The Spa-Pure Nature

The Spa-Pure Nature Full Body Massage and Panchakarma, Male and female therapist

076 - 73 51 450 / 075 - 62 03 975
25/10/2017

076 - 73 51 450 / 075 - 62 03 975

21/10/2017
21/10/2017
Male and female therapist
21/10/2017

Male and female therapist

21/07/2017

ස්පා

21/07/2017
21/07/2017
21/07/2017

ගොඩක් අය හිතන්නේ හොඳ ෆේෂල් එකක් කරගන්න අනිවාර්යෙන්ම සැලෝන් එකකටම යන්න ඕන කියලා. ඒත් විවිධ හේතූන් නිසා හැමෝටම සැලෝන් යන අවස්වථාන් මග ඇරෙන්න පුළුවන්. රැකියාවේ වැඩ, අරුවන්ගේ වැඩ ආදිය නිසා ඇතිවන කාර්ය බහුලතාව වගේම ආර්ථික අපහසුතාත් මේකට බලපාන ප්‍රධානම හේතු විදිහට හඳුනාගන්න පුළුවන්. එහෙම තත්වයන්වල ඉන්න අයට ගෙදරදීම ෆේෂල් එකක් කරගන්නේ කොහොමද කියල කියන්නයි අපි මේ සූදානම් වෙන්නේ.

මෙහිදී මුලින්ම අප සම පිරිසිදු කරගත යුතුයි.

ඒ සඳහා ෆේස්වොෂ් ටිකක් අත්ලට ගෙන වතුර ටිකක් දමා දෑතින් පිරිමදින්න. එම පෙණ මුහුණේ ගල්වා මුහුණ සෝදන්න. ඉන්පසුව ඩීප් ක්ලෙන්සර් එකක් පාවිච්චි කරන්නට පුළුවන්. එය සමේ ගැඹුරට කාවැදි ඇති තෙල් කුණු ආදිය හොඳින් ඉවත් කරයි. මෙයට විනාඩි තුනක පමණ කාලයක් ගත වෙනවා.

02 දැන් සම ස්ක්‍රබ් කිරීමට සුදානම් වෙන්න.

මෙහිදී සමට ගැළපෙන ස්ක්‍රබ් එකක් තෝරාගත යුතුයි. ස්ක්‍රබ් එකකින් සිදුකරන්නේ සම මතුපිට තැන්පත්ව ඇති මැරුණු සම ඉවත් කිරීමයි. ස්ක්‍රබ් කරන විට අප සම තදින් ඇතිල්ලීමක් කරන්නේ නෑ. එමෙන්ම මුහුණට තෝරාගනු ලබන ස්ක්‍රබ් එක ඉතාමත් මෘදු දෙයක් විය යුතුයි. එය සමට හානිකර දෙයක් නොවන්නට ඕනේ.

ස්ක්‍රබ් එක මුහුණේ තවරා විනාඩි පහක් පමණ තබා ඉන්පසු ඇඟිලි තුඩුවලින් ඉතා මෘදුව උඩු අතට රවුම් ආකාරයට පිරිමදිමින් ස්ක්‍රබ් කරන්න. ඉන්පසු සෝදා ඉවත් කරන්න.

03 මීළඟට සමට ගැළපෙන ආකාරයේ ෆේස් පැක් එකක් යොදන්නට පුළුවන්.

මෙහිදී පලතුරු අඩංගු පැක් වර්ග, විටමින් අඩංගු පැක් වර්ග ආදී වශයෙන් වු සමට ගැළපෙන පැක් වර්ග තිබෙනවා. ඔබේ සම වියළි නම් තෙල් සහිත නම් හෝ කුරුලෑ සහිත නම් ඒ ඒ සමට සුදුසු පැක් එකක් තෝරා ගත හැකියි. දැන් ඔබ තෝරාගත් පැක් එක මුහුණේ සහ බෙල්ලේ තවරා විනාඩි දහයක් තිබෙන්නට හැර සෝදා ඉවත් කරන්න. අවසාන වශයෙන් ටෝනර් කරන්න. මෙහිදී කුඩා පුළුන් කැබැල්ලකට ටෝනර් ගෙන ඉන් සමට තට්ටු කරන්න. ඉන්පසුව සමේ ඇති වී තිබෙන මෘදු බව සහ පැහැපත් බව ඔබට අත්විඳින්නට හැකිවේවි.

04. දැන් සම මත සන්ක්‍රීම් එකක් තවරන්න.

ඔබ පිටතට ගියත් ගෙතුළ සිටියත් සන්ක්‍රීම් එකක් තවරාගෙන සිටීම වැදගත් වෙයි. මෙය මුහුණේ බෙල්ලේ සහ අත්වල තවරන්න. නැතිනම් දවල් කාලයට මොයිස්චර් රයිසර් ක්‍රීම් එකක් ද රාත්‍රියට නයිට් ක්‍රීම් එකක් ද භාවිත කිරීමෙන් සමේ මෘදුබව පැහැපත් ස්වභාවය පවත්වා ගන්නට පුළුවන්.

මෙහිදී දිය හැකි ලොකුම අවවාදය නම් දකින දකින ආලේපන පාවිච්චි කිරීමට නොපෙලෙඹී තමන්ට සුදුසු තමන්ගේ සමට ගැළපෙන ආලේපන භාවිත කළ යුතු බවයි.

දිනපතාම කරන සත්කාර සමට ලබාදීමෙන් තරුණ පෙනුම ලස්සන පෙනුම රැකගන්නට පුළුවන්. නමුත් මෙම සත්කාර දිනක් දෙකක් පමණ කර ඉන්පසු එය නොසලකා හැරීමෙන් ඔබට මෙයින් බලාපොරොත්තු වන ප්‍රතිඵල ලැබිය නො හැකියි.

සත්කාර පිළිබඳ මෙන්ම ගනු ලබන ආහාරපාන ගැනද සැලකිලිමත් වෙන්න. තෙල්, පිටි, සීනි අධික ආහාර නොගෙන අලුත් එළවළු, පලතුරු ආහාරයට එක් කරගන්න. අධික තුනපහ මිරිස් කෑමට එක්කර ගැන්මෙන් වැළකෙන්න. හොඳින් වතුර පානය කරන්න. නිරෝගී පැහැපත් සමක් ගැන හිතනවා නම් මේ දේවල් ද වැදගත් බව අමතක කරන්න එපා.

Address

No-210, Polgahaanga
Elpitiya

Opening Hours

Monday 08:00 - 10:00
Tuesday 08:00 - 10:00
Wednesday 08:00 - 10:00
Thursday 08:00 - 10:00
Friday 08:00 - 10:00
Saturday 08:00 - 10:00
Sunday 08:00 - 10:00

Telephone

076-73 51 450

Website

Alerts

Be the first to know and let us send you an email when The Spa-Pure Nature posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to The Spa-Pure Nature:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category