09/03/2026
දෙමාපියන් වෙත විශේෂ දැනුම්දීමක්
ගරු දෙමාපිය වරුණි,
ක්‍රීඩාව යනු ජීවිතය විනාස කරගැනීමට ඇති මාර්ගයක් නොව, ජීවිතයට ආලෝකයක් ලබාදෙන මාර්ගයක් බව අප සැමවිටම මතක තබා ගත යුතුය.
ඒ නිසාම අපගේ ස්ථාවර ප්‍රතිපත්තිය වන්නේ පළමුව අධ්‍යාපනය දෙවනුව ක්‍රීඩාව යන සම්මුඛ මාර්ගයයි.
අද සමහර දෙමාපියන් දරුවන් කුසලාන, පදක්කම් හා තරග ජයග්‍රහණ පසුපස අන්ධ ලෙස යවමින් ඔවුන්ගේ අනාගතය අවදානමට ලක් කරන බව අපට පෙනී යයි.
කෙටියෙන් කිව්වොත් ක්‍රීඩාව පමණක් ජීවිතය කරගත් බොහෝ දෙනාගේ ජීවිත සාර්ථක වී නොමැති බව අපි අත්දැකීම් තුළින් දන්නෙමු.
ශ්‍රී ලංකාව වැනි රටක ක්‍රීඩාවෙන් කොච්චර ජයග්‍රහණ ගෙනාවත්, දරුවාගේ අධ්‍යාපනය, වටිනාකම සහ ජීවිතය හදා නොගත්තොත් එය ප්‍රයෝජනයක් නැති බව පැහැදිලිය.
ඒ නිසා අපගේ පංතිය තුළ
දරුවන් අධික තරගවලට අන්ධ ලෙස යැවීම,
කුසලාන පසුපස දරුවන් ධාවනය කරවීම,
අධ්‍යාපනය නොසලකා ක්‍රීඩාව පමණක් කරවීම
වැනි දේවල් අප කිසිසේත්ම අනුමත නොකරමු.
අපගේ අරමුණ වන්නේ දරුවන්ගේ අනාගතය ගොඩනැගීමයි, එය විනාස වීමට ඉඩ දීම නොවේ.
අද මේ වන විට අපට සතුටක් වන්නේ හොඳ විනයක් ඇති, ගුණගරුක දරුවන් පිරිසක් බිහි වී තිබීමයි.ඒ අතර මම අර කියපු විනයක් නොමැති දරුව නැතිවමත් නොවේ කොහොම නමුත් ඒ දරුවනුත් මේ ඇකඩමියේ ඉදියොත් විනයානුකූලව ජීවිතය ගොඩනාගා ගනියි මේ දෙමාපියන්ගේ අකල්ප වන අතර දරුවන්ගේ නරක ආකල්ප නොව.
මේ ලෝකය ජයගන්නේත් ජීවිතය ජයගන්නේත් විනයක් ඇති පුද්ගලයන් බව අප දැඩිව විශ්වාස කරමු.
එමෙන්ම අවස්ථාවාදී, කුහක ආකල්පයන්ගෙන් ක්‍රියා කරන දෙමාපියන්ට අප සමඟ දිගටම ගමන් කිරීම අපහසු වන බවද පැහැදිලිව දැනුම් දෙන්නෙමු.
අපගේ අරමුණ දරුවන්ගේ අනාගතය හදන එකයි එය අනාගන්න එක නොවේ.
එබැවින්,
අපගේ ප්‍රතිපත්තිවලට ගරු නොකරන,
දරුවන්ගේ යහපතට වඩා පුද්ගලික අවශ්‍යතා බලන
දෙමාපියන්ගේ දරුවන් අපගේ පංතියට පැමිණීම අවශ්‍ය නොවන බවද පැහැදිලිව දැනුම් දෙන්නෙමු.
අප අනුන්ගේ දරුවන් වඩාගන්න තැනක් නොවේ. ඒ කියන්නේ අනිත් කරතේ උප දේශක තුමන්ලා ලග කරාතේ පුහුණු වීම් කරන දරුවන් බලෙන් අඩගහල අපි ගාවට ගන්න අපේ කරගන්න අය නිවේ.
ඒ වගේම අපගේ පුහුණු වන දරුවන් වෙනත් අය වඩාගන්නේ නම්, එම දරුවන් නැවත භාර ගැනීමද සිදු නොවන බව කරුණාවෙන් දැනුම් දෙන්නෙමු.
අපගේ එකම අරමුණ වන්නේ විනය, ගුණය සහ හොඳ අනාගතයක් ඇති දරුවන් බිහි කිරීම පමණි.
ස්තුතියි.
ලක්ෂ්මන් අතපත්තු
ජාත්‍යන්තර ගෝජූකායි කරාතේ සංගමය
RHS Academy winners dojo
රබුක්කන ,පොල්ගහවෙල, පොතුහැර ,කෑගල්ල ,
0772534378/0742623747