06/09/2025
සිරිකත යෝග
2025.08.11
සටහන _මහේෂානි මීගහපොල.
ඉදිරිපත් කිරීම_
යෝග පුහුණු උපදේශිකා/
ආයුර්වේද වෛද්‍ය
ඩබ්ලිව්. ජී. එම්.එම් සුදර්ශනී.
ඔබේ අත් මහතද? අවලස්සන ද?
සාරි හැට්ටයක් අත් නැති ඇඳුමක් ලස්සනට අඳින්න බැරි තරම් ඔබේ අත් මහතද? අවලස්සන ද?
ඔබ දන්නවාද ජානමය හේතු, වයස් මට්ටම මෙන්ම ආහාර සහ ව්‍යායාම රටාව අත් වල මේද තැන්පත් වීමට හේතු වන බව?
අපට පාලනය කළ හැකි කරුණක් වන ව්‍යායාම රටාව සඳහා වයස් භේදයක් නොමැතිව සිදු කල හැකි සුදුසු ම යෝග ව්‍යායාම දෙකක් ගැන දැන ගනිමු.
01. ඵලකාසන
පාද දිගහැර ලංව තබා ගනිමින් මුනින් අතට පොළොවේ වැතිරෙන්න.
අත් දෙක වැලමිටෙන් නවා ශරීරය දෙපැත්තෙන් තබා ගැඹුරු හුස්මක් ගනිමින් රූපයේ පරිදි අත් දෙකට බරදී කොන්ද කෙළින් තබාගෙන ඉහළට එසවෙන්න.
හුස්ම රඳවාගෙන තත්පර පහක් එම ඉරියව්වේ සිට සෙමෙන් හුස්ම පිට කරමින් නැවත පොළොවේ වැතිරෙන්න.
මෙය වාර කිහිපයක් සිදු කරන්න.
අත් වල මෙන්ම කලව වල මේද කොටස් අඩු කරගැනීමට මෙම අභ්‍යාසය උපකාරී වේ.
02. භුජංගාසන
පෙර යෝගාසනයේ පරිදිම පාද දිගහැර ලංව තබා ගෙන මුනින් අතට පොළොවේ වැතිරෙන්න.
ශරීරය දෙපසින් අත්ල බිම තබා ගැඹුරු හුස්මක් ගනිමින් පහත රූපයේ පරිදි යටිබඩ හා කොන්ද ඉහළට වක්‍ර වන ලෙස එසවෙමින් හිස ඔසවා ඉහළ බලන්න.
තත්පර පහක් පමණ හුස්ම රඳවාගන්න.
සෙමෙන් හුස්ම පිට කරමින් නැවත පොළොවේ වැතිරෙන්න.
මෙම අභ්‍යාසය මගින් අත් වල මෙන්ම උදරයේ මේදයද අඩු කරගැනීමට හැකිවේ.
උදෑසන 5ත් සවස 5ත් යන වේලාවල ආහාර ගැනීමට පෙර දිනපතා මෙම යෝග ව්‍යායාම සිදු කිරීම මගින් ඔබට සැබෑ ප්‍රතිඵල ලබා ගත හැකිය.
තවද ව්‍යායාම අතරතුර ප්‍රමාණවත් පරිදි ජලය හා ඖෂධීය පාන භාවිත කරන්න.
සුදුසුකම් ලත් වෛද්‍යවරයකු හෝ යෝග උපදේශකවරයෙකු හමුවී ඔබට සුදුසුම ව්‍යායාම තෝරාගැනීම ඉතා වැදගත් වේ.