මී මැස්සා -The bee

මී මැස්සා -The bee Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from මී මැස්සා -The bee, Medical and health, Piliyandala.

20/11/2016

ජනවාරි මාසේ ඉඳන් අලුත්ම ස්පා අත්දැකීමකට කැමතිද ???? සුපිරි වෙනසක් සමග මි පැණි වන සැප උපරිම ස්පා අත්දැකීමකට සෙට් වෙන්න ලයික් කරන්න අපේ පිටුව මි මැස්සා

20/11/2016

අලුත් ස්පා එකක් පටන් ගන්නයි යන්නේ ජනවාරි වල .. මී වදය කියලා . ඔයාලට ගොඩාක් දේවල් ලැබෙයි ....................

28/07/2015

Guys I No longer own NIRMANA SPA. I sold my share.

15/05/2014

යාළුවනේ ඔයාල අපේ ස්පා එකට ඇවිත් ගියානම් හොඳ, නරක කියල කොමන්ට් කරන්න. නිකම් බනින්න එපා. අපිට දියුණු වෙන්න ඕනි පැති පෙන්නලා දෙන්න හැබැයි රටේ නීතිය ගැනත් හිතල හොඳේ

14/05/2014

Body Massage with oil - Ayurveda therapy Snehadhara Kerala

දීර්ඝායුෂ ලබා දෙන ශීර්ෂ සම්බාහනයපංච කල්‍යාණය වනාහි කාන්තාවකට ඉතා අගනා සම්පතකි. ආභරණයකි. එයිනුත් කේශ කල්‍යාණයට හිමි වන්නේ...
27/04/2014

දීර්ඝායුෂ ලබා දෙන ශීර්ෂ සම්බාහනය

පංච කල්‍යාණය වනාහි කාන්තාවකට ඉතා අගනා සම්පතකි. ආභරණයකි. එයිනුත් කේශ කල්‍යාණයට හිමි වන්නේ ඉහළ ස්ථානයකි. නීරෝගී කෙස් කළඹක් පවත්වා ගෙන යාම ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයේම සිහිනයක්. වර්තමානයේ බොහෝ දෙනා විවිධ වූ විලාසිතා අනුගමනය කිරීමට යෑම නිසා සිදුවන්නේ උපතින් ලැබූ වටිනා කෙස් කළඹ විනාශ කර ගැනීමයි.
massageආයුර්වේද ‍පොත පතෙහි සම්බාහනය යන්න භාවිත නොවුණද සම්බාහනය යන්නට සමාන අර්ථය දෙන පද රාශියක් සඳහන්වේ. ඒ අනුව උද්වර්තනය යන්න සම්බාහනය යන්නට වඩාත්ම අදහස ලබාදෙයි. තෙල් ආ‍ලේප කිරීම, එසේත් නැතිනම් තෙල් ගැල්වීම උද්වර්තනයයි. මෙය අභ්‍යංගය ලෙසද හැඳින්වේ. සම්බාහනය මුළු ශරීරයටම හෝ ශරීරයේ එක් කොටසකට කළ හැකි අතරම ශරීරයේ ඒ ඒ ප්‍රදේශය අනුව කරන ප්‍රතිකාරයක් ලෙස සම්බාහනය සිදු කළ හැකිය. ඒ අනුව හිසේ තෙල් ගැල්වීම ශීරෝ අභ්‍යංගය හෙවත් ශීර්ෂ සම්භාහනයයි.
ආයුර්වේද වෛද්‍ය ග්‍රන්ථයක් වන චරක සංහිතාවේ හිස හඳුන්වනු ලබන්නේ ශරීරයේ උත්තමාංගය ලෙසයි. මිනිස් සිරුර පංච්ෙන්ද්‍රියන්ගෙන් සැකසී තිබෙන අතර එයින් සතරක්ම පිහිටා ඇත්තේ හිසෙහි වේ. ඒ ඇස, කන, නාසය, දිව යන ඉන්ද්‍රියන් සතරයි. සම ශරීරය පුරාම විහිදී තිබෙන්නක් වන අතරම ඉහත දී ඉන්ද්‍රියන් සතරම ‍පෝෂණය කරනුයේ සම මගිනි. ඒ අනුව එම ඉන්ද්‍රියන්ගේ ‍පෝෂණය, පිනවීම හිසෙහි තෙල් ගැල්වීමේදී සිදුවේ.
හිස තෙල් ගැල්වීම පුරාතනයේ සිටම පවතින ලද්දක් මෙන්ම අපගේ අවුරුදු චාරිත්‍රවල හිස තෙල් ගෑම නැකතක් අනුව සිදු කරන චාරිත්‍රයක් ලෙසයි පවතින්නේ. මේ අනුව හිසෙහි තෙල් ගැල්වීම සම්බන්ධයෙන් පැරැන්ණන් මුල් තැනදී ක්‍රියා කළ බව පෙනී යයි. හිසට තෙල් ගැල්වූ පමණින් මේ ක්‍රියාවලිය අවසන් නොවේ. තෙල් කේශ මූලයන්ට හොඳින් උරා ගැනීම, අවශෝෂණය කර ගැනීම සඳහා හොඳින් අතගා පිරි මැදීම කළ යුතුය.
ආයුර්වේදයේ සඳහන් පරිදි ශීර්ෂ සම්බාහනයෙන් කිසිදු බලපෑමක් ඇති නොවේ. ස්වභාවික පරිසරයෙන් ලබා ගන්නා ඖෂධීය වටිනාකමක් ඇති ශාක වල කොළ, ‍පොතු, මල්, ගෙඩි ආදියෙන් සකසා ගන්නා තෙල් වර්ග මෙහිදී ප්‍රධාන ලෙස භාවිත කරයි. මෙලෙස සකසා ගත් ඖෂධීය තෙල් හිසට ආ‍ලේප කිරීමෙන් පසුවයි සම්බාහනය කළ යුතු වන්නේ.
තෙල් ගැල්වීම එසේත් නැතිනම් අභ්‍යංගයේ ගුණ ආයුර්වේදයේ සඳහන් වන්නේ;
අභ්‍යංගෝ මාර්ධව කරං
කඵ වාත නිරෝධනං
ධාතු නාන් පෘෂ්ඨි ජනනො
මෘඡා වණ’ බල ප්‍රදහඃ යනුවෙනි.
එහි තේරුම වන්නේ ශරීරයේ තෙල් ගැල්වීමෙන් ශරීරය මෘදු කරයි. සෙම සහ වාතයෙන් හට ගන්නා රෝග නැති කරයි. ශරීරයේ ධාතූන් ‍පෝෂණය කරයි. පිරිසිදු බව හා පැහැය, ශක්තිය ලබා දේ ..... යන්නයි.
ආයුර්වේදයට අනුව ශරීරය සෑදී තිබෙන්නේ වාත, පිත, කඵ යන ත්‍රිදෝෂයන් ගෙනි. වාතය පංච ආකාරයි. ප්‍රාණ වාතය, උදාන වාතය, සමාන වාතය, ව්‍යාන වාතය, අපාන වාතය යන්න පංච විධ වාතයයි. ප්‍රාණ වාතය පිහිටන්නේ හිසෙහිය. එම නිසා ශරීරයේ ප්‍රාණය පවතින්නේ හිසෙහිය. අපගේ මොළය පවතින්නේත් හිසෙයි. ඒ අනුව ශිර්ෂ සම්බාහනය අපගේ ප්‍රාණය දිගු කරයි. එනම් දීර්ඝායුෂ ලබාදීම සිදුවේ. එසේම ප්‍රාණ වාතය නිසි ආකාරයෙන් පවත්වාගෙන යාමට උපකාරීවේ.
හිස කෙස් පිහිටා තිබෙන්නේ හිස් කබල ආරක්ෂා කිරීමටයි. හිස් කබලට පූර්ණ ආරක්ෂාවක් සපයන කෙස් වලිනුයි මොළයට ආරක්ෂාව සපයන්නේ. වර්තමානයේ ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම හිස සම්බන්ධයෙන් ‍පොදු ගැටලු කිහිපයක් පවතිනවා. ඒවා නම් අකලට හිස කෙස් පැසීම, අකලට හිසකෙස් වැටීම, කෙස් අග පැලීම, හිස් සොරි, උඳුගොව්වන් කෑම ආදියයි.
සරුසාර කෙතකට ‍පොහොර, ජලය ආදිය අවශ්‍ය වනවා සේම හිස කෙස් වැඩීමටත් සමට හොඳ ‍පෝෂණයක් අවශ්‍ය වේ. තෙල් ගැල්වීම මගින් සම ‍පෝෂණය වනවා මෙන්ම හිස කෙස් වල තෙත ගතිය, දීප්තිය වැඩිවේ. සිරුරට ‍පෝෂ්‍යදායක ආහාර වේලක් ගැනීමද අවශ්‍යයි. ශීර්ෂ සම්බාහනය මගින් මනා රුධිර සංසරණයක් සිදුවේ. එයින් හිස කෙස් වලට හොඳින් ඔක්සිජන් ලැබේ. තෙල් ගැල්වූ පසු කේශ මූලය ශක්තිමත් වේ. කේශ මූලය ශක්තිමත් වූසී විට හිසකෙස් අකලට පැසීම හෝ වැටීම සිදුවන්නේ නැත. උඳුගොව්වන් කෑම හිසෙහි ඇති වන දිලීර රෝග තත්ත්වයක්. එම තත්ත්වයන් හිසෙහි තෙල් ගල්වා සම්බාහනය කිරීමෙන් අඩු වී යයි..
කාන්තාවකගේ ආශාව කැමැත්ත වන්නේ නිරෝගී දිගු කෙස් කළඹකි. ශීර්ෂ සම්බාහනයෙන් එම කාර්ය සිදුවනවා පමණක් නොව කෙස් බහුල බව, සිනිඳු බව ඇති කරයි. එසේම හිස කෙස් හි කළු පැහැය පවත්වා ගැනීමටත් ශීර්ෂ සම්බාහනය උපකාරීවේ. ශීර්ෂ සම්බාහනය නිසා මුහුණේ සම පැහැපත් කිරීමද සිදු කරයි.
කාන්තාවන් ලෙස නිරෝගී කෙස් කළඹකට අධික ලෙස ආශා කරන නිසාම නානාප්‍රකාර වූ තෙල් වර්ග, කෘත්‍රීම රසායනික ද්‍රව්‍ය යෙදූ ආ‍ලේපන භාවිතා කරයි. වර්තමානය වන විට ස්ත්‍රී පාර්ශවය මෙන්ම පුරුෂ පාර්ශවයද හිස කෙස් සඳහා වූ විවිධ විලාසිතා වර්ග අනුගමනය කරයි. මෙවැනි විලාසිතා සඳහා භාවිතා කරන විවිධ ආ‍ලේපන වර්ග, උපකරණ නිසා හිස කෙස් වලට හානි සිදුවේ. කේශ මූලයට ‍පෝෂණය ලැබිමක් නොව කේශ මූලය හා හිස කෙස් පැලීම, වර්ණය වෙනස් වීම, අකලට කෙස් වැටීම (කාලිත්‍ය), අකලට කෙස් පැසීම (පාලිත්‍ය), හිස්සොරි ඇතිවීම මෙන්ම මුහුණේ වර්ණය වෙනස් වීමද සිදුවේ. මේ සියලු ගැටලු වලට ශීර්ෂ සම්බාහනය සිදුකිරීම ප්‍රතිඵල දායකයි.
ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව හිසෙහි පිහිටියාවූ යම් යම් නිල උද්ධීපනය සිදුකිරීමෙන් ශීර්ෂ සම්බාහනය සිදු කරයි. එසේ උද්දීපනය කරන නිලස්ථාන වන්නේ අධිපති නිලය, බ්‍රහ්ම රන්ද්‍රය, ශීව රන්ද්‍රය, කර්ණ මර්මය හා මනසා මර්මයයි. පළමුවෙන්ම හිසේ මුදුනේ පිහිටා ඇති අධිපති නිලය උද්ධීපනය කළ යුතුය. දෙවනුව අධිපති නිලයට ඉදිරිපසින් පිහිටා ඇති බ්‍රහ්ම රන්ද්‍රය නිලයන් තෙවනුව හිසෙහි පිටුපසට වන්නට පිහිටා ඇති ශිව රන්ද්‍රය නිලයත් උද්දීපනය කරයි. ඉන් පසුව කන ආසන්නයේ කණ පිටුපස පිහිටි කර්ණ මර්ම නිලයද පසුව ගෙල ආසන්නයේ පිහිටා මන්‍යා මර්ම නිලයද උද්දීපනය කරයි.
මෙම නිලස්ථාන සම්බාහනය කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් පවතී. සැම විටම හිසෙහි තෙල් ආ‍ලේප කිරීමෙන් පසුව සම්බාහනය කළ යුතුවේ. එසේම පිරිසිදු හිසකටයි තෙල් ගැල්වීම සිදු කළ යුතු වන්නේ. මෙම නිලස්ථාන සම්බාහනය කිරීමේදී එක්තරා රටාවකට හා රිද්මයකට අනුව සිදු කළ යුතුය. එසේ නොමැතිව මෙම ශීර්ෂ සම්බාහනයෙන් නිසි ප්‍රතිඵල ලබාගත නොහැක. එසේම මෙම නිල උත්තේජනය කළ යුත්තේ පළපුරුදු කෙනෙකු විසින් වන අතර තනිව තමන්ට ශීර්ෂ සම්බාහනයක් සිදු කර ගැනීම අපහසුය. මන්ද තනිව හිස සම්බාහනය කිරීමේදී නිල සම්බාහනය කිරීමට නොහැකි බැවින් තවත් අයෙකුගේ සහය ලබාගත යුතුමය.
ශීර්ෂ සම්බාහනය කළ යුත්තේ හිසට තදින් දැනෙන ආකාරයට නොව මෘදුවයි. තදින් හිස සම්බාහනය කළ විට කේශ මූලයට හානි සිදුවීමේ ප්‍රවණතාවය වැඩිය. මේ නිසා ශීර්ෂ සම්බාහනයේදී ඇඟිලි තුඩු වලින් හිස පිරිමැදීමයි කළ යුතු වන්නේ. ශීර්ෂ සම්බාහනයේදී හිසෙහි ගැල්වීමට ගන්නා තෙල් මද උණුසුමකින් යුක්ත විය යුතුයි. එයින් හිසෙහි සමට හා කේශ මූලයට හොඳින් තෙල් අවශෝෂණය වේ. තෙල් ගැල්වීමෙන් හා සම්බාහනයෙන් පසුව ස්නානය එතරම් සුදුසු නොවේ. සම්බාහනය කිරීමෙන් ශරීර උෂ්ණත්වයෙහි පාලනය වීමක් සිදුවේ. එම නිසා ශීර්ෂ සම්බාහනයෙන් අනතුරුව ස්නානය අහිතකරය. ස්නානය කරන්නේ නම් ශීර්ෂ සම්බාහනයෙන් පැය 2ක් හෝ 3ක් ඉක්ම ගිය පසුව සිදු කළ හැක.
බොහෝ විට පුරුෂ පාර්ශවයේ හිසකෙස් කපා නිම වූ විට සම්බාහනයක් හිසට සිදු කරයි. නමුදු නිවැරදි ආකාරයෙන් සම්බාහනය කිරීමක් එහිදී සිදු වන්නේ නැහැ. සිරුරට ආහාර ගැනීමෙන් ‍පෝෂණය ලැබෙන්නාක්සේ හිස කෙස් වලට ‍පෝෂණය ලැබෙන්නේ ශීර්ෂ සම්බාහනයෙනි. එබැවින් හරියාකාරවූ ශීර්ෂ සම්බාහනයක් මිනිසාගේ නිරෝගී දිවි පැවැත්වමට මහත් වූ රුකුලක් සපයයි.

Address

Piliyandala

Website

Alerts

Be the first to know and let us send you an email when මී මැස්සා -The bee posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram