LUCKY VISION OPTICALS

LUCKY VISION OPTICALS Testing for Visual Acuite, Diabetic Retinopathy, Hypertensive Retinopathy, Glaucoma, Cataract, ARMD, etc.. And Spectacles, Sunglasses, Contact Lenses,

⭕අද නොවැම්බර් 14🟢ගෝලීය වශයෙන් දියවැඩියා රෝගය පිළිබඳ දැනුවත් කිරීමට අද දිනය වෙන්කර ඇත.....🔴ඉතින් දියවැඩියා රෝගය නිසා ඇසට ...
14/11/2023

⭕අද නොවැම්බර් 14

🟢ගෝලීය වශයෙන් දියවැඩියා රෝගය පිළිබඳ දැනුවත් කිරීමට අද දිනය වෙන්කර ඇත.....

🔴ඉතින් දියවැඩියා රෝගය නිසා ඇසට සිදුවන හානි පිළිබඳ ඔබ දැනුවත් ද ?

🟡දියවැඩියා රෙටිනෝපති යනු ඔබව අර්ධ හෝ පූර්ණ වශයෙන් අන්ධ භාවයට පත්කිරීමට සමත් ඇස අභ්‍යන්තර ඇතිවන තත්වයකි. ඔබත් දියවැඩියා රෝගියෙක් නම් මෙම තත්වය ඇතිවීමට ඔබටත් යම් අවදානමක් ඇත. එබැවින් අවම වශයෙන් වසරකට එක් වරක්වත් දියවැඩියා රෝගයෙන් පෙළෙන ඔබ සම්පූර්ණ ඇස් පරීක්ශාවක් සිදුකර ගැනීම අනිවාර්ය කරුණකි.

❤ඉතින් තවත් ප්‍රමාද නොවී අපගේ විශේෂඥ අක්ශි වෛද්‍ය සායනය වෙත පැමිණ ඔබගේ ඇස් පරීක්ශාවක් සිදුකරගන්න.❤

12/10/2023

WORLD SIGHT DAY 2023.10.12
❤"LoVe YoUr EyEs At WoRk"❤

⭕CALL FOR EYE SURGEON CONSULTATION⭕      0️⃣7️⃣1️⃣7️⃣2️⃣9️⃣0️⃣0️⃣0️⃣2️⃣0️⃣7️⃣1️⃣3️⃣2️⃣3️⃣3️⃣3️⃣3️⃣0️⃣
20/05/2023

⭕CALL FOR EYE SURGEON CONSULTATION⭕ 0️⃣7️⃣1️⃣7️⃣2️⃣9️⃣0️⃣0️⃣0️⃣2️⃣
0️⃣7️⃣1️⃣3️⃣2️⃣3️⃣3️⃣3️⃣3️⃣0️⃣

🔴 "ලෝක ග්ලූකෝමා දිනය අදයි"🔴                             ඇසේ පීඩනය වැඩිවීම නිසා දෘෂ්ඨික ස්නායුවට ස්තිර හානි සිදුවීම හේතුව...
12/03/2023

🔴 "ලෝක ග්ලූකෝමා දිනය අදයි"🔴

ඇසේ පීඩනය වැඩිවීම නිසා දෘෂ්ඨික ස්නායුවට ස්තිර හානි සිදුවීම හේතුවෙන් අන්ධභාවයට පත්වීම ග්ලූකෝමාව යනුවෙන් හැඳින්වේ. එහි රෝග ලක්ශණ කිසිවක් හානිය 60%ක් පමණ වනතුරුත් රෝගීන්ට නොදැනීම මෙම රෝගයේ ඇති භයානක තත්වයයි. එබැවින් ග්ලූකෝමාව යනු නිහඬ සතුරෙකු ලෙසද හැඳින්විය හැක. ග්ලූකෝමාවෙන් හානිවන්නේ රෝගියාගේ පර්‍යන්ත පෙනීමටයි (field vison). තවත් අවාසනාවන්ත තත්වයක් වන්නේ රෝගය හඳුනාගන්නාවිට සිදුවතිබෙන හානිය නැවත සුවකිරීමට තරම් ක්‍රමවේදයක් මේ වනතුරුත් වෛද්‍ය විද්‍යාව තුලින් සොයාගෙන නොතිබීමයි.
නමුත් රෝගය හොඳින් පාලනය කිරීමට හැකියාව ඇති බැවින් මුල් කාලයේදීම හඳුනාගැනීම තුලින් පෙනීමට වන හානිය වලකාගත හැකිය. ඉතා පහසු සහ සරළ පරීක්ෂණ කිහිපයක් මගින් රෝගයේ මූලික ලක්ශණ පහසුවෙන්ම හඳුනාගැනීමට හැකි බැවින් ඔබත් සුදුසුකම් සහිත දෘෂ්ඨි විශේෂඥයකුලවා අක්ෂි පරීක්ශාවක් සිදුකරගැනීම තුලින් මෙම රෝගයට ගොදුරුවීමේ ඇති ඉඩකඩ මුල් අවස්තාවන් වලදීම හඳුනාගතහැක.

⭕ ග්ලූකෝමාව හඳුනාගන්නේ කෙසේද?
1. දෘෂ්ඨික ස්නායුව පරීක්ෂාව මගින්.
2. ඇසේ පීඩනය මැනීමෙන්.
3. ඇසේ දෘෂ්ඨි පරාසය මැනීම මගින්.
4. ඇසේ ස්නායු සඳහා කරන OCT
පරීක්ශාවෙන්.

⭕ ග්ලූකෝමාව ඕනෑම අයෙකුට වැළඳීමට හැකි නමුත් පහත සඳහන් තත්ව ඇති අය රෝගය වැළඳීමට වැඩි අවදානම් කාණ්ඩ ලෙස හඳුනාගෙන ඇත.
1. ඔබ වයස 40ට වැඩිනම් ග්ලූකෝමා අවදානම වැඩි අතර වයස 60ට වැඩිනම් අවදානම වඩාත් වැඩිවේ.
2. පව්ලේ අයෙකුට ග්ලූකෝමා අවදානම ඇත්නම්.
3. දුර නොපෙනෙන අයෙක් වීම හෝ කුඩා අවදියේ සිට ඒ සඳහා උපැස් යුවලක් භාවිතා කරන්නෙක් වීම.
4. ඇසට යම් අනතුරක් සිදුවූ අයෙක් වීම.
5. දීර්ඝකාලීනව යම් රෝගයක් සඳහා ස්ටෙරොයිඩ ඖෂධ වර්ග භාවිතා කරන්නෙක් වීම.
6. දියවැඩියා රෝගියෙක් වීම

⭕ ග්ලූකෝමාවට ප්‍රතිකාර තිබේද?
ඔබ ග්ලූකෝමා රෝගියෙකු ලෙස හඳුනාගතහොත් මූලිකවම ඇසේ පීඩනය පාලනය කිරීම සඳහා ප්‍රතිකාර ලබාදෙනු ලැබේ. ග්ලූකෝමා රෝගය සඳහා වෛද්‍ය උපදෙස් මත බොහෝවිට ජීවිතාන්තය දක්වා ප්‍රතිකාර කලයුතුවෙයි.ඖෂධ මගින් රෝගය පාලනය නොවන අවස්තාවන් වලදී ලේසර් කිරණ ප්‍රතිකාර හෝ ශල්‍යකර්ම සිදුකරන අවස්තාද වේ. එබැවින් ඔබ අනිවාර්යයෙන් වෛද්‍ය උපදෙස් නිවැරදිවම පිළිපැදිය යුතුය.
මෙම ලිපිය මගින් ග්ලූකෝමා රෝගය පිළිබඳ ඔබ යම් දැනුමක් ලබාගත්තානම් මෙම රෝගයේ ඇති බරපතල බව ඔබට වැටහෙන්නට ඇති. ඉතින් ඔබ කුමනහෝ ඇස් පරීක්ශාවක් සිදුකරනවානම් අනිවාර්යයෙන් එය සුදුසුකම් ඇති දෘෂ්ඨි විශේෂඥයකු ලවාම සිදුකරගැනීමට වගබලාගන්න. හිතුමනාපෙට ඇස් කන්නාඩි විකිනීම, ඒවා මිලදීගැනීම, පැළඳීම, ශ්‍රී ලංකාව තුල බහුලවම දැකියහැකි තත්වයකි. මෙම ලිපියේ ප්‍රධාන අරමුණ එහි ඇති බරපතකම ඔබට වටහාදිමයි.
ඔබත් අපගේ විශේෂඥ අක්ෂි වෛද්‍ය සායනයට පැමිණ නිවැරදි අක්ශි පරීක්ශාවක් කරගන්න.........

♦️ලකී විශන් ඔප්ටිකල් - වලස්මුල්ල♦️

ඔබගේ වේලාව වෙන්කර ගැනීමට පහත අංක අමතන්න.
☎ 071 - 7 2 9 0 0 0 2
☎ 071 - 3 2 3 3 3 3 0

07/03/2023

Celebrate international women's day.
⭕ FREE EYE EXAM 👀 ⭕
With purchase of complete spectacles.

⭕ කුඩා දරුවන් සඳහා අක්ෂි පරීක්ෂණ වැදගත් වන්නේ ඇයි?         ඔබේ දරුවාගේ ඇස් නිසිලෙස වර්ධනය වන්නේ දැයි දැනගැනීමට ඇති එකම ක...
28/02/2023

⭕ කුඩා දරුවන් සඳහා අක්ෂි පරීක්ෂණ වැදගත් වන්නේ ඇයි?
ඔබේ දරුවාගේ ඇස් නිසිලෙස වර්ධනය වන්නේ දැයි දැනගැනීමට ඇති එකම ක්‍රමය දෘෂ්ඨි විශේෂඥයකු සමග සිදුකරණ සවිස්තරාත්මක අක්ෂි පරීක්ශාවකි. අක්ෂි සෞඛ්‍ය ගැටලු බොහෝමයක් ඉක්මනින් හඳුනාගතහොත් ප්‍රතිකාර කළහැකිය. නිදසුනක් වශයෙන් කම්මැලි ඇසක් ඉක්මනින් හඳුනාගෙන ප්‍රතිකාර කළහොත් එය සම්පූර්ණයෙන් නිවැරදි කළ හැකිය.
ඔබේ දරුවාට ඉගෙනීමට ඇති හැකියාවද අක්ෂි පරීක්ෂණ මගින් තහවුරු කරයි. දුරින් තිබෙන යමක් දැකීමට, පින්තූරයක් වෙත අවධානය යොමුකිරීමට හෝ පොතක වචන අනුගමනය කිරීමට නොහැකි දරුවන්ට ඔවුන්ගේ සම්පූර්ණ ඉගෙනීමේ හැකියාව ලබාගැනීමට අපහසු විය හැක.
කුඩාකල හඳුනා නොගත් සහ ප්‍රතිකාර නොකළ සුලු දෘෂිඨි ගැටලු බොහෝවිට පසුකාලීනව ඉතා විශාල දුශ්කරතා ඇතිකිරීමට සමත් වේ. කුඩා දරුවන්ගේ අක්ෂි රෝග සම්බන්ධ සමහර ලක්ශණ ඔබට නිවසේදීම නිරීක්ෂණය වන්නටද පුලුවන්.

⭕ එක ඇසක් හෝ ඇස් දෙකම හැරී තිබීම (වපරයක් වගේ).
⭕ රූපවාහිනිය නරඹනවිට හෝ / පොත් කියවනවිට අසාමාන්‍ය ලෙස එය ලංකරගැනීම.
⭕ නිතර කඳුලු ගලීම.
⭕ එක් පසකට හිස හරවා බැලීම.
⭕ ඇහි බැමවල ගැටිති, පැල්ලම්, රතු පැහැ වීම්, ඉදිමීම් වැනිදේ.

මෙවැනි ලක්ශණ ඇත්නම් ඔබ විශේෂඥ සහාය ලබාගැනීමට පමානොවිය යුතුය. තවද විශේෂයෙන් දෙමාපියන් යම් අක්ෂි රෝගයකින් පෙලෙන්නන් වීම ඔවුන්ගේ කුඩා දරුවන් අක්ෂි පරීක්ෂණයකට යොමුකලයුතු තවත් එක් අවදානම් සාධකයකි.

(ලකීවිෂන් ඔප්ටිකල්
☎ 071 7290002 / 071 323 3330 )

රියැදුරු බලපත්‍රය අලුතින් ලබාගැනීමේදී සහ පැරණි බලපත්‍රය අලුත් කිරීමේදී ඔබ විසින් ඔබගේ ඇස් පෙනීමේ තීව්‍රතාවය මැනීමේ පරීක්...
26/02/2023

රියැදුරු බලපත්‍රය අලුතින් ලබාගැනීමේදී සහ පැරණි බලපත්‍රය අලුත් කිරීමේදී ඔබ විසින් ඔබගේ ඇස් පෙනීමේ තීව්‍රතාවය මැනීමේ පරීක්ශාවක් සඳහා ඉදිරිපත් වියයුතු බව ඔබ දන්නවා ඇති. ඔබ කෙතරම් දක්ශ රියැදුරෙක් උවත් රියැදුරෙකු වීමට අවශ්‍ය අවම මට්ටමේ ඇස් පෙනීමවත් ඔබට නොතිබුනොත් බලපත්‍රය ලබාගැනීම ඔබට ගැටලුකාරී වන්නට පුලුවන්. එනිසා රියැදුරු බලපත්‍රය සඳහාවන වෛද්‍ය පරීක්ෂණයට ඉදිරිපත්වීමට ප්‍රථම අපවෙත පැමිණ ඔබගේ ඇස් පෙනෙන ප්‍රමානය රියැදුරු බලපත්‍රය ලබාගැනීම සඳහා ප්‍රමානවත්දැයි නොමිලේම පරීක්ශා කරවාගන්න...
එහිදී ඇස් පෙනීමේ ගැටලු ඇති අයවලුන් සඳහා අවශ්‍යනම් අක්ශි විශේෂඥ වෛද්‍ය පහසුකම්ද දැන් අප වෙතින්ම ලබාගතහැකි බව ඔබට සතුටින් දන්වා සිටිමු.
"ඉතින් ගිහින් රස්තියාදු නොවී යන්න කලින් එන්න"
පැමිණීමට පෙර පහත අංක අමතා වේලාවක් වෙන්කරවා ගන්න.
071- 7290002 / 071 323 3330
පහලොස් වසරක විස්වාසනීය සේවය සමග එක්වන්න. ලකීවිශන් ඔප්ටිකල් - වලස්මුල්ල

ඩිජිටල් තිරයෙන් ඔබේ ඇස අරක්ශා කරගන්න01) ඩිජිටල් තිර භාවිතයේදී ඇසිපිය ගසන වාර ගනන වාර 20 සිට වාර 4ක් හෝ 5ක් දක්වා අඩුවන බ...
25/02/2023

ඩිජිටල් තිරයෙන් ඔබේ ඇස අරක්ශා කරගන්න
01) ඩිජිටල් තිර භාවිතයේදී ඇසිපිය ගසන වාර ගනන වාර 20 සිට වාර 4ක් හෝ 5ක් දක්වා අඩුවන බව සමීක්ශණ මගින් සොයාගෙන තිබෙනවා. මේ හේතුවෙන් ඇස වියලීමට ලක්වීම සහ ස්වභාවිකවම විශබීජ නාශකයක් ලෙස ක්‍රියාකරන කඳුලු නිසියාකාරව නොලැබීයාම නිසා පරිසරයේ පවතින අහිතකර බැක්ටීරියා සහ වෛරස වලට ඇස නිරාවරණය වී නොයෙක් ආසාදනයන්ට ලක්විය හැක.මෙයට පිළියමක් ලෙස ඇස්මට්ටමට වඩා තරමක් පහතින් තිරය තබාගැනීම සුදුසුය. එමගින් ඇස සම්පූර්‍ණයෙන් විවෘත නොවීම නිසා වියලනයට ලක්වීම යම්තාක්දුරට අඩුවේ.
02) 20 20 20 නියමය
දිගුවේලාවක් ඩිජිටල් තිරයක් ඉදිරිපිට ක්‍රියාකිරීම ඇසට ඉතා වෙහෙසකාරී වන බව ඔබ අත්දැකීමෙන්ම දන්නවා ඇති. "පරිඝණක දෘශ්ඨි සින්ඩ්‍රෝමය" සඳහා පිළියමක් ලෙස ඔබ තිරයක් ඉදිරිපිට ක්‍රියා කරන සෑම විනාඩි 20 කට වරක් අඩි 20 කට වඩා වැඩි දුරක් තත්පර 20 බළාසිටීමට පුරුදුවන්න.
03) ඩිජිටල් තිරය තබාගතයුතු දුර
ඩිජිටල් තිරය තබාගැනීමීදී එය ඇසේ සිට තිබියයුතු අවම දුරක් ලෙස, පරිඝණක තිරයක් නම් අවම වශයෙන් සෙන්ටිමීටර 50 ක දුරින් ඇස් මට්ටමට පහතින් වනසේ තබාගැනීම හා දුරකථනයක තිරයක් නම් අවම වශයෙන් සෙන්ටිමීටර් 30 ක දුරකින් තබාගැනීම යෝග්‍ය බව මේ වනවිට සොයාගෙන තිබේ.
04) අහිතකර කිරණයන්ගෙන් ආරක්ශාවීම
පාරජම්බුල කිරණ පරාසයට අයත් නිල් ආලෝකය ඩිජිටල් තිර වෙතින් ඔබේ ඇසට නිරන්තරයෙන්පතිත වේ. එය පසුකාලීනව ඇසේ සුද මතුවීමට සහ දෘශඨිවිතානය දිරාපත්වීමට හේතු වියහැක. එබැවින් එවැනි අහිතකර කිරණයන් ඇසට පැමිණීම වලකන නිල් ආලෝකය පරාවර්ථනය කලහැකි
(Blue cut lenses) කාච සහිත උපැස් යුගලයක් පැළඳීම වඩා සුදුසු යැයි කිවහැක.
05) නින්දට සිදුවන බාධා
මොළයෙන් ස්‍රාවයවන මෙලටොනින් හෝමෝනය අපට නින්දට උපකාරීවන හෝමෝනයකි. ඩිජිටල් තිරමගින් ඇසට වැටෙන නිල් ආලෝකය මෙම හෝමෝන නිසිපරිදි ස්‍රාව්‍යවීමට භාදා ගෙනදෙයි. එබැවින් නින්දට යාමට පැය 2කට 3කට පමණ පෙර එවැනි නිල් ආලෝකය වෙතින් ඉවත්වී සිටීමට පුරුදුවන්න.
06) ජලය පානයේ වැදගත්කම
පරිඝනක තිරයක් ඉදිරිපිට ක්‍රියා කිරීම ඇස වියලීමට එක් හේතුවකි. අප ශරීරය නිතරම ජලයෙන් සන්තෘප්තව තබාගැනීම ඇසට ලැබෙන ජල ප්‍රමානය හොඳින් ලැබීමට ඉවහල් වේ. එබැවින් නිතර ජලය පානය කිරීම පුරුද්දක් කරගන්න. තවද විදුලිපංකා වලින් නිකුත්වෙන සුලං එක එල්ලේම ඇස නොගැටෙන ලෙස තබාගන්න.
07) තිරයේ ආලෝක පාලනය
තිරයේ ආලෝකය අනවශ්‍යලෙස අඩුකිරීම තුලින් එහි ඇති දෑ පහසුවෙන් දැකගැනීමට භාදා ගෙනදෙයි. එයද ඇස වෙහෙසීම වැඩිකිරීමට හේතුවක් වේ. එමනිසා තිරයේ ආලෝකය අවම වශයෙන් 50% ක මට්ටමට ආසන්නව තබාගැනීමට උත්සාහ ගන්න. තවද වටපිටාවේත් යම්කිසි ආලෝක ප්‍රමාණයක්
තිබිය යුතුය. අඳුරේ සිට වැඩකිරීම සුදුසු නොවේ.
08) ඇසට ව්‍යායාම කිරීම
ඇස් වටා හොඳින් සම්බාහනය කිරීම තුලින් හොඳ රුධිරසැපයුමක් ඇසට ලැබීම සිදුවේ. එවිට ඇසට හොඳ පෝශනයක් ලැබීමෙන් ඉක්මනින් ඇස් වෙහෙසට පත්වීම නතරවේ.
(ලකී විශන් ඔප්ටිකල්) 071-7290002/071-3233330 / 071-3233331)

01/01/2022
"Love Your Eyes"
14/10/2021

"Love Your Eyes"

We are so Happy to celebrate the tenth anniversary of Lucky Vision Optometrists. We would like to give a big Thank you t...
18/10/2020

We are so Happy to celebrate the tenth anniversary of Lucky Vision Optometrists. We would like to give a big Thank you to all our clients, supportes, well wishers and friends who helped us reach here. Thank you all !!

Address

No 4, By Pass Road
Walasmulla
82450

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00

Telephone

0713233330

Website

Alerts

Be the first to know and let us send you an email when LUCKY VISION OPTICALS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category