරුවට උණුසුම් සහ සිසිල් සත්කාර) 🔄
Cureus (2023) ජර්නලයේ පළ වූ පර්යේෂණයට අනුව, උණුසුම් සහ සිසිල් සත්කාර මාරුවෙන් මාරුවට ලබා දීම (Contrast Bath Therapy) ඉතා සාර්ථකයි. 🌡️❄️
✅ සිදුවන්නේ කුමක්ද?
රුධිර නාල විස්තාරණය වීම (Vasodilation) සහ හැකිලීම (Vasoconstriction) මාරුවෙන් මාරුවට සිදුවන නිසා, එය "පොම්පයක්" ලෙස ක්‍රියා කර (Pumping effect), සන්ධිය වටා එකතු වී ඇති අනවශ්‍ය දියර සහ අපද්‍රව්‍ය ඉවත් කිරීමට උපකාරී වේ.
2️⃣ Deep Heat හෙවත් ගැඹුරු පටක තාපනය 🔥
Frontiers in Rehabilitation Sciences (2024) හි පළවූ විශේෂඥ මතයන්ට අනුව, මතුපිටින් ලබා දෙන උණුසුමට වඩා ගැඹුරු පටක වෙත යොමු කරන තාපය (උදා: Shortwave Diathermy) කල් පවතින ආතරයිටිස් තත්ත්වයන්ට වඩාත් සුදුසු වේ. 🦵
✅ සිදුවන්නේ කුමක්ද?
සන්ධිය ඇතුළත රුධිර සංසරණය වැඩි වී, පරිවෘත්තීය ක්‍රියාවලිය (Metabolic rate) වේගවත් කරයි. එමගින් සන්ධිය ඝන වීම සහ කල් පවතින ඉදිමුම් (Chronic Synovitis) අඩු කරගැනීමට හැකියාව ලැබේ. 📉
⚠️ විශේෂ අවවාදයයි:
මෙම ප්‍රතිකාර ක්‍රම (විශේෂයෙන් Deep Heat) නිර්දේශ කරනු ලබන්නේ කල් පවතින (Chronic) ආතරයිටිස් තත්ත්වයන් සඳහා පමණක් වන අතර එය සුදුසුකම් ලත් භෞතචිකිත්සකවරයෙක් විසින් තීරණය කළ යුතුයි.
📚 මූලාශ්‍ර (References):
📌 1. Contrast Therapy:
Fokmare Jr, P.S., Phansopkar, P. and Fokmare, P.S., 2022. A review on osteoarthritis knee management via contrast bath therapy and physical therapy. Cureus, 14(7).
📌 2. Deep Heat / Diathermy:
Rossi, R., 2024. Heat therapy for different knee diseases: expert opinion. Frontiers in Rehabilitation Sciences, 5, p.1390416.
🔄 ⚠️තාවකාලික සහනයෙන් එහාට යමු (Long-term Alternatives)
උණු වතුර හෝ අයිස් මගින් ලැබෙන්නේ තාවකාලික සහනයක් පමණි. දිගුකාලීන සුවය සඳහා පහත දෑ අත්‍යවශ්‍යයි:
✅ 1. තද ගතිය මගහරවා ගැනීම (Reducing Stiffness):
දණහිස එකම ඉරියව්වක තබාගෙන සිටීමෙන් සන්ධි තද වීම වැඩි විය හැක. ඒ නිසා දණහිස සම්පූර්ණයෙන් නමා දිග හැර කරන සරල ව්‍යායාම (Range of Motion Exercises) සහ නිවැරදි ඇදීම් ව්‍යායාම (Stretching) මගින් සන්ධියේ නම්‍යශීලී බව පවත්වා ගත යුතුය.
✅ 2. මාංශපේෂී ශක්තිමත් කිරීම (Strengthening):
දණහිස වටා ඇති මාංශපේෂී (Quadriceps) ශක්තිමත් කිරීම මගින් සන්ධියට දරන්නට වන බර අඩු කර, ස්වභාවික ආවරණයක් ලෙස ක්‍රියා කරයි.
✅ 3. බර පාලනය (Weight Management):
ඔබ බර 1kg කින් අඩු කරගන්නා විට දණහිස මත යෙදෙන පීඩනය 4kg කින් පමණ අඩු වන බව පර්යේෂණ මගින් පෙන්වා දෙයි.
⚠️ වහාම Physiotherapist කෙනෙක් අහන්න! (Important)
ඔබේ දණහිසේ තත්ත්වය හරියටම දැනගන්න , ගෙදර ප්‍රතිකාර කරන්න යන්න එපා.
⛔සමහර විට ඔබට Osteoarthritis තිබුනත්, හදිසියේ එය ඉදිමී (Acute phase) තිබිය හැක. එවිට උණු වතුර දැම්මොත් අමාරුව වැඩි වේ.
⛔ඒ නිසා ප්‍රතිකාර පටන් ගැනීමට පෙර සුදුසුකම් ලත් භෞතචිකිත්සකවරයෙක් (Physiotherapist) හමු වී ඔබේ දණහිස පරීක්ෂා කරගන්න. 🩺👨⚕️
ඔවුන් විසින් ඔබේ රෝගී තත්ත්වයට (Condition) ගැලපෙන්නේ Heat ද Ice ද යන්නත්, දණහිසේ තද ගතිය (Stiffness) නැති කිරීමට කළ යුතු විශේෂිත ව්‍යායාම මොනවාද යන්නත් නිවැරදිව නිර්දේශ කරනු ඇත.
Sci fit page…
Kavishka Karunarathne