Health Tea Slim Figure - Since 2017

Health Tea Slim Figure - Since 2017 ✅ SOLD OVER 600,000 PACKS ⭐4.8
උදරය, තරබාරුකම අඩුවී, දියවැඩියාව, කොලෙස්ටරෝල් පාලනය වී, තරුණ ජවය, ශක්තිය නංවයි. www.healthtea.lk

Heath Tea helps detoxify and purify our internal system, facilitate healthy digestion, natural weight loss and a boost the metabolism

ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා   ! ✨🙏Happy Sinhala & Tamil New Year !...
14/04/2026

ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා ! ✨🙏

Happy Sinhala & Tamil New Year !🎊

May your heart be filled with peace, love, and hope ✝️💛  Good Friday ✝️💛
03/04/2026

May your heart be filled with peace, love, and hope ✝️💛

Good Friday ✝️💛

පින්බර බක් පොහොය දිනයක් වෙවා ! 🪔🪔Bak Full Moon Poya Day ! 🪔🪔
01/04/2026

පින්බර බක් පොහොය දිනයක් වෙවා ! 🪔🪔
Bak Full Moon Poya Day ! 🪔🪔

78 වන ජාතික නිදහස් දිනය අභිමානයෙන් සමරමු   📝✨
04/02/2026

78 වන ජාතික නිදහස් දිනය අභිමානයෙන් සමරමු 📝✨

පින්බර නවම් පුර පසළොස්වක පොහොය දිනයක් වේවා  🪔🪔May it be a blessed Navam Full Moon Poya Day 🪔🪔
01/02/2026

පින්බර නවම් පුර පසළොස්වක පොහොය දිනයක් වේවා 🪔🪔
May it be a blessed Navam Full Moon Poya Day 🪔🪔

Happy Thai Pongal Day 🪔🪔✨
15/01/2026

Happy Thai Pongal Day 🪔🪔✨

🔴ඔබේ ආහාර වලට ගොරකා එකතු කර ගත යුත්තේ ඇයි?ගොරකා සහ සියඹලා කියන්නේ අපි අපේ ආහාර වලට නිතරම එකතු කරන දේවල් දෙකක්.ආහාර රස ගන...
09/01/2026

🔴ඔබේ ආහාර වලට ගොරකා එකතු කර ගත යුත්තේ ඇයි?

ගොරකා සහ සියඹලා කියන්නේ අපි අපේ ආහාර වලට නිතරම එකතු කරන දේවල් දෙකක්.ආහාර රස ගන්වන මේ අමුද්‍රව්‍ය දෙකේ අපි හිතනවට වඩා ගුණ අඩංගු වෙලා තියනවා.

🔸ගොරකා

ඇඹුල් රසයෙන් පරිපූර්ණ ගොරකා අතීතයේ ඉඳලම මුළුතැන්ගෙයට නැතුවම බැරි කුළුබඩු වර්ගයක්. ආහාර පිසීමේදී රස කාරකයක් විදියට වගේම ආහාර කල්තබා ගැනීම සඳහාත් ගොරකා ගෘහණියන් විසින් ගොරකා භාවිතා කරනවා. රත් ගොරකා, මල ගොරකා, එළ ගොරකා, රට ගොරකා යනාදී වශයෙන් ප්‍රභේද 4 කින් ගොරකා තිබුනත් ප්‍රධාන වශයෙන් එළ ගොරකා සහ රත් ගොරකා පමණක් ආහාර පිළියෙල කර ගැනිම සඳහා භාවිතා කරනවා. මල ගොරකා ආහාර සඳහා යොදා නොගන්න අතරම රට ගොරකා පලතුරක් ලෙස භාවිතා කරනවා

🔹ගොරකා වලින් ලැබෙන සෞඛ්‍යමය සහ අනෙකුත් වාසි........

හෘද රෝග සඳහා යෝග්‍ය වේ.
කොලෙස්ටරෝල් මට්ටම පාලනය සඳහා උපකාරී වේ.
අර්ශස් සඳහා ගුණදායක වේ.
පණු රෝග සඳහා භාවිතා කල හැක.
ශරීරයේ බර වැඩිවීම පාලනය කිරීම සඳහා යොදාගත හැකි වේ.
මස් මාලු පිලියෙළ කිරීමේදි ඇඹුල් ගතිය ලබා ගැනීම සඳහා භාවිතා කරයි.
ජාඩි පිලියෙල කිරීම සඳහා භාවිතා කරයි.
මීට අමතර විවිධ අත් බෙහෙත් සඳහාද පැරැන්නන් විසින් ගොරකා භාවිතා කලා
ගොරකා පළු තැම්බු වතුරට ලුණු ස්වල්පයක් දමා කකුල් සේදීමෙන් ඇගිලි කරු ගැසීම් සඳහා සුදුසු වේ.
වියළි ගොරකා බික්, ලූනු ස්වල්පයක් සමඟ තලා තැල්ම ඇති ස්ථානයේ තබා බැඳීමෙන් තැල්ම සුව කර ගැනීමට හැකි වේ.
දරුණු තැල්ම සඳහා වියළි ගොරකා පළු, අමුකහ, ලුණු දියරයෙන් අඹරා ආලේප කිරීම කල හැක.

👥මේ වටිනා ඔවදනට like එකක් දාල share කරල 👍අනිත් අය එක්ක බෙදාගන්න......

HAPPY NEW YEAR 🗓❤️🎉සුභ නව වසරක් වේවා 🗓❤️🎉
01/01/2026

HAPPY NEW YEAR 🗓❤️🎉

සුභ නව වසරක් වේවා 🗓❤️🎉

ඔසප් වේදනා නොවැරදිම නවතන සරල ව්‍යායාම්....බොහොමයක් කාන්තාවන්ට ඔසප් දින කිහිපය කියන්නෙ කායිකව වගේම මානසිකවත් අපහසුතා ඇතිව...
29/12/2025

ඔසප් වේදනා නොවැරදිම නවතන සරල ව්‍යායාම්....

බොහොමයක් කාන්තාවන්ට ඔසප් දින කිහිපය කියන්නෙ කායිකව වගේම මානසිකවත් අපහසුතා ඇතිවෙන කාල සීමාවක්. ඒ නිසා එදිනෙදා වැඩකටයුතු කරගන්න අපහසු වෙන සහ බාධාවෙන අවස්ථාත් තිබෙනවා. ඔසප් දිනවලදී ඔබට ඇතිවෙන මේ ශාරිරික අපහසුතා මඟ හැරගන්න නිවසේ සිටම පහසුවෙන් කරන්න පුළුවන් ඉතාම සරල ව්‍යායාම කීපයක් බලමු.

🔵Cobra Pose🔵

🔶මුලින්ම බඩ යටට සිටින සේ සුමට බිමක එහෙමත් නැත්නම් ව්‍යායාම කරන්න භාවිත කරන පැදුරක් (yoga mat) මත මුනින් අතට දිගා වෙන්න.
🔶ඊලඟට ඔබේ කකුල් එක ලඟට ගෙන එන්න. (මේ වෙලාවෙ ඔබේ යටි පතුල් උඩ අතට තිබිය යුතුයි.)
🔶ඔබේ අත් උරහිසට පහළින් තබා ගන්න.
🔶දැන් ඔබේ අත් බිම තබා අත් මඟින් උරහිස් සහ ඔළුව ඔසවන්න.
🔶ගැඹුරින් හුස්ම ගන්න, හුස්ම පිටකරන්න.
🔶දැන් මේ ඉරියව්වෙන් ඔබට පහසුවක් දැනෙන තුරු තත්පර 30 ත් තත්පර 60 ක් පමණ කාලයක් සිටින්න.
🔶මීලඟට සෙමින් මුල් ඉරියව්වට පැමිණෙන්න.
🔶මුල් ඉරියව්වේ සිටිමින් සාමාන්‍ය ලෙස දෙවරක් තුන්වරක් හුස්ම ගන්න, හුස්ම පිටකරන්න.
🔶ඔබට පහසු වාර ගණනක් මේ පියවර නැවත නැවත සිදු කරන්න.

🔵Cat / Cow Pose🔵

🔶මුනින් අතට දිගාවී ඔබේ දණහිස් සහ අත් භාවිතා කරමින් ශරීරය ඉහළට ඔසවන්න.(දණහිසෙන් පහළ කොටස බිම දිගාවෙන සේ සහ ඔබේ අත් හරියටම උරහිසට පහළින් සහ කකුල් වල දණහිසෙන් ඉහළ කොටස ඉණ දෙපසින් පහළට සෘජුව පැවතිය යුතුයි.)
🔶දැන් ගැඹුරු හුස්මක් ගන්න, පිටකරන්න.
🔶මේ අතරෙම ඔබේ හිස ඉහළට ගෙන යමින් උඩ බලන්න. ඔබේ බඩ බිම දෙසට පාත් වීම සිදුවෙනවා ඔබට දැනේවි.
🔶මේ ඉරියව්වේම සිටිමින් සාමාන්‍ය හුස්ම වාර දෙකක් හෝ තුනක් ගන්න.
ඊලඟට, ඔබේ හිස සෙමින් පහළට ගෙන එමින් හිස පහත් කර බිම බලන්න. ඒ අතරතුර ඔබේ බඩ ඉහළට තල්ලු කරන්න.
🔶දැන් ගැඹුරු හුස්මක් ගන්න, පිටකරන්න.
🔶මේ ඉරියව්වේම සිටිමින් සාමාන්‍ය හුස්ම වාර දෙකක් හෝ තුනක් ගන්න.
🔶මේ විදිහට ඔබට පහසු වාර ගණනක් මේ ව්‍යායාමය නැවත නැවත සිදුකරන්න පුළුවන්.

🔵Fish Pose🔵

🔶කොට්ටයක් බිම තබාගන්න.
🔶ඉන්පසු ඔබේ පිට සහ හිස කොට්ටය මත තබාගන්න.
🔶කකුල් සෘජුව ඉදිරියට දිගු කරන්න.
🔶දැන් ඔබේ අල්ල උඩට සිටින සේ ඔබේ දෑත් නිදහසේ ශරීරයෙන් දෙපසට විහිදුවා ගන්න.
🔶ගැඹුරින් හුස්ම ගන්න, පිටකරන්න.
🔶ඔබට පහසුවක් දැනෙන තුරු මේ ඉරියව්වෙන් වැතිර සිටින්න.
🔶කකුල් වලට අපහසුවක් දැනෙනවා නම් යටිපතුල් පොළවේ ගෑවෙන සේ දණහිසෙන් කකුල් නමාගෙන වැතිර ඉන්නත් ඔබට පුළුවන්.


👥මේ වටිනා ඔවදනට like එකක් දාල share කරල 👍අනිත් අය එක්ක බෙදාගන්න.......

Merry Christmas 🎄🎅✨ !ආදරය , සිනහව සතුට පිරි සුබ නත්තලක්  වේවා  ❤️🎄🎅✨ !
25/12/2025

Merry Christmas 🎄🎅✨ !

ආදරය , සිනහව සතුට පිරි සුබ නත්තලක් වේවා ❤️🎄🎅✨ !

🟧 හීන් නාරං විශේෂයෙන්ම සෙම් රෝග, වාත රෝග සඳහා ඉතාමත්ම ගුණ දායක ආහාරයක්. කුඩා දරුවන් සෙම් රෝග වලින් වලක්වා ගැනීම සඳහා පෙර...
19/12/2025

🟧 හීන් නාරං විශේෂයෙන්ම සෙම් රෝග, වාත රෝග සඳහා ඉතාමත්ම ගුණ දායක ආහාරයක්. කුඩා දරුවන් සෙම් රෝග වලින් වලක්වා ගැනීම සඳහා පෙර කාලයේ වැඩිහිටියන් නිතරම භාවිතා කළ පළතුරක් සේම ඔසුවක් ලෙසද මෙය හඳුන්වන්න පුළුවන්. පෝෂණයෙන් ඉහළයි.

කැලරි, මේදය, ලුණු, කාබෝහයිඩ්රේට්, තන්තු, සීනි, ප්‍රෝටීන්, ෆෝලේට්, යකඩ, පොටෑසියම්, විටමින් B6, විටමින් C,විටමින් K, සහ බොහෝ ප්‍රති ඔක්සිකාරක රැසක් අඩංගු වේ.

🔅ගුණයෙන් ඉහළයි.

🔅තුවාල සුව කරයි .

🔅සෙම්ප්‍රතිශ්‍යාව වැනි ආසාදන වළකයි.

🔅විවිධ සන්ධි ආසාදන වළක්වයි.

🔅ස්නායු පද්ධතියට ඉතාමත්ම හිතකරයි.

🔅ආහාර මාර්ගයේ චලන ක්‍රමවත් කරයි.

🔅මල බද්ධය දුරලයි.

🔅ප්‍රබල පිළිකා නාශක රැසක් අන්තර්ගත වේ.

🔅කොලෙස්ටරෝල් අඩු කරයි.

🔅රුධිර පීඩනය අඩු කරයි.

🔅ප්‍රතිශක්තිකරණ පද්ධතිය දියුණු කරයි.

🔅සමේ රැළි වැටීම වළක්වයි.

🔅පැහැපත් බව ඇති කරයි.

👥මේ වටිනා ඔවදනට like එකක් දාල share කරල 👍අනිත් අය එක්ක බෙදාගන්න.....

අඹ පුඩිම  🥭පුඩින් කන්න කැමති අයට මේ අඹ පුඩින් එක රසවත් සංග්‍රහයක් වේවි. ලේසියෙන් හදා ගනන් පුලුවන් වගේම පොඩි කලමනා ටිකක් ...
17/12/2025

අඹ පුඩිම 🥭

පුඩින් කන්න කැමති අයට මේ අඹ පුඩින් එක රසවත් සංග්‍රහයක් වේවි. ලේසියෙන් හදා ගනන් පුලුවන් වගේම පොඩි කලමනා ටිකක් තමයි උවමනා වෙන්නේ.

අවශ්‍ය ද්‍රව්‍ය :

උණු වතුර කෝප්ප 1/2
ජෙලටින් මේස හැඳි 1
සීනි කෝප්ප 1/2
ලුණු පින්චක්
පොල් කිරි කෝප්ප 1
හොඳින් ඉදුනු අඹ ගෙඩි 2-3ක්

සාදන ආකාරය :

01. අඹ ටික පොතු හැර කෑලි කපා බ්ලෙන්ඩර් එකට දමා ගන්න. වතුර පොඩ්ඩක්, බ්ලෙන්ඩ් කරගන්න අවශ්‍ය පමණට පමනක් දමා අඹ ටික හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. මේ අඹ පියුරී එකෙන් කෝප්ප 1ක් ගෙන පසෙකින් තබන්න.

02. උණු වතුර දැමීමට හැකි සාමාන්‍ය තරමේ බෝල් එකක් ගෙන එයට ජෙලටින් සහ උතුරන උණු වතුර දමා කැට නොසිටින සේ ජෙලටින් ටික දියකරගන්න.

03. දැන් එයට සීනි සහ ලුණු දමා හොඳින් සීනි ටික දිය කරගන්න.

04. දැන් එයට පොල් කිරි ටික සහ සාදාගත් අබ පියුරී කෝප්ප 1 ත් එකතු කර සියල්ල හොඳින් එකතු වන සේ හොඳින් මිශ්‍ර කරන්න.

05. ඔබ කැමති බෝල් එකකට හෝ, පොඩි බෝල් කීපයකට හෝ, වීදුරු කෝප්ප වලට හෝ දමා පැය 2ක් පමණ සෙට් වෙන්න ශීතකරණයේ තබා රසවිඳින්න.

👥මේ වටිනා ඔවදනට like එකක් දාල share කරල 👍අනිත් අය එක්ක බෙදාගන්න.......

Address

299 Salinda Disanayeka Mawatha Thalawathogoda
Mirihana
10116

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 08:00 - 20:00
Sunday 09:00 - 18:00

Telephone

+94777222791

Alerts

Be the first to know and let us send you an email when Health Tea Slim Figure - Since 2017 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Health Tea Slim Figure - Since 2017:

Share

හැමදාම නිරෝගීව ලස්සනට ඉන්න - දවසට තුන් වතාවක් Health Tea බොන්න

පරම්පරාවෙන් පැවත එන ඉපැරණි පුස්කොළ පොත්වල තිබුනු රහසිගත වට්ටෝරුවකට අනුව නිමවා ඇති මෙම දිව්‍යමය පානය; ලේ වල ඇති විෂ පිරිසිඳු කර, ශරීරයේ සීනි මට්ටම පාලනය කර, අනවශ්‍ය මේදය ඉවත් කර, අභ්‍යන්තර ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරීත්වය ක්‍රමවත් කිරීම නිසා සිහින් නීරෝගී සිරුරක් ඇති කරයි. දෙවන සතියේ සිටම ප්‍රතිඵල අත්දැකීමට හැකිවේ.

මාස 4ක් භාවිතාකිරීමේදී සම පැහැපත් වීම, ඇස්‍ යට අවපැහැය දුරුවීම, හිසකෙස් වැඩීම සිදුවේ. (ඕනෑම අයෙකුට එදිනෙදා භාවිතයට සුදුසු බවට වෛද්‍ය අනුමැතියකුත් සහිතයි)

රු.2,500/= පමනයි, කිසිම අමතර ගාස්තුවකින් තොරව නිවසටම ගෙනැවිත් දෙනු ලැබේ. පැකැට්ටුව අතට ලබාගත්පසු මුදල් ගෙවන්න.