දේවමැදි හත්පත්තුව

දේවමැදි හත්පත්තුව දඹදෙණිය යුගයේ 2වැනි පරාක්‍රමබාහු රජු විසින් ඉදි කරන ලද්දකි

ශ්‍රී විෂ්ණු දෙවි පිහිටයි

හත් කෝරළයට අයිති දේවමැදි හත් පත්තු කාලයක් යද්දි කෝරළ කීපයකට බෙදුණා. දේවමැදි කෝරළේ, දේවමැදි මැද ගම් දහ කෝරළේ, දේවමැඳි උඩුකහ, දේවමැදි වල්ගම්පත, කටුගම්පොළ, යගම් පත්තු, වැවගම තුන්පත්තු, කිරියට කප්පන්ගම, ගිරාතලන් මැදගන් දහ, ගිරා.

18/02/2026

සත්කෝරළයේ රාජ්‍යය නිලධාරීන් ( කෝට්ටේ යුගය - සීතාවක යුගය )

1. උදන්විට අධිකාරම

2. මාරලන්දේ දිසාපති

3. දෙනගමුවේ දිසාපති

4. බමුණාවල දිසාපති

5. තම්මිට දිසාපති

6. බැද්දේගම වීරසේකර ආරච්චිල

7. කඹුවටවන එදිරිසිංහ ආරච්චිල

8. රත්ගල්ලේ වීරසේකර ආරච්චිල

9. රැකෝගම කුන්සේදු ආරච්චිල

10. ගලගමුවේ චන්ද්‍රපාන ආරච්චිල

11. මඩුගල්ලේ මඬසේන ආරච්චිල

12. වෑඋඩ විල්ලිසේකර ආරච්චිල

13. මින්හෙට්ටියේ රත්නායක ආරච්චිල

14. කඩවතේ මුණසිංහ ආරච්චිල

15. මාගල්ලේ කුරුප්පු ආරච්චිල

16. දෙලන කඩවතේ ආරච්චිල

17. බොරුවැවේ කස්තුරි ආරච්චිල

18. අකරගනේ අධිකාරි ආරච්චිල

19. කඩිකාවේ එදිරිසිංහ ආරච්චිල

20. කඳුලොව ඒකනායක මොහොට්ටාල

21. වරද්දන මොහොට්ටාල

22. මැද්දේ කැටියේ පලිපාන රාළ

23. හොරොම්බුවේ පලිහන නිළමේ

24. නිකවැවේ පිහන රාළ

25. බෝගමුවේ පිහනරාළ

26. මඩහපොල පිහනරාළ

27. විල්බාගෙදර දුක්ගන්නාරාළ

28. කටපුළුවේ බත්වඩන නිලමේ

29. රඹුක්කන යාපාරාළ

30. මංගලගම ගමරාළ

31. බෝයගනේ අදිකාරි මුදියන්සේ

32. බමුණාපොත අදිකාරි මුදියන්සේ

33. නවුන්ගෙදර වල්වත්තේ මුදියන්සේ

34. වාරියපොල අතපත්තු මුදියන්සේ

35. මාතොට රාජපක්ෂ මුදියන්සේ

36. දඹලියද්දේ විජයකෝන් මුදියන්සේ

37. පණලියේ රාජපක්ෂ මුදියන්සේ

38. දිවුල්ගස්පිටියේ චන්ද්‍රශෙඛර මුදියන්සේ

39. වලලියේ ඒකනායක මුදියන්සේ

40. නවුන්ගෙදර එදිරාජ මුදියන්සේ

41. නාහීන්නේ හන්‍තාන මුදියන්සේ

42. බලදොර බාලසූරිය මුදියන්සේ

43. බලදොර බමුණු මුදියන්සේ

44. ඔලුපැලියාවේ වාසල මුදියන්සේ

45. රැකෝගම වාසල මුදියන්සේ

46. ගිරාගම රත්නායක මුදියන්සේ

47. දෙයියන්නේවෙල වනසිංහ මුදියන්සේ

48. තලාගල්ලේ රත්නායක මුදියන්සේ

49. ලිංදෙණියේ කුමාරසිංහ මුදියන්සේ

50. නුවරවැවේ කුමාරසිංහ මුදියන්සේ

51. එරියාවේ සමරකෝන් මුදියන්සේ

52. මැඩියාවේ මුණසිංහ මුදියන්සේ

53. පත්තෑවේ වනසිංහ මුදියන්සේ

54. උඩත්තාවේ හෙට්ටි මුදියන්සේ

55. හඳුගල්ලේ රත්නායක මුදියන්සේ

56. වාඩියගල ජයතිලක නවරත්න මුදියන්සේ

57. උඩුවේරියේ මුණසිංහ මුදියන්සේ

58. රුක්අත්තනේ දිවාකර මුදියන්සේ

59. කළුගමුවේ රාජපක්ෂ මුදියන්සේ

60. මුරු නැහේ ජයතිලක මුදියන්සේ

61. ගන්තිරියාවේ හිටිහාමි

62. මාතියංගේ හිටිහාමි

63. කටුගම්පල දිසාපති සහ අධිකාරම

64. ගන්නොරුවේ දිසාපති සහ අධිකාරම

65. බෝපිටියේ දිසාපති සහ අධිකාරම

66. මාදම්පේ දිසාපති සහ අධිකාරම

67. උඩපොල දිසාපති සහ අධිකාරම

68. ගොඩිගමුවේ දිසාපති සහ අධිකාරම

( ඔබ දන්නා විස්තරද එකතු කරන්න. )

සටහන

-මහේන්ද්‍ර ජයකොඩිආරච්චි -
Mahendra Jayakodiarachchi

දෙගම්බඩ සිංහයා Youtube නාලිකාව

( උපුටාගැනීමේදී කතෘ අයිතිය සුරකින්න )

#සත්කෝරළය
#දෙගම්බඩ_සිංහයා #සීතාවක_රාජසිංහ #සීතාවක_රාජධානිය #තුන්_කෝරළය #සබරගමුව #සීතාවක #මැදගොඩ_හඳවත #කබුලුමුල්ල_දේවාලය
#

දඹදෙණිය රාජධානිය                                          කොළඹ සිට මිනුවන්ගොඩ ගිරිඋල්ල හරහා හෝ මීගමුව ගිරිඋල්ල හරහා දඹදෙ...
31/01/2026

දඹදෙණිය රාජධානිය කොළඹ සිට මිනුවන්ගොඩ ගිරිඋල්ල හරහා හෝ මීගමුව ගිරිඋල්ල හරහා දඹදෙනියට පැය දෙකක් වගේ කාලයකින් ගමන් කළ හැකිය. කොළඹ ඉඳන් දුර කි. මී. 75ක්. වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාරම්මල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුරුණෑගල මීගමුව මාර්ගයේ 18 – 19 සැතපුම් කණු අතර වර්තමාන දඹදෙණිය නගරය පිහිටා තිබෙනවා. අදින් සියවස් අටකට එපිටදී එනම් 13 වන සියවස ශ්‍රී ලංකාවේ අගනගරය වශයෙන් බැබලුණු මේ පෙදෙස අද සංචාරක ආකර්ශනයට ලක්වූ ප්‍රදේශයක්. අපි බලමු දඹදෙනිය රාජධානියේ තියෙන වැදගත් තැන් මොනවද කියලා.

එතෙක් පැවති රජරට පොළොන්නරු රාජධානියට එල්ල වූ කාලිංග මාඝ ආක්‍රමණ නිසා රාජධානිය නිරිතදිග දෙසට ව්‍යාප්ත වුණා. එහිදී සුභ පබ්බත ( යාපහුව) - සුබ සෙනවි, මිනිපේ- සංක සෙනවි, ගෝ වින්ද හෙළ- බුවනෙකබාහු අදිපාද, දඹදෙණිය- විජබාහු ( වන්නි විජයබා) එලෙස පිහිටවූ දඹදෙණිය රාජධානිය ක්‍රි.ව. 1232 දී ආරම්භ වී දශක 5 කට ආසන්න කාලයක් පුරා පැවතුණා. මුල්ම වරට දඹදෙණිය අගනගරය බවට පත්කරගත්තේ තුන්වන විජයබාහු( වන්නි විජයබාහු) රජුයි. ක්‍රි.ව. 1236 දක්වා ඔහු රට පාලනය කළා. ඉන්පසු දෙවන පරාක්‍රමබාහු (නැන් බඹර කලිකාළ සාහිත්‍ය සර්වක් චන පණ්ඩිත ) (ක්‍රි.ව. 1236 – 1270), සිව්වන විජයබාහු ( බෝසත් විජයබාහු)(ක්‍රි.ව. 1270 – 1272) හා පළමුවන බුවනෙකබාහු (ක්‍රි.ව. 1272 – 1284) යන රජවරු තම රාජධානිය ලෙස දඹදෙණිය භාවිතා කරනවා.

ආරක්ෂිත පවුරු නගරයක් ලෙස දඹදෙණිය රාජධානිය තුන් දිශාවෙන් පිහිටා ඇති පර්වත සහිත කඳුවලින් ආරක්ෂිත වූ නගරයක්. එනම් මාලිගාගල, වඩුවාකෙටු ගල හා කත්ගලයි. මේ නිසා සතුරන්ට ළඟාවීමට පහසු නැති ස්ථානයක් ලෙස සැලකුණා.මෙම යුගයේ ප්‍රධාන ආක්‍රමණ තුනක් සිද්ද වුණා. ඒවා විදිහට කාලිංඝ මාඝ රජරට ප්‍රදේශය විනාශ කරමින් කටයුතු කරා. දෙවැනි පරාක්‍රබාහු රජු විසින් ඔහුව පරාජය කරනු ලැබුවා. ඊටපස්සේ දළදා වහන්සේ හා පාත්‍රා ධාතුන් වහන්සේ ලා රැගෙන යාමේ අරමුණින් " අපද බෞද්ධයෝ වම්හ" යි පවසමින් මලය අර්ධ ද් වීපයේ සිට පැමිණි චන්ද්‍රභානු නමත්තා දෙවරක්ම මෙරට ආක්‍රමණය කරා. නමුත් එම ආක්‍රමණයන්ට සාර්ථක ව මුහුණ දුන් දෙවන පරාක්‍රමබාහු රජතුමා එම ආක්‍රමනිකයාව සාර්ථක ව පරාජය කිරීමට සමත් වුණා.

දඹදෙනිය නගරය මැදින් යන විහාර මාවතේ මීටර්.500 ක්‌ පමණ දුරින් මේ විහාරය පිහිටා තිබෙනවා. දඹදෙනි යුගයේ දී දළදා මාලිගය පිහිටා තිබුණෙත් මෙතැනයි. දඹදෙණියේ විසූ පාලකයන් සිව් දෙනෙකුගේම නොමඳ රාජ්‍ය අනුග්‍රහය මෙම විහාරස්ථානයට හිමි වූ බව ඉතිහාසයෙන් පැහැදිලි වෙනවා. මෙය පිහිටා ඇත්තේ පුරාණ රාජධානියේ පිටිනුවර ප්‍රදේශයේයි. දෙවන පරාක්‍රමබාහු රජු මෙහි තෙමහල් දළදා මාලිගයක් ඉදිකර දළදාවේ ආරක්ෂාව සඳහා කටයුතු කර තිබෙනවා.එමෙන්ම මෙම තුන් මහල් දළදා මැදුරේ ඉහළ මාලයේ වැඩ සිටි දළදා වහන්සේ දෙවන පරාක්‍රමභාහු රජුගේ අධිෂ්ටානය නිසා විහාර භුමියේ ඇති සපු බෝධීන් වහන්සේ හා දළදා මැදුර අතර රන් ඒ දණ්ඩක් මවා සිංහල පැය හත හමාරක් නිර්මිත බුද්ධ රුපය දර්ශනය කරමින් ප්‍රාතිහාර්ය පෑ බව වංශ කතා වල සදහන් වෙනවා. දෙවන පසුකාලීනව ජරාවාස වී තිබූ විහාරය මහනුවර යුගයේ අග භාගයේ මීගස්තැන්නේ අදිකාරම්තුමා විසින් පිළිසකර කර තිබෙනවා. ඔහු ඒ වන විට ගරා වැටී තිබු දඹදෙණිය ඉපැරණි දළදා මාලිගය දෙමහල් කොට ප්‍රතිසංස්කරණය කළ බව මූලාශ්‍රවල සඳහන් වෙනවා. මීට අමතර ව දඹදෙණිය රාජධානිය අවට පිහිටලා තියෙන තවත් වැදගත් තැන් රැසක් තියෙනවා ඒවා අතරින් මැද්දේපොල රජමහා විහාරය, පනාවිටිය අම්බලම, කරගහගෙදර අම්බලම, මයුරාවතී රජමහා විහාරය, මෙත්මුනි සෑය වගේ ස්ථාන සුවිශේෂී වෙනවා. .

20/01/2026

කෝරළ බොහෝ ගණනක් ඇති නිසා මෙය මුලින්ම හඳුන්වා ඇත්තේ “ඇති කෝරළය” යන නමිනි. එය පෘතුගීසීන් විසින් “සැටි කෝරළය” ලෙසට වැරදි ලෙස උච්චාරණය කරතිබේ. එම වරද දිගින් දිගටම යාම නිසා සිංහලයන් පවා මේ වැරැද්ද කළබව කුරුණෑගල නුවර විස්තරය පොතේ සඳහන්ව තිබේ. ඔවුන් “සළු කෝරළය” සැතිකෝරළය පසුව සැත් කෝරළය හත් කෝරළය ආදී වශයෙන් කීවේය. ලීවෝය.

සත්කෝරළයේ පැරණිම වංශකතාව “කුරුණෑගල නුවර විස්තරය
හත් කෝරළය ගැන තොරතුරු සඳහන් වන්නේ එම කුරුණෑගල නුවර විස්තරය හා කඩඉම් පොත්වලයි. බලංගොඩ බාන්ස් රත්වත්තේ මහතා සතුව තිබූ “කුරුණෑගල නුවර විස්තරය” පුස්කොළ පොතේ පිටපතක් එතුමාගේ පුත් ක්ලිපඞ් රත්වත්තේ මහතා විසින් රාජ්‍ය ලේඛනාගාරයට බාරදී තිබේ. එහි අංකය 3/63/119/148/63 වේ.

කුරුණෑගල නුවර පිළිබඳ පුරාවෘත්ත, මේ නගරයේ විස්තර, ලක්දිව නගර අතර ප්‍රමුඛස්ථානය මේ නගරයට ලැබිමට හේතු දී විවිධ විෂයන් පිළිබඳ වාර්තා වලින් පරිපූර්ණ කුරුණෑගල නුවර විස්තරය කඩඉම් ලක්ෂණවලින් ගහන වූ නිබන්ධයකි. කුරුණෑගල රාජධානි සමයේ ලියන ලද මේ පොත ශතවර්ෂ ගණනක් මු`ඵල්ලේ නැවත නැවත අලුතින් පිටපත් කිරීමේදී අලුත් තොරතුරු ඇතු`ඵවීම නිසා මුල් ස්වරූපයට වෙනස් ස්වරූපයක් ගත් බව පෙනේ.

කුරුණෑගල නුවර විස්තරයට ප්‍රධාන වශයෙන් පහත සඳහන් කරුණු ඇතුළත්වේ.

1. ලෝක විස්තර, 2. කුරුණෑගල නුවර විස්තරය, 3. පඬුවස්නුවර හා පණ්ඩුකාභය දිවි දෙස්, 4. අනුරාධපුර නුවර විස්තරය, 5.යාපා නුවර විස්තරය, 6. බෙලිගල් නුවර විස්තර, 7. ශ්‍රි වර්ධන නුවර විස්තරය
1597 පෘතුගීසි ආදායම් ලේඛනයකට අනුව සත් කොරළේ හා තදාසන්න කොරළ තුනක එකතුවකින් කෝරළ 10 ක් ලෙස ව්‍යවහාර වුවද මහනුවර රාජ්‍ය බලය තහවුරුවීමත් සමඟ එම ප්‍රදේශ මහනුවර රාජ්‍යයේ කොටස් බවට පත්විය. 1845 ලක්දිව හයවන පළාත වශයෙන් ස්ථාපනය කරන ලද්දේ වයඹ පළාතයි. බස්නාහිර පළාතට අයත්ව තිබූ හලාවත, පුත්තලම, සත් කෝරළේ කොටසක් අලුතින් වයඹ පළාතට එක් කරන ලදී. හත් කොරළයට අයත්ව තිබූ දෙමළ හත් පත්තුව 1887 දී උතුරු මැද පළාතට යා කරන ලද්දේය. ඉන් වසර දෙකකට පසුව එය නැවත වරක් වයඹ පළාතට එක් කෙරිණ.

හත්කෝරළයට පහත සඳහන් ප්‍රදේශ අයත්විය.

අලුත් කොරළය, පිටිගල් කෝරළය, කටුගම්පොළ කෝරළය, දේවමැදි කෝරළය, උඩපොළ කෝරළය, කුරුණෑගල් කෝරළය ,හිරියාල කෝරළය, මාදුරේ කෝරළය, විලි කෝරළය, මඟුල් කෝරළය
මෙහි කෝරළ 10 ක් තිබීම සම්බන්ධව ක්වේරෝස් පියතුමා පවසන්නේ මෙයට හත් කෝරළය යන නම පටබැඳුනේ මෙරටට මුලින්ම පැමිණි පෘතුගීසීන්ගේ වරදින් බවය. එනම් මෙහි නම වූයේ කෝරළ බෝ ගණනක් ඇති යන අරුත සහිත “ඇති කොරළය” බවත් එය පෘතුගීසීන් විසින් ‘සැටි කෝරළය’ ලෙස දෝෂ සහිතව උච්චාරණය කරන ලද බවත් එම වරද දිගින් දිගට යාමේ ප්‍රතිඵලයක් වශයෙන් පසු කාලෙක සිංහලයන් පවා එම වරද ම අනුගමනය කරමින් එයට සත් කෝරළය යන නම ව්‍යවහාර කළ බවත්ය.

මුලින්ම කෝට්ටේ රාජ්‍යය සතුව පැවැති සත් කෝරළය පළමු වන රාජසිංහ රජුගෙන් පසුව උඩරට රාජ්‍යයේ කොටසක් බවට පත්විය. ශ්‍රී ලංකාද්වීයේ කඩඉම් පොත රචිත සමයේ දී මෙම ප්‍රදේශයට දඹදෙණි රට, දේවමැද්ද රට, කුරුණෑගල්බඩ රාජ්‍යය, විල්ලි දෙගම්බඩ, මිණිසර, නාරංවින්න යන ‘රට’ නමින් හැඳින්වූ ප්‍රදේශ අයිති විය. පසුව මාතලේ දිසාව මහ දිසාවක් ලෙස සීමා පු`ඵල් කිරීමේදී සත් කෝරළයෙන් කොටසක් ද එයට එකතු කළ බව මාතලේ කඩඉම් පොත සඳහන් කරයි. සත් කෝරළය, හත් පත්තු වශයෙන් බෙදන ලද්දේ එයින් ද බොහෝ කාලයකට පසුව එනම් ක්‍රී.ව. 1836 දී ඉංග්‍රීසීන් විසිනි. 1881 දී කටුගම්පොළ හා දේව මැදි හත්පත්තුවලින් කොටසක් වෙන්කර දඹදෙණිය නමින් නව හත්පත්තුවක් නිර්මාණය කෙරිණි. මෙයින් හත් පත්තු හයක් කුරුණෑගල දිස්ත්‍රික්කයට ද දෙමළ හත්පත්තුව පුත්තලම දිස්ත්‍රික්කයට ද අයත්වේ. එම කොටස් පහත පරිදි විය.

1. වන්නි - මාඟුල් මැද, ගංදහය, මාඟුල් ඕතොට, හතළිස්පහ, කංතිහ, පහළණ විසිදෙක, මී ඔයෙන් එගොඩ කෝරළ
2. හරියාල- විසි දෙක පත්තුව, හැටහය පත්තුව, ඕතොට, පත්තුව තිත්තවැලි ගන් දහය පත්තුව, මහගල්බඩ, දිවිගන්දහය පත්තුව, නිකවාගම්පහ පත්තුව
3. වෑ උඩ විල්ලි- වෑඋඩ පත්තුව, ගන්නවය පත්තුව, දිවිගන්දහය පත්තුව, කුඩාගල්පොඩ පත්තුව, මාදුරේ පත්තුව, හේවා විස්ස පත්තුව, කිරගංදහය පත්තුව
4. දේවමැදි- මැදගන් දහය කෝරළේ, බලදොර කෝරළේ, උඩුකහ කෝරළේ, ගිරාතලන් කෝරළේ, වල්ගම් කෝරළේ, තිස්සව කෝරළේ
5. කටුගම්පොළ - කටුගම්පොළ, උඩුකහ, යටිකහ, මැද, යටිගම් කරඳ, පිටිගල්
6. දඹදෙණි- උඩපොල ඕතොට පත්තුව, උඩුගහ පත්තුව, මැදිසිය පත්තුව, රුංකා පත්තු, මයුරවැටි
7. දෙමළ -පණ්ඩිත පත්තුව, කුමාර වන්නි පත්තුව, පල්ලම් පත්තුව, පරවිලි පත්තුව, කරමේ පත්තුව, කිරිමැටිය පත්තුව, රාජවන්නි පත්තුව

පුරාණ බෙදීම් අනුව ලංකාව රුහුණු , මායා, පිහිටි වශයෙන් තුන් හෙළයයි. මෙයින් හත්කෝරළය අයත්වූයේ මායා රටටයි. මායා රටට අයත් රටවල් විසි නවයක් විය. සිරිලක් කඩයිම් පොතේ දැක්වෙන අන්දමට මායා රටේ විසිපස්වෙනි වැකියන රට කුරුණෑගල්බඩ රාජ්‍යයයි. (කඩයිම් පොත පිටුව 16 ගිරාතලාන උන්නාන්සේ අතීතයේ “කුරුකැටි නෑයෝ” විසූ හෙයින් කුරුණෑගල යන නම ඇතිවූ බව මතකයක් පවතී.

කුරුරටින් ආ නෑයින් විසූ ගම කුරුණෑගල දිස්ත්‍රික්කයේ හත් කෝරළය ලෙස හැඳින්වුවද එදා සත්කෝරළය (1836)

වෑඋඩවිල්ලි හත්පත්තුව
හිරියාලේ හත්පත්තුව
දෙව්මැදි හත්පත්තුව
දඹදෙණි හත්පත්තුව
කටුගම්පල හත්පත්තුව
වන්නි හත්පත්තුව
දෙමළ හත්පත්තුව

යන පත්තු හයකින් සමන්විත විය. පත්තුව ,කෝරළය හෙවත් පළාතක කොටසකි. පත්තුවක් තුළ කුඩා කෝරළ විශාල සංඛ්‍යාවක් තිබූ බව පහත සඳහන් උදාහරණ වලින් පෙනේ. මෙයින් එක කෝරළයකට ගම් විශාල සංඛ්‍යාවක් අයිති විය.

1. වෑඋඩවිල්ලි හත්පත්තුව ගම්
1. මාදුරේ කෝරළය 102
2. ගන්නෑව කෝරළය 19
3. ගම්දහය කෝරළය 56
4. හේවාවිස්ස කෝරළය 50
5. මහගල්බඩ එගොඩ සහ මෙගොඩ කෝරළය 93
6. කුඩාගල්බඩ කෝරළය 43
7. තිරගම් දහය කෝරළය 73
එයට අයත් කෝරළ ගම්
1. දිවිගන් දහය කෝරළය 90
2.නිකව ගම්පහ කෝරළය 111
3. ඉහළ ඕතොට කෝරළය 60
4. තිත්තවැලි ගම් දහය කෝරළය 65
5. මහගල්බොඩ එගොඩ කෝරළය 111
6. ගැටහයේ කෝරළය 96
7. ඉහළ විසිදෙකේ කෝරළය 68
3. දෙවමැදි හත් පත්තුව
කෝරළ හා ගම්
1. උඩගහ කෝරළය 51
2. වල්ගම් පත්තු කෝරළය 222
3. මැදගම් දහය කෝරළය 72
4. බලදොර කෝරළය 132
5. ගරාතලාන කෝරළය 117
6. තිස්සව කෝරළය 107
7. අංගමු කෝරළය 49
4. දඹදෙණී හත්පත්තුව
1. රැකෝ පත්තුව
2. උඩපොල මැදපත්තුව
3. උඩපොල ඕතොට
4. උඩකන නැගෙනහිර/බටහිර
5. මයුරාවතී මැදපත්තුව
කටුගම්පොල හත්පත්තුව
කෝරළ
1. මැද්දේ කැටිය කෝරළය
2. යටිකහ කෝරළය දකුණ
3. යටියන කෝරළය උතුර
4. කරදාපත්තු කෝරළය
5. කිනියමපත්තු කෝරළය
6. යහම්පත්තු කෝරළය
7. කටුගම්පොළ කෝරළයු
8. මැදපත්තු කෝරළය නැගෙනහිර /බටහිර
9. පිටිගල් කෝරළය
6. වන්නි හත්පත්තුව
කෝරළ ගම්
1. මී ඔයෙන් එගොඩ කෝරළය 121
2. හතලිස්පහේ කෝරළය 132
3. හතළිස්පහේ කෝරළය නැගෙනහිර 195
4. පහලවිසිදෙකේ කෝරළය 168
5. ගම්තිහ කෝරළය 141
6. මාගුල් මැදගන් දහය කෝරළය නැගෙනහිර 79
7. මාගුල් මැදගන් දහය කෝරළය බටහිර 89
8. මාඟුල් ඕතොට කෝරළය 100
9. කටුවන්නා කෝරළය 121
7. දෙමළ හත්පත්තුව
කෝරළ ගම්
1. රාජවන්නි පත්තුව 44
2. කිරිමැටියා පත්තුව 92
3. පේරවිලි පත්තුව 30
4. කරඬේ පත්තුව 50
5. පණ්ඩිත පත්තුව 57
6. කුමාර පල්ලම් පත්තුව 69

’කුරුණෑගල අවධිය’ ලෙස සැලකෙන්නේ අඩසිය වසක පමණ කෙටි කාලපරිච්ඡේදයකි. ක්‍රි.ව. 1273 - 1283 දක්වා රජ කළ ලෝකේකබාහු නොහොත් භුවනෙක බාහුගේ පුත් දෙවැනි වත්හිමි භුවනෙකබාහු (1293 - 1302) රජවීමත් සමඟය. වත්හිම් භුවනෙකබාහු කුරුණෑගල රාජධානියේ මුල්ම රජු ලෙස ඉතිහාස ගතවී ඇත. ඔහුගේ ඇවෑමෙන් දෙවෙනි පණ්ඩිත පරාක්‍රමබාහු ක්‍රි.ව 1303 සිට ක්‍රි.ව 1333 දක්වා රජකම් කළේය. අනතුරුව තුන්වැනි බුවෙනකබාහු රජවිය. මේ රජතුමා හැඳින්වූයේ වන්නි බුවනෙකබාහු නමිනි. ක්‍රි.ව. 1334 දිට 1335 දක්වා එතුමා රජකම් කළේය.

20/01/2026

🛕 ගොන්නව දෙවාලය
(දේවමද්ද කෝරලය තුළ පිහිටි පැරණිතම දෙවාලයක් ලෙස හඳුනාගන්නා හේතු)
1️⃣ ගොන්නව දෙවාලය – නාමයේ ඓතිහාසික අර්ථය
🔹 “ගොන්නව” යන නාමය
“ගොන්න” / “ගොන්”
👉 පුරාණ සිංහල භාවිතයේ
රාජකීය ගොවි සේවාව
වාරි කෘෂිකර්මය
බර වැඩ (plough / tilling)
සමඟ සම්බන්ධ නාමයක්
“ව” / “වල”
👉 ස්ථානය / භූමි කොටස
📌 එබැවින් ගොන්නව යන්න
👉 රාජකීය කෘෂිකාර්මික සේවාවට බැඳුණු, දෙවාලය මධ්‍යස්ථානය කරගත් ප්‍රදේශයක් ලෙස අර්ථ දක්විය හැක.
2️⃣ අනුරාධපුර යුගය – ආරම්භය
(ක්‍රි.පූ. 4 – ක්‍රි.ව. 10)
ගොන්නව දෙවාලය පිහිටා ඇති ප්‍රදේශය
👉 සාරවත් කෘෂිකාර්මික බිම්
👉 පරණ වැව් හා ඇල මාර්ග
සමඟ සම්බන්ධයි
අනුරාධපුර යුගයේදී
👉 දෙවාල ගම් සංවිධාන මධ්‍යස්ථාන ලෙස ක්‍රියා කළහ
📌 මේ හේතුවෙන්
👉 ගොන්නව දෙවාලය ඉතා පරණ දෙවාලයක් වීමේ ඉඩකඩ වැඩිය.
3️⃣ පොළොන්නරුව යුගය – රාජකීය අනුග්‍රහය
(ක්‍රි.ව. 11 – 13)
මෙම යුගයේදී
👉 දෙවාල පද්ධතිය රාජ්‍ය පාලන ව්‍යුහයට සෘජුවම බැඳුණි
ගොන්නව දෙවාලයට
කප්පරගම
යගම්පත්තු
බද්දෙන් නිදහස් ඉඩම්
ලබා දී තිබූ බවට පාරම්පරික සාක්ෂි ඇත
📜 පරණ සන්නස් හා ගම් කතා වල
👉 ගොන්නව දෙවාලය දේවමද්ද කෝරලයේ ප්‍රධාන දෙවාලයක් ලෙස සඳහන් වේ.
4️⃣ දඹදෙණිය – කුරුණෑගල රාජධානී යුගය
(ක්‍රි.ව. 13 – 14)
🔶 ගොන්නව දෙවාලයේ සුවර්ණ යුගය
කුරුණෑගල රාජධානියට
👉 දේවමද්ද කෝරලය ඉතා සමීප වූ නිසා
👉 ගොන්නව දෙවාලය රාජකීය ආරක්ෂාව යටතේ පැවතිනි
මෙහි
වාර්ෂික පෙරහැර
රාජකීය පූජා
ගම් සේවාව
සිදු වූ බවට සම්ප්‍රදායික වාර්තා ඇත
📌 දේවමද්ද කෝරලයේ “මූල දෙවාල” ලෙස
👉 ගොන්නව දෙවාලය සැලකූ බවට බොහෝ සාක්ෂි ඇත.
5️⃣ කෝට්ටේ යුගය – බස්නායක නිලමේ පාලනය
(ක්‍රි.ව. 15 – 16)
බස්නායක නිලමේවරු
👉 ගොන්නව දෙවාලය පාලනය කළහ
දෙවාලයට අයත්
කප්පර සේවාව
ඉඩම්
ගම්
ලේඛනගත විය
📜 මෙම යුගයේ සන්නස් වල
👉 ගොන්නව දෙවාලය – දේවමද්ද කෝරලය යන සම්බන්ධය පැහැදිලිව දැක්වේ.
6️⃣ පෘතුගීසි – ඩච් – ඉංග්‍රීසි යුග
(ක්‍රි.ව. 16 – 19)
විදේශීය පාලකයන්
👉 දෙවාල අහෝසි නොකොට
බදු පද්ධතියට ඇතුළත් කළහ
ඉංග්‍රීසි යුගයේ
👉 1930 ඉඩම් නිරවුල් කිරීමේදී
ගොන්නව දෙවාලයට අයත් ඉඩම් සුවිශේෂයෙන් සටහන් වී ඇත
📌 මෙය
👉 දෙවාලය පුරාණත්වයේ නීතිමය සාක්ෂියක් ලෙසද සැලකේ.
7️⃣ ගොන්නව දෙවාලය පැරණිතම දෙවාලයක් ලෙස හඳුනාගන්නා ප්‍රධාන සාධක
✔️ දේවමද්ද කෝරලයේ මධ්‍යස්ථානයක පිහිටා තිබීම
✔️ දෙවාල නාමයට බැඳුණු ගම් නාම බහුල වීම
✔️ කප්පරගම / යගම්පත්තු පද්ධතිය
✔️ පරම්පරාගත බස්නායක – කපු පද්ධතිය
✔️ 1930 ලේඛනවල සඳහන් වීම
👉 මේ සියල්ල එකට බැලූ විට
✅ ගොන්නව දෙවාලය = දේවමද්ද කෝරලයේ පැරණිතම හා ප්‍රධාන දෙවාලයක්
ලෙස හඳුනාගැනීම ඉතිහාසීයව සාධාරණයි.

20/01/2026

දේවමද්ද කෝරලය
(දේවමැදි හත්පත්තුව තුළ ඇති ප්‍රධාන කෝරලයක්)
1️⃣ දේවමද්ද කෝරලය – නාමයේ ඉතිහාසය
🔹 “දේවමද්ද / දේවමැදි” යන නාමය
දේව = දෙවියන් / දෙවාල
මැද්ද / මැදි = මධ්‍යම ප්‍රදේශය
👉 දේවමද්ද කෝරලය යනු
දෙවාල බලපෑමෙන් යුත්, මධ්‍යස්ථ පාලන කෝරලයක් ලෙස හඳුනාගත හැක.
📌 මෙවැනි නාම සාමාන්‍යයෙන්
ප්‍රධාන දෙවාලයක්
රාජකීය ආරක්ෂාව
රාජකාරී ගම්
ඇති ප්‍රදේශවලට යෙදෙයි.
2️⃣ ආරම්භය – අනුරාධපුර යුගය
(ක්‍රි.පූ. 4 – ක්‍රි.ව. 10)
දේවමද්ද කෝරලය පිහිටා ඇත්තේ
👉 සත්කෝරල (හත්කෝරළේ) හි මධ්‍යම, සාරවත් භූමි කොටසක
මෙය
කෘෂිකාර්මිකව
වාරිමාර්ගවලින්
ගම් සංස්කෘතියෙන්
ඉතා දියුණු විය
📌 මෙම යුගයේදී
👉 දෙවාල සහ විහාර ගම් මධ්‍යස්ථාන ලෙස ක්‍රියා කළහ.
3️⃣ පොළොන්නරුව යුගය – කෝරලයක් ලෙස ස්ථාපිත වීම
(ක්‍රි.ව. 11 – 13)
දේවමද්ද ප්‍රදේශය
👉 නිල වශයෙන් “කෝරලයක්” ලෙස ලේඛනගත වීම මෙම කාලයේ සිදු විය
රාජ්‍යය විසින්
දෙවාල නඩත්තු කිරීම
රාජකාරී සේවාව
සඳහා ගම් සහ ඉඩම් පවරා දුන්නේය
📜 පරණ සන්නස් වල
👉 Devamadda Korale / Dewamedi Korale යන නාම භාවිතය පවතී.
4️⃣ දඹදෙණිය – කුරුණෑගල රාජධානී යුගය
(ක්‍රි.ව. 13 – 14)
🔶 දේවමද්ද කෝරලයගේ සුවර්ණ යුගය
කුරුණෑගල රාජධානියට
👉 අත්‍යවශ්‍ය ආර්ථික හා ආගමික කෝරලයක් විය
මෙහි
රාජකීය දෙවාල
විශාල විහාර
කප්පරගම / යගම්පත්තු
බහුලව පැවතිනි
📌 දේවමද්ද කෝරලය
👉 දේවමැදි හත්පත්තුවේ මධ්‍යස්ථාන කෝරලය විය.
5️⃣ කෝට්ටේ යුගය – දෙවාල පද්ධතියේ මධ්‍යස්ථානය
(ක්‍රි.ව. 15 – 16)
බස්නායක නිලමේවරු
👉 දේවමද්ද කෝරලයේ දෙවාල ඉඩම් පාලනය කළහ
දෙවාල සේවාව
කප්පර
පූජා
උත්සව
මෙම කෝරලය මත පදනම් විය
📜 මෙම යුගයේ සන්නස් වල
👉 දේවමද්ද කෝරලය යන නාමය නිරන්තරයෙන් පෙනේ.
6️⃣ පෘතුගීසි – ඩච් – ඉංග්‍රීසි යුග
(ක්‍රි.ව. 16 – 19)
🔹 පෘතුගීසි / ඩච්
කෝරල පද්ධතිය
👉 බදු එකතු කිරීම සඳහා පවත්වාගෙන ගියහ
🔹 ඉංග්‍රීසි යුගය
Korale යන්න
👉 නිල පාලන ඒකකයක් ලෙස ලේඛනගත විය
1930 ඉඩම් නිරවුල් කිරීමේදී
👉 Devamadda Korale යන නාමය පරණ ලේඛනවල සඳහන් වේ
📌 මෙහි බොහෝ ඉඩම්
👉 දෙවාල / විහාර / රාජකාරී ඉඩම් ලෙස වර්ගීකරණය වී ඇත.
7️⃣ දේවමද්ද කෝරලයේ ගම් වර්ග
දේවමද්ද කෝරලය තුළ සාමාන්‍යයෙන් පැවතිනේ:
🌾 ගොවි ගම්
🛕 දෙවාල ගම් (කප්පරගම)
⚖️ රාජකාරී ගම් (යගම්පත්තු)
🛕 විහාර ගම්
👉 එබැවින්
පෞද්ගලික හිමිකම ඉතා සීමිත විය.
8️⃣ අද දිනට ඇති ඓතිහාසික හා නීතිමය වැදගත්කම
අද ඔබට
පරණ ඔප්පුවක
සර්වේ ප්ලෑන් එකක
1930 ලේඛනයක
“දේවමද්ද කෝරලය” යන නාමය පෙනුනොත්:
⚠️ එය
දෙවාල ඉඩමක්
විහාර ඉඩමක්
රාජකාරී ඉඩමක්
විය හැකි ඉඩකඩ ඉතා වැඩිය.

20/01/2026

🏛️ දේවමැදි හත්පත්තුව – ඉතිහාසීය පසුබිම
1️⃣ ප්‍රාග්–ඉතිහාසීය හා ආදි අනුරාධපුර යුගය
(ක්‍රි.පූ. 5 – ක්‍රි.ව. 10)
සත්කෝරල ප්‍රදේශය (හත්කෝරළේ)
👉 මැල්වතු ඔය, දැදුරු ඔය ආශ්‍රිත සාරවත් භූමි ප්‍රදේශයක් විය
දේවමැදි ප්‍රදේශය
👉 ගොවිතැන, වාරිමාර්ග, ගම් සංස්කෘතිය ඉතා ඉක්මනින් වර්ධනය වූ ප්‍රදේශයක්
මෙම කාලයේ
ගම් → කුඹුරු → වැව් → විහාර
යන සංවර්ධන රටාව දැකිය හැක
📌 දේවමැදි යන නාමයම
👉 “දේව + මැදි”
👉 දෙවියන්ගේ / දෙවාලවල බලපෑමක් ඇති මධ්‍යම ප්‍රදේශයක් බවට සංකේත කරයි.
2️⃣ පොළොන්නරුව යුගය
(ක්‍රි.ව. 11 – 13)
මෙම කාලය වනවිට
👉 දේවමැදි හත්පත්තුව හඳුනාගත හැකි පාලන ඒකකයක් ලෙස ස්ථාපිත වී තිබුණි
රාජ්‍යය විසින්
දෙවාල
විහාර
රාජකීය සේවකයන්
සඳහා ඉඩම් පවරා දීම සිදු විය
📜 සන්නස්, පත්‍ර වල
👉 කෝරල / පත්තුව / ගම් දහය යන නාම පද්ධතිය භාවිතා විය
3️⃣ දඹදෙණිය – කුරුණෑගල රාජධානී යුගය
(ක්‍රි.ව. 13 – 14)
🔶 දේවමැදි හත්පත්තුව ඉතාම වැදගත් වූ යුගය
කුරුණෑගල රාජධානිය සමඟ
👉 සත්කෝරලය රාජධානියට අත්‍යවශ්‍ය ආර්ථික ප්‍රදේශයක් විය
දේවමැදි හත්පත්තුව තුළ
රාජකීය දෙවාල
රාජකීය විහාර
රාජකාරී ගම්
ස්ථාපිත විය
📌 කප්පරගම – යගම්පත්තු වැනි නාම
👉 දෙවාල සේවාවට බැඳුණු ගම් බව පෙන්වයි
4️⃣ කෝට්ටේ යුගය
(ක්‍රි.ව. 15 – 16)
දේවමැදි හත්පත්තුව
👉 දෙවාල පද්ධතියේ මධ්‍යස්ථානයක් විය
බස්නායක නිලමේවරු
දෙවාල ඉඩම්
කප්පර සේවාව
පාලනය කළහ
📜 මෙම යුගයේ සන්නස් වල
👉 දේවමැදි හත්පත්තුව යන නාමය පැහැදිලිව සඳහන් වේ
5️⃣ පෘතුගීසි – ඩච් – ඉංග්‍රීසි යුග
(ක්‍රි.ව. 16 – 19)
🔹 පෘතුගීසි / ඩච්
පරණ පාලන ඒකක
👉 සම්පූර්ණයෙන් අහෝසි නොකොට
බදු එකතු කිරීම සඳහා භාවිතා කළහ
🔹 ඉංග්‍රීසි යුගය
“Korale / Pattuwa” යන නාම
👉 Administrative divisions ලෙස ලේඛනගත කළහ
1930 ඉඩම් නිරවුල් කිරීමේදී
👉 දේවමැදි හත්පත්තුව යන නාමය ලේඛනවල පවතී
📌 මෙතැනදී
👉 බොහෝ දෙවාල / විහාර ඉඩම්
👉 Disputed lands ලෙස හඳුනාගන්න ලදී
6️⃣ නාමයන්ගෙන් හඳුනාගත හැකි ඉතිහාසය
නාමය
ඉතිහාසීය අර්ථය
දේවමැදි
දෙවාල බලපෑම
ගම් දහය
පාලන ඒකක 10 ගම්
බලදොර
රාජකීය බලය
කප්පරගම
දෙවාල සේවාව
යගම්පත්තු
රාජකාරී බැඳීම
වලගම්පත්තුව
පරණ ගම් සමූහ
7️⃣ අද දිනට ඇති ඉතිහාසීය වැදගත්කම
අද ඔබට ඉඩමක් / පරණ ප්ලෑන් එකක් / ඔප්පුවක් පරීක්ෂා කරද්දී
“දේවමැදි හත්පත්තුව” යන නාමය පෙනුනොත්:
✔️ එය සාමාන්‍ය පෞද්ගලික ඉඩමක් නොවිය හැක
✔️ දෙවාල / විහාර / රාජකාරී ඉඩමක් විය හැක
✔️ ඉතිහාසීය හිමිකම් තිබිය හැක

20/01/2026

🏛️ සත්කෝරලය – දේවමැදි හත්පත්තුව
(ඉතිහාසීය හා පාලන සම්පූර්ණ විස්තර)
1️⃣ සත්කෝරලය (හත්කෝරළේ) – හැඳින්වීම
සත්කෝරලය / හත්කෝරළේ යනු
පුරාණ ශ්‍රී ලංකාවේ වැදගත්ම පාලන භූමි කොට්ඨාශයක් වූ අතර
වර්තමාන කුරුණෑගල දිස්ත්‍රික්කයේ විශාල කොටසක් ආවරණය කර තිබුණි.
🔹 “සත්” = 7
🔹 “කෝරල” = ප්‍රධාන පාලන ඒකකය
➡️ කෝරල 7ක් එකතුව = සත්කෝරලය
2️⃣ දේවමැදි හත්පත්තුව යනු කුමක්ද?
දේවමැදි හත්පත්තුව යනු
👉 සත්කෝරලයට අයත් එක් ප්‍රධාන හත්පත්තුවකි
🔸 හත්පත්තුව = කෝරල 7ක් එක්වුණු පාලන කොටස
🔸 මෙය විශේෂයෙන්
දෙවාල
විහාර
රාජකීය ඉඩම්
සම්බන්ධයෙන් ඉතා වැදගත් ප්‍රදේශයකි.
3️⃣ දේවමැදි හත්පත්තුවට අයත් කෝරල 7
📋 වගුවක් ලෙස
අංකය
කෝරලයේ නාමය
සටහන
1️⃣
දේවමැදි උඩකහ කෝරලය
උඩරට පැත්ත
2️⃣
දේවමැදි ගම් දහය
ගම් 10ක් එකතුව
3️⃣
ගිරිතලාන් බලදොර ගම් දහය
රාජකීය/බලදොර සම්බන්ධ
4️⃣
කිණියම කෝරලය
පරණ ගම් නාම
5️⃣
දේවමැදි කෝරලය
මධ්‍යම කොටස
6️⃣
දේවමැදි වලගම්පත්තුව
ගම් සමූහය
7️⃣
කප්පරගම – යගම්පත්තු කෝරලය
දෙවාල/රාජකාරී
➡️ මෙම කෝරල 7 එකතුවෙන්
✅ දේවමැදි හත්පත්තුව සම්පූර්ණ වේ.
4️⃣ පාලන ව්‍යුහය – සිතියම්මය ආකාරයෙන්
Copy code

ශ්‍රී ලංකා රාජධානිය

└── සත්කෝරලය (හත්කෝරළේ)

└── දේවමැදි හත්පත්තුව

├─ දේවමැදි උඩකහ
├─ දේවමැදි ගම් දහය
├─ ගිරිතලාන් බලදොර ගම් දහය
├─ කිණියම
├─ දේවමැදි
├─ වලගම්පත්තුව
└─ කප්පරගම – යගම්පත්තු
5️⃣ ගම් (Villages) – පොදු හැඳින්වීම
👉 එක් කෝරලයක් තුළ
ගම් 10 – 40 පමණ
කුඹුරු, හේන්, වනාන්තර
දෙවාල / විහාර ඉඩම්
ඇතුළත් විය.
📌 “ගම් දහය” යන්න එන්නේ
👉 ගම් 10ක් එකට බැඳුණු පාලන ඒකකයක් ලෙසයි.
6️⃣ දෙවාල – විහාර – රාජකාරී ඉඩම් සම්බන්ධය
🛕 දෙවාල ඉඩම්
දෙවාල නඩත්තු කිරීම සඳහා
බද්දෙන් නිදහස්
බොහෝවිට
කප්පරගම
යගම්පත්තු
වැනි නාම වලින් හැඳින්වේ
🛕 විහාර ඉඩම්
විහාරයට අයත්
සංඝයාගේ භාවිතයට
රාජානුමත පත්‍ර / සන්නස් මගින් ලබාදී ඇත
⚖️ රාජකාරී / බණ්ඩාර ඉඩම්
සේවාවක් වෙනුවෙන් දෙනු ලැබූ ඉඩම්
සේවාව නතර වුවහොත්
👉 ඉඩමත් අහෝසි විය හැක
7️⃣ නීතිමය වැදගත්කම (අද දිනයේ)
ඔබ ඉඩමක් සම්බන්ධයෙන් පරීක්ෂා කරද්දී:
✔️ 1930 ඉඩම් නිරවුල් කිරීමේ ලේඛන
✔️ පරණ පත්‍ර / සන්නස්
✔️ Survey Plan (කෝරල / පත්තුව නාම)
✔️ දෙවාල – විහාර සම්බන්ධ ලේඛන
👉 “දේවමැදි හත්පත්තුව” යන නාමය තිබේ නම්
එය රාජකීය හෝ ආගමික ඉඩමක් වීමේ ඉඩකඩ ඉතා වැඩි ය.

සත්කෝරලය (හත්කෝරළේ)        │        └── දේවමැදි හත්පත්තුව               │               ├─ දේවමැදි උඩකහ               ├─...
20/01/2026

සත්කෝරලය (හත්කෝරළේ)

└── දේවමැදි හත්පත්තුව

├─ දේවමැදි උඩකහ
├─ දේවමැදි ගම් දහය
├─ ගිරිතලාන් බලදොර ගම් දහය
├─ කිණියම
├─ දේවමැදි
├─ වලගම්පත්තුව
└─ කප්පරගම – යගම්පත්තු

01/01/2026
◆ ශ්‍රී රාවණ වංශය විනාශ කළ නොහැක..මහාවංශයට වඩා ඉපැරැණි ලියෑවිල්ලක්‌ වන වරිග පූර්ණිකා නම් යක්‌ෂ ජන සමූහයාට අයත් පුස්‌කොළ ...
26/12/2025

◆ ශ්‍රී රාවණ වංශය විනාශ කළ නොහැක..

මහාවංශයට වඩා ඉපැරැණි ලියෑවිල්ලක්‌ වන වරිග පූර්ණිකා නම් යක්‌ෂ ජන සමූහයාට අයත් පුස්‌කොළ පොතෙහි ශ්‍රී රාවණ අධිරාජයාගේ නාමය යගු කෞරාණ මන්ඨක ලෙස සඳහන් වේ. මන්ඨක යනු යකුය. එබැවින් එම නාමයෙහි සිංහල තේරුම “සියල්ල සම්පූර්ණ කළ යකා” වේ.

රාවණා යුගයෙන් පසුව එතුමාගේ රවිශෛලාශ හෙවත් ඉරුගල් බණ්‌ඩාර යක්‌ෂ පරපුර ඉන්ද්‍රජිත් (මේඝනාද) ලෙස ප්‍රචලිත ශ්‍රී රාවණ රජු හා මදෝරා (මන්දෝතාරා) දේවියගේ දෙටු පුත්‍රයාගෙන් පැවත එමින් අද දක්‌වා ලංකා පොළොව මත ජීවත් වෙයි. රාවණා සම්බන්ධ පුවත වළලා දමා හෙළ ජනසම්භවය මැකීමේ මහා කුමන්ත්‍රණයට බ්‍රිතානීන් ද සම්මාදම් වෙමින් ලංකා ඉතිහාසයෙන් රාවණා යුගය ඉවත් කර ඇත. ඉන්දියාවේ කාලිංග වංශික විජය මෙරට ආදිතම රජු ලෙස දක්‌වන අලුත් ඉතිහාසයක්‌ ඔවුන්ගේ අධ්‍යාපන ක්‍රමය ඔස්‌සේ ලංකාවේ අපට බලෙන් ඒත්තු ගන්වා තිබේ. නමුත් බෞද්ධයකු නොවන විජය හෙළ ජන සමාජය සමූල ඝාතනයට උත්සාහ කළ ප්‍රබල ආක්‍රමණිකයකු බව අපට නොවැටහීම අභාග්‍යයකි. රාම, විජය, එළාර, කාලිංග මාඝ, බ්‍රව්නින් මෙන්ම ප්‍රභාකරන් ද මෙරට ජන සම්භවය විනාශ කිරීමට උත්සාහ කළ ආක්‍රමණිකයන් ලෙස සැලකීම වටී. ඊට එරෙහිව නැගී සිටි ලොව පැරැණිතම ඉතිහාසයක්‌ ඇති රාවණා පරපුර කිසි කලෙකත් නොනැසිය හැකි බලවේගයක්‌ බව වර්තමානයේදී පවා පැහැදිලි වේ.

මහා රාවණ ඉතිහාසයේ එන පුලතිසිපුරය හෙවත් දෙමළ බසින් පුලත්නරු නම් වන පුලතිසි සෘෂිවරයාගේ නගරය මෙරට ස්‌වර්ණමය යුගයකට උරුමකම් කියන භූමියකි. එහි ඇති පුලතිසි ප්‍රතිමාව ලංකා ඉතිහාසයේ අනාදිමත් කාලයක්‌ නිරූපණය කරන ප්‍රබල පුරාවිද්‍යා සාධකයකි. කිසිදු රාජ්‍ය ආභරණයක්‌ නොපළඳින උතුම් යෝගිවරයකු ගේ ස්‌වරූපය පිළිබිඹු වන මෙම ප්‍රතිමාව පරාක්‍රමබාහු රජුගේ යෑයි පැවසීම ලක්‌ වැසියන් මුළා කිරීමක්‌ වන අතර එම නගරය පොළොන්නරුව යනුවෙන් ව්‍යවහාරයට හුරු කිරීම මෙරට ඉතිහාසය වසන් කිරීමේ තවත් වෑයමකි. වර්තමාන පරාක්‍රම සමුද්‍රය පිහිටි භූමිය අතීතයේ පුලතිසි සෘෂිවරයාගේ තපෝවනය වේ. පරාක්‍රමබාහු මහා අධිරාජ්‍යයා පවා මෙම ප්‍රතිමාවට පුද සත්කාර කළ රාජ්‍ය පාලකයෙකි. වර්තමාන පොත්ගුල් විහාරය අතීතයේ මෙරට බෞද්ධ, වෛද්‍ය ග්‍රන්ථ හා යන්ත්‍ර මන්ත්‍ර රැස්‌ කළ ප්‍රධාන පුස්‌තකාලයව පැවැති අතර කාලිංග මාඝගේ ආක්‍රමණයෙන් මෙහි පැවැති රාවණ යුගයට අයත් ශ්‍රී රාවණ, පුලතිසි මහා සෘෂිවරුන්ගේ අත් අකුරු සහිත ග්‍රන්ථ කොටස්‌ පවා විනාශයට පත්විය.

මීළඟ පුරාවිද්‍යා සාධක හමුවන්නේ වර්තමාන අනුරාධපුර නගරයෙනි. එය ලංකාවේ ප්‍රබල පාලකයකුව සිටි වෙසමුණි (විශ්‍රාවාස මුණි) හෙවත් ඉසුරුමත් මුණිවරයාගේ ඉපැරැණි රාජධානිය පැවති ලොව පැරැණිතම ශිෂ්ටාචාර භූමියකි. වෙසමුණි, පුලතිසි මහා සෘෂිවරයාගේ පුත්‍රයා වන අතර එතුමා මහා රාවණ විභිෂ්බද්‍ර (විභීෂණ) දසරෝලාන මන්ඨක (කුඹුක්‌කන්) යන ප්‍රබල යක්‌ රජුන්ගේ පියාය. “මිල කළ නොහැකි” යන අරුත ඇති වර්තමාන රන් මසු උයන මත පිහිටා ඇති විශ්ව දොරටු සංකේතය. තරු දොරටු සංකල්පයේ මූලාරම්භය වේ.

මෙම සංකේත වර්තමාන පුරාවිද්‍යාඥයනට හඳුනාගත නොහැක්‌කේ හා අදහස්‌ ප්‍රකාශ කළ නොහැක්‌කේ ඔවුන් තුළ ඉතිහාසය පිළිබඳව ඇති ව්‍යාකූලත්වය හා රාවණ ඉතිහාසය නොතැකීමේ ආකල්පයයි.

ඉසුරුමුණි විහාරයද අතීතයේ යක්‌ෂ ජන සමාජයේ ප්‍රභාමත් ආගමික පූජා භූමියකි. ඉසුරුමුණි පෙම් යුවළ යනු මහා වෙසමුණි රජු හා කෛකාසි දේවියගේ රුව නෙළමින් ලොව ප්‍රථම මවුපිය දේවාලය ඉදි කළ මහා රාවණ අධිරාජ්‍යයාගේ නිර්මාණයක්‌ වේ. තවද පුරා විද්‍යාවෙන් නිසි අර්ථ නිරූපණයක්‌ කර නොමැති ඉසුරුමුණියේ මිනිසා හා අශ්ව හිස රූපය වෙසමුණි රජුගේ නිර්භය නිදහස්‌ චින්තනය නිරූපණය කරයි. වෙස්‌සගිරි ප්‍රදේශයද එම ඉපැරැණි යුගයේම නශ්ඨාවශේෂයකි. පසුකාලීන රජවරු මෙම ඉදිකිරීම් මත යම් යම් ප්‍රතිසංස්‌කරණ හා අලුත් ගොඩනැඟිලි කර ඇතත් ස්‌වභාව ධර්මයට ගරු කළ යක්‌ෂ ජනතාව පරිසර හිතකාමී නගර නිර්මාණකරුවන්ගේ ආරම්භයන් බව එම ප්‍රදේශ සාක්‍ෂි දරයි.

වර්තමාන නාලන්දා ගෙඩිගෙය නොහොත් අතීතයේ ලෝකයේ මධ්‍ය රේඛාව පිහිටි තැන ලෙස සැලකෙන මාතලේ (මහාපොළොතලේ) සූර්ය දේවාලය ලංකාවේ යක්‌ෂ ජනතාව තුළ තිබූ පිටසක්‌වල ජීවය පිළිබඳ විශ්වාස ඉස්‌මතු කරන මිල කළ නොහැකි වටිනා වස්‌තුවකි. එයද කිසිවකුගේ අවධානයට ලක්‌ නොවී විනාශයට යමින් පවතී. එහි තිබෙන සමහර අංග කෞතුකාගාරය වෙත පවරා ගැනීම කාලීන අවශ්‍යතාවකි. මහා රාවණ අධිරාජ්‍යයාගේ පුත් ඉන්ද්‍රජිත් හෙවත් ඉරුගල් බණ්‌ඩාර පිටසක්‌වල ජීවීන් සමග සම්බන්ධතා ගොඩනගා ගන්නට උනන්දු වූ මහා පඬිවරයෙකි. එතුමාගේ ගුප්ත විද්‍යා පර්යේෂණ සඳහා ශබ්ද තරංග යොදාගත් අතර වරිග පූර්ණිකාවට අනුව මෙම ක්‍රමවේදය “සෙප්පඩමජ වි-ජා” ලෙස හඳුන්වයි. එහෙත් වර්තමාන ව්‍යාවහාරයේ එය ගර්හිත යෙදුමක්‌ ලෙස භාවිතයට පුරුදු කිරීමෙන් එහි වැදගත්කම යට ගසා ඇත.

ලෝකයට “මමී” හෙවත් නරක්‌ නොවන සේ සිරුරු පවත්වා ගැනීමේ විද්‍යාව දායාද කළේ රාවණ අධිරාජ්‍යයා විසින් ප්‍රගුණ කරනු ලැබූ ආයුවේදය හෙවත් ආයුෂ වර්ධන විද්‍යාවයි. රාවණ ඉතිහාසායේ ඉපැරැණි මූලාශ්‍ර ග්‍රන්ථයක්‌ වන්නේ සිව රජුගේ අහස්‌තල බෙදීම හා හෝරාශාස්‌ත්‍රයයි. ඒ අනුව තාරකා විද්‍යාවේ ආරම්භයද ඉපැරැණි හෙළයන්ගේය. ඔවුහුද ශ්‍රී රාවණාට ප්‍රථම මෙරට සිටි මහා සිව රජුගේ පරපුරේ ආදිතමයෝය. එබැවින් මෙරට රාජවංශයේද නොයෙක්‌ රජුන් සිව යන්න පෙළපත් නමක්‌ ලෙස භාවිත කළහ. (උදා:- මුටසිව, මහාසිව) සිව රජුද ආදි හෙළයෙකි. එබැවින් රාවණ රජු සිවස්‌තෝත්‍රය රචනා කළ අතර එය අද දක්‌වා හින්දූන් හා ඉන්දියානු දෙමළ ජනයා සිව දෙවි වන්දනාවට යොදාගනිති. එසේම පුරාණයේ ලක්‌ ජනතාව අතර ප්‍රචලිතව පැවැති රාවණ මන්ත්‍රයක්‌ මෙසේය.

“ඕම් රාවණ සිද්ධම් සිද්ධම් බල වරම්”

“ඕම් සරවණ භව සිද්ධම් සිද්ධි බල වරම්”

ශ්‍රී රාවණ අධිරාජ්‍යයාගේ බලය හා ශක්‌තියට ප්‍රතිවිරුද්ධ බලවේග අතීතයේ සිට මේ දක්‌වාම ක්‍රියාත්මක වී පවතී. අභිචාරවත් නිට්‌ටෑවන් නම් සත්ත්ව විශේෂය ප්‍රමුඛ කර වානරයන් වෙනුවෙන් යම් යම් ඉදිකිරීම් කරමින් මෙරට රාම වාදයක්‌ ව්‍යාප්ත කිරීමේ අදහසින් අතීතයේ සිට වර්තමානය දක්‌වා යක්‌ෂ සංහාරයට උත්සාහ දැරූ විදේශික බලවේග රැසකි. පණ්‌ඩුකාභය, ගාමිණි අභය, විජයබාහු, පරාක්‍රමබාහු, වලගම්බා වැනි ප්‍රබල මහාකාල යක්‌ පරපුරේ හෙළ නරදෙටුවන් හනුමා බලවේගය ඒ ඒ යුගවලදී ලක්‌ පොළොවෙන් තුරන් කළ අතර කිසි කලෙකත් වානර ගෝත්‍රයෙන් පැවත එන ආක්‍රමණිකයන්ට මෙරට විජයග්‍රහණයක්‌ අත් නොවීය. ඔවුන් සුළු කලකට පමණක්‌ මෙරට ආක්‍රමණය කළ ද රාමායනයේම සඳහන් ආකාරයට ඉරුගල් බණ්‌ඩාර හෙවත් රාවණ පුත් මේඝනාද පරපුර ඔවුන් සමූල ඝාතනය කළහ. ඉන්දියානු වීර කාව්‍යයක්‌ වූ වාල්මිකී නම් කතුවරයකු විසින් රචනා කරන ලද රාමායනය රාම ලක්‍ෂමණ හනුමාන් ප්‍රමුඛ වානර හමුදාව ලැබූ පරාජය වසාගැනීමට කළ වෑයමකි. එහි කර්තෘ විටෙක රාවන චරිතය ශ්‍රේෂ්ඨයකු කර විටෙක දුෂ්ටයකු බව ඇඟවීමට උත්සාහ කළ අන්දම රාමායනය තුළින්ම පැහැදිලියි. නමුත් රාමායනයට හා මහාවංශයට වඩා පැරැණි යක්‌ෂ ගෝත්‍රික මූලාශ්‍ර වන කාලම් අග්නිසන්දය, මූණමුරකෞරවය, වෙශමුණි දරණිවත, ගෝරාපාසලම, රක්‌ඛානි ගර්ජය, කුම්භණී මූලාශ්‍රථය, අසුර අත්විසය හා පංචරක්‌ඛාවලිය යන පුස්‌කොල පොත් ශ්‍රී රාවණ අධිරාජ්‍යයාගේ පුත්‍ර මේඝ නාද (ඉරුගල් බණ්‌ඩාර) සමස්‌ත ඉන්දියානු ආක්‍රමණිකයන් පරාජයට පත් කළ බව තහවුරු කරයි.

තම සොයුරු විභීෂණයන් හා ඇතිවූ අභ්‍යන්තරික යක්‌ෂ නාග යුද්ධය හා බිහිසුණු ස්‌වභාවික විපත් රාවණ යුගය මහා සාගරයට යටකර දැමීමට හේතු විය. මෙම දේශපාලන අර්බුදය ගෞතම බුදුරජාණන් වහන්සේගේ පහළවීම දක්‌වා ලංකාවේ පැවැති අතර බුදුන් වහන්සේගේ ලංකා ගමනයේදී මෙරට කඳුකර ප්‍රදේශ (ගිරිප) යක්‌ෂ ජනයාට පවරා සෙසු ප්‍රදේශ නාග ජනයාට පවරා දී ඇත. මේ නිසා ලංකාවේ සමස්‌ත ජනසමාජයම බුදුන් වහන්සේගේ නාමයට ලංකා රාජ්‍ය පූජා කර ඇත. ඒ බව “යකා බුදු වදනට පමණක්‌ අවනත” බව පැවසෙන ගැමි කියමනෙන් පිළිබිඹු වේ. බුදුන්ගේ ලංකාගමනය පවා සැකයට භාජන කිරීමට පුරාවිද්‍යාඥ බෙල් ප්‍රමුඛ ගෝල පිරිස බලවත් උත්සාහයක යෙදී ඇති බව මෙහිදී සිහිපත් කළ යුතුවේ.

වර්තමාන රාගල (රාවණගල) රාවණා යුගයත් අයත් පැරැණි නටබුන් පවතින තවත් ප්‍රදේශයකි. එහි ඇති රාවණ පබ්බත විහාරය හා එම ප්‍රදේශය වර්තමානයේ නිදන් සොරුන් අතින් සීග්‍රයෙන් විනාශ වෙමින් පවතී. රාවණගල ප්‍රදේශ සැලකිය යුතු වන්නේ හෙළයන්ගේ නිජභූමිය සේය. සිවුහෙළයන්ගේ රාජ්‍ය ලාංඡනය වූ සිංහයා සංකේතය මහා රාවණා අධිරාජ්‍යයාගේ රාජකීය සංකේතය විය. ඈත යුගයේ විසූ කේසර නම් සිංහ විශේෂය එයට පදනම් වී ඇත. කේසර යනු සූර්ය රශ්මිය හා ශක්‌තිය නිරුපණය කරන ප්‍රබල ගුප්ත විද්‍යාත්මක සංකේතයකි. සිංහ ලාංඡනයේ නිර්මාතෘද ශ්‍රී රාවණයෝය. රාවණා රජුගේ රුව ඇතුළත් ධජය රාවණ යුගයෙන් පසු ලංකා ධජය බවට පත්විය. එය ක්‍රමයෙන් ප්‍රාදේශීය කොඩියක්‌ බවට පත්වීම මෙරට රජ පරපුරේ ඇදවැටීමත් සමග සිදු වූවකි. දෙවැනි රාජසිංහ යුගයේ රන්දෙණිවලදී ලන්දේසින් ඓතිහාසික පරාජයකට ලක්‌ කළ කොස්‌මෝ විෙ-සේකර මුදලිතුමාගේ පරපුරේ ධජය එය විය. වර්තමානයේ ඛඔඔE සතුරන් පරාජය කිරීමේදී රාවණ පරපුර ඉදිකළ ශ්‍රී යගු කෞරාණ මන්ඨක දස ශීර්ෂපති ශ්‍රී රාවණ දේවාලයේ ගල් පුවරුවේ කොටා ඇති රාවණ ධජයේ අනුහසද බලපාන්නට ඇත. මෙය කුරුණෑගල රම්බඩගල්ල විද්‍යාසාගර පිරිවෙන් විහාරස්‌ථානයේ ආසියාවේ විශාලතම ශෛලමය බුදුපිළිමය පිහිටන ගල් තලාවේම ස්‌ථාපනය කර තිබේ. රාවණ ධජයට සූර්යාලෝකය වැටීමෙන් ලංකා ආක්‍රමණිකයන්ට ඉමහත් විනාශයක්‌ සිදුවන වෙසමුණි ධජය නම් (වෙසමුණි ධරණිවත) පුස්‌කොල පොතේ සඳහන්ය.

නොනැසී පවතින රාවණ ඉතිහාසය කිසි කලෙකත් විනාශ කළ නොහැක. රාවණ නාමය ලංකා ඉතිහාසයේ මැකිය නොහැකි ලෙස ලියෑවී පවතී. ඉදිරියේදී මායා, ඉංකා මොහෙන්ජොදාරෝ හරප්පා ශිෂ්ටාචාර ගැනත් වර්තමාන සෝවියට්‌ සමූහාණ්‌ඩුවට අයත් කල්මිකියාවේ පිහිටි රාබ්ක්‌නැ ජලාශය හා සුමේරියානු ඉතිහාසයත් පිළිබඳ සත්‍ය කරුණු මතුවීමත් සමග රාවණා නාමය තව දුරටත් සඟවා තබනු නොහැකි වේ.

රීදී විහාර ඉතිහාසය හා සිතුවම් කලාවරිදී විහාරය සම්බන්ධ ඓතිහාසික  පුරාවෘත්ත රාශියක් ඇත. රහතන් වහන්සේලා වැඩ විසු ගල්ලෙන් එක...
26/12/2025

රීදී විහාර ඉතිහාසය හා සිතුවම් කලාව

රිදී විහාරය සම්බන්ධ ඓතිහාසික පුරාවෘත්ත රාශියක් ඇත. රහතන් වහන්සේලා වැඩ විසු ගල්ලෙන් එකසිය ගණනක් දැනට කැලැවෙන් වැසි ඇත ."දම්ම රක්බිත තෙර සමන පදස ලෙන" යනුවෙන් ගලේ කොටා ඇති එයින් එක් ලෙනකි. කෙනෙකු පැණි වරකාවක් තඹුරැ ලෙනෙහි වාසය කළ ඉන්ද්‍ර ගුප්ත මහ රහතන් වහන්සේට පුදා පෙරළා ගමන් අරඹද්දි දුටු රිදි උල්පතෙන් ලබා ගත් රිදි කුට්ටිය දුටුගැමුණු රජුට භාර දුන් බවත් ,රුවන්වැලි සෑය නිර්මාණ කටයුතු සදහා දුටුගැමුණු රජතුමාට මෙම ස්ථානයෙන් ලබාගත් රිදී උපකාරී වු හෙයින් එයට කලගුණ සැලකිමක් වශයෙන් රිදී විහාරය නමින් මෙම විහාරය ඒ රජු විසින් සාදවන ලද බව එක් පුරාවෘත්ත කථාවකි.

"රිදී විහාර අස්න" නම් පොතේ මේ පිළිබඳව තවත් වටිනා විස්තර සදහන් වේ. එනම් මෙම විහාර කර්මාන්තය අවසාන කොට අවසාන නෙත්‍ර මංගල්‍යයට රජ්ජුරුවන් පැමිණිමේදි දඹදිවෙන් පිළිම වහන්සේ නමක් වඩම්මා මෙම පිළිමය අනුරාධපුර සිට රිදි විහාරයට පෙරහැරකින් වඩම්මවාගෙන පැමිණ ඇත.
මෙම පෙරහැර රහතන් වහන්සේලා පෙරටුකොට චතුරංගනි සෙනාවක් සමග පැමිණ ඇති අතර එම රන් ආලේප කොට පෙරහැරෙ වඩම්මවාගෙන ආ පිළිමය කවුරුත් හදුන්වා ඇත්තෙ "රන් පිළිම වහන්සේ නමිනි". මෙම පිළිමය වඩම්මගෙන එන විට ඉතා අපුරු සිදුවිමක් සිදු වි ඇත. එනම් පිළිමය තිබූ රථය ගල් තලාවක නැවතී එය නැවත ගැනීමට නොහැකි වි ඇත. මෙම රථය නැවත ගැනීමට දුටුගැමුණු රජු විවිධ උපක්‍රම යොදා ඇත. යෝධයන් මාර්ගයෙන්, අලි ඇතුන් මාර්ගයෙන්, මෙම රථය ගැනීමට උත්සාහ කළද එය අසාර්ථක විය. "මට මෙම පිළිම වහන්සේ මෙතනින් ගෙනියන්නට බැරි වුණොත් මගේ ජීවිතේ නැති වුණත් මම මේ ස්ථානයෙන් යන්නේ නැහැ" යනුවෙන් පවසා රජු බිම වැතිරි ඇත.

එම අවස්ථාවේ ඉන්ද්‍රගුප්ත මහ රහතන් වහන්සේ වැඩම කොට "මහරජ ඔබ කනගාටු වෙන්න එපා. ඔබතුමාගේ අදහස හැටියට මේ පිළිම වහන්සේ ඒ ස්ථානයට වඩී. වහා නැගිටින්න" යැයි පවසා ඇත. එසේ පැවසු එම භික්ෂූව රජුගේ හිසේ තිබෙන පරිදි සියල්ල ඉටුවේවා යන්න අධිෂ්ඨාන කළ බව කියවේ. මෙම අධිෂ්ඨාන ශක්තියෙන් ඒ වේලාවේදීම පිළිම වහන්සේ අහසින් එම ස්ථානයට වැඩි බව මහාවංශ කතාවක් ලෙස මහනුවර කාලයෙදි ලියවුණ පුස්කොළ පොත්වල හා රිදී විහාර අස්න වැනි පොත්වල සදහන් වි ඇත.

මෙම රිදී හමුවු ස්ථානය අඩි 125ක් පමණ උස පර්වත ලෙනකි. මෙහි රිදීයෙන් නිම කරන ලද හිටි බුදු පිළිමයක් තැන්පත් කොට ඇත. මෙම විහාර නිර්මාණය හා ප්‍රතිමා කර්ම අනුරාධපුර යුගයට අයත් වුවද චිත්‍ර මහනුවර යුගයට අයත් වේ.

පොළොන්නරු යුගයේදීද රිදී විහාරය ප්‍රසිද්ධියට පත්වී තිබිණි. මහ පැරකුම්බා රජුන්ද මේ ස්ථානයට පැමිණි බවට සාක්ෂි, මේ අසළ ඇති ඇතැම් වැව් මේ රජතුමාගේ නිර්මාණ බව කියනු ලැබීමෙන් සනාථ වේ. නිශ්ශංකමල්ල රජතුමාද මේ ස්ථානයට පැමිණෙන්නට ඇතැයි ඉතිහාසඥයන් විශ්වාස කරති. එම රජතුමාගේ සෙල්ලිපිවලට බෙහෙවින් සමාන ලිපි කිහිපයක් මේ ප්‍රදේශයෙන් හමු වී ඇත .

පොළොන්නරු යුගයෙන් පසු වල් බිහි වු මෙම විහාරය මහනුවර යුගයෙන් පසු ප්‍රතිසංස්කරණය කරවා, දුටුගැමුණු චෛත්‍ය හා එම විහාර ප්‍රතිසංස්කරණයද නව විහාර මන්දිරය හා නව චෛත්‍ය ඉදි කරවීමද කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් සිදු කොට ඇත. එම චෛත්‍යයවල දේවතා කොටු තුළ අර්ධෝන්නත ස්වරූපයෙන් ඒකාකාරව මූර්තිමත් කොට ඇති දේවතාරූප හතරෙන් ඒ බව පැහැදිලි වේ. මේ අනුව බැලු විට රිදී විහාරය හා සම්බන්ධ ජනප්‍රවාද බොහොමයක් ඇති බැව් පෙනි යනු ලබන්නකි. එසේම දුටුගැමුණු, මහා පරාක්‍රමබාහු, නිශ්ශංකමල්ල, කීර්ති ශ්‍රී රාජසිංහ වැනි ලංකාවේ සිටි ශ්‍රේෂ්ඨ රජවරුන්ගේ අනුග්‍රහය මෙම විහාරයට ලැබුණු බව ඉහත විස්තරවලට අනුව පැහැදිලි වන්නකි.

මෙලෙසින් විවිධ ප්‍රතිසංස්කරණයන්ට ලක්වු රිදී විහාරයෙහි ප්‍රධාන කොටස් තුනකින් යුක්තය.එනම්,
1. සැරසුම් ගල
2. මහා විහාරය
3. වරකා වැළදු විහාරය

මෙසේ දීර්ඝ ඉතිහාසයක් ඇති මෙම රිදී විහාරය අවසාන වරට ප්‍රතිසංස්කරණය කරන ලැබූ රජු ලෙස සලකන්නෙ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාය. රජුන් කිහිප දෙනෙකුගේම අනුග්‍රහය ලැබුවද මෙහි ඇති චිත්‍ර මහනුවර යුගයට අයත් බව සඳහන් කළ යුතුයි.

වාස්තු විද්‍යාව - බිතු සිතුවම් හා කලා ශිල්පීන්

මහා පිළිමගෙයි දකුණට මුහුණලා සිටින ප්‍රධාන දොරටුව විසිතුරු මකර තොරණින් සැදුම් ලද්දේය . තිරස් බිත්ති කුහරයක් සෑදෙන අයුරින් තැනුණු බිත්තියේ ඉහළ කොටස මල් ගෙන සිටි ඉරියව්වෙන්ම තම අත උදරය ඉදිරිපස තබාගෙන සිටින දෙවිවරු පෙළකින් සෑදිණි .මේ මකර තොරණ හා මල් ගත් අත් අතැති දෙවි රූ පෙළ මහා වංශයෙහි සඳහන් වේ .ඇතුළු විහාර ගර්භයෙහි කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ අවධියේ හා වෙනත් යුගවලට අයත් නෙළන බුදු බුදුපිළිම වහන්සේලා වෙති .බටහිර බිත්තිය සැතපෙන බුදු පිළිමයකින් යුක්තය. එහෙත් උතුරු උතුරුදිග බිත්තිය මෑතක ඉදි කරන ලද්දකි. නැගෙනහිර හා උතුරු බිත්තියත්, වියනත් සිතුවම් වලින් සැරසිණි .

නැගෙනහිර බිත්තියේ එස් හැඩය ගත් වංගු ඇත. බොහෝ සෙයින් පහත් වූ උතුරු අර්ධ ය බුදු පිළිම පන්තියකින් අවුරා ඇත . දකුණු කොටසේ දහසක් බුදුවරුන් පිළිබඳ තේමාවන් මුළුමනින්ම ගැවසී ඇත.

ඉහළ නැගෙනහිර දිගු බිත්තියේ ඉතිරි කොටස් දකුණු දකුණු දිග කොටසත් කුඩා රාමුවල වූ වූ දහසක් බුදුවරුන් ගේ රූප වලින් ගැවසීනි. මේ බිත්තියේ චිත්‍ර රහිත පහළ කොටස ශුද්ධ භූමි සොළොසක් ජාතක කතා වස්තූන් මහා වංශයෙහි සඳහන් සිංහ හස්ති සහ හංස සත්ව ගණයා අත් නිරූපණය කිරීම සඳහා වෙන්කර තබන ලද යි සිතිය හැක.

දකුණු බිත්තියේ නැගෙනහිර ඉහළ කොටසද දහසක් බුදුවරුන් නිරෑපණය කෙරෙන කුඩා චිත්‍ර පුවරුවලින් වැසී ඇත . මේ කොටසේ චිත්‍ර වලින් පහළ පෙදෙස වූ කලී වංශකතාවල සදහන් කොට ඇතත් දැන් අභාවට ගොස් ඇති සිතුවම් දර්ශන විශාල ප්‍රමාණයට ඉඩ සලසා දීම සදහා විය හැකිය. සැතපෙන පිළිමයටත්,හිදි පිළිමයටත් පසුබිම් වූ දොරටුවටත් අතර දකුණු බිත්ති බටහිර කොටස ශාස්තෲන් වහන්සේගේ නෙළා ඇති අනික් ප්‍රතිබිම්බ දෙක මෙන් වඩා ලොකු රාමු ඇතුළත් " දහසක් බුදුවරුන් " නිරූපණය කරයි.

ඉහළ විහාර මන්දිරය

මහාවංශයෙහි වාර්තාගත කොට ඇති අන්දමට මේ බටහිර බිත්තය දැලේ හිටි පිළිම දෙකක් සහිත හිදි පිළිමයකින් සැදුම්ලත් නෙළන ලද බුද්ධ ප්‍රතිමාවලට පසුබිම් වේ. බිත්තියේ මුදුනේ කොටස නැවත නැවත දක්වනු ලබන දහසක් බුදුන් පිළිබඳ පුවරුවලින් තනි පේළියක් සිතුවම් කරන ලද්දේ වෙයි. උතුරු බිත්තියේ මෙවැනි දහසක් බුදුවරුන් නිරූපණය කැරෙන චිත්‍ර පන්තියකින් උඩ කොටස අලංකෘත වෙයි.සූවිසී විවරණ දර්ශන සිතුවම් පහළින් ඇත.බිත්ති මධ්‍යයෙහි ඊට සිටින ලෙස නෙළන ලද මෛත්‍රීය බෝධිසත්වයන් වහන්සේගේ ප්‍රතිමාවකි. බෝධිසත්ව ප්‍රතිමාවට හරි දකුණට වූ බිත්තියේ ඉතිරි ඉඩ ප්‍රමාණය බුදුරුව දෙසට වැඩම කරන රහතන් වහන්සේලා දේපේළියකින් අලංකාර කර ඇත . මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේගේ රූපයට හරි වමට විහාරාධාපිත සිද්ධාර්ථ බුද්ධරක්ඛිත හිමියන්ගේ විශාල ජීව චිත්‍රයකි.උන්වහන්සේගේ අසල පිපුනු මලින් හෙබි රූපයක් ද වෙයි .

නැගෙනහිර බිත්තියට යටකී සූවිසි විවරණ දෙපේළියක් උතුරු කොටසට ද සම්බන්ධ කොට ඇත .ඉන් පහළ ඇත්තේ මලින් පිරි ගිය මහ රුක් දෙකකි.දකුණු කොටස දහසක් බුදුවරුන් ගේ එක් පේළියක් නිරූපණය කරයි .ඊට පහළින් බුද්ධත්වයෙන් පසුව එළඹුණු සත්සතියේ අන්තිම දෙසතිය පිළිබඳව සිතුවම් වෙයි. ඉන් අනතුරුව සොළොස්මස්ථාන වලින් කීපයක් සිතුවම් කොට තිබේ.මේ බිත්තියේ පහළ කොටසේ මලින් හෙබි රුක් දිස්වේ .

දකුණු බිත්තියේ "දහසක් බුදුවරුන්" නිරූපණය කෙරෙන පේලියක් බිත්ති හිස ඔස්සේ දිගටම විහිදී යයි .ඊට යටින් සූවිසි අතීත බුදුවරුන් වහන්සේලා ගේ සිතුවමුත් ,ඉන් අනතුරුව බුදු බව ලැබීමෙන් පසු ගත කළ පළමු පස් සතියේ හා සොලොස්මස්ථානවල නිරූපණත් වෙයි.බිත්ති මධ්‍යයෙහි සිත්තම් කරන ලද ගරුඬ පක්ෂියකු සහිත උපුල්වන් දෙව් මහරදුන්ගේ අඹන ලද රූපයක් වෙයි.දෙව් රුවට හරි වමෙන් බටහිර බිත්තියේ වූ හිටි බුදු පිළිමය දෙසට හැරී සිටි රහතුන් දෙපේලියක් සිතුවම් කොට ඇත.ගරුඬ රූපය හැරෙන්නට නැගෙනහිර පැත්තේ බිත්තියේ පහළ කොටසේ චිත්‍ර කිසිවක් නැත. යාබද කුටියේ කුඩා විහාර දොරෙහි සිතුවම් කරන ලද පුවරුවක් වෙයි.එහි දැලේ ගජ-සිංහ රූප දෙකකි.නවනාරිකුංජරය දැක්වෙන පුවරුවකින් මුදුන සැදුම් ලද්දේ වෙයි.

ඇතුළත උඩ විහාර මන්දිරය "දහසක් බුදුවරුන් " සූවිසි විවරණ සූවිසි අතීත බුදුවරයන් වහන්සේලා බුදු බව ලැබීමෙන් පසුව සත් සතියේ සිදුවීම් සොළොස්මස්ථානය හා පුෂ්පිත වෘක්ෂ වැනි තේමා රැසකින් වසා විචිත්‍ර ලෙස අලංකාර කොට ඇත.මකර හිස් වලින් කෙලවර වන හරස් කණුවකින් සෑදුනු පිටාටුවට පිටදී සිටින පරිදි මහා බුදු පිළිමය තැන්පත් කොට ඇත .පිටු පස ගාත් වලින් නැගී සිටි සිංහයන් දෙදෙනෙකුගේ පර්යන්කයට උඩින් තමන්ගේ භාර්යාවන් හා සුද්ධාවාස බ්‍රහ්මයන් පිරිවර කරගත් බ්‍රහ්ම හා ඉන්දු යන ගණ ප්‍රධානීහු දෙදෙන බුදුන් වහන්සේ දෙපස සිටිති.තවද එකකු වීණාවක්ද,අනෙකා වල් වීදුනාවක්ද අතින් ගත් දෙවිවරුන් දෙදෙනෙකු හා කැටිව කාලවර්ණ සේවකයන් දෙදෙනෙකු කැපීපෙනෙන ලෙස දක්වයි .බුද්ධ පර්යංකය දෙපස සිටින දෙවිවරුන් මුළු ගණන නවයකි.මෙය බුද්ධ පර්යංකය සිංහයන්,පිට පිට දී සිටින සිංහයන් ,ගජ-වෘෂභයන් හා නර්තනයෙහි යෙදී සිටින සෙබළුන් ආදීන්ගෙන් සැදුම්ලත් විවිධාකාර තේමාවලින් තවදුරටත් සරසනු ලැබ ඇත .අත් හතරක් ඇති නායක දේවතාවකු සමග සිටින රෞද්‍ර පෙනුමෙන් යුත් රූප නවයකින් සෑදුනු අවසානයේ සඳහන් කරන ලද තේමාව මේ ලෙනේ අලංකාර චිත්‍ර සංලක්ෂණවල කොටසක් වශයෙන් සඳහන් කොට ඇති සතුන් නිරූපණය කරනවා විය හැකිය.වංශ කතාවෙහි වාර්තා කොට ඇති පරිදි බුදුන් වහන්සේට පරිවාර වශයෙන් උත්පලවණ්ණා දෙව් මහරදුන් හා මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ දෙපැත්තේ බිත්ති වල පිහිටුවා සිටිති .

මේ විහාර මන්දිරයට යාබදව ඇති කුටියේ බෝධිසත්වයන් වහන්ටියේ බෝධිසත්ත්වයන් වහන්සේ තුසිත දෙව්ලොව සිටින දර්ශනයක් ඇතුළත් වන අතර "දහසක් බුදුවරුන්" හා පිපුණු මල් සහිත ගස් තේමාකරගත් දර්ශන නැවතත් මෙහි යොදා ඇත. නාරිලතා මෝස්තරය දක්වන සිතුවමකින් දොර ජනේල සරසා තිබේ .

ප්‍රධාන මන්දිරයට උඩින් පිහිටි පර්වත ගුහාවේ වලාකුළු අතර පේළි වශයෙන් ගමන් ගන්නා පන්සියයක් රහතුන් වහන්සේ වහන්සේලා අතර වැඩසිටින වැඩ සිටින බුදුන් වහන්සේගේ දර්ශනයක් වෙයි.බුද්ධ රූපය වටා ප්‍රමාණ සුචක රේඛා දක්නට ලැබීමෙන් වළාකුළු රේඛා වල ඇති තරම ක දළ ස්වභාවයක් හේතුවෙන් හඟවනු ලබන ආකාරයට මේ සිත්තම නො නිමවා තැබුවා විය හැකිය. නො එසේ වුවහොත් චිත්‍ර පූරුවේ වැඩ නිම කරනු ලැබූවේය වු නමුත් කලක් ගත වෙද්දී රේඛා වසා සිටි සායම් අව් ,වැසි, සුළං ආදියට ගොදුරු වීම හේතුකොටගෙන පසුකාලයේදී මැකි ගියා විය හැකියි.

නාමවලියෙහි මූලිකව ක්‍රියා කළ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ රාජ්‍ය සමය මෙතෙක් සාකච්ඡාවට භාජනය වූ සිතුවම් වලින් වැඩි ප්‍රමාණයක් අයත් වේ.හඳුනාගත හැකි චිත්‍ර කර්මාන්තය පිළිබඳ පසු කාලයට අයත් කාල පරිච්ඡේද හතරක් තිබී ඇති බව පෙනේ. පැහැදිලි ලෙසම කීර්ති ශ්‍රී රාජසිංහ කාලය හා සම්බන්ධ යැයි කිය හැකි පැරණිම අවස්ථාව ඉහළින් පිහිටි පර්වත කුස්හි මුහුණතේ වූ බුදුන් වහන්සේගේ දර්ශනයත් ප්‍රධාන විහාර මන්දිරයේ"දහසක් බුදුවරුන් ගේ" කුඩා පුවරුවත් එහි ප්‍රධාන දොරටුවට ඉහළින් වූ මකර තොරණත් එම විහාරයේම වියනෙ වූ බුද්ධත්වය ලැබීම පිළිබඳ දර්ශනයත් උඩ විහාර මන්දිරයේ සිතුවම් කරන ලද අභ්‍යන්තරයෙන් වැඩි කොටසකුත් යන මේවායින් සමන්විතය.දෙවන අවස්ථාව වනාහී ප්‍රධාන විහාර මන්දිරයේ වූ රහත් පේළිද නෙළන ලද බුද්ධ රූප වලට පසුබිම් සපයන "දහසක් බුදුවරුන්ගේ " වඩා ලොකු පුවරු නැවත සායම් කිරීම ද එකී ලෙන් එම වියනේ වූ පද්ම මුද්‍රිකා ද යන මේවායින් නිරූපිතය . ඇතැම්විට මේ දෙවන අවස්ථාව නෙලන ලද බුදු පිළිමවල පසුබිම් නැවත සායම් කිරීමත් එසේම උඩ විහාර මන්දිරයේ ඇති සුපුෂ්පිත වෘක්ෂ නිරූපණයත් යන මේවායින් සමන්විත වූවා විය හැකිය .මේ විහාර මන්දිරයේ මන්දිරයේ ඇතුළත් යාබද කුටියේ ද්වාර මුඛයෙහි සිතුවමුත් ඇතැම් විට තුන්වන අවස්ථාවට අයත් වන්නා විය හැකිය . නවීන සායම් යොදා ඇතැම් බුද්ධ ප්‍රතිමා හා බිත්ති නැවත සායම් කිරීමෙන් මෑත අවධිය නිරූපණය කරනු ලැබේ .

මෙම රිදී විහාරයේ සිතුවම් දෙවරගම්පොළ සිල්වත් තැන හා නීලගම පරම්පරාවේ සිත්තරුවන් විසින් අදින ලද්දේ වෙයි. මොවුන් විසින් අලංකාර කරන ලද දෙගල්දොරුව, දඹුල්ල හා වෙනත් විහාර මන්දිර වල මෙන් රිදී විහාරයේත් පාට යෙදීමේදී එකම ක්‍රමයක් භාවිතා කර ඇත .ඇතැම් අවස්ථාවල මන්දිරාභ්‍යන්තර සුපුෂ්පිත වෘක්ෂයන්ගේ පසුබිම් ශ්වේත වර්ණයෙන් තිබෙන්නට හැර පසුබිමේ ඉඩතැන් සාමාන්‍යයෙන් රතු පැහැයෙන් පුරවා ඇත . බුදුන් වහන්සේත් රහතන් වහන්සේලාත් රාජකීයනුත් සපු කුසුම් , බුදුන්වහන්සේගේ ප්‍රභා මණ්ඩලයේ රැස් වළල්ල ආදිය හා සමග බහුල වශයෙන් කහපාටින් හා කළු පාටින් සායම් කර තිබේ .එහෙත් රිදී විහාරයේ භාවිතා කොට ඇති පාට යෙදීමේ ක්‍රමයෙහි විශේෂ ලක්ෂණ කීපයක් පැහැදිලිව දක්නට ලැබේ . අතුපතර සඳහා අළු පාට මද වශයෙන් යොදමින් ප්‍රභාමණ්ඩලයේ දාර දිගේත් පිඨ හා උඩ ලෙනේ පාමුල නර්තනයෙහි යෙදුණු දෙවිවරුන් සඳහා කොළ පාට හා තද නිල් පාට බදු මිශ්‍ර කරන ලද සායම් වර්ග යොදා ඇත .

ශ්‍රී පාද දර්ශනයේ ගස්වල අතුපතර ලා කොළ පාටින් දක්නට ලැබේ.මේ අතර සමහර ගස්වල මල් සිතුවම් කිරීමේදී රතු සහ සුදු සායම් වල විවිධ භේදයන් මිශ්‍රණයෙන් සාදාගත් අරුණුවන් පැහැයක් භාවිතා කොට තිබේ .වෙනත් තැන්වලින් භාවිතා කොට ඇති දීප්තිමත් කහ පාට හා සසඳන විට මෙහි යොදා ඇති කහපාට රන් හිරියල් බව පෙනේ ."දහසක් බුදුවරුන් " ගේ වඩා ලොකු පුවරුත් ප්‍රධාන ගුහාවේ වියනෙ පද්ම මුද්‍රකාත් බඳු නැවත නැවත සායම් කරන ලද ප්‍රදේශ තද අවරිය වන් නිල් පැහැයේ බාහුලන්‍යයෙන් විශේෂිතයි .

මෙම සිතුවම් බැලූ බැල්මට මනා පිවිතුරු බවක් දක්නට ඇත ." දහසක් බුදුවරුන් " තේමාව ඉස්මතු වී සිටි ඇති ඉඩ ප්‍රමාණයෙන් වැඩි කොටසක් පුන පුනා කරනු ලබන බුදුන් වහන්සේගේ නිරූපනයට ඇරුණු අවස්ථා කිහිපයෙන් එකක් ප්‍රධාන විහාර මන්දිරයේ සැකැස්මෙන් පිළිබිඹු කෙරේ .ඉන්දුවරයන් වහන්සේලා හා උන්වහන්සේලාගේ බෝධි වෘක්ෂ නිරූපණයෙහි ලා දක්නට ලැබෙන රූඩීන් පිළිබඳ සංකල්පයක් හා සමඟ වූ සංලක්ෂණ හා පක්ෂීන් හා වෙනත් සතුන් හා සහිත සුපුෂ්පිත වෘක්ෂ නිරූපණය කිරීම පිළිබඳ තාත්වික ප්‍රවණතාවක් කෙනෙකුට දැකිය හැකිය .චක්‍ර රේඛීය වර්ගයේ පහලිනවහලින් යුතු එකක් සොලොප්පු හැඩයේ වහලින් යුතු තවකෙක්, දැයි ගොඩනැගිලි ශෛලී දෙකක් විවරණය දෙන අතීත බුදුවරුන්ගේ රූපවලට පසුතල අතර දක්නට ලැබේ . මෙහි දක්නට ලැබෙන ප්‍රියතම සංලක්ෂණය රන්වන් රතු හා කොළ පැහැයෙන් වූ මාරුවෙන් මාරුවට වටරවූම්වලින් හා කිරිබත් කැට රටාවලින් සෑදුණු නොකැඩුණු තීරු පටියකින් සෑදිණි .ශ්‍රී පාද කන්ද හා දිවාගුහා ලෙන එකට සිත්තම් කිරීම , එකී දර්ශනයේ බුදුරුව දක්නට නොලැබීම , ඉන් විහාර මන්දිරයේ ප්‍රධාන පිළිමයේ නර්තනයෙහි යෙදුණු සෙබල රූ භාවිතය වැනි විශේෂ ලක්ෂණ ගණනාවක් දර්ශනය පිළියෙල කිරීමේදී හා චිත්‍ර සංලක්ෂණය යෙදීමෙහිදී දක්නට ලැබේ .තවද මේ පිළිමය මකර-තොරණක් යට හිඳුවා තබනු වෙනුවට මහියංගණ ස්තූපයේ ධාතු ගර්භය ඇතුලේ 19 වන සියවසට අයත් සිතුවම් හා 12 වන සියවසේ පොලොන්නරු යුගයට අයත් ඉඳි පිළිමය ඇති ගල් විහාරයේ දක්නට ලැබෙන ලක්ෂණයක් වූ මකර හිස් වලින් කෙලවර වන හරස් දණ්ඩකින් සෑදුණු පිටාටුවකට පිට දී වැඩ සිටීමට සලස්වා ඇත .

Address

Wariyapola
Wariyapola

Opening Hours

Wednesday 07:00 - 20:00
Saturday 07:00 - 20:00

Telephone

+94713654226

Alerts

Be the first to know and let us send you an email when දේවමැදි හත්පත්තුව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to දේවමැදි හත්පත්තුව:

Share