11/11/2025
Diabetes Awareness Month - November🎗️
->>දියවැඩියාව යනු කුමක්ද?
දියවැඩියාව යනු දීර්ඝකාලීන/නිධන්ගත රෝගයකි (Chronic Disease). ඉන්සියුලින් (Insulin) නැමැති හෝමෝනය මගින් සිරුරේ සීනි මට්ටම පාලනය කරන අතර මෙම ඉන්සියුලින් නිපදවනු ලබන්නේ අග්න්‍යාශය (Pancreas)මගිනි. අග්න්‍යාශයට ප්‍රමාණවත් තරම් ඉන්සියුලින් නිපදවීමට නොහැකි වීමත් නිපදවුනු ඉන්සියුලින් නිසිලෙස ක්‍රියාත්මක නොවීමත් යන හේතු නිසා රුධිරගත සීනි/ග්ලුකෝස් මට්ටම ඉහළ යාම සිදුවේ (Hyperglycaemia).
ඔබේ නිරාහාර රුධිරගත සීනි මට්ටම (Fasting blood sugar level) 140mg/dL වඩා වැඩි නම් ඔබට දියවැඩියා රෝග අවධානමක් ඇත.
දියවැඩියා රෝගය ආකාර(Types) කීපයකින් දැකිය හැකිය.අපි දැන් ඒ පිළිබඳව විමසා බලමු.
1. පලමු ආකාරයේ දියවැඩියාව (Type 1 Diabetes)
මෙය ඇතිවන්නේ අග්න්‍යාශය ප්‍රමාණවත් තරම් ඉන්සියුලින් නිපදවීමට අපොහොසත් වීමෙනුයි.එබැවින් මෙය Insulin dependent diabetes ලෙසද හඳුන්වයි.
2. දෙවන ආකාරයේ දියවැඩියාව (Type 2 Diabetes)
වැඩිහිටියන් අතර වඩාත් ප්‍රචලිත දියවැඩියා වර්ගය මෙය වන අතර, සිරුර ඉන්සියුලින් වලට ප්‍රතිරෝධී වීමෙන් මෙම තත්වය හටගනී. මෙය Non insulin dependent diabetes හා adult onset diabetes ලෙසද හදුන්වනු ලබයි.
3. මීට අමතරව ගර්භණී සමයේදී මව්වරුන්ට ඇතිවන දියවැඩියා තත්වයක්ද තිබේ.එය Gestational diabetes ලෙස හැඳින්වෙන අතර ගර්භණී සමයේ අවසානයත් සමඟ මෙයද අවසන් වේ. නමුත් මෙම මව්වරුන්ට හා ඔවුන්ගේ දරුවන්ට අනාගතයේදී Type 2 diabetes වැළඳීමේ ප්‍රවණතාවයක් ඇත.
පොදු රෝග ලක්ෂණ👇
🔹 අසාමාන්‍ය ලෙස පිපාසය දැනීම.
🔹 ඔබට වෙනදාට වඩා බොහෝ විට මුත්‍රා කිරීමට අවශ්‍ය විය හැකිය (විශේෂයෙන් රාත්‍රියේ දී).
🔹 ඉතා වෙහෙසට පත් ස්වභාවයක් (අධික තෙහෙට්ටුව) හෝ දුර්වල බවක් දැනීම.
🔹 Diabetes වැළඳුණු පසු ඔබේ ශරීරය ශක්තිය සඳහා ග්ලූකෝස් නිසි ලෙස භාවිතා නොකරන බැවින් ඔබේ ශරීර බර අසාමාන්‍ය ලෙස අඩු වීමක් දක්නට ලැබේ.
🔹 නිතර කුසගින්නක් දැනිය හැකිය.
මීට අමතරව
▪️ අධික රුධිර සීනි ඔබේ ඇස්වල වියළි බව ඇති කළ හැකි අතර එය පෙනීමට බලපායි.
▪️ කැපුම්, තුවාල සහ තැලීම් සුව වීමට සාමාන්‍යයට වඩා වැඩි කාලයක් ගත විය හැකිය.
▪️ ඔබේ අත්, පාදවල නිතර හිරි වැටීම මඟින් ඔබේ ස්නායු පද්ධතියට හානි වී ඇති බව පෙන්නුම් කරයි.
▪️ ඔබේ බෙල්ලේ, කිහිල්ලේ, ඉකිලි වල, හෝ ශරීරයේ නැමීම් සිදුවන ස්ථානවල අඳුරු ලප දක්නට ලැබෙන අතර ඒවා ඉන්සියුලින් ප්‍රතිරෝධයේ සලකුණු විය හැකි අතර එය Pre-Diabetes සහ Type 2 Diabetes සමඟ සම්බන්ධ වේ.
->>දියවැඩියාව වලක්වා ගන්නේ කෙසේද?
✅ හැකි සෑම විටම සමබර ආහාර වේලක් ලබා ගන්න.
✅ අධික ලෙස පිටි,සීනි හා තෙල් අඩංගු ආහාර පරිභෝජනය අවම කරන්න.
✅ දිනකට අවම පැය භාගයක් වත් ව්‍යායාම වල යෙදෙන්න.
✅ අධික තරබාරු බව (Obesity) දියවැඩියාව ඇතිවීමේ අවදානම වැඩි කරවයි.එබැවින් උසට සරිලන බරක් (Healthy BMI) පවත්වා ගන්න.
✅ මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැලකී සිටින්න.
✅ නිරන්තර රුධිර පරීක්ෂාවන් සිදුකර ගන්න.
✅ ඔබගේ වෛද්‍යවරයා විසින් නිර්දේශ කරන ලද ඖෂධ නිසිවේලාවට භාවිතා කරන්න. මෙහිදී මූලික වශයෙන් ඉන්සියුලින් පිටතින් ලබාදීම සිදුකරයි.(එන්නතක් ලෙස Subcutaneous injection)
පවුලේ දියවැඩියා රෝගියෙක් සිටිනවා නම් (Family history of Diabetes) ඔබටද දියවැඩියා රෝගය වැළදීමේ අවධානමක් ඇත.
පූර්ව දියවැඩියාව හඳුනා ගැනීම,
1️⃣ නිරාහාර සීනි පරික්ෂාව (10 Hour) - 100mg/dl - 125mg/dl
2️⃣ කෑමෙන් පැය දෙකකින් පසු - 140mg/dl - 200mg/dl
3️⃣ HbA1c පරික්ෂාව - 5.7% - 6.5%
පූර්ව දියවැඩියා ව හඳුනා ගැනීමේ වටිනාකම වනුයේ එම අවස්ථවේදී ඔබ නිසියාකාරව වෛද්‍ය උපදෙස් පිළිපැද නිසි ව්‍යායාමවල යෙදී නිසි ආහාර පාලනයෙන් යුතුව අනිකුත් හානිකර දෙයින් මිදුන හොත් ඔබට 50% ක පමණ සම්භාවිතාවයකින් දියවැඩියා වෙන් මිදිය හැක. එමෙන්ම දියවැඩියාවේ සංකූලතා වලින්ද වැළකිය හැක.
______________________________________________________________________________
"ඉක්මනින් සහ හොඳම සායනික ප‍්‍රතිඵල ලබා දීම කෙරෙහි අවධානය යොමු කරමින් ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුකූලව උසස් තත්ත්වයේ වෛද්‍ය සේවාවන් ලබා දීමට අපි කැපවී සිටිමු"
🔘දිනපතා පැමිණෙන වෛද්‍යවරුන් පිලිබඳව විස්තර ලබා ගන්න Themara Private Hospital ෆේස්බුක් පිටුව හා සම්බන්ධ වන්න.
🔘අති නවීන යටිතල පහසුකම්, නවීනතම වෛද්‍ය උපකරණ සහ රෝග විනිශ්චය, නවීන තාක්ෂණය සහ හිතකර වාතාවරණයක් සහිත තඹුත්තේගම ප්‍රදේශය තුළ පිහිටා ඇති එකම රෝහල
🩺 තෙමාරා පෞද්ගලික රෝහල, තඹුත්තේගම
☎ 025 2275075 | 076 2662002