Nature Yoga

Nature Yoga Mind Body Soul Healing

නමස්කාර  මුද්‍රාව (අංජලී මුද්‍රා)🙏❇️මෙම මුද්‍රාවේදි හදවත සහ මනස එකග වෙනවා වගේම මනසට ඉතාම සන්සුන් බවක් දැනෙනවා. ❇️අනාහත ච...
14/12/2025

නමස්කාර මුද්‍රාව (අංජලී මුද්‍රා)🙏

❇️මෙම මුද්‍රාවේදි හදවත සහ මනස එකග වෙනවා වගේම මනසට ඉතාම සන්සුන් බවක් දැනෙනවා.

❇️අනාහත චක්‍රය සක්‍රිය වෙනවා. ඒ නිසා සමබරතාවය,ආදරය,අභ්‍යන්තර සාමය වර්ධනය වේ.

❇️කෘතඥතාව වර්ධනය කිරීම .

❇️සිහිය වැඩි දියුණු කිරීම .

❇️ආතතිය අඩු කිරීම.

යෝග උපදේශිකා
අමේෂි නෙත්මිණි 🧘‍♀️

06/12/2025

උදර ස්වසනය 🧘‍♀️

❇️යෙදෙන ආකාරය - ඔබට බිම ඉදගෙන ඉන්න පහසු ආකාරයේ ඉරියව්වකට පැමිනෙන්න. සුඛාසනය,සිද්දාසන,පද්මාසන තමන්ට පහසු ආකාරයට ආසනයට පැමින ශරීරය රිජුව තබා ගන්න. ඔබට මෙය බිම ඉදගෙන කිරීමට අපහසු නම් බිම වැතිරීලා ස්වාසනයේ හෝ යෙදිය හැකිය. දැන් ඔබ සිටිනා ආසනයේ සිට ඔබේ වම් අත් පපුව මතටත් , දකුණු අත උදරය මතත් තබනවා. ඉන්පසුව ඔබ නාස්පුඩු වලින් හුස්ම ගන්නා විට ඔබේ උදරය බැලුමක් ආකාරයට ඉදිරියට පිම්බෙනවා.එවිට ඔබේ පපුවටද යම් පීඩනයක් දැනේ ඒ වගේම පපුව යම් පමණක් ඉහලට එසවේ.ඉන්පසු ඔබ නාස්පුඩු වලින් හුස්ම පිට කරනා විට ඔබේ උදරය මෘදු ලෙස ඇතුලට තෙරපේ. වාර 15-20 ත් අතර ඔබට මෙහි යෙදිය හැක.

ප්‍රතිඵල

⏹️රුධිර පීඩනය අවම වීම.
⏹️උදර මාංශපේශි ශක්තිමත් වීම.
⏹️අවධානය වැඩි කරයි.
⏹️කාංසාව හා මානසික ආතතියට.
⏹️හුස්මට මනසේ අවදානය යොමු කිරීමෙන් බාවනාවේදි වැඩි වෙලාවක් සිටීමේ පහසුවක්ද ලැබේ.

යෝග උපදේශිකා
අමේෂි නෙත්මිණි ✨

09/11/2025

සූර්ය නමස්කාරය ☀️

❇️"සූර්ය” යනු අලෝකය, ශක්තිය, ජීවනය නිරූපණය කරන සූර්ය දෙවියන් වහන්සේ ය.සූර්ය නමස්කාරය යනු “සූර්යයාට නමස්කාරය කිරීම” යන අර්ථයයි.

❇️සූර්ය නමස්කාරයේ ආසන 12ක් ඇත. එම ආසන 12 ඇතුලත් නමස්කාරය අපි 12 ස් වතාවක් කරන අතර හැකි අයට ඊට වඩා හෝ කල හැකිය. කිරීමට අපහසු අය 4 , 6වතාවක් කර සැහැල්ලු විය හැකිය.

සම්පූර්ණ වටයකදී ආසන 12ක් අන්තර්ගත වේ.

1. ප්‍රණාම ආසන – නමස්කාර කිරීම.

2. හස්ත උත්තාන ආසන – අත් දෙක උඩට ඔසවා මදක් පිටුපසට තමන්ට පුලුවන් තරමින් යාම.

3. පාදහස්ත ආසන– ඉහලට එසවූ දෙඅත් පහලට ගෙන හැකි නම් පාස ස්පර්ශ කිරීම .

4. අෂ්වසංචලන ආසන - වම් පාදය ඉදිරියට තබා දුවන්න සූදානම් වන ඉරියවුවෙන් සිටීම .

5. චතුරංග දන්ඩාසන - අත් දෙක දෙපසින් තබා කද ඉහල ඔසවා අත් දෙකට ශරීරයේ බර දි ශරීරය ඒ දන්ඩක් ආකාරයට තබා ගැනීම

6. අෂ්ටාංග නමස්කාර -ශරීරයේ කොටස් 8කින් භූමියට නමස්කාරය. නිකට ,පපුව , දන්හිස් පොලවට ගෙන ඒම.

7.භුජංගාසන - අත් දෙක පපුව දෙපසින් තබා නාගයෙක් ආකාරයට ශරීරයේ උඩු කොටස ඉහලට ගැනීම.

8.පර්වතාසන - පාද දෙකම පිටුපසට ගෙන පා පතුල් පොලවේ තබා අත් දෙක මැට් එකේ දෙපසින් තබා හිස් හොදින් ඇතුලට ගෙන ශරීරය ආරුක්කුවක් ආකරයට තබා ගැනීම .

9. අෂ්ව සංචලන ආසන - නැවතත් 4 වෙනි ඉරියව්වට දකුනු පාදය ඉදිරියෙන් වම්පාදය පිටුපසට .

10. පාදහස්ත ආසන

11. හස්ත උත්තාන ආසන

12. ප්‍රණාම ආසන - නමස්කාරයෙන් අවසන් කිරීම

ප්‍රතිඵල 🧘‍♀️
⏹️ශරීරය සම්පූර්ණයෙන්ම ශක්තිමත් කරයි.
⏹️මනසට සාමය ලබා දෙයි.
⏹️ශරීරයේ නම්‍ය්ශීලි බව වැඩි කරයි.
⏹️රුධිර සංසරණය හා හෘදය ක්‍රියා ශක්තිමත් කරයි.
⏹️බර අඩු කරගැනීම උපකාරී වේ.
⏹️ ආහාර ජීර්ණය වැඩි දියුණු කිරීමට.
⏹️ මානසික ආතතියට.
⏹️ ස්වසන පද්ධතිය ශක්තිමත් කරගැනීමට .

යෝග උපදේශිකා
අමේෂි නෙත්මිණි 🧘‍♀️

එක් පාද ජතාර පරිවර්තාසන ❇️මෙම ආසනය කොඳු ඇට පෙළ පෙළගැස්වීමට, උකුල් නැමීම් ,කලවා මාංශ පේශි දිගු කිරීමට සහ ආහාර ජීර්ණ මාර්ග...
29/10/2025

එක් පාද ජතාර පරිවර්තාසන

❇️මෙම ආසනය කොඳු ඇට පෙළ පෙළගැස්වීමට, උකුල් නැමීම් ,කලවා මාංශ පේශි දිගු කිරීමට සහ ආහාර ජීර්ණ මාර්ගය පිරිසිදු කිරීමට විශිෂ්ට ආසනයකි.( spinal stretching and twisting asana)

⏹️මාංශපේශි වල ආතතිය අඩු කරයි.
⏹️පිට හා කොන්දේ ශක්තිමත්බාවය වැඩි කරයි.
⏹️ආන්තරික අවයව (liver, kidney) පිරිසිදු කරයි.
⏹️ජීර්ණ ක්‍රියාව වැඩි කරයි.
⏹️ගෑස්, බඩ ඉදිම, අධි ආමාශා රෝග අඩු කරයි.
⏹️නාභි චක්‍රය (Manipura Chakra) සක්‍රීය කරයි.
⏹️මානසික ආතතිය හා කෝපය අඩු කරයි.
⏹️ඇට සන්ධි වල යෝග්‍යතාව වැඩි කරයි.

යෝග උපදේශිකා
අමේෂි නෙත්මිණි 🧘‍♀️

බාලාසන (child pose)❇️බාලාසන යනු පුංචි ළමයෙකුගේ ආකාරයෙන් සිටිනා විරාමයක් ලබාගැනීම අර්ථය ඇති යෝග ආසනයකි.මෙම ආසනය සුවපහසු හ...
22/10/2025

බාලාසන (child pose)

❇️බාලාසන යනු පුංචි ළමයෙකුගේ ආකාරයෙන් සිටිනා විරාමයක් ලබාගැනීම අර්ථය ඇති යෝග ආසනයකි.
මෙම ආසනය සුවපහසු හා සන්සුන් විවේකි ආසනයකි.

❇️මෙම ආසනයේදි පා පතුල් මතම හිද ගැනීමට අපහසු අයට තමන්ට පහසු ආකාරයට තමන්ට යන්න පුලුවන් උපරිම ප්‍රමාණයෙන් ආසනයට යාමට හැක.

ප්‍රතිඵල

⏹️බෙල්ලට සහ කොදුඇටපෙළට සහනයක් ලබා දේ.ඒ වගේම බෙල්ල සහ උරහිස් වල ඇති ආතතිය අඩු වේ.

⏹️උකුල් සහ කලවා වල නම්‍යශීලී බව වැඩි දියුණු කිරීම.

⏹️ජීරණ ක්‍රියාවලියේ අපහසුතා ඇති අයට ඉතාමත් හොද ආසනයකි.

⏹️හුස්ම ගැනීම වැඩි දියුණු කර නින්දේ ගුණාත්මකභාවය වැඩි දියුණු කරයි.

⏹️අත් හා මාංශපේශි වල ආතතිය අඩු කරයි.

⏹️මනස සන්සුන් කරයි.

යෝග උපදේශිකා
අමේෂි නෙත්මිණි 🧘‍♀️

15/10/2025

යෝග නිද්‍රා 😴

❇️යෝග නිද්‍රා නම් "යෝගී නින්ද" යෝග කරන්නන් ගැඹුරු ලිහිල් බාවයකට පත්වන තත්වයකි.

❇️යෝග නිද්‍රා යනු ශරීරය නිදා සිටියත් මනස අවබෝධයෙන් එනම් අවදියෙන් සිටින මනස ගැඹුරු විවේක තත්වයකට ගෙන යන මනෝ භාවනාවකි.

❇️එය ශරීරයට විවේකයක් දෙන අතර මානසිකවත් ආත්මීය වශයෙනුත් ඉතා සුවපත්, සැහැල්ලු , නිදහස් බවක් ගෙන දේ.

ප්‍රතිඵල
⏹️අධි රුධිර පීඩනය වැනි රෝග සදහා
⏹️ නින්ද යාම අඩු පුද්ගලයන්ට, නිදා ගැනීමේ ගුණාත්මක බව වැඩි කරයි
⏹️ස්නායු පද්ධතිය සංසුන් කරයි
⏹️මනස පැහැදිලි කර මතකය හා අවදානම වැඩි කරයි
⏹️ස්වයං දැනුවත්භාවය වැඩිදියුණු කරයි
⏹️ආතතිය හා කාංසාව අඩු කරයි

යෝග උපදේශිකා 🧘‍♀️
අමේෂි නෙත්මිණි ✍

11/10/2025

❇️අදෝමුක්ඛ ස්වානාසන හා උර්ධ්වමුක්ඛ ස්වානාසන

අදෝමුක්ඛ ස්වානාසන (Downward Facing Dog Pose)

ප්‍රතිඵල 🧘‍♀️

⏹️පිටුපස වේදනාවන් , මාංශපේශී තදවීම් අඩු වේ.
⏹️රුධිර ප්‍රවාහය ශීර්ෂයට ලබා දේ.
⏹️අත් , මැණික් කටුව (rist)ප්‍රදේශ ශක්තිමත් කරයි.
⏹️ආතතිය, කනස්සල්ල, මානසික පීඩනය අඩු කරයි.
⏹️දාරන ශක්තිය වැඩිදියුණු කරගැනීමට උපකාරි වේ.

උර්ධ්වමුක්ඛ ස්වානාසන (UpwardFacing Dog Pose)

ප්‍රතිඵල 🧘‍♀️

⏹️පපුව විවෘත කර ශ්වසන පද්ධතිය හොදින් ක්‍රියාකරවයි.
⏹️කොදුඇට පෙල හා උරහිස් සන්දි ශක්තිමත් කරයි.
⏹️සිරුරේ නම්‍යශීලිබව වර්ධනය වේ.

යෝග උපදේශිකා
අමේෂි නෙත්මිණි ✍🕉️

10/10/2025

ඕම් කාරය 🕉️🧘‍♀️

"ඕම් "ශබ්දය ඉතා පවිත්‍ර සහ විශ්වීය ශබ්දයක් බවින් හඳුන්වයි.

“ඕම්” යනු විශ්වයේ ආරම්භය, පැවතීම හා අවසානය නියෝජනය කරන ශබ්දයයි.

ආත්මික අර්ථය
⏹️මනස, ශරීරය සහ ආත්මය එකතු කරන ශබ්දය.
⏹️ධ්‍යානයේදී “ඕම්” යන්න උච්චාරණය කිරීමෙන් මානසික සාමය, අවධානය, හා අභ්‍යන්තර ශක්තිය වැඩි කරගත හැකිය.
⏹️මෙය සමස්ත විශ්වයේ තත්වය නියෝජනය කරන “අනන්ත ශබ්දය” ලෙසත් හඳුන්වයි.

ප්‍රතිඵල

⏹️රුධිර පීඩනය අඩු කරයි.
⏹️ස්වයං සුවයක් ලබා ගැනීමට.
⏹️ඕමි කාරය මගින් ස්වර තන්ත්‍ර හා අවට මාංශ පේශි ශක්තිමත් කරගත හැක.
⏹️මනස ගැඹුරු ලිහිල් බාවයකට පත් වේ.
⏹️ආතතිය හා කාංසාව අඩු වේ.

ප්‍රවීණ යෝග උපදේශිකා
අමේෂි නෙත්මිණි ✍

යෝග යනු එක්වීමයි. එය විවිධ ශරීර ඉරියව්(ආසන), භාවනාව සහ හුස්ම ගැනීම පිට කිරීම තුළින් ශරීරය, මනස සහ ආත්මය එකට සම්බන්ධ කිරී...
22/09/2025

යෝග යනු එක්වීමයි. එය විවිධ ශරීර ඉරියව්(ආසන), භාවනාව සහ හුස්ම ගැනීම පිට කිරීම තුළින් ශරීරය, මනස සහ ආත්මය එකට සම්බන්ධ කිරීමක් වේ.
එනම් යෝග යනු ඒකාබද්ධ වීම ,ඒකාත්මික වීමයි.

යෝග වඩන්නෙක් විදිහට අප තුළ නිවැරදිව අධ්‍යාත්මික පරිවර්තනය කරගැනීම සඳහා නිවැරදිව පුහුණු විය යුතු අංග 8ක් ඇත. එනම් අශ්‍ඨාංග යෝග වේ.

ඒවා නම්,
යම, නියම, ආසන,ප්‍රාණායාම, ප්‍රත්‍යහාර, ධාරණ, ධයාන, සමාධි ලෙස හදුන්වයි.

යෝග කිරීමේ ප්‍රතිඵල ,

ශාරිරික සුවතාවයට අමතරව මෙයින්
මනස ලිහිල් කිරීම, ජීවිතයේ පිළිබිඹුව, තමන්ගේ ආත්මයට ආදරය කිරීම, විශ්ව සම්බන්ධතාවය, හැඟීම් වලින් බැහැර වීම, තමන්ගේ ආත්මය පිරිසිදු කරගැනීම , ශරීර අභ්‍යන්තර කටයුතු නිසි ආකාරව ක්‍රියා කිරීම , සුව කිරීම වැනි බොහොමයක් දේ අපේ ඇතුලාන්තය තුල සිදුවේ..

යෝගය = සෞඛ්‍ය + සන්සුන්භාවය + සම්පූර්ණ ජීවිතය 🧘‍♀️

🔸ආසන හුදු ශාරිරික අභ්‍යාසයක් නොවේ. ඒවායේ ජෛව, මානසික, කායික හා අධ්‍යාත්මික බලපෑමක් ඇත. ශාරීරික ශෛලවල ඒවාට ආවේණික ඥානයක් ...
02/09/2025

🔸ආසන හුදු ශාරිරික අභ්‍යාසයක් නොවේ. ඒවායේ ජෛව, මානසික, කායික හා අධ්‍යාත්මික බලපෑමක් ඇත. ශාරීරික ශෛලවල ඒවාට ආවේණික ඥානයක් හා මතකයක් ඇත. විවිධ ආසන පුහුණු කිරීමෙන් රුධිර සංසරණය ක්‍රමානුකූල බවට නිවැරදි බවට පත්වේ, හෝමෝන සමතුලිත වේ, නාඩි උත්තේජනය වේ, විශබීජ විනාශ වේ. එම නිසා සෛලවල ශක්තිය හා ස්නායුවල ක්‍රියාකාරිත්වය හොදින් සිදුවේ. කායික, මානසික, ආධ්‍යාත්මික සුවය සමතුලිතව තබාගනියි.

✍හඨ යෝග ප්‍රදීපිකා 🧘

Breath in strength , exhale stress 🧘‍♀️යෝග කිරීමෙන් ඔබේ භෞතික ශරීරය ශක්තිමත් වේ. ඔබේ අධ්‍යාත්මික ශරීරය පෝෂණය හා සුවපත් ව...
05/08/2025

Breath in strength , exhale stress 🧘‍♀️

යෝග කිරීමෙන් ඔබේ භෞතික ශරීරය ශක්තිමත් වේ. ඔබේ අධ්‍යාත්මික ශරීරය පෝෂණය හා සුවපත් වේ. 🕉️

Locations - kiribathgoda , makola , kaduwela
Contact number - 0771291354

Address

Alumex PLC, Pattiwila Road
Sapugaskanda
11640

Website

Alerts

Be the first to know and let us send you an email when Nature Yoga posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category