VHealth

VHealth Health is the golden key of our life If you join us, you will gain wealth of knowledge in the health field.

VHealth is the best place to know about health, You will know latest news about health and lot of laboratory tests not only health but also you will know about health products.

04/15/2023

Mysterious Pneumonia Cases In Argentina: 3 Dead, Healthcare Workers Infected.A cluster of pneumonia cases has been repor...
09/03/2022

Mysterious Pneumonia Cases In Argentina: 3 Dead, Healthcare Workers Infected.

A cluster of pneumonia cases has been reported in the city of San Miguel de Tucumán, Argentina's fifth-largest city.

Three people have died, and several others have become sick after developing pneumonia with no apparent cause.
The cases were first reported at a private clinic in San Miguel de Tucumán. Argentina health officials have expressed concerns after tests for 30 infections, including COVID, flu, and influenza types A and B, came back negative.

According to the Pan American Health Organization (PAHO), which works as the regional office for the World Health Organization in the Americas, symptoms have included fever, muscle aches, abdominal pain, and shortness of breath.
Six patients were identified on Aug. 30 with the symptoms, all of whom had contact with one another at the clinic. That group consisted of five healthcare workers and one patient hospitalized at the clinic's intensive care unit. On Thursday, another three health workers were found to have the illness.

කොවිඩ් 19 නියුමෝනියාව හින්දා ඔයාගේ පෙනහළු වලට වන හානිය හින්දා කොවිඩ් ආසාදිත බවින් ඔයා මිඳුනත් ටික කලකට පස්සේ ඔයාගේ පෙනහළ...
08/26/2021

කොවිඩ් 19 නියුමෝනියාව හින්දා ඔයාගේ පෙනහළු වලට වන හානිය හින්දා කොවිඩ් ආසාදිත බවින් ඔයා මිඳුනත් ටික කලකට පස්සේ ඔයාගේ පෙනහළු වල සාමාන්‍ය ව්‍යුහය වෙනස්වෙලා bronchiectasis සහ fibrosis කියන පෙනහළු වල දරුණු සංකූලතාවය සමහර අයට එන්න පුළුවන්. වයසක අය අතර මේක දකින්න ලැබෙනවා වැඩියි.

ඒ හින්දා පුළුවන් තරම් පරිස්සම් වෙන්න. මොකද මේ රෝග තත්ව හින්දා ඔයාට හුස්ම ගැනීමේ තදබල අපහසුතා එන්න පුළුවන්. මේවට සාර්ථක ප්‍රතිකාර හරිම අඩුයි.

තව ටිකක් වැඩිපුර පරිස්සම් වෙමු. කොරෝනා පරදන්න උදව් වෙමු.

පලවෙනි ෆෝටෝ එක නිරෝගී පෙනහළු. අනිත්වා කොවිඩ් නියුමෝනියාව සහ ඉහත කිව්ව සංකූලතා දැක්වෙන CT පරික්ෂණ පිංතූර... භයානක කම දැන ගන්න...

Source : Health Srilanka.

05/07/2021

Vaccine are a critical tool to fight COVID-19 Virus. Currently, three vaccines are authorized and recommended. Four Main types of vaccines…

ලාදුරුබිය නොවන්න.. දැනුවත් වී ආරක්ෂා වන්න..කාලයක් යටපත්ව පැවතුන වර්තමානයේ නැවත හිස ඔසවන ලාදුරු රෝගය පිලිබදව කතා බහ කිරීම...
02/17/2021

ලාදුරු

බිය නොවන්න.. දැනුවත් වී ආරක්ෂා වන්න..

කාලයක් යටපත්ව පැවතුන වර්තමානයේ නැවත හිස ඔසවන ලාදුරු රෝගය පිලිබදව කතා බහ කිරීමට දැන් කාලය පැමිණ ඇත. මුලින්ම ලාදුරු කියන්නෙ මොකක්ද කියලා අවබෝධයක් ලබා ගනිමු.

👉🏼👉🏼👉🏼මොකක්ද මේ ලාදුරු රෝගය👈🏼👈🏼👈🏼

ලාදුරු යනු "Mycobacterium leprae" හෝ "Mycobacterium lepromatosis" නමැති බැක්ටීරියාව මගින් බෝවන, නිදන්ගත රෝගයක් වන අතර එය සම, ශ්වසන මාර්ගය, සහ පර්යන්ත ස්නායු පද්ධතියට බලපෑම් ඇති කරයි. මෙම ස්නායු හානිය නිසා වේදනාව දැනීමේ හැකියාව නැති වී යාම සිදුවේ එහි ප්‍රතිඵලයක් ලෙස නොදැනුවත්වම තුවාල ඇති වීම සිදුවේ. එලෙස නොදැනුවත්වම ඇති වූ තුවාල ආසාදනය වීම හේතුවෙන් හෝ නැවත නැවත තුවාල වීම මගින් පුද්ගලයෙකුගේ ශරීරයේ අන්ත කොටස් නැති වීමට හේතු විය හැක(අත් හා පාද අග්‍ර). ආසාදිත පුද්ගලයන්ගේ පේශි දුර්වලතාවය සහ ඇස් පෙනීම දුර්වලතාවය ඇතිවිය හැකිය.
රෝගයේ ප්‍රධාන වර්ග දෙකක් තිබේ එනම් පෝසිබැසිලරි සහ මල්ටිබැසිලරි (Paucibacillary & Multibacillary) මෙය පවතින බැක්ටීරියා සංඛ්‍යාව මගින් වෙනස් වීම සිදුවේ. Paucibacillary රෝගයෙන් පෙළෙන පුද්ගලයෙකුගේ සමෙහි හැඟීම් නොදැනෙන දුර්වල වර්ණ සහිත ලප පහක් හෝ අඩු ප්‍රමාණයක් ඇත නමුත් Multibacillary රෝගයෙන් පෙළෙන පුද්ගලයෙකුගේ සමෙහි ලප පහට වඩා වැඩි ප්‍රමාණ්‍යක් පවතී. රෝග විනිශ්චය සනාථ කිරීම සඳහා සමේ බයොප්සි පරීක්ෂණයක් සිදු කරනු ලබයි.
මෙම රෝගය මිනිසෙකුගෙන් තවත් මිනිසෙකුට බෝවිය හැකි අතර ශ්වසන මාර්ගයෙන් නිකුත් වන ආසාධිත බිඳිති මගින් මෙම රෝගය ව්‍යාප්ත වීම සිදුවේ. ලාදුරු රෝගය ගර්භණී සමයේදී නූපන් දරුවාට හෝ ලිංගික සම්බන්ධතා හරහා පැතිරීමක් සිදු නොවේ. ප්‍රතිකාර ගන්නා රෝගියකුගෙන් මෙම රෝගය අන් අයට බෝ නොවේ.
ප්‍රථමයෙන් ලාදුරු සඳහා සාර්ථක ප්‍රතිකාරයක් සොයාගනු ලැබුවේ, 1940 වර්ෂයේය.
වර්තමානයේ ලාදුරු රෝගය සුව කිරීම සඳහා බහු ඖෂධ ප්‍රතිකාර (Multi Drug Treatment-MDT) ලබා දෙන අතර ලාදුරු වර්ගය අනුව මාස 6ක් හෝ 12ක් වශයෙන් ප්‍රතිකාර ලබා දීම සිදුකරයි.
ලාදුරු ප්‍රතිකාරය මගින් සුව කළ හැකිය.

👉🏼👉🏼👉🏼ලාදුරු සහ ශ්‍රී ලංකාව👈🏼👈🏼👈🏼

ශ්‍රී ලංකාවේ පලමු වරට ලාදුරු රෝගීන් වාර්තා වී ඇත්තේ ලන්දේසි පාලන සමයේදීය. එහිදී ප්‍රථම ලාදුරු රෝහල ලන්දේසි පාලන සමය තුළ වත්තල, හැඳල ප්‍රදේශයේ ක්‍රි.ව. 1708 දී ස්ථාපනය කරන ලදි.
ලාදුරු මර්දන ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ ස්ථාපනය කරන ලද්දේ 1954 වසරේදී වූ අතර 1995දී ලාදුරු මර්දන ඉලක්කයට ළඟා වීමට ශ්‍රී ලංකාවට හැකි විය.එම නිසා 2001දී ලාදුරු සේවාවන් සාමාන්‍ය සෞඛ්‍ය සේවයට අන්තර්ග්‍රහණය කරන ලදී.
පසුගිය වසර කිහිපය තුළදී දිවයින පුරා වාර්තා වූ රෝගීන් අතර 10%ක් පමණ වයස අවුරුදු 15ට අඩු ළමුන් වීම පිළිබඳව ලාදුරු මර්දන ව්‍යාපාරයේ දැඩි අවධානයට ලක් වී තිබේ. ඔවුන් නිකුත් කර ඇති නිවේදනයට අනුව 2019 වසර තුළ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ ලාදුරු රෝගීන් සංඛ්‍යාව 1683කි.මින් වැඩි ම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ, බස්නාහිර පළාතෙනි. එය ප්‍රතිශතයක් වශයෙන් ගත් කල අලුතින් වාර්තා වූ මුළු රෝගීන් සංඛ්‍යාවෙන් 41%ක් වන අතර එම රෝගීන් සංඛ්‍යාව 691කි.
කෙසේ වෙතත්, තවමත් නව ලාදුරු රෝගීන් 2000 ක් පමණ වාර්ෂිකව වාර්තා වේ.

👉🏼👉🏼👉🏼ලාදුරු රෝග ලක්ෂණ👈🏼👈🏼👈🏼

⭐ලාදුරු රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණය වන්නේ හැඟීම් නොදැනෙන ලප කැළැල් ඇති වීමයි.

⭐ලප ආශ්‍රිත ඝන, තද වියලි සමක් පැවතීම.

⭐පාදවල වේදනා රහිත වණ ඇතිවීම.

⭐වේදනා රහිත ඉදිමීම හෝ මුහුණේ හෝ කන්පෙති මත ගැටිති ඇතිවීම.

⭐ඇහි බැම හෝ ඇහිපිහාටු නැතිවී යාම.

👉🏼👉🏼👉🏼ලාදුරු නිසා ඇතිවන සංකූලතා👈🏼👈🏼👈🏼

⭐සමේ රෝගී තත්වය නිසා ඇතිවන විරූපී බව.
ස්නායු සංවේදනය බිඳවැටුණු ප්‍රදේශ වල, සංවේදීතාවයක් නොමැති කම නිසා නිතර නිතර තුවාල වීම් පිලිස්සීම් ආදියට ලක්වීමේ හැකියාව.

⭐ස්නායු දුර්වල වීම නිසා ඒ ආශ්‍රිත මාංශපේශී දුර්වල වීමත්, එම නිසා අත පය වල ඇඹරුණු හා කොරවුණු ස්වභාවයන් ඇතිවීම.

⭐ඇස්වල ග්ලූකෝමා තත්වය නිසා ඇස්පෙනීමේ දුර්වලතා ඇතිවීම.

⭐ලිංගික අප්‍රාණිකතවය.

ශාරීරික හා ස්නායු හානිය සුව කළ හැකි වුවද පෙර පැවති තත්ත්වයට ආපසු හැරවිය නොහැකි බැවින් රෝගය කල්තියා හඳුනා ගැනීම වැදගත් වේ. ලාදුරු රෝගයෙන් පෙළෙන පුද්ගලයින් සමඟ ජීවත්වන අයගේ අවදානම අඩු කිරීමට ඖෂධ මගින් හැකි වේ. ලාදුරු රෝගයෙන් පෙළෙන අයෙකු සමඟ සමීප සම්බන්ධතා ඇති පුද්ගලයින්ට රෝගය ඇතිවීම වැළැක්වීමේ ඖෂධ ලබා දෙන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇත.

"මේකට බය වෙන්න ඕන නැහැ. ප්‍රතිකාරවලින් නිට්ටාවට ම සුව වෙන නිසා ලාදුරු රෝගීන් කොන් කිරීමක් හෝ වෙන් කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. හැඟීම් දැනීම නොදැනෙන, හමේ පාටට වඩා අඩු පාටින් යුත් ලප තමයි බොහෝ විට ඇති වන්නේ. ඇස් දෙක වහගෙන පෑන් තුඩකින් අනිනකොට තමන්ට දැනෙන්නේ නැත්නම් ප්‍රතිකාර පතන්න" වරක් ලාදුරු වැලැක්වීමේ කාර්යයේ යෙදෙන වෛද්‍යවරයෙක් ප්‍රකාශ කර ඇත.

Written by Ramesh Nuwan Abeywickrama

👉👉පොදු පිළිකා වර්ග👈👈Bladder Cancer - මුත්රාශයේ පිළිකාBreast Cancer - පියයුරු පිළිකාColon and Re**al Cancer - මහා බඩවැලේ ...
12/18/2020

👉👉පොදු පිළිකා වර්ග👈👈

Bladder Cancer - මුත්රාශයේ පිළිකා
Breast Cancer - පියයුරු පිළිකා
Colon and Re**al Cancer - මහා බඩවැලේ හා ගුද පිළිකා
Endometrial Cancer - එන්ඩොමෙට්රියම් පිළිකා
Kidney Cancer - වකුගඩු පිළිකා
Leukemia - ලියුකේමියාව
Liver Cancer - අක්මා පිළිකා
Lung Cancer - පෙනහළු පිළිකාව
Melanoma - මෙලනෝමා
Pancreatic Cancer - අග්න්‍යාශ පිළිකාව
Prostate Cancer - පුරස්ථ ග්‍රන්ථියේ පිළිකා
Thyroid Cancer - තයිරොයිඩ් පිළිකා

World HIV Aids Day..Safety First.. Be carefully.. Save your valuable life..
12/01/2020

World HIV Aids Day..
Safety First.. Be carefully.. Save your valuable life..

It is bad enough that people are dying of AIDS, but no one should die of ignorance.
12/01/2020

It is bad enough that people are dying of AIDS, but no one should die of ignorance.

Address

New York, NY

Alerts

Be the first to know and let us send you an email when VHealth posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram