05/12/2025
*මේ වෙලාවේ මේ සති අන්තයේ මෙම ස්ථානය ට සමබ්න්ද වෙලා ශ්‍ර්මයෙන් දායක වෙන්න හැකි අය සම්බන්ධ වෙන්න...
මේ කාරුනික ඉල්ලීම ඉතුරු ට්කත් අස් කරලා ඉවරකරන්න යාලුවො කිහිප දෙනෙක් එක්ක මෙ සති අන්තයේ (6 සහ 7) උදව් කරන්න යන්න කියල*.
ඇතිවු ආපදා තත්වය හමුවේ හංවැල්ල කළු අග්ගල ගිලන් භික්ශු මධ්‍යස්තානය (ස්වාමින්වහන්සේලා 48 නමක්) ජලයෙන් මුළුමනින්ම යටවුනු අතර,අසල පිහිටි නිවසක ගරු ස්වාමින්වහන්සේලා තාවකාලිකව වැඩ සිටිනවා.
අපිරිසිදු වු ගොඩනැගිල්ල ඉතා ඉක්මනින් පිරිසිදු කොට ස්වාමින්වහන්සේලා නැවත වැඩම කලයුතු නිසාවෙන් අපි කල්‍යන මිත්‍රයන් පිරිසක් විසින් අද දින පිරිසිදු කිරීමෙ ශ්‍රම දානයක් සිදු කෙරුනා.
අපගේ වීරෝධාර රණවිරු වන්ට පිං සිද්ද වෙන්න ඉතාමත් අසීරු කොටස වූ අවාස ගෙය පිරිසිදු කලා. විහාර ගෙය සහ බෝ මළුව පිහිටි ශාලාවත් අප විසින් පිරිසිදු කොට මඩ තැවරුනු විශාල භන්ඩ pressure gun යොදලත්, පාත්‍ර, කෝප්ප , පිගන් ආදිය එකිනෙක අතිනුත් සේදුවා. පිරිසක් සිවුරු, තුවා, ඇද රෙදි හෝදල වැනුවා. සාමූහික ප්‍රයන්ත්නයක ප්‍රතිපලයක් විදිහට අපිට ලොකු කොටසක් අස්කරලා පිරිසිදු කරල ඉවර කරගන්න පුලුවන් උනා. එලියෙ
පිරිසිදු කරන්න තව කොටසක් තියනවා. අවශ්‍ය බඩු ඔක්ක්කොම තියනවා. අත්වැසුම් (gloves) , බූට්ස් අරන් යන්න. ගරු ස්වාමින්වහන්ස ව මේ නොමබරයෙන් සම්බන්ධ කරගන්න පුලුවන් .
පූජ්‍ය අමිලසිරි හිමි
+94 71 626 9713
ලිපිනය
අමිල සිරි ගිලන් භික්ෂු මද්‍යස්ථානය , ගිරා ඉඹුල , කළු අග්ගල , හංවැල්ල .
Map link
https://maps.app.goo.gl/7YgwJNXC4cQeZWpA9
බොහොම පිං 🙏
Find local businesses, view maps and get driving directions in Google Maps.