කිත්ධර හෙළ පාරම්පරික කැඩුම් බිඳුම් - Kithdhara Hela Paramparika

  • Home
  • කිත්ධර හෙළ පාරම්පරික කැඩුම් බිඳුම් - Kithdhara Hela Paramparika

කිත්ධර හෙළ පාරම්පරික කැඩුම් බිඳුම්   - Kithdhara Hela Paramparika හෙළ පරම්පරාවෙන් පැවත එන හෙළ වෙදකම සහ ඔ

15/12/2025

Celebrating my 6th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

20/10/2024
20/10/2024

සයිටිකා රෝගය ලෙස හැඳින්වෙන රෝගී අවස්ථාව සරලව කෙටියෙන් හැඳින්වුවොත් කොඳු ඇට පෙලේ ස්නායු අතර හටගන්නා දෝෂ තත්ත්වයක් බව හඳුනා ගත හැකිය. එය ස්නායු තෙරපීම, අවහිරවීම, ඇදීම පීඩනයට ලක්වීම ආදී කාරණා මතයි පීඩාවට පත්වන්නෙ.
අප ඉඳගැනීමේ ඉරියව්ව හෝ වැඩක් පලක් කරන ආකාරවලින් සයිටිකා වේදනා වැඩි වෙන්න තියෙන ඉඩකඩ අසිමිතයි. කොඳු ඇට පුරුක් දෙකක් අතර තියෙන තැටියට හිරවෙලා ප්‍රදාහයට පත්වෙන සයිටිකා ස්නායුව නිසයි මේ තත්ත්වයට පත් වන්නෙ. හිඳ ගන්නා විට මෙම තැටියට ඇතිවන පීඩනය වැඩි වෙනව එවිට වේදනාව වැඩි වෙන්න පුළුවන් . බරක් ඔසවන අවස්ථාවකදිත් මේ වේදනාව අපහසුව ඇතිවන්නකි.

සයටිකා වේදනාව කොඳු ඇට පෙළ මැදින් පටන්ගෙන පාදයේ ස්නායුව දිගේ ක්‍රමයෙන් ගලාගෙන යන බව රෝගියාට දැනෙන්න පටන් ගනී.
*මාංශ පේශීන්වල වේදනාව
*කෙන්ඩා පෙරලීම
*හිරි වැටීම
*පටක ඉරීම වැනි අවස්ථා ඇති වේ.මේ අවස්ථාවන්ට පත් වූ විට රෝගියා ඉතා අපහසුවෙන් ඇවිදින තත්ත්වයක් පෙන්නුම් කෙරේ.එනම් බලා සිටින්නෙකුට පෙනෙන්නේ එක පාදයක් කොට වූ බවකින් ඇවිදින අවස්ථාවක්. ඇත්තටම මෙම රෝගී අවස්ථාව ඉතාම පීඩාකාරී තත්ත්වයක්.
දැන් ඔබගේ රෝගී තත්ත්වය කුමන තත්ත්වයකද කියා හඳුනාගන්න පුළුවන්ද කියලා ඔබ ම මේ ලක්ෂණ අනුව හිතලා බලන්න .
◾ හිඳ සිට නැගිටින විට එකවර පාදය දිගේ විදුලියක් වැනි වේදනාවක් දැනීම.
◾ඉණෙන් පහළ කොටස් අධික වේදනාවක් දැනීම
◾පා වලංගු නැති ස්වභාවයක් දැනීම .
◾හිරි ගතියක් දැනීම
◾පාදයේ පහළ කොටස අධික වේදනාවක් දැවිල්ලක් හට ගැනීම
◾ඉඟටියේ වේදනාවක් තිබීම
දේශීය වෛද්‍ය ප්‍රතිකාර මගින් නිට්ටාවට සුව කරගත හැකි මෙම රෝගී තත්ත්වය උඩු දුවන තෙක් නොඉඳ ඉතා ඉක්මනින් ප්‍රතිකාර සඳහා යොමුවීම ඔබ ඔබ වෙනුවෙන් ගන්නා සබුද්ධික තීරණයකී.

කිත්ධර පාරම්පරික වෛද්‍ය මධ්‍යස්ථානය
ගණේමුල්ල
071 24 24 400

10/02/2021

තරහවේ ආදීනව සුළුපටු නැත
ඔබත් දැවී යන්නෙකු නොවී
නිවී යන්නෙකු වන්න...

උදුවප් පෝ වන්දනාව..........................ඓතිහාසික වාරණ රජමහා විහාරය වැඳ පුදා ගමු... බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්ක...
29/12/2020

උදුවප් පෝ වන්දනාව..........................
ඓතිහාසික වාරණ රජමහා විහාරය වැඳ පුදා ගමු...
බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කය තුළ අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මංගලතිරිය ග්‍රාමයෙහි පිහිටා ඇති වාරණ රජමහා විහාරයට පැම්ණිය හැකි මාර්ග කිහිපයකි.
◾කොළඹ-නුවර ප‍්‍රධාන මාර්ගයේ යක්කල නගරය පසුකර සැතපුම් කාලක් පමණ ඉදිරියට යනවිට හමුවන ගම්පහ-ගොරකදෙනිය බස් මාර්ගයේ ඉදිරියට ගියවිට මෙම විහාරස්ථානයට පැමිණිය හැකිය.
◾කොළඹ-නුවර ප‍්‍රධාන මාර්ගයේ හමුවන තිහාරිය මසංසන්ධියෙන් වෙන්වන නිට්ටඹුව-ඕගොඩපොල බස් මාර්ගයේ ගියවිටද මෙම විහාරස්ථානයට ලඟාවිය හැකිය.............................
ඉතිහාසය දෙස බලමු

පුරාවිද්‍යාත්මක සාධක අනූව වාරණ රජමහා විහාරයේ ඉතිහාසය ක්‍රි. පූ. 3 - 2 පමණ සියවස් කරා ඇදී යයි. පූජා භූමියේ වූ දිග්ගලෙහි කි.පූ. 3 වැනි සියවසේ මුල් අවදියට අ යත් බ්‍රාහ්මී අක්ෂර සහිත ශිලා ලිපියෙන් මේ බව තහවුරු කර ඇතැයි සඳහන් වෙයි. එම ශිලා ලේඛනයට අනූව දේවානම්පිය තිස්ස රජ සමයේ, එනම් ශ්‍රී බු. ව. 240 දී පමණ මෙම විහාරය තිස්සදත්ත නම් තෙරුණ්වහන්සේ නමකට පූජා කල බව පැවසෙයි.
ක්‍රි. පූ. 103 දී පමණ වළගම්බා රජ (වට්ට ගාමිණී අභය රජ) සමයේ එල්ලවූ ද්‍රවිඩ ආක්‍රමණයෙන් පසු වළගම්බා රජු වසර 14 ක් සැඟවී සේනා සංවිධානය කල අතරේ, එකල මායා රටෙහි පිහිටි මෙම පුදබිමෙහිද සැඟවී සිටි බව ඉතිහාසයේ සඳහන් වෙයි.
පසුව ක්‍රි. පූ. 89දී වළගම්බා රජු නැවතත් ලංකා රාජ්‍යයෙහි රාජ්‍යත්වයට පත්වූ පසු, සේනා සංවිධානය කළ සමයේ තමාට සැඟවී සිටීමට රැකවරණය දුන් මායා රටෙහි සහ රුහුණෙහි සියළුම ගල්ලෙන් විහාරාරාම බවට පත් කළ බැව් පැවසේ. රජු විසින් කරවූ මායාරටෙහි විහාරාරාම අතර මෙම ඓතිහාසික වාරණ රජමහා විහාරයද ප්‍රකට වෙයි.

එහි පිහිටීම......................
වාරණ රජමහා විහාරය ප්‍රධාන මළු තුනකින් සමන්විත වෙයි.
ඒවා නම්,
⏺️පහත මළුව
⏺️මැද මළුව
⏺උඩ මළුව

💠විහාරස්ථානයට අයත් ස්වභාවික වන පෙත (ඔසු උයන) වෘක්ෂ අභයභූමියකි.
ඉතා ස්වාභාවික නිස්කලංක පිහිටීමක පිහිටි ඓතිහාසික වාරණ රජ මහා විහාරය දැක බලා වැඳ පුදා ගත යුතුම ස්ථානයකි.
🔸කිත්ධර වෙදමහතා ධර්ම දානය පිණිස බෙදා හරින්නකි.
තෙරුවන් සරණයි 🙏

Address


Opening Hours

Monday 10:00 - 20:00
Tuesday 10:00 - 20:00
Wednesday 10:00 - 20:00
Thursday 10:00 - 20:00
Friday 10:00 - 20:00
Saturday 10:00 - 20:00
Sunday 09:00 - 14:00

Telephone

+94712424400

Website

Alerts

Be the first to know and let us send you an email when කිත්ධර හෙළ පාරම්පරික කැඩුම් බිඳුම් - Kithdhara Hela Paramparika posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your practice to be the top-listed Clinic?

Share